IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉතිහාසයට එක්වූ තවත් අවාසනාවන්ත සිද්ධියක්


තවත් එක් අවාසනාවන්ත සිද්ධියක් ඉතිහාසයට එක්විය. ඒ මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමය. එම බන්ධනාගාරගත රැඳවියන් පිරිසක් එයින් පලා යාමට උත්සාහ දරා ඇත. ඒ බන්ධනාගාර නියාමකවරයකු හා හෙද නිලධාරියකු ප්‍රාණ ඇපයට ගනිමින්ය. රැඳවියන් 2500ක පමණ පිරිසක් මෙම කැරැල්ලට එක්වී සිටි බවත් ඔවුන් බන්ධනාගාරයේ ගේට්ටුව අසලට පැමිණ එය කඩා පලා යාමට උත්සාහ දරා ඇති බවත් අප පුවත්පත වාර්තා කළේය. බන්ධනාගාර නිලධාරීන්ට එම තත්ත්වය පාලනය කර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද එහි කැඳවා ඇති අතර සිද්ධියෙන් රැඳවියන් හය දෙනකු මියගොස් 28 දෙනකු තුවාල ලබා ඇතැයි ද අප පුවත්පත වාර්තා ක​ළේය.

කවර හේතු සාධක මත පදනම්ව වුවද ප්‍රචණ්ඩත්වය හා අනීතික ක්‍රියා ශිෂ්ට සම්පන්න ජන සමාජය අනුමත නොකරයි. ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා මාර්ගයෙන් බුද්ධිමත්ව විසඳා ගැනීම අනුමත පිළිවෙළ වේ. බන්ධනාගාරගතව සිටින රැඳවියන් වෙතින් එබඳු ප්‍රශස්ත හැසිරීමක් අපේක්ෂා කළ නොහැකියැයි තර්කයක් මතු කළ හැකි වුවද මහර බන්ධනාගාර කැරැල්ලෙන් අනාගතයට උගත යුතු පාඩමක් වෙයි. එනම් ප්‍රචණ්ඩත්වය හා අනීතික ක්‍රියා කිසි විටෙකත් විමුක්තිය රැගෙන නොඑන බවය. එම ක්‍රියාදාමයේ තාර්කික අන්තය පරාජය, විනාශය සහ මරණය බවය.

මහර බන්ධනාගාරයේ රඳවා තබා ගත  හැකි පිරිස 850ක් පමණ වේයැයි වාර්තාවේ. එහෙත් මේ වනවිට එහි තුන් දහසකට වැඩි පිරිසක් සිටින බවද කියති. එමගින් එහි තදබදය අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. මෙහි බරපතළ කාරණාව වී තිබෙන්නේ කැරැල්ල සිදුවූ දිනයේ එම බන්ධනාගාර රැඳවියන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලැබීමත් රැඳවියන් 183 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමත්ය. තදබදයෙන් මිරිකෙමින් සිටි රැඳවියන්ට මෙම පුවත අසුබ වීම විමතියට කාරණාවක් නොවේ. ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන ශිෂ්ට පිළිගැනීමට අනුව එම රැඳවියන්ට මරණ බිය ඇතිවීම සාධාරණ විය හැකිය. එහෙත් එයට විසඳුම බන්ධනාගාරය කඩා පැන යාම නොවන බවත් ඒකාන්තය.

කොරෝනා මාරාන්තික වයිරසයට එක් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වනුයේ එම වයිරසයට ‘අසීමාන්තික ලෙස බිය වීමයි’ අසීමාන්තික ලෙස බියවීම යන්නෙහි අරුත අතපය හකුලා ගෙන පැත්තකට වී සිටීම නොව සමාජ දුරස්ථකරණය රකිමින්, සංචරණය සීමා කරමින් සෞඛ්‍ය පිළිවෙත්වලට මුල්තැන දෙමින් කටයුතු කිරීමය. 850ක් පමණ පිරිසක් රැඳවිය හැකි ස්ථානයක තුන් දහසකට වැඩි පිරිසක් රඳවා තැබීමෙන් මෙම සමාජ දුරස්ථකරණය ආරක්ෂා කිරීම, සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට අනුගතවීම අපේක්ෂා කළ නොහැකිය.

‘ප්‍රශ්නය අනෙකාගේ වන තරමට පිළිතුර දාර්ශනික’ යැයි කියමනකි. මහර බන්ධනාගාර කැරැල්ලටද එය නිවැරදිව ගළපා ගත හැකිය. මේ මොහොතට අදාළ රැඳවියෝ වැරැදිකාරයෝ වෙති. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. පෙර සඳහන් කළ පරිදිම කවර හේතු සාධක මත වුවද ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට, අභීත ක්‍රියාවන්හි යෙදීමට කිසිවකුට අයිතියක් නැත. විශේෂයෙන්ම කවර හේතුවක් මත හෝ බන්ධනාගාරගතව සිටින රැඳවියකුට එය වටහා ගැනීම අසීරු නොවනු ඇත. එහෙත් සිදුවී තිබෙන්නේ රැඳවියන් ප්‍රචණ්ඩ වීමය. අනීතික ක්‍රියාවලට පෙළඹීමය. එහි ප්‍රතිවිපාක ඔප්පු වී තිබේ.

