IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිප පොහොට්ටු අර්බුදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින අර්බුදය දිනෙන් දිනම දුරදිග යන ලකුණු පහළ වෙමින් තිබේ.ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහින්ද අමරවීර,දුමින්ද දිසානායක සහ එම පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ඇතුළු කීප දෙනකුම දැන් දැන් ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කිරීම වැඩියෙන් කරන බවක් පෙනෙන්නට තිබේ.

පාස්කු දා ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වගකිව යුතු බවත් වගකිව යුත්තන් ගැන කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන බවටත් ඉකුත් දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තරමක සැර කතාවක් කළේය. ජනාධිපතිවරයාගේ කතාවට  පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිළිතුරු දුන්හ. ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන කීවේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිව ඇත්තේ ශ්‍රීලනිපය නිසා බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ආණ්ඩුවට තුනෙන් දෙකක බලය අහිමිවන බවත් මෛත්‍රීපාල සිරිසේන පැහැදිලි කළේය.

‘‘පාස්කු දා ප්‍රහාරය වළක්වා නොගැනීම සහ ජාතික ආරක්ෂාව අනතුරේ දැමීම පිළිබඳ වගකීම යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත්  පැවරෙන බවට ඇතැම් පිරිස්  තර්ක කරනවා. එම තර්කය මත පිහිටා පාර්ලිමේන්තු සම්මතකින් දඬුවම් දෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ සඳහා තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. ආණ්ඩුව තුනෙන් දෙක ගැන ආඩම්බර වෙමින් වැඩිදුර කල්පනාවකින් තොරව  තමයි පාර්ලිමේන්තු සම්මතය ගැන කිව්වේ’’ යැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ පවසති.

‘‘එවැනි පනතකට හෝ සම්මතයකට හෝ ශ්‍රීලනිප  මන්ත්‍රීවරු ඡන්දය දෙනාව ද? එහෙම නම් එම මන්ත්‍රීවරු ආණ්ඩුවට අරගෙන ඇමැතිවරුන් කරන්න වෙනවා. ඒකත් ලේසි වැඩක් නෙමෙයි.’’ ඒ නිසා පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන්  අධිකරණයමය විසඳුමක් හැර විකල්පයක් ගැන හිතන්න අමාරුයි.’’ යැයි ද ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු පවසති.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු විරෝධය තවත් අයුරකින් ප්‍රකාශ කළේය. මහින්ද අමරවීර සඳහන් කළේ පළාත් පාලන ආයතනවල අයවැය ලේඛන සම්මත කර ගැනීමේ දී කැමැති තීන්දුවක් ගැනීමට එම මන්ත්‍රීවරුන්ට නිදහස තිබෙන බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අයවැය ලේඛනවලට පක්ෂව හෝ විපක්ෂව හෝ ඡන්දය ප්‍රකාශ කළ හැකි බව ද කුමන පියවරක් ගත්තත් ඔවුන්ට එරෙහිව විනය පියවර නොගැනීමට පක්ෂය තීන්දුකර ඇති බව ද මහින්ද අමරවීර කීවේය. ඒ අනුව  රටපුරා පළාත්පාලන ආයතන කීපයකම ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. එම පළාත් පාලන ආයතනවල බලය හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණය. ඇතැම් පළාත් පාලන ආයතනවල ශ්‍රීලනිප මන්ත්‍රීවරු කීප දෙනෙක් අයවැයට පක්ෂව ද තවත් පිරිසක් විපක්ෂව ද ඡන්දය ප්‍රකාශ කළහ.

