IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අපේ පොළොවේ නාය යන තැන්

 

අධික වර්ෂාවත් සමග සුළං හැමීම නිසා විශාල ගස් කඩා වැටීම, පස් කඳු නාය යාම සාමාන්‍යයෙන් සිදුවන සුලබ දසුන්ය. එහෙත් කඳුකර ප්‍රදේශවල ජීවත්වන මිනිසුන් බියට පත් වන්නේ ඒ අන් කිසිවක් නිසා නොව තම ගෙවල් දොරවල් සමග ගම් බිම් කුමන මොහොතක හෝ නාය යයි දැයි නොදන්නා බැවිනි. ඇත්තෙන් ම සෑම කඳුකර ප්‍රදේශයක්ම නාය යනවාද, එසේ නම් ඊට බලපාන හේතු සහ නාය යන දිස්ත්‍රික්ක මොනවාද යන්න ගැන දැන ගැනීම කාලීන අවශ්‍යතාවකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් මෙහි පළවේ.  


සාමාන්‍යයෙන් නාය යම යනුවෙන් හඳුන්වන්නේ පස් තට්ටුවක් එක තැනක සිට තවත් තැනකට සෝදා ගෙන යාම වන අතර ඊට බලපාන ප්‍රධාන හේතු හතරක් තිබේ. එනම් බෑවුමක් පිහිටා තිබීම, නාය යාමට තරම් ඝනකම් පස් තට්ටුවක් පිහිටා තිබීම, පස් ලිස්සා යාමට අවශ්‍ය ලිහිසුම් කාරකයක් නැතිනම් ජලය තිබීම, පස් තට්ටුව අල්ලා ගැනීමට තරම් පාෂාණය රළු නොවීම ආදියයි.  

 

පාෂාණ තට්ටුව ක්‍රම ක්‍රමයෙන් දිරා ගොස් පස් බවට පත් වී තිබෙන තැන්වල සම්බන්ධයක් දක්නට තිබේ නම් එවන් තැන් නාය යන්නේ නැත. නාය යාම සිදුවන්නේ නොකඩවා ලැබෙන වර්ෂාව නිසා පස් තට්ටුව ජලයෙන් සංතෘප්ත වී පස් තට්ටුව හා ගල අතරින් පහළට ජලය ගලා ගෙන යාමේ දී ගල උඩ ඇති පස් දිය වී මැටි වැනි දියරමය තත්ත්වයකට පත්වීමෙන් පස් තට්ටුව පහළට ලිස්සා යාමෙනි.  

 


කෙ​සේ වෙතත්, පොළොවේ පස මතුපිට සිට යටට යන විට එහි අවසානයට සෑම තැනකදීම ගල හමු වෙනවා ඇත. එය සමහර තැන්වල දී බොහෝ ගැඹුරෙන් ද තවත් සමහර තැන්වල දී උඩින් නැතිනම් පොළොව මතුපිට ට ආසන්නයෙන් අඩි කිහිපයක් ගැඹුරින් ද පිහිටා තිබිය හැකිය. ගල පොළොවේ මතු වී තිබෙන තැන් ද නැතුවාම නොවේ. ඒ ආකාරයෙන් පිහිටා තිබෙන පස් තට්ටුවේ බර වර්ෂාව සමග වැඩි වෙන විට එක්තරා අවස්ථාවක දී ලිස්සා යයි. ඊට හේතු වන්නේ පාෂාණය (ගල) මතුපිට පස් තට්ටුව අල්ලා ගැනීමට තරම් ප්‍රතිරෝධී ඝර්ෂණයක් නොතිබීමය. නැතිනම් පාෂාණය බැඳුණු පසක් නොතිබීමයි. ඒ ආකාරයේ පාෂාණය හා බැඳුණු පස් තට්ටුවක් පිහිටා තිබේ නම් පහළට රූටා යන්නේ නැත. ඒ තත්ත්වයන් නැති පස් තට්ටු රූටා යාම, නාය යාම වශයෙන් හැඳින්වේ.  

 


මේ ආකාරයෙන් නාය යන්නේ, බෑවුම් සහිත තෙත් කලාප හා කඳුකර ප්‍රදේශ පමණකි. වියළි කලාපයේ පිහිටා ඇති එවන් කඳුකර ප්‍රදේශ නාය යන්නේ නැත. ඊට හේතුව වන්නේ නාය යාමට තරම් අවශ්‍ය වර්ෂාපතනයක් එම ප්‍රදේශවලට නොලැබීමය.  


ඒ අනුව තෙත් කලාප කඳුකර ප්‍රදේශයේ පිහිටි නුවරඑළිය, මහනුවර, කෑගල්ල, බදුල්ල, මාතලේ, රත්නපුර, මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් නාය යාම සිදු වේ.  


