IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අපේ තාත්තා

වයඹ විශ්වවිද්‍යාලයේ ආරම්භක ලේඛකාධිකාරි සහ කුලියාපිටිය KARIES GROUP හි හිමිකරු අභාවප්‍රාප්ත ජී.ඩබ්ලිව්. කාරියවසම් මහතාගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණ නිමිත්තෙන් පළවන ලිපියකි.

ආදරණීය පියාණෙනි,

ඔබ අපෙන් සමුගෙන අදට තෙමසක් ගත වී ඇත. ඔබගේ නික්ම යාම අප හදවත් තුළ ඇති කළේ අතිශය කම්පනයක් මෙන් දරා ගත නොහැකි තරම් වේදනාවකි. තවමත් එම වේදනාව බිඳකින්වත් අඩු වී නොමැත. එහෙත්, සදා නොවෙනස් සෙනෙහසක් ලබා දුන් සදාදරණීය ඔබ වෙනුවෙන්, ඔබේ මතකයන් මෙලෙසින් ආවර්ජනය කර ඉතා කෙටියෙන් සටහන් කර තබනට අපි අදහස් කරමු.

දරුවන් ලෙස මේ සමාජය තුළ අප උස් මහත් වී හැදී වැඩෙන විට, ඔබ වැනි සුවිශේෂී පුද්ගලයකු අපගේ පියා වීම අප මේ ජීවිතයේ ලද උතුම්ම සහ වටිනාම ත්‍යාගය බව අපි තරයේම විශ්වාස කරනෙමු. දිවියේ සෙවණැල්ල සේ ඔබ නොසිටින්නට අද අප කිසිවකු මේ  සිටින තැන සිටිනවාද යන්නත් සිතිය නොහැකි තරම්ය. ඔබ අපගේ පවුලේ කොඳුනාරටිය සේම එහි හදවතද විය. අපගේ ළමා කාලය පුරාවටත්, ඉන් ඔබ්බට ගොස් අප අපගේ සිහින සැබෑ කරගන්නා තුරුත් ඔබ අප සැමට නිවැරදි මඟ පෙන් වූවේය. ඔබ අප වෙනුවෙන් කොතරම් දේ ඉටු කළා ද යන්නත්, අපගේ ජීවිත නිවැරදි මඟට ගනු වස් කොතරම් දැඩිව ඔබගේ ක්‍රියාවෙන් අප හට ධනාත්මක ලෙස බලපෑම් කළා ද යන්නත් හරිහැටි විස්තර කිරීමට අපට වදන් නොමැත.

ඔබගේ දරුවන් ලෙස අපට පාසල තුළත්, සරසවි අධ්‍යාපනය තුළත් එකසේ දස්කම් පෑමට ඔබේ ආදරය අපට සැබවින්ම සවියක් විය. අධ්‍යාපනය කේන්ද්‍ර කර ගත් පවුල් පසුබිමක් අපට සකසා දුන් ඔබ, අධ්‍යාපනයේදී ශාස්ත්‍රීය වශයෙන් අප අත්පත් කරගන්නා ජයග්‍රහණවලට වඩා ඉගැනීම’ යනු අප ජීවිතයේම කොටසක් බව ඔබ අපහට ඒත්තු ගැන්වීය. අපට මේ දිවිය තුළ කිසිදා සාක්ෂාත් කරගත නොහැකි යැයි අප සිතූ දේවල් පවා හිමිකර ගැනීම සඳහා උත්සාහ කර බැලීමට ඔබ අප දිරිමත් කළේය. අප ඉන් අත්කරගත් ජයග්‍රහණ ගැන ඇසීමේදීත්, ඒවා පිළිබඳව කතාබහ කිරීමේදීත් ඔබ තරම් ආඩම්බර වූ හෝ සතුටු වූ කිසිවකු මිහිපිට සිටී දැයි අපි නොදනිමු. එනිසා, නිතැතින්ම, අප විසින් ලබා ගන්නා ජයග්‍රහණ පිළිබඳ අප මුලින්ම පවසන්නේ ද ඔබ සමඟයි. එය තවදුරටත් එසේම සිදු කරන බවට අපි ඔබට පොරොන්දු වෙමු.

