IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දළදා මාලිගාව අවට ඇති සුරාසල් වහන්න

 

මහනුවර ඓතිහාසික නගරයකි. සමස්ත බෞද්ධ ජනතාවගේ පමණක් නොව දෙස් විදෙස් අබෞද්ධ ජනතාවගේද, ගෞරවාදරයට හා පූජනීයත්වයට ලක්වූ ”ලෝක උරුම නගර සංස්කෘතියේ ලෝක උරුමයක් වූ ශ්‍රී දළදා මාලිගාව නිසාම මේ නගරය ලොව පුරා මුල්තැනක් ගනී. 


ලෝක පූජිත ඓතිහාසික නුවර පෙරහර හෙවත් කැන්ඩි පෙරහර නරඹන්නට නුවර පුරවරයට පය නොගසපු විදේශිකයකු නැති තරම්ය. 


මෙරට රාජවංශය නිමාවන්නේ ද මේ ඓතිහාසික පුරවරයෙනි. ඒ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික‍්‍රම රාජසිංහ නිරිඳුන් ඉංග‍්‍රීසි පාලකයන්ගේ ග‍්‍රහණයට පත්වී සිරකරුවකු වීම නිසාය.


ඉන්පසු කන්ද උඩරට හෙවත් ”කැන්ඩි” ලෙස ඉංග‍්‍රීසින් හැඳින්වූ මහනුවර පුරවරය ඉංග‍්‍රීසි ආණ්ඩුවේ පාලනයට නතුවිය. ඉංග‍්‍රීසීන්ගේ විනෝදය තකා තානායම් හෝටල් මත්පැන් අලෙවි ස්ථාන මහනුවර නගරයේ බිහිවිය. මහනුවර නගරයේ මත්පැන් අලෙවිසල් ආරම්භ වූයේ ඉංග‍්‍රීසි පාලනයත් සමග බව ඉතිහාසයේ මෙන්ම අද ද පවතින මතයකි. ඉංග‍්‍රීසින්ගේ විනෝදය සතුට උදෙසා විවිධ නම්වලින් නගරයේ මත්පැන් අලෙවිය සමග නිවාඩු නිකේතනද බිහිවිය. 


දළදා වහන්සේ වැඩ සිටින අඩවියේ ශ්‍රී දළදා සමිඳුන් වැඩසිටින දළදා මාලිගය ඉදිරිපිට මත්පැන් අලෙවිය සමග හෝටල් ආරම්භ විය. 
දළදා මැදුර ඉදිරිපිටම ඇති ප‍්‍රධානතම මත්පැන් අලෙවි ස්ථාන දෙකක් පිහිටා ඇත්තේ රැජිණ හෝටලය හෙවත් ක්වීන්ස් හෝටලයේය. එය සෑම රජයකම පාලකයෝ මැනවින් දැන සිටි අතර ඒ සෑම රාජ්‍ය පාලකයකුම ක්වීන්ස් හෝටලයට ගොඩ වැදී ඇත. 


මහනුවර නගරයේ මත්පැන් අලෙවිසල් නවයක් (09) වසා දැමිය යුතු බවට ජාතික සංඝ සම්මේලනයේ භික්‍ෂූන් වහන්සේලා ඉකුත්දා ශ්‍රී දළදා සමිඳුන් අභියසදී අධිෂ්ඨාන ක‍්‍රියාවක් කළහ.


ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මහනුවර නගරය තුළ පමණක් රජය විසින් නිත්‍යානුකුල බලපත‍්‍ර ලබාදී රජයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීතිරීති යටතේ පාලනය වන මත්පැන් අලෙවි සල් 45 ක් පමණ තිබේ. දළදා මාලිගාව පිහිටි අවට ඇති නිත්‍යානුකූල බලපත‍්‍ර සහිත මත්පැන් අලෙවි මධ්‍යස්ථාන මෙසේය. 


