IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා

(වියට්නාමයේ ක්වාන් ඩක් හිමි සිරුරට ගිනි තබාගත් අවස්ථාව)

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂූන් සහ භික්ෂුනීන් වහන්සේලා පෙරටුකරගත් පෙරහැරක් පැමිණියේය. ක්වාන් ඩක් හිමියන් මුලින්ම මෝටර් රථයෙන්  බිමට බට අතර තවත් හිමි නමක් මෝටර් රථයෙන් බිමට බැස බිම වාඩි වීමට හැකි ආකාරයේ කුෂනයක් මහා මාර්ගයේ මැද තැබුවේය. කාරයෙන් බිමට බට තවත් හිමි නමක් එහි ඩිකියෙන් පෙට්‍රෝල් කෑනයක් එළියට ගත්තේය.

පෙරහරේ පැමිණි අනෙක් භික්ෂූන් වහන්සේලා එම ස්ථානයේ රවුමට සිට ගනිද්දී ක්වාන් ඩක් හිමි කුෂනය මත පද්මාසනයෙන් හිඳ ගත්තේය. එක් භික්ෂුවක් කෑනයෙන් පෙට්‍රෝල් ඩක් හිමියන්ගේ සිරුර පුරා වැගිරුවේය. ඩක් හිමි අමිත බුදුන්ට නමස්කාර වේවායි සඳහන් ගාථාව සජ්ඤායනා කරමින් ගිනිකූර දල්වා තම සිරුරට ගිනි තබා ගත්තේය. ගිනි දැල් උස්ව නැගෙමින් සිරුර සහ මාංශ වෙළාගත් අතර මාංශවලින් නිකුත් වූයේ කලු‍ දුමකි. 

මෙම සිදුවීම බලා සිටි ඇමෙරිකාවේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරු ඩේවිඩ් හල්බර්ස්ටම් මෙසේ වාර්තා  කර තිබුණි. 

“මම මහා කම්පනයකට ලක්වීමි. මට ඇඬීමට නොහැකි විය. සටහන් ගැනීමට හෝ ප්‍රශ්න ඇසීමට නොහැකි වන සේ අවුල්ව සිටියෙමි. සිරුර ගිනි ගනිද්දී උන්වහන්සේගේ පේශියක් හෝ සසල නොවීය. එක වචනයක් හෝ පිට කළේ නැත. විනාඩි 10 කට පමණ පසු සිරුර බොහෝ සෙයින් දැවී තිබූ අතර එය පසුපසට වැටුණි. භික්ෂූන් වහන්සේලා සිරුර ලී දෙණක බහා ළඟ පැවති විහාරයට ගෙන ගියහ”.

ඇසෝසියේට් ප්‍රෙස් පුවත් ආයතනයේ මැල්කම් බ්‍රවුන් ඩක් හිමිගේ සිරුර දැවෙන අයුරු දැක්වෙන ඡායාරූප තම ආයතනයට යැවූ අතර පසු දා ඒවා ලොව පුරා පුවත්පත්වල පළ වී තිබුණි. ක්වාන් ඩක් හිමි දිවි පිදුවේ එවක වියට්නාමයේ ජනාධිපතිවරයා වූ ඩීන් ඩියම්ගේ බෞද්ධ විරෝධී කටයුතුවලට එරෙහිව වියට්නාමයේ දහස් සංඛ්‍යාත පිරිසක් ගෙන ගිය උදඝෝෂණවල එක් අවස්ථාවක් සනිටුහන් කරමිනි.

ජනාධිපති ඩීන් ඩියම්ගේ බාල සොහොයුරා සහ ජනාධිපති උපදේශක වූ ඩින් යු ගේ බිරිඳ රටේ මුල් කාන්තාව ලෙස සැලකිනි. එයට හේතුව වූයේ ජනාධිපතිවරයා අවිවාහකයකු වීමයි. මෙම කාන්තාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ “තවත් භික්ෂුවක් බාබකියු ශෝ එකක් පවත්වන්නේ නම් තමන් අත්පුඩි ගසන” බවය.

