IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හාල් මිල ගැන ආණ්ඩුවේ පිළිවෙත හා ගැටෙන මෝල් හිමියෝ

රජය මගින් පනවා තිබෙන පාලන මිලට අනුව කොන්දේසි විරහිතව වෙළෙඳ පොළට අවශ්‍ය සහල් තොග සැපයීමට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් ඇතුළු සහල් මෝල් හිමියන් එකඟ වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

සහල් මෝල් හිමියන් සහ වී තොග රැස් කරන්නන් අනිවාර්යයෙන්ම ඒවා වෙළෙඳපොළට නිකුත් කළ යුතු බවත්, එසේ නොකර සඟවා තබාගෙන සිටින අයට එරෙහිව පාරිභෝගික පනත අනුව නීති මගින් ක්‍රියා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

නිසි නියාමනයක් හා විද්‍යාත්මක විධිමත් සැලැස්මක් නොමැති හෙයින් ඉතා සංකීර්ණ තත්ත්වයට පත් වූ ප්‍රශ්නයකි. විශේෂයෙන්ම වෙළෙඳපොළ තුළ අලෙවි කරන භාණ්ඩයකට අදාළව පැන නැඟෙන, පැන නැඟිය හැකි අර්බුද සම්බන්ධයෙන් සවිඤ්ඤාණක වන්නේ නම් මෙම ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් නිර්මාණය කර ගත හැකිය.

පාරිභෝගික සේවා අධිකාරියට පොලොන්නරුවේ වී ගබඩා ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවක නියැලීමට සිදුවූයේ වී සහ සහල් තොග සඟවාගෙන සිටින බවට පැතිර යන ආරංචි සහ ඇතැම් සහල් වර්ගවල හිඟයක් ඇති බවට පළවන වාර්තා නිසාය. මෙබඳු තත්ත්වයක් නිර්මාණය වූයේ කෙසේද යන්න විමසීම වැදගත්ය.

මේ රටේ ප්‍රධාන වී මෝල් සංඛ්‍යාව 4කි. එයට අමතරව කුඩා මෝල්  දෙදහසක් පමණ පවතී. වෙළෙඳපොළ ක්‍රමයට අනුව කුඩා මෝල් හිමියන් සහල් මිල තීරණය කරනු ලබන්නේ ප්‍රධාන මෝල් හතරෙහි සහල් මිලට අනුවය. මෙරට දිනක සහල් අවශ්‍යතාව කිලෝ ලක්ෂ 50කි. පෙර කී ප්‍රධාන වී මෝල් හතරෙන් නිෂ්පාදනය වන්නේ සහල් කිලෝ ලක්ෂ 8කි. ඉතිරි කිලෝ ලක්ෂ 42ම කුඩා මෝල්වලින් නිෂ්පාදනය වේ. එම කිලෝ ලක්ෂ හතළිස් දෙකෙහි මිල හාල් කිලෝ ලක්ෂ 8කට අනුව තීරණය වීමේ ගැටලුව පළමුව විසඳිය යුතුව තිබේ.

මෙම මැයි මාසය වනතුරු සහල් නිෂ්පාදකයන් වී කිලෝවක් මිලදී ගෙන තිබුණේ රුපියල් 50ටය. ඒ සහල් කිලෝවක් රුපියල් 98ට අලෙවි කිරීමේ රජයේ පාලන මිලට යටත්වය. එහෙත් රජය මෑතකදී නිකුත් කළ ගැසට් පත්‍රයකින් රුපියල් 98ට තිබූ සහල් කිලෝව රුපියල් 90 දක්වා අඩු කර තිබේ. ප්‍රධාන වී මෝල් හිමියන් පවසන්නේ රුපියල් 50ට ගත් වී කිලෝවක් රුපියල් 90ට සහල් කර වෙළෙඳපොළට නිකුත් කළ නොහැකි බවය. පොලොන්නරුව අරලිය සහල් නිෂ්පාදනයේ හිමිකරු වන ඩඩ්ලි සිරිසේන මහතා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරිපිට ප්‍රකාශ කළේ, එම මිලට සහල් නිකුත් කළ නොහැකි බවය. ‘‘එම තීරණය නිසා මට රුපියල් බිලියනයක් පාඩුයි. ඒ නිසා මම ඒ මිලට හාල් වෙළෙඳපොළට දාන්නේ නෑ. මම මෝල වහල හිරේ යනවා’’ ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

