IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මොකක්ද මේ ලැම්බෝගිනි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2013 අයවැය යෝජනාවලිය ඉදිරිපත් වීමත් සමග සමාජයේ කියැවෙන්නට ගත්තේ එය ”ලැම්බෝගිනි” අයවැයක් හැටියටය. එයට හේතුව වූයේ රේසිං කාර් සඳහා බදු අඩුකර තිබීමය. ලැම්බෝගිනි නමැති සුඛෝපභෝගී රේසිං කාර් ඇතුළු විනෝදකාමීන්ගේ රේසිං කාර් සඳහා බදු අඩුකර ඇති බව එමගින් හැඟී ගියද රජය පසුව පැහැදිලි කළේ බදු අඩුකර ඇත්තේ ක‍්‍රීඩා තරග සඳහා යොදාගන්නා රේසිං කාර්වල බවය. මෙම ලිපියෙන් කියැවෙන්නේ ”ලැම්බෝගිනි” නමැති මෝටර් රථ වර්ගය කුමක්ද යන්න ගැනය. දෙවැනි ලෝක යුද්ධයේ දී ඉතාලි රාජකීය ගුවන් හමුදාව නියෝජනය කළ ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි සිය විනෝදාංශය බවට පත් කරගෙන තිබුණේ යුද කඳවුර තුළ තිබූ වාහන අමතර කොටස් එකතු කරමින් ඒවා අලූත්වැඩියා කිරීමේ කටයුත්තයි. කඳවුර තුළදී මේ විනෝදාංශය සඳහා ඔහු සිය සගයන්ගේ ද සහයෝගය ලබාගත් බව කියැවේ. ඒ අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව කලක් ගත වනවිට එනම් වර්ෂ 1951 දී පමණ යුද වාහනයක් උපයෝගී කර ගනිමින් ඔහු ප‍්‍රථම වරට ට‍්‍රැක්ටර් රථයක් නිෂ්පාදනය කළේය. ඉන් නොනැවතුණු ෆෙරුසියෝ ලැම්බෝර්ගිනි, ඔහු විසින්ම නිෂ්පාදනය කළ එන්ජිමක් යොදා ගනිමින් එම ට‍්‍රැක්ටර් රථය වැඩිදියුණු කරන ලද අතර එක් මසකදී ට‍්‍රැක්ටර් රථ 400කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි කිරීමේ භාග්‍යය ද ඔහුට හිමිවිණි. නමුත් ෆෙරුසියෝ ලැම්බෝර්ගිනිගේ සිහිනය එතෙකින් නිමා නොවුණු අතර ඔහුට අවශ්‍ය වූයේ තමාගේ සිතැඟි පරිදි ධාවනය කළ හැකි සුවපහසු මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමයි. අද වනවිට රේසින් කාර් කුලකයේ වැඩි අවධානයක් දිනාගෙන සිටින ලැම්බෝගිනියේ විකාශය ආරම්භ වන්නේ එතැනිනි. ඒ අනුව තවත් මෝටර් රථ ඉංජිනේරුවන් දෙදෙනෙකුගේ ද සහාය ඇතිව අශ්ව බල 350ක පමණ බල ඇති එන්ජිමකින් යුක්ත පළමු ලැම්බෝගිනි කාරය නිෂ්පාදනය කිරීමට වර්ෂ 1963 පමණ වනවිට ඔහුට හැකි විය. Lamborgini 350 GTV  ලෙස නම් කරන ලද එම මෝටර් රථයේ සාර්ථකත්වය සනිටුහන් කරමින් එම වර්ගයේ කාර් 120ක් පමණ එක වසරක් තුළ අලෙවි කර ගැනීමට ෆෙරුසියෝ ලැම්බෝගිනිට හැකියාව ලැබී ඇත. එතැන් සිට විවිධ මාදිළිවලින් විකසනය වූ ලැම්බෝගිනි කාරයේ නිල සලකුණ වශයෙන් යොදාගෙන ඇත්තේ සටන් වදින ගොනෙකුගේ ඡායාරූපයකි. ෆෙරුසියෝ ලැම්බෝගිනි විසින් ස්පාඤ්ඤ ගොන් පොර සම්බන්ධයෙන් දැඩි කැමැත්තක් දැක්වීමත් ඔහුගේ උපන් ලග්නය වෘෂභ ලග්නය වීමත් එයට හේතුව විය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි. පැයට කිලෝමීටර් 349ක වේගයෙන් ධාවනය කළ හැකි ලැම්බෝගිනි කාරය Carbon Body  එකකින් යුක්ත වන අතර කි.ග‍්‍රෑ. 999ක පමණ බරකින් යුක්තය. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය හා ජපානය වැනි රටවල බහුල වශයෙන් මෙම කාර් රථය ජනප‍්‍රිය වී ඇති අතර 2011 වර්ෂයේ දී ලැම්බෝගිනි වර්ගයේ කාර් 1711ක් පමණ නිෂ්පාදනය කර ඇත.

