IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිප පොහොට්ටු නෝක්කාඩු


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින නොහොද නෝක්කාඩුකම් ඉකුත් දිනවල තව තවත් වර්ධනය වන්නට පටන්ගෙන තිබේ. පාස්කුදා ප්‍රහාරයේ වගකීම හිටපු ජනාධිපති පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මත පැටවීමේ උත්සාහයක් පවතින බව කියමින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ ආණ්ඩුවට දොස් තබති. ජනාධිපතිවරණයේදී මෙන්ම  මහා මැතිවරණයේදීත් දෙපාර්ශවය ඇතිකර ගත් ගිවිසුම් හා එකඟතා බලයට පත්වූ විගස ආණ්ඩුව අමතක  කළ බවද ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයෝ චෝදනා කරති. ඉකුත් සතියේ පැවැති විවාහ මංගල උත්සවයක දී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුවේ ඇතැම් පිරිස් ශ්‍රීලනිපය දියකර හැරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවය.‘‘අපට පොරොන්දු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් ලැබුණේ නැහැ. නායකයාට ඇමතිධූරයක් දෙන්න පොරොන්දු වුණා. ඒක ලැබුණෙත් නැහැ. ආණ්ඩුව ඉතා සූක්ෂමව හිටපු ජනාධිතිවරයා කොටුකිරීමේ වැඩ පිළිවෙළක නිරත වෙනවා. ආණ්ඩුවට ලොකුම සහාය ලැබුණේ ශ්‍රීලනිපයෙන්, ශ්‍රීලනිපයට දැන් කුඩම්මාගේ සැලකිලි තමයි දක්වන්නේ’’ යැයි එම ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා ප්‍රකාශ කළේය.

එහෙත් ඔහු තවදුරටත් සඳහන් කර තිබුණේ ආණ්ඩුව සමඟ එළිපිටම අඬ දඹරයක් ඇතිකර ගැනීමට ශ්‍රීලනිප ඉක්මන් නොවන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත්දා ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයක් පැවැත්වීය. එම සමරු  උත්සවයට  පළාත්පාලන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් පිරිසකට ආරාධනා නොකිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සංවිධායකයන්ට ප්‍රසිද්ධියේත්, අප්‍රසිද්ධියේත් දොස් නැගීය.‘‘ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 98 දෙනෙකුටත් තවත් පිරිසකටත් කාන්තා දින සැමරුම් උත්සවයට ආරාධනා කර නැහැ. එහෙම කටයුතු කිරීම වැරදියි. ඒක ඔවුන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක්. මේ අයට තවම  විනය පරීක්ෂණ විතරයි. ඔවුන්ව වරදකරුවන් කර නැහැ. මේ අය ගැන තීන්දු ගත යුත්තේ මධ්‍යම කාරක සභාව මගින්. ඔවුන්ට කාන්තා දින උත්සවයට ආරාධනා කරන්න  තිබ්බා’’යැයි මෛත්‍රීපාල සිරිසේන කීවේය.

ප්‍රගතිශීලි දෙමළ සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඉකුත් දා එජාප නායක රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළේය. රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවෙසෙහි එම සාකච්ඡාව පැවැත්විණ. එහි දී ආගිය දේශපාලන කතා මෙන්ම ආණ්ඩුවේ කටයුතු ගැනද දෙදෙනා අදහස් හුවමාරු කර ගත්හ.  ‘‘මම රනිල් වික්‍රමසිංහ නායකතුමා සමඟ සාකච්ඡා කළා. එජාපයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට වෙන එන්න කෙනෙක් නැහැ. මට තේරුණේ එතුමා මන්ත්‍රීධුරය ගනියි කියලයි’’ යැයි මනෝ ගනේෂන් හිතවතෙකු සමඟ ප්‍රකාශ කළේය. මේ අතර එම සාකච්ඡාවේ දී මනෝ ගනේෂන් තවත් කතාවක් කර තිබේ. ‘‘ දැන් ආණ්ඩුව  කල්පනා කරන්නෙ මීළඟ ජනාධිපතිවරණයට ගෝඨාභය ඉදිරිපත් නොකර ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ දාන්න. ආණ්ඩුව දන්නවා සුළු ජන කොටස්වල ඡන්දය නැතිව ආණ්ඩුකරන්න බැරි බව. බැසිල්ට සුළු පක්ෂ සමඟ කටයුතු කරලා පළපුරුද්දක් තිබෙනවා. ඒ නිසා මීළඟ ජනාධිපති අපේක්ෂයා ලෙස බොහෝ විට බැසිල් ඉදිරිපත් කරන්න පුළුවන්.’’යැයි ද මනෝ ගනේෂන් කියා තිබේ.

