IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වසර 1796 ක් වයසැති නාගරාජ් යොගීතුමා

 


 

ඍෂිකේශියේ සිටි කාලවල විශේෂ යෝගියෙකු පිළිබඳ වරින් වර අසන්නට ලැබිණි. මුලදී මගේ අවධානය එතරම් දුරකට ඒ වෙත යොමු නොවුණි. එහෙත් ඒ යෝගියා පොදුවේ සියලූ ආචාර්යවරුන්ගේ ගෞරවයට පාත‍්‍ර වූ යෝගියෙකු ලෙස වැටහුණ නිසාත්, මට අසන්නට ලැබුණ වෙනත් කථාවනුත් නිසාවෙන් මේ යෝගියා පිළිබඳ මගේ කුතුහලය වැඩිවිය. මේ අතර සිදුවූ එක් සිදුවීමක් නිසාවෙන් මේ යෝගියා පිළිබඳව අවබෝධයක් ලබාගන්නට හැකි වූ අතර ගැටලූ කීපයකට මුහුණ දෙන්නට ද ඍෂිකේශියෙන් ඉක්මනින් පිටව යන්නට සිදුවිය.

මේ විශේෂ යෝගියා ”නාගරාජ් බාබාජී” ය. මෙහිදී මා දැන හඳුනාගත් යෝගීන්ගෙන් එතුමා පිළිබඳ තොරතුරු විමසමින් සිටියෙමි. ඍෂිකේශිය වැනි තැන්වල තිබෙන ලොකුම ගැටලූව කිසියම් තොරතුරක් පැහැදිලිව ලබාගැනීමට තිබෙන අපහසුවයි. විටක එකම කාරණය පිළිබඳව විවිධාකාර තොරතුරු තිබේ. විවිධාකාර දේ පිළිබඳව එකම අදහස් ප‍්‍රකාශ වේ. එමෙන්ම උත්තර නොදීම, පැහැදිලි කරන්නට අකමැති වීම, වැනි දෑද ගැටලූය. ධර්මශාලාවේ හා වෙනත් හිමාලීය පන්සල්වලද ඒ ලක්‍ෂණය තිබිණි. වරෙක නාගරාජ්තුමන් අතීතයේ සිටි කෙනෙකු ලෙස කථාකරන අතර තවත් පිරිසක් එතුමන් ගැන කථාකරන්නේ තවම ජීවත්ව සිටින කෙනෙකු ලෙසයි. මෙයද මට හරි හැටි පැහැදිලි නොවූවකි.

මා නාගරාජ්තුමන් පිළිබඳ තොරතුරු සාකච්ඡුා කරමින් සිටි අවස්ථාවක මා මිත‍්‍ර යෝගීතුමන් මට චිත‍්‍රයක් පෙන්වන ලදී. එය තරුණ පෙනුමක් ඇති යෝගියකුගේ ජීවමාන රූපකාය දක්වන චිත‍්‍රයකි. ඔහු එය නාගරාජ්තුමන් ලෙස හැඳින්විය. එම රූපය දෙස බලාසිටිද්දී මගේ සිහියට ආවේ උදේ ගංගා ඉවුරේදී මේ යෝගියා මා දුටුවා නේද යන්නයි. මෙහි බැ?රුම්කම් හා වට පිටාව පිළිබඳ අවබෝධයක් නොතිබූ මම උදෑසන ගංඉවුරේදී මෙතුමන් දුටු බව පැවැසීමි. එකල්හි මගේ මිත‍්‍රයා පුදුමයෙන් මා දෙස බලා ඇත්තටම ඔබ එතුමා දුටුවාදැයි ඇසීය. ඔව් මේ වගේ කෙනෙක් දුටුවා යයි පැවසීමි. එතුමා මොනවා කරනවා ද දුටුවේ යයි යළි ඔහු විමසීය. ස්නානය කර දියෙන් ගොඩ එනු මම දුටිමි යි පැවසීමි. ඔහු තව තවත් කරුණු හාරා අවුස්සන්නට විය. ඔහුගේ කුතුහලය දැඩිය. මම එය වැදගත් කොට නොසැලකීමි. එහෙත් මේ විශේෂත්වයට හේතුව දැනගැනීමේ උවමනාව මා වෙත විය. ඒ නිසාම මම ඔහුගෙන් ඇයි මෙතරම් විශේෂයක් යයි විමසීමි. එවිට ඔහු ”ඇයි? විශේෂයක් නැත්තේයි විමසීමි. එතුමන් ලේසියෙන් කෙනෙකුට දර්ශනය වෙන්නේ නෑ. ඒක දුර්ලභ කාරණයක්.” මම නැවතත් විමසීමි ”ඔබ කිව්වා මේ ඔබේ ගුරුවරයා කියලා. එතුමන් ජීවත්වන බවත් කිව්වා. ඒ මේ ප‍්‍රදේශයේ බවත් කිව්වා. ඉතිං හදිස්සියේ ගංඉවුරේදී එතුමන් දකින්නට ලැබීමේ තිබෙන විශේෂ කුමක්ද?”