කෙසේ වෙතත් මෙම දිස්ත්‍රික්කවල පිහිටි සෑම ප්‍රදේශයක්ම වර්ෂාවකට නාය යන්නේ නැත. ඊට හේතුව නම් පාෂාණ මත තිබෙන පස් තට්ටුව අතර තද වෙනසක් දක්නට නොමැති වීමයි. එනම් පාෂාණ තට්ටුව මත පස් තට්ටුව වෙනම පිහිටා නොතිබීමය. මේ දෙක අතර ලොකු බැදීමක් ඇත. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, පාෂාණ තට්ටුව ක්‍රම ක්‍රමයෙන් දිරා ගොස් පස් බවට පත් වී තිබෙන තැන්වල සම්බන්ධයක් දක්නට තිබේ නම් එවන් තැන් නාය යන්නේ නැත.  
නාය යාම සිදුවන්නේ නොකඩවා ලැබෙන වර්ෂාව නිසා පස් තට්ටුව ජලයෙන් සංතෘප්ත වී පස් තට්ටුව හා ගල අතරින් පහළට ජලය ගලා ගෙන යාමේ දී ගල උඩ ඇති පස් දිය වී මැටි වැනි දියරමය තත්ත්වයකට පත්වීමෙන් පස් තට්ටුව පහළට ලිස්සා යාමෙනි.  


නාය යන භූමි සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතියක් 1984 දී එක්සත් ජාතීන්ගේ ආධාර ඇතිව ආරම්භ කරන ලදි. ඒ අනුව නුවරඑළිය, මහනුවර, කෑගල්ල, බදුල්ල, මාතලේ, රත්නපුර, මාතර යන දිස්ත්‍රික්ක, දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සහ ග්‍රාම නිලධාරී ප්‍රදේශ මට්ටමින් නාය අවදානම් කලාප හඳුනා ගෙන සිතියම් ගත කර ඇත.  

 


එම වස​රේ සිට කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් දවසට මිලිමීටර් සීයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණ ප්‍රදේශ නාය ගොස් ඇති බවට සොයා ගන්නා ලදී. ඒ අනුව අවදානම් කලාප වශයෙන් හඳුනාගත් ඉහත ප්‍රදේශවලට මි.මී. සීයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල් ඇතිව දැනුම් දුන්නොත් එම ප්‍රදේශ නාය යාමේ අවදානමක් පවතින බැවින් එහි ජීවත්වන ජනතාව ඉවත් විය යුතු බවට නිවේදනයක් නිකුත් කරනු ලබයි. 

 
ඒ අනුව සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ආපදා කළමනාකරණ කාර්යාල පිහිටා ඇති අතර පොලිසිය සමග සම්බන්ධ වී ශබ්ද විකාශන යන්ත්‍ර මගින් වර්ෂාව පවතින කාලයට නාය යන ප්‍රදේශවල ජනතාව දැනුම්වත් කරනු ලැබේ. ඊට අමතරව ගුවන් විදුලිය, පුවත්පත් හා රූපවාහිනී නාලිකා මගින් ද එය විකාශනය කෙරේ.  


එසේ වුවත් පසුගිය කාලයේ නාය යාම හේතුවෙන් මිනිසුන් මිය ගිය ප්‍රදේශ ගැන අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ, රජය සහ අවශ්‍ය ආයතන, නිලධාරීන් ජනතාව දැනුම්වත් කළ ද ඔවුන් ගේ නොසැළකිලිමත්කම නිසා අනතුරු ළඟා කර ගත් බවය. මේ නිසා විශේෂයෙන්ම ඉහත සඳහන් දිස්ත්‍රික්කයන්හි කඳුකර ප්‍රදේශවල ජනතාව වර්ෂා කාලයට රජයෙන් ලබා දෙන නිවේදන කෙරෙහි සැලකිල්ලෙන් අවධානය යොමු කරන ලෙස අවධානය කෙරේ.  


බෑවුම්වල නිවෙස් සෑදී​මේදී ඉංජිනේරු සහ භූ විද්‍යාත්මක දත්ත සළකා බලා විශේෂිත වූ ආකාරයට අත්තිවාරම් දැමිය යුතුය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥයින් ගේ අවසරය ඒ සඳහා අනිවාර්ය වේ. එහෙත් වසර විස්සකට වඩා පැරණි නිවාසවල ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් ඇත්නම් හෝ තම, නිවාසයේ පාදම ගැන සැකයක් ඇති වී තිබේ නම්, අදාළ ආයතනවලට දැනුම් දී ඔවුන් ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන්න. නාය නොයන බෑවුමක නිවෙස් සාදා ජීවත් වන ජනතාවට ද මෙය අදාළ වේ.  


වර්තමානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නිවැරදිව අනාවැකි කීමට අවශ්‍ය තාක්ෂණය ලබා දී ඇත. ඒ නිසා ඔවුන් වර්ෂා කාලයට නිකුත් කරන නිවේදන ගැන අවධානය යොමු කරන්නේ නම් මිනිස් ජීවිතවලට වන හානිය අවම කර ගත හැකිය.  

 

 

 

සටහන - සිසිර කුමාර බණ්ඩාර



අදහස් (0)

අපේ පොළොවේ නාය යන තැන්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 105 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 254 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 184 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 232 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 237 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 801 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site