IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


7500 කින් ජීවත්වීමේ විවාදයට බන්දුල සමග තුන් දෙනෙක් සූදානම්

තිදෙනෙකුගෙන් යුතු පවුලකට මසකට රුපියල් 7500කින් ජීවත්විය හැකි බවට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කළ ප‍්‍රකාශය මේ වනවිට මහත් ආන්දෝලනයකට හේතුවී ඇත. එම ප‍්‍රකාශය පිළිබඳව විවාදයකට එළඹීමට දැනටමත් තිදෙනෙක් අභියෝග කර ඇත. එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී රවි කරුණානායක, ජනතා විමුක්ති පෙරමුණ කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති, නව වාමාංශික පෙරමුණේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න යන මහත්වරු මෙම අභියෝගය භාරගෙන සිටිති. අපි එම තිදෙනාගෙන්ද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගෙන්ද කරුණු විමසීමු. රුපියල් 7500කින් ජීවත්වන්නේ කොහොමද? අපි පළමුව ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසීමු.

සටහන: දයාසීලි ලියනගේ

2500කින් කාල බීල නොමැරී ජීවත්විය හැකියි

(ආර්ථික විද්‍යාව දන්න ඕනෑම කෙනෙක් මගේ කීම පිළිගන්නවා)

බන්දුල ගුණවර්ධන
අරපිරිමැස්ම පවුලකට ඉතාම වැදගත් දෙයක්. විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට පාසල් දරුවන් ප‍්‍රතිඥා දෙනවා. ප.ව. 6.30 සිට 9.30 දක්වා වොට් 60ක බල්බයක් නිවා දැමීම, එම කාලය තුළ ඇඳුම් නොමැදීම, ශීතකරණය ක‍්‍රියා විරහිත කිරීම වැනි දේ මගින් වසරකට බිලියන 20ක ඉතිරියක් ලබාගත හැකි බව විදුලිබල අමාත්‍යාංශය ප‍්‍රකාශ කර තිබෙනවා. ජීවන වියදම මනිනු ලබන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුවයි. සැබෑ වියදම එහි සඳහන් වෙනවා. පොදුවේ වියදම ඒකක 100ක් වශයෙන් ගණන් ගන්නේ නම්, ආහාර සඳහා වැයවන්නේ සියයට 41.03ක ප‍්‍රමාණයක්. විදුලිය, ගෑස්, ජලය යනාදියට වැය වන්නේ සියයට 24.3ක ප‍්‍රමාණයක්. සියයට 12.27ක් වැය වන්නේ ප‍්‍රවාහනයට. ඇඳුම් හා පාවහන් සඳහා වැයවන්නේ සියයට 3.13ක ප‍්‍රමාණයක්. ආහාරxපාන සඳහා වැයවන්නේ සියයට 41.03ක ප‍්‍රමාණයක්. ඒ අනුව රුපියල් 2500කින් කාල-බීල නොමැරී ජීවත්විය හැකියි. සිරස හා ටී.එන්.එල්. රූපවාහිනී හැර වෙනත්  ඕනෑම මාධ්‍ය ආයතනයක මේ විවාදය කිරීමට මා සූදානම්. ආර්ථික විද්‍යාව දන්න,  ඕනෑම කෙනෙක් මගේ කීම පිළිගනීවි. නොමැරී කාල-බීල ජීවත් වෙන්න රුපියල් 7500 මුදලක් හොඳටම ප‍්‍රමාණවත්.  

තුන් වේලටම පාන් භාගයක් කෑවත් 2500ක් යනවා

(ඔය ඇමැතිවරුන්ගේ වැටුප ලක්ෂයකට වැඩියි)