එහෙත් ඔහු සිටියේ අනවශ්‍ය තරම් කලබලයෙකිනි. ඔහු මදක් දුරින් සිටිකෙනකුට ද අඩගැසීය. ඔහුද ද විශ්මය දනවමින් කථා කළේය. ඒ අනුව මෙය ලේසි කාරණයක් නොවන බව මට පැහැදිලි වන්නට විය. මා ඉදිරියේ ඉතිරි වූයේ ප‍්‍රශ්න වැලකි. ඒ චිත‍්‍රයේ දැක්වෙන ආකාරයේ කෙනෙකු මා දුටු බව පැහැදිලිය. ඒ ඇස් හා මුහුණ මට හොඳාකාරවම මතකය. මට එය තවමත් පැහැදිලිය. ඒත් මා දුටුවේ ඔවුන් අදහස් කරන කෙනාද, නගරයේ තරුණ තරුණියන් ජනප‍්‍රිය පුද්ගලයන් අනුකරණය කිරීම විලාසිතාවක් වනවා සේම ආධ්‍යාත්මික ක්‍ෂේත‍්‍රයේද ජනප‍්‍රිය පුද්ගලයින්, ගුරුවරුන් අනුකරණය කිරීම විලාසිතාවකි. ජේසුස් වහන්සේ මෙන් කොණ්ඩය සහ රැුවුල වවාගෙන ඇඳුම් ඇඳගත් කී දෙනෙක් මට ම මුණගැසී ඇත. අරියධම්ම හාමුදුරුවෝ අනුකරණය කරන තරුණ භික්‍ෂූන් කී දෙනෙක් ලංකාවේ සමාජයේ ඉන්නවාද? ඉදින් ජනප‍්‍රිය සහ පූජනීය යෝගිවරයෙකුගේ ස්වරූපයට වෙස් ගත් නවක යෝගියෙකු සිටිය නොහැකිද? මා උදේ දුටුවේ එවැන්නෙකු නොවිය හැකිද?

මගේ විග‍්‍රහයට ඔවුන් එකඟ නැත. ඔවුන් තරයේ කියා සිටියේ මෙවැනි ස්වරූපයේ වෙනත් කිසිවෙකු ඍෂිකේශියේ නොමැති බවයි. එසේ සිටී නම් ඔහු ඔවුනටද මුණගැසිය යුතුය. (එය ද සත්‍යයකි) එපමණක් නොව ඔවුන් දැන සිටිය යුතුය. මා උදේ මෙවන් කෙනෙකු දුටුවේ නම් ඒ වෙන කිසිවෙකු නොව ඒ නාගරාජ් තුමාම බව ඔවුන්ගේ අදහස විය. පැය කීපයක් ඇතුළත මෙය තුඩින් තුඩ පැතිර යන කථාවක් බවට පත්විය.

