IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සකලකලා වල්ලභ රජුගේ රාජධානිය

1 2

මම අහස දෙස බැලූවෙමි. අහස පැහැදිලිය. කාලගුණය යහපත්ය. මගේ ප‍්‍රයත්නයට හොඳම දිනය අද යැයි මම සිතුවෙමි. ඒ නිසාම තුරුලතා වලින් හා නිල්වන් කෙත්වතුවලින් සශ‍්‍රික වූ රමණීය පෙදෙසකට මම ගමන් ගතිමි. ඒ උඩුගම්පල රාජධානියේ සැඟවී ඇති ඉතිහාසය සොයාගෙනය.


මුලින්ම උඩුගම්පල ප‍්‍රාදේශීය සභාවට සේන්දු වූ මා සභාපතිතුමාගේ අවසරය මත එහි ප‍්‍රජා සංවර්ධන නිලධාරිනියකු වන ඉරේෂා ජයසිංහ මහත්මිය සමඟ උඩුගම්පල රාජධානියේ පැරණි නටඹුන් සොයා පියමන් කළෙමු. සැබැවින්ම එහි අතීතය මෙසේය.


1485-1805 කාලය තුළ ලංකාද්වීපය පාලනය කරන ලද්දේ වීර පරාක‍්‍රමබාහු රජුය. ඔහුට ධර්ම පරාක‍්‍රමභාහු, තනිවැල්ල පරාක‍්‍රමභාහු, ශ්‍රී රාජසිංහ, විජයබාහු, රයිගම් බංඩාර, සකලකළා වල්ලභ සහ එක් දියණියක් වූහ.

3
මේ කුමරුවන් අතරින් රාජසිංහ සහ විජයබාහු මැණික්කඩවරපුර වාසය කළ අතර රයිගම් බණ්ඩාර රයිගම පාලනය කළේය. සකලකලා වල්ලභ කුමරුට උඩුගම්පල උප රාජධානිය භාරවිය. තනි වැල්ලභාහු කුමරු මාදම්පේ පාලනය කළ අතර එකම දියණිය රජතුමා සමඟම සිටි නල්ලූර්තුනෙයියාර් නම් මලබාරයෙකුට විවාහ කර දුන්නේය.


ඒ ආකාරයට වීර පරාක‍්‍රමභාහු රජුගේ පුතුන් සයදෙනා ප‍්‍රාදේශීය රාජධානි භාරගෙන පාලනය කළ අතර සකලකලා වල්ලභ රජු භාරගත් උඩුගම්පල රාජධානිය බතින් බුලතින් සශි‍්‍රක කළේය. ඊට හොඳම උදාහරණ ලෙස ගොඩවැව සහ මහවැව පෙන්වාදිය හැකිය.


එසේම එතුමා විසින් අස්වාන ප‍්‍රදේශයෙන් විශාල වැවක් කරවූ බවත් ඒ වැවේ සිට එතුමා විසූ මාළිගාව අසල පිහිටි පතහට උමඟක් මගින් ජලය ගෙනගිය බවත් ජනප‍්‍රවාදයේ සඳහන්ය. එසේම එම අස්වාන වැවේ වැව්කණ්ඩිය නිතරම කැඞීයාම හේතුකොටගෙන සකලකලා වල්ලභ රජු ස්වර්ණාභරණයෙන් සැරසූ කන්‍යාවන් හත් දෙනකු බිළිදුන් බවත් ඔවුනගේ යම් යම් ශරීර කොටස් ගසාගෙන ගොස් නැවතුණු ස්ථාන ඒ ඒ නම්වලින් නම් කෙරූ බවත් ඉතිහාස කතා තුළ අන්තර්ගතය. ඒ පිළිබඳ කළ විමසීමකදී අස්වාන පුරාණ රජමහා විහාරයේ පරිවේණාධිපති හා ලේඛනාධිකාරි ............. සීලරතන ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙවන් අදහසකි.


