IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැසි මැද ජල විදුලිය නිෂ්පාදනය නොකිරීමේ කුමන්ත‍්‍රණය

 


 

ලංකා විදුලි බල මණ්ඩලයේ දුෂණ වංචා හා නාස්තිය පිළිබඳව බලා සිටි කාලය දැන් හොඳටම ප‍්‍රමාණවත්ය. ඇස්, කන් පියාගෙන බලා සිටි කාලය දැන් හොඳටම ප‍්‍රමාණවත්ය. මේ රටේ ප‍්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන දෙකවූ ලංකා විදුලි බල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගැන බලධාරීන් මේතරමට නොසැලකිලිමත් ලෙසින් හා වගකීම් විරහිතව බලා සිටින්නේ කුමක් නිසාදැයි යන්න බලවත් සැකයකි.

වික්ටෝරියා ජලාශය පිටාර යන තත්ත්වයට පත්වුවත්, බොහොමයක් බලාගාර මුළුමනින්ම පාහේ ජලයෙන් පිරී ඇත. එහෙත් බලාගාරයක යන්ත‍්‍ර ක‍්‍රියාවිරහිතවී ඇත. තවත් එකක් අලූත්වැඩියා කටයුතු සඳහා ඒවා වසා දමා ඇත. ”වාසනාවට පයින් ගහනවා.” අපේ ගම්බද ජනතාව කරන ප‍්‍රකාශයක් මෙහිදී සඳහන් කළයුතුය. වැසි ජලය අපූරුවට පවතින අවස්ථාවේ විදුලිය නිෂ්පාදනය කර ඉන්ධන සඳහා වැය වන අතිවිශාල මුදල අඩුකර ගැනීමට ඇති අවස්ථාව මණ්ඩලය අහිමි කරගෙන ඇත.

මේවනවිට ප‍්‍රධාන ජලාශ‍්‍රවල ජල මට්ටම බෙහෙවින් ඉහළ ගොස් ඇත. මෑතකදී ජලාශ‍්‍ර මුළුමනින්ම පිරීගිය අවස්ථාවකි. ගිගාර් වොට් 1200 ක ජල විදුලියක් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති අවස්ථාවකි.

විදුලි නිෂ්පාදන යන්ත‍්‍රාගාර 3 ක් අක‍්‍රියවීම පිළිබඳව විවිධ කතාබහ පවතී. ජල විදුලිය නිෂ්පාදනය ලාභදායක එහෙත් ඉන්ධන යෙදීම හෝ පෞද්ගලික අංශ වලින් විදුලිය මිලදී ගැනීමේදී මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්ට විශාල වාසි හිමිවන බවට කතාබහ පවතී. කොමිස් මුදල් ලැබෙන බවටද කතා පවතී.
පසුගිය මැයි මාසයේ සිට විදුලිබිල ඉහළ යාමත් සමග ජනතාවට විදුලිය පිළිබඳව දැඩි සැකයක් ඇතිවී තිබේ. මණ්ඩලය මේ තරමටම අලාභ ලබන්නේ ඇයි? අඩුම වශයෙන් ලාභයට පහසුවට විදුලිය නිෂ්පාදනය කර ගත හැකි අවස්ථාවේ ඒ සඳහා කැපවී ක‍්‍රියා නොකරන්නේ මන්ද? යන්න ජනතාවට ප‍්‍රශ්නයකි.
අඩු වශයෙන් විදුලි බිල මාස කීපයකටවත් අඩුකර ගැනීමට හැකි නම් එය ජනතාවට විශාල සහනයකි.

මේ තරම් වැසි වැටෙන කාලයක, විදුලි බලාගාර ආශ‍්‍රිතව ජලය පිරී ඇති කාලයක ජල විදුලිය නිෂ්පාදනය කර ගැනීමට මණ්ඩලය උනන්දු නොවන්නේ ඇයි?
ඒ පිළිබඳව ඉරිදා ලංකාදීපය බලශක්ති සංසදයේ විධායක අධ්‍යක්ෂ අශෝක අබේගුණවර්ධන මහතාගෙන් තොරතුරු විමසීමු.

