IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සෙනසුරු - කුජ යුද්ධය 26 වැනිදා : ලෝකවාසීන්ට අයහපත් ප්‍රතිඵල

අප රට කෙරෙහි අභූත චෝදනා විදේශීය රට වලින් මෙරටට එල්ල කරයි. රථ වාහන පරිහරණය කරන්නා වූ අය ඉදිරි දින කිහිපය ඉතා කල්පනාවෙන් යුක්තව රිය පැදවීම් කළ යුතු වන්නේය. ගොඩනැගිලි, රථ වාහන ගිනි ගැනීම්වලට ලක්වේ. රටේ ලේ විෂවීමක් හේතුවෙන් විශාල පිරිසකට රෝහල් ගත වීමට සිදුවේ.


16-senasuru-maruwa
 

සෙනසුරු තමාගේ උච්ච රාශිය වූ තුලාවේ බලවත් වූ ගමනක යෙදී සිටිය දී 2014 ජූලි මස 14 වැනිදා උදේ 8 පසු වී විනාඩි 43ට අඟහරු ද තුලා රාශියට පිවිසියේය. තුලා රාශියේ සෙනසුරුත් අඟහරුත් ගමන් කරද්දී 2014 අගෝස්තු මස 26 වැනි දින අලූයම 1 පසුවී විනාඩි 1ට සෙනසුරුත් අඟහරුත් එකම අංශකයකදී මුහුණට මුහුණ මුණ ගැසේ. මෙහිදී සෙනසුරු තම බලය යොදවමින් අඟහරු සමග යුද සංග‍්‍රාමයක් අරඹයි. සෙනසුරු තම බලය යොදවා අඟහරු පරදා ජයග‍්‍රහණය අත් කර ගනී.

මේ ග‍්‍රහ යුද්ධය හේතුවෙන් අයහපත් වූ ග‍්‍රහ කිරණ පෘථිවියට පතිතවනු ඇත. මේ හේතුවෙන් පෘථිවියේ ජීවත්වන්නා වූ සත්ව වර්ගයාටම අයහපත් වූ ප‍්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී භාග්‍යස්ථානය වූ නවවැන්න යෙදෙන්නා වූ යුද සංග‍්‍රාමය හේතුවෙන් අප රටට ද අයහපත් ප‍්‍රතිඵල උදාවනු ඇත. හදිසි අනතුරුවල ඉහළ යාමක් දැකිය හැකිය. පූජනීය ස්ථානයක් සම්බන්ධයෙන් අපහාසාත්මක චෝදනා එල්ල වනු ඇත. මහජන කැළඹීම් ඇතිවේ. විදේශීය බලපෑම් වැඩිවේ. විදේශීය රට වලින් මෙරටට වසංගත රෝග අවදානමක් ඇති වන්නේය. රථ වාහන අනතුරු ඉහළ යනු ඇත. විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන අයගෙන් යම් යම් ලෙඩ රෝග මෙන්ම අයහපත් නීති විරෝධී දේ මෙරටට රැුගෙන එනු ඇත.

අප රට කෙරෙහි අභූත චෝදනා විදේශීය රට වලින් මෙරටට එල්ල කරයි. රථ වාහන පරිහරණය කරන්නා වූ අය ඉදිරි දින කිහිපය ඉතා කල්පනාවෙන් යුක්තව රිය පැදවීම් කළ යුතු වන්නේය. ගොඩනැගිලි, රථ වාහන ගිනි ගැනීම්වලට ලක්වේ. රටේ ලේ විෂවීමක් හේතුවෙන් විශාල පිරිසකට රෝහල් ගත වීමට සිදුවේ. වන්දනා ගමන් යන්නා වූ අය සෑම අවස්ථාවක දීම තමාගේ ආරක්ෂාව ගැන සිතා දුර දිග බලා කටයුතු කිරීම මගින් තමාගේ ජීවිත ආරක්ෂාව සැලසෙනු ඇත.

විශ්ව කේන්ද්‍රය පිළිබඳව විමසා බැලීමේදී ග‍්‍රහ යුද්ධය හේතුවෙන් අග්නි දිග ආසියාවට දැඩි අයහපත් තත්ත්වයක් උදාවේ. විශේෂයෙන් චීනය, ජපානය ආශ‍්‍රිතව මෙන්ම දකුණු ඇමරිකාව ආශ‍්‍රිතව සිදුවන භූමි කම්පා හේතුවෙන් ජීවිත හා දේපලවලට හානි සිදුවේ. ස්ත‍්‍රී දුෂණ ඉහළ යනු ඇත. ජනප‍්‍රිය ප‍්‍රසිද්ධ කාන්තාවක අපහාසයට ලක්වනු ඇත.

