IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මැයි දින හටන

(පරිවර්තනය - කෝවිද ගුණසේකර)

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රිය වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන සිටියේ ප්‍රබෝධවත්වය. දින කිහිපයකට පෙර මිීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සැලසීමට කටයුතු කරන අතරම ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සහ පළාත් සභා මහ ඇමැතිවරුන් සමග හමුවකට සහභාගී විය.

එහිදී ජනපතිවරයා කළ දේශනයේ දී වැදගත් කරුණු දෙකක් ඉස්මතු කැරිණ. පළමු වැන්න වූයේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය පැවැත්වීම සදහා ගාලුමුවදොර පිටිය ලබාදෙන ලෙස එහි නායකයන් කළ ඉල්ලීම දැනුම්දීම ය. මිීට පෙර අවස්ථාවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය පැවැත්වීම සදහා ගාලුමුවදොර පිටිය ලබාදීමට අනුමැතිය ලබාදුන්නේ තමා යැයි සිදුකළ ප්‍රකාශය මේ හමුවේ පරස්පර විරෝධී විය. එම අවසරය ලබාදීමේ වගකීම පැවැතියේ තමන් අත බව ජනපතිවරයා අවධාරණය කළේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සහතික කිරීමට පොලිසිය කටයුතු කළයුතුයැයි ද අගමැතිවරයා, ඉහත සදහන් කළ ඔහුගේ ප්‍රකාශයේ සදහන් කර තිබිණ.

දෙවැන්න වූයේ මැයි දිනයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලාංඡනය වන අත ලකුණ දකින දකින සෑම තැනකම ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය නොවන බව දැනුම්දීම ය. කම්කරු දිනය යනු අන්තර්ජාතිකව පිළිගත් සැමරුමක් බවත්, එමනිසාම එදින සෑම තැනකම පක්ෂයේ ලාංඡනය ප්‍රදර්ශනය කිරීම එතරම් වැදගත් නොවන බවත් ජනපතිවරයා පැවසුවේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ කණ්ඩායම, මැයි දින පෙළපාළියේ දී පක්ෂයේ අත ලකුණ ප්‍රදර්ශනය නොකිරීමට තීරණය කර ඇත. අපි අපේ පක්ෂයේ ලකුණ ප්‍රදර්ශනය කරනවා, රාජපක්ෂ කණ්ඩායම ද ඇතුළත් වන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියේ ප්‍රධාන සංවිධායකයකු වන බැසිල් රාජපක්ෂ මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.ඒ අනුව මහින්ද රාජපක්ෂ පෙරටු කොටගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව පක්ෂය, ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියේ ප්‍රධාන දේශපාලන පක්ෂය වනු ඇත.තවත් දේශපාලන පක්ෂ රාශියක් පොදු ජන පෙරමුණ හා අත්වැල් බැදගැනීමට ද නියමිතය. මහජන එක්සත් පෙරමුණ සහ දිවයිනේ පැරණිම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය ඒ අතරින් ප්‍රධානය.

ජනපතිවරයා මෙම අදහස් පළකළේ පොලිස් නිලධාරියකු, මැයි දිනයේ රථවාහන සැලැස්ම පිළිබද විස්තරයක් සිදුකළායින් පසුවය. මංතීරු තුනක් මැයි දින පෙළපාළියේ ගමන් කරන ජනතාව වෙනුවෙන් ද ඉතිරි මං තීරුව රථවාහන සදහා ද වෙන් කැරෙනු ඇති බව එම නිලධාරියා පැහැදිලි කළේය. ස්ථාන තුනකින් ඇරඹෙනු ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින පෙළපාළිය මහනුවර ගැටඹේ නගරසභා ක්‍රීඩාංගණයේ දී එහි ගමනාන්තය සනිටුහන් කරනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින්, රටේ විවිධ ප්‍රදේශවලින් මැයි දින පෙළපාළියට ජනතාව ගෙන්වා ගැනීම සදහා බස්රථ 2000 ක් වෙන්කර ඇති බව පැවසුවේ ය. එක් බස් රථයක ගෙනයා හැකි මගීන් සංඛ්‍යාව 50ක් යැයි ගතහොත් අතෙහි මැයි රැලියට දිවයිනේ වෙනත් පළාත්වලින් පමණක් ලක්ෂයකට ආසන්න ජනතාවක් සහභාගීවනු ඇත. මෙම බස් රථ සදහා දැනටමත් ගෙවීම් සිදුකර අවසන් බවද දිසානායක පැවසුවේය. ක්‍රියාකාරී මට්ටමේ නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කැරිණ. වයඹ පළාත නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් පුත්තලම දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු අරබයා ගැටලු මතුකළ අතර, අවසානයේ දිස්ත්‍රික්කය සදහා සංවිධායකවරුන් දෙදෙනෙකු පත් කිරීමටත්, එම එක් තනතුරක් මුස්ලිම් ජාතිකයෙකුට ලබාදීමටත් තීරණය විය.