‘‘උඩුගම්පල කියන්නේ කෝට්ටේ යුගයේ තිබූ ප‍්‍රාදේශීය රාජධානියක්. එය පාලනය කළේ සකල කළා වල්ලභ නම් ප‍්‍රාදේශීය රජ කෙනෙක්. ඔහු උඩුගම්පල ප‍්‍රදේශය බතින් බුලතින් සශ‍්‍රික කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසාම ඔහු ගොවිතැනට අවශ්‍ය ජලය රැුස්කර තබාගැනීමට වැව් සාදා තිබෙනවා.
එහි එක් නිර්මාණයක් ලෙස අස්වාන වැව සඳහන් කරන්න පුළුවන්. අද අස්වාන වැව දකින්න නැහැ. ඒත් වැව් බැම්ම විතරක් දැකගන්න පුළුවන්. එදා එම වැව හැදුවාම නිතරම වැව කැඞී වතුර පිටාරගොස් තිබෙනවා. ඒ නිසා සර්වාභරණයෙන් සැරසූ කුමාරිකාවන් හත්දෙනෙකු බිලි දුන් බව සඳහන් වෙනවා. ඒ බිලි දුන් කුමාරිකාවන්ගේ එක් එක් කොටස් ගසාගෙන ගොස් නැවතුණු තැන් ඒ ඒ නම්වලින් හැඳින්වී තිබෙනවා.


එහිදී කුමාරිකාවන් සැරසී සිටි ආභරණ ගසාගෙන ගොස් නැවතුණු ස්ථානය මිණිරුවන්ගොඩ ලෙසත් එය පසුව මිනුවන්ගොඩවූ බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා. කුමාරියන්ගේ ඔළු ගසාගෙන ගොස් නැවතුණු ගල්තලාව ගල්ලොළුව වූ බවත්, කලවා ප‍්‍රදේශ ගසාගෙන ගොස් නැවතුණු ප‍්‍රදේශය කලවාන වූ බවත් ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා.


හැවණතැන්නේගම සීලරතන ස්වාමීන් වහන්සේ මිනුවන්ගොඩ අවට ගම්වල නම් සෑදුනු ආකාරය හා බැඳි ජනප‍්‍රවාද කතා එසේ සඳහන් කළ අතර පත්තිනි දේවාලය භාර දුලංජන කපුමහතා සඳහන් කලේ මෙවන් දෙයකි.


‘‘එම කුමාරිකාවන් හත් දෙනා රජතුමා වැවට බිලි දුන් පසු ගමේ අමනුස්ස දෝස පැතිරීගිය බව ජනප‍්‍රවාදයේ සඳහන්. ඒ නිසා රජතුමා විසින් දේවාල ඇතිකර ගමිබිම් දෙවියන්ට භාරදුන් බව සඳහන් වෙනවා. ඒ වගේම මේ ස්ථානයේ දිවුරුම් බෝධියක් තියනවා. එතන රජතුමා වැඳුම් පිදුම් කටයුතු වගේම නීතිය පසිදලීමේ කටයුතුද සිදුකළ බව ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා. අදත් මේ ස්ථානයේ නාගයෙක් ඉන්නවා. මංගල්‍යය වගේ කරන අවස්ථාවල රිලව් පැනයන අවස්ථා, දෙබරු කූඩු සෑදීම, මීමැස්සෝ ඒම, නාගයා දෘෂ්‍යමාන වීම වගේ දේවල් සිද්ද වෙනවා.


ඒ ආකාරයට දුලංජන කපුමහතා ඔහු දන්නා ජනප‍්‍රවාද කතා ඉදිරිපත් කළ අතර පුංචි බංඩාර කපුමහතා අපත් සමග පැවසුවේ මෙවන් දෙයකි.
‘‘මේ පන්සලේ විහාර භූමියට ඇතුල්වෙන තැන තියන ගල්පඩි ඔය ඔයෙන් මතුවුන ඒවා. ඔතන තියන ගල් කෑල්ලක්වත් නිකන් ගේන්න බෑ. ඉස්සර ලොකු හාමුදරුවෝ කියලා තියනවා ගල් පඩි අල්ලන ගානට වැඩිපුර දෙකක් ගෙනැත් තිබුණ නිසා ? එළි වෙනකම් නිදාගන්න බැරිවුණා කියලා. ඊට පස්සේ වැඩිපුර තිබුණු ගල්පඩි දෙක ආපසු ගිහින් දැම්මලූ. දැන් විහාර මළුවට ගොඩවෙන තැන අල්ලලා තියෙන්නේ ඒ ගල්පඩි. මේ හරිය හරිම අදෘශ්‍යමානයි. ඉස්සර ?වෙද්දි කිසිම කෙනෙක් මේ ඇතුල් පාරවල් වල තනියම ගමන් යන්නේ නැහැ. ඔය බිසෝවරු නෑවා කියන ස්ථානයේ හරිම පාළු ගතියක් තියෙන්නේ. වතුර පිරෙන කාලවලට ?ට දියබුන් ගහන සද්දේ ඇහෙනවා කියලා මිනිස්සු කියලා තියනවා.  