රවි කරුණානායක
සිරස, දෙරණ හා ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතන තුනෙන් එකකදී ඇමැති බන්දුල ගුණවර්ධන සමග විවාද කිරීමට මා සූදානම්. එම විවාදය අවස්ථාවේ පේ‍්‍රක්ෂකයන් ලෙස එම ස්ථානයට අඩු වශයෙන් දස දෙනෙකුවත් පැමිණ සිටීම වඩාත් සුදුසුයි. ඇමැති බන්දුල ගුණවර්ධන මහතාත් මමත් හිටපු වෙළෙඳ ඇමැතිවරු. රටේ ජිවන වියදම, ජනතාවගේ ආර්ථික තත්ත්වය පිළිබඳව අප දෙදෙනාටම හොඳ අවබෝධයක් තිබෙනවා. පුද්ගලයෙක් පාන් භාගයක් බැගින් වේල් තුනටම කාල ජීවත් වුණත් මාසයකට රුපියල් 2250ක් වැය වෙනවා. පාන් කෑල්ල නිකම්ම කන්න බැහැ. ඒකට හොද්දක් හෝ පොල් සම්බෝලයක්ද අවශ්‍ය වෙනවා. මීට අමතරව ජල බිල, විදුලි බිල, ඇඳුම්, ඖෂධ, ගෙවල් කුලී, පාසල් දරුවන්ට ඉගැන්වීම් යනාදියත් පවුලක ජීවිතයකට බලපානවා. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ඇතුළු ඇමැතිවරුන්ගේ වැටුප හා දීමනා රුපියල් ලක්ෂයකට වඩා වැඩියි. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා වැටුප ගන්නවද? නැද්ද කියල මා දන්නෙ නැහැ. රටේ ජනතාවට ආදර්ශයක් ලබාදීමට පෙර, දේශපාලනඥයන් ආදර්ශවත් විය යුතුයි. ඇමැතිවරයා කියන පරිදි රුපියල් 7500කින් තිදෙනෙකුට ජීවත්විය හැකිනම් ඇමැතිවරුන්ටත් ඒ ගණනින් ජීවත්වන්න පුළුවන් විය යුතුයි. රුපියල් 7500කින් පවුලක් නොමැරී ජීවත්වෙන ආකාරය මේ විවාදයේදී ඇමැතිවරයා පෙන්වා දේවි. ජනතාවට නොමැරී ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ජනතාවට අවශ්‍ය නිරෝගීව ජීවත්වීමයි. ඒ සඳහා විවාදයේදී කරුණු ඉදිරිපත් කිරීමට මා සූදානම්.    

භාවනානුයෝගීව ජීවත්වනවා නම් මේ මුදල වැඩිත් එක්ක

(මේ හදන්නේ ජනතා මුදල් කොල්ලකෑමටයි)

වික‍්‍රමබාහු කරුණාරත්න
තිදෙනකුගෙන් යුතු පවුලකට මසකට රුපියල් 7500 කින් ජීවත්විය හැකි බවට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කරන ලද ප‍්‍රකාශය පිළිබඳව විවාද කිරීමට මා සූදානම්. ඒ සඳහා දැන් ඇමැතිවරයාගේ ප‍්‍රතිචාරය ලැබෙනතුරු මා බලාපොරොත්තුව ඉන්නවා. ජනතාව භාවනානුයෝගීව ජීවත්වනවා නම් ඇමැතිවරයා ඉදිරිපත් කරනු ලබන තර්කය නිවැරදි විය හැකියි. තමන් අසලට වැටෙන කොළ, ගෙඩි පමණක් කාල පමණක් ජීවත් වෙනවා නම් ඇමතිවරයා ප‍්‍රකාශ කරන මුදලත් වැඩියි. නමුත් මේ රටේ ජනතාව සියලූදෙනාම භාවනානුයෝගීව ජීවත්වන අය නොවෙයි. පවුලක් සමග ජීවත්වෙන පුද්ගලයකුට සමාජය සමගත් ජීවත්වීමට සිදුවෙනවා. ඒ සඳහා ඇමැතිවරයා ඉදිරිපත් කරන මුදල කොහෙත්ම ප‍්‍රමාණවත් නැහැ. නමුත් ඇමැතිවරයා මේ උත්සාහ දරන්නේ වක‍්‍රව ජනතාවගේ මුදල් කොල්ලකෑමටයි. මේ රජය ලබාගෙන ඇති ජාත්‍යන්තර ණය දැන් වහාම පියවන ලෙස ඒ රටවල් බල කරනවා. ඒ නිසා මේ උත්සාහ කරන්නේ, ජනතාවගේ මුදල් වැය කිරීම අඩු කර ගැනීමටයි. මට ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් නම් නැහැ. ඒත් මා ආර්ථික විද්‍යාව පිළිබඳව පොත පත හදාරා තියෙනවා. ඉංජිනේරු ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබල තිබෙනවා. මොනවා නැතත්, රටේ දුප්පත් ජනතාව ජීවත් වෙන අසීරුව පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මේ විවාදයට මා සූදානම්.  