බොහෝ දෙනා මේ සිද්ධිය මගෙන් විමසන්නට විය. මා ලංකාවේ බෞද්ධ භික්‍ෂුවක බව දැනගත් විට ඔවුන්ගේ උනන්දුව තවත් වැඩිවිය. මෙහිදී එක හොඳක් සිදුවිය. ඒ නාගරාජ්තුමන් පිළිබඳව වැඩි වැඩියෙන් තොරතුරු දැනගත හැකි වීමයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස නාගරාජ්තුමා හා ලංකාව අතර සබඳියාව ද මට දැනගත හැකිවිය. ඒ අනුව ඍෂිකේශියේ චින්තනයට ලංකාව දායක වූ ආකාරය ද පැහැදිලි විය. ඒ ලාංකික දායකත්වය තේරුම් ගැනීමටත් ආධ්‍යාත්මික චින්තනයක ඉතිහාසය තේරුම් ගැනීමටත් ඒ වෘත්තාන්තය මෙහි සටහන් කළ යුතුවේ.

 




උත්තර භාරතීය සංස්කෘතිය ගංගා නදී දෑලවරේ ගොඩනැගුනා සේම දක්‍ෂිණ භාරතීය සංස්කෘතිය ගොඩනැගුණේ කාවේරි නදී දෑලවරේය. වර්තමානයේ ”පරංගිපෙට්ටි” නමින් හැඳින්වෙන ජනපදය අතීතයේ සිටම කාවේරි ඉවුරේ වූ ප‍්‍රකට වාණිජ නගරයක් විය. එහි ප‍්‍රධාන කෝවිලේ පුජකතුමන්ගේ පුතණුවන් ලෙස ක‍්‍රි.ව. 203 නොවැම්බර් 30 වන දින උපත ලද කුමරුවා දෙමාපියන් විසින් ”නාගරාජ්” යන නාමයෙන් හඳුන්වන ලද්දේය. මේ දරුවා වයස අවුරුදු පහේදී කෝවිල් දොරටුව අභියස දී පර්සියන් ජාතිකයකු විසින් පැහැරගන්නාලදුව වහලකු ලෙස කල්කටාවේදී විකුණන ලදී.

ළදරුවා මිලදී ගන්නා ලද්දේ බ‍්‍රාහ්මණයකු විසිනි. ඔහු නාගරාජ් වහලකු ලෙස නොසැලකු අතර සිය දරුවකු ලෙස හදාගන්නා ලද්දේය. ඔහුට නිදහසේ හැසිරීමට ද ඉඩකඩ ලැබිණි. කාලයකට පසු ඔහු සන්‍යාසි කණ්ඩායමක් සමඟ එකතුවිය. පැරණි භාරතයේ සන්‍යාසීන් ලෙස හැඳින්වූයේ පූර්ණකාලීන පැවිද්දන්ටය. වෛදික, ජෛන, සේම බෞද්ධ පැවිද්දන් ද සන්‍යාසීන් ලෙස හැඳින්විය. ඔවුහු සංචාරක ජීවිතයක් ගත කළ පිරිසක්ය. ඒ නිසාවෙන් නාගරාජ්ට තැනින් තැන සංචාරය කරන්නටද ආගම දහම ඉගෙනීමටද අවස්ථාව සැලසිණි. එහෙත් ඔහු කුමන සම්ප‍්‍රදායකට අයත් ආගම දහසක් උගත්තේද යන්න පැහැදිලි නැත. වර්තමානයේ සාමාන්‍ය පිළීගැනීම වේදය ආශ්‍රීත දහමක් උගත් බවයි. මේ සංචාරක ජීවිතයේ ඵලයක් ලෙස ඔහු බරණැසට පැමිණියේය.