මහර බන්ධනාගාර කැරැල්ලෙන් උගත යුතු පාඩම් නම් මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවය. තදබදය නිසා ඔවුන් ප්‍රචණ්ඩත්වයට, අනීතික ක්‍රියාවලට යොමු විය හැකි බවය. එසේ ඒවාට යොමු වූ පසු ‘අවම බලය’ පා එබඳු කැරැලි මැඩ පැවැත්වීමට උත්සාහ කිරීමට වඩා වැදගත් වනුයේ එබඳු තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට හැකි වැර යොදා කටයුතු කිරීමය.

බන්ධනාගාර තදබදය අද ඊයේ ඇතිවූ ප්‍රශ්නයක් නොවේ. සමාජ ප්‍රශ්නයක් වන තරමට මෙම මාතෘකාව සංවාදයට බඳුන්වී තිබේ. එහෙත් ගිනි නිවී යාමත් සමග මාතෘකාවද යටපත්වී යයි. කැරැල්ලකින් පසුව යළිත් එය සංවාදයට ගෙන විසඳුම් නොසැපයීම අමතක කර දමයි.

බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය එක රැයකින් දෙකකින් සමථයට පත්කළ හැකි නොවේ. රැඳවියන්ගෙන් සැලකිය යුතු පිරිසක් දඩ මුදල්, ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකිව රඳවා තබා සිටින්නන් බවත් තවත් අතිවිශාල පිරිසක් සැකකරුවන් පමණක් බවත් වාර්තා වේ. මෙම දෙපිරිස සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නේ නම් බන්ධනාගාර තදබදය පහසුවෙන් අවම කරගත හැකිවනු ඇත. ’සුළු වැරැදි’ ගණයට වැටෙන වැරැදිකරුවන්ද එයට එක් කළ විට ප්‍රශ්නයට විසඳුම තවත් පහසුවේ. පසු කල්යෑම අවම කරගැනීමට වැඩපිළිවෙළක් යෙදීමද මෙයට පිළිතුරකි. කළ යුතු දේ නොකිරීමෙන් බලාපොරොත්තු නොවන ඛේදවාචක නිර්මාණය වන බව ඉතිහාසයේ පාඩම වේ.

(***)



අදහස් (4)

ඉතිහාසයට එක්වූ තවත් අවාසනාවන්ත සිද්ධියක්

Nisha Tuesday, 01 December 2020 08:51 AM

කතුවැකියට ස්තුතියි. මෙම ලිපියෙන් බොහෝකරුණු පෙන්නා දී තිබෙනවා. මිනිස්සු නොවේ සත්තු වුණත් පීඩනය දරාගන්න කාලයක් තියෙනවා. ඊටපස්සේ නරක ප්‍රතිඵල අත්වෙනවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරය සිද්ද වෙන්නේ බලධාරින්ගේ නොසැලකිල්ලෙන් කියලා දැන් කාටත් තේරෙනවා. ප්‍රශ්න තේරුම් ගැනීමට නොහැකි කයිවාරු කාරයින්ව බලයට ආවම ඔවුන් කරන්නේ බලපුළුවන් කමින් රට පාලනය කරන්නයි. අපි ලෝකය ඉදිරියේ ම්ලේච්ඡ ජාතියක් වෙලා ඉවරයි. හැමතැනම දූෂණය, වංචාව... මිනිස්සු නිදහසේ ජීවත් වෙන්න දෙන්නේම නැහැ. කවුරු මොන තර්කය ගෙනාවත් ලෝකයේ හික්මීමක් ඇති ජනතාවක් ඉන්නේ අපේ රටේ. මොන නීතිය දැම්මත් ඉවසන් ඉන්නවා පාලකයෝ.. ඒ ඉවසීම නීතියට ගරු කිරීම දඩමීමා කරගෙන...

:       6       15

Nuwan Tuesday, 01 December 2020 09:49 AM

අර රතුපස්වල වතුර ඉල්ලපු දරුවන්ට වෙඩි තියන්න කිව්වා මහරජතුමාට ඕවත් කජ්ජක්ද?

:       8       19

Jayasekara Tuesday, 01 December 2020 01:27 PM

මෙයට වසර කිහිපයකට පෙර මේ අයගේම පාලන කාලයක් තුළ සිරකරුවන් පිරිසක් වෙඩිතබා ඝාතනය කළා. නැවතත් එබඳුම අවාසනාවන්ත සිදුවීම් ආරම්භ වී ඇත. රටක් ලෙස ලෝකයා ඉදිරියේ ම්ලේච්ඡ තත්වයකට පත්ව තිබීම ඉතාමත් ශෝචනීයයි. බෞද්ධ රටක් වුව ද දේශපාලන බලය මත ඝාතනය, සොරකම, ගණිකා ව්‍යාපාර, බොරුව සහ විවිධ මත්ද්‍රව්‍ය ව්‍යාපාර ඉතාමත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක ව පවතියි. අපරාධ වර්ධනයට අවශ්‍ය සියලු පරිසරයන් අඩසියවසක කාලයක් තුළ සංවර්ධනය වූවා මිස සිත් සුවපත් කරන ගුණාත්මක දියුණුවක් නොවූ බව කාටත් පැහැදිලි කරුණකි. වසර 30 යුද්ධයක් කොට මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ වූ යුද්දයක් කළේ කුමකට දැයි මහත් ගැටළුවකි.

:       2       12

janahitha Wednesday, 02 December 2020 10:30 AM

ආදර්ශමත් වැඩක්. අවවාද කරලා බැරි තැන කළයුතු දේ මෙපමණයි.

:       9       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 108 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 89 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 185 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 372 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 381 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 120 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1440 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site