පාලන මිලක් පෙර නොතිබූ තත්ත්වය තුළ සහල් නිෂ්පාදකයන්ට හිතූ හිතූ මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කළ හෙයින් ඒ ලැබූ ලාභය ද පදනම්ව අලුත් ගැසට් පත්‍රය නිකුත් වී ඇතැයි සිතිය හැකිය. මෙහිදී සියල්ලන්ටම පළමුව කළ යුතු වන්නේ අධික ලාභ ලැබීමේ අරමුණෙන් ඉවත්වීමය. වෙළෙඳපොළ සූත්‍රයට අනුව වෙළෙඳපොළෙහි භාණ්ඩ හිඟයක් ඇති වූ විට මිල ඉහළ යයි. ඇතැම් සහල් වර්ගවල හිඟයක් ඇතිවීමේ රහස ද එයයි. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන්ට පොලොන්නරුව සහල් ගබඩා පර්යන්ත නිරීක්ෂණය කිරීමට සිදුවූයේ ද එයය.

සහල් මිල සම්බන්ධයෙන් සලකා බැලීමේදී අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයකි. මෙරට ප්‍රධාන ආහාරය බත්ය. ඒ අප කෘෂිකාර්මික රටක් වීමෙන් ලද උරුමය වේ. එහෙයින් රටේ ජනතාවට විශේෂ අපහසුතාවකින් තොරව සහල් මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. එහිදී සහල් සුලභවීම මෙන්ම මිල පහසු හා සාධාරණ ද විය යුතුය. එමෙන්ම ගොවියාට ද සාධාරණ මිලක් හිමි විය යුතුය. මඩ සෝදාගත් ගොවියාට සිහසුන කරා යා හැකි වන්නේ එහෙයිනි. එසේ නොවන්නේ නම් ගොවියාට සිදුවන්නේ මඩ සෝදාගැනීමකින් තොරවම වස බී දිවි නසා ගැනීමටය.

සහල් වෙළෙන්දාට ද මෙයින් ලාභයක් ලැබිය යුතුය. එම නිෂ්පාදන ක්‍රියාවලියට දායක වී ජීවනෝපාය ගැටගසා ගන්නා පිරිස් ලක්ෂ ගණනකි. එමෙන්ම මහජනයා අතට අවශ්‍ය මට්ටමින් සහල් පත්කිරීමට තරම් අප රාජ්‍ය යාන්ත්‍රණය සවිමත් නැත. එය අබලදුබල වී සෑහෙන කල්ය. එහෙයින් පෞද්ගලික අංශය අමතක කර යා හැකි ගමනක් ද නැත.

මේ සියලු අංශ දෙස බලා සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. පාරිභෝගික සේවා අධිකාරියේ මැදිහත්වීම වඩාත් ප්‍රශස්ත වන්නේ ඒ අර්ථයෙනි. ප්‍රශ්නය සොයා ගොස් එය විසඳීමට මැදිහත්වීම වැදගත්ය. දෙවනුව වැදගත් වන්නේ පසුවිපරමය. සියල්ල යහතින් සිදුවන්නේ දැයි පරීක්ෂා කළ යුතුය. වරින්වර මතුවන අර්බුදවලදී අගතියට පත්වන පාර්ශ්ව දෙස බලමින් සුදුසු විසඳුම් ක්‍රියාත්මක කළ යුතුය. එය පාලන මිල මතම තීරණය වන්නක් නොවන බව ද අවධාරණය විය යුතුය.

