IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපතිගේ හදිසි චීන ගමනේ රහස

අලින් රණ්ඩු කරන විට තැලෙනුයේ කුහුඹුවන් බව අප්‍රිකාවේ පිරුලකින් කියැවේ. 

බලවන්තයින් එකිනෙකා සමග ගැටෙන විට කුඩාවුන් සහ දුබලයින් කොතරම් දුරකට අසරණ වන්නේදැයි එයින් ගම්‍ය වන අදහසයි. ශ්‍රී ලංකාවට ද අද අත්ව තිබෙන ඉරණම ද මෙවැනිය.

පසුගිය බ්‍රහස්පතින්දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ සිට නැවත ශ්‍රී ලංකාව බලා පැමිණියේ දිගහැරෙමින් තිබෙන මෙම කතාන්දරයට, වහා ගිනි ඇවිලෙන සුලු තවත් පරිච්ඡේදයක් එක් කරමිනි. ඔහුගේ මාධ්‍ය කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ ජනපතිවරයා චීනය සමග ජාතික ආරක්ෂාව සහ සංවර්ධනය සම්බන්ධයෙන් වූ වැදගත් ගිවිසුම් 3 කට එළැඹි බවය. කෙසේවුවත් මෙම ගිවිසුම් මොනවා ද යන්න හෝ ඒවායේ මාතෘකා සම්බන්ධයෙන් කිසිදු සදහනක් එහි නොතිබිණ.

ජනපතිවරයාගේ චීන සංචාරයට හේතු වූ කරුණු කාරණාවලට අවධානය යොමු කිරීම ද මනාය. 

මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ආසියාතික ශිෂ්ඨාචාරයන්ගේ සම්මන්ත්‍රණයක් සදහා ඔහු වෙත ආරාධනාවක් ලැබිණ. එම ආරාධනාව ජනපති සිරිසේන මහතා පිළිගත් බව දන්වා යැවුණ ද, සම්මන්ත්‍රණයට ඔහු සහභාගීවන බව සහතික කිරීමක් සිදුනොවින. 

පාස්කු ඉරිදා සංහාරයෙන් පසුව උද්ගත වූ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ක්සෙයුආන් වහාම ජනපති සිරිසේන මහතා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. එම අවස්ථාව ඔහුට ලැබුණු අතර, ජනපතිවරයා හමුවේ අදහස් දැක්වූ චීන තානාපතිවරයා ඇමරිකා එක්සත් ජනපදය සහ බි්‍රතාන්‍යය ඇතුලු රටවලින් මෙරටට පැමිණ සිටින ආරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධයෙන් ඔහුගේ අවධානයට යොමු කළේය. 

මෙරට සිදුකර තිබෙන ආයෝජනයන්වල ආරක්ෂාව සම්බන්ධයෙන් චීනය දැඩි කැළඹුමකට පත්ව සිටින බව ද ක්සෙයුආන් මහතා ජනපති සිරිසේන මහතා හමුවේ පැවසුවේය. මෙම හමුවෙන් දින දෙකකට පසු නැවත වරක් ඔහු කඩිමුඩියේම ජනපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය.

මෙවර ඔහු පැමිණ සිටියේ චීන ජනපති ෂී ජින්පින්ගේ පණිවුඩයක් රැගෙනය. ජනපති සිරිසේන මහතා බීජිං බලා පැමිණිය යුතුයැයි එහි සදහන්ව තිබිණ. වහාම එහි පැමිණෙන බව ජනපතිවරයා දැනුම් දුන්නේය. 

චීනයට ගිය වහාම ඔහු චීන ජනපති ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා - චීන ද්විපාර්ශවික හමුවකට සහභාගී වූ අතර, එහි වැඩි අවධානය යොමුව තිබුනේ ආරක්ෂාව සම්බන්ධයෙන් චීනය හා කොළඹ අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගැනීම කෙරෙහිය. ආරක්ෂක ක්ෂේත්‍රය සැළකීමේ දී දෙපාර්ශවය අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාව සහ චීනය අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම කෙරෙහි ද, අවධානය යොමුවිය. මෙම කාරණය දෙපාර්ශවය අතර ඇතිකරගත් නව ආරක්ෂක ගිවිසුමට ද ඇතුළත් කර තිබෙන්නකි. 

