IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


’සයිටම් සිසුන්ටත් සාධාරණයක් ඉටුවෙන්න ඕනෑ’

(මුදිතා දයානන්ද)

සයිටම් ප‍්‍රශ්නයට නිසි විසඳුමක් නොදී කල් ඇරීම නිසා අපේම දරුවන් දොළොස්දාහකගේ අනාගතය එක තැන නැවතිලා යැයි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳුදා (03) පැවසීය.

ඇමැති රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

රණවක මහතා මෙසේද කීය.

සයිටම් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වගේම පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ද අපේ ස්ථාවරය මීට පෙරත් පවසා තිබෙනවා. අපි පක්ෂයක් ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යාමට එකඟ නැහැ. දැන් ගන්න තිබෙන හොඳම විසඳුම තමයි සයිටම් අහෝසි කිරීම. එහි ගොඩනැගිලිවලට උපකරණවලට මොකක්ද කරන්නේ කියන ප‍්‍රශ්නයක් මතුවෙනවා. දැනටමත් මොරටුව විශ්වවිද්‍යාලය වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න යෝජනා කර තිබෙනවා. ඒ නිසා මේ ගොඩනැගිලි එයට අනුබද්ධ කර රජයේ වෛද්‍ය විද්‍යාලයක් බවට පත් කළ හැකියි.

ඒ වගේම සයිටම් ආයතනයේ අවුරුදු අටක් නවයක් තිස්සේ ඉගෙනගත් දරුවන්ටත් සාධාරණයක් ඉටු කළ යුතුයි. වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ඇති සිසුන්ට වෛද්‍ය උපාධිය දීම සඳහාත් අනෙක් අයට මුදල් ආපසු දීම හෝ වෙනත් පාඨමාලාවක් සඳහා යොමු කිරීමට කටයුතු කිරීමයි හොඳම විසඳුම.

තවදුරටත් මෙයට කල් මැරීමෙන් පලක් වන්නේ නැහැ. මොකද දැනටමත් මේක ඇතැම් දේශපාලන ව්‍යාපාරවල වුවමනාවන් ඉටුකරගන්න මාර්ගයක් බවට පත්කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා මේ විරෝධතාව හා එක්ව ප‍්‍රශ්නය අවුල් කරනවා. අපි එය වැළැක්විය යුතුයි. දැන් ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු ලැබෙන තෙක් බලා ඉන්නවා. එසේ නොසිට මෙයට විසඳුමක් දිය යුතුයි.

රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් හත්දාහක් පමණ මේ වන විට සිය අධ්‍යයන කටයුතුවලිනුත් ඉවත් වී වසරක් ඉක්ම ගිහින් තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ අධ්‍යයන වර්ෂයක් අහිමි වෙලා. අධ්‍යයන කටයුතු අවසන් කර සායනික පුහුණුව සඳහා සූදානමින් ඉන්නවා 1500ක් විතර. ඒ වගේම තවත් එක්දාස් හයසීයක් සායනික පුහුණුව ලබමින් ඉන්නවා. ඒ අයට වෛද්‍යවරුන් වීමට තවත් කාලයක් බලාඉන්න සිදුවෙලා.

සායනික පුහුණුව නිම කරලා වෛද්‍ය සහතිකය ලබාගන්න තවත් 1800ක් පමණ බලාඉන්නවා. මේ විදිහට පෙර කී වෛද්‍ය සිසුන්ට අමතරව තවත් පන්දාහක් පමණ තරුණ තරුණියන් පිරිසකගේ ජීවිතත් මේ ප‍්‍රශ්නය නිසා නැවතිලා. ඔක්කොම දොළොස්දාහක් පමණ ඉන්නවා. මේ ඔක්කොම අපේ දරුවෝ. සයිටම් එකේ දාහ ගැන කතා කරනවා වගේම ඊටත් වඩා වැඩියෙන් මේ දොළොස්දාහ ගැන අපි කතා කළ යුතුයි.

රජයේ ලියාපදිංචි වූ වෛද්‍යවරුන් විසිපන්දහසක් පමණ ඉන්නවා. එයින් දහඅටදාහක් පමණම රාජ්‍ය සේවයේ සේවය කරනවා. සුළු පිරිසක් පෞද්ගලික රෝහල්වල සේවය කරන අතර ඉතිරි කොටස විශ‍්‍රාම ගිහින්. වෘත්තීය ආයතනයක් හැටියට වැඩිම සාමාජික පිරිසක් ඉන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටයි.

