IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ - නුවර පාරේ උපත

ශ්‍රී වික‍්‍රමරාජසිංහ රජු අල්ලා ගැනීමට කොළඹ සිට මහනුවරට ගිය ඉංග‍්‍රීසි හමුදාවට ඒ සඳහා නියමිත මාර්ගයක් නොතිබූ අතර පේරාදෙණිය දක්වා ගන වනාන්තර මැදින් ගමන් කළ මේජර් ඬේවි ඇතුළු ඉංග‍්‍රීසි හමුදාව එතැන් සිට මහනුවරට ළඟාවූයේ මහවැලි ගංඟාව තරණය කිරීමෙනි. හෙන්රි මාෂල්ගේ දිනපොතට අනුව 1803 ජූනි 24 වැනි දින (සිකුරාදා) පිටාර ගලමින් තිබුණු මහවැලි ගඟ අසල ඇති ”වටපුළුව” අම්බලමේ මේජර් ඬේවි ඇතුළු පිරිස රාත‍්‍රිය ගතකළහ. ගන කැලය මැද දින ගණනක් නතර වී සිටි හමුදාවේ සමහර සෙබළුන්ට ”කැළෑ උණ” ලෙස හැඳින්වූ මැලේරියාව වැළඳිණි. රෝගය උත්සන්න වීමෙන් භටයෝ කීපදෙනෙක්ම ජීවිතක්‍ෂයට පත්වූහ. මහවැලි ගඟ තරණය කර මහනුවරට ලඟාවීමට ඉංග‍්‍රීසි හමුදාව උණලී පාරු සාදා ගත්හ. ගඟ තරණය කොට ”වාගොල්ල” නැමැති ස්ථානයක නතර වී සිට පසුව මහනුවරට ගොඩ බට බව හෙන්රි මාෂල්ගේ දින පොතෙහි සඳහන් වෙයි. පෘතුගීසි සමයේදී ද මහනුවරට ගමන් කිරීම සඳහා ස්ථීර මාර්ගයක් නොවූ අතර මේ හේතුව නිසා ඔවුන්ද මහත් දුෂ්කරතාවට පත්වූහ. එකළ ගන වනාන්තරය ඔස්සේ දුෂ්කර මාර්ගයක් පිහිටා තිබුණද එයත් ”බලන” කඳුවැටිය අසලින් නිමාවට පත්විය. පෘතුගීසින්ට ද මහනුවරට යාම සඳහා ස්ථීර මාර්ගයක අවශ්‍යතාව තිබුණද එය යථාර්ථයක් බවට පත්කර ගන්නේ ඉංග‍්‍රීසීන්ය. එඞ්වඞ් බාන්ස් නැමැති ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයා 1820දී පමණ සීතාවක - ඉද්දමල්පාන, අරන්දර, හෙට්ටිමුල්ල, උස්සාපිටිය,  බලන හරහා මහනුවර දක්වා වැලිපාරක් සකස් කළේය. ලන්දේසීන් ඉදිකර තිබූ බළකොටු හරහා ඉදිවූ මෙම මාර්ගය ඔස්සේ බාන්ස් ආණ්ඩුකාරවරයා පසුව දෝලාවකින් ගමන්ගත් බවද පැවැසේ. 1821 පමණ වන විට එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා අඹේපුස්ස හරහා මහනුවරට යාම සඳහා තවත් මාර්ගයක් සැළසුම් කළේය. තුන්කොරලය හා හේවාගම් කෝරල, සියනෑ කෝරල හරහා යන මාර්ගයේ පළමු අදියර ලෙස කොළඹ සිට අඹේපුස්ස දක්වා ඉදිවිය. මහර, කඩවත, යක්කල, වරකාපොල හා මාවනැල්ල යන නගර හරහා ඉදිකිරීමට යෝජිත මාර්ගය සඳහා ගංඟා 4ක් මතින් මහපාලම් හතරක් ඉදිකිරීමට ද සැළසුම් සකස්විය. මෙම මාර්ගය ඔස්සේ පැමිණ කොළඹට ඇතුළුවීමට තිබුණ දොරටුව වන්නේ අද කඩවත නගරයයි. කඩවතට පැමිණ කොළඹට ඇතුළුවන සියලූ දෙනා බදුගෙවා ඇතුළුවීම අනිවාර්ය විය.  