එහිදී මුණගැසුන තවත් සංචාරක කණ්ඩායමක් සමඟ පසුකලෙක ලංකාවේ උතුරු වෙරළට පැමිණීයේය. දීර්ඝවූ සංචාරකයින් පසුව ඔහු ”කතරගම” වෙත ගියේය. එහිදී ඔහු බෝගර්නාථ නැමති යෝගියෙකු ඇසුරේ භාවනා පුහුණුව ලබා තිබේ. ”නාගරාජ්” භාරතයේදී ඇසුරු කළ සන්‍යාසීන් කව්ද සහ ලංකාවේ සිටි ”බෝගර්නාථ” යනු කවුරුන්ද යන්න විමසිය යුතුව තිබේ. නාගරාජ්තුමාට කර්තෘත්වය පැවරෙන ”බෝගර් යෝග” නම් කෘතියේ තොරතුරු අනුව බෝගර්නාථතුමා ”චීන” ජාතිකයෙකි. මෙම නමේ අරුත අනුව ”නාග” හෝ ”මකර” යන අදහස එයයි. මේ තොරතුරු අනුව ඉතාම වැදගත් කාරණයක් පැහැදිලිවෙයි. මේ වන විට, එනම් ක‍්‍රි.ව. තෙවන සියවස වනවිට චීන ජාතික භාවනානුයෝගීයකු ලංකාවේ විසූ බවයි. ඔහු ආචාර්ය වරයෙක්ද වීය. එය විය නොහැක්කක් හෝ පුදුමයට කරුණක් නොවේ. මෙම යුගයේ චීන ලංකා සබැඳියාවන් ඓතිහාසිකව ද පුරාවිද්‍යාත්මකව ද තහවුරුව තිබේ. මෙය ලාංකීය භික්‍ෂූන් පමණක් නොව භික්‍ෂුණීන්ද චීනයේ බුදුදහම උගන්වමින් සිටි යුගයයි. බෝගර්නාථතුමාගෙන් නාගරාජ්තුමා ඉගෙනගත් භාවනා ක‍්‍රම ලෙස සඳහන් වන්නේ සාධනා, ධ්‍යාන කිරිය හා තපසයි.

”සධානා” යන්න ”සත්” යන්න මුල්කරගෙන බිහිවූ ශබ්දයක් නිසා එය ”සති” යන්නට සමීප කමක් දක්වයි. නාගරාජ් පරපුරේ වර්තමානිකයින් සාධනා යන්න විස්තර කරන ආකාරය තුළද සතිපට්ඨාන සම්ප‍්‍රදායේ ලක්‍ෂණ දැකිය හැකිය. ”ධ්‍යාන කිරිය” යන්න ”කර්මස්ථාන” යන්නට සමාන වුවකි. එමෙන්ම සතර ඉරියාපථ පිළිබඳව කියවෙන ”කිරිය යෝග” නැතිනම් ”කර්ම යෝග” ද ඔවුන් අතර දකින්නට ලැබේ. ”තපස” පිළිබඳ කරන විග‍්‍රහය තුළ දකින්නට ලැබෙන්නේ පැවිදි ජීවිතයේ ලක්‍ෂණයයි. මේ හැම තැනකම දක්නට ලැබෙන්නේ බෞද්ධ ලක්‍ෂණයි. මෙහිදී සලකා බැලිය යුතු තවත් කාරණයක් වන්නේ ක‍්‍රි.ව. දෙවන සියවස වනවිට වෛදික චින්තනය තුළ භාවනාව එතරම් දුරට වර්ධනයවී නොතිබීම පිළිබඳ කාරණයයි. ඒ අනුව පැහැදිලි වන්නේ නාගරාජ්තුමා ලංකාවේදී බෞද්ධ භාවනා සම්ප‍්‍රදායයන් පුහුණුවූ බවයි.

