IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සයිබර් ‘අපරාධකරුවෝ’ ලංකාවටත් කඩාවදිති

අනුන්ගේ වෙබ් අඩවි වලට හෝ පරිගණකයට අනවසරයෙන් ඇතුලූ වීම හෝ වෙබ් අඩවි වලට ඇතුඑ වී ඒවා අවශ්‍ය ලෙස පාලනය කිරීම ”හැක් කිරීම” ලෙස හඳුන්වයි. පසුගිය කාලයේ එවැනි ”හැක්” කිරීම් ගැන නිතර නිතර වාර්තා විය.

 


ඇතැම් පුද්ගලයෝ තමන් ලොව පුරා ප‍්‍රචලිත වෙබ් අඩවි හැක් කළ බවට ප‍්‍රචාර ද ගෙන යති. ශී‍්‍ර ලංකාවේ තත්ත්වය ද එයයි. විටින් විට විවිධ ආකාරයේ වෙබ් අඩවි හැක් කළ බවට විශාල ප‍්‍රචාරයන් කැරුණි. මේ අතර ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වන ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවිය ඇතු`එ තවත් වෙබ් අඩවි රාශියක් හැක් කළ බව වාර්තා කැරුණි. වෙබ් අඩවි හැක් කිරීමෙන් ලෝකයේ වඩාත් ම ප‍්‍රසිද්ධියට පත්වූ තැනැත්තා ජුලියන් ඇසෙන්ජ් නමැති පුද්ගලයාය. ඇමෙරිකාවේ රාජ්‍ය රහස් වෙබ් අඩවි එකක් හෝ කිහිපයක් විවෘත කරන ජුලියන් ඇමෙරිකාවේ රහස් තොග ගණනේ ලෝකයට හෙළි කළේය. ඔහු වෙබ් අඩෙවි වලට අනවසරයෙන් ඇතුළු වී හැක් කළ අයෙකි.


මෙසේ වෙබ් අඩවියක් හැක් කරන්නේ හෙවත් තමන්ගේ පාලනයට නතු කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ සොයා බැලීම අපහසු කාර්යයක් නොවේ. මෙවැනි හැකර් ලා ලෝකයේ හැක් කළ වෙබ් අඩවි සංඛ්‍යාව ලක්ෂ ගණනකි. බොහෝ විට මෙලෙස හැක් කරන වෙබ් අඩවියකට නිසි පරිදි ඇතුඑ වීමට හැකියාවක් නැත. නැතිනම් ඇතුළු වුව ද දක්නට ලැබෙන්නේ හැක් කළ බව සඳහන් වන දැන්වීමකි.


 ඕනෑම වෙබ් අඩවියක ඞී.එන්.එස්. වාර්තා නමැති දත්ත සමූහයක් ඇත. හැකර් ලා කරන්නේ මේ ඞී.එන්.එස්. වාර්තා සොරකම් කිරීමයි. එහෙත් අන්තර්ජාල වෙබ් අඩවියක ඞී.එන්.එස්. වාර්තා යනු වෙනත් අයකු නොදන්නා දෙයක් වුව ද එය දැන ගැනීමම වළක්වාලිය යුතු තරමේ රහස්‍ය තොරතුරු ද නොවේ. එය සාමාන්‍යයෙන් වෙළෙඳ සලක් කොල්ලකන අයකු කොල්ලයට පෙරාතුව වෙළෙඳ සලේ නම සොයාගැනීම වැනි කාර්යයකි. එය කිසිවකුටත් සොයාගැනීම අපහසු නැත.


පරිගණක භාවිතයේ හැකියාවෙන් වඩාත් දියුණු වූ පිරිස් පවසන්නේ ”හැක්” කිරීමේ තවත් ක‍්‍රම තිබෙන බවයි. ඇතැම් විට මේ ආකාරයේ ”හැක්” කිරීම් ගැන පියවරෙන් පියවර තවත් අයට විස්තර කර දෙන්නා වූ වෙබ් අඩවි රැසක් ද දක්නට ලැබේ. ”හැක්” කිරීමේ ද ක‍්‍රම තුනක් තිබේ. එහි ප‍්‍රධානතම හා ජනපි‍්‍රයතම ක‍්‍රමය වන්නේ යම් පරිගණකයක්, ජාලයක් හෝ වෙබ් අඩවියක් අනවසරයෙක් කේතයක් හෝ ක‍්‍රම ලේඛයක් උපයෝගී කැරගනිමින් හැක් කිරීමයි.
අනෙක් ක‍්‍රමය හඳුන්වන්නේ ෆිෂින් යනුවෙනි. එය නම් යම් ප‍්‍රචලිත වෙබ් අඩවියක් අනුකරණය කරමින් පෙනී සිට පරිශීලකයා රවටා ගිණුම් තොරතුරු සොරා ගැනීමේ ක‍්‍රමවේදයයි. අනෙක් ක‍්‍රමය හඳුන්වන්නේ සෝෂල් ඉන්ජිනියරින් යනුවෙනි. එහිදී සිදුවන්නේ තමන් ඇසුරු කරන අයකු විසින්ම නොමඟ යැවීමෙන් රහස් පදය සොයාගැනීමයි.


