IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එන්නත් ගැන කියන කටකතා විශ්වාස කරනු එපා


ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන කොරෝනා එන්නත පිළිබඳව අනියත බියක් හෝ සැකයක් හෝ තබාගැනීම අනවශ්‍ය බවත් ඉන්දියාවෙන් දුන් එන්නත ආරක්ෂාකාරී බවට ජාත්‍යන්තරයෙන් පිළිගැනීමක් දී තිබෙන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැටනව දහස ඉක්මවා ගියේය. එයින් හැටහතර දහසකට ආසන්න පිරිසක් සුවය ලබා නිවෙස්වලට ගොස් සිටින බව ද වාර්තා වේ. මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා හමු වී වසරක් ඉක්ම යන තැන කොරෝනා එන්නත මෙරටට ගෙන්වීමට රජය පියවර ගත්තේය. ඉන්දීය රජයේ මානුෂික ආධාරයක් ලෙස පරිත්‍යාග කෙරුණු එම එන්නත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා නමින් හැඳින්වේ.
කොරෝනා මාරාන්තික වයිරසය සියවසකට පමණ පසුව පැමිණි වයිරසයකි. වයිරසය මුළු ලෝකයටම ආගන්තුකය. එහෙයින් සාදා ගබඩා කළ එන්නතක් හෝ ඖෂධයක් නොවීය. ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වයිරසයට එන්නතක් නිෂ්පාදනය කිරීමේ මෙහෙයුමේ යුහුසුළු වූහ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත එහි එක් ප්‍රතිඵලයකි. වයිරසය මෙන්ම එන්නත ද ආගන්තුක හෙයින් බිය හා සැක මතුවීම එක් අතකින් ස්වාභාවිකය. එහෙත් විශේඥ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩිව අවධාරණය කරන්නේ ඉන්දියාවෙන් ගෙන්වන ලද එන්නත සම්බන්ධයෙන් අනියත බියක් හෝ සැකයක් තබාගත යුතු නැති බවය.

මේ මොහොතේදී වඩාත් වැදගත් වන්නේත් විශ්වාසනීයත්වයෙන් යුතු වන්නේත් සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වේ. කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ අනුගමනය කළ යුතු සෑම ක්‍රියාකලාපයක්ම තීරණය කරනු ලැබුවේත්, තීරණය කළ යුතු වන්නේත් සෞඛ්‍ය විශේෂඥයන්ම පමණි. ඉන් පරිබාහිරව ගිය සෑම අවස්ථාවකදීම වයිරසයේ උගුලට අප රට හසුවිය.

ඉන්දියාවෙන් ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට විවිධ ප්‍රකාශ කළ හැකිය. ඇතැම්විට බොර දියේ මාළු බාන්නට මේ මොහොතද කදිම අවස්ථාවකි. එබඳු අවස්ථාවාදියෝ සිටිති. ඔවුන්ට උවමනා කරන්නේ රට අවුලෙන් අවුලට යනු දැකීමය. ඉන්දියාවෙන් ගෙන්වන ලද එන්නත බාල, ප්‍රමිතියෙන් තොර එන්නතකැයි කටකතාවක් පතුරුවා හරිනු ලැබුවහොත් එමගින් ජනතාව කැළඹීමට පත්වීමට ඉඩ තිබේ. එම කැළඹීම තුරන් කිරීමේ හැකියාව තිබෙන්නේ සෞඛ්‍ය විශේෂඥයන්ට පමණි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය එල්.ඒ. රණසිංහ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත මහා බ්‍රිතාන්‍යයේ සහ යුරෝපා සංගමයේ ඖෂධ පාලන ආයතන විසින් ද ආරක්ෂාකාරී සහ කොරෝනාවට එරෙහිව ක්‍රියාකාරී බවට සහතික කර ඇති බවය. එන්නත් ලබාගැනීම දිරිගැන්වීමේ පරමාර්ථයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් බොහෝ පිරිසක් රෝහල්වලදී එන්නත් ලබා ගැනීමට මුලින්ම ඉදිරිපත් වූ බව ද ඒ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

මාරාන්තික වයිරසය හමුවේ පවා බොර දියේ මාළු බාන පිරිස් සිටින බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කර තිබේ. ඒ මහතා ප්‍රකාශ කරන්නේ සුළු පිරිසක් එන්නත පිළිබඳව දෙගිඩියාවක් ජනතාව තුළ ඇති කිරීමට උත්සාහ කරන බවත්, සෞඛ්‍ය අංශවලම පිරිසක් ඒ පිළිබඳව දෙගිඩියාවෙන් පසුවීම අවාසනාවන්ත තත්ත්වයක් බවය.