අමාත්‍යවරුන් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනපතිවරයා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රකාශකයන්, සංස්කාරකයන් හා පුවත් ප්‍රධානීන් පිරිසක් ජනපති ලේකම්කාර්යාලයේ දී හමුවිය. ඔවුන් හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින බවය. ඩොලර් බිලියන පහක් දක්වා විදෙස් සංචිත වර්ධනයව ඇති බවත්, එසේ තිබියදීත් රජය විරෝධී ඇතැම් ආර්ථික විශේෂඥයන් සහ විචාරකයන් රටේ ආර්ථිකය අයහපත්යැයි කතා පතුරවමින් සිටින බවත් ඔහු පැවසුවේ ය.කෙසේනමුත් ඩොලර් බිලියන පහක් දක්වා විදෙස් සංචිත වර්ධනයව ඇතයැයි ජනපතිවරයා සිදුකළ ප්‍රකාශය ගැටලුකාරීය. ඔහු එය ඉහළ අගයක් බව සිතුවේ ද? ඔහුගේ ආර්ථීක උපදේශකයන්ට ඔහු නිවැරැදිව දැනුම්වත් කිරීමට නොහැකිවූවාවත් ද?

පසුගිය මාර්තු 23 වැනිදා මහ බැංකුව ප්‍රකාශයට පත්කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2017 පෙබරවාරි වන විට මෙරට විදෙස් සංචිතවල වටිනාකම ඩොලර් බිලියන 5.6කි. 2016 වසරේ දෙසැම්බර් මාසය වන විට ඩොලර් බිලියන 6ක මට්ටමේ පැවැති විදෙස් සංචිත ප්‍රමාණය හා සැලකූ විට එය යම් තරමක පහළ යාමකි. දෙසැම්බර් මස වන විට පැවැති විදෙස් සංචිත ප්‍රමාණය මාස 3.7 ක කාලයක අපනයන වටිනාකමට සමාන බවද මහ බැංකු ප්‍රකාශයේ සදහන් විය. එය පදනමේ සිට තර්කානුකූලව සිතුවහොත් දැන් ඩොලර් බිලියන 5.6 ක් දක්වා පහත බැස ඇති විදෙස් සංචිත ප්‍රමාණය හමුවේ, ඊට අනුපාතව අපයනය ප්‍රමාණය ද පහත බැස තිබෙන්නට ඉඩ ඇත.

හම්බන්තොට වරාය ගිවිසුම හා කොළඹ වරාය සම්බන්ධයෙන් ද ජනපතිවරයා අදහස් පළකළේ ය.
“ඉදිරි සති කිහිපයේ දී අපි රජයේ කටයුතු වලට අලුත් මුහුණුවරක් ලබාදෙනවා. රජයේ ආයතන කිහිපයකත් වෙනස්කම් සිදුවේවි.“

ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදුන් විට පැමිණ සිටි මාධ්‍යවේදීහු ජනපතිවරයා වෙත ප්‍රශ්න රැසක් යොමුකළහ.
“ඔබ පැවසුවො රාජ්‍ය ආයතන කිහිපයක වෙනස්කම් සිදුවෙනවා කියලා. එතකොට කැබිනට් මණ්ඩලයේ සිදුවන වෙනස්කම් මොනවගේ ද?“
පිළිතුර - “වෙසක් පෝයට ඉස්සෙල්ලා එම වෙනස්කම් සිදුවෙනවා ඔබට බලාගන්න පුළුවන් වේවි.“