මීළඟට මේ වැව සම්බන්ධ තවත් ජනප‍්‍රවාද කතාවක් ඉදිරිපත් කළේ අස්වාන විහාරයේ විහාරාධිපති මකුද්දල චන්දාලෝක ස්වාමින් වහන්සේය.
‘‘මේ මෑතකදී ඔය බිසෝවරු නෑවා කියන ස්ථානයේ තරුණ ළමයි පිරිසක් මාළු බාන්න ගිහින් තියනවා. ඒ ළමයි වතුර මෝටරයකින් ගහලා මාළු අල්ලන ප‍්‍රමාණයට ආවම ආයෙත් අර වතුර ඇවිත් වළ පිරුණලූ. හැමදෙනාම පුදුම වෙලා. ඒ වගේම මේ පන්සල් භූමියේ තමයි දිවුරුම් බෝධිය තියෙන්නේ. රජතුමාට මාළිගයේ සිට දිවුරුම් බෝධියට ඒමට උමඟක් තිබුණ කතාව ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා. ඒත් තාම එහෙම දෙයක් නම් පෙනිලා නෑ. ඒ වගේම රජතුමා ජල ක‍්‍රීඩාකල පොකුණට වතුර ගෙනගියේ අස්වාන වැවෙන්ලූ. අද ඒ හරියේ උමඟක් මතුවෙලා තියනවා. ඒත් ඒ වතුර එන උමඟ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තාම හොයාගෙන නෑ.

5


සකලකලා වල්ලභ රජතුමා කුමාරිකාවන් මරා බිලිපූජා කළ නිසා යක්ෂ ආත්මයක් ලැබූ බවට ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා. ඒ වගේම එතුමා මේ පළාතේ කෘෂිකර්මය නගාසිටුවලා ජනතාවට කරපු යහපත නිසා දේවත්වයෙන්ද සලකනවා.


සැබැවින්ම සකලකලා වල්ලභ රජු සම්බන්ධවූ රසවත් ජනප‍්‍රවාද කතා නම් බොහෝ විය. ඒ නිසාම එතුමා ස්නානය කළ එම පතන සොයා ගමන් ගත්තෙමි. සැබැවින්ම නිල්වන් කෙත්වතු හා තුරුලතා මැදින් වැටී තිබූ මාර්ගය අයස්කාන්තය.


එම පළාත අද ජනාකීර්ණ වුවද එදා ස්වභාව සෞන්දර්යෙන් ආඩ්‍යව පවතින්නට ඇතැයි වර්තමාන තත්ත්වය පිරික්සීමේදීද ගම්‍යවේ. මේ වන විට ප‍්‍රතිසංස්කරණය කර තිබූ එම පතන සැබැවින්ම ආකර්ෂණීයය. එය වටා ඉදිකර තිබූ කබොක් ගල් බැම්මත්, මාළිගය වටා යන ආරක්ෂිත දිය අඟලක්,
රජතුමා ජලක‍්‍රීඩා කිරීමට පැමිණ වතුරට පැනීම සඳහා භාවිතා කළ ගල් පුවරුවක් එහි දක්නට ඇත. එසේම ඊට මෙහායින් පරණ නාන ළිඳ නවීකරණය කොට පරිහරණයට සුදුසු ලෙස සකස්කර තිබුණි. අපි පතන වටා ගමන් ගන්නා විට එක් සුවිශේෂී ස්ථානයක් නෙත ගැටුණි. එය පතනට අස්වාන වැවේ සිට ජල ප‍්‍රවාහණය සඳහා භාවිතා කළ උමඟ ලෙස සැකකරන ස්ථානය බැව් දැන ගතිමු.