නාගරාජ්තුමා කතරගමදී බෝගර්නාථතුමා සමග නුගසෙවණක වාසය කරමින් නොකඩවා භාවනා පුහුණුව ලැබුවේය. ඉන් අනතුරුව නැවත දක්‍ෂිණ භාරතයට ගොස් තිබේ. එහිදී ”අගස්ති ඍෂිවෙතින්” ප‍්‍රාණයාම හා කුණ්ඩලිනි යෝග උගත් බව සඳහන් වේ. ඉන්  අනතුරුව එතුමන් නැවතත් බරණැස වෙත ගමන් කොට තිබේ. පසු කලෙක එතුමා ගංගා නදිය දිග ඉහළට ගමන් කළේය. එහි උපරීමයට ගමන් කළ එතුමා බදිරනාන්හි නතර විය. ඒ වන විට එය බෞද්ධ විහාරයකි.
නාගරාජ්තුමන් පිළිබඳ බෞද්ධ පොතපතක කිසිවක් සොයාගත නොහැක. එයට ප‍්‍රධාන හේතුව වන්නට ඇත්තේ බෞද්ධ සම්ප‍්‍රදාය තුළ කිසියම් නිස්චිත නිකායකට අයත් නොවූ පැවිද්දෙක් වූ නිසා ද විය හැකිය. භාෂාවකින් භාෂාවකට නම්ගම් පරිවර්තනය වෙද්දී මුල් ස්වරූපය හඳුනාගත නොහැකි ආකාරයෙන් විකෘති වේ. මෙතුමා පිළිබඳව තොරතුරු සඳහන් ග‍්‍රන්ථ තිබෙන්නේ පැරණි ද්‍රවිඩ බසිනි. එය ද මෙතුමා නිවැරදිව තේරුම් ගැනීමට බාධාවකි.

එය කෙසේ වුවද එතුමා ගංගෝත්තරියට හා බදිරනාථයට පැමිණියේ එහි බෞද්ධ වටපිටාවක් පැවති යුගයේය. එය වෛදිකයින් අතට පත්වූයේ එයිනුත් වසර හයසීයකට පමණ පසුවය. නාගරාජ්තුමන් ලැබූ බෞද්ධ ආභාසය හා එතුමන් ප‍්‍රදේශයට ඇතිකළ බලපෑම මත ඍෂිකේශියේ චින්තනය වැඩෙන්නට ඇත. එසේ වුවද මෙතුමා බෞද්ධයෙකු හෝ භික්‍ෂුවක ලෙස හඳුන්වාදීම නොකළයුතු යැයි හැෙඟ්. නාගරාජ්තුමා භාරතයේ සියලූ ආධ්‍යාත්මික විද්‍යාවන් හා භාවනා සම්ප‍්‍රදායයන් උගත් සහ පුහුණු වූ කෙනෙකු ලෙස හැඳින්වීම උචිතය.

හින්දු සාහිත්‍ය තුළ එතුමන් පිළිබඳව විස්තර ඇතුළත්ව තිබේ. එහෙත් මේ චරිතය සුවිශේෂී චරිතයක් ලෙස මතුව ආවේ ගෙවුන සියවසේදීය. එයට බලපෑ ප‍්‍රධාන හේතුව ස්වාමි පරමහංස යෝගානන්දතුමන්ගේ මූලිකත්වයෙන් බිහිවූ ආධ්‍යාත්මික ව්‍යාපාරය තුළ නාගරාජ් බාබා ජී ආචාර්යවරයෙකු ලෙස සැලකීමත් නිසාය. මේ අතරම කිරිය යෝග හා සාදනා භාවනා සම්ප‍්‍රදාය නැවත මතුව භාරතය පුරා භාවනාව පිළිබඳව ප‍්‍රබෝධයක් ඇතිවීම ද මෙයට හේතු විය.
මේ සියල්ලටම වඩා වැදගත් කාරණයක් තිබේ. සාහිත්‍යාගත තොරතුරු අනුව බාබා ජී තුමා ඉපදුණේ ක‍්‍රි.ව. 203 දීය. ඒ මීට වසර 1796 කට පෙරය. එය එසේ වෙද්දී භාරතීය යෝගීන් පිළිගන්නා ආකාරයට නාගරාජ් තුමා තවමත් ජීවත් වෙති. ඒ අනුව වසර 1796 ක් වයසැති මිනිසෙක්? මෙය ඔවුහු තරයේ විශ්වාස කරන දෙයකි. ඔවුන්ගෙන් සමහරක් ප‍්‍රකාශකරන පරිදි ඊටත් වැඩිය වයස්ගත අයද ජීවත් වෙති. ඒ අතර නාගරාජ් බාබා ජී තුමන් විශේෂ අවධානයකට ලක් වූ කෙනෙකු හා ආන්දෝලනයට තුඩුදුන් කෙනෙකු ද වෙයි. ස්වාමි පරමහංස යෝගානන්ද තුමන් පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටින්නේ එතුමන්ට නාගරාජ් තුමන් මුණගැසුන බවයි. දිල්ලි නුවර පිහිටි යෝගානන්ද මධ්‍යස්ථානයෙන් මා දැනගත් පරිදි ඉහත ද සඳහන් යෝගියෙකු විසින් මට පෙන්වූ චිත‍්‍රයද මේ හමුවේ ප‍්‍රතිඵලයකි. එම සිතුවමේ පිටපතක් මට ලබාදුන්න ද පසු කලෙක එය මට අහිමිවිය.