ප්‍රශ්නය- - “ඒ කියන්නේ වෙසක් පෝයට ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලයේ වෙනසක් සිදුවන බවද?“
පිළිතුර - “පොඞ්ඩක් ඉදලා බලන්නකෝ වෙනස් වෙන්නේ මොනවද කියලා.“
බ්‍රහස්පතින්දා දිනය වන විට රජයේ අමාත්‍යවරුන් බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබුණේ මේ සම්බන්ධයෙන්ය.ජනපති සිරිසේන තම හිතවත්ම අමාත්‍යවරුන් දෙපළක් හමුවේ, කැබිනට් මණ්ඩල වෙනස ඊයේ 23 වැනිදා සිදුකිරීමට අවශ්‍ය බව පවසා ඇතැයි දැනගැනීම හමුවේ ඔවුහු තවත් කලබල වූහ. ලබන කැබිනට් මණ්ඩල හමුව වන විට තනතුරු වෙනසක් සිදුවූ කැබිනට් මණ්ඩලය තමන් බලාපොරොත්තු වන බව ජනපතිවරයා එම අමාත්‍යවරුන් දෙපළ හමුවේ වැඩිදුරටත් පවසා තිබිණ. එහෙත් මෙවරත් එය එදිනට සිදුනොවන ලකුණු පෙනෙන්නට ඇත.

කැබිනට් මණ්ඩල වෙනස මැයි දිනයට පසුව සිදුකරන බව ඔහු පෙර සදහන් කළ අමාත්‍ය දෙපළ හමුවේම පැවසුවේය. කෙසේවුවත් ජනපතිවරයාගේ එම තීරණය, වෙසක් පෝය දිනට පෙර කැබිනට් මණ්ඩල වෙනසක් සිදුකිරීමට තමන් කටයුතු කරන බවට පෙර අවස්ථාවක ඔහු කළ ප්‍රකාශය හා ගැලපේ. මෙම වසර ආරම්භයේ සිටම ජනපති සිරිසේන කැබිනට් මණ්ඩල වෙනසක් සිදුවන බවට ඉගි පළකළ අතර, ජනවාරි මාසයේ සිට, පෙබරවාරි - මාර්තු මාස දක්වාම නොයෙක් අවස්ථාවල එය සිදුවන බව පවසා සිටියත්, විවිධ හේතු හමුවේ කැබිනට් වෙනස නැවත නැවතත් කල්ගියේ ය. මාර්තු මාසයට යොදාගෙන තිබූ කැබිනට් වෙනස කල්යෑමට හේතුවූයේ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ප්‍රධානිී ක්‍රිස්ටීන් ලෙග්‍රාඞ්ගේ ශ්‍රී ලංකා සංචාරයකි. එහෙත් එය පසුව අවලංගු කැරිණ. නැවත වරක් කැබිනට් වෙනස සිදුවීම කල්දමා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ ඉල්ලීමකට අනුව බව දැනගන්නට ඇත. ජනපතිවරයාට සමිීප එක් ආරංචි මාර්ගයක් අදහස් දක්වමින් යෝජිත වෙනස්කම් අරබයා එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා පළව තිබෙන බව සදහන් කළ අතර, තවත් ආරංචි මාර්ගයක් සදහන් කළේ මැයි දිනයට පසු කැබිනට් වෙනස සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂයට අවැසි බවය.

ජනපති සිරිසේන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අතර විශේෂ හමුවක් ඊයේ (23) රාත්‍රියේ පැවැත්වීමට නියමිත විය.

මේ සියල්ල මධ්‍යයේ අගමැති වික්‍රමසිංහ අගහරුවාදා ඉන්දියාව බලා පිටත්ව යනු ඇත. මලික් සමරවික්‍රම සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් ද ඔහු ගමනට එකතුකරගනු ඇත. අගමැතිවරයා පසුගියදා ජපානයේ මෙවැනිම සංචාරයක නියැලුනු අතර එහිදී ඔහු එරට කර්මාන්ත ක්ෂේත්‍රයේ නායකයන් හමුවිය. අනතුරුව දෙදින නිවාඩුවකින් පසු ඔහු වියට්නාමය බලා ගිය මුත්, මිතොටමුල්ල ඛේදවාචකය හමුවේ එම සංචාරය හදිසියේ අතිහිටුවා නැවත දිවයිනට පැමිණියේ ය.