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද චීන ජනපතිවරයා දැනුම්වත් කළ ජනපති සිරිසේන මහතා, එය පසුපස සිටින්නේ අයිඑස් හිතවාදී මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බව පැවසුවේය.

කොළඹ බලා පැමිණීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ පොලිසිය වෙත චීනයෙන් තවත් ජීප් රථ 50 ක් ඉල්ලා සිටීමට ජනපතිවරයා අදහස් කරගෙන සිටියේය. මෙම ප්‍රමාණය පසුගිය දිනෙක කොළඹ දී චීනයෙන් මෙරටට භාරදුන් ජීප් රථ 10 ට අමතරවය. 

ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන සහ සාවද්‍ය තොරතුරු බෙදා හරින පුද්ගලයින් හදුනාගැනීම සදහා අවැසි තාක්ෂණික ඥාණය සහ උපකරණ ශ්‍රී ලංකාව සතුව නොමැති බව ඔහු පැහැදිලි කළේ ය. මෙම දෙවර්ගයම ශ්‍රී ලංකාව වෙත ලබාදීමට චීන ජනපතිවරයා එකගතාවය පළකළේ ය. ශ්‍රී ලංකා නිලධාරීන් පුහුණු කිරීම සදහා චීන තාක්ෂණවේදීන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙරටට එවීමට ද ඔහු පියවර ගනු ඇත. ස්මාර්ට් නගර සංකල්පය අනුව තොරතුරු රැස්කිරීම සදහා භාවිතයට ගැනෙන උසස් මට්ටමේ උපකරණ කොළඹ නගරයට ලබාගැනීම සදහා වූ රජයන් අතර ගිවිසුමකට ද ජනපති සිරිසේන මහතා එකගතාවය පළකළේය. මේ යටතේ චීනය අති විශාල මුදලක් යොදවා තිබෙන හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය ද ආවරණය කැරෙනු ඇත.

එක්සත් ජනපදයේ ආගමනය කෙරේ චීනයේ අවධානය

බීජිංහි දී ජනපති සිරිසේන මහතා සිය අදහස වෙනස් කළේය. ජීප් රථ 50ක් වෙනුවට ඔහු රථ 100 ක්ම ඉල්ලා සිටියේය. එසේ කළ හැකියැයි ඔහුට පිළිතුරු දුන් චීන ජනපතිවරයා එයටත් අමතරව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත රුපියල් කෝටි 260 ක් මුදලක් ලබාදීමට ද පියවර ගන්නා බව පැවසුවේය. රුපියල් කෝටි 150 ක් වටිනා විවිධ උපකරණ ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදීමට ද චීනය කටයුතු කරන බව ඔහු කීවේය.

ශ්‍රී ලංකා ජනපතිවරයා සහ චීන අගමැති ලී කෙකුයියැන්ග් අතර ද හමුවක් පැවැති අතර, ඔහු නොසිතූ ලෙස එයට චීන ජනතා දේශපාලන සම්මන්ත්‍රණ ජාතික කමිටුවේ සභාපති වෑන්ග් යැන්ග් ද පසුව එක්විය. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකිරීමට හේතුව ඔහු ජනපති සිරිසේන මහතාගෙන් විමසා සිටියේය. එය කළේ ශ්‍රී ලංකාව විනාශ කිරීමට, ඔහු පිළිතුරු දුන්නේය.

ජනපතිවරයා චීනය සමග ඇතිකරගත් එකඟතාවයන් පිළිබද තොරතුරු නොබෝ දිනකින්ම ප්‍රසිද්ධ වනු ඇත. සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවූ ආකාරයට එම එක් එකඟතාවයක් සම්පූර්ණයෙන්ම පදනම් වී තිබෙන්නේ ආරක්ෂාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වන වෙනත් කරුණු කාරණා මතය. 