ක්වීන්ස් හෝටලයට අයත් මත්පැන් අලෙවි කුටි (බාර්) දෙකකි. ඓතිහාසික මල්වතු මහා විහාරය ආසන්නයේ ”ස්විස් හෝටලය” තුළ බාර් දෙකකි. ධර්මරාජ විද්‍යාලයට යාමට ඇති ලූවී පීරිස් මාවතේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකුට අයත් බාර් එකක් පිහිටා ඇත. 


දළදා වීදියේ සුපිරි වෙළෙඳ ආයතනයක ඉතා ප‍්‍රසිද්ධ මත්පැන් අලෙවි සලක් ඇත. එම වීදියේ ඉහළ මාලයක තවත් සුපිරි මත්පැන් අලෙවි මධ්‍යස්ථානයකි. මෙහි විදේශිකයෝ නිතර නිතර සමූහ වශයෙන් බීර පානය කරති. 


රජ වීදියේ සුපිරි තත්ත්වයේ මත්පැන් අලෙවිය සමග සුපිරි නවාතැන් පොළකි. මෙහි නිත්‍යානුකූලව රජයේ නියමයන් මත මත්පැන් අලෙවිය දෙස් විදෙස් සැමට කරයි. 


කොළඹ වීදියේ ඉතාම ජනාකීර්ණ ස්ථානයක වික්ටරි නමින් මත්පැන් අලෙවි මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යයි. මෙම ස්ථාන සියල්ල රජයේ සුරාබදු අණ පනත් අනුව නියමිත වේලාවන්ට විවෘත කර, නියමිත වේලාවන්ට වසාදමන ඉතා ප‍්‍රසිද්ධ ස්ථානය.
කොළඹ වීදියේ මත්පැන් අලෙවි සල් පහක්ද, වඩුගොඩපිටියේ වීදියේ එකක්ද, දළදා වීදියේ ඔරලෝසු හන්දියට ආසන්නව තවත් මත්පැන් අලෙවි සලක්ද, මහනුවර පොලිස් මූලස්ථානයට යාබදව කටුකැලේ වීදියේ සුපිරි මත්පැන් හලක් සමග සුපිරි ආපල ශාලා සංකීර්ණයක්ද පේරාදෙණිය මාර්ගයේ මත්පැන් අලෙවි සල් දෙකක්ද පවත්වාගෙන යයි.


මේ සියලූ මත්පැන් අලෙවි ස්ථාන නිත්‍යානුකූලව දිස්ති‍්‍රක් ලේකම්වරයාගේත්, සුරාබදු කොමසාරිස්වරයාගේත් නිසි අවසරයෙන් පවත්වාගෙන යන පාරිභෝගික ජනතාව (මත්පැන්වලට ලොල්වූ) වැඩිපුර ගැවසෙන ස්ථෘන වශයෙන් හැඳින්විය හැකිය. 


මහනුවර ඇසළ පෙරහර ගමන් කරන දේව වීදිය අසල ආපන ශාලාවක මත්පැන් හලක් කාලයක් තිස්සේ තිබිණි. එහෙත් පසුකලෙක එය වසා දැමීමට රාජ්‍ය මට්ටමෙන් පියවර ගනු ලැබීය.


වසරකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් රජයට බදු ගෙවන ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ම මහනුවර නගරයේ මත්පැන් අලෙවි මධ්‍යස්ථාන පවත්වාගෙන යති. 

අස්ගිරි මහා නාහිමි


මහනුවර නගරයේ අති විශාල ජනතාවක් දිගු පෝලිම්වල රැඳී සිට පොරකමින් තෙරපෙමින් මත්පැන් වර්ග මිලදී ගන්නා සුපිරි වෙළෙඳ ආයතනයක්ද ශ්‍රී දළදා මාලිගාවට ආසන්නව දළදා වීදියේ පිහිටා ඇත.

 
මහනුවර නගරයේ මත්පැන් අලෙවි සල් ඉවත් කිරීම සම්බන්ධ මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති සේන දිසානායක මහතා (එජනිස) දරන්නේ මෙවන් මතයකි. 


