IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මානව හිමිකම් රකින මුවාවෙන් මානව හිමිකම් කඩන ඇමෙරිකාව

ඩ්‍රොන යානාවලින් පහරදීමේ සහ ඉලක්කකොට ඝාතනය කිරීමේ බුෂ් සහ ඔබාමා පරිපාලනයේ කි‍්‍රයාමාර්ග මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් ප‍්‍රකාශ කළේය. ලෝකයේ බොහෝ රටවල මහජන විප්ලව සිදුවන සමයක ඇමෙරිකා එක්සත් ජනපදය කළ යුතු වන්නේ ”නීතියේ මූලික නීති සහ යුක්තියේ  මූලධර්ම” දුර්වල කිරීම නොව ඒවා තවත් ශක්තිමත් කිරීම බව ඒ මහතා වැඩි දුරටත් පැවැසීය. එක්සත් ජනපදය විදේශයන්හි සිදුකරන ඩ්‍රොන යානා ප‍්‍රහාර සහ ඉලක්කගත ඝාතන මගින් පෙන්නුම් කරන්නේ තම සතුරන්ට වාසිදායක වන හා මිතුරන් හුදෙකලා කරන ආකාරයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ කි‍්‍රයාවන්හී ඇමරිකාව නියැලී සිටින බව යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් මහතා ප‍්‍රකාශ කළේය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මගින් එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තියට දැඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් කාටර් මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ ඇමෙරිකාව ”මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ප‍්‍රමුඛ කාර්ය භාරය අතහරිමින් සිටින” බවයි. ඇමෙරිකානු පාලනයෙන් ඔහු ඉල්ලා සිටියේ මෙම තත්ත්වය ආපසු හරවමින් සදාචාරාත්මක නායකත්වය නැවත දිනාගන්නා ලෙසයි. ජෝර්ජ් බුෂ්ගේ සහ බරක් ඔබාමාගේ පාලනයන් ගැන තියුණු විවේචනයක යෙදෙමින් ඔහු ප‍්‍රකාශ කළේ එක්සත් ජනපදයේ ඉහළම නිලධාරීන් විදේශවල තමන්ගේම පුරවැසියන් ඇතුළු පුද්ගලයන් ඉලක්ක කොට ඝාතනයේ යෙදීම ගැන හෙලිදරව් වූ කරුණු මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ මෑතකදීම ලැබුණු හිත් රිදවන සාක්ෂි බවයි. පසුගිය සඳුදා පුවත්පතකට කාටර් ප‍්‍රකාශ කොට තිබෙන්නේ ලෝකය පුරා විප්ලව රැුල්ලක් ගමන් කරන අවස්ථාවක ඇමෙරිකාව කළ යුත්තේ නීතියේ මූලික නීති හා යුක්තියේ මූලධර්ම දුර්වල කිරීම නොව ඒවා තවත් ශක්තිමත් කිරීම බවයි. නොවැම්බරයේ ජනාධිපතිවරණයෙන් නැවතත් බලයට පත්වීමේ බලාපොරොත්තුවෙන් සිටින ඔබාමාට ඒ සඳහා මාස කිහිපයක් තිබියදී එල්ලවූ මෙම විවේචනය මගින් ඩ්‍රොන ප‍්‍රහාර හා අත්අඩංගුවේ රඳවා ගැනීම් දැඩි ලෙස හෙළා දැක ඇත. අතීතයේද තම රට වැරැදි කොට ඇතත් පසුගිය දශකයේ සිදුවූ විශාල ලෙස මානව හිමිකම් උල්ලංඝනයන් අතීතයෙන් සම්පූර්ණයෙන් වෙනස්වූ තත්ත්වයක් බව කාටර් පැවැසීය. සැප්තැම්බර් 11 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම ”දෙපාර්ශ්වයේම විධායකයන් විසින් අනුමත කොට ඉදිරියට ගෙනගොස් ඇත්තේ මහජනතාවගේ අනුමැතියකින් තොරව” බව කියන නොබෙල් සාම ත්‍යාගලාභියා වැඩිදුරටත් කියන්නේ එහි ප‍්‍රතිඵලය ලෙස සිදුවී තිබෙන්නේ ”මෙම තීරණාත්මක ප‍්‍රශ්න සම්බන්ධයෙන් සදාචාරාත්මක අධිකාරයක් සහිතව කතා කිරීමට අපරටට තව දුරටත් නොහැකිවීම” බවයි. එක්සත් ජනපදයේ නායකත්වයෙන් 1948 දී සම්මත කරගත් මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය යොදාගත් මානව හිමිකම් කි‍්‍රයාකාරීන් හා ජාත්‍යන්තර ප‍්‍රජාව එමගින් ලෝකයේ බොහෝ රටවල ඒකාධිපති පාලනයන් වෙනස්කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමට කටයුතු කොට ඇති අතර රටවල් තුළ මෙන්ම ජාත්‍යන්තර සබඳතාවලදීත් නීතියේ පාලනය තහවුරු කරන්නටද ඔවුනට හැකිවී තිබේ. එම මූලධර්ම ශක්තිමත් කරනවා වෙනුවට අපගේ ආණ්ඩුවේ ත‍්‍රස්තවාද විරෝධී ප‍්‍රතිපත්ති මගින් එම ප‍්‍රකාශනයේ වගන්ති 30 න් අඩු තරමින් 10 ක් පැහැදිලිව ම උල්ලංඝනය කොට ඇත. ”කුරිරු, අමානුෂික හෝ නින්දාසහගත සැලකීම් හෝ දඬුවම් තහනම් කිරීමේ වගන්තියද එයට ඇතුළත්ය. ත‍්‍රස්තවාදී සංවිධානයකට හෝ එයට සම්බන්ධ සංවිධානයකට සම්බන්ධ යැයි සැක කරන තැනැත්තකු කාල නියමයකින් තොරව රඳවා ගැනීමට ජනාධිපතිට ඇති අයිතිය නිත්‍යානුකූල කරන පනතක් එක්සත් ජනපද ව්‍යවස්ථාදායකය සම්මත කළ බව කාටර් මහතා ප‍්‍රකාශ කළේය. මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනයේ සඳහන් තවත් මූලධර්ම දෙකක් වන භාෂණයේ නිදහසට ඇති අයිතිය මෙන්ම වරදක් ඔප්පු වන තෙක් නිදොස් යැයි සැලකීම යන මූලධර්ම දෙකම මෙම නීතිය මගින් උල්ලංඝනය වී ඇත. අනවසරයෙන් දුරකථන සංවාදවලට සවන්දීමත් අපගේ විද්‍යුත් සන්නිවේදනවලට ඇතුළු වී ඒවා සොයා බැලීමට ආණ්ඩුව කි‍්‍රයා කිරීමත් මගින් අපගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය විශාල ලෙස උල්ලංඝණය වෙයි. පුද්ගලයකුගේ පෙනුම ඔවුන් ආගම අදහන ස්ථානය හෝ ආශ‍්‍රය කරන අය අනුව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට ජනපි‍්‍රය රාජ්‍ය නීති මගින් ඉඩ සලසා තිබේ.   කාටර් මහතා මෙසේද ප‍්‍රකාශ කොට ඇත. ”ඩ්‍රොන ප‍්‍රහාරයකින් මිය ගිය  ඕනෑම තැනැත්තකු ත‍්‍රස්තවාදී සතුරකු යැයි කීමේ අහඹු නීතිය හැරුණු විට අසල සිටින ස්තී‍්‍රන් හා ළමයින් මියයාම නොවැළැක්විය හැකි සේ පිළිගෙන තිබේ. මේ වසරේ ඇෆ්ඝනිස්ථානයේ පුරවැසි නිවාස වෙත එල්ලවූ මෙබඳු ඩ්‍රොන ප‍්‍රහාර 30 කට වැඩි ප‍්‍රමාණයකින් පසුව ඒවා නවතා දමන ලෙස ජනාධිපති හමීඞ් කර්සායි ඉල්ලීමක් කළේය. එසේ වුවද යුද ප‍්‍රදේශ නොවන පාකිස්තානයේ, සෝමාලියාවේ සහ යේමනයේ ඒවා තවමත් කි‍්‍රයාත්මකය. මේ එක් එක් ප‍්‍රහාරය වොෂින්ටනයේ ඉහළම බලධාරින් විසින් අනුමත කරනු ලැබ ඇති අතර එම ප‍්‍රහාරවලින් අහිංසක පුරවැසියන් කී දෙනෙකු මිය ගියේ දැයි කිසිවකු දන්නේ නැත. මීට පෙර කාලයකදී නම් මෙබඳු තත්ත්වයක් ගැන හිතා ගැනීමට වත් නොහැකිය. කියුබාවේ ගුවත්තනා ඕ බේ කඳවුරේ රඳවා සිටින සිරකරුවන් 169 දෙනා ගැන සඳහන් කරමින් කාටර් ප‍්‍රකාශ කළේ ”ඒ අය අතරින් අඩක් පමණ නිදහස් කිරීම සඳහා නිදොස් කොට ඇතත් ඔවුන් කවදා හෝ නිදහස් කිරීමට තිබෙන්නේ ඉතා සුළු අවස්ථාවක් බවයි.නඩු විභාගවලට යොමු කළ සුළු පිරිස සම්බන්ධයෙන් වුවද (හමුදා අධිකරණවල පමණි) ඔවුන්ගෙන් පාපොච්චාරණ ලබා ගැනීමට සිය වතාවකට වඩා ජල ප‍්‍රහාර එල්ල කිරීම, ආයුධ පෙන්වා තර්ජනය කිරීම, ඔවුන්ගේ මවුවරුන්ට ලිංගික අපචාර කිරීමට තර්ජනය කිරීම වැනි වධ දීම් සිදුකළ බව  ඇමෙරිකානු බලධාරීන් විසින් හෙළිකරනු ලැබ ඇත. එම හෙළිකිරීම් චෝදිතයන්ගේ ආරක්ෂාව සඳහා සාක්ෂි ලෙස භාවිත කිරීම ඒවා සිදුවූයේ ජාතික ආරක්ෂාව සඳහා යැයි ආණ්ඩුව ප‍්‍රකාශ කිරීම නිසා නොහැකිවී තිබීම විස්මිත තත්ත්වයකි. මෙහි සිටින අනෙක් බොහෝ සිරකරුවන්ට නඩු පැවරීමක් හෝ ඇසීමක් කිසිවිටෙක සිදු නොවන තත්ත්වයක් පවතියි. ලෝකය වඩාත් අරක්ෂාකාරී තත්ත්වයට පත් කරනවා වෙනුවට ”ඇමෙරිකාව ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීම අපගේ සතුරන්ට ආධාරයක් වන අතර මිතුරන් හුදෙකලා කිරීමක් වන බව” ඔහු ප‍්‍රකාශ කළේය.   උනන්දුවක් දක්වන පුරවැසියන් ලෙස අප කළ යුතු වන්නේ අපේම ලෙස නිල වශයෙන් පිළිගෙන ඇති සහ බොහෝ කාලයක් තිස්සේ කි‍්‍රයාවට නැගූ ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්ම අනුව සදාචාරාත්මක නායකත්වය යළිත් ලබා ගැනීම සඳහා මෙම තත්ත්වය ආපසු හරවන ලෙස වොෂින්ටන් නායකත්වයට අවබෝධය ලබාදීම යැයි කාටර් මහතා වැඩිදුරටත් පැවසීය.

