IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


හංසයාව දෙන්න නම් මට දෙන්නේ මොනවාද ?

සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ සිය ළගම හිතවතුන් සමග මූලෝපායික මට්ටමේ සැසියක් පැවැත්වූයේය. පිරිස හමුවූයේ කොළඹ පිහිනුම් ක්‍රීඩා සමාජ ශාලාවේදීය.

ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙක් වන තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සහ හරීන් ප්‍රනාන්දු මෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ ශිරාල් ලක්තිලක යන මහත්වරු එයට එක්ව සිටියහ.

හමුවේ ප්‍රධාන අවධානය යොමුවූයේ පාර්ලිමේන්තු මැතිවරණයටය. පසුගිය ජනපතිවරණයේ දී, මේ හා සමාන මූලෝපායික මැතිවරණ යාන්ත්‍රණයක් දියත් කිරීම සදහා ආරාධනා කෙරුණු තිදෙනා මෙවර මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙරමුණ නොගනු ඇති බව මින් පැහැදිලි විය. කබීර් හෂීම්, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් එම ත්‍රිත්වයයි. පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රේමදාස පාර්ශ්වයට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ඇයි ඔබ පියවරක් පසුපසට ගෙන තිබෙන්නේ යැයි සමරවික්‍රම මහතාගෙන් විමසුවේ ය.

“පක්ෂය එකට තියාගන්න අපි දැන් ඇති වෙනකම් වැඩ කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ තමයි ඒක ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ” යයි ඔහු පිළිතුරු දුන්නේය. ප්‍රේමදාස කදවුරේ කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඉහළම පෙලේ සාමාජිකයන් පවා කොපමණ වෙහෙසට සහ ‘දැන්නම් ඇති‘ ස්වභාවයකට පත්ව සිටින්නේ ද යන්න සමරවික්‍රමගේ අදහස්වලින් මනාව පැහැදිලි වේ.

රවීගෙන් ඉල්ලීමක්
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා කෝට්ටේ පිහිටි සිය නිවසේ දී, මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගනේෂන් සහ සිලෝන් ජනතා කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන්ට දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූයේය. සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් පවතින ගැටලුව නැවත කරළියට පැමිණියේය.

හංසයා ලකුණ, කරුණානායකට සැළකිය යුතු බලයක් හා මැදිහත්වීමක් හිමි, නව සන්ධානය වෙනුවෙන් ලබාදිය හැක්කේ එහි මහලේකම්වරයා ලෙස තමාව හෝ තමා නම් කරන පුද්ගලයෙක් හෝ පත් කැරුණහොත් පමණක් බව ඔහු පැවසුවේය. හංසයා ලකුණ වර්තමානයේ දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරිය ලෙස කටයුතු කරන ෂර්මිලා පෙරේරා මහත්මිය බදාදා මැතිවරණ කොමිසමේ පැවැති රැස්වීමටද පැමිණ සිටියාය.

මේ සම්බන්ධයෙන් ‘සන්ඩේ ටයිම්ස්’ විමසූ අවස්ථාවේ දී හකීම් සහ බදුර්දීන් දෙදෙනම රවී කරුණානායක එවැනි ප්‍රකාශයක් කළේය යන්න බැහැර කළහ.

“මම දන්නේ නැහැ. මොකද මම කලින්ම පිටත්වෙලා ගියා” යයි හකීම් පැවසුවේය. නමුත් ඔහු සංග්‍රහය අවසාන වෙනතෙක්ම සිටියේය.

“කරුණානායක හෝ ඔහු නම් කරන පුද්ගලයෙක් මහලේකම්වරයා ලෙස පත් කිරීම ගැන කිසිම සදහනක් වුනේ නැහැ” යයි බදුර්දීන් කීවේ ය.

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින සංහාරයෙන් පසුව මෙම මුස්ලිම් නායක දෙපළට එරෙහිව පොදු ජනතාව අතරින් සැළකිය යුතු ලෙස විවේචන එල්ල විය. සුලුතර ජන කොටස් නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂ දෙස ජනතාව වර්තමානයේ බලන්නේ දැඩි සැකයකිනි.

නව ව්‍යවස්ථාවක සම්පාදන කටයුතුවල දී ආගම මත පදනම්ව තිබෙන දේශපාලන පක්ෂ තහනම් කිරීමට කටයුතු කැරෙනු ඇතැයි රාවයක් ද පැතිර ඇත. මෙසේ කෙරෙන බව පැවසෙන්නේ මෙකී දේශපාලන පක්ෂ ඔවුන්ගේ නාම පුවරුවලට මුවා වී අරමුදල් රැස්කර ගැනීමට (විශේෂයෙන්ම ධනවත් ආසියානු දානපතියන්ගෙන්) සහ එම මුදල් මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පමණක් යෙදවීමට කටයුතු කරන නිසාවෙන්ය. ව්‍යවස්ථාව හරහා එවන් දේශපාලන පක්ෂවලට එරෙහිව වැට බැඳීමට මුස්ලිම් ප්‍රජාවේම ඇතැම් කොටස්ද කැමැතිය. ඒ මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ එම දේශපාලන පක්ෂ තමන් වෙනුවෙන් පෙනී නොසිටීමත් ඒවා දේශපාලන පක්ෂ ලෙස නොව සමාගම් ලෙස කටයුතු කරමින් සිටීමත් යන කාරණා මුල්කැර ගෙනය.

