IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටි හැත්තෑදාහක බදු යටගහන බහිරවයෝ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු එහෙත් විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් ගෙවීම පැහැර හරින ලද මුදල් ප්‍රමාණය රුපියල් කෝටි හැත්තෑහත්දහස් තුන්සියයක් බව පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී (කෝපා) හෙළි වී තිබිණි. මෙම හිඟ මුදලට අදාළ කාල සීමාව කුමක්දැයි පැහැදිලි නැතත් මේ තරම් විශාල මුදල් කන්දරාවක් හිඟ බදු, දඩ සහ පොලී වශයෙන් නොලැබී යාම රාජ්‍ය ආදායමට ඇතිකරන බලපෑම ඉතා විශාල බව කිවයුතු නැත.

කෝපා කමිටුව මෙහි දී පෙන්වා දී තිබුණේ මේ මුදලින් රුපියල් කෝටි විසිදහස් එකසියයක් කිසිදු නීතිමය ගැටලු‍වකින් තොරව අයකළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති බවය. එසේ නම් එම මුදල ලබා ගැනීම මෙතෙක් කාලයක් පමාවීමට හේතුව කුමක්දැයි වහාම සොයා බැලිය යුතු නොවේ ද?

මේ තරම් ආදායමක් පහසුවෙන් ලබා ගැනීමට තිබිය දී එය අතපසු කළ නිලධාරීන් සම්බන්ධයෙන් ආයතන මට්ටමින් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වනතුරුත් ගෙන නැත්නම් එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ අනුදැනුම මත සිදුවෙමින් පවතින දූෂිත ක්‍රියාවක් බවට සැකයක් මතුවීම වැළැක්විය නොහැක.

ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක දූෂිත නිලධාරීන් සිටිය හැක. එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් මීට පෙරද හෙළි වී තිබේ. රටේ බරපතළ ආර්ථික අර්බුදයක් ඇතිවීමට දූෂිත දේශපාලනඥයන් පමණක් නොව දූෂිත නිලධාරීන් ද වගකිව යුතු බවට දේශීයව සහ ජාත්‍යන්තරව පවා චෝදනා එල්ල වීමට හේතුව මෙවැනි සැක සහිත පොලු‍ තැබීම් බව පෙන්වා දිය යුතුය. මේ පොලු‍ තැබීම්වල අක්මුල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිගොනු අතරට පවා විහිදී තිබෙන බවට සැකයක් නැත.

ඇතැම් ආදායම් බදු ලිපිගොනු අතුරුදන් කිරීම්, යට ගැසීම් සහ නොසලකා හැරීම් දූෂිත නිලධාරීන්ගේ අත යට ගනුදෙනු සමඟ ගහට පොත්ත මෙන් ඇලී තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. රාජ්‍ය සේවා කොමිෂන් සභා සහ අල්ලස් හා දූෂණ කොමිෂන් සභා කොතරම් ක්‍රියාත්මක වුවද දේශීය ආදායම් නිලධාරීන් රුපියල් කෝටි හැත්තෑ දහස් ගණනක් හිඟ හිටවා තැබීමට හේතුව සොයා ගැනීමට මේ දක්වා හැකියාවක් නොලැබීම නම් මහත් අවාසනාවක් බව ද පෙන්වා දිය යුතුය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබුණු චෙක්පත් අතර රුපියල් කෝටි 200කට වැඩි අගරු චෙක්පත් 4831ක් තිබෙන බව ද සඳහන්ය. අගරු චෙක්පත් නිකුත් කළ පුද්ගලයන් සහ ආයතන සම්බන්ධයෙන් සොයා බැලීමට මොනම දෙපාර්තමේන්තුවකටවත් කිසිදු අපහසුකමක් නැත. එවැනි අගරු චෙක්පත් ගැන සොයා නොබලන නිලධාරීන් කවුදැයි සොයා ගැනීම ද අපහසු කරුණක් නොවේ. මේ සියලු‍ වගකිවයුතු නිලධාරීන් දූෂිත හෝ අකාර්යක්ෂම හෝ නිලධාරීන් යැයි අපි නොකියමු. එහෙත් ඒ තරම් පහසුවෙන් සොයාගත හැකි කරුණු පවා යට ගසා තිබීම එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් බලවත් සැකයක් ඇති කරන බව නම් සඳහන් කළ යුතුය.

හරියට විමර්ශනයක් කළහොත් ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන් සහ ආයතන සමඟ බලවත් දේශපාලනඥයන් පවත්වන සම්බන්ධතා සොයා ගැනීමට අපහසු නොවනු ඇත. රටේ ඉතා සීමිත ආදායම් ලබන පුද්ගලයන් පවා ගෙල සිරවෙන තරමට බදු ගැසීමට සියලු‍ නීති සකසා රජයේ බලධාරීන්ට මෙසේ කෝටි දහස් ගණනින් බදු පොලු‍ තබන තෝරුන් මෝරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නොහැකි වීම යට ඉහත දක්වන සම්බන්ධතා ද හේතුවිය හැක.

හිඟ හිටවා ඇති කෝටි හැත්තෑදහසකට අධික මුදලින් කෝටි පනස් දහස් දෙසීයක් යම් යම් හේතු මත අයකර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති මුදල් වශයෙන් හඳුනාගෙන ඇතැයි කෝපා කමිටුව ප්‍රකාශ කර තිබිණි. ආණ්ඩුවේ බලධාරීන් රටේ පොදු මහජනතාව දැඩි පීඩාවට ලක් කරමින් ඔවුන් මත බදු පිට බදු ගැසීමට ක්‍රියා කරද්දී මෙසේ බිලියන සිය ගණනින් හිඟ හිටුවා ඇති බදු මුදල් අයකර ගැනීමට ක්‍රියා නොකිරීම මහා පුදුමයකි.

කෝටි හැත්තෑ දහසකට අධික මුදලක් යනු විදුලි බිල වැඩිවීම මුළුමනින්ම වළක්වා ගැනීමට හැකි තරම් විශාල මුදලකි. පෙට්රල්, ඩීසල්, භූමිතෙල් මිල සැලකිය යුතු පමණින් අඩු කළ හැකි මුදලකි. ජනතාවගේ ජීවන බර අඩු කිරීමට යොදාගත හැකි මුදලකි. ආණ්ඩුවේ බලධාරීන් නිරතුරුව ප්‍රකාශ කරන්නේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමකින් තොරව ආර්ථිකය ඉදිරියට ගත නොහැකි බවය.

එසේ කියන්නේ පහසුවෙන් අයකර ගැනීමට හැකියාව තිබෙන කෝටි හැත්තෑදහසක බදු ආදායමක් නොසලකා හරිමිනි. මෙය තවත් බලවත් දේශපාලනඥයන් සහ බලවත් ධනවතුන් අතර පවතින කුප්‍රකට සම්බන්ධතාවල ඍජු ප්‍රතිඵලයකි. දුප්පතුන්ට බදු ගෙවීමට බල කරද්දී කෝටි දහස් ගණනින් බදු ගෙවීම් පැහැර හරින තෝරු මෝරුන්ට ලිස්සා යාමට ඉඩ හැරීම ජාතික අපරාධයකි.

(***)



අදහස් (0)

කෝටි හැත්තෑදාහක බදු යටගහන බහිරවයෝ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 114 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 255 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 188 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 232 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 239 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 804 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site