ඔවුන්ද සයිටම් එකට විරුද්ධව සිටිනවා. ඒ වගේම වෛද්‍ය පීඨ ආචාර්යවරුනුත් මේ සම්බන්ධයෙන් තමන්ගේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. වෛද්‍ය ක්‍ෂෙත‍්‍රය සම්බන්ධයෙන් නියාමන කටයුතු කරන්නේ වෛද්‍ය සභාව. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් වෛද්‍ය සභාව නියෝජනය කරනවා. මේ ප‍්‍රශ්නය විසඳීමේ අවංක උත්සාහයක් ආණ්ඩුවට තිබේ නම් කළ යුත්තේ වෛද්‍ය සභාවත් සමඟ සාකච්ඡුාකර එකඟතාවකට පැමිණීමයි. ප‍්‍රශ්නය ගැඹුරෙන් තේරුම් ගැනීමයි. එහෙම නැතිව මේ ප‍්‍රශ්නය පාරවල්වලවත් රෝහල්වලවත් විසඳන්න බැහැ.

මේ ප‍්‍රශ්නයේ පියා කවුද? මහින්ද රාජපක්ෂ මහතා තමයි මේ ප‍්‍රශ්නයේ පියා. ඔහු කළේ සයිටම් ගෙනත් මුට්ටිය දාලා බැලීමයි. එයට එන විරෝධතාව ලොකු ගැටලූවක් නොවේ නම් තවත් විශ්වවිද්‍යාල තුනක් ගේන්න නියමිතව තිබුණා. මම සයිටම් ගැන විරෝධය දැක්වුවාම උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. සමඟ කතාකර ගන්න කිව්වා. ඒ කතාවෙදී මට මේ අදහස තවත් තහවුරු වුණා. කිසිම ඇමැතිවරයෙක් එදා මේකට විරුද්ධ වුණේ නැහැ. එහෙම කරපු මහින්ද මහත්තයලා එදා සිට විරුද්ධ වුණ වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ විරෝධතාවට එක්ව අද සයිටම් එපා කියනවා.

එතුමා කොහොමද මේකට නෙවිල් ප‍්‍රනාන්දුට සහාය වුණේ? නෙවිල් ප‍්‍රනාන්දු මහතාට අයත් වුණ සෙන්ට‍්‍රල් රෝහලට විශාල වන්දියක් ගෙවලා පවරාගෙන එයට යුද හමුදා රෝහල ගෙනාවා. කලින් තිබුණ යුද හමුදා රෝහල දැන් තමයි කඩන්නේ. මහින්ද මහත්තයා හිටියා නම් ඔළු පලලා මේ ප‍්‍රශ්නය කෙළවර කරන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය දැන් මේ ආණ්ඩුවට විසඳන්න සිදුවී තිබෙනවා. එය කළ යුත්තේ මහින්ද මහත්තයා කරන්න හදපු විදිහටම ආප්ප කඩ දානවා වගේ වෛද්‍ය විද්‍යාල හෝ විශ්වවිද්‍යාල ඇති කිරිමෙන් නෙවෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය කරන්නේ මෙහි නීති ගැටලූ ඔස්සේ විසඳීම පමණයි. නීති ගැටලූ ඔස්සේ විසඳන්න පුළුවන් ප‍්‍රශ්නයක් නෙවෙයි මේක. විශාල සමාජ දේශපාලනමය ගැඹුරු ප‍්‍රශ්නයක්. මෙය තවත් දුර යන්න හැරියහොත් ඛේදවාචකයකින් කෙළවර වියහැකියි. අපි එය අසූනවයේදී අත්දැක්කා. අපේ වෛද්‍ය ප‍්‍රජාවත්, වෛද්‍ය ශිෂ්‍යයනුත්, රටත් එවැනි ඛේදවාචකයකට තල්ලූ නොකර මේ ප‍්‍රශ්නය මෙතනින් කෙළවර කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉතා  ඕනකමින් ඉල්ලා සිටිනවා.

අවුරුදු අසූගානක් වුණාට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ මොළය හොඳට වැඩ කරනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය මාස හයක් කලින් දීර්ඝ කළා. දැන් ඒ කාලයත් අවසන්. එතුමාගේ කාලය දීර්ඝ නොකර සිටීමෙන් සයිටම් ප‍්‍රශ්නය විසඳන්න හැකිවෙයි කියලා හිතීමෙන් පලක් වන්නේ නැහැ. ඒ නිසා එතුමාගේ කාලය දිර්ඝ කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. එතුමා දේශපාලන වශයෙන් අපි පිළිගන්නා මතයක සිටින්නෙක් නොවුණත් අපි එතුමාට ගරු කරනවා.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගැනීමේ අරගලයේදීත් අපිට ශක්තියක් වුණේ කාලෝ ෆොන්සේකා මහතායි. ඔහු යුක්ති සහගත ලෙස මේ ප‍්‍රශ්නය විසඳයි කියලා අපි හිතනවා. මේ ප‍්‍රශ්නය විසඳුණාට පස්සේ එතුමා ස්වකැමැත්තෙන් විශ‍්‍රාම ගත්තාට කමක් නැහැ. නමුත් දැන් මේ වෙලාවේ එතුමා විශ‍්‍රාම ගැන්වීම සුදුසු වන්නේ නැහැ. එයින් තවත් ප‍්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ අධ්‍යාපන ලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් මහතා ද සහභාගී විය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට රණවක මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප‍්‍රශ්නය - මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔබතුමා කැබිනට් මණ්ඩලයේදී කතා කළාද?

