IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තවත් ලොකු වූ අපේ පුංචි රටේ ඇමැති මණ්ඩලය

 

අලූතෙන් දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු ජනපති සහ අගමැති සමඟ

 

ආශ්චර්ය පුදුමාකාරය. අංශ ගණනාවකින් ශ්‍රී ලංකාව ආශ්චර්යමත් රටක් වී ඇත. එයින් ප‍්‍රමුඛ ස්ථානය ඇමැති මණ්ඩලයයි. අලි මදිවාට හරක් කීවා සේ පසුගිය සතියේදී ඇමැති මණ්ඩලයට තවත් 9 දෙනෙක් එක් කරනු ලැබීය.

ඒ අනුව දැන් අපේ ඇමැති මණ්ඩලය 104කි. රජයේ මුළු ඇමැති සංඛ්‍යාව 160කි. ඇමැතිකම් නොමැති සංඛ්‍යාව 56කි. ඉන් තිදෙනෙක් කතානායක, නියෝජ්‍ය කතානායක හා කාරක සභා නියෝජ්‍ය සභාපතිය. ඒ තිදෙනා හැරුණු විට ඇමැතිකම් හෝ වෙනත් තනතුරු නොමැති මන්තී‍්‍ර සංඛ්‍යාව 53කි.මේ අතරම අධීක්ෂණ මන්තී‍්‍රවරුන් පිළිබඳවද අසන්නට ඇත. එහෙත් අධීක්ෂණ මන්තී‍්‍ර තනතුරු වශයෙන් නිල පත්වීමක් ලබාදී නැති බව වාර්තාවේ.

අධීක්ෂණ මන්තී‍්‍රවරු වශයෙන් කීප දෙනෙක් පත්කර සිටියත් ඔවුන්ට අමතර දීමනාවක්, කාර්ය මණ්ඩලයක් හෝ වෙනත් පහසුකමක් හිමිවී නොමැති බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් කීය.නිල වශයෙන් ඇමැති තනතුරු නොලැබූ 53 දෙනාටත් ඇමැති පදවි ලබා දෙනවාට ආණ්ඩු පක්ෂයෙන් කිසිවකු විරෝධය නොදක්වනවා ඇත. හැන්ද අතේ ඇති පුද්ගලයා කැමැති කැමැති පරිදි කැමැති පුද්ගලයන්ට රිසි සේ තනතුරු බෙදාදීම සිදු කරයි. ඒ සඳහා අවහිරයක් බාධාවක් නැත. බාධා කළත් වැඩක් නැත.

පසුගිය සතියේදී අලූතෙන් පත් කරන ලද නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාව 9 කි. මේ 9 දෙනා සඳහා අමතරව වැය කිරීමට සිදුවන සාමාන්‍ය මුදල දළ වශයෙන් සලකා බලමු.

නියෝජ්‍ය ඇමැතිවරයකුගේ වැටුප රුපියල් 63500 කි. අලූතෙන් පත්වූ 9 දෙනා සඳහා මාසිකව වැය වන මුදල රුපියල් 5,71,500.00කි. වසරකට රුපියල් 68,58,000.00කි.

නියෝජ්‍ය ඇමැතිවරයකුට බස්නාහිර පළාත තුළ පෙට‍්‍රල් වාහන දෙකක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් 40,000.00කි. ඞීසල් වාහන දෙකක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් 20,000.00කි. බස්නාහිර පළාතෙන් පිට නියෝජ්‍ය ඇමැතිවරයකුට පෙට‍්‍රල් වාහන 2ක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් 65,000.00කි. ඞීසල් වාහන දෙකක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් 30,000.00කි.

මේ පත්ව සිටින නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනාගෙන් 8 දෙනෙක්ම බස්නාහිර පළාතෙන් පිටය. ඒ අනුව ඔවුන්ට මාසිකව ඉන්ධන සඳහා වැයවන මුදල රුපියල් 5,20,000.00කි. නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනා සඳහාම වසරකට වැයවන ඉන්ධන දීමනාව රුපියල් 62,80,000කි.

නියෝජ්‍ය ඇමැතිවරයකුට දුරකථන 4 කට හිමිකම් ඇත. කාර්යාලයට 2ක් හා නිවසටත් ජංගම දුරකථනයක් වශයෙන් 2කි. කාර්යාල දුරකථන 2ට ගාස්තුව මාසයකට රුපියල් 10,000.00කි. නිවසේ හා ජංගම දුරකථනයට රුපියල් 7000කි. ඒ අනුව නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනාට දුරකථන සඳහා මාසිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් 1,53,000.00කි. වසරකට වැයවන මුදල රුපියල් 18,36,000.00කි

නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සහාය කාර්ය මණ්ඩලය 10කි. පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මහජන සම්බන්ධතා ලේකම්, පුද්ගලික සහකාර එක් පුද්ගලයෙක් වශයෙනි. කළමනාකරණ සහකාර, කාර්යාල කාර්ය සහායක හා රියදුරන් දෙදෙනෙක් බැගිනි. නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනා සඳහා කාර්ය මණ්ඩලය 90කි.