නගරයේ මත්පැන් අලෙවි සල් වැසීමෙන් මේ නගරයට යන එන සංචාරකයන්ටත් විශාල පාඩුවක් සිදුවෙනවා. ඒ වගේම නීති විරෝධී මත්පැන් ජාවාරමටත් ඉඩක් ලැබෙනවා. මහනුවර නගරය සංචාරක පුරයක්. මේ නගරයේ හෝටල් කීයක් තිබෙනවාද සංචාරකයන් සඳහාම වෙන්වූ මේ ස්ථානවල තිබෙන මත්පැන් අලෙවිය තහනම් කළොත් සංචාරකයෝ නගරයේ නතර වේවිද? මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. මතට තිත වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම ගැන.  අද ප‍්‍රසිද්ධියේ දුම්පානය කරන එක නතර වෙලා. බස් රියේ, දුම්රියේ රෝහල් පරිශ‍්‍ර තුළ අද දුම්පානය කරන්නේ නැහැ. ආණ්ඩුව ඒකට එරෙහිව නීතියක් ගෙනාව ප‍්‍රසිද්ධියේ දුම්පානය කරන්නන් පොලිසියෙන්, සුරාබදු අංශයෙන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරල දඩ මුදල් නියම කරනවා.


මත්පැන් පානය කරල මහනුවර නගරයේ අද ප‍්‍රසිද්ධියේ අශෝභනව හැසිරන්න බැහැ. මත්පැන් පානය කරල පාරේ වැටවල එල්ලී ඉන්න බැහැ. පොලිසියෙන් අල්ලගෙන යනවා. ඒ නීතිය ඉතා හොඳයි. ඒත් නගරයේ තිබෙන මත්පැන් අලෙවිසල් වසන එකට මම එකඟ නැහැ. 


ලංකාවට එන සංචාරකයන් නුවර සංචාරක හෝටල්වල නතර වෙනවා. මේ අයට එම හෝටල්වල පහසුකම් දිය යුතුයි. මේවා වහන්නේ කොහොමද? නගරයේ මත්පැන් අලෙවි ස්ථාන වැසුවොත් ආර්ථිකයට විශාල හානියක් වෙනවා.


මහනුවර නගරයේ මත්පැන් අලෙවි ස්ථාන තිබෙනවා අපේ නගර සභාවෙන් අවසර දීලා නොවෙයි ඒවා ආරම්භ කළේ. වසර පණහකට වැඩිය පැරණි මත්පැන් අලෙවි ස්ථාන නගරයේ තිබෙනවා.


මහනුවර නගරයේ තිබෙන සෑම සංචාරක හෝටලයකම මත්පැන් අලෙවි මධ්‍යස්ථානයක් තිබෙනවා. නගරයේ තිබෙන ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල් හයක හතක පමණ මත්පැන් අලෙවිය සිදුවෙනවා. මේ හෝටල් තිබෙන්නේ ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේමයි. 
මහනුවර නගරයේ තිබෙන මත්පැන් අලෙවි මධ්‍යස්ථාන රැසකට නිත්‍යානුකූල බලපත‍්‍ර ලබාදී ඇත්තේ නිසි ක‍්‍රමවේදයක් මත බවද මහනුවර නියෝජ්‍ය පුරපති සේන දිසානායක මහතා (එජනිස) පැවසීය.


මහනුවර නගරයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකුවන අශෝක මුණවීර මහතා:- මහනුවර නගරයේ මත්පැන් අලෙවිසල් වැසීමට මහා සංඝයා වහන්සේලා කරන ලද ඉල්ලීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
මහනුවර නගරයේ තිබෙන ”බාර් නවයක්” වසා දමන්න කියන එක අසාධාරණයි. නේද? මේ නගරයේ බාර් 45ක් තිබෙනවා. ශ්‍රී දළදා මාලිගාවේ ප‍්‍රධාන දොරටුව ඉදිරිපිට තිබෙන හෝටලයේ බාර් දෙකක් තිබෙනවා. වැව රවුමේ තිබෙන සංචාරක හෝටලයක බාර් දෙකක් තිබෙනවා. මේ සියල්ල තිබියදී නගරයේ තිබෙන බාර් නවය පමණක් වහන්න කියන්නේ කොහොමද? 