මේ අතරවාරයේම, නොමිලේ ලැබෙන කිසිවක් (දානයක දී හැරෙන්නට) නැත යැයි පවසන පිරිසක් ද සිටිති.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සන්ඩේ ටයිම්ස් හා පවසා සිටියේ මෙවැන්නකි.

“එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන දෙපාර්ශවය අතර ඇතිව තිබෙන ගැටලු විසදාගැනීමට සහ එක්සත් බලවේගයක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ලබාදීමට කරුණානායක අපේ නොමසුරු දායකත්වය බලාපොරොත්තු වුනා. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ පක්ෂයට ජයග්‍රහණය කළ නොහැකි බවත් වික්‍රමසිංහ යනු ජනතාව හමුවේ උත්කර්ෂයට පත්කළ නොහැකි නායකයෙක් බවත් කරුණානායක පැවසුවා. වෙනසක් සිදුකළ යුතුව තිබෙන බවටත් ඔහු එකඟවුනා”

“හංසයා ලකුණ භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහු කොන්දේසියක් ඉදිරිපත් කළා. එසේ කිරීමට නම් ඔහුව හෝ ඔහු නම් කරන තැනැත්තා (එනම් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම් ෂර්මිලා පෙරේරා) නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස නම් කළ යුතුව තිබෙන බව ඔහු කීවා.

“ලකුණ ගැන සාකච්ඡා කැරෙමින් යනකොට, කතානායක කරූ ජයසූරිය මහතා සන්ධානයේ නායකයා ලෙස නම් කළ යුතු බවටත් රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරියටත් සන්ධානයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති බවටත් අදහසක් එක් නායකයෙක් ඉදිරිපත් කළා. මහලේකම්ධූරයේ වෙනසක් සිදුනොවන බව සදහන් කෙරුණේ මද්දුමබණ්ඩාරගේ පත්වීම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කර තිබෙන්නක් නිසා. සන්ධානයේ කිසිදු තනතුරක් භාරගැනීමේ සූදානමක් කතානායකවරයාට නොමැති බව මෙම අවස්ථාවේ දී, පෙන්වා දෙනු ලැබුණා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය යටතේ තරග කරන්නට අපි තීරණය කළා. කෙසේවුවත්, ලකුණ සම්බන්ධයෙන් වන ගැටලුව අවසානයක් කරගත යුතුව තිබෙනවා”

මුස්ලිම් දේශපාලන පක්ෂ ද්විත්වය ඔවුන්ගේ නායකයින් සහ ආධාරකරුවන් වෙනුවෙන් බලවත් දේශපාලන තනතුරු තානාත්තර ලබාගැනීමෙහි ලා අවධානය යොමුකර තිබෙන බව ගනේෂන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

ප්‍රධාන දේශපාලන පක්ෂ අතර බලතුලනයේ යෙදීම හැරෙන්නට මුස්ලිම් ජනතාව වෙනුවෙන් මෙම දේශපාලන කර තිබෙන දෙයක් නොමැති බව එම ප්‍රජාවේ බලවත් පාර්ශවයන් නැවත නැවතත් පවසන කාරණයකි. ඒ අරබයා ඔවුන් විශේෂයෙන්ම ගෙනහැර දක්වන්නේ පශ්චාත් පාස්කු ඉරුදින සංහාර වකවානුවයි.

සරත් ෆොන්සේකා හංසයා ලකුණ යටතේ 2010 ජනපතිවරණයට ඉදිරිපත් වූයේ රවී කරුණානායක මහතාගේ ආශිර්වාදය යටතේය. ප්‍රේමදාස සැළකීමේදී නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස කරුණානායක මහතා පත්කකර ගැනීම යනු එම තනතුර වික්‍රමසිංහට හෝ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කාරියවසම්ට හෝ දුන්නාක් වැනි වනු ඇත. එය කිසිලෙසකින්වත් ඉටුකළ නොහැකි ඉල්ලීමක් වනවා සේම, කරුණානායක එම තනතුර අපේක්ෂා කරන්නේ ප්‍රේමදාස හමුවේ බාධකයක් නිර්මානය කිරීමටද යන්නත් ගැටලුවකි.

අනෙක් අතට යමක් බලාපොරොත්තුවීමකින් තොරව කරුණානායක තමන් සන්තකයේ පවතින හංසයා ලකුණ ප්‍රේමදාසට ලබාදේයැයි එත්තු ගැන්වීමේ සමත් කිසිදු කාරණයක්ද නැත. ඒ මක්නිසාද ඔවුන් සියලුදෙනාම කරමින් සිටින්නේ ගනුදෙනුවක් බැවිනි.