ඉන්දියාවේ දී අගමැති වික්‍රමසිංහ, එරට අගමැති නරේන්ද්‍ර මෝදි හමුවනු ඇත. මෙම හමුව යෙදී ඇත්තේ බදාදා දින දිවා ආහාර වේලාවටය. එහිදී ඔවුහු යෝජිත ත්‍රිකුණාමල වරාය සංවර්ධන ගිවිසුම සම්බන්ධයෙන් ද, තවත් ඒකාබද්ධ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇත. තම සංචාරයේ මිළග අදියර වන රාජස්ථාන් ප්‍රාන්තයේ උදයිපුර් බලා යාමට ප්‍රථමයෙන් අගමැතිවරයා ඉන්දියා රජයේ වෙනත් අමාත්‍යවරුන් ද හමුවීමට නියමිතය. උදයිපුර් හිදී ඔහු නේපාල රජ පවුලට හා ඥාති වන බිනෝද් චෞද්‍රිගේ පුතණුවන්ගේ විවාහ මංගලෝත්වයට සහභාගී වනු ඇත. ව්‍යාපාරිකයකු වන චෞද්‍රිගේ මෙම උත්සවයට අගමැතිවරයා සහභාගී වනු ඇත්තේ කිසිදු විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධරයකු නොමැතිවය. එහෙත් මෙම සංචාරයේ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිනී චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ඔහුට අවශ්‍ය පහසුකම් සලසාදෙනු ඇත. අගමැතිවරයා මෙම මස 29 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය. මැයි මස පළමුවැනිදා ඔහු බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට ද සහභාගී වනු ඇත.

ආර්ථිකයේ තත්ත්වය ඉහළ යමින් පැවතුණද, පහළ යමින් පැවතුණ ද, වෙනසක් නොමැතිව රජයට අයහපත් පුවතක් පසුගියදා අසන්නට ලැබිණ. මෙම වසර සදහා ජීඑස්පී බදු සහනය ශ්‍රී ලංකාවට නොලැබෙන ලකුණු පෙනෙන්නට තිබෙන අතර, එම තීරණය දැන් තිබෙන්නේ යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා කවුන්සිලය ඉදිරියේ ය. බදු සහනය ලබානුදුන්හොත්, නැවත වරක් ඒ සදහා අයැදුම් කිරීමට රජයට සිදුවනු ඇත.

රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලට අනුව ජීඑස්පී සහනය නොලැබෙන ප්‍රවණතාවක් මතුව තිබෙන්නේ මැයි මස 14 වැනිදාට පෙර සාක්ෂාත් කරන ලෙසට යුරෝපා සංගමය ඉදිරිපත් කළ කොන්දේසි කිහිපයකට අනුව කටයුතු කිරීමට රජය මේ දක්වාම අපොහොසත්ව තිබීම හමුවේය. ත්‍රස්ත මර්දන පනත අහෝසි කර ඒ වෙනුවට අන්තර්ජාතිකව පිළිගත් මට්ටම්හි පවත්වාගැනෙන නව පනතක් හදුන්වාදීම, අපරාධ විධිවිධානයන්ට සංශෝධන සිදුකිරීම, ඒ අතරින් කිහිපයකි.

මේ සම්බන්ධයෙන් කවුන්සිලයේ සාකච්ඡාවට ගැනීම සදහා වන යෝජනාවලියක් පසුගිය බ්‍රහස්පතින්දා යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම ප්‍රකාශයට පත්කළේ ය. එම යෝජනාවලියට සාමාජිකයන් 373 දෙනකුගේ සහය පළවුවහොත් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය නොලැබෙනු ඇත. පහත දැක්වෙන්නේ එම යෝජනාවලියේ සංක්ෂිප්තයක