අපි කණගාටු වෙනවා පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුවට සම්බන්ධ හාමුදුරුවරු මෙහෙම තීන්දු තීරණ ගන්න එකට. පාර්ලිමේන්තුවේ ස්වාමීන් වහන්සේලා එළියට ඇවිත් කෑ ගහනවා බාර් වහන්න කියලා. ඊට වඩා හොඳනැද්ද පාර්ලිමේන්තුව තුළදී මේ සම්බන්ධව හඬක් නගන එක. 


මහනුවර නගරයේ පවත්වාගෙන යන්නේ නීති විරෝධී මත්පැන් අලෙවි මධ්‍යස්ථාන නොවෙයි. මේ සියලූ බාර්වලට රජය විසින් නිත්‍යානුකූල බලපත‍්‍ර නිකුත් කර තිබෙනවා. මේවා නිත්‍යානුකූල නැහැ කියන්නේ කෙසේද? මහනුවර දිසාපති අත්සන් කරලයි මේ මත්පැන් බලපත‍්‍ර දෙන්නේ. සුරාබදු කොමසාරිස්වරයාගේ අණ පණත් අනුවයි මේවා පවත්වාගෙන යන්නේ කිසිම මත්පැන් අලෙවි ආයතනයකට හොර බලපත‍්‍ර දීලා නැහැ. එහෙම හොර බලපත‍්‍ර නිකුත් කර තිබෙනවා නම් ඒවාට වැරදිකරුවන් වන්නේ ඒ ව්‍යාපාර කරගෙන යන අය නොවෙයි.


බලපත‍්‍ර නිකුත් කළ රජයේ වගකිවයුතු නිලධාරීන්ද එහෙම නම් හොර බලපත‍්‍ර දීලා තිබෙන්නේ. නගරයේ පවත්වාගෙන යන මත්පැන් අලෙවි සල් සියල්ලටම රජය නිත්‍යානුකූල බලපත‍්‍ර ලබාදී තිබෙනවා. මහනුවර නගරයේ සමහර සුපිරි වෙළඳසල් තිබෙනවා. මෙම ස්ථානවල නීති විරෝධීව බලපත‍්‍ර නොමැතිව විදේශීය මත්පැන් බෝතල් අලෙවි කරනවා. ඒවා හොර ඒවා බව කිව යුතුයි. රජයට වාර්ෂිකව බදු මුදල් ගෙවමින් මත්පැන් අලෙවි කිරීම සඳහාද නිත්‍යානුකූල බලපත‍්‍ර ලබාගැනීමට වාර්ෂිකව විශාල මුදලක් ගෙවමින් තමයි මේ මත්පැන් අලෙවි මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ. 


රුපියල් ලක්‍ෂ තුනේ සිට ලක්‍ෂ දෙක දක්වා බලපත‍්‍ර ගාස්තු වශයෙන් මත්පැන් අලෙවි මධ්‍යස්ථාන පවත්වාගන යන්නන් රජයට මුදල් ගෙවලයි බලපත‍්‍ර ලබා ගන්නේ. ඒවා අලූත් කරන්නේ මාසිකව රුපියල් තුන් ලක්‍ෂ අසූ දහසක මුදලක් ගෙවල මේ ව්‍යාපාරය කරගෙන යන ස්ථානයක් මහනුවර නගරයේ තිබෙනවා. ආණ්ඩුවෙම ඉන්න මන්ත‍්‍රී හාමුදුරුවරු රජයට ලැබෙන ආදායම නැති කරන්නද මේ සදානම් වන්නේ කියල හිතෙනවා.