 


බලශක්ති සංසදයේ විධායක අධ්‍යක්ෂ අශෝක අබේගුණවර්ධන
විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීමට ක‍්‍රම කීපයක් ඇත. ප‍්‍රමුඛතාව ජල විදුලියටය. ජල විදුලිය නිෂ්පාදනය කිරීමට අමතර මුදලක් වැය නොවේ. ඊට අමතරව ගල් අඟුරු හා ඛනිජ තෙල් මගින් විදුලිය නිෂ්පාදනය කෙරේ. විදුලිය ජනනය කිරීමේදී ප‍්‍රථමයෙන් ජලාශ‍්‍රවල ජල  තත්ත්වය හා එම ජල ප‍්‍රමාණ වලින් විදුලිය නිෂ්පාදනය කළ හැකි ප‍්‍රමාණය ගණනය කිරීම සිදුවෙයි.

ජලාශ‍්‍රවල ජලය තිබූ පමණින්ම ඒ ගණනය කිරීම කළ නොහැකිය. අනාගතය දෙසද සලකා බැලීම සිදුවෙයි. පිටාර ගලන ජලය හැම බින්දුවකටම මූල්‍යමය වශයෙන් වටිනාකමක් ඇත. වැස්සට පෙර ජලාශ‍්‍ර වලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමත්, වැස්ස කාලයට පිටාර ගැලීම වළක්වා ප‍්‍රයෝජනය ගැනීමත් සාමාන්‍යයෙන් අනුගමනය කරන ක‍්‍රමය වෙයි.

බලාගාරයක නිශ්චිත නඩත්තුවක් තිබීමද වැදගත්ය. එවිට යන්ත‍්‍ර හරියාකාරව ක‍්‍රියාත්මක වෙයි. මේවනවිට ජලාශ‍්‍ර සියල්ලම පිරී පවතී. කුකුළේ ගඟ මෙ.වො. 75 ක විදුලි ජනන බලාගාරය මේ වනවිට නතර කර ඇති බව දැනගන්නට ඇත. වික්ටෝරියා මෙ.වො. 210 ක් නිපදවෙන බලාගාර තුනකින් මෙ.වො. 70 ක නිෂ්පාදනය අත්හිටුවා ඇත. වික්ටෝරියා ජල විදුලි බලාගාරයේ ටර්බයින් යන්ත‍්‍ර තුනෙන් එකක් මෙ.වො. 70 ක් නිෂ්පාදනය අත්හිටුවා ඇත. නිෂ්පාදනය අත්හිටුවා ඇතත් ජලය පිටාරයාම සිදුවෙයි.

වික්ටෝරියා ජලාශ‍්‍රයේ මේ තත්ත්වයෙන් දිනකට රුපියල් දශ ලක්ෂ 40 ක පමණ පාඩුවක් සිදුවේ. කුකුළේ ගඟ ව්‍යාපෘතියෙන්ද රුපියල් දශ ලක්ෂ 40 ක පමණ පාඩුවක් සිදුවේ. පැය 24 ක් වසා තැබීමෙන් හා ජලය පිටාරයාමෙන් සිදුවන පාඩුව එයයි. ජලය පිරී පවතින විට ජලාගාරයේ බැම්ම ආරක්ෂාවට ජලය පිටාර යෑම සිදුවෙයි.

බලාගාරය මගින් ජලය ඉවත් කිරීමේදී විදුලිය නිෂ්පාදනය වෙයි. බලාගාරය වසා තැබීමෙන් සිදුවන්නේ ඉතා වටිනා ජල ප‍්‍රමාණයක් අපතේ යාමයි.
විදුලි ඉල්ලූම වැඩිම අවස්ථාවල තෙල් වලින් විදුලිය නිෂ්පාදනය සිදුවෙයි. ඒ අවස්ථාවල ජල විදුලිය ප‍්‍රමාණවත් නොවන බැවින් ඉන්ධන යොදා විදුලිය නිපදවීමටද සිදුවෙයි. එවිට පාඩුව ඉහළයයි. නව ලක්ෂපාන බලාගාරයද වරක් අත්හිටුවා තිබූ අතර ඒ මොහොතේ මෙ.වො. 95 ක් නිෂ්පාදනය අත්හිටුවා තිබිණි. ජලය අපතේ යාම විදුලිබල මණ්ඩලයට බරපතළ පාඩුවක් වන අතර එහි සැබෑ පාඩුව විඳින්නට සිදුවන්නේ රටේ ජනතාවටය. අද සිදුවී ඇත්තේත් එයයි.

මේ පිළිබඳව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර තිබුණේ ජූනි මාසයේ වර්ෂාව නොලැබෙන නිසා නඩත්තු කටයුතුවලට වසා ඇති බවයි. තවත් නිලධාරියෙක්ද ඒ ප‍්‍රකාශය කර තිබූ අතර මෙය අහඹු වර්ෂාවක් ලෙස සඳහන් කර තිබිණි.

ජලය වැඩි කාලයට අලූත්වැඩියා කටයුතු කිරීමෙන් නිෂ්පාදනය සඳහා ජලය රඳවාගැනීමට හැකිවන බවටද තවත් බලධාරීන් ප‍්‍රකාශ කර තිබිණි. ජලාශවල ජලය රැඳීම හා වැස්ස පිළිබඳව වසර 40 ක 50 ක දත්ත මණ්ඩලය සතුවේ. ඒ සඳහා වූ තොරතුරු රටාවක් ඇත. ඒ වාර්තා යොදා ගනිමින් රටට වාසිදායක අන්දමට කටයුතු කිරීම විද්‍යාත්මක කරුණකි. ජලය අපතේ යාම රටට විශාල පාඩුවකි. මේ විද්‍යාත්මක සොයා බැලීම කළයුතුව ඇත්තේ බලාගාරවල යන්ත‍්‍ර අලූත්වැඩියාවට යෙදවීම පිළිබඳවයි.

එවැනි ක‍්‍රියාකාරකම් වලින් තොරව විදුලි බල මණ්ඩලය ක‍්‍රියාකිරීමෙන් ඇතිවන සැකය නම් මේ තරම් වැසි ලබද්දී ජල විදුලිය නිෂ්පාදනය නොකිරීම කිසියම් කුමන්ත‍්‍රණකාරී කටයුත්තක්ද යන්නයි. ජල විදුලිය නිෂ්පාදනය අඩාළ කිරීමෙන් පසුවද ඉන්ධන බලාගාර වලින් ඉන්ධන ලබාගනී. එයින් එම බලාගාරවලට අති විශාල මුදලක් ගෙවීමට සිදුවෙයි. එබැවින් විදුලිය නිෂ්පාදන ක‍්‍රියාවලිය විද්‍යාත්මක දැනුම පදනම් කරගෙන වඩා ලාභදායී ක‍්‍රමයකට, ජල විදුලියෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගත හැකි ආකාරයට අධ්‍යයනයක් කළයුතුය. නැතහොත් සිදුවන පාඩුව බිලියන ගණනක් වනු ඇත.

මහවැලිය හා ලක්ෂපාන මෙරටට ජල විදුලිය ලබාදෙන ප‍්‍රධානම බලාගාර දෙක වෙයි. ඉහළ කොත්මලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල හා රන්ටැඹේ යන ජල විදුලිබලාගාර 5 ක් හා ලක්ෂපාන විදුලි බලාගාර දෙකෙන් මෙ.වො. 1200 ක් පමණ නිෂ්පාදනය කරයි. මීට අමතරව සමනළ වැව, කුකුළේ ගඟ මෙ.වො. 75 ක් ඇත. ඒ සියලූ ජල විදුලි නිෂ්පාදන ප‍්‍රමාණය මෙ.වො. 2250 ක් පමණය.

තවත් මෙ.වො. 200 ක් පෞද්ගලික අංශයෙන් ලබාගනී. මේ වසර මුලදී විදුලි බිල වැඩි කළේ මණ්ඩලයේ වියදම වැඩි බව ප‍්‍රකාශ කරමිණි. ජලයෙන් මෙ.වො. පැය 1143 ක නිෂ්පාදනයක් මුල් වසර තුළ ලබා ගැනීමට එදා මණ්ඩලයේ අපේක්ෂාව වී තිබුණා. අද වන විට ලැබී ඇත්තේ මෙ.වො. පැය 2600 කට වැඩි ප‍්‍රමාණයක් දළ වශයෙන් විදුලිය නිෂ්පාදනය කර තිබිණි. මණ්ඩලය ප‍්‍රකාශ කළ ආකාරයට ඉතිරිය ඉන්ධන වලින් ලබා ගැනීමට බලාපොරොත්තු වූවා විය හැකිය.