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් බිම් මට්ටමේ පළාත් පාලන නියෝජිතයන්ට උපදෙස් දී ඇත්තේ ස්වාධීනව තීරණයක් ගන්නා ලෙසයි. ඒත් ජ්‍යෙෂ්ඨයන්ට ස්වාධීනව තීරණයක් ගන්න බැරිවෙලා තියෙනවා. පළාත් පාලන ආයතනවල අයවැයට විපක්ෂව ඡන්දය  දෙන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවේ දී අයවැයට විපක්ෂවත්  ඡන්දය දෙන්න ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ට හැකියාවක් තියෙන්න ඕනේ.’’යැයි  ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් කියා සිටිති. මේ අතර ආණ්ඩුවේත් ශ්‍රීලනිපයේත් අමනාපකම් ගැන ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ඉකුත් දා පැහැදිලි කිරීමක් කළේය.‘‘ඇතැම් අය හිතනවා  ආණ්ඩුව දෙකඩ වේවි කියලා. එහෙම වෙන්නෙ නැහැ. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ මීට හොඳ උදාහරණ තිබෙනවා. අපේ  විතරක් නෙමෙයි ලෝකයේත් එහෙමයි. සන්ධාන ආණ්ඩුවක් නම් විවිධ පක්ෂවලට විවිධ මතවාද තිබෙනවා. 1970-77 සමගි පෙරමුණේ ආණ්ඩුව,1965 හත් හවුල ගත්තත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි 1956 අපි  උජාරුවෙන් කතා කරන ආණ්ඩුව සන්ධානයක්. එතනත් ප්‍රශ්න තිබුණා. විවිධ මත ගැටීම නිරෝගී රාජ්‍ය පාලනයකට අත්‍යවශ්‍ය යි ඒක නිරෝගී රාජ්‍ය පාලනයක ලක්ෂණයක්’’ යැයි ඩලස් පැහැදිලි කරන්නේය.

 හිටපු අමාත්‍යවරයකු වූ අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂය හැර ගියේය. ඔහු  කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද පසුව එක්සත් ජාතික පක්ෂයේ ද මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජය කළේය. අර්ජුන කළුතර දිස්ත්‍රික්කයට තරගකර ජයගත් අතර පසුව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය. අර්ජුන රණතුංග වරක් ප්‍රකාශ කර තිබුණේ ‘‘මම මොන පක්ෂයෙන් ඉල්ලුවත් දිනනවා.

යාපනයෙන් ඉල්ලුවත්  මට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්’’යැයි කියාය. කෙසේ  වෙතත් අර්ජුන රණතුංග ඉකුත් බදාදා විශේෂ  කතාවක් කළේය. ඔහු මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට ගොස්  දළඳා වහන්සේ වැඳ පුදා ගත්තේය. පසුව ජනමාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඉඟිකළේ මීළඟ ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයකු ලෙස තරග කිරීමට සූදානම් බවය. යහපත් කණ්ඩායමක් එක්ව ආරාධනයක් කළහොත් පොදු අපේක්ෂකයා ලෙස තරග කරන බව ද අර්ජුන රණතුංග කීවේය.

‘‘මීළඟ ජනාධිපතිවරණයට විශේෂ අපේක්ෂකයන් කීප දෙනකුම ඉන්නවා. සජිත් ප්‍රේමදාස කියන්නේ ඔහු තරග කරන බවයි. මෛත්‍රීපාල සිරිසේනත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට යන බවක් ප්‍රකාශ වෙනවා. කුමාර වෙල්ගම වෙනත් පොදු අපේක්ෂකයකු ගැනත් අදහසක් පළ කරනවා. ඒ අතරට අර්ජුන රණතුංගත් ඉන්නවා.’’ යැයි දේශපාලන විචාරකයෝ පැහැදිලි කරති.