චීන ජනපති ජින්පින්ග් මහතා වහාම චීනයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඇයිදැයි පැහැදිලිය. බටහිර මිලිටරි බලවතුන්, විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය, වැඩි වැඩියෙන් මෙරට ආරක්ෂක කටයුතුවලට දායකත්වය ලබා දෙමින් සිටීමත්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව විවිධ රටවල බුද්ධි සහ ආරක්ෂක අංශ නියෝජනය කරන සාමාජිකයන් මෙරටට පැමිණ සිටීමත් කෙරේ චීනය කලබලයට පත්ව සිටීම එයට හේතුවයි.

චීන ජනපති ෂි ජින්ග්පින්ග් හමුවූයේ ආසියානු ශිෂ්ඨාචාරයන් පිළිබද සම්මන්ත්‍රණයට සහභාගීවීම සදහා පැමිණ සිටි එකම විධායක ජනපතිවරයා වූ ජනපති මෛත්‍රීපාල සිරිසේනව පමණක් බව ජනපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් පැවසුවේය. මේ සම්මන්ත්‍රණයට පැමිණ සිටි අනෙක් ප්‍රමුඛ පෙලේ රාජ්‍ය නායකයින් හමුවට පැමිණියේ චීන අගමැතිවරයා පමණකි. කාම්බෝජයේ රජු නෝර්ඩොම් සිහාමොනි, ග්‍රීසියේ ජනපති ප්‍රොකොපිස් පාවුලෝපොවුලොස්, ඉන්දියා ජනපති රාම්නාත් කෝවින්ද් සහ සිංගප්පූරු ජනපති හලිමාහ් යාකුබ් ඔවුහු අතර වූහ. 2000 ක පමණ පිරිසක් සම්මන්ත්‍රණයට පැමිණ සිටියහ.

මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් බීජිංහි දැඩි අවධානය යොමුව තිබූ නිසාවෙන් ජනපති සිරිසේන මහතා කඩිමුඩියේම චීනය බලා ගියේය. ඔහු මෙරට නොසිටි අතරවාරයේ මුස්ලිම් ජාතිකයන්ට, ඔවුන්ගේ පල්ලි සහ ව්‍යාපාරික ස්ථානයන්ට ප්‍රහාර එල්ල විය. 

වීඩියෝගතව තිබූ එක් ඛේදජනක සහ ඇදහිය නොහැකි සිදුවීමක සටහන්ව තිබූයේ කඩු පහර කා තුවාළ ලබා සිටි මුස්ලිම් ජාතියකු රෝහල බලා ගෙනයාම ත්‍රීරෝද රථ රියදුරෙක් ප්‍රතික්ෂේප කරන අයුරුය. ඒ හමුවේ පොලිස් නිලධාරීන් ඔහුව එම ලේ ගලන අත්පාවලින්ම ඔසවාගෙන රෝහල වෙත ගෙනයනු එම වීඩියෝවේ වැඩිදුරටත් සටහන්ව තිබිණ. මෙම පුද්ගලයා මරණයට පත්විය. 

ආරක්ෂක අංශවලට දිය යුතු ගෞරවය දෙමින් සදහන් කළ යුතුම කාරණයක් වන්නේ ඔවුන්, අනෙක් විශ්වාසයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය දේශනා කළ අයිඑස් හිතවාදී මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් අරබයා ඉතාම දැඩි පිළිවෙතක් අනුගමනය කරමින්, එම කණ්ඩායම් හඹා ගිය බවයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සහ ප්‍රශ්න කිරීම්වලට යොමු කිරීම අඛණ්ඩව සිදුවිය. එයින් මෙම ත්‍රස්ත ජාලය තවදුරටත් බිඳ හෙළීමට හැකියාව ලැබිණ. කරුණු මෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ ජන ජීවිතය කරා සාමාන්‍ය තත්ත්වය පැමිණෙමින් සිටින්නේ ඉබි ගමනින්ය.

පසුගිය සදුදා උදැෑසන චීනය බලා පිටත්ව යෑමට පැය කිහිපයකට මත්තෙන් ජනපති සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමකට සහභාගී විය. එහිදී ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කරුණු දැක්වීමක් සිදු කළේය. හොඳ පුවතක් ගෙන ආ ඔහු කියා සිටියේ අයිඑස් සංවිධානයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වූ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම සමන්විත වූ විවිධ අංශ අතර, ප්‍රධානම අංශය මේ වන විට බිඳ හෙළා තිබෙන බවය. නුදුරේදීම සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවට ඔහු අනාවැකියක්ද ඉදිරිපත් කළේය.

