IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අසල්වැසි රටවල් අමනාපකර ගන්න එපා


ආණ්ඩුවට පරාළ ඇණයක් බවට පත්වෙමින් තිබූ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අර්බුදය ආණ්ඩුව මගින් ගනු ලැබූ ඒකපාර්ශ්වික තීන්දුවක් මගින් නිරාකරණය කෙරිණි. එය අවසානයමදැයි දැන්ම කිව නොහැක්කේ නැගෙනහිර ජැටියේ අර්බුදය ජාතික ගැටලු‍වක් පමණක් නොව ජාත්‍යන්තරය දක්වා විහිදී පැතිරී ගිය අර්බුදයක් බවට පත්වීම හේතුවෙනි. එසේ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකින් තනි මතයට ශ්‍රී ලංකාව ඉවත්වීම ඉන්දියාව සහ ජපානය ජාත්‍යන්තරව දැඩි අපහසුතාවකට ඇද දැම්මේය. ඒ බව එම දෙරට විසින්ම මුලින්ම දක්වන ලද ප්‍රතිචාරවල පැහැදිලිව දකින්නට තිබිණි. පුදුම විය යුත්තේ එම දෙරට සිත්වේදනාවට පත් නොවුණා නම්ය.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ අසල්වැසි බලවතා වන අතර ශ්‍රී ලංකාව සමඟ දීර්ඝකාලීනව සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන යයි. එය පළුදු වූයේ ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රශ්නයට ඉන්දියාව ඍජුවම මැදිහත් වූ කාලයේදී පමණි. එම කාලයේදී ශ්‍රී ලංකාව තුළ දැඩි ඉන්දීය විරෝධී ආවේගාත්මක ආකල්පයක් වර්ධනය වූ අතර එහි නටබුන් තවමත් දකින්නට තිබෙන බව නැගෙනහිර ජැටියේ වෘත්තීය සමිති සටනට එක්වූ බලවේගවලින් පැහැදිලි විය. විවිධ සංවිධාන පමණක් නොව දැඩි මතධාරී භික්ෂූන් වහන්සේලා පිරිසකගේ සහායද වරාය වෘත්තීය සමිති සටනට හිමිවූයේ එහි බලපෑමද හේතුවෙනි. බිත්තියටම හේත්තුවන තත්ත්වයකදී ආණ්ඩුවකටද විකල්පයක් ඉතිරිවන්නේ ඉතා කලාතුරකිනි. ඉන්දියාවට නැගෙනහිර ජැටියේ සියයට49ක කොටස් හිමිකාරිත්වය අහිමිව ගියේ මේ පසුබිමේය.

ඉන්දියාව පමණක් නොව මේ ගිවිසුමේ අනෙක් පාර්ශ්වකරුවා වන ජපානයද අදාළ තීන්දුව සම්බන්ධයෙන් සිය රටේ දැඩි කනස්සල්ල පළකර තිබිණි. ඉන් එහාට යමක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියත් ජපානය යනු ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන ආයෝජන සහකරුවකු බව අමතක නොකළ යුතුය. එසේම ජාත්‍යන්තරයේ සිටින ශ්‍රී ලංකාවට අතිශය හිතවත් රාජ්‍යයකි. ඓතිහාසිකව දෙරට අතර බුදුදහමින් බැඳුණු ශක්තිමත් සබඳතාවක්ද තිබේ. නැගෙනහිර ජැටියේ අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගනු ලැබූ තීරණයෙන් අමාරුවේ වැටුණේ රටට එතරම් සමීප සබඳතා පවත්වන රටවල් දෙකක් වීම මෙහි වැදගත්ම සාධකයයි.

වරාය සේවකයන් මෙතරම් සටනක් දී රැකගත් නැගෙනහිර ජැටිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපේ රට සතුව තිබෙන ඉදිරි සැලැස්ම කුමක්ද යන්න මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතු ප්‍රධානම කරුණ වශයෙන් අපි දකිමු. සටන මෙහෙය වූ වරායේ වෘත්තීය සමිති දිගින් දිගටම ප්‍රකාශ කළේ ජාතික සම්පතක් වන නැගෙනහිර ජැටිය දියුණු කර ලාභදායී ලෙස පවත්වාගෙන යාමට තමන්ට හැකි බවය. එම ජැටියෙන් ඉදිරි කාලයේදී රටට ඩොලර් උල්පතක් පාදාගත හැකි බවය. එහෙත් වරාය හා සම්බන්ධ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ වෙනම තත්ත්වයකි.