 




වසර දෙදහසකට ආසන්න කාලයක් ජීවත් වූ මිනිසකු පිළිබඳ කථා පසෙක තබා වසර සීයකට ආසන්න කාලයක් ජීවත් වූ මිනිසකු පිළිබඳ ඇසීමද අපේ සමාජයට පුදුමාකාර වූවකි. කායික විද්‍යාව හා රසායන විද්‍යාව දන්නා බැවින් බටහිර වෛද්‍ය ශාස්ත‍්‍රයට මිනිසුන් නොමැරී බේරා ගැනීමට හා ආයුෂ දිගුකර ගැනීමට හැකිය. ඒ ටික කලකට පමණි. නාමරූප ධර්මයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබෙන කෙනෙකුට ජීවිතය තමන්ගේ අතට ගත හැකිවීම ද පුදුමයට කාරණයක් නොවේ. අනදමෙන් නාහිමියන්ගේ පැවැත්ම තුළ තිබූ අත්දැකීම් ද මෙයට යම් නිදසුනක් ලෙස ගතහැකිය. උන්වහන්සේ ශතවර්ෂාධික කාලයක් ජීවත්වූහ. එයට හේතුවූ කරුණු අතර යෝග භාවනාව ද වැදගත් සාධකයක් බව උන්වහන්සේ නිතර පැවසූහ. උන්වහන්සේද හිමාලයේ ජීවත්වන වසර දෙදහසක් පමණ වන ඒත් තරුණ පෙනුමක් ඇතියෝගියෙකු පිළිබඳ වරින්වර ප‍්‍රකාශ කොට තිබේ.

නාගරාජ් බාබා ජී තුමන් ජීවත්ව සිටීම විවාදාපන්නය. ඒ පිළිබඳව නොයෙකුත් මතවාද තිබිය හැකිය. කිසිවිටක නොවිසඳෙන ගැටලූ ද ඉතිරිවනු ඇත.  ඕනෑම කෙනෙකුට හිතට එන සරල විසඳුමක් ද ඇත. ඒ බාබා ජී තුමන් ජීවත්ව සිටි නම් මිනිස් සමාජයට ඇවිත් එළිදරව් වීමයි. (තමන් ජීවත්ව සිටින බව ඔප්පු කිරීමයි)  එහෙත් වසර දහසකට වැඩිය ජීවත්වූ යෝගියෙකුගේ අරමුණ හා කාර්ය භාරය එයද. එවැන්නක් කළ යුතුද? යෝගියෙකුගේ ජීවිතය යනු අලෞකික වූ උත්තරීතර දෙයකි. එය ලෞකික වූ වුවමනාවන් ඉටුකරන ජීවිතයක් නොවේ.