මණ්ඩලය ප‍්‍රකාශ කළ ආකාරයට ගණනය කිරීමේදී මෙ.වො. පැය 1470 ක් ඉන්ධන පාවිච්චිය නතරවී ඇත. බිලි. 35 ක මුදලක් එයින් ඉතිරිවී ඇත.
බිලියන 256 ක් වියදම් වන බව මණ්ඩලය මුලදී ප‍්‍රකාශ කළේය. එයින් දැනටම බිලියන 35 අවශ්‍යවී නැත. තෙල් වලින් විදුලිය නිපදවීම වෙනුවට ජලයෙන් විදුලිය නිපදවීම එයට හේතුවයි. පළමු මාස 6 තුළම මණ්ඩලයට බිලියන 35 ක වාසියක් හිමිවී ඇත. ගිය වසර 10 දෙස බලන විට වැඩිම ජල විදුලිය ප‍්‍රමාණයක් යොදා ගෙන ඇත්තේ 2010 වර්ෂයේදීය. මේ වසරේ ඊට වඩා වැඩිය. බලාගාරවල ගබඩාකර තිබුණේ සියයට 65 ක පමණ ජල ප‍්‍රමාණයකි. නමුත් අදවන විට සියයට 95 කට අධික ප‍්‍රමාණයක් පොදුවේ ජලය ගබඩා වී ඇත.

ඉතිරි මාස 6 දීත් මණ්ඩලයට මෙයින් විශාල වාසියක් ලැබීමට හේතුවකි. විදුලිබලාගාරවල අලූත්වැඩියා කටයුතු සිදුවන්නේ පායන කාලවලදීය. එවිට ජලය අපතේ යාමක් නොවේ. විශේෂයෙන් විදුලිබල මණ්ඩලය රටේ කාලගුණික තත්ත්වය, විදුලිය වැඩිපුරම අවශ්‍ය අවස්ථාවල විදුලිය නිපදවීම ආදී කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.

මෙහිදී විදුලි බල මණ්ඩලයේ අවධානයට යොමුවිය යුතු තවත් විශේෂ කරුණක් ඇත. එනම් මේ දේශගුණික තත්ත්වයයි.

ගෝලීය උණුසුම් තත්ත්වය මත වියළි කාලගුණය වැඩිවන තරමට වර්ෂාවද වැඩිවේ. වර්ෂාව පවතින කාලයට වාන් දොරටු විවෘත කිරීමට සිදුවන තරමට ජලය වැඩිවෙයි. ඒ තත්ත්වයට ගැළපෙන පරිදි විදුලිබල  මණ්ඩලය තම සැලසුම් සකස් කර ගතයුතුය. අනාගතයට මං සැලසීම  මේ පළමු අවස්ථාව නොවනු ඇත.
විද්‍යාත්මක ඇගයීමකින් ජලාශ‍්‍රවලට ජලය ලැබීම හා අනාගතයට විදුලි නිෂ්පාදනය අපතේ යාමට වැළැක්වීමට පියවර ගත යුතුය.

 


ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නන්දික පතිරගේ
විදුලි ජනන යන්ත‍්‍ර 3 ක් සම්බන්ධයෙන් මේ ප‍්‍රශ්න මතුවී තිබෙනවා. යන්ත‍්‍ර දෙකක් කුකුළේගම විදුලිබලාගාරයේ, අනික වික්ටෝරියා විදුලි බලාගාරයේ, විවිධ චෝදනා, පරිභව කිරීම්, අපහාස කිරීම් වලට පෙර සත්‍ය තත්ත්වය පිළිබඳව දැනුවත්වීම ඉතා වැදගත් කරුණකි. සත්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයකින් තොරව මඩ ගැසීමට හෝ ජනප‍්‍රියවීමට කරුණු දැක්වීම ගැන කනගාටුවිය යුතුව ඇත.විදුලි නිෂ්පාදනය බලාගාර දෙකක ඇණහිටීමේ ගැටලූවට හේතුවූ කරුණු මෙසේය.

පසුගිය 8 වැනිදා පැවැති තද සුළි සුළං තත්ත්වය නිසා මතුගම, පන්නිපිටිය මාර්ගයේ වොට් 130,000 ක අධිවෝල්ටීය විදුලි බල සැපයුම් මාර්ගයට ගසක් කඩා වැටීමෙන් විශාල අලාභ හානි සිදුවිය. විශාලම අලාභය සිදුවූයේ කුකුළේ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත‍්‍රයටයි. මෙම යන්ත‍්‍රාගාරයේ යන්ත‍්‍රය ඇතුළත බරපතළ ලෙසින් හානිවී තිබුණා. අනිත් යන්ත‍්‍රය සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක වුණා.