සමගි ජනබලවේගය පක්ෂයට එක්ව සිටින ඇතැම් සුළු දේශපාලන පක්ෂවල නායකයන්ට යම්  හිත රිදුමක් ඇති වී තිබේ. ඒ සජිත්ගේ සමීපතමයන් පිරිසක් ඔහුට දිගින් දිගටම කරන බලපෑමක් හා ඉල්ලීමක් හේතුවෙන්  බව ද වාර්තා වේ.‘‘ ආණ්ඩුව දුවන්නෙ  සිංහල බෞද්ධ පදනමින්. අපිත් ඒ ලයින් එක ගත්තේ නැත්නම් අමාරුයි. ඒ  නිසා සමගි ජනබලවේගය පක්ෂයේ සාමාජිකයන් වන මුස්ලිම් දෙමළ නියෝජිතයන් ඡන්දවලට ඉදිරිපත් කරමු. සුළු දේශපාලන පක්ෂ බදාගෙන ඉන්න එක පක්ෂයට අවාසියි.’’ යනුවෙන් සජිත්ට එම පිරිස බලපෑම් කරන බව ද වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ සරත් ෆොන්සේකා, හරීන්, ප්‍රනාන්දු රංජිත් මද්දුම බණ්ඩාර, ඉමිතියාස් බාකීර් මාර්කර් සහ හේෂා විතාන යන මන්ත්‍රීවරුන් එම අදහස් ප්‍රකාශ කරන බවය. එහෙත් චමිපික රණවකගේ අදහස ඊට වෙනස් එකක් බවද සමගිජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කර තිබුණේය.‘‘සිංහල බෞද්ධ පදනම තියෙන්නෙ චම්පික රණවකලා ළඟ. එයත් ඒ වගේ අදහසක් දරන්නෙ නැහැ. චම්පික කියන්නේ සුළු පක්ෂ  එකතු කරගෙන තිබෙන එක සමගි ජනබලවේගයට හයියක් බවයි. කොහොම නමුත්  සජිත් තීන්දුවක් ගන්නා ඉක්මන් වෙන එකක් නැහැ. දැන් සමගි ජනබල වේගය පොදු සන්ධානයක් බවට පරිවර්තනය කරන වැඩ පිළිවෙළක් සකස් කරලයි තියෙන්නේ. මේ වනවිට පොදු සන්ධානයට නව  ව්‍යවස්ථාවක් පවා සකස් කරලා තිබෙනවා.’’යැයි ද එම ජ්‍යෙෂ්ඨයා කියන්නේය.

 ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 76කි. ඉන් පක්ෂ හතරක අභ්‍යන්තර අර්බුද නිර්මාණය වී තිබේ. කලක සිට ලිපි ලේඛන නිවැරැදිව බාර දී නොමැත. කොහොම නමුත් අලුත් පක්ෂ තවත් 38 ක් ලියාපදිංචිය සඳහා ඉකුත් සතිය වන විට අයදුම්පත් ඉදිරිපත් කර තිබිණ.‘‘අපට අයදුම්පත් ලැබුණා. 1981 අංක  01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ විධිවිධානවලට අනුව මූලික ලේඛන තිබේදැයි අපි සලකනවා. සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරියේ දී එම පක්ෂවල නියෝජිතයන් කැඳවනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව කටයුතු කර අලුත් පක්ෂවලට ලියාපදිංචිය ලබා දෙනවා.’’ යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සෙසු සාමාජිකයෝ ඉකුත්දා ජනාධිපතිවරයා හමුවූහ. එහිදී මැතිවරණ කොමිසමේ ස්ථාවරය ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ. පළාත් සභා මැතිවරණය හැකිතාක් ඉක්මනින් පැවැත්වීම අවශ්‍ය බව ද ඒ සම්බන්ධයෙන් පවතින නීති ගැටලුව පාර්ලිමේන්තුවෙන් නිරාකරණය කර දෙන ලෙස ද මැතිවරණ කොමිසම  ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.
 
ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ කමිටු රැස්වීමක් ඉකුත් සඳුදා පවත්වා තිබේ. එහිදී සාකච්ඡා කර ඇත්තේ ලංකාවට එරෙහිව පවතින යෝජනාවලියේ කරුණු කීපයක්  අලුතින් සකස් කිරීමටය. එහිදී ලංකාවේ මුස්ලිම් ජනතාවට පවතින තහංචි පිළිබඳව අවධානය යොමුවී තිබූ අතර කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම්වරුන්ගේ මෘත දේහ භූමදානය කිරීමට නොදී වසරක පමණ  කාලයක් තිස්සේ තහංචි දමා තිබීම ගැන ද අවධානය යොමු කර ඇත.  එහිදී පාකිස්ථානය සඳහන් කර ඇත්තේ ලංකාව නීති වෙනස්කර මුස්ලිම් මෘත දේහ භූමදානයට අවසර ලබා දී තිබෙන බවය. ඒනිසා ඊට එරෙහිව කරන චෝදනා ඉවත් කළ යුතු බව ද පාකිස්තානය පෙන්වා දී තිබේ. එහෙත් පකිස්තානයේ අදහසට එක්සත් රාජධානිය විරෝධය දක්වා ඇතැයි ද වාර්තා වේ.

