අලි මිනිස් ගැටුම නිසා 2019 වසරේදී අලි ඇතුන් 407 දෙනකු මියගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා අනාවරණය කළේය. අලි - මිනිස් ගැටුම නිසා එම වසරේදී මියගොස් ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 122 ක් බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
අප රට හැඳින්වෙන්නේ ඉන්දියන් සාගරේ මුතු ඇටය ලෙසය. ලෝක සිතියමේ අබැටක් තරම් වුවද මේ රට සුන්දරත්වයේ පාරාදීසයකි. එමතුදු වුව අප රට වෙළාගත් ප්‍රශ්න අර්බුද පොකුරකින් පිරී ඇත. එක් අතකින් සියවසකට පමණ පසුව පැමිණි ලෝක වසංගතයෙන් මේ බිම අතොරක් නොමැතිව බැට කයි. ඩෙංගු උවදුරෙන් එල්ලවන මාරාන්තික අනතුර ද හිසට ඉහළින් ළඹ දෙමින් තිබේ. රිය අනතුරු වලින් දැයට අහිමිවන පුරවැසියන්ගේ සංඛ්‍යාව මෙන්ම සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන පුරවැසියන්ගේ සංඛ්‍යාව ටැක්සි මීටරය මෙනි. කඳුළෙන් සුසුමෙන් ලියැවෙන ජාතියේ දූ පුතුන්ගේ ඉරණම ද නිතිපතා අලුත් වෙයි. අලි මිනිස් ගැටුම ද රටේ අනාගතය ලියවමින් තිබෙන බව කෝපා කමිටුවේ වාර්තාවෙන් කියවෙයි. මෙම ප්‍රශ්නවලට කල්පවත්නා හා දියුණු උත්තරයක් සොයා ගැනීමට රටක් වශයෙන් අප තවමත් අසමත්ය. එමගින් ප්‍රදර්ශනය වන්නේ අපගේ ජාතික ආධ්‍යාත්මය තල්ලු කර ඇති දිළිඳු බවේ ප්‍රපාතයේ ගැඹුර විනා අන් යමක් නොවේ.
සමාජ විද්‍යාවට අනුව යම් ප්‍රශ්නයක් සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගැනෙන්නේ එම ප්‍රශ්නය සමාජයේ පැවැත්මට අතිශයින්ම බාධාකාරී ලෙස බලපෑම් කරන්නේ නම්ය. අලි මිනිස් ගැටුම ද එබඳු බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගැනීමට තවත් කල් පමා කළ යුතු නැත. කෝපා කමිටුවේදී අනාවරණය වූ තොරතුරුවලට අනුව අලි මිනිස් ගැටුම නිසා වනඅලින් වැඩියෙන්ම මියයන රට බවට අප රට පත්ව තිබේ. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා මිනිස් මරණ සිදුවන රටවල් අතර අප රට දෙවැනි තැනට පත්ව තිබේ. අවශ්‍ය වන්නේ මෙම සංඛ්‍යා ලේඛනවලින් ප්‍රදර්ශනය කරන අඳුරෙන් එළියට ඒමය. එහෙත් සිදුවී තිබෙන්නේ අඳුරෙන් එළියට ඒම වෙනුවට අඳුරෙන් අඳුරට යාමය.
කෝපා කමිටුවේදී අනාවරණය වී ඇති කරුණුවලට අනුව අප රට තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ගණන සාමාන්‍යයෙන් 272 ක් වුවද 2019 වසරේදී අලි ඇතුන් 407 දෙනකු මියගොස් තිබේ. එමෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන මිනිසුන් ගණන අලුත් වුවද 2019 වසරේදී එය 122 දක්වා වර්ධනය වී තිබේ. 2021 වසරේ දත්ත තවම ප්‍රකාශයට පත්වී නැත. කෙසේ වෙතත් එම සංඛ්‍යා ලේඛනවලින් පැහැදිළි වන්නේ අලි - මිනිස් ගැටුම නැමැති ගඟුළ දිනෙන් දින පළල් වී ඇති බවය.
අලි මිනිස් ගැටුම අද ඊයේ ඇරඹුණ දෙයක් නොවේ. මෙය දශක ගණනාවක් පුරා පවතින ගැටුමකි. වන අලි ප්‍රහාරයකින් මියගිය තම සමීපතමයාගේ සිරුර වැළඳ ගෙන ඥාතීන් නගන මර විළාප ඉදිරිපිට බලධාරීන් යම් යම් ප්‍රතිඥා ලබා දුන්නද ඒවා ජීවමාන යථාර්ථයක් බවට පත් වී නැත. අඟහරු ලෝකයත් තරණය කරන තරමට විද්‍යාව දියුණු වී ඇති ලෝකයක අලි - මිනිස් ගැටුමට විසඳුමක් සොයා නොගෙන ‘පුළුවන් නම් බේරිලා ජීවත් වෙයව්’ වැනි ඉරණමකට ජනයා තල්ලු කර ඇති සෙයකි.