හානිවූ යන්ත‍්‍රය ජපානයේ  ඕ.එම්.ඊ. ආයතනය මගින් පරීක්ෂා කර බැලූ අතර එහිදී හානිය බරපතල බවත් අලූත්වැඩියාවට තවත් වසරක පමණ කාලයක් ගතවන බවත් ප‍්‍රකාශ කළා. ක‍්‍රියාත්මක වෙමින් තිබූ යන්ත‍්‍රයද පරික්ෂා කර බලා ඇති අතර එහිදී අනාවරණය වූයේ එයටද හානි සිදුවී ඇති නිසා එයද අලූත්වැඩියා කළයුතු බවයි. ඒ සඳහා සති 5 ක පමණ කාලයක් ගතවනු ඇත. අනෙක් විදුලි ජනන ප‍්‍රශ්නය වික්ටෝරියා පිළිබඳවය. ලංකා විදුලිබල මණ්ඩලය සතුව බලාගාර 13 ක් පවතින අතර ඒවායේ කැරකෙන යන්ත‍්‍ර 32 කි. මේ යන්ත‍්‍ර අනිවාර්යයෙන්ම මාසිකව අලූත්වැඩියා කළ යුතුව ඇත.

සාමාන්‍ය ක‍්‍රමය මෙය වුවත් වික්ටෝරියා විදුලිබලාගාර යන්ත‍්‍රය වසර 4 කින් අලූත්වැඩියා කර නොතිබිණි. අලූත්වැඩියාවට සූදානම් වන සෑම අවස්ථාවකම කුමක් හෝ හේතුවක් මත එය පැහැර හැරීමට සිදුවී තිබිණි.

විදුලි බල මණ්ඩලයේ අත්දැකීම් මත ජූනි මාසයේ වර්ෂාව ලැබී නැත. එම නිගමනයට අනුව ජූනි මස 5 වැනිදා අලූත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කෙරුණි.

ප‍්‍රධාන ජලාශ‍්‍රවල ජල ධාරිතාව (19-06-2013 වන විට)
කාසල්රේ     -   සියයට 100
මාවුස්සාකැලේ -     සියයට 99.9
කොත්මලේ    - සියයට 100
වික්ටෝරියා - සියයට 99.3
රන්දෙණිගල - සියයට 94.2
සමනළ වැව - සියයට 65

විදුලි ජනන යන්ත‍්‍ර අනෙකුත් සියල්ල ක‍්‍රියාත්මක වෙමින් පවතී. නිෂ්පාදන අඩාළ වූ විදුලි ජනන යන්ත‍්‍ර 3 න් දෙකක්, දේශගුණික තත්ත්වය මත වූ අලාභයකි. එය කිසිවකුට නතර කළ නොහැක්කකි. අනික් විදුලි ජනන යන්ත‍්‍රය අළුත්වැඩියාව කල් ඇතිව තීරණය කර තිබූ එකකි.

තවත් කරුණක් වී ඇත්තේ මේ දිනවල පවත්නා සීතල දේශගුණික තත්ත්වයන් සමග විදුලි ඉල්ලූමේ අඩුවක් පැවතීමයි. සාමාන්‍යයෙන් මෙ.වො. 1200 ක ඉල්ලූමක් පැවතුනත් දැන් පවතින්නේ මෙ.වො. 800 ක පමණ ඉල්ලූමකි. වැඩි නිෂ්පාදනය බෙදාදීමට කෙනෙක් නැත.

ජල විදුලි නිෂ්පාදන ප‍්‍රමාණය, මේ වන විට සියයට 45 සිට 72 දක්වා ඉහළ ගොස් ඇත. ඉතිරිය ලබාගන්නේ නොරොච්චෝල විදුලි බලාගාරයෙනි. ඉන්ධන සඳහා කිසිදු මුදලක් වැය කර නැත. පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමට එක සතයක මුදලක් වැය කර නැත.