සිකුරාදා ප්‍රේමදාස මහතා සහභාගීවීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවකට ප්‍රථමයෙන් තිදෙන ඔවුන් කරුණානායක සමග පැවැත්වූ හමුව සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතාව දැනුවත් කළේය. ප්‍රේමදාස සහ ඔහුගේ කණ්ඩායම පෙළමින් සිටින ගැටලු විසඳාදීම සදහා අතරමැදියන් ලෙස කටයුතු කිරීමට කැමැති බව ඔවුහු කීහ.

මෙයත් සමග සාකච්ඡාවේ අවධානය නිසඟයෙන්ම යොමුවූයේ සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවටය. හංසයා ලකුණේ නෛතික හිමිකරුවා එය සන්ධානයට ලබාදීම අරබයා ගැටලු මතුකරන්නේ නම් ගැටලුව වන්නේ ප්‍රේමදාස ඔහු පෙර ඉදිරිපත් කළ හදවත ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වනු ඇති ද? යන්නය. එය කළ හැකි වන්නේද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැති ලබාගැනීමෙන් පසුව පමණකි.

පසුව සිකුරාදා සන්ධ්‍යාවේ පැවැති මාධ්‍ය හමුව අමතමින් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ ය.

“ලකුණ ගැන ගැටලුවක් නැහැ .රටේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායම් අපිත් එක්ක එකතුවෙනවා. අපේ ලකුණ අනාගතයේදී අපි ප්‍රකාශයට පත්කරනවා. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ”

හකීම් ප්‍රමුඛ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද, සමගි ජන බලවේගය සමග අත්වැල් බැදගන්නා බව ප්‍රේමදාස මහතා මෙම හමුවේදී නිල වශයෙන් නිවේදනය කළේය. කුඩා දේශපාලන පක්ෂ සමග අත්වැල් බැඳගැනීමට හකීම් මීට පෙර අවස්ථාවක අසාර්ථක උත්සාහයක් දරා තිබිණ මාධ්‍ය හමුවේ දී ඔහු මෙසේ කීවේය.

“ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ගරු කටයුතු දේශපාලන පක්ෂයක් හැටියට අප සහ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සන්ධානය සමග එකතුවීම සදහා ගිවිසුම් අත්සන් කරනවා”

පසුගිය වසරේ ජනපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්වීමට අසාර්ථක උත්සාහයක් දැරූ රිෂාඞ් බදුර්දීන්ද නව සන්ධානයට සහාය දක්වනු ඇත. පැහැදිලිවම තෝරාගැනීමක් කිරීමට අත තිබූ විකල්පයන් දැන් ඔවුන්ගෙන් දුරස්ව ගොස්ය.

ද සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව අනුග්‍රහයෙනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර



අදහස් (5)

හංසයාව දෙන්න නම් මට දෙන්නේ මොනවාද ?

janahitha Wednesday, 04 March 2020 01:24 AM

එජාපයේ ඡන්ද ලකුණ වන අලියා වෙනත් කිසිදු පාර්ශ්වයක් හෝ දේශපාලන පක්ෂයක් වෙත ලබාදීම කිසි සේත්ම සිදු නොවන දෙයකි. වර්තමානයේ සිදුව තිබෙන්නේ සජිත් අලියාගේ සලකුණින් එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත්නොවී වෙනත් පෙරමුණක් සාදාගෙන එජාපයේ අලියා සලකුණ ඉල්ලනේ කුමටද . වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවී ඇති ඉරණම එජාපක්ෂයටත් සිදුකිරීමට බොහෝදෙනා උත්සහ දරනු පෙනේ.

:       22       112

lalithm Wednesday, 04 March 2020 03:17 AM

මැරෙනතුරු පක්ෂ නායකකම හොබවන්න බලා ඉන්න නායකයෙක් එක්ක කවදාවත් තරුණ හෝ රැඩිකල් මත වලට ඉඩක් නැත. බණ්ඩාරනායක මහතාත් මේ න්‍යායට යටත්ව තමයි අලුත් පක්ෂයක් හදාගෙන ගියේ. දැන් පොහොට්ටුවත් එහෙමයි.

:       4       115

Kumar Monday, 09 March 2020 02:36 AM

ලංකාව පාලනය කරන්න බලාපොරොත්තු වන අය කටයුතු කරන්න ටොෆි ඉල්ලා අඬන පොඩි ළමයි වගේනේ... එයට හංසයා දෙනවා නම් ඔයා හංස ධේනුවවත් ඉල්ලා ගන්න. පෙනුම එක වගේනේ.

:       0       2

beau Friday, 13 March 2020 09:37 AM

පිස්සෝ..............මේ ඔක්කොම අංගොඩ යවන්න ඕනේ.

:       0       1

දෙනෙත් Sunday, 15 March 2020 03:28 AM

හංසයා වෙනුවට ආදේශක ලෙස පාත්තයා, තාරාවා, දියකාවා, කොරවක්කා වගේ සතෙක් ලාංජනයට ගත්තනම් හරි.

:       0       29

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 101 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 92 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 1995 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 191 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 140 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 748 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 136 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site