මහනුවර නගරයේ ඉන්න හැම මත්පැන් අලෙවි මධ්‍යස්ථාන පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ට මේ නීතිය බලපානවානම් ඒකට කවුරුත් එකඟ වෙයි.


නීති විරෝධීව පවත්වාගෙන යන මත්පැන් අලෙවි ස්ථානවලට ආණ්ඩුවෙන් කිසිම දවසක බලපත‍්‍ර දෙන්නේ නැහැ.
මහනුවර නගරයේ ඇතැම් ස්ථානවල රහසිගත විදේශීය මත්පැන් අලෙවි කරන ස්ථාන කිසිදා රජයට බදු ගෙවන්නේ නැති බවත් මේ සියල්ල නීති විරෝධි ඒවා බවත් ව්‍යාපාරික අශෝක මුණවීර මහතා වැඩිදුරටත් කීය.


අස්ගිරි පාර්ශවයේ මහා නායක, රාජකීය පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි ජාතික සංඝ සම්මේලනයේ භික්‍ෂුන් වහන්සේලා හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවැසූහ. 


අද රට පුරාම නගරවල මත්පැන් අලෙවිසල් විවෘත කරල. ඒවට නීති ක‍්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ. පූජා නගර, පාසල් සිද්ධස්ථාන අසල තිබෙන මත්පැන් අලෙවිසල් වහන්න බැහැ. ඒවාට ඇතැම් දේශපාලනඥයන්ගේ සහාය ලැබෙනවා. මේ අය තමයි හැම තැන බාර් අරින්න සහාය දෙන්නේ. මේවා එරෙහිව කථා කරන අයට දාමරිකයන් දාලා ඒවා මැඩ පවත්වනවා.


දේශපාලනඥයන් තමන්ට වැඩ කරන අයට සුරාසල් බලපත‍්‍ර ලබාදෙනවා. ඒ අය තමන්ට අවශ්‍ය තැන්වල ඒවා විවෘත කරනවා. පාසලද, පන්සලද කියන එක එම සුරාසල් අරින අයට වැදගත් නැහැ. මේවා ගැන බලධාරීන් දැනුම්වත් කළත් වැඩක් නැහැ. 


ශ්‍රී දළදා මාලිගාව අවට මත්පැන් අලෙවිසල් ඉවත් කරන්න කියල අප කීපවරක් ඉල්ලා තිබෙනවා. නමුත් කිසිවෙක් හෝ ඒවා ක‍්‍රියාත්මක කළේ නැහැ. අපි මේවා ගැන කොපමණ කෑ ගැහැව්වත් දැඟලූවත් වැඩක් නැහැ. 


මේ මත්පැන් උවදුර රටට මහා පිළිලයක්. බොහෝ මිනිස්සු දුක් මහන්සියෙන් කීයක් හරි දවසට හොයා ගන්නවා. ඒක අරගෙන ගිහින් බාර්වලට දීලා මත්පැන් බොනවා. පසුව ගෙදර ඇවිත් තමන්ගේ බිරිඳට දරුවන්ට ගහල රණ්ඩු වෙනවා. අන්තිමට ගෑනු, දරුවෝ බඩගින්නේ. ඒ නිසා මේ උවදුර නැති කරන්න සැම දෙනා එකතු වී කටයුතු කළ යුතුයි. 


මහනුවර නගරයේ තිබෙන නීති විරෝධි මත්පැන් අලෙවි සල් වසා දැමීමට බලකිරීම සම්බන්ධයෙන් ජාතික සංඝ සම්මේලනය විශේෂ සංදේශයක් සකසා එකී සංදේශය මල්වතු අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලා වෙත බාරදී මෙම කාර්යය සඳහා මහා නාහිමිපාණන් වහන්සේලාගේ පූර්ණ සහාය ලබාදෙන ලෙසද ඉල්ලීමක් කළහ.