ඉන්ධන සඳහා මුදල් වැය කරන බවට කරන ප‍්‍රකාශ හිතලූවක් පමණි. එය කතා කරන අයට වැරදිකරුවන් පිළිබඳව  ඕනෑම ක‍්‍රියාමාර්ගයක් ගත හැකිව ඇත.
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු 800 ක පමණ පිරිසක් සිටිති. එයින් එක් අයෙක් හෝ වැරදි නම් වහාම පියවර ගන්න. ඔහු ආරක්ෂා කිරීමට අප ඉදිරිපත් වන්නේ නැත. නමුත් නිකරුනේ මේ කරන අවලාද නිසා විදුලි ඉංජිනේරුවරු දැඩි කළකිරීමට පත්වී සිටිති. මේ චෝදනා කරන අය වචන ගොඩක එල්ලී සිටිනවා විනා, සත්‍ය පිළිබඳව අවබෝධයක් නොමැත. අසත්‍ය ප‍්‍රකාශ කරන තරමට ඒවා නිවැරදි කිරීමට ඉංජිනේරුවරුන්ට වෙලාවක්ද නැත. ඉංජිනේරුවරු මේ රටේ උගත් පිරිසකි. මේ රටේ ජනතාවගේ මුදලින් ඉගෙන ගත් පිරිසකි. අපහාස, චෝදනා එල්ල වනවිට ඒවා නිවැරදි කිරීම වෙනුවට ඔවුන් කරනු ලබන්නේ නිහඬව සිය රාජකාරිය කිරීමය. ඒ මහතා පැවසීය.

 


ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ සභාපති බන්දුල චන්ද්‍රසේකර මහතා දරන මතය මෙබඳුය.
සියලූ ජලාශ‍්‍ර මේ වන විට සියයට 95 ක්ම ජලයෙන් පිරිලා. නිරිත දිග මෝසම් සුළං මාස 1 1/2 ක පමණ කාලයක් තිස්සේ සක‍්‍රිය වීම මේ තත්ත්වයට හේතුවක්. නමුත් වික්ටෝරියා ජලාශ‍්‍රයේ මෙ.වො. 70 ක ටර්බයිනයක් නඩත්තු කටයුතු සඳහා වසා දමා තිබෙනවා. කුකුළේගඟ විදුලිබලාගාරයෙන් මෙගාවොට් 75 ක ප‍්‍රමාණයක් විදුලිය අහිමිවී තිබෙනවා. මේ විදුලිබලාගාරය ක‍්‍රියාත්මක නොවීම නිසා මෙ.වො. 195 ක විදුලිය නිෂ්පාදනයක් අහිමිවී තිබෙනවා. මුදල් වශයෙන් රුපියල් මිලියන 110 ක අහිමිවීමක්.

මේ විදුලිය ඒකකයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නේ නම් රුපියල් 30.00 ක මුදලක් වැය කළ යුතු වෙයි. මේ වසර මුලදී විදුලි ගාස්තු වැඩි කළේ මණ්ඩලය පාඩු ලබන බව සඳහන් කරමින්. නමුත් හොඳ කළමනාකරණයක් තිබුණා නම් මණ්ඩලයේ වියදම අඩුකර ගැනීමට අවස්ථාව තිබුණා.
මණ්ඩලයේ පාඩුව නොසැලකිල්ල දැරීමට සිදුවී ඇත්තේ රටේ ජනතාවට. එබැවින් ලංකා විදුලි බල මණ්ඩලය වඩාත් දුරදක්නා නුවණින්, කළමනාකරණ කටයුතු සැලසුම් කළා නම් අඩු වශයෙන් වැඩි කළ විදුලි බිලටත් සහනයක් ලබාදීමේ අවස්ථාව සැලසෙනු ඇත.

 

 

දයාසීලි ලියනගේ

 



අදහස් (0)