● 2015 ජනවාරි සිට මේ දක්වා ගෙවී ඇති කාලයේ ශ්‍රී ලංකා රජය, රටේ මානව හිමිකම් තත්ත්වය නගාසිටුවීමට යම් සාධනීය පියවර ගෙන ඇති අවස්ථාවක,
● 2017 ජනවාරි 11 වැනිදා කවුන්සිලය ගත් තීරණයකට අනුව ශ්‍රී ලංකාව යුරෝපා සංගම් රෙගුලාසි අංක 978 2012 යටතට ඇතුළත් කර තිබෙන අවස්ථාවක,
● ජීඑස්පී ප්ලස් ක්‍රමවේදයට සෘජුවම අදාළ වන ඇතැම් කරුණු සම්බන්ධයෙන් හා වෙනත් කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි තත්ත්වන් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති උත්සාහය, සිවිල් හා දේශපාලන අයිතීන් සම්බන්ධයෙන් වන අන්තර්ජාතික ප්‍රඥප්තිය, වදබන්ධන පැමිණවීමට එරෙහිවීම සම්බන්ධයෙන් වන ප්‍රඥප්තිය, පහකිරීම සහ වර්ගවාදී හෙළාදැකීම් හා එරෙහිවීම සම්බන්ධයෙන් වන ප්‍රඥප්තිය, යන ප්‍රඥප්තීන්ගෙන් නීර්ණය කර ඇති තත්ත්වය ඇතිවීම කරා සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන නොමැති අවස්ථාවක,
● එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය 2017 පෙබරවාරි මස 10 වැනිදා නිකුත් කර තිබෙන වාර්තාවේ, 2015 ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරක්ෂිත කිරීම සදහා ගෙන ඇති පියවර සැබෑ ප්‍රගතියක් හදුනාගැනීමට තරම් ප්‍රමාණවත් නොමැති බවත්, දී ඇති පොරොන්දු ඉටු කිරීම අතිශය කනගාටුදායක මට්ටමක පවතින බවත්, සදහන්ව ඇති අවස්ථාවක,
● අන්තර්ජාතික කම්කරු සංවිධාන ප්‍රඥප්තියේ 87 සහ 98 වගන්ති ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ තත්ත්වය අයහපත් මට්ටමක පවතින බව එම සංවිධානයේ විශේෂඥ කමිටුවක් හදුනාගෙන ඇති අවස්ථාවක,
● ත්‍රස්ත මර්දන පනත අවලංගු කර, ඒ වෙනුවට නව පනතක් හදුන්වාදීම මේ දක්වාම සිදුව නොමැති, එම නව පනතට ත්‍රස්තවාදයට අදාළ වන ක්‍රියාකාරකම් යැයි පුළුල් අර්ථකථනයක් ඇතුළත් නොකිරීමෙන්, වදදීමෙන් පාපොච්චාරණ ලබාගැනීමට තිබෙන අවදානම අවම කිරීම සහතික කළ යුතුව තිබෙන අවස්ථාවක,
● ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමට සුදුසුදැයි ප්‍රශ්නාර්ථයක් දැනවෙන අයුරින් මානව හිමිකම් කඩවීමේ සිදුවීම් වාර්තාවී තිබෙන සහ, සැබෑ ප්‍රගතියක් හදුනාගැනීමට තරම් වැඩකටයුතු සිදුව නොමැති බව අන්තර්ජාතික ආයතනයන්ම ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක,
● වැරදිකරුවන්ට ආරක්ෂාව ලබාදෙන සංස්කෘතිය සැලකිය යුතු අයුරින් වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත්ව තිබෙන බව, මානව හිමිකම් කඩකර ඇතැයි චෝදනා ලබා සිටින හමුදා නිලධාරීන්ට රජයේ තනතුරු ලබාදීමෙන් ඔවුන්ට ආරක්ෂාව සලසාදීමෙන් පැහැදිලි වන අවස්ථාවක,
● යුරෝපා පාර්ලිමේන්තුව හෝ කවුන්සිලය හෝ විරෝධතා නොදක්වන්නේ නම් දැනුම්දීමේ සිට මාස දෙකක් ඇතුළත පනත බලාත්මක කෙරෙනු ඇති අවස්ථාවක,
● 2016 (8996) වන පනතට සිදුකළ යුතු වෙනස්කම් සදහන් වන කොමසාරිස්වරයාගේ යෝජනාවලිය සැලකිල්ලට ගනිමින්,
● මෙම යෝජනාවලිය කවුන්සිලය හමුවට ඉදිරිපත් කරන ලෙස දැනුම්දෙන අතර,
● කවුන්සිලය, කවුන්සිල සාමාජිකයන් වන රජයන් හා පාර්ලිමේන්තු අතරත් මෙම යෝජනාවලිය බෙදාහරින මෙන් උපදෙස් දේ.

යුරෝපා සංගමයේ කොන්දේසියක් වන ත්‍රස්ත මර්දන පනත අවලංගු කිරීමත්, ඒ වෙනුවට නව පනතක් හදුන්වාදීමත් එම කවුන්සිලය අපේක්ෂා කරන මෙම මස 14 වැනිදාට පෙර සිදුකිරීමට හැකියාවක් නොමැත.පසුගිය සතියේ අනාවරණයවූ ආකාරයට, යෝජිත නව ත්‍රස්ත මර්දන පනතේ අවසන් කෙටුම්පත අධ්‍යයනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය වෙත ලබා දී ඇත. එයින් පසුව පාර්ලිමේන්තු කටයුතු පිළිබද කමිටුවේ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානීත්වයෙන් යුත් කමිටුවක යෝජනා අනුව පනත නැවත වරක් සංශෝධනය කිරීම සදහා නීති කෙටුම්පත්වරයා වෙත යැවෙනු ඇත.

