IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සල්ගල වන සෙනසුන

අවිස්සාවේල්ල-කෑගල්ල ප‍්‍රධාන ගමන් මගේ ගලපිටමඩ හන්දියේ සිට කිලෝමීටර පහක් පමණ දුරින් වැලිතැල්ල -කැටගිල්ල වන රක්ෂිතයයි . එහි පිහිටා තිබෙන සල්ගල ආරණ්‍ය සේනාසනය සුපේෂල, ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා සසරින් එතෙරවන්නට මං සොයන තවත් එක් පින් බිමෙකි. අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජු සතුරු ආක‍්‍රමණ වලින් බේරීම සඳහා සල්ගල සැඟවී සිටි බව ජනප‍්‍රවාදය කියයි. රජු සල්ගලට පැමිණීමට පෙර ද මෙහි භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට සාක්කි ඇත. වන සෙනසුනෙහි ගිජ්ජකූට ලෙනෙහි කටාරමට පහළින් ‘බත දම ගුත ලෙන’ යනුවෙන් බ‍්‍රාහ්මී අක්ෂර දක්නට ලැබේ. ඉන් අර්ථ ගැන්වෙන්නේ ආර්ය මාර්ගයට ප‍්‍රවිෂ්ඨ වූ යන්නයි. භාතෘ ධර්මගුප්ත මහ රහතන් වහන්සේද මෙහි වැඩ සිටි බව කියති. මේ ලෙන විහාර මන්දිරයයි. එහි සමාධි බුද්ධ ප‍්‍රතිමාවකි. වනස්පතින්ගෙන්ද, රක්ෂිතයේ උරුමකරුවන් වන සතුන් ද බහුල සල්ගල කටාරම් කෙටූ ගල් ලෙන් බොහොමයකි. පිප්පලී ලෙන, වේහාර ලෙන, ඉසිගිරි ලෙන, පරමක ලෙන, පාණ්ඩව ලෙන, ඇතුබැඳි ලෙන ඉන් කිහිපයකි. වළගම්බා රජුගේ මඟුල් ඇතු, බැඳ සිටි ස්ථානයේ පිහිටි ලෙන ඇතු බැඳි ලෙන නමින් හැඳින්වේ. මේ සෑම ලෙනක් සමීපයේම යෝගාවචර භික්ෂූන් වහන්සේලා බවුන් වඩන සක්මන් මළුවක් දක්නා ලැබේ. ඇතැම් තැනෙක පිළිකුල් භාවනාව මෙනෙහි කිරීමට යොදා ගන්නා ඇට සැකිල්ලකි. නා නා විධ ‘තුරුලතා හා වන මලින් අලංකාර වූ වනය මැඳින්් පර්වත මුදුණට නැඟි විට මනස්කාන්ත වූ කඳු ශිඛර අවටින් පෙනේ. දසත නෙත ගැටෙන මේ සුන්දර ස්ථානය බැලූම්ගලයි. පෙර රජ දවස සතුරන් පැමිණේදෝයි ඔත්තු බැලූවේද බැලූම්ගල සිට බව කියැවේ. ශ්‍රී පාදස්ථානය ද එතැනට පෙනේ. අරණ්‍යය සිත් කළුය.



අදහස් (0)

සල්ගල වන සෙනසුන

එච්.එම් සරත් Friday, 26 August 2011 12:01 AM

මා දැන් විදේශ රටක සේවය කරනවා. නිවාඩුවට ලංකාවට පැමිණි විට සල්ගල යන්න අදහස් කරනවා. ස්තුතියි බුදුසරණයි.

:       0       0

තේ.එල්.සී ලක්ෂ්මී Saturday, 27 August 2011 06:05 PM

බොහේම ස්තුතියි. වැඩි විස්තර දැන ගන්න ආසයි.

:       0       0

බෝගහලන්ද Monday, 26 September 2011 07:29 AM

කොහොමහරි බලන්න යන්න ඕන.

:       0       0

හසිත Wednesday, 28 September 2011 01:10 PM

මේ ලිපිය පළ කළාට බොහෝම පින්. තවත් මෙවැනි ලිපි පළකරන්න

:       0       0

චන්දන ඒකනයක Friday, 09 September 2011 03:24 AM

දැනගන්න ලැබීම මහත් භාග්යක්.... ඊලග සැරෙ ලන්කාවට අවහම සෙනසුනෙහි සිල් ගන්න අදහස් කරනව

:       0       0

තිලක් Sunday, 18 September 2011 04:09 AM

සල්ගල යන්න පාර මෙහෙමයි. කොළඹ නුවර පාරේ වරකාපොලට ගිහින් අඟුරුවැල්ල පාරේ ගලපිටමඩට යන්න පුළුවන්. අවිස්සාවේල්ල කෑගල්ල පාරේ අගුරුවැල්ලට ගිහින් වරකාපොල පාරේ ගලපිටමඩට යන්නත් පුළුවන්. හරිම මනස්කාන්ත ස්ථානයක් සල්ගල. ජීවිතේ එක වරක්වත් බලන්න යන්නම වටිනවා.

:       0       0

ජේඑච්එම් ජයතිලක Friday, 09 September 2011 10:09 AM

සල්ගල වන සෙනසුන ඉතාමත් ශාන්ත පරිසරයක පිහිටි සුන්දර වන සෙනසුනකි මම ඉතා අගයකරන වන සෙනසුනකි

:       0       0

තලවතුගොඩ චන්දවිමල හිමි-www.oxfordimc.com Wednesday, 21 September 2011 10:47 PM

මා කාලයක් සල්ගල වේභාර ලෙනෙහි වැඩ වාසය කළා. හැන්දෑවේ හතරට විතර මුළු පරිසරයම කලුවර වේගෙන එනවා. අක්කර නවසියයක් පමණ වු වනාන්තරයෙ අයිනක කාත් කවුරුවත් නැතුව තනියම කුටියෙ ලන්තෑරුම පැත්තක තියාගෙන එරමිනිය ගොතාගෙන භාවනා කරන කොට ඇතිවන සහනය- තව්තිසා දෙව්ලොවත් නැතිව ඇති.

:       2       1

චන්දිම Saturday, 01 October 2011 06:28 PM

සල්ගල හරි ප්‍රසිද්ධ ආරාණ්‍ය සේනාසනයක් නෙ.මෙහෙ ගිහි අයට පුහුණු වෙන්න පහසුකම් නැද්ද?

:       0       1

ධමිමික Saturday, 03 September 2011 04:57 PM

දැන ගන්න ලැබීම ස්තුතියි. අපි ලංකාවට ආවාම බලන්න යනනවා.

:       0       0

වසන්ත නාත් පතිරත්න බිබිල Tuesday, 20 September 2011 12:58 PM

සිතට දැනෙන සහනය නිස්කලංක බව දකින්න ඔබත් යන්න මමත් ගියා

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 70 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 76 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 224 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 469 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 534 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 91 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1512 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site