අගෝස්තු 21 වැනි දින ඩින් ඩියම් ගේ හමුදා වියට්නාමයේ බෞද්ධ විහාර ආක්‍රමණය කළේය. ඒ ඩක් හිමියන්ගේ භෂ්මාවශේෂ පැහැරගැනීමට වුවත් ඒ වන විට භික්ෂූන් වහන්සේ දෙනමක් විසින් ඒවා රැගෙන අගනුවරින් පලා ගොස් සිටියහ. ඩක් හිමිගේ හදවත ගින්නේදී පිළිස්සී නොතිබූ අතර එය එම විහාරස්ථානයේ ආරක්ෂා කර තිබුණි. ඒත් හමුදාව උන්වහන්සේගේ හදවත පැහැරගෙන එය රාජසන්තක කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී මෙසේ ප්‍රකාශ කළේය. “ආණ්ඩුව වෙනස් කරන්න තව අරගලයක් ඇති කරනවා කියා සමහරුන් කියනවා. එහෙම කරන්ඩ ඉඩ දෙන්නේ නෑ. මා ඒකට ඉඩ දෙන්නේ නෑ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා.  ඩින් ඩියම් ලට ඉඩක් නෑ මේ රටේ” මේ ප්‍රකාශයෙන් ඩින් ඩියම් ලා මෙන් ක්‍රියා කිරීමට උත්සාහ කරන අයට ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඉඩක් නැති බව අවධාරණය කර තිබේ. වියට්නාමය කුරිරු පාලනයකට නතු කරමින් ඒකාධිපති වියරුවෙන් කටයුතු කළ ඩීන් ඩියම්ලා කවරාකාර පුද්ගලයන්ද යන්න ඩක් හිමියන්ගේ හදවත පවා පැහැර ගැනීමෙන් පැහැදිලි වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව තුළ ඩින් ඩියම්ලාට ඉඩක් නැතැයි ප්‍රකාශ කළේ ආගම උපයෝගී කරගෙන බලයට පත්වීමට මෙන්ම ඒ ඔස්සේ රට තුළ සංහිඳියාව නැතිකර සියලු‍ දෙනා බේදකර ඒකාධිපති පාලනයක් ගොඩනැගිය හැකියැයි සිතන පිරිස්වලට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. වියට්නාමයේ ඩින් ඩියම් පාලනය යටතේ ක්‍රියාත්මක වූයේ ඉහතින් සඳහන් කළ ආකාරයේ තත්ත්වයකි.

ඩින් ඩියම් වියට්නාමයේ දැඩි කතෝලික පවුලකින් පැවත එන්නෙකි. ඔහුගේ පවුල බුදු දහමින් කතෝලික ආගම වැළඳගත් වියට්නාමයේ මුල්ම කණ්ඩාමට අයත් විය. ඔහුගේ සහෝදරයා කතෝලික පූජකවරය ලබාගෙන සිටි අතර ඩින් ඩියම්ද මුලින් පූජකවරයකු වීම සඳහා කැමැත්ත දැක්වුවද පසුව එය වෙනස් කර ගත්තේය. 1953 වසරේදී වියට්නාමය ප්‍රංශ අධිරාජ්‍යයෙන් නිදහස ලබාගත් අතර 1954 වසරේදී එවක වියට්නාම අධිරාජයා වූ බාබෝ දයි ඩින් ඩියම්ට අගමැති තනතුර පිරිනැමුවේය. එම තනතුර භාර ගත් ඔහු ක්‍රමයෙන් තමන්ගේ විරුද්ධවාදීන් රාජ්‍ය පාලනයෙන් ඉවත්  කිරීමට කටයුතු කළේය.

1955 ඔක්තෝබර් 26 දින ඔහු වියට්නාම ජනරජය ප්‍රකාශයට පත්කර එහි ජනාධිපති තනතුරට තමාම පත්කර ගත්තේය. ඔහු 1955 සිට 1963 දක්වා වසර නවයක් වියට්නාමය පාලනය කළේය. වියට්නාමය ඒ වන විට උතුරු වියට්නාමය සහ දකුණු වියට්නාමය ලෙස කොටස් දෙකකට බෙදා තිබූ අතර ඩින් ඩියම් නායකත්වය දැරුවේ දකුණු වියට්නාමයේය.