පිළිතුර - මම කැබිනට් මණ්ඩලයේදී කතා කළ දේවල් ගැන මෙතැනදී කතා කරන්න කැමැති නැහැ. අපි අපේ ප‍්‍රතිපත්තිය  ඕනම තැනක කතා කරනවා. මේ සම්බන්ධයෙන් අපි පහුගිය වසරේ ඔක්තෝබර්වල ලිඛිතව ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත්දී තිබෙනවා. ඒ වගේම මනිපාලන් විශ්වවිද්‍යාලයක් ඇති කිරීම සම්බන්ධයෙන් ද අපි අපේ ස්ථාවරය උසස් අධ්‍යාපනය ඇමැතිවරයාට ඉදිරිපත් කර          තිබෙනවා.

ප‍්‍රශ්නය - නමුත් රාජිත ඇමැතිවරයා කැබිනට් ප‍්‍රකාශන දැනුම් දීමේ සාකච්ඡුාවේදී කිව්වා සයිටම් සම්බන්ධයෙන් කිසිම ඇමැතිවරයෙක් විරුද්ධ වුණේ නැහැ කියලා.

පිළිතුර - නැවතත් කියනවා එහි වූ සාකච්ඡාව ගැන කතා කරන්න මම කැමති නැහැ. අපි මේ සම්බන්ධයෙන් පැහැදිලිව පිරිසිදුව කතා කරලා තිබෙනවා. අපේ විරෝධය නිසා තමයි සයිටම් සම්බන්ධයෙන් ගෙනා යෝජනා මේ තරම් හෝ සංශෝධනය වුණේ.



අදහස් (7)

’සයිටම් සිසුන්ටත් සාධාරණයක් ඉටුවෙන්න ඕනෑ’

kumar (galf) Tuesday, 04 July 2017 09:32 AM

මුන් කරන වේද සේවාවක් නෑ, දැන් කුඹුරු කොටන්න ම්නිස්සුත් නෑ, යවන්න කුඹුරු කොටන්න, ලංකාවේ දොස්තරලා අපේ සල්ලිවලින් ඉගෙනගෙන කැනඩාවේ ගිහිලා කාර්, කානු හෝදනවා 1,500 ට වැඩිදෙනා; ඇයි මුන්න්ට අපේරටේ කුඹුරු කොටන්න බැරි.

:       0       0

somasiri Tuesday, 04 July 2017 04:16 PM

මේ පුවත්පතේම අද දින පලවන නාරි සහ ප්‍රසව වෛද්‍ය වරයා ලියා ඇති විමසුම ලිපිය බලන්න චම්පික ඇමතිතුමෝ. එය ඔබටත් GMOA එකේ ඉන්න ලපටි වෛද්‍ය වරුන්ටත් හොඳ ලිපියක්. හැබැයි ඔබතුමා ඉංජිනේරුවෙක් නිසා තේරුම් ගන්න අපහසුවෙයිද මන්දා. GMOA එකේ ඉන්න අයට ඇස් ඇර බලන්න උවමනාවක් නැති නිසාත් වැඩක් වෙයිද දන්නේ නැහැ.

:       0       108

hewawitharana Tuesday, 04 July 2017 08:42 PM

වාසි පැත්තට හොය්යා v

:       0       38

hewawitharana Tuesday, 04 July 2017 09:01 PM

නැතුව නැතුව :::

:       4       7

arunalu Wednesday, 05 July 2017 07:15 AM

මට හිතෙන්නෙත් චම්පික ඇමතිතුමා යෝජනාකරන ආකාරයට කටයුතු කලොත් අඩුම හානියකින් මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න පුළුවන් වෙයි කියලයි. කවුරු මොනවා කිව්වත් චම්පික ඇමතිතුමා ඉදිරි දැක්මක් ඇතිව වැඩ කරන කෙනෙක්...

:       0       1

vidya Wednesday, 05 July 2017 03:47 PM

මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමතිතුමාගේ වැඩ ටික බලාගන්න. කුණු ප්‍රශ්නේ විසඳන්න.

:       0       1

සමනයා Thursday, 06 July 2017 03:45 AM

චම්පිකේ ඇමතිතුමෝ, ඔබ තුමත් උද්ඝෝෂණවලට එන්න. ඔබේ හඩත් අපට හඩක් වන්න. රජිතගේ මතය පරාජිත කිරීමට ඔබත් එක්වන්න. අසාධාරණයට එරෙහිව ඔබත් නැගීසිටින්න. සයිටම් විරෝධී ජාතික පෙරමුණ. වෙනුවෙන් සමනයා

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 111 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 102 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 313 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 545 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 602 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 99 1

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site