සුරංගා සමරනායක



අදහස් (0)

මොකක්ද මේ ලැම්බෝගිනි

අශෝක Thursday, 13 December 2012 11:15 PM

ඔය වාහන ගන්න අයගේ වත්කම් හෙළි කළොත් හොද නැද්ද? (නි)

:       0       1

විලේගොඩ Sunday, 09 December 2012 07:46 PM

මේවා හුගක් ගණන්ද? (නි)

:       0       0

කලීල් Wednesday, 12 December 2012 06:45 PM

කන්න නැතිවුණත් මේවා දිහා බලාගෙන ඉන්න පුලුවන්. (නි)

:       0       0

ඉසුරු Wednesday, 12 December 2012 01:59 PM

ධනවතුන්ගේ වහනය (දී)

:       0       0

අජන්ත Saturday, 15 December 2012 12:15 PM

මේ දවස් වල කොළඹ ගියොත් බලා ගන්න පුළුවන් (දී)

:       0       0

මාලක Sunday, 09 December 2012 03:25 PM

අපිව විනාස කරන්න ගෙනාපු එකක් (දී)

:       0       0

අචිනි Tuesday, 11 December 2012 02:21 PM

අපිට නැතත් රාජ කුමාරවරුන්ට තියෙනවනේ. ආඩම්බරයි. (නි)

:       0       0

තේජාන් Tuesday, 11 December 2012 02:37 PM

අපිට නම් එපා ඔය ගිනි. (නි)

:       0       0

කටුවන Monday, 10 December 2012 09:58 AM

වැඩිය නෑ කෝටි 5 ක් විතර වේවි (ස)

:       0       0

ලලිත් Tuesday, 11 December 2012 01:23 AM

එයාලට ලැම්බොගිනි - අපට බඩගිනි... (නි)

:       0       0

ප්‍රනීත් Saturday, 15 December 2012 11:36 PM

ලැම්බොගිනි ගින්නක් ම තමයි. (නි)

:       0       0

නීලා Monday, 10 December 2012 10:14 AM

ඔන්න පුතේ නියම ඉන්ජිනේරුවන්ගේ වැඩ (ස)

:       0       0

චූලා Monday, 10 December 2012 10:15 AM

පාපැදියක්වත් හදන්නේ නැති අපිට ඕවා මැජික් (ස)

:       0       0

රනිල් Monday, 10 December 2012 10:15 AM

අපිත් දැන් හරි දියුණුයි.. ඔක්කොටම ණය වෙලා හරි අපිත් යැව්වනේ චන්ද්‍රිකාවක් (ස)

:       0       0

මහින්ද Thursday, 13 December 2012 01:33 AM

අපිව තලන්න හදපු එකක් (දී)

:       0       0

රත්නායක Monday, 10 December 2012 11:23 AM

සුපිරි දනවතුන්ගේ වාහනයක් (දී)

:       0       0

නුවන් Monday, 10 December 2012 11:51 AM

සල්ලි කාරයන්ගේ වාහනයක් (දී)

:       0       0

ජිවන් Thursday, 13 December 2012 08:38 AM

පිට රටවල දනවතුන් පාවිච්චි කරන අපේ රටවල දනවතුන් අපේ බදු මුදල් වලින් ගන්න වාහනයක් (දී)

:       0       0

සුකිරි Thursday, 13 December 2012 08:42 AM

අහන්නවත් එපා දුකයි..........(දී)

:       0       0

රත්නායක Friday, 14 December 2012 11:34 AM

මේවා දකින්න ලැබීමත් සතුටක්. මට දුක මගේ අම්මලා තාත්තලා ගැන. උන්දැලා ‍මේවා‍ නොදැකම මියපරලොව ගියානේ. (නි)

:       0       0

සෑම් Wednesday, 12 December 2012 12:15 AM

ලැම්බෝගිනි සාමාන්‍ය කාර් එකක් රුපියල් කෝටි 5ක් විතර වෙනවා. ලැම්බෝගිනි රිවෙන්ටන් කාර් එකක් රුපියල් කෝටි 20ක් පමණ වෙනවා. ලෝකයේ ගණන් වැඩිම කාර් ජාතිය බුගාටි. බුගාටි කාර් එකක් රුපියල් කෝටි 30ක් පමණ වෙනවා. ඇස්ටන් මාර්ටින් ජාතියේ කාර් එකක් රුපියල් කෝටි 23ක් විතර වෙනවා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 December 2012 01:44 AM

අපේ ගොන් කරත්තයකුත් දැන් ලක්ෂ 10ක් විතර වෙයි මගේ හිතේ. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 11 December 2012 11:59 AM

අපේ පාරවල් වල යන්නනම් අර මුලින්ම හදපු ලැම්බෝගිනි ට්‍රැක්ටර් එක තමයි හොඳ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 176 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 129 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 208 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 217 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 708 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 962 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site