වියට්නාමයේ ජන සංඛ්‍යාවෙන් සියයට 70ක් 90ක් අතර සංඛ්‍යාවක් බෞද්ධයෝ වූහ. එහෙත් කතෝලික ප්‍රධානීහු ඔහු ජනාධිපති පදවිය දක්වා ගෙන ඒම සඳහා විවිධාකාර උපක්‍රම යෙදුවෝය. ඔහු බලයට ගෙන ඒම සඳහා 1955 ඔහු විසින් පැවැත්වූ ජනමත විචාරණයේදී අගනගරය වූ සයිගොන්හි ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 450,000 ක් විය. එහෙත් එම ඡන්ද කොට්ඨාසයෙන්  ඩින් ඩියම් ට ඡන්ද 605,025 ක් ලැබී තිබුණි. ඔහුගේ එක් සහෝදරයෙක් වියට්නාමයේ අගරදගුරු පදවිය හෙබවීය. ඩින් ඩියම් බලයට ගෙන ඒම සඳහා ඇමෙරිකාවද ප්‍රබල සහායක් ලබා දුන්නේය. වියට්නාමයේ නැගී එන කොමියුනිස්ට්වාදය පරාජය කිරීම සඳහා හැකියාවක් ඩින් ඩියම්ට ඇතැයි ඇමෙරිකාව විශ්වාස කළේය.

ආගමික බලපෑම් මත රට පාලනය කළ ඩියම් කතෝලිකයන්ට සියලු‍ වරප්‍රසාද ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඉඩම් පමණක් නොව ආයුධ පවා කතෝලික පිරිස්වලට ලබාදුන් අතර විවිධ බදු සහන, ආයෝජන අවස්ථා, ප්‍රාග්ධන අරමුදල්, රජයේ සහනාධාර පමණක් නොව රජයේ බොහෝ දේ එම පිරිස්වලට හිමි වන අයුරින් කටයුතු කළේය.

1963 වෙසක් දින උත්සවයේදී බෞද්ධ කොඩිය එසවීම ඩින් ඩියම් විසින් තහනම් කරන ලදී. මෙය භික්ෂූන් වහන්සේලා ද බෞද්ධ ජනතාව ද කුපිත කිරීම සඳහා හේතු විය. විශාල පිරිසක් රජයට එරෙහිව විරෝධතා දැක්වූ අතර රජය විරෝධතාකරුවන්ට වෙඩි තැබුවේය. විරෝධතාකරුවන් නව දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ක්වාන් ඩක් හිමියන් සිරුරට ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත් වූයේ ඩින් ඩියම් අනුගමනය කළ මෙම බෞද්ධ විරෝධී පිළිවෙතට එරෙහිවය. අවසානයේදී ඇමෙරිකාවේ CIA සංවිධානයේ ද ආධාර ලැබූ කුමන්ත්‍රණයකින් ඩියම් සහ ඔහුගේ පවුලේ අය ඝාතනය කෙරුණු අතර දකුණු වියට්නාමයේ හමුදා පාලනයක් බිහි විය.

විවිධ ආගමික මතවාද මුල් කරගෙන වියට්නාමයේ ඩින් ඩියම් බලයට ගෙන ඒම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගම අනුගමනය කරමින් ශ්‍රී ලංකාව තුළද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව යම් යම් කණ්ඩායම්වලට බලය ලබා දීම සඳහා වූ ව්‍යාපාර ක්‍රියාත්මක වන බවක් පෙනේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඩින් ඩියම්ලාට මෙහි ඉඩ නැති බව ප්‍රකාශ කළේ එම තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම සඳහායි සිතමි. අරගලය මුවාවෙන් ව්‍යවස්ථාවෙන් බැහැරව රාජ්‍ය බලය අල්ලා ගැනීමට ක්‍රියාකළ පිරිස්වල ඇතැම් ආගමික ආයතනවලින් දැඩි සහායක් ලැබුණු ආකාරය බොහෝ දෙනකුට නිරීක්ෂණය කළ හැකි වූයේ යැයි සිතමි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ දිනවල විවිධාකාර මත පළවෙන බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්නේද යන්න පිළිබඳව විවිධ මත ප්‍රකාශ කෙරෙන බවත් සත්‍යයකි. එහෙත් ශ්‍රී ලංකාව තුළ නිදහසෙන් පසු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රාජ්‍ය බලය පැහැර ගැනීමට දරන ලද උත්සාහයන් සියල්ල පරාජය වූ බවද අප අමතක කළ යුතු නැත.