නව ත්‍රස්ත මර්දන පනතේ අවසන් කෙටුම්පත අරබයා දැනටමත් මහත් ආන්දෝලනයක් නිර්මානය වෙමින් පවතී. එවැන්නකට තඩු දී ඇති කරුණක් වන්නේ මුල් අවස්ථාවේ දී පණතෙහි සදහන් වූ ‘එකීය‘ යන වදන, අවසන් කෙටුම්පතෙන් ඉවත් කර තිබීමයි. එයට හේතු ලෙස සදහන් කර ඇත්තේ මෙවැන්නකි.

“එකීයභාවය යන වචනය යෙදීමෙන් ඇතිවන්නට ඉඩ තිබෙන අපහැදිලිතාව මගහැරගනු වස්, ආරම්භක ඡේදයෙන් සහ උප ඡේද වලින් එම වචනය ඉවත් කර ඇත.“

අගමැති වික්‍රමසිංහගේ නිරීක්ෂණවලට අනුව, කැබිනට් මණ්ඩලයට මුල් අවස්ථාවේ යොමු කැරුණු කෙටුම්පතට මේ දක්වා සිදුව ඇති අවධානයට ලක්විය යුතු වැදගත් සංශෝධන මේවාය.

අපරාධ - පනතෙහි ත්‍රස්තවාදයට ලබා දී ඇති පැහැදිලි කිරීම, ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වන අන්තර්ජාතික ප්‍රඥප්තියේ කෙටුම්පතෙහි සදහන් වන ත්‍රස්තවාදයට දී ඇති අර්ථකථනය ගැලපෙන පරිදි නවීකරණය කිරීමෙන් නැවත යෙදා ඇත.

ඔත්තුකරුවන්ට එරෙහි දඩුවම් - ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධි පනතක් දැනට නොමැති නිසා මෙම අංශය යටතේ වන සදහන ඉවත් කර ඇත.

ඇදිරි නීතිය - ඇදිරි නීතිය පැනවීමට බලය ඇත්තේ අගමැතිවරයාට නොව (පෙර සදහන් වූ පරිදි) ජනපතිවරයාට බව සදහන් වන ආකාරයට මෙම අංශය සංශෝධනය කර ඇත.

ආරක්ෂක අංශ, පොලිසියට අයත් කාර්යයන්හි නියැළීම - මහජන ආරක්ෂා පනත යටතේ ජනපතිවරයාට මේ හා සමාන බලතල ලැබී තිබෙන හෙයින්, මෙම අංශය ද කෙටුම්පතෙන් ඉවත් කර ඇත.

ත්‍රස්තවාදයෙන් අනෙක් රටවල් හා කලාප ආරක්ෂා කිරීම, නව ත්‍රස්ත මර්දන පනතට ඇතුළත් කිරීමට නියමිතව තිබෙන තවත් අංගයකි. ආරක්ෂක අංශ ආරංචි මාර්ගයකට අනුව මෙම අංගය ඇතුළත් කිරීමෙන් පසුව විදේශයක සිට හෝ මෙරට සිට විවිධ ක්‍රම භාවිතයෙන් විදේශවල ත්‍රස්ත කටයුතු වලට ආධාර කරන, එම ත්‍රස්ත කටයුතු වල සෘජුවම නියැළෙන පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට පෙරට වඩා වැඩි බලයක් ආරක්ෂක අංශ වෙත හිමිවේ. පනත බලාත්මක වීමෙන් අනතුරුව, ඕනෑම පොලිස් නිලධාරියකුට, ආරක්ෂක අංශ සාමාජිකයකුට හෝ වෙරළාරක්ෂක නිලධාරියකුට, ත්‍රස්ත මර්දන පනත විරෝධීව කටයුතු කරන අවස්ථාවක හෝ එසේ කටයුතු කර ඇති බවට පිළිගත හැකි පදනමක් ඇති අවස්ථාවක හෝ ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අවසරය හිමිය.

මැයි 14 වැනිදාට පෙර යුරෝපා සංගමයේ කොන්දේසි ප්‍රකාරව කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක සිටින රජයට, අනෙක් පසින් දෙමළ ඩයස්පෝරාවෙන් සහ ඔවුන්ට සහය දෙන වෙනත් අන්තර්ජාතික සංවිධාන වලින් දැඩි විරෝධතා එල්ල වෙමින් තිබෙන බව සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය. ඔවුන්ගේ මෙම ව්‍යාපාරය තවත් ශක්තිමත්ව තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කඩවීමේ හා යුද අපරාධ චෝදනා සම්බන්ධ යෝජනාවලියේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා තවත් වසර දෙකක කාලයක් රජයට ලබාදීමට එකගතාව පළකිරීමෙන් පසුවය.

අපරාධ විධිවිධානවලට සංශෝධන සිදුකිරීමට යුරෝපා සංගමයේ තවත් කොන්දේසියකි. අත්අඩංගුවට ගත්වහාම සැකකරුවකුට නීතිඥයකු හමුවීමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය අවකාශය අපරාධ විධිවිධානයන්ගේ ඇති කිරීම එවන් එක් සංශෝධනයකි. එහෙත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙන්නේ එසේවුවහොත්, නීතිඥවරයකුට සැකකරුවා හමුවනු ඇත්තේ පොලිස් පොතේ ඔහුගේ ප්‍රකාශය සටහත් කරගැනීමෙන් පසුව බවය. මෙම සංශෝධන සියල්ල කෙටුම්පතක් ලෙස ගැසට් කර තිබෙන අතර එසේ නමුත් මේ දක්වාම පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන නොමැත.

ජීඑස්පී ගැටලුව නැවතත් කරළියට පැමිණ ඇත්තේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස අගමැති වික්‍රමසිංහ, තම ක්ෂේත්‍රය යටතේ නව නීති හදුන්වාදීමට ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායම දෙවැනි වරටත් විරෝධය දක්වා තිබෙන අවස්ථාවකය. අවසන්වරට පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී අනුර ප්‍රියදර්ශන යාපා මෙම කරුණ මතු කළේ ය. බලශක්ති සැපයුම (විශේෂ අවස්ථා) පනත යටතේ යෝජිත නව නීති වලින්, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයාට, “ හදිසි තත්ත්වයක් ලෙස සලකා එළැඹෙන දශකයක කාලයේ විදුලි බලයට, ඛනිජ තෙල්වලට සහ විකල්ප බලශක්තීන්ට ඇති ජාතික බලශක්ති අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, එම අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් වන බලශක්තියක්, උත්පාදනය කිරීමට, සම්ප්‍රේෂණය කිරීමට හා බෙදාහැරීමට පුළුල් බලතල හිමිවේ“. මෙම අවසරය වසර දෙකක කාලයකට වලංගුය.

ශ්‍රී ලංකාව බලශක්ති අර්බුදයක තර්ජනය හමුවේ සිටින බවට කිසිදු සැකයක් නැති බව අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේය. ගැටලුවේ බරපතළභාවය තේරුම්ගැනීමට මේ දක්වාම අපොහොසත්ව සිටින ලංකා විදුලි බල මණ්ඩලය, එවැනි තත්ත්වයකට මුහුණදීම සදහා අවශ්‍ය පියවර කිසිත් ගෙන නොමැති බවට ඔහු චෝදනා කළේය. ඉදිරි වසරේ බලශක්ති ඉල්ලුම නිසා ඇතිවන බලශක්ති අර්බුදයක් හමුවේ නැවත වරක් දීප ව්‍යාප්තව විදුලිය බිද හෙළීමට (පවර් කට්) සිදුවනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේය. එසේවුවත්, අගමැති වික්‍රමසිංහ ඉදිරිපත් කළ කෙටුම්පතෙහි තිබූ ඇතැම් කරුණු අමාත්‍යවරුන් කිහිපදෙනකුට ගැටලු මතු කළේය. බලය සහ ශක්තිය විෂයයන් බාරව අමාත්‍යවරුන් දෙදෙනකු සිටින අතර ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝය. විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විදුලි බල සැපයුම හා බෙදාහැරීම සම්බන්ධයෙන් වගකීම උසුලන අතර, ඛනිජ තෙල් සහ විකල්ප බල ශක්ති අවශ්‍යතා පැමිණෙන්නේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා යටතටය.