ජාතික සංඝ සම්මේලනයේ ප‍්‍රධාන අනුශාසක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ මහනුවර නගරයේ දළදා මාලිගාව ආශ‍්‍රිතව පවත්වාගෙන යන මත්පැන් අලෙවි සල් ඉවත් කිරීමේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුහ. 


අපි මහනුවර නගරයේ සිද්ධස්ථාන හා පාසල් අවට තිබෙන නීති විරෝධී මත්පැන් අලෙවිසල් නවයක් (09) පිළිබඳව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා යවා තිබෙනවා. දැනට එසේ දන්වා යවා සති එකහමාරක් පමණ කාලයක් ගත වෙනවා. ඒත් පිිළිතුරක් නැහැ. ඒ නිසා මේ නීති විරෝධී සුරාසල් නවය ඉවත් කිරීමේ කාර්යය පිළිබඳව ජනමතයක් ගොනැගීමට කටයුතු කරනවා. මෙම මත්පැන් අලෙවිසල් වසා දමන තෙක්ම අපි අඛණ්ඩව ක‍්‍රියාත්මක වෙනවා. අපේ විරෝධයක් වනවා. 


අනුරාධපුර ශ්‍රී පාදස්ථානය වැනි පූජනීය ස්ථානවලට ආසන්නව පවත්වාගෙන යන සියලූම සුරාසල් වසා දැමීමට ඉදිරියේදී අපි කටයුතු කරනවා. මේ සම්බන්ධව ඉදිරි සති දෙක ඇතුළත යම්කිසි ප‍්‍රතිචාරයක් නොලැබුණොත් මහජනයා සමග එක්ව දැඩි ක‍්‍රියා මාර්ගයක් ගන්නවා. මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ ද, ජාතික සංඝ සම්මේලනය උන්වහන්සේ වෙත ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධව විශේෂ අවධානය යොමු කරමින් මහනුවර නගරයේ ශ්‍රී දළදා මාළිගාව අවට තිබෙන මත්පැන් අලෙවි සල් ඉවත් කිරීමේ කාරණය සම්බන්ධව ජාතික සංඝ සම්මේලනය වෙත සිය ආශිර්වාදය පළ කළහ.

 

දියවඩන නිළමේ (ශ්‍රී දළදා මාලිගාව) ප‍්‍රදීප් නිලංග දෑල මහතා:- දළදා මාලිගාව ආසනනයේම තිබූ බාර් දෙකක් වසා දමන්න අපි බලධාරීන්ගෙන් කළ ඉල්ලීම ඉටුවුණා. ශ්‍රී දළදා මාලිගාව අවට මත්පැන් අලෙවි සල් වසා දැමිය යුතුයි. මගේ මැදිහත්වීම මත දළදාමාලිගාව අසලම තිබූ මත්පැන් අලෙවිසල් දෙක වැස්සුවා. දැනට තිබෙන මත්පැන් අලෙවිසල් වසනවා නම් රජය ඒ සඳහා අවශ්‍ය අණපනත් අනුව ඒක කරනවා ඉතා නම් හොඳයි. කලින් මා කළ ඉල්ලීම මත දළදා මාලිගාව ආසනනයේම තිබූ බාර් දෙක වැසීම ගැන රජයට ස්තූතිය පුද කරනවා. 

 

ජේ.ඒ.එල්. ජයසිංහ

 

 



අදහස් (0)

දළදා මාලිගාව අවට ඇති සුරාසල් වහන්න

සමන් Tuesday, 26 February 2013 07:28 AM

ඇයි එතකොට මාළිගාව ඉස්සරහම තියෙන වයින් ස්ටෝර් සහ හෝටලේ අමතකද මාලිගා පරිශ්‍රයේ ශුද්ධ භූමියේ විතරක් මත්පැන් අලෙවි සැල් 8 ක් තියෙනවා.(නදී)