වැසි මැද ජල විදුලිය නිෂ්පාදනය නොකිරීමේ කුමන්ත‍්‍රණය

අජිත් කුරුවිට Tuesday, 02 July 2013 09:22 PM

ඉංජිනේරු මහත්යෝ මේවා කියන්න කොන්ඩේ බැදපු චීන්නුන්ට ....විදුලි පද්දති වල තියෙන්නේ ප්‍රදාන බිද වැටීම් 2කි. එනම් විදුලි රැහැනක් විදුලි රැහැනක් මතට වැටීම (line to line fault ) සහ විදුලි රැහැනක් පොලව මතට වැටීම ( line to ground fault )- මෙම අවස්තා 2 දීම ග්‍රිඩ් උප පොලහි ස්විච් ගියර ක්‍රියාත්මක වී විදුලි පද්දතිය ක්‍රියා විරහිත වී විදුලි ජනක යන්ත්‍ර ආරක්ෂා වෙනවා. මෙය ඉතාමත් ක්ෂණිකව ස්ව්‍යන්ක්රියව සිදුවෙනවා ....හරියටම ඔබ නිවසේ ඇති ට්‍රිප් ස්විච් එකේ ක්‍රියාවට සමානය. අනෙක මෙම විදුලිය සම්බන්ද සංකයා සලකු විට 132000-66000-33000-11000-9900-6600-3300-415-230 V යම් සම්බන්දත්වයක් ඇත. මේවා විදුලි රැහැනක් විදුලි රැහැනක් මතට වැටීම තුල පද්තියට අවම හානියක් සිදුවන බවට පරීක්ෂණාත්මකව තහුරු කර ඇති අගයන්ය. මම පන්නිපිටිය ග්‍රිඩ් උප පොළ ගැන හොදින් දනිමි. එය එක්සත් රාජදානියේ උපාංග යොදා සැලසුම් කරන ලද්දකි. එසේ නම් දොස ඇත්තේ කුකුලේ බලාගාරය උප පොලේ ස්විච් ගියර වලද? එම බලාගාරයට උප පොලක් තිබේද?ගස කඩා වැටුනේ මතුගම කිට්ටුවද? නැත්නම් පන්නිපිටිය කිට්ටුවද ?මන්ද මෙවැනි බිද වැටීමකදී පළමුව ක්‍රියාත්මක වන්නේ අස්සනතම ග්‍රිඩ් උප පොලය. එසැන පාටක සැක දුරු කර නිසි පිළියම් සැලසුම් කරත්වා!(අ)

:       0       0

චානක Sunday, 30 June 2013 05:18 PM

කරුණාකර විස්තර දෙනකොට ඕන දේවල් දෙන්ඩ. මේ වටේ පිටේ ප්‍රවෘත්ති නම් අපිටත් කියන්ඩ පුළුවන්. 130 කිලෝ වොට් ලයින් එකට ගසක් කඩ වැටීම පොඩි දෙයක් නෙවේ. කොන්ත්‍රාත්කරුගේ අඩු පාඩුවක් වෙන්ඩ පුළුවන්. නැත්නම් විදුලි බල මන්ඩලයෙන් දුන්න උපදෙස් වල අඩුවක් වෙන්ඩ ඕනා. කරුණාකර ඒ අඩුපාඩු හදාගන්ඩ. වික්ටෝරියා විදුලිබලාගාර යන්ත‍්‍රය වසර 4 කින් අලූත්වැඩියා නොකිරීම දුර නොපෙනෙන ප්‍රශ්නයක්. ඒකට නම් සමාවක් නැහැ. කව්රු හරි වගකීම හරියට කරලා නැහැ. ඒකට දඩුවම් කීරීම අවශ්‍යයි.(නදී)

:       0       0

කුමාර Saturday, 06 July 2013 08:53 AM

ඔය විදුලි රැහැන් මාර්ග පිළිසකර කරන්න යොදවලා තියෙන අයට ගෙවන වැටුප් අපරාදෙ. ජනතාවගෙ සල්ලි !!! (නි)

:       0       0

තේෂාන් Sunday, 30 June 2013 05:45 PM

මේක තමයි අතේ තියෙන දේ කටට දාගන්න පින නැහැ කියන්නේ. අපේ ජලාශ වලින් මෙච්චර විදුලි බලය නිපදවන්න පුළුවන් එකේ ඩීසල් වලින් විදුලිය නිපදවන්නේ මොකද කියලා හොදට පේනවා.(නදී)

:       0       0

චමින්ද Monday, 01 July 2013 01:46 PM

අපි ඡන්දෙ දුන්නේ මේවා බලන්නද? (දී)

:       0       0

චන්ද්‍රා යුඑස්ඒ Sunday, 30 June 2013 07:08 PM

අපේ රටේ විදුලි මණ්ඩලය කියන්නේ අතීතයේ සිටම හොර ගුහාවකි දුෂණය, නාස්තිය, හොරකම,දොරෙ ගලනවා බළධාරින් නිලදරින්ට බයද? (අ)

:       0       0

රාජා Tuesday, 02 July 2013 11:16 AM

කොහොමින් කොහොමින් හරි වැඩේ වෙන්නෙ අපේ සාක්කුවට. (නි)