මේ පිරිසගේ මාසික දීමනාව දළ වශයෙන් රුපියල් 30,000.00කි. කාර්යමණ්ඩලයේ 90 සඳහා මාසිකව වැයවන මුදල රුපියල් ලක්ෂ 27කි. වසරකට වැයවන මුදල රුපියල් තුන්කෝටි විසිහතර ලක්ෂයකි.

නියෝජ්‍ය ඇමැති කාර්ය මණ්ඩලය යටතේ පෞද්ගලික ලේකම් සඳහා දුරකථන ගාස්තුව මාසයකට රුපියල් 5250.00කි.

සම්බන්ධීකරණ ලේකම්ට හා මහජන සම්බන්ධතා නිලධාරිට රුපියල් 4000.00 බැගිනි.ඒ අනුව නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා මාසිකව වැයවන දුරකථන වියදම රුපියල් 1,19,250.00කි. වසරකට රුපියල් 14,31,000.00කි.
නියෝජ්‍ය ඇමැතිවරයකුගේ කාර්ය මණ්ඩලය යටතේ පෞද්ගලික ලේකම්වරයකුට ඉන්ධන ලීටර් 240ක් හිමිවන අතර, අනුමත උපරිම මුදල රුපියල් 19,200.00කි. ඒ අනුව පෞද්ගලික ලේකම්වරු 9 දෙනා සඳහා මාසිකව වැයවන මුදල රුපියල් 1,72,800.00කි. වසරකට රුපියල් 20,73,600.00 කි.

මෙම සංඛ්‍යා ලේඛණවලට අනුව නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනා සඳහා වසරකට වැය කිරීමට සිදුවන මුදල දළ වශයෙන් කෝටි 5 කට අධිකය.

මේ තරම් විශාල මුදලක් වැය කරනු ලබන්නේ කවුරුන් සඳහාද යන ප‍්‍රශ්නය ප‍්‍රධානය. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට රජයේ නොපියවූ ණය ප‍්‍රමාණය පසුගිය වසරේදී රුපියල් මිලියන 60,00,000කි. විදේශීය ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 27,00,000කි.
ඉතින් මෙය අපේ රටට තවත් බරක් නොවන්නේද?

ඔබේ ප‍්‍රතිචාරය  [email protected] යන ඊමේල් ලිපිනයට හෝ 0112314886 යන ෆැක්ස් අංකයට යොමු කරන්න.

 

 

දයාසීලී ලියනගේ

 



අදහස් (0)

තවත් ලොකු වූ අපේ පුංචි රටේ ඇමැති මණ්ඩලය

අස්මිත් Sunday, 20 October 2013 01:01 PM

පොදුවේ ඕනෑම මිනිසෙකුට තේරෙන භාෂාවකින් කියනවා නම් මේ නාස්ති කාර වියදම් සහිත පළාත් සභා ක්‍රමය හා නිලදාරින්ට යොදන පිරිවැය රටේ අනිකුත් සංවර්දන හා ජනතා අත්‍යවශ්‍යත්වයන් සදහා යොදා ගැනීමෙන් රටේ දුප්පත් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට මහත් අස්වැසිල්ලක් විය හැකි අතරම උද්දමනයටත් පිටිවහලක් විය හැකියි.(නදී)

:       0       0

රණ රාල Wednesday, 16 October 2013 02:59 AM

මේක විශාල අසාධාරණයක්. මම මේකට ඉතාමත්ම තදින් විරුද්ධයි. අපි සියලු දෙනාම එකාවන්ව පෙළගැසී මේ මහා අසාධාරණයට විරුද්ධව සටන් කරන්න ඕනෑ. එක පිට එකා මැරී වැටුණත් ඉතුරු මන්ත්‍රීගොල්ලෝ 53 දෙනාටත් අඩුම ගණනේ නියෝජ්‍ය උප ඇමති තනතුරක්වත් අලුතෙන් අමාත්‍යංශ හදලා හරි ලබා දෙන්න කියලා මම ඉතා නිහතමානීව අපේ මුළුමහත් සකල ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා. කියවා තේරුම් ගැනීම තම තමන්ගේ හැකියාව අනුව බව පාඨකයා සළකත්වා. (නි)

:       0       0

සින්හ Friday, 18 October 2013 10:33 AM

මේ අයගේ නඩත්තුව සදහා යන වියදම මෙන් විසි තිස් ගුණයකවත් සේවයක් මොවුන්ගෙන් රටට වියයුතුයි (නි)