:       0       0

පද්මා Thursday, 28 February 2013 08:44 AM

මිලින්ද සංචාරක වයාපාරය එපා නම් අපනයන ආර්තිකයක් හදන්න චීනේ, ජර්මනියේ වගේ. ඒකට පැය 16 ක් වත් වැඩකරන්න ලෑස්තිද? දේශපාලන වනද් භට්ටකම්, කකුලෙන් ඇදිලි, පෙත්සන්, උද්ඝෝෂන, වර්ජන, නිලධාරිවාදය, හොරකම්, වංචා කම්මැලිකම් නැවතීමට ලෑස්තිද?(නදී)

:       0       0

අමිල Sunday, 24 February 2013 03:37 PM

ඒ වගේම සේවයට යොදවා ඇති අසරණ අලිත් නිදහස් කරන්න ඕනෑ. (නි)

:       0       0

සේකර Monday, 25 February 2013 02:06 AM

දැන් හරි මතක් උන එක ගැන සතුටුයි (දී)

:       0       0

දිසානායක Monday, 25 February 2013 02:06 AM

හොදයි, දැන්වත් මෙහෙම වෙච්ච එක. (නි)

:       0       0

මිලින්ද Monday, 25 February 2013 05:49 PM

ඒක ඇත්ත සංචාරක කර්මාන්තයට වඩා ලංකාවේ සදාචාරය වටිනවා (දී)

:       0       0

නාලක Wednesday, 27 February 2013 06:30 AM

ඒත් නුවර පුරාම මධ්‍යසාර විකුණන ස්ථාන 367 තියෙනව නේ. (නි)

:       0       0

දිසානායක Tuesday, 26 February 2013 03:51 PM

අපි කැමති නැහැ උඩ බලාගෙන කෙළගහගන්න. (නි)

:       0       0

දිසානායක Tuesday, 26 February 2013 03:51 PM

දැන් හැමතැනම තියෙන්නේ බොරුව. බුදු දහම මුවාවෙන් සමහර පැවිදි උතුමන්ලා කරන බොරු ගැනත් අපි දන්නවා. (නි)

:       0       0

චාලුක Monday, 25 February 2013 06:19 PM

100% කතාව හරි (දී)

:       0       0

නාරද Monday, 25 February 2013 01:01 PM

සෙරෙප්පු බලාගන්නවාට මුදල් අය කිරීමත් නැවැත්විය යුතුයි. (නි)

:       0       0

රොහාන් Saturday, 02 March 2013 02:43 PM

පහුගිය කාලේ තිබුන ආන්ඩුවලට බලපෑම් කරන්න තිබුනා. නුවර දලදා මාලිගාව කියන්නේ සංචාරක නිකේතනයක්. සුරාසැල් නැතිව කොහොමද?(නදී)

:       0       0

රොහාන් Saturday, 02 March 2013 02:51 PM

මීට වැඩිය ප්‍රශ්න තියෙන රටේ විසඳන්න හාමුදුරුවනේ ඒවට මැදිහත් වෙන්න (ස)

:       0       0

සුපුන් Monday, 25 February 2013 01:31 PM

ඔය මාළිගාවට ලැබෙන ආධාර වලට වෙන්නේ මොකක්ද? පොඩ්ඩක් අපිව දැනුවත් කරන්නකෝ. (නි)

:       0       0

සුභසිංහ Wednesday, 27 February 2013 10:07 AM

ප්‍රශ්න වියයුත්තේ ඉන්ධන මිළ, ජීවන වියදම, අපරාධ, මිනීමැරුම්, ජිනීවා.... මිස මාළිගාව ඉදිරිපස ඇති තැබෑරුම් නොවේ. (නි)

:       0       0

නිමල් Tuesday, 26 February 2013 10:24 AM

සමහර පන්සල් වල කෙරෙන දාන වලට ඇණවුම් භාරදීමත් තහනම් කළයුතුයි‍. (නි)

:       0       0

රොහාන් Saturday, 02 March 2013 04:01 PM

ඒක ජාතික මෙහෙවරක් (දී)