7500 කින් ජීවත් වන ක‍්‍රමය පැහැදිලි කරලා නෑ

(මා සූදානම් බවට ලිපියකුත් යැව්වා)

සුනිල් හඳුන්නෙත්ති
තිදෙනෙකුගෙන් යුතු පවුලකට මාසයකට රුපියල් 7500ක මුදලකින් ජීවත්වීමට හැකි බවට බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පළමුවෙන් කරුණු පැහැදිලි කළයුතු වෙනවා. ඒ සඳහා විවාදයට සූදානම් බව මා ඔහුට ලිඛිතව දැනුම් දුන්නා. ඒ සඳහා සුදුසු මාධ්‍ය ආයතනයක් තෝරා ගැනීම, නිවේදකවරයකු තෝරාගැනීම, කාලය වෙන් කිරීම ආදී කරුණු පිළිබඳව එකඟතාවක් ප‍්‍රථමයෙන් ලබා ගතයුතු වෙනවා. මා යැවූ ලිපියේ මේ කරුණු පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා. ඒ සියලූ එකඟතාවලින් පසු විවාදය පැවැත්විය හැකියි.  ඕනෑම අවස්ථාවක මා ඒ සඳහා සූදානම්. පළමුව රුපියල් 7500කින් තිදෙනෙකුගෙන් යුතු පවුලකට ජීවත්විය හැකියි” යන්න පිළිබඳව ඇමැතිවරයා පළමුව කරුණු පැහැදිලි කළයුතු වෙනවා. එය ඔප්පු කර පෙන්විය යුතු වෙනවා. එම කරුණු මත මගේ පැහැදිලි කිරීම සිදු කෙරෙනවා ඇති. රුපියල් 7500 කින් ජීවත්වෙන ආකාරය පිළිබඳව ඇමැතිවරයා මෙතෙක් කරුණු පැහැදිලි කර දී නැහැ. ඔහු ප‍්‍රකාශ කරන්නේ ජීවත්විය හැකි බවයි. මේ විවාදයේදී 7500 කින් නොමැරී ජීවත්වන ආකාරය ඔහු පැහැදිලි කරාවි.



අදහස් (0)

7500 කින් ජීවත්වීමේ විවාදයට බන්දුල සමග තුන් දෙනෙක් සූදානම්

ගාමිණී Sunday, 01 April 2012 01:26 PM

හිගා කෑවොතින් 7500 ඉතිරිකරගන්නත් පුළුවන්

:       0       0

සපුමල් Sunday, 01 April 2012 01:30 PM

බන්දුල ඇමතිතුමා අපේ ඉකොන් ක්ලාස් එකේ ගෞරවයත් නැති කරනවා.

:       0       0

අනිල් Friday, 06 April 2012 11:31 AM

මොළේ නැත්නම් පාඩුවේ ඉන්නෝනේ. මාධ්‍යයකට ඔයවගේ මෝඩ කතා කියයි කියලා අපි හිතුවේ නැහැ.

:       0       0

නිශාන්ත. Sunday, 01 April 2012 02:39 PM

ඉකෝන් වල තියරි සහ ප්‍රැක්ටිකල් කියලා දෙයක් තියෙන බව ඕන හරකෙක් දන්නවා. ඒත් මේ බන්දුල දන්නෙ නැහැනේ.

:       0       0

දලු බණ්ඩා Sunday, 01 April 2012 02:51 PM

7500 කින් හිගන ජීවිතයක් ගතකරන්න පුළුවන්. බන්දුල හදන්නේ අපි ඔක්කොම හිගන්නෝ කරන්න. මම බන්දුල ගුරුතුමාගේ ගෝලයෙක්. ඒත් මන් එයාගේ තර්කෙට එකගවෙන්නේ නැහැ.