සැබැවින්ම සකලකලා වල්ලභ රජුට කලාකාමී ඇසක් තිබී ඇත. එසේම ඔහු කෘෂිකර්මාන්තයේ එම ප‍්‍රදේශ සරුසාර කළා සේම හොඳ ජල සැපයුම් ක‍්‍රමයක් භාවිතා කර ඇති බවද ඉන් ගම්‍ය විය.


එසේ කෘෂිකර්මාන්තයත් වාරි කර්මාන්තයත් නගා සිටවූ රජතුමා මංමාවත් නිර්මාණය කළ හා ජනතාවගේ සැපපහසුව පිළිබඳ සොයා බලා කටයුතු කළ අයෙකු බවද සඳහන් කළ හැකිය. එනම් දුර ගමන් වල නිරතවන පුද්ගලයන්ට ගිමන් නිවාගෙන යාම සඳහා ඒ ඒ මාර්ග අසල නිමවා ඇති වෑගොව්ව අම්බලම හා බලබෝව අම්බලම ඊට උදාහරණය.


එසේම සකලකළා වල්ලභ රජු හොඳ දේවභක්තිකයෙකු බවද සඳහන් වේ. ඊට උදාහරණ ලෙස අස්ගිරිය පුරාණ රජමහා විහාරය අස්වානේ ශ්‍රී ධර්ම රත්නෝදය පිරිවෙන් විහාරයෙහි පැවති දේවාල භූමිය උග්ගල්බඩ පුරාණ දේවාලය, දොඹවල දේවාලය දැක්විය හැකිය.


මේ සියළු දේ සේම සකලකලා වල්ලභ රජු ජීවත්වූ මාළිගාවද විශේෂීය. උඩුගම්පල උත්තරාරාම පුරාණ විහාරය හෙවත් මාළිගාගොඩැල්ල නම් ස්ථානය එතුමාගේ මාළිගය පිහිටා තිබූ ස්ථානය සේ සලකයි.


මේ වන විට මාළිගාවේ නටඹුන් දක්නට නොමැති අතර මාළිගාවේ තිබුණා යැයි සැලකෙන ශෛලමය උළුවහු කඳන් හා මාළිගයේ වහලට සෙවිලි කළ පැතලි උළු, කබොක් ගල් ආදිය තැනින් තැන මතුවී දක්නට ලැබේ. එසේම පැරණි ගල් ආසනයක් සහ පොළව යට පසින් වැසී ඇති ගල් පඩිපෙළක අඩිතාලමක්ද දෘෂ්‍යමාන වේ. අලූතින් ඉදිවන ගොඩනැගිලි හේතුවෙන් යම් යම් අවස්ථාවල පොළව කැපීමේදී හමුවන පුරාණ සිහිවටනයන් නම් ගල් සහ උළු කෑලිය. මේ සම්බන්ධව උත්තරාරාම පුරාණ විහාරයේ කෙන්ඩිමහර සුමේද හිමියෝ පවසා සිටියේ මෙවැන්නකි.


‘‘මෙය ගොඩක් පරණ පන්සලක්. අද පරණ මාළිගාවේ නටඹුන් නෑ. ඒත් මාළිගාවේ තිබුණායැයි සැක කළ හැකි ගල් උළුවහු කඳන් තියනවා. ඒ වගේම පැතලි උළු හම්බවෙලා තියනවා. ගල් ආසනයක් තියනවා. ඉස්සර රජකාලේ භාවිතා කළ වැසිකිළි පාදමක් තියනවා. ඒ වගේම දිගටම ඇති කියලා සැකකරන්න පුළුවන් ගල් බැම්මක් පොළවයට තියනවා. එය පසින් වැහිලා තියෙන්නේ. මේ පිළිබඳ රජයේ අවධානය යොමුවෙලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සංරක්ෂණය වෙනවා නම් අනාගත පිරිසට මෙහි ඇති ඓතිහාසික දේ ආරක්ෂා කරදෙන්න පුළුවන්.