කඩවතින් ඇතුළු වී කැලණිග හරහා ගමන් කළ යුතුව තිබුණේ දිගු පාරු යොදා සකස් කර තිබූ පාරු පාලමෙනි. අඹේපුස්ස සිට උඩරට දක්වා දිවෙන මාර්ගය ඉදිකිරීමේ වගකීම කරට ගත්තේ මේජර් ස්කීනර්ය. ඒ මාර්ගය අදටත් දක්නට ඇති අතර ඒ පැරණි උස්සාපිටිය මාර්ගයයි. තාවකාලික ලෙස සකස් කළ මාර්ගය සුදු ජාතික ආණ්ඩුකාර ජෝන් ජෝර්ජ් පේ‍්‍රෂර් විසින් විධිමත් ලෙස මහනුවර දක්වා රැගෙන යනු ලැබූ අතර ඒ සඳහා අඹේපුස්ස සිට හතර කෝරළය හරහා ගන වනාන්තර එළිකළේය. මෙම මාර්ගය නිම කිරීමෙන් පසුව කොළඹ සිට මහනුවරට ගමන් කළහැකි විධිමත් මාර්ගය මෙය වූ බව සර් ජෝන් ඬේවි නම් ඉංග‍්‍රීසි ජාතික ලේඛකයා (AN Account of the interion of ceylon) නමැති ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ. කොළඹ x නුවර මාර්ගය කපන විට ඊට වසර 450කට පමණ පෙර රජකළ තුන්වැනි වික‍්‍රමබාහු රජුට අයත්ව තිබූ රජ මාලිගාව ඉදිරිපිට පිහිටි මල්වත්ත ”පේරාදෙණිය උද්භිත උද්‍යානය” ලෙස සකස් කිරීමට ඉංග‍්‍රීසිහු පියවර ගත්හ. ඒ යුගයේ දී ”මහනුවර” යන නම භාවිත නොවූ අතර ”සෙංකඩගලපුර” නම භාවිත විය. ”කන්ද” යනුවෙන් ඉංග‍්‍රීසින් හැඳින්වූ නාමය පසුව ”කැන්ඩි” යනුවෙන් වෙනස් වූ බව ද කියැවේ. 1824 දී කොළඹ - නුවර මාර්ගය කපමින් සිටිනවිට බාන්ස් ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ ජනසංගණනයක්ද පැවැත්වූ අතර එදා සංගණනයට අනුව ජනගහනය වූයේ අටලක්‍ෂ පනස්එක්දහස් හාරසිය හතළිහකි. (851440) කොළඹ - නුවර මාර්ගය සැකසෙමින් තිබූ නිසා බොහෝ ජනතාව මහනුවර ප‍්‍රදේශයට පැමිණ පදිංචි වූ බව ද පැවසේ. එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා දරදඬු ගතිපැවතුම් වලින් යුත් පාලකයකු වූ නිසා බොහෝ සිංහලයන් ඔහුගේ ඇසට හසුනොවී කැලෑවැදී ජීවත්වූ අතර එසේ සැඟවී සිටි පිරිස් එම සංගණනයට ඇතුළත්ව නැත. මහනුවර නගරයේ දී මෙම මාර්ගය සකස් කිරීමේ දී බෝගම්බර වැවද විශාල කොටසක් ගොඩකළ බව කියැවේ. අද මහනුවර නගරය සම්පූර්ණයෙන්ම වාගේ පිහිටා ඇති ප‍්‍රදේශය එකල බෝගම්බර වැව බවද කියැවේ. බෝගම්බර වැව බොහෝ සේ ගොඩකර ඇත්තේ ඉංග‍්‍රීසීන්ය. සිංහල රජවරු ”බොහෝ ගම්වර” පිදු තැන පසුව බෝගම්බර වූ බවද ”මන්දාරම් පුවතේ” සඳහන් වෙයි. කොළඹ - නුවර මාර්ගය සැකසීමේ දී මාවිල්මඩ නම් වූ කැලෑගමක් මතින්ද ඉදිවිය. මේ ප‍්‍රදේශයේ දී සිංහල හමුදාව හා ගැටුනු ඉංග‍්‍රීසි හමුදාවේ විශාල පිරිසක් මියගිය අතර ඒ මියගිය අයගේ නාම ලේඛනය බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ අදත් දක්නට ඇති බව ද කියැවේ. ඇහැලේපොල කුමාරිහාමිගේ පරම්පරාවට අයත් වඩිගමංගාව නමැති ගම මතින්ද මේ මාර්ගය ඉදිවිය. වඩිගමංගාව අද දක්නට නැතත් 1818දී වෙල්ලස්ස කැරැල්ල සමයේ දී වීර කැප්පෙටිපොලට සැඟවීම සඳහා ඉංග‍්‍රීසීන්ට ඒමට නොහැකිවන පරිද්දෙන් මාර්ගය වසා දැම්මේ මේ ස්ථානයේ දී බව ඉතිහාසය කියයි.  ඒ ප‍්‍රදේශය පරවගහගම ලෙස අද හැඳින්වේ. ගොඩබිම් මාර්ගයක් සකස් කළද ඉංග‍්‍රීසින් සතු කෝපි, තේ වැනි ද්‍රව්‍ය කොළඹට ගෙන ඒමට අශ්ව කරත්තය ප‍්‍රමාණවත් නොවීය. මේ නිසා අශ්ව කෝච්චිය ආරම්භ වන්නේ මෙරට ප‍්‍රථම තැපැල් රථය වශයෙනි. ඒ අනුව ප‍්‍රථම තැපැල් රථය වූ අශ්ව කෝච්චිය 1832 පෙබරවාරි පළමු වැනිදා කොළඹින් ගමන් ආරම්භ කළේය. තැපැල් සේවය ප‍්‍රධාන කරගනිමින් ආරම්භ වූ අශ්ව කෝච්චිය උඩරට සුදු ජාතික වැවිලිකරුවන්ගේ සේම පොදු ගමනාගමනයට ද පසුව ව්‍යාප්ත විය. කොළඹින් පිටත්වන අශ්ව කෝච්චිය එතැන් සිට කිලෝමීටර් 4ක් පමණ ඈතින් පිහිටි කැලණි ගංඟාවෙන් එතෙර වූයේ බෝට්ටු හා පාරු යොදා සකස් කර තිබූ පාලම මතිනි. වික්ටෝරිය පාලම ඉදිවන තෙක් මේ පාරු පාලම සුවිශේෂී ප‍්‍රවාහන සේවාවක් සඳහා උරදුන් බව කියැවේ. වික්ටෝරියා පාලම කැලණි ගඟ හරහා ඉදිකිරීමෙන් පසුව එහි තිබූ පාරු පාලම 1895 මැයි 24 වැනි දින ගලවා ඉවත් කළේය. එදිනට යෙදී තිබුණු වික්ටෝරියා රැුජිනගේ උපන් දිනය සැමරීම සඳහා මෙම පාලම ඉදිවිය. ඒ වන විට කැලණි ගඟ හරහා ඉදිකර තිබූ පාරු පාලම පුරා දශක හතක් පමණ තම සේවාව ලබාදී තිබිණි. 1822 දී එවකට සිටි එඞ්වඩ බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් පාරු පාලම කරවන ලද්දේ කුඩා ප‍්‍රමාණයේ බොට්ටු (ඔරු) 21 යොදා ගනිමිනි. පාලමේ දිග අඩි 500කි. කොළඹ නුවර මාර්ගය මෙන්ම තැපැල් අශ්ව කෝච්චි සේවාවට ද මනා සහායක් ලබාදුන් මෙම බෝට්ටු පාලම බි‍්‍රතාන්‍ය රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ජෝන් ජෝර්ජ් පේෂර් ගේ නිර්මාණයක් විය.