යෝජිත නව නීතිවලින් මෙම අමාත්‍යවරුන් දෙදෙන නොසලකා හැර තිබෙනවා සේම, ඇතිකිරීමට යෝජනා කර ඇති ශක්ති සැපයුම් කමිටුවක සාමාජිකත්වයට පවා එම අමාත්‍යවරු දෙදෙන අනුයුක්ත කර නොමැති බව යාපා පෙන්වා දුන්හ. මේ තත්ත්වය හමුවේ ඔවුන් දෙදෙන කමිටුවේ සාමාජිකයන් 11 දෙනා ගන්නා තීරණ ඒ අනුව ක්‍රියාත්මක කිරීමට පමණක් සීමාවන බව අමාත්‍යවරයා පැවසුවේය. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා (හෝ ඔහු යෝජනා කරන තැනැත්තා), විදුලිබල සහ පුනර්ජනනීය ශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා (හෝ ඔහු යෝජනා කරන තැනැත්තා), සංවර්ධන ක්‍රමෝපාය සහ අන්තර්ජාතික වෙළදාම පිළිබද අමාත්‍යංශ ලේකම්වරයා (හෝ ඔහු යෝජනා කරන තැනැත්තා), ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා, ලංකා ඛනිජතෙල් නීතිපත සංස්ථාවේ සභාපතිවරයා, බලශක්ති නියාමකයෙක් (නව නීතිය යටතේ යෝජිත), වානිජ මණ්ඩලයේ බලශක්ති කමිටුවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනයේ ප්‍රධානියා, ශ්‍රී ලංකා තිරසාර ශක්ති අධිකාරයේ සභාපතිවරයා, මෙම කමිටුවේ සාමාජිකයෝය.

මෙම පනත බලාත්මක කිරීමෙන් අමාත්‍යවරු දෙදෙනකු නමට පමණක් සීමා වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු ජනපති සිරිසේන හමුවේ පැවසුවෝය. එක් අමාත්‍යවරයකු අදහස් දක්වමින් මෙම පනත ද, පෙර අවස්ථාවක කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කැරුණු සංවර්ධන (විශේෂ අවස්ථා) පනත හා සමාන බව පැවසුවේය. එම පනතින් ද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ පැවති අමාත්‍යංශ රාශියක බලය, විෂය භාර අමාත්‍යවරයා යටතට ලබාදීමට යෝජනා ඉදිරිපත් කර තිබූ අතර, පසුව මෙම පනත ඉවත් කර ගැනිණ.


යෝජිත නව නීතියෙන් ස්ථාපිත කෙරෙන බලශක්ති සැපයුම් කමිටුවේ ක්‍රියාකාරීත්වය පහත පරිදි වේ.

● විදුලි බලය, ඛනිජ තෙල් සහ අනෙක් බල ශක්ති අවශ්‍යතා සම්බන්ධයෙන් ඇති උත්පාදන, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් සම්බන්ධයෙන් වන ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීම. භාණ්ඩ හා සේවා සපයාගැනීම ද මෙයට අදාළය.
● සියලුම ආකාරයේ පුනර්ජනනීය ශක්ති සම්පත් සම්බන්ධයෙන් ගැලපෙන ඕනෑම ආකාරයකින් කටයුතු කිරීම.
● විදුලි මිීටර ඇතුළු වෙනත් අදාළ උපකරණ මිලයට ගැනීම හා පෞද්ගලික අංශයෙන් එම උපකරණ මිලයට ගැනීම සදහා අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම.
● ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ විදුලි බල මණ්ඩලයේ සියලුම අංශ වල ක්‍රියාකාරීත්වය පිරිමැසුම්දායී මට්ටමකට ගෙන ඒම.
● බලශක්තිය ඉතිරි කරගැනීම සහ වෙනත් බලශක්ති සම්පත් භාවිතය ප්‍රවර්ධනය කිරීම.
● හදිසි තත්ත්වයක් ලෙස සලකා එළැඹෙන දශකයක කාලයේ විදුලි බලයට, ඛනිජ තෙල්වලට සහ විකල්ප බලශක්තීන්ට ඇති ජාතික බලශක්ති අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, එම අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් වන බලශක්තියක්, උත්පාදනය කිරීම, සම්ප්‍රේෂණය කිරීම හා බෙදාහැරීම සහතික කිරීම.
● විදුලි බල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ වෙනත් ශක්ති සම්පත් වල භාවිතයන් නියාමනය කිරීම.
කැබිනට් වෙනසක් සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටි.



අදහස් (0)

මැයි දින හටන

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 18 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 298 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 160 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 543 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 637 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2627 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site