ඉන්දියාවෙන් ගෙන්වන ලද එන්නත පළමුවෙන්ම සෞඛ්‍ය අංශයට හා ආරක්ෂක අංශවලට එන්නත් කරන ලදී. වයස අවුරදු 60ට වැඩි පුද්ගලයන්ට එම එන්නත ලබාදීම මාර්තු මස 1 වැනිදා සිට ආරම්භ කරන බව රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් මිලදී ගැනීමට රජය පියවර ගෙන ඇති බව ද රාජ්‍ය ඇමැතිවරිය පවසා තිබේ. මීට අමතරව චීනය හා රුසියාව ප්‍රදානය කරන එන්නත් තොගයක් ද ඉදිරි දිනවලදී මෙරටට ගෙන්වීමට නියමිත බව ද අප පුවත්පත වාර්තා කර තිබිණි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය එල්.ඒ. රණසිංහ මහතා ප්‍රකාශ කරන්නේ දිනෙන් දින උත්සන්න වෙමින් පවතින කොරෝනා වසංගතයට මේ අවස්ථාවේ තිබෙන හොඳම විසඳුම එන්නත්කරණය බවය. එහෙයින් රටේ ජනතාවට ලැබී ඇති වටිනා අවස්ථාව දුර්මතවලට මුවා වී අපතේ නොයවන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී. වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමට මේ මොහොතේදී හැකියාවක් නොමැති බව අපි අවධාරණය කරමු.

(***)

 



අදහස් (8)

එන්නත් ගැන කියන කටකතා විශ්වාස කරනු එපා

Raveendra Tuesday, 09 February 2021 06:00 AM

ඔය කියන තරම්ම විශ්වාස නම් ඇයි ජනාධිපති, අගමැති, ආරක්ෂක ලේකම් වැනි මුල් පෙලේ අය සහ මැති ඇමතිවරුන් ඇතුළු පවුල්වල සාමාජිකයන් මෙම එන්නත ලබා නොගන්නේ? ඇයි කෝකටත් තෛලය වගේ ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය සේවකයින් පමණක් බිල්ලට දෙන්නේ? පපුවට ගසාගෙන පම්පෝරි ගසන වීරත්වය එළිපිට මිනිස්සුන්ට නොපෙන්වා ඉන්නේ...?

:       8       13

දයාන් Tuesday, 09 February 2021 06:11 AM

පැහැදිලිවම අවස්ථාවාදී දේශපාලකයින්ට වුවමනා කරන්නේ, කුමන ක්‍රමයෙන් හෝ රට අවුලෙන් අවුලට පත් වනු දැකීමයි. දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ඔවුන් එය කරගෙන යයි. ඔවුන් සිතා සිටිනවා ඇත්තේ අලුත් රජය ගැන ජනතාවට එපා කිරීමට කටයුතු කිරීමයි. ජාත්‍යන්තර සංවිධාන වලට නිවැරැදි නොවන පුවත් සැපයීමයි. මෙම අවස්ථාවාදීන්ට ඇත්තේ පුදුම කලබලයකි. කරුණු කාරණා කෙසේවුවත් ජනතාව මෙසේ මුලා කිරීමට ඉතා අපහසුයි.

:       6       7

අනුර පැස්කුවල් Tuesday, 09 February 2021 11:24 AM

එන්නත ගැන අවිශ්වාසය ඇති කරමින් පැණිය අරන් රට පුරා දිව්වේ විපක්ෂයද? ඔබ හොඳ සිහි කල්පනාවෙන්ද?

:       5       6

දයාන් Tuesday, 09 February 2021 05:20 PM

ආයුර්වේද බෙහෙත් සොයා ගන්නා අය දිරිමත් කිරීම හොඳ දෙයකි. එම වකවානුවේ කිසිම එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබුණේද නැත.

:       0       0

Ranjan Tuesday, 09 February 2021 08:32 AM

මෙම එන්නත ජර්මනියේ එන්නත් කරන්නේ වස 65ට වඩා අඩු අයට පමණි.. හේතුව වයසින් වැඩි අයට මේ එන්නත නිසා ඉතාම බරපතල අතුරු ආබාධ සහ නොයෙකුත් මෙතෙක් සොයා නොගත් බාධක ඇතිවෙන නිසා. ඒ වගේම දකුණු අප්‍රිකාවේ මේ එන්නත සම්පූර්ණයෙන්ම තහනම් කළා.. ඊයේ සිට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මේ එන්නතේ ක්‍රියාකාරීත්වය 20%ක් පමණ බලයක් තිබෙන නිසා ලංකාවේ මේ කිසිම දෙයක් ගැන නොබලා මේ එන්නත ලබාදෙනවා..

:       4       5

bandaThursday, 11 February 2021 10:34 AM

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය අනුමත කර අවසන්... ලෝකයේ විවිධ රටවල තිබෙන විරසකයන් දැන් කොරෝනා බෙහෙතට ඇවිල්ලා.

:       1       2

sugaThursday, 11 February 2021 09:12 PM

ලෝක සෞඛ්‍ය සංවිධානය මුලින් කිව්වා මතකද රටවල් අතර ගමන් කිරීම රෝගය පැතිරෙන එකට බලපාන්නේ නැහැ කියලා. එ්කෙන් මොකද වුනේ? ලෝකය පුරාම රෝගය පැතිරුණා. WHO දැන් අනුමත කරයි. පස්සේ වෙන දෙයක් කියයි.

:       0       1

suga Tuesday, 09 February 2021 09:35 AM

ඔව්.. ඔව්.. එන්නත් කළාම අතුරු අබාධ නැහැ කියන කටකතාව පිළිගන්න එපා...

:       2       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 251 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 215 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 60 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 301 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 262 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site