දැනට අදාළ කරගත හැකි 2018 වරායේ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ කොළඹ වරායේ සමස්ත ආදායමෙන් රුපියල් බිලියන 08ක ප්‍රමාණයක් ලැබෙන්නේ පෞද්ගලික කළමනාකරණයක් යටතේ පාලනය වන දකුණු ආසියා පර්යන්තයෙන් (සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්) සහ කොළඹ ජාත්‍යන්තර බහාලු‍ම් පර්ය‍න්ත (කලම්බෝ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්) බවය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් පමණක් පාලනය වන ජය බහාලු‍ම් පර්යන්තය ඉතා අකාර්යක්ෂම ඵලදායිතාවක් පෙන්නුම් කරන අතර එහි මෙහෙයුම්වල ලාභය ගණන් ගත හැකි මට්ටමක නැත. එම පර්යන්තයේ කාර්යක්ෂම සේවයක් සඳහා අවශ්‍ය වන්නේ සේවකයන් 3000ක් පමණක් වුවද මේ වනවිට එහි 10,000කට අධික සේවකයන් පිරිසක් සිටින බව මෑතකදී පැවැති රූපවාහිනී සාකච්ඡාවකදී වරාය අධිකාරියේ සභාපතිවරයාම ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය මේ රටේ බොහෝමයක් රජය සතු ආයතනවල පවතින තිත්ත ඇත්ත තත්ත්වය පෙන්නුම් කරයි. එය එක් උදාහරණයක් පමණි. නැගෙනහිර ජැටිය ඉන්දියාව සහ ජපානය සමග එක්වී ශ්‍රී ලංකාවට සියයට 51ක අයිතියක් තබාගෙන සංවර්ධනය කොට පවත්වාගෙන යාමට ගෙන තිබූ තීරණයේ දිගටම රුඳී සිටියා නම් එය රටට මහත් ඵලදායී වනු ඇති බව මේ සංඛ්‍යාලේඛනවලින් හෙළිවෙයි. පෞද්ගලික කළමනාකරණයක් යටතේ පවතින ආයතනයක සේවකයන්ට සියලු‍ ප්‍රතිලාභ හිමිවන්නේ වැඩ කිරීම තුළින් පමණි. අතිරික්ත සේවකයන් නැතිවීම හේතුවෙන් ලාභ ඉපැදවීම අපහසු නොවේ. එපමණක් නොව නැගෙනහිර ජැටියේ ඉදිරි කාලය තුළදී කළ යුතු සංවර්ධන කාර්යයන් සඳහා අවශ්‍ය ඩොලර් බිලියන ගණන සොයාගැනීමටද වෘත්තීය සමිති සතුව පැහැදිලි වැඩපිළිවෙළක් ඇතැයි අපට පෙනීයන්නේ නැත. ජාත්‍යන්තර ගිවිසුමකින් තනි මතයට ඉවත්වීම, ශ්‍රී ලංකාව ආයෝජනයට අනතුරුදායක රටක් බවට පත්කර තිබීම හේතුවෙන් පාර්ශ්වකරුවකු සොයාගැනීම අතිශය දුෂ්කර වනු ඇත.

කොළඹ වරායේ දැනට ක්‍රියාත්මක පෞද්ගලික පර්යන්ත දෙක මගින් මෙහෙයවනු ලබන බහාලු‍ම් ප්‍රමාණය රජය සතු ජය බහාලු‍ම් පර්යන්තය මෙන් දෙගුණයක් බවද වරාය අධිකාරියේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. වරාය අධිකාරිය මගින් 9,000ක් වන සේවකයන් සඳහා වාර්ෂිකව ගෙවනු ලබන වැටුප රුපියල් බිලියන 20කට ආසන්නය. ඒ අනුව එක් සේවකයෙක් වසරකට මිලියන 2.2ක ආදායමක් ලබාගනී. තත්ත්වය එසේ වනවිට මුළු ලෝකයම එරෙහි වුවත් නැගෙනහිර ජැටිය රැකගන්න වරාය සේවකයන් එක්වීම ගැන පුදුම විය යුතුද? නැත.



අදහස් (6)

අසල්වැසි රටවල් අමනාපකර ගන්න එපා

විකුම් Thursday, 11 February 2021 06:52 AM

වරාය යනු එහි සේවකයන්ට සල්ලි උල්පතකි. තමාගෙන් පසු තම දරුවන්ට රැකියාව බාර දිය හැකි ආයතනයකි. එවන් තැනකට ආයෝජනයන් හෝ යාවත්කාලීන කිරීම් කිසිත් කළ නොහැක. මව්බිම වෙනුවෙන් කෙසේ වෙතත් තම දරුවන් ගේ අනාගත රැකියාව වෙනුවෙන් , ඔවුන් උස්මහත්ව පැමිණෙන තෙක් වරාය රැකගත යුතුව ඇත.

