IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අග්නිදිග විශ්වවිද්‍යාලය සහ අබුබකර්

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති මෙන්ම, සමාජ විද්‍යා මහාචාර්යවරයකු වන රමීස් අබූබකර් ගේ දර්ශනපති උපාධි නිබන්ධනය නැවත සමීක්ෂණය කරන විට, ඔහු ශාස්ත්‍රීය ආචාරධර්ම කඩකර ඇතැයි හෙළි වී තිබේ. 

ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් අබුබකර් මහතා තම වෘත්තීය ජීවිතය ද අග්නිදිග විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කර තිබේ. ඔහු එම විශ්ව විද්‍යාලයෙන් කථිකාචාර්යවරයකු, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙසද සමාජ විද්‍යා අංශයේ ප්‍රධානි මෙන්ම කලා හා සංස්කෘතික පීඨයේ පීඨාධිපතිවරයා ලෙසද කටයුතු කටයුතු කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 වසරේදී ඔහු සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සේවය උසස් කරන ලදී. ඉන් අනතුරුව, ඔහු 2021 වසරේදී එම විශ්වවිද්‍යාලයේම උපකුලපතිවරයා බවට පත් කෙරුණි.

අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා රමීස් අබුබකර් මහතා තුන්වෙනි නිර්දේශය වූවත් හිටපු ජනාධිපතිවරයා ඔහුව උපකුලපති තනතුරට තෝරා ගත්තේය.

අධ්‍යයන, පරිපාලන සහ බඳවා ගැනීම් ආශ්‍රිත විවිධ ක්ෂේත්‍රවල පසුබිම් සිදුවීම් කිහිපයක නිරීක්ෂණය වී ඇති විෂමතා සහ අක්‍රමිකතා පැහැදිලි කරගැනීමට අග්නිදිග විශ්වවිද්‍යාලය දැරූ උත්සාහය අනුව, ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් නැවත පරීක්ෂා කෙරුණු අතර, එහිදී කරුණු කාරණා රැසක් අනාවරණය වූ බව පැවැසෙයි.

මෙම හෙළිදරව්ව සිසුන්ට අග්නිදිග විශ්වවිද්‍යාලය ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ අධ්‍යයන අවස්ථා කෙරෙහි මෙන්ම ශාස්ත්‍රීය ප්‍රජාවටද සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි. අබූබකර් ආදි ශිෂ්‍යයකු, ගුරුවරයකු, මහාචාර්යවරයකු, කලා පීඨාධිපතිවරයකු, උපකුලපතිවරයකු ඇතුළු විවිධ තනතුරුවලින් මෙම ආයතනයට අනුබද්ධ වීම මෙම අනර්ථකාරී බලපෑම තවත් තීව්‍ර කරයි.

වගකිවයුතු වෘත්තීය සංගමයක් ලෙස, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගුරු සංගමය, විශ්ව විද්‍යාලයේ සහ එහි සාමාජිකයින්ගේ ශාස්ත්‍රීය අඛණ්ඩතාව සහතික කිරීමට උත්සහ දරන බව එම සංගමය ප්‍රකාශ කර තිබේ.කෙසේ වෙතත්, මහාචාර්ය ඒ. රමීස්, ඔහුට එල්ල වී ඇති චෝදනා පැහැදිලි කිරීමට සහ විස්තර කිරීමට ප්‍රතික්ෂේප කිරීමෙන් ශාස්ත්‍රීය අඛණ්ඩතාව ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වී ඇතැයි ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගුරු සංගමය පෙන්වා දී තිබේ.

උපාධි නිබන්ධනය සඳහා නයිජීරියාවේ සිදුකළ අධ්‍යනයක සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණක් උපුටා ගනිමින් එය ඔහු සිදුකළ අධ්‍යනයක් ලෙස තම නිබන්ධනයෙන් ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා නොමිලේ සෞඛ්‍ය සේවාවක් නිර්දේශ කරමින්, පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් දුර්වල ගුණාත්මක භාවයක් සහ සදාචාරාත්මක භාවිතයන් නොමැතිකම පෙන්නුම් කිරීම අබූබකර් මහතාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවකි.

