IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සුදුස්සන් ඡන්දෙන් තේරීම ජනතා වගකීමයි

මුස්ලිම් ජනතාව හා බැඳුණු මෙරට දේශපාලනය හා කාලීන උණුසුම් සිදුවීම් ගැන තාක්‍ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපාගේ හඬයි මේ.


⋆ ප‍්‍රශ්නය: ඔබ මුස්ලිම්වරයෙක් වුණත් මුලින්ම දේශපාලනයට ආවේ මුස්ලිම්වරුන්ට අයත් පක්ෂයකින් හෝ රටේ ප‍්‍රධාන පක්ෂ දෙකින් එකකින් හෝ නොව ඉන්දියානු සම්භවයක් සහිත තොණ්ඩමන්ලාගේ පක්ෂයෙන් වීමට හේතුව මොකක්ද? දේශපාලන ලෙස ගොඩඑන්නට උපක‍්‍රමයක් ලෙස ද එය පාවිච්චි කළේ? පිළිතුර: මම ගොඩ එන්නට තැන් හොයමින් ගිය කෙනෙක් නොවෙයි. තොණ්ඩමන් අමැතිතුමන්ගේ තීනිඥවරයා ලෙස වැඩ කරන විට මට පෙනී ගියා දෙමළ කතා කරන ජනතාව වෙනුවෙනුයි එතුමා ක‍්‍රියා කළේ කියලා. ඒ දර්ශනයට මටත් ආස හිතුනා. පක්ෂයේ නියෝජ්‍ය නායකකමත් මට ලබාදුන් නිසා නුවර මගේ ගම නිසා ඒ පක්ෂයෙන් 2004 දී තරග කරල දිනුවා. ඒ දිස්ත‍්‍රික්කයේ ජාති ආගම් කුල භේදවලින් තොරව මට පදනමක් තිබෙන නිසයි ජනවරමක් ලැබුණේ.   ⋆ ප‍්‍රශ්නය: මුස්ලිම්වරුන්ට අදාළ පක්ෂයක වත්මන් නායකයෙක් පවා දැන් ඇවිත් ඉන්නේත් ඔහු ඡන්දය ඉල්ලන්නෙත් ඔය පළාතෙන්මයි. ඔබ මුස්ලිම්වරයෙක් වුවත් එම පක්ෂයට නොගියේ ඇයි? පිළිතුර: ඔබ කියන්නේ මුස්ලිම් කොංග‍්‍රසය ගැනයි. ඒක ජාතියක් නියෝජනය කරන පක්ෂයක්.  ඒත් තොණ්ඩමන් මහතාගේ කම්කරු කොංග‍්‍රසය ජාතියකට ගොනු නොවූ පක්ෂයක්. මම සිංහල, දෙමළ, මුස්ලිම් අන්තවාදය ප‍්‍රතික්ෂේප කරන කෙනෙක්. රටේ ප‍්‍රධාන පකෂ විසින් නැගෙනහිර ජනතාවගේ අවශ්‍යතා හරිහැටි ඉටු නොකිරීම නිසා මුස්ලිම් කොංග‍්‍රසය බිහිවුණා මිසක් ඒ ජනතා අවශ්‍යතාව තුළ එය සිදුවූ බව හිතන්නෙ නෑ. ඔය පක්ෂය සෙසු ප‍්‍රදේශවල ශක්තිමත් නැත්තේ ඒකයි. සෙසු ප‍්‍රදේශවල ඔය පක්ෂයට අයිතියකුත් නැහැ. ජාතිවාදය අවුස්සලා යම් පක්ෂයක් දේශපාලනය කරනවා නම් මම එය ප‍්‍රතික්ෂේප කරනවා. ඔබ කිව්ව වගේම මුස්ලිම් කොංග‍්‍රසයේ වත්මන් නායකයා බිහිවුණෙත් නුවරින්. මගේ දේශපාලනය ඔවුන්ගේ දේශපාලනයට වඩා වෙනස්.  ජාතිවාදයට හා එවැනි පක්ෂවලට  ඕනෑම ජාතියකට අදාළව මම ඉන්නේ වෙනස් මතයකයි. මම ශ්‍රීලනිපයේ කෙනෙක්. ඒ මධ්‍යම  කාරක සභාවේත් මම ඉන්නවා.   ⋆ ප‍්‍රශ්නය: මේ ආණ්ඩුවේ වැඩිපුරම ඉන්නේ ජාතිවාදී පක්ෂයි. ඒත් ඔබ ඔවුන් හා එකට කාගෙන බීගෙන ඉන්නවා නේද? පිළිතුර: ඔව්. වෙන මොනව කරන්නද? මේ ආණ්ඩුව විවිධ මත දරන පක්ෂ රැසක සන්ධානයක්. ඒත් මුස්ලිම් කොංග‍්‍රසය සන්ධානයේ පක්ෂයක් නොව. ඒකට පසුව එකතුවී ක‍්‍රියා කරන පිරිසක්. සන්ධානය කියන්නේ එකක්. සන්ධානය හා එකතුවෙලා ගමන් ගැනීම තවත් දෙයක්.   ⋆ ප‍්‍රශ්නය: මුස්ලිම් කොංග‍්‍රසය යනු එජාපය හා එකතුව පසුගිය මහ මැතිවරණයට  තරග කොට පාර්ලිමේන්තු පැමිණි පිරිසක්. ඒත් ඔවුන් අද ඉන්නේ එජාපයට විරුද්ධවයි. දේශපාලනයේදී සිදුවන මේ වෙනස්වීම ගැන ඔබ මොකද කියන්නේ. පිළිතුර: අද මුස්ලිම් කොංග‍්‍රසය කොතැනද හරියට ඉන්නේ කියලා හුඟ දෙනෙකුට තේරෙන්නේ නෑ. මේ තත්ත්වය ජනතාවටත් ප‍්‍රශ්නයක්. මුස්ලිම් කොංග‍්‍රසය උතුර-නැගෙනහිර හැර සෙසු ප‍්‍රදේශවල දී එජාපයේ ඇති මුස්ලිම් හා සුළු ජාතික හිතෛෂි පදනම පාවිච්චි කරල තම ජන පදනම හදා ගත් බව මගේ විග‍්‍රහයයි. ඒත් ජනාධිපතිතුමා එක්ක ඒ වගේ වැඩ එයාලට බැරිවුණා. අම්පාරෙන් ආසන 06ක් මුස්ලිම් කොංග‍්‍රසයට මෙවර ඡුන්දයේ දී  ඕනෑ වුණත් ආණ්ඩුව දෙන්නම් කීවේ 04යි. ඒ නිසයි වෙනමම තරග කරන්නේ. ප‍්‍රතිපත්තිමය ගැටලූවකට වඩා බල කෑදරකම මෙතන තියෙන්නේ. එජාපයේ මුස්ලිම් පදනම දියාරු කරලා තමන් නතු කර ගත්තා වගේ ශ්‍රීලනිපයටත් ඒකම කරන්න හදන කොට එය තේරුම් ගෙන ඊට ඉඩ නොදීම ගැන මම ජනාධිපතිතුමාට ස්තුති කරනවා.   ⋆ ප‍්‍රශ්නය: මුස්ලිම් කොංග‍්‍රසය එජාප ලැයිස්තුවෙන් තරග කරලා අද ආණ්ඩුවට එකතුවීම ඔබ විවේචනය කළත් තොණ්ඩමන් ඔබ ඇතුළු ඒ පක්ෂය 2004දී  කළෙත් ඒකම නේද? පිළිතුර: ඇත්ත. එජාපය එක්ක තරග කළත් ස්වාධීනව කටයුතු කළ හැකි පරිදි ගිවිසුමක් තිබුණා. ඒ අනුවයි අප ආණ්ඩුවට සහාය පළකළේ.   ⋆ ප‍්‍රශ්නය: ඒත් එක් පක්ෂයකට හේත්තුවී ඡන්දය දිනලා ඊට ප‍්‍රතිවිරුද්ධ පක්ෂය හා කටයුතු කිරීම සදාචාරාත්මක ද? පිළිතුර: ඒ වෙලාවේ එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාත් 17ක් එක්ක ආණ්ඩුවට ගියා. අපේත් ඉලක්කය වුණේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට සහායදීමයි. ජනාධිපතිතුමා හා ආණ්ඩුව ශක්තිමත් කිරීමේ ජාතික අවශ්‍යතාවයි අපි ඉටුකළේ.   ⋆ ප‍්‍රශ්නය: ඒත් තොණ්ඩමන් මහතාගේ පක්ෂයේ ඉතිහාසය ඒක ද? බොහෝ විට එජාපය හෝ ඔවුන් කවුරුත් සමග ඡන්දවලදී එකට තරග කළත් අන්තිමේ කුමන හෝ හේතුවක් පෙන්වා ආණ්ඩුවට හේත්තුවීමේ උපායක් නොවෙයිද අනුගමනය කරන්නේ? පිළිතුර: තොණ්ඩමන් මහතාට මම ගරු කරනවා. අද මම පාර්ලිමේන්තුවේ ඉන්නෙත් එතුමා නිසයි. අනික මම දැන් ඒ පක්ෂයේ සාමාජිකයෙකුත් නොවන නිසා ඒ පක්ෂයේ චින්තනය හෝ උපායන් ගැන කතා කිරීමෙන් වැලකී ඉන්නවා.   ⋆ ප‍්‍රශ්නය: ඔබට ඒ ප‍්‍රශ්නයට උත්තර නැති නිසා උපක‍්‍රමශීලීව මගහැරි බව මගේ අදහසයි? පිළිතුර: බත් කන අත අප කවුරුත් හපා කන්නෙ නෑනේ? මට එච්චරයි ඒ ගැන කියන්න තියෙන්නෙ.   ⋆ ප‍්‍රශ්නය: කාලීන දේශපාලනය වෙත අපි යොමුවෙමු. මුස්ලිම් කොංග‍්‍රසය එජාප ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවත් අද ආණ්ඩුවේ පක්ෂයක් ලෙස මැති ඇමැතිකම් දරමින් ඉදිරියට යාම ගැන ඔබ මුස්ලිම්වරයකු ලෙස යම් විරෝධතාවක් දැක්වීමට හේතු මොනවාද? පිළිතුර: ඔය පක්ෂයේ ඉතිහාසය මම මතක් කරන්න කැමැතියි. 2005 දී එජාපයට සහාය දීල පසුව අණ්ඩුවට ආවා. ඒත් අයවැය තීරණාත්මක  ඡන්දයේ දී විපක්ෂයට ගියා. ආපසු 2010 දී ෆොන්සේකාට සහාය දුන්නා. දැන් ආපහු එතැනින් ඇවිත් ආණ්ඩුවත් එක්කයි යන්නේ. මම මුස්ලිම් කෙනෙක් නිසාත් ඔය පක්ෂය මේ ආණඩුවත් එක්ක යම් එකඟතාවක් තිබෙන නිසාත් ඉතිහාසය මතක් කරලා නිහඬ වෙනවා. ඒ ඉතිහාසය හැදෑරීමෙන් හුඟක් පාඩම් කාටත් ඉගෙන ගන්න පුළුවනි.   ⋆ ප‍්‍රශ්නය: ආණ්ඩුවේ මැති ඇමතිවරුන් දරන මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුව සමග නැගෙනහිර ඡන්දයට නොගොස් සෙසු ප‍්‍රදේශවලදී ආණ්ඩුව සමග එකට ක‍්‍රියා කිරීමෙත් පරස්පරය ගැන මුස්ලිම්වරයෙකු ලෙස ඔබේ විග‍්‍රහය කුමක්ද? පිළිතුර: මුස්ලිම් කියන ලේබලය ගහගෙන මේ පක්ෂය යන නිසා මේ පක්ෂයේ ක‍්‍රියාකාරිත්වය නිසා සමස්ත මුස්ලිම්වරු ගැනම හැමෝම වපර ඇසින් බලන්න බැරි නෑ. ඒනිසා මුස්ලිම්වරයෙකු ලෙස ඔවුන්ගේ මේ ක‍්‍රියාවලිය ගැන මම දුක්වෙනවා.   ⋆ ප‍්‍රශ්නය: දුක් වෙලා විතරක්  ප‍්‍රමාණවත්ද? මුස්ලිම් ජනතාවටත් කවුරුන් හෝ යුක්තිය සාධාරණය ඉටු කිරීමට ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙනවා. ඒත් ඔබ කියන්නේ මුස්ලිම්වරුන් පමණක් නොව සියලූ ජාතීන් වෙනුවෙන් පෙනී සිටින බව වුවත් මුස්ලිම් කොංග‍්‍රසය කියන්නේ ඔවුන් මුස්ලිම්වරුන්ට අවශ්‍ය යුක්තිය වෙනුවෙන් ක‍්‍රියා කරන බවයි. එය වැරදි හෝ ජාතිවාදී ක‍්‍රියාවක් වෙන්නේ කොහොමද? පිළිතුර: මම නුවරින් ශ්‍රීලනිප ප‍්‍රමුඛ සන්ධානයෙන් පත්වුණේ සියලූ ජාතීන්ගේ ඡන්දවලිනුයි. මම කිසිම ජාතියක් ආගමක් කුලයක් නියෝජනය නොකරයි ඒ ජය  ලැබුවේ. ඒනිසා මගේ ගමන කුමක්දැයි ඔබට පැහැදිලි ඇති. සියලූ ජාතීන්ට අපි යුක්තිය ඉටු කරනවා. එතැනදී මුස්ලිම්වරු කොන්වෙන්න නෑ.   ⋆ ප‍්‍රශ්නය: අද මේ රටේ දේශපාලනය යන්නේ උතුරු නැගෙනහිර හා රටේ සෙසු ප‍්‍රදේශවල මුසල්ම්වරුන්ට නිසි අයිතීන් හා සාධාරණය ඉටුවී නැහැ යන තේමාව මතයි. දෙමළ ජනතාවට යුක්තිය ඉට නොවූ බව කියමිනුයි ඔවුන් අවි ගත්තේ. එතකොට මුස්ලිම්වරුන් ඒ තත්ත්වයට පත් නොකර ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම ප‍්‍රශ්නකාරී වෙන්නෙ කොහොමද? පිළිතුර: ජාතිවාදය අවුස්සලා දේශපාලනය කරන්න ලේසියි. සියලූ ජාතීන්ට අයත් ඇතැම් දේශපාලකයන් මේ වැඬේ කරනවා. ඇත්ත ඒකයි. ආණ්ඩුවේම ඉන්න මුස්ලිම් අය ඉංග‍්‍රීසි හා සිංහල පත්තරවලින් ආණ්ඩුවට ප‍්‍රශංසා කරලා දෙමළ පත්තරෙන් ඒකෙ අනිත් පැත්ත එනම් ආණ්ඩුවට ජාතිවාදීයි කියනවා. මම මේ ප‍්‍රශ්නය කීප තැනක දී මතු කරලත් තියෙනවා. ඔවුන් මේ කරන්නෙ මොකද්ද? මුස්ලිම්වරුන්ට යුක්තිය ඉටු කිරීමට වඩා තමන්ගෙ පැත්තමයි තහවුරු කරන්නේ. ඒත් මම කරන්නේ ඊට වඩා අමාරු හා රටට අවශ්‍ය දේශපාලනයක්. ක‍්‍රියාශීලීව ජනතාවට වැඩ කරලා ජනතා ආශිර්වාදය ලබලයි මම ඉදිරියට යන්නේ. ඒනිසා සියලූ ජාතීන්ට අයත් ජාතිවාදී අන්තවාදී දේශපාලනය මම ප‍්‍රතික්ෂේප කරනවා. ඒක රටට හිතකර නෑ. ශක්තිමත් දේශපාලන දර්ශනයක් නැති වැඩක් හරි හැටි කළ නොහැකි බංකොලොත් අයයි ජාතිවාදය අවුස්සලා දේශපාලනය කරන්නේ. ඔබ කියනවා වගේ මුස්ලිම්වරුන්ට වගේම  ඕනෑම රටක සුළුජාතීන්ට ප‍්‍රශ්න තිබෙනවා. ඒක යථාර්ථයක්. ඒවා විසඳා ගැනීමට ඇති හොඳම මග සාකච්ඡාවයි. සුළු ජාතික ප‍්‍රශ්න විසඳන්න මේ රජය තුළ වාතාවරණයක් තියෙනවා. ජනාධිපතිතුමාම යුද්ධයෙන් පසු කිව්වේ දැන් සුළු ජාතීන් කියල කොටසක් නැති බවත් ඇත්තේ රටට ආදරය හා ද්‍රෝහීකම් කරන ජාතීන් දෙක විතරයි කියලයි. ඒ නිසා සුළුජාතීන් කියමින් ඔබත් මමත් මේ සකච්ඡාවේදී පාවිච්චි කළේ තහනම් වචනයක් රටට ජනතාවට ද්‍රෝහී අයයි ජාතිවාදය අවුස්සලා පැවැත්මට ක‍්‍රියා කරන්නේ. ආණ්ඩුව එක්ක ඉන්නවා කියමින් වෙනම ඡන්දය ඉල්ලන ඇතැම් පක්ෂ මුස්ලිම් ජනතාවට සාධාරණ විසඳුමක් ලැබෙන්නෙ නෑ කියමින් ජාතිවාදී සටන් පාඨ පාවිච්චි කරනවාද සැකය අපට තිබෙනවා. නැගෙනහිර හෝ වෙනත්  ඕනෑම තැනකදී ජනතාව මේ තත්ත්වය ප‍්‍රතික්ෂේප කරන බව මට විශ්වාසයි.   ⋆ ප‍්‍රශ්නය: ඒත් මුස්ලිම් කොංග‍්‍රසය නගන ඇතැම් තර්ක ඉතා තර්කානුකූලයි. නැගෙනහිර මුස්ලිම්වරු 42%යි. දෙමළ 38%යි. ඉතිරි 20% සිංහල අයයි. අන්තිමේ ගිය වර නැගෙනහිර මහ ඇමැති වුණේ මුස්ලිම් කෙනෙක් නොව දෙමළ කෙනෙක්. මෙවැනි අසාධාරණකම් රැසක් එනම් යළි පදිංචිය, ඉඩම් අයිතිය ආදිය ගැන මුස්ලිම් කොංග‍්‍රසය හඬ නැගීම වැරදි වෙන්නෙ කෙහොමද? පිළිතුර: මහ ඇමැති කියන්නේ තනතුරක් විතරයි. එහෙම වුණා කියලා නැගෙනහිර මුස්ලිම් ජනතාවට මේ රජයෙන් අසාධාරණයක් වුණේ නෑ. දෙමළ  මහ ඇමැති කෙනෙක් එදා නැගෙනහිරට පත්කළේ දේශපාලන අවශ්‍යතාවක් මතයි. එල්ටීටීඊයට එරෙහි යුද්ධය තීරණාත්මක අවස්ථාවකයි ඒ කාලේ රට තිබුණේ. පත්වන මහ ඇමැති මුස්ලිම් ද දෙමළ ද නොවෙයි ඒ පළාතට  හා ජනතාවට සේවය වෙනවද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ. තවත් දෙයක් කියන්න කැමතියි. අතාවුල්ලා, රිෂාඞ් බද්යුද්දීන්ගෙ පක්ෂත් නැගෙනහිර  ක‍්‍රියාත්මකයි. ඔවුන් අවස්ථාවාදී නොවී දුකේදී හා සැපේදී ආණ්ඩුව එක්ක ඉන්වා.   ⋆ ප‍්‍රශ්නය: ඔබ ඇමැති රිෂාඞ් බද්යුද්දීන් වර්ණනා කරන්නට හැදුවත් ඉතිහාසයේ ඇමැතිවරයකු නොකළ අන්දමේ අභියෝගයක් ඔහු උසාවියට කළ බවට එල්ල වන චෝදනාව ඉතා බරපතලයි. තීන්දු දිය යුතු අයුරු ගැන විනිශ්චයකාරතුමාට ඇමතුම් දුන් ඇමැතිවරයා එය සිදු නොවූ තැන ජනතාව කුපිත කොට පන්සලක් පල්ලියක් දේවාලයක් කෝවිලක් වැනි උසාවියට ජනතාව ලවා පහරදීමට ක‍්‍රියා කිරීම ගැන ඇති චෝදනාව ගැන ඔබ මොකද කියන්නේ. ආණ්ඩුව මේ ගැන නිහඬ ඇයි? පිළිතුර: රටක පූජනීයම හා නොකැළැල්ම තැන ලෙස උසාවිය පැවතීම අනිවාර්යයි. මමත් නීතිඥයෙක්. ස්වාධීන අධිකරණයක් නැත්නම් රටක් නැහැ. සමජයට යුක්තිය සාධාරණය සමානාත්මතාව බෙදා දෙන්නේ එතනින්.   ⋆ ප‍්‍රශ්නය: නීතියේ ස්වාධීන බවට මේ ආණ්ඩුව අභියෝග කරන බවට රට තුළ විශාල මතයක් ගොඩනැගෙමින් තිබීම ඉතා භයානක නැද්ද? පිළිතුර: ඉතිහාසයේ එජාප කාලේ ගල් ගැහුවා.   ⋆ ප‍්‍රශ්නය: ඉතිහාසයේ එජාප යුගයේ විනිශ්චයකාරයකුගේ ගෙදරට ගල් ගහලා තිබෙනවා. ඒ ආණ්ඩුව කරපුවා කරන්නද මේ ආණ්ඩුව ආවේ. අනික මෙදා මන්නාරමේ දී උසාවියයි කුඩු කළේ. ඊට නායකත්වය දුන්නේ ඇමැතිවරයකු බවට මා විමසූ ප‍්‍රශ්නයට ඔබ තවම පිළිතුරු දුන්නෙ නෑ. අනික අද ඝාතන, කුඩු ජාවාරම, ස්ත‍්‍රී දුෂණ, ළමා අපචාර රැල්ලක් දියත්වී ඊට ආණ්ඩු බලයේ රැකවරණය තිබෙන බවටත් පවතින චෝදනාව මත රට යන්නේ කොයිබට ද? පිළිතුර: රිෂාඞ් ඇමැතිතුමා විනිශ්චයකාරතුමෙකුට කතා කරලා තර්ජනයක් කරලා තිබේ නම් එය ඉතා වැරදියි. එතුමා වැරදිකරු කරන්න කලින් ඔහුගෙ කතාවත් අහන්න  ඕනෑ. හැබැයි මන්නාරමේ මේ සිදුවීම පිටුපස එතුමා ඉන්නවා නම් මම එය තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. එතුමා අධිකරණයට අපහාසයක් කරල තිබෙනවා නම් එය වැරදියි.   ⋆ ප‍්‍රශ්නය: කොල්ලකෑම්, ඝාතන, ළමා හා ස්ත‍්‍රී අපචාර, කුඩු අද සමාජ ව්‍යසනයක් වෙලා. මෙය නීතියෙන් පමණක් කළ හැකි ද? මේ දුෂිතයන් වටා ඇති දේශපාලන රැකවරණය ඉවත් කළ යුතු බව ඔබ පිළිගන්නවද? පිළිතුර: මාධ්‍යවල අපරාධ වැඩිවූ බව පෙන්වුවත් දත්ත අනුව එහෙම නැති බව ගෝඨාභය මැතිතුමා කිව්වා. සමාජය විවිධ නිසාත් විකෘති අය නිසාත් ප‍්‍රශ්න මතුවෙනවා.   ⋆ ප‍්‍රශ්නය: පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කියන්නේ 05%කින් මේවා වැඩිවී ඇති බවයි. සිදුවූවාට පසුව නොව මුලින් වලකා ගැනීම නේද අවශ්‍ය? පිළිතුර: ඔව්. ස්ත‍්‍රී, ළමා අපචාර කරන අය ආණ්ඩුවට කියලද මේවා කරන්නේ. මේ පහත් ක‍්‍රියා කළ අයට දැඩි දඬුවම් දීමෙන් අනිත් අයට බය උපදවන මානසිකත්වයක් හැදීමයි කළ යුත්තේ. අපචාරකාරයො ඡුන්දවලින් දිනවීම ගැන ජනතාවත් වගකියන්න  ඕනෑ. වැදගත් අය පත්කර ගැනීම ජනතා වගකීමයි. අද දේශපාලනය විකාරවෙලා තියෙන්නේ පහත් අය ඇවිත් නිසයි. මම හදන්නේ මේ සමාජ විපර්යසාය කරන්නයි. ළමා අපචාර කරන අයට විරුද්ධව නීතියට අමතරව ශල්‍යකර්මත් කළ යුතු බව හුඟ දෙනෙක් කියනවා. වඳුරට දැලි පිහිය දුන්නා වගේ බලයෙන් මත්වූ අඥාන දේශපාලකයොයි මේ පහත් වැඩ කරන්නේ.   ⋆ ප‍්‍රශ්නය: වසර 1 1/2කට කලින් පළාත් සභා තුනක ඡුන්ද පවත්වන්නෙ ඇයි? අධික ජීවන බර, විරැකියාව, නීතිය ප‍්‍රජාතන්ත‍්‍රවාද වල් වැදීම, ලිංගික අපචාර, ජනතා මුදල් ගසා කෑම, ඉසෙඞ් අගය හරහා ගැටලූ මතුවීම ඇතුළු ගැටලූ තිබිය දී ජනතාව ආණ්ඩුවට ඡුන්දය දිය යුත්තේ ඇයි? පිළිතුර: ව්‍යවස්ථාවට අනුකූලවයි මේ ඡන්ද පවත්වන්නේ. ඡුන්දවලදී ජනතාව අපව ප‍්‍රතික්ෂේප කරනවා නම් විපක්ෂයට බලය අල්ලන්න පුළුවන් නේද? මේ ආණ්ඩුව ත‍්‍රස්තවාදය තුරන් කරලා රට සංවර්ධනය කරනවා. දුප්පතාට හා ගමට ආණ්ඩුව විශාල සේවයක් කරමින් 08%ක වර්ධනයක් ලබල තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව චෝදනා තිබෙනවා. ප‍්‍රශ්න තිබෙනවා. ඒත් ආණ්ඩුවේ ගමන නිවැරදි නිසා ජනතාව මෙවරත් අපව දිනවනවා.
සංවාද සටහන - අශෝක ජයතුංග



අදහස් (0)

සුදුස්සන් ඡන්දෙන් තේරීම ජනතා වගකීමයි

අබ්දුල්රහමන් Wednesday, 01 August 2012 03:13 AM

ෙමාකද හිතන්නැත්ෙත්. හිතනඅය ඉන්නවා. නමුත් ඒ අයටත් තම වැඩ කොටස කරන්න ඉඩ ෙදන්ෙන් නෑ. (නු)

:       0       0

රෙජී Wednesday, 01 August 2012 07:00 PM

ඔබ නිවැරදියි නායකයාණෙනි. (නි)

:       0       0

නිල්මිණි Monday, 30 July 2012 12:08 PM

ඕක කොච්චර කියුවත් ප්‍රයෝගික නැහැ (දී)

:       0       0

ෂෙරීෆ් Monday, 30 July 2012 09:48 PM

දේශපාලකයො කවුරුවත් මහජන සේවය ගැන හිතන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 235 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 395 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 223 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 623 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 735 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2832 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site