:       0       0

විදානගේ/මිනුවන්ගොඩ Thursday, 17 October 2013 12:04 PM

එදාවේල කන්නන බැරිව ලෙව කකා වගේ බත් පත කන මිනිස්සු ඉන්නන අපේ රටට ටව මොනවාද වැඩි කරන්න ඕනි කියල ඒ අයගෙන්ම අහල බැලුවොත් හොදයි (දිල්)

:       0       0

චන්ද්‍රා Tuesday, 15 October 2013 05:24 PM

එක් කෙනෙක්ව නම් දැන් විශ්‍රාම යවන්න කාලේ හොදයි (නි)

:       0       0

අජිත් Monday, 14 October 2013 01:02 PM

සැබවින්ම ජනතාවට සේවයක් වන්නේ නම් ගැටළුවක් නැත. නමුත් වන්නේ අනෙකකි. නිවැරදි තීරණය ගැනීමට තවමත් ප්‍රමාද නැත (නි)

:       0       0

සමන් Friday, 18 October 2013 08:12 PM

මම ඉන්න රටේ ජනගහණය ලක්ෂ 450 යි. හැබැයි ඇමතිවරු 6 දෙනයි. (නි)

:       0       0

ගීතා Sunday, 13 October 2013 08:32 PM

තමන් ඉපදුනුනු රටට සේවය කරන්න තනතුරු අවශ්‍යම නැහැ. ලෝකය තියන කුඩාම රටේ විශාලම ඇමති මණ්ඩලයට තවත් එකතු කලාම ගීනස් වාර්තාව නිකම්ම ලැබෙයි. මේ තනතුරු ගන්නේ තමන්ට වෙන වාසී වලට විතරයි. තවත් කුඩු බිස්නස් , ළමා අපචාර, නිදන් හැරිම්,ප්‍රචණ්ඩ ක්‍රියා , නීතිය අතට ගැනීම හැරුනම වෙන මොනවද මේ අයගෙන් රටට වෙන්නේ. ජනාධිපති ගේ ඉදල පළාත් සභා මන්ත්‍රී ලගටම දුෂණ , වංචා . තවත් එකතු කලාම දුෂණ තවත් වැඩිවෙයි. ඉස්සර මිනිස්සු දේශසපාලනයට ආවේ තමන්ගේ දේ කැපකරලා. (නදී)

:       0       0

අස්මිත් Sunday, 13 October 2013 08:59 PM

කව්රුවත් ප්‍රතිචාර දන්නා කැමති නැතුව වගෙයි.අනේ මන්ද අපි කනබොන හැටි ලිප දනී කියල කියමනක් තියෙනවා නේද?දැන් නගරවල් වල හැමතැනම රත්තරන්/ත්‍රීවිලර්/මොටබයික්/උකස් මද්‍යස්ථාන පිරීගෙන යනවා.හැමතැනම වගේ තරගෙට පොලි අඩු වැඩි වශයෙන් ආයතන පිරෙන්නේ ජනතාව සුකිත මුදිත හින්ද නේද?මාසේ අන්තිමට ලයිට් බිල/වතුර බිල ගෙවන්නත් රතතරන් බදු උගස් තියන්න ඕනේ ලෙඩක් දුකක් ආවත් කනකර උගස් තියලතමයි හුගක් දෙන ජීවිතේ ගැට ගහගෙන යන්නේ!දවස් දෙකතුනක් එක දිගට වැස්සොත් මුලු පවුලම හාමතේ නැත්තම්,අතේ කනේ තියෙන දේ උකස් තියන්නම ඕනේ යන්තම් හරි පොඩි එවුන්ගේ බඩකට පුරවා ගන්න.රටේ ජනතාව දෙකෙන් කොටසක් මෙහෙමයි ජීවත් වෙන්නේ(දිල්)

:       0       0

බමුණු Saturday, 19 October 2013 12:44 PM

"මම ඉන්න රටේ ජනගහණය ලක්ෂ 450 යි. හැබැයි ඇමතිවරු 6 දෙනයි" ඔය බුද්දිමත් මිනිසුන් ඉන්න රටක් වෙන්න ඇති. එකට අපේ රට. (අ)

:       0       0

බමුණු Saturday, 19 October 2013 12:48 PM

"ඇමති මණ්ඩලය ලොකු කරලා වැඩක් නැහැ. පිටරටවල එක ඇමතිවරයෙක් අමාත්‍යංශ 2-3ක වැඩ කරනවා, " ඒකනේ විග්නේශ්වරන් මහා ඇමතිතුමාට අමාත්‍යංශ ගනනාවක් දුන්නේ. එයා හොඳට කරාවි කියා හිතෙනවා අපි මේ ලියන ඒවා ලොකු උන්දලා කියවනවා නම් .(නදී)

:       0       0

ජනිත Tuesday, 15 October 2013 07:30 PM

රුවන් වගේ අයත් මේ රටේ ඉන්නවනේ? (නි)

:       0       0

ශාන් Saturday, 19 October 2013 01:15 PM

සල්ලි අපරාදේ මේ ඔක්කොම අයට දෙන පඩි, නඩි..(නදී)

:       0       0

බමුණු Wednesday, 16 October 2013 09:50 AM

නිවට මිනිස්සු ඉන්න රටක මෙහෙම වෙනවා (නි)

:       0       0

බමුණු Saturday, 19 October 2013 01:40 PM

ලියන අදහස් සංස්කරණය කරන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අයගේ නම්වල කොටස් තමයි එහෙම දාන්නේ. වැරදි නරක අදහසක් දැම්මොත් සංස්කරනය කරපු කෙනාව පහසුවෙන් කතෘට අල්ලගන්න පුලුවන් ඒකයි එහෙම දාන්නේ.

:       0       0

රුවන් කොටුවෙල්ලේ Tuesday, 15 October 2013 05:47 AM

කෙරෙන වැඩ දිහා බැලුවහම මීට වඩා උප ඇමතිවරුන් වුවමනා වෙනවා. රට පොඩි වුණාට සීග්‍ර සංවර්ධනයට නායකත්වයක් ඕනෑ.හණමිටි අදහස් නවත්වන්න. සුබ පැතුම්!

:       0       0

ඔසධ Monday, 14 October 2013 10:57 AM

ලොකු අපරාධ මේවා (නි)

:       0       0

දර්ශන් Thursday, 17 October 2013 08:47 AM

ඇමති මණ්ඩලය ලොකු කරල‍ා වැඩක් නැහැ. පිටරටවල එක ඇමතිවරයෙක් අමාත්‍යංශ 2-3ක වැඩ කරනවා, සිංගපූරුව හරි ආදර්ශයට ගන්න පුළුවන්නේ. (නි)

:       0       0

මර්වින් Monday, 14 October 2013 08:22 PM

ලංකාවේ ඇමති මණ්ඩලය 30 දක්වා අඩු කළ යුතුයි.(නදී

:       0       0

ශමිලා Monday, 14 October 2013 12:30 AM

මෙය අපේ රටට බරක් නොවේ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 16 October 2013 12:20 AM

රුවන් වගේ අය තමා රටේම ඉන්නේ, නැත්තම් මේ ඇමතිවරුන්ව පත් කරන්න ඡන්දෙ දමාවිද? (නි)

:       0       0

අස්මිත් Tuesday, 15 October 2013 09:30 AM

දියුණු වු රටවල් හා දියුණුවෙමින් පවතින රටවල් ලෝකයේ තව තිබෙනවා!ඒ අය සියල්ලෝම හණමිටි අදහස්කාරයෝද?කෙරෙන වැඩ දිහා බලනකොට මොවුන්ට ඡන්දෙ දුන් අයටයි මේවාට සුබ පැතුම් එවන සුළු පිරිසකටයි දෙස් දීමට කාලය පැමිණ තිබේ. දිනකට රටෙන් කී දෙනෙක් ජීවත්වෙන්න බැරි හින්දා දරුවන් තනිකරලා මැදපෙරදිග වහල් සේවයටයි/නගරවලට ගණිකා වෘත්තියටයි අවතීර්ණ වෙනවද? මේ සියල්ලෝම ජීවත් කරවන්න කාගෙන්ද බදු අයකරන්නේ?? (නි)

:       0       0

ජ. තිසර Monday, 14 October 2013 02:08 AM

අර මොකක්ද වටා කැරකෙන මැස්සන්, නිල මැස්සන් රැසකින් මිනිසාට වැඩක් නැත. එක මී මැස්සෙක් රොන් බිඳක් සොයා මල් රැසක් වෙත දුකසේ පියඹා ගොස් ඒ මල් පරාගනය කරමින් ගස් වැල් වලට පලදාව ඇතිකරමින් එකතු කරගත් රොන් මී වදයට දී පිලවුන් පෝෂණය කරන අතර මී වදය අයිතිකරුවා මෙන්ම දහසකුත් දෙනාට අවශ්‍ය මී පැණි සපයයි. වටින්නේ තත්ත්වයයි. ප්‍රමාණය නොවේ. (නි)

:       0       0

දයාරත්න Wednesday, 16 October 2013 01:36 AM

මෙය ජනතාවගේ කැමැත්තට අනුව සිදුවන්නක් නොවේ.ජනතාවට සේවයක් වන්නේ රජයේ ආයතනවල සේවයේ යෙදී සිටින නිලධාරීන්ගෙන් බැවින් කළ යුත්තේ එම ආයතන දියුණු කර වැඩියෙන් රැකියා ලබා දීමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 62 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 163 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 18 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 278 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 199 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 245 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site