2015 වසරේ දී, අබූබකර්ගේ නායකත්වයෙන් යුත් අග්නිදිග විශ්වවිද්‍යාලයේ විද්වතුන් කණ්ඩායමක් අග්නිදිග විශ්වවිද්‍යාලයෙහි විද්වත් ප්‍රේක්ෂකයින් පිරිසක් ඉදිරියේ ඔවුන්ගේ සොයාගැනීම්වල සාරාංශයක් ලබා දුන්හ. අබූබකර් සහ අග්නිදිග විශ්ව විද්‍යාලයෙහි ඔහුගේ කනිෂ්ඨ විද්වතුන් දෙදෙනා විසින් 2014 දී ඔඩමාන් සහ එම්.ඉබිසුග් විසින් ලියන ලද "එඩෝ සෙන්ට්‍රල් හි වැඩිහිටියන් අතර සෞඛ්‍යය සෙවීමේ හැසිරීම් රටාව” යන මාතෘකාවෙන් යුත් ලිපියේ සාරාංශයෙන් සියයයට 80% ක් අවසරයකින් තොරව උපුටා ගනිමින් එය තමන්ගේ ලෙස විද්වතුන් පිරිස ඉදිරියේ ඉදිරිපත් කර ඇතැයි චෝදනා එල්ල වී ඇත.

නයිජීරියානු සෞඛ්‍ය සේවා පද්ධතිය සඳහා නයිජීරියානු ලේඛකයන්ගේ යෝජනාව, ශ්‍රී ලංකාව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ සෞඛ්‍ය සේවය ලබා දිය යුතුයි යනුවෙන් ශ්‍රී ලංකාවට යෝජනා කර ඇත්තේ අබූබකර් සහ ඔහුගේ සගයන් බව අනාවරණය වීම මෙම වංචාවේ සිනහවට බඳුන් වන කාරණයයි. ශ්‍රී ලංකාව සෑම විටම එහි සියලුම නේවාසිකයන්ට නොමිලේ සෞඛ්‍ය සේවය ලබා දී ඇත.

2015 දී ශ්‍රී ලංකාව වැඩිහිටියන් සඳහා නොමිලේ සෞඛ්‍ය සේවාවක් ලබා දිය යුතු බවට අබූබකර් යෝජනා කළ බව කියන වංචනික ලෙස උපුටා ගත්තා යැයි පවසන නිබන්ධනයේ සාරාංශය ඉදිරිපත් කළ අවස්ථාවේ, ඔහුගේ සාරාංශය 2015 දී අග්නිදිග විශ්වවිද්‍යාලයෙහි කලා හා සංස්කෘතික පීඨයේ වාර්ෂික පර්යේෂණ සැසිවල සාරාංශ පොතේ පළ විය, ඔහුගේ නම ප්‍රාථමික සහ අනුරූප කතුවරයා ලෙස, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ තවත් කනිෂ්ඨ විද්වතුන් දෙදෙනකුගේ නම් සමඟ පළ විය.

වයස්ගත වීම සහ සෞඛ්‍යය සෙවීමේ හැසිරීම: ශ්‍රී ලංකාව නින්දවූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට වෛද්‍ය සමාජ විද්‍යාත්මක ප්‍රවේශයක්, (රමීස්.ඒ-2015) ලෙස නම් කරමින් 2019 දී මහාචාර්ය පදවියක් සඳහා ඉල්ලුම් කරන විට, අබූබකර් ඔහුගේ සම කර්තෘවරුන්ගේ නම් මග හැරියේය.

