IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සිරිත් මල්දම

ළමයිනට හෙඳ නරක කියා දෙන උපදේශක කාව්‍යයක් වන සිරිත් මල්දම ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් තුමා විසින් රචනා කැරිණි. හොඳ සිරිත් උගෙන එළොව මෙලොව කීර්තිය හා සම්පත් සඳහා මේ පොතේ උපදෙස් පිලිපදින්නැයි කතුවරයා කියයි.අද සිට එසැණ එහි කවි පළකරයි.......

01 සැමට සෙත් වඩවන 
සිරිත් මල්දම බලමින
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින
     
02 හොඳ නොහොඳ දෙක මය
හොඳ නොහොඳ අයගෙන් මය
ගඳ සුවඳ දෙක මය
ගඳ සුවඳ එම දෙයින්වනු මය
     
03 නපුරු අය සමගින
මිතුරු නොමවන් කිසිතැන
රුදුරු නයි විස මෙන
ඇසුරු නොකරනු සොඳින් දැනගෙන
     
04 තම නිවසට පැමිණි
සැම දෙනහට ම කුලුණෙනි
කතා බස් කරමිනි
අසන් තොරතුරු සුදුසු විදියෙනි
     
05 ඇනුම් පද නොකියමි
බැනුම් කැත බස් නො කියමි
නිකම් බස් නො කියමි
තරම් පමණට වදන් තෙපලමි
     
06 හිසකේ කැපීම
ඉන්න තැන කෙල ගැසුම
නියපොතු වකීම
අසුබ ලකුණුය සිතන් හැම ස
     
07 සිනා හඬ ලීමෙන
කතා නොකරනු කිසි තැන
කවට බස් කියමින
උතුම් අය ළඟ කතා නැත ගුණ
     
08 කතා බස් කරමින
සිටින දෙදෙනකු අතරෙන
ගමන නොහිබී යන
වසනු යහපති එබව දැනගෙන
     
09 උරුවන් බබා වත්
සිව්පද කියා ගෙන වත්
සින්දු කියමින් වත්
ගෙවල් අසලින් යාම නොහොබින්
     
10 යමෙකු යන එන විට
සිනා නො ම සෙන් කිසි විට
පැමිණි කල ගෙදරට
එබී නොබලනු සැඟවී ගෙයි සිට
     
11 යමක් නො ම ඇසූ විට
උත්තර නොදෙනු පරහට
නුඹෙන් ඇසූ යමකට
දෙනුව උත්තර හොඳින් සිහිකොට
     
12 ගුරුන් දෙගුරුන් වත්
වැඩිහිටි අන් කෙනකු වත්
කතාවක් කළහොත්
නැඟිට උත්තර දීම යහපත්
     
13 මව් පියෝ උතුම් මය
අපගේ පෙර දෙවිවරු මය
අප රකිනුවෝ මය
වඳිමු මව්පිය දෙදෙන මහි මය
     
14 සියලූ යස ඉසුරට
සරිලූ නිසි මගපෙම් කොට
බැබලූ පිය රුවනට
සියලූ තන්හිම වඳිමු සිහිකොට
     
15 ගියත් ගම් රටවල
මහත් දුක් ඇත සිත තුළ
වඩත් දරු පෙම් බල
අපිත් අප පිය වඳිමු හැම කල
     
16 නොයෙක් කරදර විද
සැපක් ගැනුමට නොම හිද
දුකක් දැරූ හැම සද
මවක් වැනි වෙන මෙ ලොව කවරෙ
     
17 ලබන තුරු දස මස
දුකින් දැරුවත් දරු කුස
දකින තුරු තම ඇස
කලණ මව්වරු වෙසෙත් සැප ලෙස
     
18 කුලූණු මෙත් වැඩුමෙන
එරුණු කිරි ටික පොවමින
දරුණු දුක විඳගෙන
තියුණු නුවණින් වැඩු පණ මෙන
     
