IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අතත් නෑ දඩත් ගෙවා හිරේ යන්න වේ

ඇමෙරිකාවේ ප්ලොරිඩා නුවර එවර්ග්ලේඩ් හි වොලස් වෙදරහෝල්ට් (63) තම දරු පවුල හා මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් සඳහා පසුගිය ජූනියේදී ගියේය. නිදැල්ලේ සතුන් සිටින උද්‍යානයකට ගිය ඔවුහු හැඩි දැඩි කිඹුලකු සිටින කුඩා විලක් අසල බෝට්ටුව පදවමින් සිටියහ.කිඹුලකු අසලට තරමක් කිට්ටු කළ වොලස් පිළිස්සීමට ගෙනා මස් කුට්ටියක් කිඹුලාට දික් කෙළේය. සිදු වූයේ ඔහු නොසිතූ දෙයකි. උරහිස අසලින් අත කඩාගත් කිඹුලා විලේ අතුරුදන් විය. වනජිවි නිළධරින් හා උද්‍යාන පාලකයින් එක්ව කිඹුලා මරා බඩ පලා ගිල දමා තිබූ අත රැගෙන නැවත බද්ධකිරීම සඳහා වෛද්‍යවරුන්ට ලබා දුන්නද අතට සිදු වී තිබූ හානි නිසා එය කළ නොහැකි විය.  දිනකට පසු රෝහලට පැමිණි වනජිවි නිළධාරීන් වොලස්ගේ බිරිය අත යම් ලියවිල්ලක් තැබීය. මරාදැමූ කිඹුලාගේ වටිනාකමත් එක්කාසු කොට අනවසරයෙන් සතුන්ට කෑම දීම පිළිබඳව ඔහු ලොකු දඩයකට යටත් කොට තිබිණි. අනවසරයෙන් සතුන්ට කෑම නොදෙන්නැයි එම උද්‍යානයේ ඇති දැන්වීම් නොසලකා ඔහු කිඹුලාට කෑම දුන් බව බිරිය කියයි. ගිය ජුනි12 වැනි දා වූ මේ සිද්ධියෙන් පසු වොලස් හිරගෙට යැවූ නමුත් පසුව ඇමෙරිකා ඩොලර් දහසක දඩයක් මත මුදා හැරිණි.  බෝට්ටු කපිතාන්වරයකු වන ඔහු කැර ඇත්තේ ඇමෙරිකා ඩොලර් 500ක ( රුපියල් 65000ක) දඩයක් හා සිරදපඬුවම් නියම කළ හැකිය.



අදහස් (0)

අතත් නෑ දඩත් ගෙවා හිරේ යන්න වේ

දිසානායක Monday, 17 December 2012 10:57 PM

නීතිය නම් නීතිය (ස)

:       0       0

ඩබ්ලිව් .එම් සුගන්ද Saturday, 13 October 2012 05:59 PM

කල්පනා නොකර වැඩකරන්ඩ ගිහින් අහිංසක සතාගේ මරණය සුදුකරා මේවා මොනතරම් පවුද මනුසයත් පවු සතාත් පවු ....(අ)

:       0       0

ලලිත් Tuesday, 09 October 2012 02:19 PM

අන්න නීතිය ක්‍රියාත්මක කරන හැටි...හරියටම හරි(ස)

:       0       0

සිල්වා Tuesday, 09 October 2012 02:45 PM

ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ අපේ අයව හිරේ යන්නේ නැහැ... (නි)

:       0       0

ස්ටැනිල් Tuesday, 09 October 2012 02:44 PM

ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිස්සුන්ට විතරයි (ස)

:       0       0

ෂෙරීෆ් Tuesday, 09 October 2012 10:39 PM

මම හිතාගෙන හිටියේ ලංකාවේ කිඹුලන් තමයි දරුණු කියලා. බලාගෙන ගියහම සේරම එකයිනේ. (නි)

:       0       0

සිල්වා Tuesday, 09 October 2012 02:50 PM

අපේ රටෙත් කම්බි වැටෙන් ඉවත ඉඳලා අලීන්ට අනවසරයෙන් කෑම දාලා සමහරු මාධ්‍ය ඉදිරිපිට ඉදලා පුරාජේරුත් දොඩවනවා (ස)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 09 October 2012 03:10 PM

තිරිසන් සත්තුන්ගේ හැටි නොදැනද ?අනවශ්‍ය දේ නොකරනම් මෙහෙම දේ වෙන්නේ නෑ නේ (ස)

:       0       0

සෙනෙරත් Tuesday, 09 October 2012 03:50 PM

කැකිල්ලේ නඩු තීන්දුව ‍වගේ (ස)

:       0       0

සනත් Tuesday, 09 October 2012 04:20 PM

ඔනතරම් ලෝකපුවත් බලන්න වෙනත් වෙබ් පිටු තිබේ.එමනිසා හැකිතරම් ලංකාවේ පුවත් පලකරන්න.නැත්නම් සයුරෙන් එතර කොටසේ පලකරනමෙන් ඉල්ලමි.(ස)

:       0       0

හේමන්ත Tuesday, 09 October 2012 04:36 PM

මේ කතාව අර මුට්ටියට ‍ඔලුව දමපු එළුවාගේ ඔලුව ගන්න, මහදැනමුත්තා උගේ ඔලුව කපලා, ඔලුව එළියට ගන්න මුට්ටිය බින්දා වගෙයි. (නි)

:       0       0

ජනක Saturday, 13 October 2012 09:26 AM

ලංකාවේ කෙනෙක්නම් කිඹුලගෙයි අත නැති වෙන්නේ (ස)

:       0       0

සුරංග Friday, 12 October 2012 08:41 AM

කිබුල්ලු අතගාන්න යන්න හොඳ නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 136 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 274 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 350 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 83 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 527 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 289 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site