 



අදහස් (7)

හාල් මිල ගැන ආණ්ඩුවේ පිළිවෙත හා ගැටෙන මෝල් හිමියෝ

Rata Perata Wednesday, 27 May 2020 06:22 AM

මෝඩ පාලකයින්ගේ මෝඩ ගැසට්වලින් ආර්ථිකය පාලනය කළ නොහැකියි. දැක්කනේද සැමන්, පරිප්පු අඩු කළ විදිය. සැපයුම සහ ඉල්ලුම අඩුවැඩි කිරීමට අවශ්‍ය පියවර රජයක් හැටියට ගැනීමෙනුයි මේවාට විසඳුම් සෙවිය යුත්තේ...

:       2       278

BamunuarachchiWednesday, 27 May 2020 07:40 AM

ලක්ෂ 69 ජනතාව නුවණක්කාර පාලකයින්ගේ කෙරුවාවල් දැක්කා. ඉල්ලුම සහ සැපයුම බඩු හංගාගෙන වැඩිමිලට විකුණන කළුකඩ කාරයින්ට අදාළ නැත. අලුකඩ කාරයින්ට පළමුව අදාළ වෙන්නේ පාලන මිලට බඩු විකිණීමයි. දෙවනුව අදාළ වෙන්නේ කළු කඩකාරයාගේ බඩු රජය හෝ ජනතාව බලෙන් එළියට ඇද පාලන මිලට බෙදාදීමයි. 2015 මහින්දගේ රජය බාරගන්නා විට රටේ වී ගබඩා පිරී ඉතිරී ගොස් මත්තල ගුවන් තොටුපලේද වී ගබඩා කළබව මේ යහපාලන අමනයින්ට අමතක වී ඇත. මේ අය කොරෝනාවලට භයානකය.

:       51       2

KumarWednesday, 27 May 2020 04:30 PM

කතාව ඇත්ත. ඉතින් ඒ ගොඩගැසී තිබුන වී අතුරුදහන් වෙලාද? කවුරු කඩේ ගියත් පාලන මිලට හාල් නැති බව කියන්න ඕනේ නැහැනේ. පොළොන්නරුවේ ලොකුම හාල්මෝල්කාරයා ඉන්නේ ආණ්ඩුපක්ෂයේ නේද? මේ ගැන එයාටවත් කියලා බලන්නකො.

:       0       0

Perera mjn Wednesday, 27 May 2020 07:14 AM

ගහපු පදේකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ.

:       1       18

Moonrice Wednesday, 27 May 2020 08:05 AM

මතකයි පහුගිය දවසක බ්‍රිගේඩියර්වරයකු සිංහයෙක් වගේ ලොකු දත්ත ටිකක් ඉදිරිපත් කලා කියලා.. ඒ දත්ත වැරදියිද? ඩඩ්ලි හරිද? ආණ්ඩුව බයයිද? නැත්නම් මිනිස්සුන්ව ගොනාට අන්දවනවද ?... දේශපාලන ඇරියස් කවර් කරනවාට වඩා ප්‍රශ්නයට නිවැරදි උත්තරයක් හොයනවා නම් වටිනවා..

:       0       233

Dayan Wednesday, 27 May 2020 09:10 AM

මේ ගොල්ලෝ ආණ්ඩුවට සම්බන්ධ මෝල් කාරයින්. පුදුම වෙන්න එපා එම අයගේ ඉල්ලීම ඉටුවෙනවා. පාලන මිල 98 කරලා දෙනවා. මේක සංදර්ශනයක්. පාරිභෝගිකයාට හුළං තමයි.

:       2       6

Rohana Thursday, 28 May 2020 02:33 AM

කිව්වා වගේම ආණ්ඩුව හාල්මෝල්කාරයට යටවුණානේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 116 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 255 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 189 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 233 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 239 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 806 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site