:       4       12

Raveendra Thursday, 11 February 2021 07:38 AM

පළමුව අසල්වැසි රටක් නොව කෙනෙකු තමන් සමග අමනාප වීම මනුෂයකුට එය මානසික වදයකි. එය මිලමුදල් වලින් පිරිමසා ගැනුමටද බැරිය. අප රටේ රජයේ සේවකයන් යනු "වංකකමේ ප්‍රතිමුර්තියන්ය." කතුවැකියෙහි සඳහන් කළ අදහසම අපද මීට පෙර සඳහන් කලේ මෙම ජැටිය පුද්ගලික අංශයකට නොදෙන බව තීරණය කිරීමත් සමගයි. මෙම සටනේදී ඉතාමත් ජනප්‍රිය මෙන්ම සිත් ඇදගන්නා සුළු ලෙස සියලුම වෘත්තිකයන්, වෘත්තිය සමිති, රතු චීත්තකාරයන්ද පෙරටුකොටගෙන උඩ පැන පැන කෑමොර දුන්නත් අදාල ජැටියේ සේවය කරන සේවකයන්ගේ වගකීම් යුතුකම් පිළිබඳව එකඳු දේශපාලකයෙක් හෝ වෘත්තීය සමිති නායකයෙක් හෝ එල්ලෙන්න වැලේ වැල් නැති රතු හැට්ටකාරයන් සඳහන් නොකිරීමම අප රටක් හැටියට පරාජය වීම මෙන්ම රටක් හැටියට ආපස්සට යාම පැහැදිලි ලෙස දැකීමට හැකිවීම ඉතාමත්ම කණගාටු දායකය. මේ මොහොතේත් ඒ පිළිබඳව "මුනිවත රැකීම" සියලු වෘත්තිය සමිති නායකයන්, වෘත්තිකයින් යයි කියාගන්න මෝඩ බූරුවන් සිටීම පුදුමයකි. වංක රටවැසියන් සිටින්නේ දිව්‍යලෝකයේද? එසේවුවත් වංක මිනිසුන් ඉන්න තැන දියුණුවක් නොමැති බව 8, 5 දන්නා ඕනෑම කෙනෙකුට තේරෙන පරම සත්‍යයකි.

:       3       7

Deepal Nirosh Thursday, 11 February 2021 08:04 AM

කවුරු කවුරුත් කල්පනා කරන්නේ “අපි වෙනුවෙන් රට“ කියලා පමණක් මිස “රට වෙනුවෙන් අපි“ කියලා නෙවෙයි.

:       2       7

RaveendraThursday, 11 February 2021 08:32 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.

:       2       5

lanka Thursday, 11 February 2021 11:27 AM

ඉන්දියාවෙන් අපට හොඳ දේ මෙන්ම අයහපත් දේත් ලැබුනා. උදාහරණයක් ලෙස, අපට බුදු සමය ලැබුනේ ඉන්දියාවෙන්. අනිත් අතට, දහස් ගණනක ජීවිත අහිමිවූ යුද්ධය 30 වසරක් ඇදී ගියේ ඉන්දියාවේ බලපෑමෙනි.

:       0       9

සෙනෙවිරත්න Thursday, 11 February 2021 01:11 PM

මෙතන රතු හැට්ටකාරයින්ට තිබෙන බලය කුමක්ද? ඔවුන්ට ඇත්තේ 3%කි.. ඔබ කුමන දේශපාලන මතයක් දැරුවත් රාජ්‍ය අංශ විනාශ වීමට වගකිව යුත්තෝ වසර 70ක් පාලනය කළ නිල් කොළ රජයන් නොවේද? ඔබ හිත හදා ගැනීමට රතු හැට්ටය ඇද ගනී. අනෙක සම්පත් විකුණා දැමීම⁣ට නොව පවරා ගැනීමට කියා බලයට පත්ව වැඩි කලක් නොමැත. මෙම ව්‍යවසනය යථාර්ථය සඟවා බොරු වීරකමක් මවා කළ නොහැකි දේ කළ හැකි වීරයෙක් ලෙස බලයට පත්ව කරන මේ බොරුව නොවේද?

:       4       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 9 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 10 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 156 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 302 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 361 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 95 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site