(මතු සම්බන්ධයි)


 

 

දෙවියන්ගේ ද්වාරය හරහා සෘෂිකේශියට

බළන්ගොඩ නා හිමි හමුවූ මතකය

 



අදහස් (0)

වසර 1796 ක් වයසැති නාගරාජ් යොගීතුමා

නිලුෂා රන්දික Tuesday, 11 March 2014 03:54 PM

මිහිඳු ගිරින් හිම ගිරට පොත කුමන ප්‍රකාශනයක්ද (දී)

:       0       0

සිංහ Wednesday, 19 March 2014 10:36 PM

කතුවරයා ගේ රචනා රීතිය විශේෂය. මේ ලිපිය කිව්වායින් පසු මම ඉත්තෑපාණ ධම්මාලංකාර නා හිමියන් ලිව් බුදුබව පතන බංලංගොඩ බුදුපුතා කෘතිය කියවූයෙමි. මට තේරුනේ මිස්සක හිමියන් තම පූර්වගාමියාගේ ගමන් මග යනවා සේම මතවාදය ද පූර්වගාමිකයා අනුව සකසා ගනිමින් සිටින බවයි.මේ ලිපියේ දී එය මනාව පෙනෙනවා.මේ විවාදාපන්න මාතෘකාව (දිර්ගායුෂ හා ප්‍රාතිහාරය) පිලිබදව ලියන්න තියන හොදම රීතිය තිබුණේ ආනන්ද මෛත්‍රේය නා හිමියන්ට. මිස්සක හිිමයන් ද ඒ රීතියේ පිහිටා ලියන බව පෙනේ.(නදී)

:       0       0

නැනී Wednesday, 12 March 2014 11:03 AM

නාම රූප දෙක පෝෂණය කිරීම භවදුක නැති කිරීම නොවේ. (නදී)

:       0       0

උපුල් Monday, 10 March 2014 07:45 AM

හිත ඇත්නම් පත කුඩාද (දිල්)

:       0       0

තරිඳ Friday, 28 March 2014 11:36 PM

ඇත්තටම මොකද්ද මේකේ පුදුම වෙන්න තියෙන්නේ? ත්‍රිපිටකය ඇසුරු කරලා තිබෙනවා නම් ආයුෂ තල අනුව වෙනස් වන හැටි සහ වර්ධනය වන හැටි තිබෙනවා පැහැදිලිව දක්වල. ඒවගේම එක් එක් තල අනුව ආයුෂ මට්ටම් වෙනස් වන අයුරු. මට නම් වැටහෙන්නේ නෑ මේකේ තියෙන අරුමය කුමක් ද කියල. මම හිතන්නේ නෑ මොහු බෞද්ධයෙක් කියල. බෞද්ධයෙක් නම් මෙලහට ආයු සංස්කාර හැරලා. අවුරුදු ගණනක් හිටියට වැඩක් නෑ අමරණීය වෙන්නේ නැනේ. බුදුදහමේ හරයට පටහැනි දේවල්. නිකම් කියවල රසවිඳින්න හොඳයි. නැත්නම් 16 වෙනි බඹ තලයට ගියත් අමරණීය වෙන්නේ නෑ. ඒ කුසල් ක්ෂය වුනාම වැටෙන්නෙත් නිරයට. අනෙත් කරුණ බෞද්ධයන් ප්‍රාතිහාර්ය පසුපස යන්නේ නෑ. බුදුන්වහන්සේ ඒවා අනුමත කලෙත් නෑ. බුදුසරණයි!(දී)

:       0       0

නවෝද්‍යා Wednesday, 12 March 2014 02:58 PM

මා මෑතක කියවූ හොදම පොත .ඒ මෙන්ම මෙවන් පොතක් මම සිංහලෙන් මෙතරම් ඉක්මනින් ලියැවෙයි කියලා හිතුවේ නැ.එහි වැදගත්කම වන්නේ හිමාලය තරණය කර පොත් ලිව්වන් ලෝකයේ ද සිටින්නෙ ටික දෙනෙක් නිසාවෙනි.ඒ අතර බොහො පොත් සංචාරය වාර්තාවකි.ඒත් මේ පොත එවැන්නක් නොවන වටිනා දර්ශනයක් ගෙනෙන පොතකි.ඒත් සංචාරයක නැවුම් අත්දැකීම පොත පුරාවට තියනාව.මෙය සරසවි ප්‍රකාශයකි. (දී)

:       0       0

ලසන්ති Thursday, 13 March 2014 01:49 PM

පහන් සිතුවිලි ඇතිවන පින්තුරයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 14 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 17 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 157 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 306 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 362 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 95 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site