‘‘ ලංකාව මෘතදේහ 24 ක් භූමදානය කළා. ඒක හොඳ පියවරක්. ඒත් මේ  ප්‍රශ්නයෙන් තවම විසඳී ඇත්තේ සුළු ප්‍රතිශතයක්. ආගමික අයිතිය සැමට සාධාරණ විය යුතුයි. ලංකාවේ ආණ්ඩුව මාස දහයක් තිස්සේ මේ තහනම ක්‍රියාත්මක කළා.’’යැයි එක්සත් රාජධානිය කරුණු පැහැදිලි කර තිබේ.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ වාර්තාවල සඳහන් වන ශ්‍රී ලංකාව සම්බන්ධ තොරතුරු ගැන ද මානව හිමිකම් කොමිසමේ දී සාකච්ඡා කර තිබේ. ඉකුත් 2015 වසරේ සිට ශ්‍රී ලංකාවට වටින් විට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ලබා දී ඇති තොරතුරු හා වාර්තා ගැන සලකා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තොරතුරු යාන්ත්‍රණයක් සකස් කිරීමේ සුදානමක් පවතින බව ද ජිනීවා ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්වීමක් ඉකුත් අඟහරුවාදා පැවැත්වූයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේය. නායක රනිල්  වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට වජිර, රුවන්, රංගේ බණ්ඩාර, අකිල ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. එම රැස්වීමෙන් පසුව සවස 4ට පමණ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් ද පැවැත්විණ. මීට ඉහත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මගහැර  සිටි රවිකරුණානායක,  අර්ජුන රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න සහ නවීන් දිසානායක සහභාගී වී සිටියහ. එහිදී වූ විශේෂ සිදුවීම වූයේ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් 15 දෙනෙකුට සමාව ලබා දීමය. ඔවුන්  ඉකුත් මැතිවරණ කාලයේ දී සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට සහාය පළකළ බවට චෝදනා ලැබ සිටි පිරිසකි. කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුකර තිබුණේ ඔවුන්ට සමාව ලබා දීමටය. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න නැගී සිටියේය.  ඔහු ලේ තැවරුණු ඇඳුම් ගණනාවක් පෙන්වමින් සැර කතාවක් කළේය.‘‘ මට  එදා වෙඩි තිබ්බා. තවමත්  මගේ ඇඟේ පතොරොම් කැබිලි තියෙනවා. මගේ දෙන්නෙක් මැරුණා. ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දීපු ලක්ෂ්මන්  විජේමාන්න කවදාවත් එජාපය හැර යන්නේ නැහැ. පක්ෂයෙන් පිරිස ඉවත් කරනවා වගේම පක්ෂයට පිරිස එකතු කර ගන්නත් නායකතුමා පියවර ගත යුතුයි.’’ යැයි ලක්ෂ්මන් විජේමාන්න කීවේය.

එහිදී රනිල් වික්‍රමසිංහ කිවේ ‘‘මම ඒ වගකීම වජිරට බාර දීලා තියෙනවා. නොමඟ ගිය  සියලු පාක්ෂිකයන්ට නියෝජිතයන්ට ඉදිරි මස දෙකතුළ පක්ෂයට එකතුවෙන්න අවස්ථාව ලබා දෙනවා.’’ යැයි රනිල් වික්‍රමසිංහ කීවේය.‘‘ රටපුරා පාක්ෂිකයන් එකතු කර ගැනීම නීත්‍යනුකූලව සිදුවෙනවා. රට පුරා පාක්ෂිකයන් ඒකරාශී කිරීම සඳහා අදාළ පියවර ගන්නවා.’’ යැයි වජිර කීවේය.

 ජනතා විමුක්ති පෙරමුණ රටපුරා පැවැත්වීමට සැලසුම් කර තිබු දේශන මාලාව ඉකුත් බදාදා කොළඹින් ආරම්භ කළේය. කොළඹ නව නගර ශාලාවේ ප්‍රථම දේශනය පැවැත්විණි. ‘‘අපි රට පුරාම මේ දේශන මාලාව ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුවේ සීනි වංචාව, ආර්ථිකය කඩා වැටීම, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම වගේ ප්‍රශ්නය ගැන ජනතා විමුක්ති පෙරමුණ සංවේදියි. ඒ ගැන ජනතාව දැනුවත් කරනවා, යැයි ජනතා විමුක්ති පෙරමුණේ නලින් ද ජයතිස්ස කියන්නේය. තව ද එම පක්ෂය සමන්ත විද්‍යාරත්නට ද අලුත් වැඩක් බාර දී තිබේ. ඒ රටේ ස්ථාන ගණනාවක පවතින පරිසර ප්‍රශ්න පිළිබඳව කතිකාවතක් නිර්මාණය කිරීමටය. සමන්ත ඒ සම්බන්ධයෙන් දැනටමත් පරිසර සංවිධාන සමඟ සාකච්ඡා කර තිබෙන බව ද ඉදිරියේ දී පරිසරය  ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැවැන්ත වැඩ පිළිවෙළක් දියත් කරන බවද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.


(*** කස්තුරි)



අදහස් (0)

ශ්‍රීලනිප පොහොට්ටු නෝක්කාඩු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 237 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 211 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 58 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 300 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site