මහාචාර්ය තනතුර සඳහා සම්පූර්ණ ලකුණු ලබා ගැනීම සඳහා සම-කර්තෘවරුන්ගේ නම් ඉවත් කර ඇති බවත් එසේ නොකළේ නම් ඔහුට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට හැකියාව නොතිබූ බවත් ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ බහුවිධ පර්යේෂණ සහ ප්‍රායෝගිකව නැගී එන ප්‍රවණතා පිළිබඳ සිව්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී අනාවරණය වී ඇත. මහාචාර්ය පදවියක් සඳහා වූ මෙම අයදුම්පත්‍රයේ සමාලෝචකයින් කවුරුන්ද යන්න සහ ඔවුන් ඔවුන්ගේ රාජකාරිය අව්‍යාජව සහ අපක්ෂපාතීව ඉටු කළාද? එසේත් නැතිනම් ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව සම කර්තෘගේ නම් ඉවත් කරමින් සාක්‍ෂි සාවද්‍ය කර ඇති එකම වගකිවයුත්තා අබූබකර්ද එහිදී පැන නැගී ඇති ප්‍රශ්නයක් විය.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් තම දර්ශනපති උපාධිය ලබා ගැනීමට සිදුකළ නිබන්ධනය සඳහා පර්යේෂණ පාදක අධ්‍යයනයක් කළේය.ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කථිකාචාර්ය තනතුර ස්ථිර කිරීමට සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණියේ) තනතුරට උසස් වීමට දර්ශනපති උපාධිය ලබා ගැනීම අවශ්‍ය වේ.මෙම උපාධිය සඳහා අබූබකර් විසින් ඉදිරිපත් කරන ලද සමාජ විද්‍යා නිබන්ධනය නැවත පරික්ෂා කිරීමේදී වින්සන්ට් හේසල්ටන් සහ විලියම් කීනන් නම් ඇමෙරිකානු ජාතිකයන් දෙදෙනාගේ ලිපියක කරුණු අනුපිටපත් කරමින් එය තමාගේ ලෙස ඉදිරිපත් කර ඇතැයි හෙළි වී තිබේ.

මේ පිළිබඳ කළ විමසීමකදී ඉදිරි විමර්ශනවලට අවාසියක් විය හැකි බැවින් විමර්ශනයට අදාළ සියලු තොරතුරු හෙළි කිරීමට හැකියාවක් නොමැති බවත් වෙනත් අයෙක් සිදු කළ අධ්‍යනයක කරුණු තමන්ගේ ලෙස ඉදිරිපත් කිරීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බරපතල වරදක් ලෙස සලකන බවත් එම කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේය.එසේම මෙම කාරණය පිළිබඳ විමර්ශනය දීර්ඝ කාලයක් ඇදගෙන යා නොහැකි බවත් ඉක්මණින් තීරණයක් ගත යුතු බවත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

අබූබකර් මහතා නිබන්ධනය අවසන් කිරීමෙන් පසු 2010 වසරේදී දර්ශනපති උපාධිය ලබා ගන්නා ලදි. ඔහුගේ නිබන්ධනයේ උපුටා ගැනීම් ලෙස සඳහන් දේ හැර අනෙක් සියලුම කරුණු ඔහුගේ බව එම නිබන්ධනයේ පිටුවක අත්සන යොදා සහතික කර ඇතුලත් කර තිබුනත් ඔහු තම නිබන්ධනය සඳහා වින්සන්ට් හේසල්ටන් සහ විලියම් කීනන්ගේ ලිපියේ අඩංගු කරුණු තමාගේ ලෙස ඉදිරිපත් කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස ස්ථිර වීමටත් වෘත්තියෙන් ඉදිරියට යාමටත් අවශ්‍යතාවයක් වූ දර්ශනපති උපාධිය ලබා ගැනීමේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධානීන් රවටා ඇතැයි අබූබකර් මහතාට චෝදනා එල්ල වී තිබේ.අබූබකර් මහතා තවත් අයෙකුගේ ලිපියක අඩංගු කරුණු තමන්ගේ ලෙස ඉදිරිපත් කර ඇතැයි චෝදනා එල්ල වී තිබෙන නිබන්ධනයේ කොටසක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ අවස්ථාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඔහුගේ අධීක්ෂකවරුන්ගේ නම් මඟහැරීම මෙම චෝදනාවට අනුබල ලබා දී ඇත.

තම පශ්චාත් උපාධිය සඳහා සිදු කළ නිබන්ධනයේදී වෙනත් අයකුගේ කරුණු තමන්ගේ ලෙස ඉදිරිපත් කරමින් වංචාවක් සිදු කළා යැයි චෝදනා ලැබ සිටින අබූබකර් මහතා තම උපාධිය ලබා ගැනීමෙන් පසු ලබා ගත් ස්ථිර කිරීම්, උසස්වීම්, සහ වරප්‍රසාදවල නීත්‍යානුකූල භාවය පිළිබඳ දැඩි ප්‍රශ්නයක් මතුව තිබෙන බවද පැවැසෙයි.