අද මේ පුරාණ පන්සලේ සකලකලා වල්ලභ රජතුමා වෙනුවෙන් ඉදිවුන දේවාලයක් තියනවා. එතුමා දේවත්වයෙන් සලකනවා. එහි පැරණි දේවාලයේ භාවිතා කළ ආභරණ තැනපත් කරලා තියනවා. මේ දේවල් ආරක්ෂාකර ගැනීම මේ ප‍්‍රදේශයට ලොකු ගෞරවයක්.


සැබැවින්ම කලාකාමී ඇසක් තිබූ හා දේවත්වයෙන් සලකන සකලකළා වල්ලභ රජතුමා දක්ෂ බුද්ධිමත් පාලකයෙකි. ඒ නිසාම විටෙක ඔුහ කෝට්ටේ රාජ්‍ය භාරගැනීමට යෝජනා කරන ලද්දෙකු විය. එහෙත් එය ප‍්‍රතික්ෂේප කළ එතුමා උඩුගම්පල රාජධානිය සශ‍්‍රික කළේය. ඒ නිසාම ඔහුගේ රාජ්‍ය කාලය දිගුවිය.
එය දරාගැනීමට නොහැකිවූ ඔහුගේ දරුවෝ කුමන්ත‍්‍රණයක් කළහ. ඒ ඔහු ජලක‍්‍රීඩා කිරීම සඳහා භාවිතා කරන පතනේ දැවමය උල්ගසා ඔහු මරා දැමීමය. කුමාරවරු එය එසේම ක‍්‍රියාත්මක කළහ. රජතුමාත් සුපුරුදු පරිදි ජල ක‍්‍රීඩාවට ගියේය. එහෙත් ඔහුගේ හිස වටා කැරීකි ගොස් වතුරේ වැසූ බඹරෙකු නිසා කුමරුවන්ගේ උපක‍්‍රමය වැරදී ගියේය. වතුරේ වැසූ බඹරා පිළිබඳ පරික්ෂණ කළ රජතුමා ඔහුගේ දිවි තොර කිරීමට පතනේ උල් සිටවා ඇති බව දැන්ගත්තේය. එය රජුගේ අවධානයට ලක්වීමත් සමග කුමාරවරු කැලයට පලාගියහ. මේවන විට කැණීම්කර පිළිසකර කර ඇති පතනේ තිබී එතුමා මැරීමට සිටවූ දැවමය උලක් යැයි සලකන්නක් මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභා භූමියේදී ප‍්‍රදර්ශනයට තබා ඇත.


කෙසේ වෙතත් එම ප‍්‍රදේශයට සුවිශාල සේවාවක් කළ සකලකළා වල්ලභ රජතුමා ඔහු නිර්මාණය කළ අස්වාන වැව නිතරම කැඞීයාමේ හිත්වේදනා ඇතිව ඊටම පැනමියගිය බවත් එතුමාගේ බිසෝවරුන් ඒ දුකින් එම වැවට පැන දිවි තොරකරගත් බවත් ජනප‍්‍රවාදයේ සඳහන්ය.


අද එම ප‍්‍රදේශවාසීන් අස්වානේ දෙවියන් ලෙසින් අදහනුයේ සකලකළා වල්ලභ රජතුමාය.
කැලයට පැනගිය එතුමාගේ පුතුන් පිළිබඳවද පටබැඳි ජනප‍්‍රවාද කතා බොහෝය. එම පුතුන් සයදෙනාගෙන් කෙනෙකුවූ කළුහම් කුමාරයා කුණුදිය පර්වතයෙන් පැන දිවි තොර කරන්නේය. ඔහුගේ පැතුම යක්ෂ ආත්මයක් ලබා ඔහු යදින බැතිමතුන්ට සෙතක් කිරීමය. ඔහු කළුකුමාර නමින් දේවත්වයට පත්විය. අද එම ප‍්‍රදේශයේ ජනතාව අලූත් අස්වනු ගෙට ගන්නාවිට අලූත් වී ඇට පවා යදින යාතිකාව කළුකුමාර යාදින්න ලෙසින් ජනප‍්‍රියවී ඇත.


