ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ මේ වනවිට කොටි කඳවුරු දෙකක් පවත්වාගෙන යන බව බුද්ධි අංශ වාර්තාවක සඳහන් කර ඇත. මේ බව ඉකුත් ඉරිදා ”කරළිය කතාබහ” තීරුවේද පළවිය. මෙහි සඳහන් වන්නේ තමිල්නාඩුව ක්‍රමානුකුලව එල්ටීටීඊයට රැකවරණය දෙන අන්දම ගැනවිස්තරයකි. මෙම පිරිසගේ පැවැත්ම වෙනුවෙන් මහ ඇමැති කරුණානිධි සංවිධානය කළ ඊලම් සමුළුවක්ද අද (12) තමිල්නාඩුවේදී ආරම්භවේ. අපේ රටේ දේශපාලනඥයන් කිහිපදෙනෙකුම ඉන්දියාවට ගිය අවස්ථාවේ පසුගිය කාලයේ විවිධ හිරිහැර තාඩන පීඩනවලට ලක්වීමට සිදුවුයේ එරට සිටින කොටි හිතවාදීන් නිසාය. අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්, අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිරූපමා රාජපක්ෂ මහත්මිය ද මෙසේ ඉන්දියාවේදී කොටි හිතවාදීන්ගේ තාඩන පිඩන හා හිරිහැරවලට ලක්වූ දේශපාලනඥයෝ අතර වෙති. මේජර් ජරනාල් ජගත් ඩයස් සහ නාවික හමුදාවේ රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහත්වරුන් නවාතැන් ගෙන සිටි චෙන්නායිහි පිහිටි හෝටලයක ඉදිරිපිට පැමිණ විරෝධතාවයක නිරත වූයේද කොටි හිතවාදීන් පිරිසකි. රටවල් 14ක සහභාගිත්වයෙන් පැවැත්වූ අන්තර් ජාතික ආරක්ෂක සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මෙම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් දෙදෙනා ගොස් ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා නවාතැන් ගෙන සිටි හෝටලය ඉදිරිපිට විරෝධතා පා ගමනින් පැමිණි සටන් පාඨකයින් කොටි හිතවාදීහු විශාල පිරිසක් කළහකාරි ලෙස හැසිරී ඇත. දඹදිව වන්දනාවේ සහ වේලකන්නි වන්දානවේ ගිය ශ්‍රී ලාංකික බෞද්ධ හා කතෝලික බැතිමතුන්ට ද මේ කොටි හිතවාදීන්ගේ තාඩන පීඩන හා හිරිහැරවලට අවස්ථා කිහිපයකදීම මුහුණ පෑමට පසුගිය කාලයේ සිදුවිය. අපේ දේශපාලනඥයන්ට ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ බැතිමතුන්ට හිරිහැර තාඩන පීඩන කළ විරෝධතාවයන්ට එක්වූ කොටි හිතවාදීහු බුරුතු පිටින් ඉන්දීය පොලිසිය අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබටවූයේද නැත. මේවාගේ සිද්ධීවලට අත්අඩංගුවට ගනු ලැබුවේ ජයලලිතාගේ හා වයිකෝ වැනි තමිල්නාඩුවේ සිටින දේශපාලනඥයින්ගේ ගෝල බාලයින්ය. වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් පැවැති කාලයේ කොටි ත්රස්තවාදීන් ගණනාවක්ම මුහුදු මාර්ග ඔස්සේ පලාගියේ දකුණු ඉන්දියාවටය. මෙසේ පලාගිය කොටි ත්රස්තවාදීන්ගේ සංඛ්‍යාව 500කට පමණ ආසන්න බවට තොරතුරු ලැබී ඇති බව බුද්ධි අංශ ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. පලාගිය මෙම කොටි ත්රස්තවාදීන් තමිල්නාඩු ප්‍රාන්තයේ නිවාස කිහිපයක ඉතා රහසිගතව පුහුණුවීම් ලබමින් සිටින බවට ද තොරතුරු ලැබී ඇති බව හෙළිකර සිටියේ බුද්ධි අංශ නිළධාරියෙකි.දකුණු ඉන්දියාවට පළාගිය මෙම කොටි ත්රස්තවාදීන් අවි පුහුණුවීම ලබා ඇති නිසා නැවත අවි පුහුණුවීම ලබා ගැනීමක් නොකරන බවත් ඔවුන් වෙනත් ක්‍රියාකාරකම්වල නිරතවීම සඳහා පුහුණු සැසි වරින්වර පවත්වන බවත් ලැබී ඇති තොරතුරුවලින් හෙළි වන්නේ යැයි බුද්ධි අංශ නිලධාරිහු කිහිප දෙනෙක් පැවසූහ. මේ සඳහා ඉන්දියාවේ සිටින කොටි හිතවාදීන් දේශපාලනඥයින්ගේ ආධාර උපකාර නොඅඩුව ඔවුන්ට ලැබෙන බවටද මෙරට බුද්ධි අංශවලට දැන ගැනීමට ලැබී ඇත. ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ඇතැම් විදේශයන්හි සිටින කොටි හිතවාදීන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා ගත යුතුපියවර සහ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ට විරෝධතා දැක්වීම ඊළාම් සංකල්පය ලෝකයේ වෙනත් රටවල ව්‍යාප්ත කර ඔවුන්ගේ ආධාර උපකාර ලබාගත යුතු ආකාරය පිළිබඳව තමිල්නාඩුවේ දී කොටි ත්රස්තවාදීන් පුහුණුවීම් ලබන බව මෙරට බුද්ධි අංශවලට දැන ගැනීමට ලැබී තිබෙන බව කියති. ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා අවශ්‍ය අරමුදල් රැුස් කරන ආකාරය ගැන මෙන්ම ලෝකයේ අනෙක් රටවල ශ්‍රී ලංකාව කෙරෙහි අපකීර්තියක් ඇතිකරවන අසත්‍ය පුවත් නිර්මාණය කර ප්‍රචාරය කිරීමට අදාළ පුහුණුවීමද අපේ රටෙන් පැන ගිය කොටි ත්රස්තයන් පුහුණුවීම් ලබන බව පැවසේ. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාද මීට ටික කාලයකට ඉහතදී තමිල්නාඩුවේ කොටි පුහුණු කඳවුරු ඇති බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබිණි. කොටි පුහුණු කඳවුරු නොමැති බව ඉන්දීය මධ්‍යම රජය පසුව ප්‍රකාශයට පත්කර තිබිණි. අග්‍රාමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් කර තිබුණේ මෙරට බුද්ධි අංශයක් විසින් ලබාදුන් තොරතුරු වාර්තාවක් පදනම් කරගෙන බව දැනගැනීමට ඇත. ඉන්දීය මධ්‍යම රජයද එරට සිටින කොටි හිතවාදී දේශපාලන ඥවරියන්ගේ හා දේශපාලඥයන්ගෙන් කොතරම් බාධා එල්ල වුවත් එරට සිටින කොටිහිතවාදීන් අත්අඩංගුවට ගැනීමට පසුබට වන්නේ ද නැති බව කී එරට මාධ්‍ය මගින් අපට පෙනී යයි. තමිල්නාඩු ප්‍රාන්තයේ නිවාස කිහිපයක රහසිගතව පුහුණුවීම් ලබා කොටි සාමාජික සාමජිකාවන් බුද්ධි මෙහෙයුම් සම්බන්ධව ද යම් යම් පුහුණුවීම් ලබන බව වාර්තාවේ. මෙවැනි ආකාරයේ පුහුණුවීම් ලබාගත් කොටි සාමාජිකයන් කණ්ඩායම් කිහිපයක් පසුගිය කාලයේ වරින්වර රහසිගතව මුහුදු මාර්ග ඔස්සේ මන්නාරම සහ තලෙයි මන්නාරම ප්‍රදේශයට පැමිණ නැගෙනහිර පළාතට පැනගෙන ඇති බවට තොරතුරු ලැබීමත් සමගම පොලිස් බුද්ධි අංශ හා යුද හමුදාව ඒකාබද්ධව ඒ පිළිබඳව මෙහෙයුමක් ආරම්භ කළේය. මෙම මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගම දකුණු ඉන්දියාවේ සිට රහසිගතව පැමිණ සිටි කොටි සාමාජිකයන් මුහුදු මාර්ග ඔස්සේ නැවතත් දකුණු ඉන්දියාවට පලා ගිය බව පැවසුවෝ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරි කිහිප දෙනෙකි. ත්‍රිකුණාමලයේ ඊ.පී.ඞී.පී. ප්‍රබලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ද්‍රවිඩයන් කිහිප දෙනා අතර සිටි දෙදෙනෙක් තමිල්නාඩුවේ සිට පැමිණි කොටි සාමාජිකයන් බව ද හෙළිවී තිබිණි. පුනරුත්ථාපනය නොවී සහ විදෙස්වල සිට රහසිගතව පැමිණ සිටි හිටපු කොටි සාමාජික සාමාජිකාවන් සොයා පොලිසිය හා හමුදාව ඒකාබද්ධව මෙහෙයුම් කරගෙන යද්දී ඒවා නතර කිරීමට මෙරට සිටින දේශද්‍රෝහි කොටි හිතවාදී සමහර දේශපාලනඥයන් දැඩි ලෙස බලපෑම් කළ බවද පැවසුවේ ආරක්ෂක අංශ නිලධාරීන් කිහිප දෙනෙකි. තමිල්නාඩුවේ සිටින කොටි සාමාජික සාමාජිකාවන් නෙදර්ලන්තයේ සිටින කොටි නායකයෙක් වන නෙදියවන් හා ප්‍රංශයේ සිටින කොටි නායකයකු වන විනයාගම් බවටද මෙරට බුද්ධි අංශ තහවුරු කරගෙන ඇත. තමිල්නාඩුව කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන කොටි හිතවාදීන් ශ්‍රී ලාංකිකයින් හොර රහසේ ඔස්ටේ්රලියාවට යැවීමේ ජාවාරම ද මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරී කිහිපදෙනෙක් පැවැසූහ. ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවට ගුවන් මගින් සංචාරකයින් ලෙස ගෙනයන ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස් කර එහි සිට යුරෝපීය රටවලට යැවීමේ ජාවාරමකද තමිල්නාඩුවේ සිටින කොටි සාමාජිකයින් විසින් සිදුකරනු ලැබ ඇති බව කියති.
මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමිණ තිබේ. මෙහි දී මිශ්‍ර නියෝජන ක්‍රමයක්
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
නිදහස ලබා ගත වු වසර 76 ක කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කළ බවත්, එම පක්ෂ විසින් එම කාලය තුළ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හේ
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන
පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන
රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය සමත
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තමිල්නාඩුවේ ආයෙත් කොටි කඳවුරු
චාමිකා Sunday, 12 August 2012 10:50 PM
ලංකාව වගේද තමිල්ණාඩුව? කොච්චර විශාලද? කැමති අය යන්නකෝ එහාට. (නි)
ප්‍රනාන්දු Monday, 13 August 2012 04:03 AM
ඔය පුහුණු වෙන්නේ තමිල්ණාඩුවේ තවත් ඊළමක් පිහිටුවන්නද? (නි)
අනු Monday, 13 August 2012 04:30 AM
ඒල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් නතර කිරීමට ඉන්දියාවට බලපෑම් කළ යුතුයි. (නි)