දොම්පේ - අජිත් මදුරප්පෙරුම
කොළඹ - නුවර මාර්ගයේ ගමන් කරන අශ්ව කරත්තයක් කොළඹ - නුවර මාර්ගයේ ප‍්‍රථම අශ්ව කෝච්චිය සිත්තරකුගේ ඇසින් කැලණි ගඟ හරහා ඉදිකර තිබූ පාරු පාලම



අදහස් (0)

කොළඹ - නුවර පාරේ උපත

ධර්ම Tuesday, 01 May 2012 06:09 PM

අජිත් මදුරප්පෙරුම මහතාණෙනි මේ ලිපියට ඔබට ගොඩක් ස්තූතියි. මෙවන් ලිපි රචනයට තව තවත් ශක්තිය ලැබේවා.

:       0       0

සිසිල්-BAHRAIN Thursday, 03 May 2012 02:05 PM

ලංකාදීපය සැරදේවා!

:       0       0

damma Saturday, 05 May 2012 09:26 AM

හැම වෙලේම අහන්න ලැබෙන දේශපාලඥයින්ගේ මෝඩ වැඩත් එක්ක මේ වගේ වැදගත් ලිපියක් කියවන කොට හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්. ලංකාදීප, ඔබට ස්තූතියි!

:       0       0

මොහොමඩ් Monday, 30 April 2012 04:15 PM

මෙවන් ලිපි පළ කරන ලංකාදීපයට අපගේ ප්‍රණාමය.. මේවා අපට බොහෝ වටී

:       0       0

රන්ජිත් Wednesday, 02 May 2012 07:13 PM

ඉතා අගනා ලිපියක් . සිසු දරුවන්ට ඉතා අගනා ලිපියක්. ලංකාදීපයට බොහොම ස්තූතියි...

:       0       0

ච්න්තක Monday, 30 April 2012 08:26 PM

ඉතා වටිනා ලිපියකි

:       0       0

සිරි Saturday, 05 May 2012 03:50 PM

ලිපිය ඉතා හොඳයි..වර්තමානය දක්වාම තිබුණනම් තවත් හොඳයි..

:       0       0

එන්.ජයසූරිය Tuesday, 01 May 2012 01:44 AM

මෙය ඉතාම වැදගත් ලිපියකි

:       0       0

මයික් Tuesday, 01 May 2012 02:56 AM

හැම වෙලේම අහන්න ලැබෙන දේශපාලඥයින්ගේ මෝඩ වැඩත් එක්ක මේ වගේ වැදගත් ලිපියක් කියවන කොට හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්. ලංකාදීප, ඔබට ස්තූතියි!

:       0       0

ධනුෂ්ක Friday, 04 May 2012 06:11 PM

උසස් ලිපියකි

:       0       0

සේනානායක Wednesday, 02 May 2012 08:56 AM

ඉතා හොද වටිනා ලිපියකි

:       0       0

නිශ්ශංක Monday, 30 April 2012 07:53 AM

ගොඩක් හොද ලිපියකි

:       0       0

ආදිත්‍ය Saturday, 05 May 2012 08:40 PM

ලිපිය හොඳයි.....තව මෙවැනි දේ ලියන්න...

:       0       0

රවිදු Tuesday, 01 May 2012 11:27 AM

පුදුමාකාරයි

:       0       0

අමල් සමරවීර - මාලදිවයින Tuesday, 01 May 2012 11:34 AM

නිරතුරුව මෙවන් වටිනා ලිපි පලකරන ලංකාදීපයට තුති

:       0       0

ලාල් Friday, 04 May 2012 10:34 AM

අපි කැමතියි මේවා දකින්න (ස)

:       0       0

ෂාමි Thursday, 03 May 2012 01:24 PM

බොහොම දුර්ලභ ඡායාරූප ටිකක්. ලංකාදීපයට තුති

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 24 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 149 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 10 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 274 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 196 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 243 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site