එසේම රජුගේ බාලම පුත් කිරිබොන ඈපානෝය. ඔහු තරුණවියට පත්වූ පසු විවාහවීමට අවශ්‍යවිය. එහෙත් ඔහු නන්නාඳුනන්නෙකුු නිසා කිසිවෙකු දියණියක් සරණයට නොදුන්නා. ඒ නිසාම ගවයන් සැඟවීම හා නැවත භාරදීම සැඟවී කර අදෘශ්‍යමාන බලවේගයක් බවට පෙන්වා ඔහු හිතගිය තරුණියද ලබාගත්තේය. මුලින්ම එම තරුණිය ලබාගැනීමට ගොස් ඔහු පරිත්‍යාග කළ මාලය ආපසු ප‍්‍රතික්ෂේපකර දොරේ එල්ලූ නිසා සමගම දුන්න මාලේ දුනුමාලේ ලෙස ව්‍යවහාරයට පැමිණි බවද ජනප‍්‍රවාද කතාවක් විය. එදා පටන් එම ප‍්‍රදේශය දුනුුමාලේ දෙවියන් සඳහා වූ ප‍්‍රදේශය බවට පත්වී ඇත.


පියෙකු හා පුතුන් දෙදෙනෙකු දේවත්වයෙන් සලකන ඉතිහාසයේ ඉතාම දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
මෙම ලිපිය සැකසීමේදී තොරතුරු ලබාදීමට නොමද සහයක් ලබාදුන් මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති පද්මකුමාර අරංගල්ල මහතාටත් ප‍්‍රජා සංවර්ධන නිලධාරිනී ඉරේෂා ජයසිංහ මහත්මියවත්, උත්තරාරාමයේ විහාරාධිපති හෙන්ඩිමහර සුමේද ස්වාමින් වහන්සේටත් අස්වාන ධර්මෝදය පිරිවෙණේ විහාරාධිපති මකුද්දල චන්ද්‍රාලෝක ස්වාමින් වහන්සේ සහ ............. සීලරතන ලේඛකාධිකාර ස්වාමින් වහන්සේ ඇතුලූ සියළු දෙනාවත් ඔහු විජේරත්න සොයුරියටත් විශේෂ ස්තූතිය.


m



අදහස් (18)

සකලකලා වල්ලභ රජුගේ රාජධානිය

හැරිසන් Monday, 06 October 2014 11:59 AM

ඉතා වැදගත් ලිපියක් (නි)

:       2       2

අජිත් Wednesday, 17 September 2014 12:52 PM

ඉතාම හොද වටිනා ලිපියක් පල කිරීම ගැන මගේ ස්තුතිය පිරිනමමි. (නදී)

:       3       0

සඳුනි Tuesday, 23 September 2014 03:46 PM

ලිපිය ඉතා හොදයි. නමුත් කාලය දක්වා ඇත්තේ වැරදියටයි මුද්‍රණ දෝෂයක් විය හැකියි. මොකක් හරි අඩුපාඩුවක් තියෙන්නත් එපායැ (නදී)

:       0       0

රත්නායක Wednesday, 15 October 2014 07:06 AM

මේ ලිපිය ඉතාමත් වැදගත් වෙනවා.(හේ)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 09 November 2014 11:38 PM

මෙම වැදගත් ලිපිය පළකළ ඔබට ජාතිය වෙනුවෙන් මා පින් දෙන්නේ කැනඩාවේ සිටය (නි)

:       0       1

උදාර අනුපම Monday, 29 December 2014 09:01 AM

ඉතාම හෙඳ වැඩක්. කැපවීමෙන් විස්තර හොයලා තියෙනවා (නදී)

:       0       0

අම්පාරේ දුමිත Wednesday, 17 September 2014 04:12 PM

අපේ ජාතික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ හරවත් ලිපියක් (නි)

:       0       0

ගයාන් Saturday, 20 September 2014 04:11 PM

වීර පරාක්‍රමබාහු අවුරුදු 320 ක් රට පාලනය කෙරුවද? එපාවෙනවා. (නදී)

