IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කැබිලිත්ත රක්ෂිතයේ ඉඩම් හෙක්ටයාර 9960ක් බලෙන් අල්ලාගෙන

හේන් වගාවට ගිහින් කැලේ පාළු කරලා

(මොනරාගල නයනජීව බණ්ඩාර) 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයත් සියඹලාණ්ඩුව කොටියාගල වත්තේගම කැබිලිත්ත රක්ෂිත වනාන්තරයෙන් කැලෑ ඉඩම් හෙක්ටයාර 9960 ක් පමණ මේ වන විට විවිධ පිරිස් බලහත්කාරයෙන් අල්ලා ගෙන හේන් වගාවේ නියැළෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන නිලධාරීන් මේ බව පැවැසුවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත් දා පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි මෙම ඉඩම් සම්බන්ධයෙන් මතු වූ ගැටලුවකට පිළිතුරු ලබා දෙමිනි.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව අඩවියට අයත් මෙම වත්තේගම කැබිලිත්ත රක්ෂිතය හෙක්ටයාර 28926 ක විශාලත්වයකින් යුක්තය. කළුවර, බුරුත, වීර, පලු වැනි වටිනා වියළි කලාපීය ශාක ප්‍රජාවකින් යුත් මෙහි අලියා, වළහා, දිවියා, ඇතුළු සතුන් විශාල පිිරිසකට වාසස්ථාන හා ආරක්ෂාව සපයයි. 2012 වසරේ නොවැම්බර් 12 වැනිදා අංක 1784/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙය රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ මෙම වනාන්තරයේ ඇති පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම සලකාය. යාල ජාතික වනෝද්‍යානයට හා කුමන ජාතික වනෝද්‍යානයට මායිම්ව ඇති මෙම රක්ෂිත වනාන්තරයෙන් පිටත තිබූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් කැලෑ ඉඩම් විශාල ප්‍රමාණයක් බලහත්කාරයෙන් අල්ලා ගෙන කාලයක් තිස්සේ හේන් වගා කරමින් ඇති බවත් වන නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. 

වත්තේගම කැබිලිත්ත රක්ෂිතයේ හා ඉන් පිටත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ කැලෑ ඉඩම් අක්කර 50000 ක් විතර මේ අනවසර හේන් ගොවියන් විනාශ කරලා. බඩ ඉරිඟු, වගාව ප්‍රධාන හේන් බෝග වගා කරනවා. ඇත්තෙන්ම මේ වන අපරාධයට සම්බන්ධ හේන් ගොවීන් නෙමෙයි. ප්‍රදේශයේ ඇතැම් මහා පරිමාණ ගොවි ව්‍යාපාරිකයනුයි. ඇතැම් අය අක්කර 100 – 200 අපේ ඉඩම් අල්ලාගෙන බඩ ඉරිඟු වවනවා. මේක කාලයක සිට වෙන අපරාධයක්. මේ වන විට අපි ගැසට් එකකින් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කළ වත්තේගම කැබිලිත්ත රක්ෂිතයෙනුත් හෙක්ටයාර් දහ දාහකට ආසන්න ඉඩම් ප්‍රමාණයක් අල්ලාගෙන වගා කටයුතු කරනවා. වන නිලධාරීහු කියති. 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දෙන අන්දමට වත්තේගම කැබිලිත්ත රක්ෂිතය ඇතුළත හේන් වගාවේ නියැ​ෙළන ගොවි පිරිස 460 කි. එහෙත් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා පවසන්නේ මෙම රක්ෂිත මායිම ඇතුළේ හේන් වගා කරන ගොවියන් හා අනු පවුල් 1270 ක් හඳුනාගත් බවයි. එම පිරිස අමතරව එම රක්ෂිත මායිමෙන් පිටත තවත් පවුල් 2640 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අල්ලා ගෙන හේන් වගාවේ නියැළෙන බවද සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය. 

වත්තේගම කැබිලිත්ත සංරක්ෂිත වනාන්තරය හා සිදුව ඇති විනාශය හා එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මොනරාගල දිසා වන නිලධාරී භාණු දිසානායක මහතාගෙන් කළ විමසීමක දී මෙසේ පැවැසීය. 