මෙරට බුද්ධි සේවයන්හි අග්‍රස්ථානයේ සිටින නිලධරයා වන ජාතික බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා මෙම කරුණු දැක්වීම සිදුනොකිරීම අවධානයට ගතයුතු කාරණයකි. ජාතික එක්සත්භාවය පවත්වාගැනීමට සහ ද්වේෂ සහගත අදහස් දැක්වීම්වලට වැට බැඳීමට හදුන්වාදිය යුතු නව නීති සම්බන්ධයෙන් ද අමාත්‍යවරු කෙටි අදහස් හුවමාරුවක යෙදුණහ. මේ සියල්ල මධ්‍යයේ නිහඩව සිටි ජනපතිවරයා, සිය චීන සංචාරය පිළිබදව හෝ තමා එහි යන බව හෝ කිසිවක් හෙළි නොකළේ ය.

ජනපති සිරිසේන මහතාට කඩිමුඩියේම චීනය බලා යාමටත්, එරට සමග ආරක්ෂාව සම්බන්ධයෙන් වන ගිවිසුමකට අත්සන් තැබීමටත් තරම් අවශ්‍යතාවයක් නිර්මානය වූයේ කෙසේ ද? එය පැහැදිලිවම ඔහුගේම ගුරුහරුකම් යටතේ දියත් කැරුණු සෙල්ලමක අවසන් ප්‍රතිඵලයකි. 

ඔහුගේ දෙවැනි ආරක්ෂක ලේකම්වරයා (ඉංජිනේරුවකු වන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා - වර්තමානයේ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරයා වේ) ඇමරිකාව සමග ඇතිකරගෙන තිබූ පවරා ගැනීමේ සහ දෙපාර්ශවය අතර සේවා සපයාගැනීමේ ගිවිසුම අලුත් කළේය. නව ආරක්ෂක ලේකම්වරයා ලෙස දැන් පත්ව සිටින්නේ ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතාය. 2005 වසර වන විට එවක යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි, ඔහුට විශ්‍රාම යන ලෙස උපදෙස් දී, මේජර් ජනරාල්වරයකු ලෙස කටයුතු කරමින් සිටි සරත් ෆොන්සේකාව ලුතිනන් ජනරාල් තනතුරට උසස් කරවා, කොට්ටේගොඩ වෙනුවට ඔහුව නව යුද හමුදාපතිවරයා ලෙස පත්කිරීමට එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තේය. යුද හමුදාව සරත් ෆොන්සේකාගේ නායකත්වය යටතේ කොටි ත්‍රස්තයින්ව පරාජයට පත් කළේය. කෝට්ටේගොඩව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර යැවින.

 



අදහස් (2)

ජනපතිගේ හදිසි චීන ගමනේ රහස

Chanak los angeles Monday, 20 May 2019 09:48 PM

රහස කොමිස් ....

:       112       168

rasika Wednesday, 22 May 2019 10:47 PM

මට නම් පේන්නේ රනිල්- සිරිසේන හවුල හත්පොලේ ගාගෙන තියෙන්නේ.. එහෙන් ඇමෙරිකාව, මෙහෙන් ඉන්දියාව සහ චීනය ලංකාව යුද පිටියක් වෙනවා මෙහෙම ගියොත්.. දැන් අයිසිස් කාරයෝත් ඇවිත්.. කිසිම සැලැස්මක් නැතුව, අධ්‍යයනයක් නැතුව ගිවිසුම් වලට අත්සන් කිරීමේ ඵල විපාක නුදුරේදීම ගෙවන්න වෙන්නේ රටේ අහිංසක ජනතාවට... මංගල විදේශ ඇමැතිවෙලා ඉන්නකොට අත්සන් කරපු ගිවිසුම් මොනවද කියලා ජනාධිපතිවත් දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 256 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 215 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 60 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 301 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site