:       0       0

හුසේන් Sunday, 01 April 2012 03:19 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කිව්වා වගේ හොදම දේ තමයි බන්දුල ඇමතිතුමා රුපියල් 7500 කින් ජීවත් වෙලා පෙන්වීම

:       0       0

රාජා ගුණවර්ධන Sunday, 01 April 2012 04:13 PM

ආසියාවේ ආශ්චර්යය මාර්ගයේ අපේ රට ඉන්නවා. බන්දුල කියන විදියට ඉලක්කයකට ගියොත්නම් සති කිහිපයකින් ආශ්චර්යයක් වෙන්න පුළුවන්.

:       0       0

ජෝර්ජ් ප්‍රනාන්දු Friday, 06 April 2012 01:36 PM

මෙයා තමයි අරකට ගහනව කියල මේකට ගහනව කීවෙ අපේ හමුදා කොටිකල්ලි මැඩගෙන අවසන් සටනේ නියෙලෙද්දි. සරත් ෆොන්සේකා මරිය හමුදාවට වත් සුදුසු නෑ කිවෙ.දැන් කියනව ෆොන්සේකා හා රණවිරුවන්ට පින්සිදුවන්නට යුද්ධය දිනුවා කියල අනේ රවී ඔය කතා කරන්නේ කටින්ද? අපේ රටට සෙත සැලසෙන්නේ යූ.න්.පි යෙන් කියන එකද​? මොකද අපි මැරිල ඉපදුන උන්ද? උඹල එක වල්ලෙ පොල්. ඇමති කමක් දෙනව කීවා නම් අර ආර්ථික විද්‍යා ගෙම්බ වගේ රුපියල් 7.500 කින් තුන් දෙනෙකුට මසයක් කාල බීල ඉන්ඩ කීව වගෙ (වරදක් කරල හිරේ ගියානම් කියක් වත් ඕනෙ නෑ) ප‍්‍රජාතන්ත‍්‍රවාදය යහපාලනය, මාධ්‍ය නිදහස වැළලීම, සුදු වෑන්වලින් පැහැර ගැනීම ඝාතන හා මානව හිමිකම් ප‍්‍රශ්න මේව මෙහෙ වෙන්නෙ නෑ ඒව්ව ඵනංගලන්තෙ කියයි.

:       0       0

ලක්ෂිත Sunday, 01 April 2012 04:22 PM

ඇමතිතුමා. ඔලුවට ගාල තින තෙල් වැඩිවෙලා මොලෙ වෙන තැනකට බැහැලා

:       0       0

ප්‍රියන්ත විජේරත්න Sunday, 01 April 2012 04:39 PM

බන්දුල සර් හොයි. ඔබේ නම නොබෙල් ත්‍යාගයක් වෙනුවෙන් ඉදිරිපත් කළ හැකිවේවි.

:       0       0

දීපිකා Sunday, 01 April 2012 04:53 PM

මම ගුරු සහායිකාවක්. අපට දෙන්නේ රු 3000 යි. බන්දුලට සතුටු ඇති නේද ?

:       0       0

අශෝක Friday, 06 April 2012 11:49 PM

ඔය කියන හැමදෙයක්ම බන්දුල මහත්මයා කරනවද ? ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට

:       0       0

ඇස්TRU Tuesday, 03 April 2012 08:33 AM

මම හිතනවා බන්දුල ඇමතිතුමා හරි අපිවවමු රටනගමු මම අනුරාධපුරේ අපිට කුඹුරු තියනවා මට මාසෙකට 7500 යත් වැඩියි

:       0       0

රූපිකා Sunday, 01 April 2012 01:07 PM

කටේ ලොකු.7500 එක කටට මදිනේ. මාසයක් ලෙවකන්න වෙන්නේ. බලපියව් නැට්ට කපලා නැද්ද කියලා. ගොන් තඩියා.

:       0       0

ඩී. ද මෑන් Sunday, 01 April 2012 01:10 PM

අනේ බන්දුල.... පොර ටෝක් දුන්නනම් විවාදෙටය යන්න.

:       0       0

uditha Friday, 06 April 2012 10:27 AM

බන්දුලගේ අම්මට රුපියල් 7500 මදි වෙන්න ඇති පුතාට පුන්නක්කු අරන් දෙන්න... නොමැරී ඉන්න කියල දෙන්න මොකටද ආර්ථික විද්‍යා උපාධියක් තියන මිනිහෙක් උපදෙස් දෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 245 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 213 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 58 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 301 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site