විටෙක ඔබ අපට ඉතා මෘදු වූ අතර විටෙක ඉතා දැඩි විය. ඔබගේ මේ චරිත ස්වභාවය තුළින් ලද පන්නරයෙන් අද අප සියලු‍ දෙනාම මෙලෙස ස්වාධීන, ශක්තිමත් සහ විශ්වාසවන්ත පුද්ගලයන් බවට බලගන්වා ඇත. අප බලාපොරොත්තු වන දේවල් ළඟා කර ගැනීමට නම් අප ඒවා පසුපස හඹා යා යුතු බවත් කිසි විටෙකත් තම අරමුණු අතරමඟදී අත් නොහල යුතු බවත් ඔබ අපට ඉගැන්වූවේය. එසේම තමන් විශ්වාස කළ දේ වෙනුවෙන් පෙනී සිටීමට දැඩි ලෙස අප පෙලඹවූයේ ද ඔබය. ඔබ සතු වූ මෙවැනි ගුණාංග සදාකාලිකවම අප සමඟ රැඳෙනු ඇත. අද අප සතු මේ හැම දේම මේ අයුරින් ගොඩනඟා ගැනීමටත්, සාර්ථක කර ගැනීමටත්  අපට හැකියාව ලැබුණේ ඔබත් අපගේ මෑණියන්ගේත් සුසංයෝගයෙන් අපට දුන් සවිය නිසාවෙනි.

අප කවුරුත් දන්නා පරිදි ඔබ ඇසුරු කළ පුද්ගලයන් සමග ඉතා හිතවත්ව කටයුතු කළේය. සැමවිටම සමාජයේ සහ ඇසුරු කළ මිතුරන්ගෙන් ඉහළ ගෞරවයට පාත්‍ර වන ලෙස ඔබ ජීවත් වූ සැටි අද අප මෙනෙහි කරන්නේ සාඩම්බරයෙනි. ඔබ වයඹ විශ්වවිද්‍යාලයේ දූරදර්ශී පුරෝගාමියකු ලෙස ක්‍රියා කළ අයෙකි, ඉතා දක්ෂ විශ්වවිද්‍යාල පරිපාලකයෙකි, කුලියාපිටිය ප්‍රදේශයේ කීර්තිමත් ව්‍යාපාරිකයෙකි, එලෙසම ඔබ විවිධ සමාජ සංවිධානවල සාමාජිකයෙකි. ඔබ සතුව පැවති ශ්‍රේෂ්ඨ ආකල්ප පිළිබඳ ඔබ සමඟ වැඩ කළ විවිධ තරාතිරම්වල අය සාක්ෂි දරනු ඇත. 

බුදු දහම කෙරෙහි පැවති ඇල්ම සහ ඒ තුළින් සුපෝෂිත මනුෂ්‍යත්වය මෙන්ම ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා පැවැති දායකත්වය යනාදිය ඔබේ චරිතයෙහි ප්‍රධානතම අංග විය. සැදැහැවත් බොදුනුවකු වූ ඔබ සංඝයා වහන්සේ වෙනුවෙන් ඉටු කර ඇති යුතුකම් සැමදාටම නොමැකී පවතිනු ඇති. පවතින වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද ඔබගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ බොහෝ පිරිස අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා විශාල නමක් වැඩ සිටීම තුළ ඔවුන් කෙරෙහි ඔබ දක්වන ලද කැපවීම මනාව පිළිබිඹු කෙරුණි.

විවිධ අපහසුතා ඇති පුද්ගලයන්ට නොයෙක් ආකාරයෙන් ඔබ උදව් උපකාර කළ අතර අධ්‍යාපන කටයුතුවල යෙදෙන එහෙත් ඒ සඳහා අඩුපාඩු පැවැති සිසුන්ට ද ශිෂ්‍යත්ව ලබා දුන්නේය. ඔබගේ මෙවැනි ක්‍රියාවන්ගෙන් අප ලද ආභාෂය තුළින් ඔබ විසින් ඉටු කළ මෙම සමාජ සත්කාර ඉදිරියටම රැගෙන යාමට අපි ඔබට පොරොන්දු වෙමු.