අරගලයේ රැකවරණය සඳහා කන්‍යා සහෝදරියන් යොදවා අරගල භූමියේ පදිංචි කළ ආකාරය මෙන්ම රජය පෙරළා දැමිය යුතු බවට එම ආගමික නායකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ආකාරයෙන්ද පැහැදිලි වන්නේ ඩින් ඩියම් පන්නයේ ත්‍රස්ත ව්‍යාපාරයක් සඳහා පිඹුරුපත් සකස් වෙන බවක්ද?

අරගලය ආරම්භ වූයේ අලු‍ත් විදියට සිතන තරුණ පරම්පරාව පවතින සමාජ ක්‍රමය කෙරෙහි අතෘප්තියට පත්ව ඇති බවත් එයට විසඳුම් සෙවිය හැක්කේ පවතින ක්‍රමය වෙනස් කිරීමෙන් බවත් ප්‍රකාශ වන ආකාරයටය. 

එහෙත් පසුව අරගලය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ග්‍රහණයට පත්විය. ඇතැම් ආගමික ආයතන සහ නායක පූජක ප්‍රසාදිවරුන් එය දුටුවේ මෙම කණ්ඩායම්වලට සහාය ලබාදීම මගින් පෙරටුගාමී පක්ෂය වැනි සංවිධාන ව්‍යාවස්ථාවට පිටින් බලයට ගෙන ඒමට හැකි බවය.

අරගලය පැහැරගත් කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුත් පෙරටුගාමී පක්ෂයට සහ ඊට තවමත් අවනත වී සිටින කණ්ඩායම්වලට ජීවය ලබාදීමෙන් යළි අරගලය සක්‍රීය කළ හැකි බවට මෙම නායක පූජක ප්‍රසාදීවරුන්ගේ අදහස වී ඇත. එහි ඇත්තේ ආගමික අවශ්‍යතාවකට වඩා පුද්ගලාන්තරව ගලා එන බද්ධ වෛරයක සේයාවක් නොවන්නේ ද යන සැකය කා තුළත් මතු වී එනු ඇත.


කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

 



අදහස් (9)

ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා

Nandasena gr Thursday, 01 December 2022 05:59 AM

මහාචාර්යතුමා රෙදි නැතිව කඩේ යන්න එපා. ඔබතුමා ජන අරගලය ඒකාධිපතියෙක් එක්ක සම කරන්න එපා. ලංකාවේ මිනිස්සු අරගලයට බැස්සේ පාලකයන්ගේ දුර්වල පාලනය නිසා රනිලුත් ඇතුලුව. මිනිස්සුන්ට පිස්සුවක් නැහැ නිකම් පාරට බැහැලා අරගල කරන්න. තමන්ගේ වගකීම් ඉෂ්ඨ නොකර අනිත් අයට චෝදනා කරන රනිල් ඇතුලු පාලකයනුත්, තමුන්ලා වගේ රෙදි අපුල්ලන්නොත් රටට ශාපයක්

:       71       5

SethuFriday, 02 December 2022 07:46 PM

රටට සාපය... ලිපියේ බය නැතුව ඇත්ත කියන ඔහු නෙමේ, අන්තවාදී ආගමිකයින් වන ඔහේලා..!.