අග්නිදිග විශ්ව විද්‍යාලයෙහි වත්මන් උපකුලපතිවරයා තම නිබන්ධනය ඉදිරිපත් කිරීමේදී සිදු කරන ලදැයි කියන වංචාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බව ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා ඇත.නිබන්ධන ඉදිරිපත් කිරීමේදී වංචාවක් සිදුකර ඇත්දැයි සොයා බැලීම සඳහා පුළුල් විමර්ශනයක් ද සිදුකරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.තමාගේ නොවන අධ්‍යනයක් තමාගේ ලෙස ඉදිරිපත් කිරීම කිසිම දිනක සමාවක් නොලැබෙන කරුණක් බවත් ඒ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය මේ ප්‍රශ්නය ගැන දැඩි අවධානයෙන් පසුවන බවත් අමරතුංග මහතා පෙන්වා දී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැබිනට් අමාත්‍යවරයාට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට මේ පිළිබඳ නිර්දේශ ලබා දී තිබෙන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර ඇත.ඉදිරියේදී මහාචාර්යවරුන්ගේ ශාස්ත්‍රීය අඛණ්ඩතාව පරීක්ෂා කිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් චක්‍රලේඛයක් නිකුත් කරන බව ඔහු පැවසීය.

උප කුලපතිවරයාට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට නොහැකි වූවහොත් ඔහුට විරුද්ධව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකදී ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගුරු සංගමය ප්‍රකාශ කර ඇත.උපකුලපතිවරයාගේ නිශ්ශබ්දතාවය හේතුවෙන් ශාස්ත්‍රීය ප්‍රජාවගේ ගෞරවයට සහ කීර්තියට හානියක් සිදුවිය හැකි යැයි ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගුරු සංගමය පවසා තිබේ.

ඩේලි මිරර් පුවත්පත රමීස් අබූබකර් මහතාගෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමසීමක් කර ඇති අතර එහිදී “වයසට යාම සහ සෞඛ්‍ය සෙවීමේ හැසිරීම: ශ්‍රී ලංකා නින්දවුර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වෛද්‍ය සමාජ විද්‍යාත්මක ප්‍රවේශයක්” ලිපිය කර්තෘවරුන් කිහිපදෙනකු සිටින, ඒකාබද්ධ පත්‍රිකාවක් බව ඔහු පවසා ඇත.එබැවින්, පත්‍රයේ සඳහන් සියලුම අන්තර්ගතයන්වලට තමන් පමණක් වගකිව යුතු නැතැයි ඔහු ප්‍රකාශ කර තිබේ.

එසේම, සංසන්දනය කර ඇත්තේ පත්‍රිකා දෙකේ සාරාංශ අතර පමණක් බවත් තම ලිපියේ අන්තර්ගතයේ ඊට වඩා වැඩි යමක් තිබෙන බවත් අබූබකර් මහතා පෙන්වා දී තිබේ. එසේම එල්ල වී ඇති චෝදනා තම ප්‍රතිරූපය විනාශ කිරීමේ අරමුණින් එල්ල කර ඇති අසත්‍ය චෝදනාවන් බවත් තමා උප කුලපති ධුරයෙන් ඉවත් කිරීම සඳහ ඉල්ලක්ක කරමින් චෝදනා එල්ල කර ඇති බවත් ඔහු පවසා ඇත. තමන් සාරාංශය නොලියූ බවත් අනෙක් කර්තෘවරුන් ඉංග්‍රීසි සාරාංශය ලියූ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. සාරංශය මත පදනම්ව නිබන්ධනයක වංචාවක් සිදු වුණාදැයි සෙවිය නොහැකි බවත් අබූබකර් මහතා පෙන්වා දී ඇත.

දිනුලි ෆ්‍රැන්සිස්කෝ
ඩේලි මිරර් පුවත්පතේ පළවුණු
Spot light on SL South Easten University
විශේෂාංගය ඇසුරින්



අදහස් (0)

අග්නිදිග විශ්වවිද්‍යාලය සහ අබුබකර්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 112 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 203 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 338 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 66 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 516 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 281 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site