:       0       0

ජෝයි Wednesday, 03 July 2013 04:34 PM

ලංකාව කියන්නේ රටක් නොවේ.... හොර තක්කඩියන්ගෙන්, මිනීමරුවන්ගෙන්, වංචාකාරයන්ගෙන් අනුන ගුබ්බෑයමක්. (නි)

:       0       0

අරුණ ශාන්ත Tuesday, 02 July 2013 03:06 PM

මේවා නම් මෙලොවදීම පළ දෙන අපරාද (අ)

:       0       0

බන්දු Monday, 01 July 2013 10:08 PM

මෙ කියන ඉන්ජිනේරුවා කියල තියෙන්නෙ ලොකු බොරුවක් ලයින් එකක් කෑඩුනට ජෙනරෙටටයට හනිවෙන්නෑ.අනික 130000 ලයින් නෑ 132000 තියෙන්නෙ මෙ ල.වි.ම. ඉන්ජො වෑඩි දෙනා නියම හොරු (අ)

:       0       0

සරත් Monday, 01 July 2013 02:51 PM

මණ්ඩලේ ලොක්කන්ට තමයි වැඩිම පෞද්ගලික බලාගාර තියෙන්නේ. හොයල බැලුවොත් ඇත්ත එලියට ඒවි. ඒ නිසයි ඔය වගේ ජාතික අපරාද කරලා ලොක්කන්ගේ සාක්කු පුරවා ගන්නේ. රටේ ලොකු අය මේවට ක්‍රියාත්මක වන්නේ නැත්තේ ඇයි? කොන්ද පන නැති කමද වැරදි කරන අයට දඩුවම් දෙන්න. මේ රටේ උසාවිය නීතිය තියෙන්නේ අපරාද කරුවන්ව නිදහස් කරන්න.(නදී)

:       0       0

ලෙස්ලි Sunday, 07 July 2013 12:01 AM

හැමදාම කරන්නෙ ජනතාව රවටලා සල්ලි කාබාසිනියා කරන එකනේ (නි)

:       0       0

කැලුම් හේරත් Sunday, 30 June 2013 08:48 PM

මේවා අපිටත් සැකයි (අ)

:       0       0

රොහාන් Monday, 01 July 2013 09:41 AM

මේක හැමදාම වෙන දෙයක් සාමාන්‍ය හෝ අසාමාන්‍ය විදිහට වෙනවා. ඒත් මේවා ක්‍රම සම්පාදන වැඩපිළිවෙල කවුරුවත් හදන්න උත්සාහ කළාද? අදට නෙමෙයි ඊළඟ අවුරුදු 10 , 20 වැඩපිලිවෙලක් ඕනෑ. ඔක්කොම පඩිය අරන් ඔහේ ඉන්නවා. හොද වැඩපිළිවෙලක් හදලා ඉදිරිපත් කරන්න (නි)

:       0       0

උපාලි Monday, 01 July 2013 11:10 PM

ඉංජිනේරුවෝ 800 න් 200ක් විතර රාජකාරිය සාමාන්‍ය විදිහට කරනවා විය හැකිය.වැඩිපුර ඉන්නේ ඉංජිනේරු උන තියන හොරු. පඩිය අරන් ඔහේ ඉන්නවා.මේවා ජාතික අපරාද .(අ)

:       0       0

පාලිත වීරතුංග Monday, 01 July 2013 11:26 PM

මේගොල්ලො කවදාද වැඩකි හරියට කෙලේ (අ)

:       0       0

සාරා Sunday, 30 June 2013 09:36 PM

විදුලි බල මණ්ඩලය හොර ගුහාවක් ඉංජිනේරුවෝ 800 න් වැඩිපුර ඉන්නේ හොරු.(නදී)

:       0       0

අමිල - මෙල්බන් Friday, 05 July 2013 08:32 AM

මේ වගේ දේවල් වලට කියන්න දේවල් කොපමණ තිබුනත් මගේ වටිනා කාලය ඒ සදහා යොදවා පලක් නැති බැවින් අදහස් ප්‍රකාශ නොකරමි. (නි)

:       0       0

දුමින්ද Wednesday, 03 July 2013 06:11 PM

මහා ජනතාව රවටන්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 245 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 213 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 58 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 301 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 260 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site