IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත්‍යයකි. එහෙයින්ම ගුරුවරුන් රහසින්වත් පවක් නොකරන්නේ යැයි සිතීම පෙර කී පිළිගැනීමට යටත් වූවකි.

කරුණු කාරණා එපරිදි වුවද වර්තමානය වනවිට ගුරු භූමිකාව දැඩි සමාජ සංවාදයට බඳුන් වී තිබේ. ගුරුවරුන්ට ලිංගික අපයෝජන චෝදනා එල්ලවීම බහුලය. සාම්ප්‍රදායික පිළිගැනීම් අභියෝගයට ලක් කරමින් ගුරුවරියන්ට සාරිය වෙනුවට සැහැල්ලු ඇඳුමක් නිර්දේශ වීම් තුළ සමාජ මාධ්‍ය ජාලය තුළ ගුරු ගෞරවය බරපතළ අභියෝගයට ලක්වී තිබේ.

එසේ සැහැල්ලු ඇඳුමින් සැරසී පාසලට පැමිණි ගුරුවරියකට මවුපියන් පිරිසක් ‘‘“හූ’’ කීමේ පුවත දිවුලපිටියෙනි. ජාතියක අනාගත ඥානය නිර්මාණය කරන ගුරුවරයා මෙසේ පරිභවයට පත්විය යුතු නැත. එහෙත් ජාතියේ අවාසනාවට එම තත්ත්වය ඇති වෙමින් පවතී. 

මුළු මහත් සමාජයම සංස්කෘතික කාන්තාරයක් බවට පත්ව  සාර ධර්ම බරපතළ සෝදාපාළුවට ලක් වෙමින් පවතින මොහොතක ගුරුවරයාගෙන්  පමණක් ශුද්ධත්වය අපේක්ෂා කළ නොහැකිය. එහෙත් නායයන සමාජයක එසේ නාය නොයමින් ආධ්‍යත්මික වැහැරීම්වලට ලක් නොවමින් මෙම ව්‍යාජ සැඩ රළ ප්‍රවාහයේ උඩුගම් බලා පිහිනීමේ නිපුණතාව වන්දනීය පූජනීය ගුරුවරයා සතු විය යුතුය. මන්දයත් සිදුවෙමින් පවත්නා විනාශය අවම කර ගැනීමේ උපරිම හැකියාව ඇති වගකීම් සහිත පුරවැසියන් අතර ගුරුවරයා පෙරමුණේම සිටින හෙයිනි.

ගුරු භූමිකාව සම්බන්ධ තියුණු සංවාදයක් පවතින මොහොතක අප පුවත්පත වාර්තා කර තිබුණේ ගාල්ල, අක්මීමන රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඉකුත් 27 වැනිදා අලුයම ඇති වූ ගුටි බැට හුවමාරුවකින් විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන  සිසුන් 12 දෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවය.

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සීමාවාසික පුහුණුව අවසන්වීමට නියමිත සිසුන් කණ්ඩායමක් ඒ වෙනුවෙන් පිටත ස්ථානයක සාදයක් පවත්වා පළමු වසර සිසුන් සිටින නේවාසිකාගාරයට කඩා පැන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත්  අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

ප්‍රහාරක කණ්ඩායමට 40ක් පමණ පිරිසක් සිට ඇති බවත් ඔවුන් බීමත්ව සිට ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්ය. නේවාසිකාගාරයක් සම්බන්ධ මත ගැටුමක් මෙසේ ඇඟමස ඉල්ලන වියරු ප්‍රහාරයකට පෙරැළී තිබේ. ප්‍රහාරක කණ්ඩායමේ  ගුරු සිසුන් 6 දෙනකු රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

මෙම පිරිස හඳුන්වනු ලබන්නේ “ගුරු සිසුන්’’ ලෙසය. එහෙත් මෙසේ මදාවි ලෙස හැසිරෙන්නේ නම් ඔවුන් කිසි ලෙසකින් හෝ ගුරුවරුන් ලෙස හෝ සිසුන් ලෙස හැඳින්විය නොහැක. ඒ අනුව මෙම මොළකාර ගුරු සිසුන් සමස්ත ගුරු ප්‍රජාවටම අත්කර දී තිබෙන්නේ නින්දාසහගත  කැළලකි.

විද්‍යා පීඨයකට ඇතුළුවීම මේ රටේ දරුවන්ට තවමත් සිහිනයකි. උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වුවද ඒ සියල්ලන්ටම විද්‍යා පීඨ  වරම් හිමි නොවේ. එය එසේ නම් විද්‍යා පීඨ වරම්  ලත් දරුවකු තුළ එයට සාධාරණත්වය ඉටු කෙරෙණ ආධ්‍යත්මයක්, පෞරුෂයක් වර්ධනය විය යුතුය. තමන් රටේ සෙසු පුරවැසියන්ට වඩා වෙනස් එමෙන්ම බලගතු වගකීමක් බාර ගන්නට සිටින පිරිසක් බව තේරුම් ගත යුතුය. හොඳටම  බී පදම් වී සහෝදර සිසුන්ගේ ඇඟමස ඉල්ලන වියරු හා මදාවි මනසක් ඇති පුද්ගලයන්ට ජාතියේ නැණස පෑදීමේ වගකීම බාර දීම අතිභයානකය.

නිරුක්ති විද්‍යාවට අනුව ගුරුවරයා යනු නොදැනීම  නැමැති අන්ධකාරය දුරු කරන්නාය. ගුරුවරයාගේ පෞරුෂය රැඳී ඇත්තේ එනිසාය. එම වගකීම සියල්ලන්ටම ඉටු කළ නොහැකිය. ගුරුවරයා වන්දනීය, පූජනීය වන්නේ එහෙයිනි. එමෙන්ම අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ අන් කිසිවක් නොව විනයයි.

“විද්‍යා දදාති විනයං’’ යනුවෙන් හැඳින්වෙන්නේ එයය. අධ්‍යාපනයෙන් විනය නිර්මාණය නොවන්නේ නම් එය අධ්‍යාපන ක්‍රමයේ වරදකට වඩා පුද්ගල වරදකි. මෙම මොළකාර මැර ගුරු සිසුන් විද්‍යා පීඨයේදී ඉගෙන ගත්තේ මොනවාදැයි අපි නොදනිමු. එහෙත් පත්වීම් ලබා පාසල්වලට පැමිණෙන මොවුන් දරුවන්ට උගන්වන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් වඩාත් විමසිල්ලෙන් පසුවීම නුවණට හුරුය.

(***)



අදහස් (0)

ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 91 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 168 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 26 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 282 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 201 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 251 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site