හද කම්පා කරවන බිහිසුණු ස්වභාවික විපත් ඇතිවේ. ගුවන් යානා කඩා වැටීම්, මුහුදු යාත‍්‍රා විනාශයට පත්වීම් ද හේතුවෙන් විශාල වශයෙන් ජීවිත නැතිවී යනු ඇත. සෙනසුරු හා අඟහරුගේ බිහිසුණු වූ යුද සංග‍්‍රාමය හේතුවෙන් නොසිතූ වේලාවල ගොඩනැගිලි ගිනි ගැනීම්, රථ වාහන ගිනි ගැනීම් ඇති වෙයි. විශේෂයෙන් මේ යුද සංග‍්‍රාමයත් සමග දින 18ක් යන තුරු මේ අයහපත් සිදුවීම් නිරන්තරයෙන්ම වාර්තා වනු ඇත.

මෙම යුද සංග‍්‍රාමය ලග්න අනුවද බලපෑම් ඇති වනු ඇත. මීන ලග්නයට ඉතා අයහපත් ලෙස බලපාන අතර වෘශ්චික, කන්‍යා, වෘෂභ ආදී ලග්නවලට ද අයහපත් ඵල උදාවේ. ඒ අනුව ලග්න ගැන මෙසේ විමසා බලමු.

 



මේෂ ලග්නයට

ඔබගේ ලග්නාධිපති වූත් මර්මස්ථානය අධිපතිවූත් අඟහරු සත්වැන්නෙහි ගමන් කරද්දී උච්ච වූ සෙනසුරු හමුවේ පරාජයට පත්වීම මගින් ඔබට ශරීර පීඩා ගෙන දේ. ඔබ විවාහක අයකු නම් ඔබගේ සහකරුට හෝ සහකාරියට අනපේක්ෂිත වූත් කරදරවලට මුහුණ දීමට සිදුවනු ඇත. ඔබ කරන කටයුතු සඳහා ද බාධා ගෙන දෙනු ඇත. ආර්ථික තත්ත්වයේ වෙනසක් ඇති නොවේ.

 


වෘෂභ ලග්නයට

ඔබගේ ඡුන්ම පත‍්‍රයෙහි හයවැනි භාවයේ ඇති වන්නා වූ මේ යුධ සංග‍්‍රාමය හේතුවෙන් අතරමග දී ගමන් වලින් කරදර ඇතිවේ. ඔබත් විවාහක අයකු නම් ඔබගේ සහකරු හෝ සහකාරියට රෝගාබාධ ඇති කෙරේ. හෘද රෝග වලින් පීඩා විඳි අයකු නම් ඔබ ඉතා කල්පනාකාරී විය යුතුය.

 


මිථුන ලග්නය

ඔබගේ ලැබීම් මාර්ගවලට තරමක් බලපෑම් එල්ල වුවද අයහපත් සිදුවීම් සිදු නොවනු ඇත. අනවශ්‍ය ගැටුම්වලට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතු වේ.

 


කටක ලග්නයට

රැකියා ආශ‍්‍රිත ගැටලූ ඇති විය හැකිය. එහෙත් ඒවා එතරම් බරපතළ සිදුවීම් නොවන අතර පපුව ආශ‍්‍රිත රෝග ඇතිවිය හැකිය.

 


සිංහ ලග්නය

ඔබට ද මේ යුධ සංග‍්‍රාමය හේතුවෙන් අයහපත් බලපෑමක් ඇති නොවේ.

 


කන්‍යා ලග්නයට

රථ වාහන පරිහරණය කරන්නා වූ අයෙක් නම් ඉතා ඉවසීමෙන් කල්පනාවෙන් යුක්තව රිය පැදවීම් කළ යුතුය. දුර ගමන් මෙම කාල සීමාවේ  අඩු කර ගත යුතුවේ.

 


තුලා ලග්නය

ඔබට ද එතරම් බලපෑමක් ඇති නොවනු ඇත. නමුත් යම් කිසි රෝගාබාධයක් හේතුවෙන් රෝහල් ගත වීමට විය හැකිය. විශේෂයෙන් හෘද රෝග පවතින අය පරිස්සම් විය යුතු අතර හිසට ද පීඩා ඇතිවේ.

 


වෘෂ්චික ලග්නය

ලග්නාධිපතිත් සයවැන්න අධිපතිත් වූ අඟහරු මේ යුද සංග‍්‍රාමයෙන් පරාජයට පත්වීම අයහපත් ලෙස බලපානු ඇත. ගමන් බිමන්වලදී ඉතා කල්පනාකාරී විය යුතුවේ. පිටස්තර අයගේ කරදර ඇති විය හැකි බැවින් සෙවිල්ලෙන් බුද්ධියෙන් කටයුතු කිරීම යහපත්ය.

 


ධනු ලග්නයට

දරුවකු ලැබීමට සිටින අයකු නම් මෙම දින කිහිපය කල්පනාවෙන් සිටිය යුතුය. අත් දෙක හා කන ආශ‍්‍රිත රෝගාබාධ මතුවේ. ඔබට එතරම් බලපෑමක් ඇති නොවේ.