පරිවර්තනය - සී.ජේ. අමරතුංග
ඇමෙරිකා හිටපු ජනාධිපති ජිමී කාටර් ඇමෙරිකාවේ ඩ්‍රෝන යානා ප‍්‍රහාර ඩ්‍රෝන යානා ප‍්‍රහාරයක්



අදහස් (0)

මානව හිමිකම් රකින මුවාවෙන් මානව හිමිකම් කඩන ඇමෙරිකාව

උපුල් Saturday, 07 July 2012 11:11 AM

ඇමරිකාවේ ප්‍රතිපත්ති හොද නෑ

:       0       0

රිශාඩ් Monday, 02 July 2012 01:34 PM

ඇමෙරිකාව කියන්නේ තම රටේ තනි ප්‍රයෝජනය , තම රටේ උන්නතිය උදෙසා අන් රටවල් පාගාගෙන ඉන්න රටක්. කවුරු ජනපති උනත් හැමෝටම එක ප්‍රත්තිපතියක් තියන්නේ.නරක ගති ගුණවලට නිසි ප්‍රතිචාර ස්වාබාවයෙන්ම ලැබේවි.

:       0       0

වසන්ත Sunday, 01 July 2012 01:53 PM

දැන්ද මෙයාලට ඇහැරිලා තියෙන්නේ ,අපි මේවා දැනගෙන ගොඩක් කල් ,ඒත් ඉතින් කාටද කියන්නේ...

:       0       0

ලංකා බබා Saturday, 07 July 2012 02:44 PM

සම්පත් අපි කවුරැත් හිතාගෙන ඉන්නෙ චීනයට ඇමරිකාව බයයි කියලා.. ඒවගේම අපිට චීනය උදව් කරයි කියලා.. ඒක වැරදියි.. ඇමරිකාව මාසයක් චීන බඩු වර්ජනය කළොත් චීනය වැටෙයි.. අනිත් එක ඇමරිකාව බලවත් වෙලා ඉන්න එක හොදයි චීනය බලවත් වෙනවාට වැඩිය.. ඒක තේරෙන්නෙ පිලිපීනෙට කරන දේවල් වලට.. කොහොම උනත් ඒ අය කවුරැවත් අපට හිතවත් නැහැ..

:       0       0

සුප්රා Friday, 06 July 2012 10:58 AM

අපේ මල්ලිල ළඟදිම හොඳ පාඩමක් ඇමරිකාවට උගන්වයි......

:       0       0

සම්පත් Monday, 02 July 2012 10:40 PM

ඇමරිකාව පාඩමක් ඉගෙන ගන්නේ චීනෙට හොට දාන්න ගිය දවසට තමයි

:       0       0

සමීර Sunday, 01 July 2012 06:08 PM

නියම ඇමරිකාව තවම ලෝකේ මිනිස්සු දැක්කේ නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 47 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 51 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 164 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 328 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 367 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 104 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site