”හැක්” කිරීම කොතරම් ප‍්‍රචලිත වී තිබේද යන්න පෙනෙන්නේ දැන් ”හැක්” කිරීම වෙනුවෙන්ම නිපදවූ පරිගණක මෘදුකාංග තිබීමෙන්ය. ඉන් එක් මෘදුකාංගයක් වන්නේ ජී මේල් හැකර් නම් මෘදුකාංගයයි. එය භාවිතය ඉතාමත්ම පහසුය. මෙමගින් තමන්ටම ආවේණික වූ ජී මේල් නමැති විද්‍යුත් තැපැල් ලිපිනයේ හැකර් එකක් සාදා ගැනීම පහසු කාර්යයකි. ඉන් පසුව එය තමන්ට හැක් කිරීමට අවශ්‍ය තැනැත්තා වෙත යවයි. මෙය ඔහුට හෝ ඇයට පෙනෙන්නේ ජී මේල් හැක්කිරීමට හැකියාව ඇති මෘදුකාංගයක් ලෙසිනි. ඔහු එය කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කළ විට එය තවදුටත් ඉදිරියට යා නොහැකි මෘදුකාංගයක් ලෙස පෙනී යයි.

 


තමන් විසින් එය යැවුනු පුද්ගලයා පරිගණකයේ එම මෘදුකාංගය කි‍්‍රයාත්මක කිරීමට පටන් ගත් මොහොතේ පටන් ඔහුගේ ගිනුමට ලැබෙන්නා වූ පරිගණක සියල්ලම ඔබේ විද්‍යුත් ලිපිනයට ලැබෙන්නට පටන් ගනී. එය විද්‍යුත් තැපැල් ලිපියක් ”හැක්” කරන පහසු ක‍්‍රමයකි.


මෙසේ වෙබ් අඩවි ”හැක්” කරන මෘදුකාංග රාශියක් ලෝකයේ ජනපි‍්‍රය වෙමින් පවතී. පසුගිය දා, ශී‍්‍ර ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිල වෙබ් අඩවිය ද නිහ`ඩ වූයේ මේ ආකාරයේ හැකර් ප‍්‍රහාරයකිනි. ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය එක්සෙල් වර්ල්ඞ් ඬේටා නමැති වෙබ් අඩවියට හා නොලිමිට් විලාසිතා ජාලයේ ග්ලිට්ස් නම් වෙබ් අඩවියත් මෙන්ම ජාතික ආරක්ෂක අංශයේ වෙබ් අඩවි පවා මේ ආකාරයේ හැක් කිරීම් වලට භාජන වී තිබේ.


උතුරු මැද පළාතේ රජයේ නිල වෙබ් අඩවිය හා එහි අතුරු වෙබ් අඩවි 22ක් බී.ඞී.ගේ‍්‍රට් හැකර්ස් නම් කණ්ඩායමක් විසින් හැක් කොට තිබේ. ඔවුන් පවසන්නේ ශී‍්‍ර ලංකාවේ හැකර්වරයකු ලෙස හඳුන්වාගන්නා පුද්ගලයකු තම රටේ රජයේ වෙබ් අඩවි වල ආරක්ෂාව ඉතා ඉහළ බැවින් හැක් කළ නොහැකියැයි උදම් ඇනූ බවයි. මේ නිසා ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවි හැක් කිරීමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත් මෙයින් පෙනී යන්නේ හැකර්වරු අතරත් බරපතළ තරගයක් නිර්මාණය වී තිබෙන බවයි.

 

වේරගොඩගේ සජීව විජේවීර

 



අදහස් (0)

සයිබර් ‘අපරාධකරුවෝ’ ලංකාවටත් කඩාවදිති

හක්ගල්ල Tuesday, 19 May 2015 08:22 AM

හැකර්ස්ලා හැකර් කෙනෙක් කියල කියන්නේ නෑ (බ)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 03:26 PM

මේවා කියලා දුන්නම තවත් අපරාධ වැඩි වේවිද දන්නේ නෑ (ස)

:       0       0

ශාන් Wednesday, 30 January 2013 01:02 PM

වැදගත් ලිපියක් (ස)

:       0       0

සුජිත් Wednesday, 30 January 2013 01:45 AM

මමත් හැකර්කරුවෙක්..!(නු)

:       0       0

අසිරු Sunday, 03 February 2013 02:01 PM

හොද ලිපියක්. (නි)

:       0       0

අමිල Thursday, 31 January 2013 12:23 AM

හොද ලිපියක්. (නි)

:       0       0

කසුන් Friday, 01 February 2013 07:39 AM

මටත් පුළුවන් ටිකක් විතර , මාත් තාම ඉගෙන ගෙන යනවා. බලමු ඉදිරියට (ස)

:       0       0

ෂෙරිෆ් Monday, 28 January 2013 10:03 AM

හොද දැනුමක් තියෙන්න ඕනේ මේ වගේ වැඩක් කරන්න (දී)

:       0       0

තාරක Saturday, 17 August 2013 10:33 PM

මමත් හැකර්කරුවෙක් ටිකක් විතර (නි)

:       0       0

සුදේශ් Friday, 01 February 2013 09:41 AM

මමත් හැක් කරනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 90 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 77 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 175 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 355 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 377 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 116 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site