19 බොලඳ බස් කියමින
සුවඳ මල් ලෙස ඉඹිමින
ඇඟද තෙල් ගාමින
පැහැද මව්වරු වැඩු හැම දින
     
20 බොජුන් දී රස කර
සොඳින් නාවා නිදි කර
පෙමින් සුරතල් කර
මවුන් වැඩු අපි වඳිමු හැම වර
     
21 කිය නොහැකි දුක ගෙන
වැඩූ අප මව් පිය ගුණ
බඹ සුර නා විසින
කියා නිමවනු හැකිද කෙලෙසින
     
22 මහලූ වී සිටියත්
රුවින් අඩු වී සිටියත්
දුප්පත්ව සිටියත්
දෙමව්පිය වැඳ පුදන යහපත්
     
23 දෙමව්පිය කී යම්
වැඩක් ඇතහොත් කළ යම්
අත් නොහැර කර පෙම්
කරනු යහපති නොකර මැළිකම්
     
24 දෙගුරුන් ඉදිරියේ
උසක නොයිඳිනු සරියේ
එන සඳ ඉදිරියේ
නැඟිට වැඳලා සිටිනු සරියේ
     
25 වරද ඇති වූ විට
දඬුවම් දෙතී පෙම් කොට
එ ගැන මවු පිය හට
තරහ නොවඩා යටත් වෙනු සිට
     
26 මවුපියන්ගේ ගුණ
දැනෙයි නැතිවී ගිය තැන
මෙලොව අඳුරක් වන
මහත් විපතක් වේය දුක් දෙන
     
27 ඇත නැත තම වරද
පින් සිදු වෙන බැවින් සොඳ
උදෑසන සවස ද
වඳිමු මව්පිය දෙදෙන පෙම් බැඳ
     
28 හැදෙන විදි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන
     
29 මෙලොව පරලොව ගැන
යුතු බස් කියන කුලූණෙන
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන
     
30 ගුරුන් දැක එන සඳ
තමන් උන් තැන නොම හිඳ
ගමන් පෙරටුව වැඳ
කරන් සැලකිලි අසුන් කර පුද



අදහස් (11)

සිරිත් මල්දම

මංගලිකා රාජකරුණා Wednesday, 30 March 2016 04:18 AM

වටිනවා මිනිකැට ඔපවෙයි දරුවන්ගේ ජීවිත (බ)

:       1       20

සුදර්ශනී Tuesday, 22 May 2012 12:21 PM

ගොඩක් ප්‍රයෝජනවත්,ස්තූතියි....

:       1       5

ලක්මාලි Thursday, 24 November 2011 10:13 AM

ගොඩක් හොදයි

:       3       7

කුමාරි Monday, 01 April 2013 07:14 AM

ඉතා වටිනා ඔවදන් පෙළක් පළකිරීම ගැන ස්තූතියි. (නි)

:       29       14

කුමාරි Thursday, 11 April 2013 06:57 AM

මෙහි ඉතිරි කොටස් අප වෙත එවන්නේ නම් නොවක් තුති පුද කරමි. මෙය නවසීලන්තයේ සිටින ලංකාවේ ළමුන්ට අගනා ඔවදන් පෙළක්... (නි)

:       0       15

කවිදු Tuesday, 30 July 2013 03:30 PM

මේක නම් හරිම වටිනවා, බොහොම ස්තුති, පුලුඅන්නම් මේවා පාසල් වල කියා දෙන්න. මොකද දැන් ඉන්න ලමයි ගේ කිසිම හැදියාවක් නැහැ, (දී)

:       11       3

තරිඳු අනුරාධ Thursday, 20 October 2016 07:51 AM

ඉතාමත් වදගත් ගොඩක් ස්තුතියි (ම)

:       3       1

දසුන් Thursday, 30 September 2021 08:20 PM

සුපිරියි... !

:       0       4

Saheli Saturday, 04 February 2023 10:13 AM

හොඳ නරක ගැන කියවන හොඳ පොතක්

:       0       2

S.H.D.madusha Sunday, 19 November 2023 07:25 PM

හොඳ නරක කියාදෙනවා...

:       0       0

සිත්මිSaturday, 04 December 2021 08:44 AM

ගොඩක් හොඳයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 79 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 84 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 247 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 490 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 551 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 92 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site