:       0       1

ටිකිරි Friday, 19 September 2014 03:27 PM

මමත් ජීවත් වන්නේ මෙම ප්‍රදේශයේයි . ඉහත සදහන් සමහර ජනප්‍රවාද මෙහි ජීවත් වුන වැඩිහිටියන් ඉස්සර කියනවා මමත් අහල තියනවා . අලුත් පරම්පරාවට මෙවැනි අතීත කතා අහන්න නොලැබීම හරිම අවාසනාවක් . ඉඳ හිටලා හරි මෙවැනි දේවල් ජන මාද්‍ය වල පළවීමෙන් අපටත් අතීතයක් තිබුන කියල දැනගනීවි . මොකද දැන් දෙමාපියොත් දරුවන් ට පිටරටවල ශ්‍රී සෞභාග්‍යය ගැන කියනවා මිසක් අපේ රටේ අතීතය ගැන දැනගන්නවටවත් කැමති නැහැනේ . (ස)

:       0       0

නුවන් මිනුවන්ගොඩ Wednesday, 24 September 2014 09:36 AM

අපේ ප්‍රදේශයේ යට ගිය ඉතිහාසය ප්‍රසිද්ද කළාට ස්තුතියි. මේ යුගය සම්බන්ද තවත් ගොඩාක් දේවල් තියනවා. පුලුවන්නම් සොයා පලකරන්න (නදී)

:       0       0

දම්මිකා කුමාරි Monday, 10 November 2014 04:58 AM

මම මේ පොකුණ බලන්න ලගදි ගිය හරිම ලස්සනට සංරක්ෂනය කරලා. ලංකාවේ එල් හැඩයට තියන විශාලම පොකුනලු. (බ)

:       0       0

දර්ශන චතුරංග Monday, 06 October 2014 03:24 AM

ඔය සියලු විස්තර තියෙනවා මිනුවන්ගොඩ සිටි කියන වෙබ් අඩවියේ බලන්න තවත් මිනුවන්ගොඩ ගැන සැඟුවුන තොරතුරු ගොඩක් එ්කේ තියෙනවා (නදී)

:       0       0

අැනෙට් ෆොන්සේකා Wednesday, 01 October 2014 03:12 AM

අපේ උරුමය හා ඉතිහාසය මෙවැනි ලිපි මාර්ගයෙන් දැනුවත් කිරීම අගය කොට සලකමි. තවද මෙවැනිම ලිපි ලිවීමෙන් අපේ දරු පරපුරටද අගනා සේවයක් ඔබලා ලබා දෙනවා නොඅනුමානය .ස්තුතියි. (නදී)

:       0       0

චන්දික Wednesday, 24 September 2014 04:56 AM

මම දන්නා විදියට මෙකල විජයබාහු රජු පාලනය කලේ මනික්කදවර නොවෙ ලංකාවේ දකුණු ප්‍රදේශය .(දී)

:       0       0

ඉන්දික දිල්ෂාන් Tuesday, 09 December 2014 05:11 PM

ඉතාම හොඳ ලිපියක්. (නදී)

:       0       0

දර්ශි Saturday, 15 November 2014 01:26 AM

ඉතාම හොඳ ලිපියක් (නි)

:       0       0

තරුෂ දිල්ශාන් Saturday, 04 February 2023 08:48 PM

මේ පිලිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමට මටත් ලොකු උනන්දුවක් තියෙනවා.. විශේෂයෙන් ඒ කාලෙ තිබිච්ච තාක්ෂණික ක්‍රමෝපායන් හා එතුමාගේ දක්ෂ පාලන ක්‍රමවේද පිළිබඳව. අපි වර්තමානය තුල නැවත ඒ ආකාරයෙන්ම බතබුලතින් සරු ප්‍රබෝධමත් වාණිජ කලාපයක් ඉදිකළ යුතුයි.❤️

:       0       0

කීර්ති එදිරිසිංහ Thursday, 08 June 2023 11:45 AM

මෙම ලිපිය ලිවීමේදී මගහැරුණු කරුණු කිහිපයක් වෙයි. රජු ස්නානය පිණිස පැමින ඇත්තේ ඕපාත නැහැලවිල ප්‍රදේශයේ තිබූ පොකුණකට බවයි. තවද ඕපාත වෙල්යාය රජුගේ අණසක යටතේ තිබූ බවත් වපුරන සහ ගොයම් කපන කාලයන්හිදී ඔහු ඕපාත වැලිකැටියේ පිහිටි මිරිස්වැල් ගොඩැල්ල නම්වූ කුඩා කන්දක පිහිටි මාලිගාවකට සැපත් වූ බවයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 294 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 432 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 249 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 666 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 797 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2922 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site