කෝපා කමිටුවේදී අවධාරණය වී තිබෙන්නේ අලි මිනිස් ගැටුම දශක කිහිපයක් තිස්සේ ඉතාම බරපතළ අන්දමින් ක්‍රියාත්මක වන හෙයින් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස්වීමකට බඳුන් විය යුතු බවය. එමෙන්ම විදුලි වැට ඉදිකර අලි ඇතුන් කොටු කිරීමේ ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බවත් සත්‍ය වශයෙන්ම මෙහිදී කොටුවන්නේ අහිංසක ගැහැනු සතුන් හා අලි පැටවුන් පමණක් බව ද කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියැවිල්ලේ සඳහන් වන බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
අලි මිනිස් ගැටුම ඉබේ නිර්මාණය වූවක් නොවේ. එයට බලපා ඇති සාධක බොහෝය. මිනිස් ක්‍රියාකාරකම් ද එයට හේතු වී තිබේ. අලි වාසභූමිවල ජනාවාස ඉදිකර ගැනීම මෙන්ම ගොවිතැන් සඳහා යොදා ගැනීමද ප්‍රධාන හේතුවේ. අලි වාසභූමි හා අලිමංකඩ සම්බන්ධයෙන් අවබෝධයකින් තොරව හෝ එම කාරණා උවමනාවෙන්ම නොසලකා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යාම තවත් හේතුවකි. වන අලින්ට ඇවැසි තරමට ඉඩකඩ නොවීම, ආහාර මෙන්ම ජලය හිඟවීම ආදිය ද වන අලින් ගම් වැදීමට හේතුවේ. ඇතුන් දඩයමේ යන දඩයක්කරුවන් නිසා සිදුවන විනාශයද සුළුපටු නොවේ.
කරුණු කාරණා කුමක් වුව ද මෙම ප්‍රශ්නය ඉබේ විසඳෙන තුරු බලා සිටිය නොහැක. බලධාරීන්ගෙන් ප්‍රදර්ශනය වෙමින් තිබෙන්නේ එබන්දක්දැයි සැක සිතෙන තරම්ය. එබඳු සැක පහළ වන්නේ අලි - මිනිස් ගැටුම විසඳීම සඳහා මෙතෙක් වියදම් කර ඇති මහ ධන නිධානයෙන් ශත පහක ප්‍රයෝජනයක් නොමැති හෙයිනි. මේ සම්බන්ධයෙන් ද කෝපා කමිටුවේ අවධානය යොමු වී තිබේ. එහෙත් අවධානය පමණක් ප්‍රමාණවත් නොවන බව අවධාරණය විය යුතුය.
(***)
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය
අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව
අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය
මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු
අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ
ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විසඳුම් තවමත් නැති අලි මිනිස් ගැටුම
jagath Tuesday, 27 July 2021 05:48 PM
අලි මිනිස් ගැටුමට එතරම් අවධානයක් යොමු නොවන්නේ... එයින් බොහෝවිට මිය යන්නේ ඈත ගම්මානවල ජීවත්වෙන දුප්පත් ගොවීන් වීමයි. මහජන නියෝජිතයින් යයි කියාගන්නා උදවියට අවශ්‍ය මේ මිනිසුන්ගේ ඡන්දය පමණයි. ඉන් එහාට ඔවුන්ට මේ දුප්පත් ගොවීන්ගේ ජීවිත, නගරබද ජීවත් වෙන උදවියගේ ජීවිත තරම් වටින්නේ නැහැ. අද බොහෝවිට අද වල් අලි ගම් වදින්නේ හේන් ඵලදාවේ සහ ගෙවල්වල ගබඩා කර ඇති වී වල රස වැටුණු විටයි. එවැනි අලින් මී මැස්සන්ගේ ගුමු ගුමුව පැතිරවීමෙන් හෝ වැට බැඳීමෙන් පලවා හැරිය නොහැකිය...
ගොඩකන්දආරච්චි Wednesday, 28 July 2021 07:18 PM
හේන් ඵලදාවේ සහ ගෙවල්වල ගබඩා කර ඇති වී වල රස වැටුණු අලි ඒම වළක්වන්න පහසුම විදිහට වැට මායිමේ පැඟිරි හෝ කටු සහිත ගස්වැල් යාවෙන්න වැවීමත්, වී සමග දෙහි, දොඩම් වැනි පැඟිරි බෝග ගබඩා කිරීමත් තමයි...