 


මකර ලග්නයට

ඔබට එතරම් බලපෑම් ඇති නොවූව ද මේ යුද සංග‍්‍රාමය පවතින දිනයන්හිදී රැුකියාව ආශ‍්‍රිත ගැටලූ මතුවේ. තමාගේ දරුවකුට ද අයහපත් වනු ඇත.

 


කුම්භ ලග්නයට

වැඩිමහල් සහෝදරයන්ට අයහපත් වේ. භූමිය ආශ‍්‍රිත ගැටලූ මතුවේ.

 


මීන ලග්නයට

ඔබ ඉතා ඉවසීමෙන් කල්පනාවෙන් යුක්තව මේ දින කිහිපය ගත කළ යුතුවේ. හදිසි අනතුරුවලට ලක්වීමේ අවදානම වැඩිවේ. අනවශ්‍ය ආරවුල් ගැටුම්වලට මැදිවිය හැක.

 

kalina-03futter



අදහස් (0)

සෙනසුරු - කුජ යුද්ධය 26 වැනිදා : ලෝකවාසීන්ට අයහපත් ප්‍රතිඵල

ලෙස්ලි ජයවර්ධන Saturday, 23 August 2014 08:31 AM

මේ පලාපල අනුව හරියට ලබන සතියේ වර්ෂාව ඇතිවීමට හෝ නැතිවීමට පුලුවනි. (නදී)

:       0       0

සරත් චන්ද්‍ර Friday, 22 August 2014 04:37 PM

මෙම ග්‍රහ යුද්ධය සිදුවන්නේ ගුරුට අයත් විසා නැකතේ. එබැවින් කුම්භ ලග්නය හිමි ලංකාවට මෙය දැඩිලෙස බලපානු ඇත. ලංකාකේන්ද්‍රයේ 9 වැන්න තුලාව බැවින් කාලගුනික මෙන්ම දේශපාලන ගැටුම්ද සිදුවේ. බලවත් අභාග්‍ය සම්පන්න කම් ඇතිකරයි.(අ)

:       0       0

සේන Sunday, 24 August 2014 01:34 PM

මෙය ලියපු කෙනා කේන්දර කෙසේවෙතත් පතර නම් හොදට බලනවා වගෙයි. (අ)

:       0       0

සිසිර නිරංජන් Friday, 22 August 2014 07:27 AM

මල්ලි කුම්බ මන් ධනු,,,දැන් මොකද කරන්නේ? (නදී)

:       0       0

අනේ මන්ද Saturday, 23 August 2014 01:28 PM

ඕක අමුතුවෙන් කියන්න ඕනය... දැන් දැන් සිද්ද වෙන දේවල් නේ.. (අ)

:       0       0

තිෂන් Friday, 22 August 2014 07:44 AM

මේකේ කියල තියන දේවල් දැනටත් වෙනවනේ (අ)

:       0       0

සෙලිනා Sunday, 24 August 2014 06:30 PM

ලෙස්ලි ජයවර්දන මහත්මයා කියූ දෙකෙන් එකක් අනිවාර්යෙන්ම සිද්ධවෙයි නේද.....? (නි)

:       0       0

දුමිතු Friday, 22 August 2014 08:25 AM

ධාර්මිකව ජීවිතේ ගෙනියනවා නම් මොන කරදර ආවත් මොකුත් වෙන්නේ නෑ. (අ)

:       0       0

සනත් Saturday, 23 August 2014 05:59 PM

මේ හැම කරදරයක්ම පහුගිය කාලෙ අපෙ රටේ තියෙන දේවල් නෙවෙයිද? සෙනසුරු කුජ යුද්දය විතරයි නැතුව තිබුනෙ. (නදී)

:       0       0

අසංක නවීන් Saturday, 23 August 2014 02:42 AM

මේවා විස්වාස කර කර ඉන්න කොට ඉතින් කොහොමත් අපලයි. වෙන එකෙක්නෙක්ගෙන් මේක අහල ලිව්වා නම් වෙන වෙන දේ ලියයි. සෙනසුරු කොතැනකට ගියත් අපිට එ්ක වෙනස් කරන්න පුළුවන් දෙයක්ද. මේවා බොරු. වහින්ඩ පටන් ගත්තම කාලගුනේ අයහපත් වෙනවා කියන්න ඉතින් කාටත් බැරිද. මේවා ඔක්කොම දැනට ලෝකේ යන දේවල් වලින් හිතල කියපුවා.(නදී)

:       0       0

ප්‍රසාන් Monday, 25 August 2014 08:42 AM

අනේ අප්පේ! අර සුනාමිය එනකොට මේ වියතුන් කොහෙද මන්දා ගිහින් හිටියේ? (නි)

:       0       0

ප්‍රදීප් Friday, 22 August 2014 10:49 AM

ඔව් තිෂන්, දැන්මම පටන් අරගෙන තියෙන්නේ..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 68 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 68 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 172 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 343 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 371 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 111 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site