සියඹලාණ්ඩුව කොටියාගල ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මුත් දැනට කැලෑ නොවන අක්කර 25000 ක් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයාට පවරා දීමට අපි කටයුතු කරලා තියෙනවා. අපේ නිලධාරීන් ප්‍රදේශයේ ගොවි සංවිධාන ප්‍රාදේශීය නියෝජිතයන් සමග එකතු වී සිදු කළ සමීක්ෂණයක දී මේ රක්ෂිතය ඇතුළේ හේන් ගොවියන් 460 කුත් ඉන් පිටත වගා කරන ගොවීන් එක්දහස් ගණනකුත් හඳුනා ගත්තා. මේ හඳුනා ගත් පුද්ගලයන් අතර ඇතැමුන්ට අක්කර 50 – 100 හෝ ඊට වැඩි වශයෙනුත් ඉඩම් තියෙනවා. ඒ නිසා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදීත් පසුව දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයනුත් අපේ විෂය භාර ඇමැතිවරයා සහ අපේ උසස් නිලධාරීනුත් එකතු වී කළ සාකච්ඡාවලදීත් එකඟ වුණා අපි නිදහස් කළ ඉඩම්වලින් මේ රක්ෂිතය ඇතුළේ සහ ඉන් පිටත ඉන්න හේන් ගොවියන්ට එක් පවුලකට අක්කර 05 බැගින් බෙදලා දෙන්න. ඇත්තෙන්ම රටේ ඉඩම් නීතිය අනුව වුණත් එක් ගොවියකුට උපරිම දෙන්න පුළුවන් ඉඩම් අක්කර 02 ක් විතරයි. නමුත් මේක සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකලයි ඒ තීරණයට ආවේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා වත්තේගම, කැබිලිත්ත රක්ෂිත කැලයේ දැනට වගා කටයුතු කරන සියලු ගොවීන්ට ඉවත් කරන්න. මොකද මේක ගැසට් කළ රක්ෂිතයක්. ඒ රක්ෂිතය ඇතුළේ වගා කරන්න අවසර දෙන්න අපට හැකියාවක් නැහැ. 

අපිටත් ඉලක්කයක් තියෙනවා. රටේ වන ගහනය සියයට තිහක් දක්වා වර්ධන කිරීම ඒ නිසා අපට හැකියාවක් නැහැ. දැනට රක්ෂිත ලෙස හඳුනා ගත් කැලෑ කොටස් ටික විනාශ කරන්න ඉඩ දෙන්න. අනික ඇතැමුන් මේ ඉඩම් පාරම්පරික වගා ඉඩම් බව කියන්න උත්සාහ කරනවා. එහෙත් මේ කැලෑ ඉඩම් විනාශ කිරීම ආරම්භ වෙලා තියෙන්නේ මෑතක කියලා චන්ද්‍රිකා ඡායාරූප සලකා නිරීක්ෂණය කළාම තේරෙනවා.



අදහස් (5)

කැබිලිත්ත රක්ෂිතයේ ඉඩම් හෙක්ටයාර 9960ක් බලෙන් අල්ලාගෙන

මුණසිංහ Thursday, 29 July 2021 01:47 PM

දැන් මේ අය අල්ලගෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඕන අපි ගිහිල්ලා ද

:       22       46

සත්‍යා Thursday, 29 July 2021 02:30 PM

මෙතරම් මහා පරිමාණයෙන් කැලේ වනසන්න සහ වටිනා දැව වර්ග සහිත ප්‍රදේශ අල්ලන්න පසුගිය රජය සමයේ කවුරුත් පෙලඹුනේ නැත්තේ ඇයි? නීතියට කිසිම ගරු කිරීමක් නොමැතිව කැලේ කපනවිට එසේ වී නැතැයි කීමට වගකිව යුතු කථිකයන් පෙලඹෙන්නේ කෙසේද?

:       0       167

dhamneth Saturday, 31 July 2021 09:00 AM

දැනට මේ ඉඩම් වගාකරන ගොවියන්ට බලපත්‍රයක් දෙනවා මිසක් ඉඩම්වලට ඔප්පු දෙන්න එපා. සින්නක්කර ඔප්පු දුන්නාම මේ ඉඩම් වෙන අයට දී නැවත රජයේ ඉඩම් බලෙන් අල්ලනවා.

:       15       3

Prase Tuesday, 03 August 2021 11:03 AM

යකෝ මුන් ගිහින් කැලේ එලිකරගෙන දැන් කියනවා අලි ගහනවා බේරා ගනියෝ කියලා ,ඔන්න ඔහේ මැරිලා ගිය දෙන් .සත්තුන්ට ඉන්න තියන තැන් වනසන තිරිසන් මිනිස්සු

:       0       6

fairoosWednesday, 04 August 2021 03:37 PM

කාගේ හයියෙන්ද කැලේ එලි කරන්නේ ?නිකං ගොන් කතා කියන්ඩ එපා

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 72 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 68 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 172 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 345 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 372 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 113 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site