‘‘අර්ජුන රණතුංග ඉම්රාන් ඛාන් ගැන හා ඔහුගේ දේශපාලන ආගමනය ගැන උනන්දුවක් දක්වනවා. පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දිවයිනට පැමිණි අවස්ථාවේ අර්ජුන රණතුංග හමුවී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය. ඉම්රාන් ඛාන් දිවයිනට පැමිණියේ 2021 වසරේ පෙබරවාරි මාසයේදීය. දක්ෂ හා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වීම නිසා ඔවුන් සමීපව කටයුතු කරන බවක් කියනවා. ඉම්රාන් ඛාන් වගේ දේශපාලනයේ ඉහළම තනතුරකට පත් වෙන්න අර්ජුනට අවශ්‍යතාවක් තිබෙනවා’’යැයි එජාපයේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළේය. අර්ජුන රණතුංග රජයෙන් ඉල්ලා අස්වීම සඳහා පක්ෂනායක රනිල් වික්‍රමසිංහට යවා ඇති ලිපියේ සඳහන්  කර තිබුණේ පක්ෂයට වැඩ පිළිවෙළක් නොමැතිකම නිසා ඉල්ලා  අස්වන බවය. යහපාලන ආණ්ඩුව සමයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තමාට ක්‍රීඩා අමාත්‍යධූරය ලබාදීමට සූදානම් වූ බව ද වෙනත් වගකීමක් බාර ගැනීම සඳහා එය ප්‍රතික්ෂේප කළ බව ද අර්ජුන රණතුංග එම ලිපියෙන්  සිහිපත් කර තිබුණේය. ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහ නායකයාට ස්තුතිය පුදකරන බව ද අර්ජුන රණතුංගගේ ලිපියේ සඳහන් කර තිබුණේය. 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වුයේය. අය-වැය විවාදය පැවැත්වෙන අතර වාරයේ දී මුදල් ඇමැතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීම විශේෂත්වයකි. මුදල් ඇමැතිවරයා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි සහ මුදල් ඇමතිනී නිර්මලා සිතාරාමන් හමුවී සාකච්ඡා කළේය. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරයේ අරමුණ බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. මුදල් ඇමතිවරයා සමඟ එම සංචාරයට මුදල් ලේකම් එස්.ආර්. ආටිගල ද සහභාගී වූයේය.‘‘ආණ්ඩුව ඩොලර් හිඟයෙන් හොඳටම හෙම්බත් වෙලා  ඉන්දියාවෙන් ණයක් ගන්න යන ආරංචියක් තිබුණා. අයවැය අතරවාරයේ කඩිමුඩියේ ගියේ ඩොලර් සංචිත හිඟයට විසඳුමක් ගන්න වෙන්නත් පුළුවන්.’’යැයි සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැහැදිලි කළේය. 

ඉන්දියාවේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් ආර්ථික විද්‍යාඥවරියකි. ඇය 2017 සිට 2019 දක්වා කාලයේ දී එරට ආරක්ෂක ඇමතිවරිය ලෙස ද කටයුතු කළාය. ඇය කලක් එරට මුදල් රාජ්‍ය ඇමතිවරිය සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිවරිය ලෙස ද කටයුතු කළාය.

ශ්‍රී ලාංකික පුරවැසියන් සතු  පරමාධිපත්‍ය බලයේ මූලිකාංගය සර්වජන ඡන්ද බලයයි. එය ඡන්ද විමසීමක දී ජනතා කැමැත්ත වශයෙන් නිදහස් කර සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතුය. ඡන්ද විමසීමක දී කිසියම් අපේක්ෂකයකු පක්ෂයක් හෝ කණ්ඩායමක් ජනතාවගේ ඡන්දය වෙනුවෙන් කිසිදු පාලනයකින් තොරව අධික ලෙස මුදල් වියදම් කරන්නේ නම් එමගින් ජනතාවගේ කැමැත්ත කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇතිවන බව දේශපාලන විචාරකයන්ගේ මතය වේ. ඡන්ද විමසීම්වල දී තරගවදින අපේක්ෂකයන් නැතහොත් පක්ෂ විසින් දරනු ලබන වියදම් පාලනය කිරීමේ අවශ්‍යතාව  පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විවිධාකාරයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබුණේය. ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් මැතිවරණ වියදම් පාලනය කිරීමේ නීතිරීති පනවා තිබේ. 

ඡන්ද විමසීම්වල දී ඇතිවන නීති විරෝධි ක්‍රියා අවම කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස පවතින අණපනත් සංශෝධනය කිරීම අවශ්‍ය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එම අණපනත් සංශෝධනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ද අවස්ථා කීපයක දී විධායකය හා ව්‍යවස්ථාදායකය දැනුවත් කර තිබුණේය. ඉකුත් සඳුදා පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ පිළිබඳව කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබිණ.                       

 කස්තුරි                                          



අදහස් (0)

ශ්‍රීලනිප පොහොට්ටු අර්බුදය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 175 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 129 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 208 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 216 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 707 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 962 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site