ආදරණිය පියාණෙනි, කිසිදාක ඔබ අපට නොකීවත්, ඔබේ ආදරණිය දරුවන් හයදෙනා වන අප සැම පිළිබඳව සහ අප මේ දක්වා අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව මෙන්ම අපි හැදී වැඩුණු ආකාරය පිළිබඳව ද ඔබ කොතරම් ආඩම්බර වූවාද යන්න අපි හොඳින්ම හඳුනමු. 

දෙමාපියන් ලෙස සදාකාලිකව ආඩම්බරවිය හැකි ලෙසට ඔබ මේ සමාජයට, මානව සම්පත් කළමනාකාරවරියක,  ඉංජිනේරුවරයෙකු, පුස්තකාලයාධිපතිවරියක, නීතිය පිළිබඳ මහාචාර්යවරියකු, අධ්‍යාපන අමාත්‍යවරයෙකු (නීතිඥ), සහ නීතිඥවරයෙකු මේ ලොවට දායාද කර ඇත. ඔබගේ ආදරණිය බිරිඳ, අපගේ ආදරණිය මෑණියන්ට ද ඔබ දැක්වූයේ විශාල ගෞරවයක් සහ ආදරයක්. සැට වසක් ඔබ ඔබේ ආදරණීය බිරිඳ සමඟ ගත කළ සාර්ථක විවාහ ජීවිතය තුළින් අප ඉගෙන ගත් පාඩම් අනන්තයි. ඔබ සමගින් එවැනි වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කිරීමට ලැබීම අප මෑණියන් ලද වාසනාවක් බව අපි තරයේම විශ්වාස කරනෙමු.

එසේම ඔබ සිය පවුලට පිටතින් එක්වූ දූවරුන්ට හා පුතුන්ටද ඔබේම දරුවන්ට මෙන් ගෞරව කළේය. ඔබේ මුණුබුරන් මිණිබිරියන් කෙරෙහි ඔබ දැක්වූ ආදරය සහ කරුණාව ඔවුන්ගේ හදවත්වලින් කිසිදා මැකී නොයනු ඇත. ඔබ ඔවුන් සියල්ලන්ටම හරි අපූරු ”‍සීයා”‍කෙනෙකු විය. ඔබ අද නික්ම ගොස් ඇතත් තවමත් ඔවුන් ඔබව සොයනු අපට ඇසේ, දැනේ. ඔබගේ සමහර කුඩා මුණුපුර මිණිපිරියන්ට ඔබ යළි නොඑන්නටම ගිය බව තේරුම් ගැනීමට තව බොහෝ කාලයක් ගත වේවි.

පියාණෙනි, අප කුඩා කල සිටම අපගේ විශිෂ්ටතම ආදර්ශයත්, ශ්‍රේෂ්ඨතම චරිතයත් වූයේ ඔබය, ඉදිරියටත් එය එසේමය, මේ ලෝකය ජීවත්වීම සඳහා වඩාත් යහපත් තැනක් කරලනු වස් ක්‍රියා කළ හැකි පුද්ගලයන් ලෙස, අපගේ ආදරණීය මෑණියන් ද සමඟින් එක්ව, අපට මාර්ගය පෙන්වා දුන් පියාණෙනි, ඔබට අපේ හද පතුලෙන් බොහොමත්ම

ස්තුතියි!

ඔබට අමා මහ නිවන් සුව අත්වේවා!

මේ සටහන ඔබේ ආදරණීය දූ දරුවන් වන,
ප්‍රියන්තා, සම්පත්, විශාකා, කාංචනා, අකිල සහ අමිල ගෙනි



අදහස් (1)

අපේ තාත්තා

R Jayasekera Sunday, 21 November 2021 08:03 AM

ඔහුගේ ඉහළම සුදුසුකම සාමාන්‍ය පෙළ විභාගයෙන් උත්සාහයන් පහකදී විෂයන් පහක් පමණක් සමත් වූ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ එකම ලේඛකාධිකාරීවරයා. . 1967 හෝ 1968 දී ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද කොමිෂන් සභා වාර්තාවක මේ බව සඳහන් කර ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 269 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 405 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site