:       0       0

රමීස් Sunday, 24 February 2013 07:10 PM

ලෝක උරුමයක් ඇති මෙම පූජනීය ස්ථානය අවට සුරාව තිබීම වැරදියි.(නදී)

:       0       0

නීලා Monday, 25 February 2013 10:27 AM

අපේ සේනාවට කියලා අපි විසදුමක් හොයාගනිමු. (නි)

:       0       0

සුපුන් Monday, 25 February 2013 10:38 AM

මේකෙන් වෙන්නේ සුද්දන්ගෙන් අපේ රටට ලැබෙන ආදායම අහිමිවීමයි. (නි)

:       0       0

පද්මා Monday, 25 February 2013 10:36 AM

තැබෑරුම් ඉවත් කළොත් මේ හෝටල් වල ආදායම අනිවාර්යයෙන්ම අඩුවෙනවා. (නි)

:       0       0

වීරසිංහ Monday, 25 February 2013 10:40 AM

මාළිගාව ඉස්සරහා තිබුණත්, ඈතින් තිබුණත් මිනිස්සු බොන එක නවත්වන්නේ නැත්නම් ඉතින් මොනවා කළත් ඇති ඵලය කුමක්ද? (නි)

:       0       0

චූලා Monday, 25 February 2013 10:41 AM

බාර් ඉවත් කරනවා වෙනුවට අපි නීතිය වෙනස් කරමු. මොකෝ මේ කියන හෝටල්වල බාර් අයින් කරන්න ගියොත් හෝටල් වහන්නයි වෙන්නේ.(නදී)

:       0       0

මාලක Monday, 25 February 2013 10:43 AM

නීති තද සෞදිය හැර සියළු මැද පෙරදිග රටවල මත්පැන් විකුනනවා. නුවර නගරයේ තියෙන බාර් නම් ඉවත් කලාට කමක් නැහැ. ඒත් මේ හෝටල් බාර් ඉවත් කළොත් ආදායම නැතුව යයි.(නදී)

:       0       0

මාලක Monday, 25 February 2013 10:39 AM

පුජා භුමිය අපවිත්‍ර නොකරන්න (දී)

:       0       0

රූපා Wednesday, 27 February 2013 04:22 PM

මිලින්ද, ගැහැණුන් රට යවන එකයි, සංචාරක කර්මාන්තයයි එපා නම් චීනය, ජපානය වගේ රටවල තියෙන ආර්ථික සැළැස්මක් හදන්න වෙනවා. එතකොට පැය 18ක් වැඩ කරන්න ඔයාලා ලැහැස්තිද? (නි)

:       0       0

ශ‍්‍රී කළු කුමාර Tuesday, 26 February 2013 12:27 PM

ගරුතර සංඝරත්නයේ ආරම්භක විධානය ලැබෙන තුරු අපි සීරුවෙන් සිටින්නේමු. මහසොහොන් බලකාය බොදු බල සේනාව. (ස)

:       0       0

රිස්මි Sunday, 24 February 2013 09:20 PM

ඇයි බොදු බල සේනාවට මෙම කාර්යයට දායක වෙන්න බැරි? (නි)

:       0       0

නීලා Tuesday, 26 February 2013 12:41 PM

කුලවතුනට පමණක් සීමා වී ඇති දියවඩන නිලමේ තේරීමේ ක්‍රමය වෙනස් කරන්න. මේවා බුදු දහමට පටහැනියි.(නදී)

:       0       0

පිටිගල Thursday, 28 February 2013 04:12 AM

එතකොට මතට තිත? (නි)

:       0       0

පිටිගල-මිලානෝ Wednesday, 27 February 2013 05:10 PM

මාලිගාව වටේ තියෙන හැම ගොඩනැගිල්ලකම මත්පැන් විකිනෙනවා. බෞද්ධ නායකයෙක් මැදිහත්වෙලා මේ සියල්ල නවතා දැමිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 121 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 240 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 345 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 76 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 523 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 287 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site