:       3       33

SunethSaturday, 03 December 2022 06:57 AM

ආගමික අන්තවාදය විසින් ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරපු බව අපි හොඳටම දන්නවා. උන් බෝල් ගහන්නේ නැතුව කුරුස ගහනව විතරයි. ඒ වගේම අපි මේ කියන විදියේ කාලකන්නි මූලධර්මවාදී පාලනයකින් නිදහස් වුනේ අවුරුදු 200ක යටත් විජිත කාලයකින් පස්සේ. දැන් දැන් සිංහල, අදටත් දෙපාර්ථමේන්තු, සංස්ථා විශාල ප්‍රමාණයක මුල් පු‍ටු අයිති මේ මූලධර්මවාදී අන්තවාදීන්ට. පෞද්ගලික අංශයේ අධ්‍යක්ශකවරු අති බහුතරය තාමත් අන්‍යාගමිකයන්. ඒත් අපි දැන් 75 වන නිදහස සමරන්න හදන්නේ. දෙමළ භාශාවන් අතහැර ඉංග්‍රීසිය විතරක් උඩට ගන්න අගරදගුරු ඇතුලු පල්ලියේ පිල්ලි එලිපිටම උත්සාහ කරනව.

:       3       10

චන්දිම Thursday, 01 December 2022 07:45 AM

අනේ අපේ අනුප්‍රාප්තික තුමා නම් මට පේන්නේ ඩින් ඩියන් නෙමෙයි එයානම් නිකම් තෙත් තියන් කෙනෙක් විදියට.

:       28       2

නිහාල් Thursday, 01 December 2022 07:48 AM

මට නම් පේන්නෙ සුනන්ද මහත්මයා ඔලුවෙන් හිටගෙන වගෙ. ඔක්කොම පේන්නෙ උඩු යටිකුරු වෙලා. ත්‍රස්තවාදී පනත වැරදි විදියට පාවිච්චි කරල ඒකාධිපතියෙක් වෙන්න හදන්නෙ රනිල්නෙ. රනිල්ගෙ වැරදි උපමාවට මෙයා අයිසිං කරලා ලස්සන කරන්න හදනවා.

:       51       10

Kumar (Gulf) Thursday, 01 December 2022 11:57 PM

මේක ලියපු කෙනාට පිස්සු කචල් වෙලා.

:       33       5

SenakaSaturday, 03 December 2022 07:09 AM

අරගලේ ගේන්න පල්ලිය දත කෑවේ ගෝඨා රුවන්වැලි සෑය ලඟ දිවුරුම් දුන්න දවසේ ඉඳලමයි. පාස්කු බෝම්බෙ ගැහුවේ රනිල් අගමැති වෙලා ඉන්නකොට. රනිල් යටතේ හිටපු හෙන්චයි ඇමැත්තෙක්ගේ ලෙඩ ඇඳේ හිටපු තාත්තා දන්නව බෝම්බ ගහනව කියල. හැබැයි රනිල් දන්නේ නෑ.. 95 වතාවක් සීඅයිඩී එකට කෝල් කරපු ඉන්දීය බුද්ධි අංශ එක පාරක්වත් පල්ලියට කෝල් කරේ නෑ කියල විශ්වාස කරන පල්ලියේ බුද්ධිමත් ජනතාව විශ්වාස කරන්නේ ජය පෙනි පෙනී හිටපු රාජපක්ශලා බෝම්බ ගහපු බව (කම්බ හොරු වෙනයි, ත්‍රස්ථවාදය වෙනයි හොඳේ).

:       3       7

Mehan Saturday, 03 December 2022 07:17 AM

බුකිය හරහා එන ඕනම කුණු ගොඩක් ඔලුවට ගන්නා ලංකාවේ උන්ගේ ගොන් හරක් මානසිකත්වය නැති කරන්න නම් අනිවාර්යෙන් ලෝක දේශපාලන ඉතිහාසය උගන්නන්න ඕන කියන එක මේ ලිපිය හරහා පහදා දුන් සුනන්ද මහතාට අපගේ ප්‍රණාමය. ඒත් මහත්තයෝ ටොයි, බයි, ජෙපි කියල වෙන් වෙලා ඉන්න උන්ට ඕව තේරුම් කරනවට වඩා ලේසියි හරක්ට අවකලනය උගන්නන එක.

:       2       10

fairoos Wednesday, 07 December 2022 02:23 PM

මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර කීයක් ගෙව්වද මේක ලියන්ඩ? මෙහෙම ජාතිඅතර වෛරය අතිකරලා රට හදන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 122 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 95 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 194 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 192 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 648 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 900 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site