IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වර්ග සැතපුම් දෙසීයක් පුරා චිත‍්‍ර

 

ලොව පැවැති ශිෂ්ඨාචාර පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වෙමින් පවතී. මේ අභිරහස් ද ලොව පැවැති එවැනි ශිෂ්ඨාචාර ගැනයි. මේ තොරතුරු අනාවරණය වූයේ ද මිනිසා ගුවන්යානය නිපදවා අහස ජයගත් නිසාය.


1930 දශකයේදී ගුවන් ගමන් චාරිකා ජනප‍්‍රිය වෙමින් ගිරිහෙල් වලට ඉහළින් ගමන් කිරීමට පහසුම මග ගුවනෙන් බවට නිගමනයක් ඇතිවිය.


දකුණු ඇමෙරිකාවේ පේරු අහසේ පියාසර කරන ගුවන් යානයක් ප‍්‍රථම වතාවට නස්කා කාන්තාරයේ (Nazca) ඇඳ ඇති අසාමාන්‍ය දැවැන්ත චිත‍්‍ර වර්ගයක් දුටුවෝය.


මේ චිත‍්‍ර ඇඳ ඇති නස්කා කාන්තාරය ලීමා නගරයට සැතැපුම් දෙසීය පනහක් දකුණින් පිහිටි අතර වර්ග සැතැපුම් දෙසීයක් තරම් ප‍්‍රදේශයක මේ යෝධ චිත‍්‍ර ඇඳ තිබේ. මේවා කොතරම් විශාල ප‍්‍රදේශයක ඇඳ තිබේද යත් ඒවා චිත‍්‍ර ලෙස දැක ගත හැක්කේ අහසට නැගීමෙන් පමණි.

ගුවනේ සිට දැකිය හැකි රුවක්


වර්ෂයකට අඟලක තරම් වර්ෂා පතනයක් ඇති මේ වියළි කාන්තාරයේ චිත‍්‍ර ගැඹුරු අධ්‍යයනයකට ලක්වන්නට වීය. ගුවනේ සිට දකින්නට පෙරාතුව මේ රේඛා තැන තැන සාමාන්‍ය පියවි ඇසින් දුටුවෝ ඒවා ගැන කිසිදු තැකීමක් නොකළහ.
කාන්තාරයේ මේ රේඛා චිත‍්‍ර ඇඳ ඇත්තේ බොරළු යොදා ඒ බොරළු මත යම් වර්ණ ගැන්වීමකින් යැයි නිගමනය කොට තිබේ.වර්ග සැතපුම් දෙසීයක් පුරා මේ චිත‍්‍ර ඇඳීමට මොනතරම් කාලයක් හා කොතරම් විශාල මිනිස් සම්පතක් අවශ්‍යවන්නට ඇත්ද? තවද මේ චිත‍්‍ර කෙටි කලක් නොව ශතවර්ෂාධික කාලයක් නොනැසී පැවැතී ඇත.


මේ චිත‍්‍ර ඇතැම් සතුන්ගේ සහ ගහකොළ වල හැඩය ගෙන තිබීම විශේෂය. පැහැදිලිවම දක්නට හැකි හැඩ කිහිපයකි. රිළවකුගේත්, මකුළුවකුගේත්, හමිං බර්ඞ් නම් බට්ටිති පවුලේ පැණි කුරුල්ලෙකුගේත් චිත‍්‍ර මේ සැතපුම් ගණනාවක් විශාල චිත‍්‍ර අතර ඇති බව පැහැදිලිවම හඳුනාගෙන තිබේ.


ඒ අතර චතුරස‍්‍ර, තුන්හුලස් හැඩ විශාල සංඛ්‍යාවක් මේ චිත‍්‍ර අතර තිබේ. එක් ත‍්‍රිකෝණයක පාදය සැතපුම් නවයක් තරම් ඇතට විහිදෙයි.
මීට වසර 3000 කට පෙර මේ භූමියේ කුඹල් කර්මාන්තයේ නිරත නස්කන් නම් ගෝත‍්‍රයක් වාසය කොට තිබේ. මේ මිනිසුන් රෙදි විවීමෙහි ද ගෘහ නිර්මාණයෙහි ද කුසලතා දැක්වූ බව අනාවරණයවී තිබේ. මේ චිත‍්‍ර මෙම නස්කන් ගෝත‍්‍රිකයෝ විසින් අඳින්නට ඇතැයි අනුමාන කෙරේ.


නස්කන් වරුන්ගේ මේ භූමිය වරින්වර බරපතළ ස්වභාවික විපත්වලට භාජනය වීම නිසා ඔවුන් එය අතහැර ගිය බවට අනුමාන කෙරේ. භූමිය අත නොහැර ගොස් සිටි අතලොස්සක් දෙනා පසුකලක ස්පාඤ්ඤ ආක‍්‍රමණිකයින් අතින් මරණයට පත්වූහ.

 

කොටා ඇති රූපයක්


චිත‍්‍ර ඇන්දේ ඇයි?
මේ ගෝත‍්‍රිකයන් මේ කාර්ය කලායැයි සිතුවද ඔවුන් ඒ චිත‍්‍ර ඇන්දේ ඇයි? යන ප‍්‍රශ්නය මතුවෙයි.
මේ චිත‍්‍ර ග‍්‍රහ විද්‍යාවට සම්බන්ධ ජ්‍යොතිෂයට සම්බන්ධ යැයි ද පිටසක්වළට සම්බන්ධයැයි ද තර්ක රාශියක් විද්වතුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

 


ගුප්ත ගුවන් යානා පථයක්
මේවා පිටසක්වලින් පිවිසෙන යානා සඳහා පිවිසුම් පථයක්ය යන තර්කය 1960 ගණන්වලදී ඉදිරිපත් කළ පුද්ගලයෝ අතර ලූවිස් පවෙල්ස්, ජැක්ස් බර්ගියර් එරික් වොන් ඩැන් කන් යන විද්වත්හු සිටියහ. තවත් තර්කයක් වූයේ මේවා ආගමික විශ්වාසයක් මත සකස් කළ චිත‍්‍ර බවය. තවත් පිරිසක් මේ ආදිවාසීන් පේෂ කර්මයට සම්බන්ධ නිසා දිග නූලක ආකාරයට මේ චිත‍්‍ර සකස් කළ බවයි.
එහෙත් මේ චිත‍්‍ර සකස් කළ මිනිස්සු අනිවාර්යෙන් මේවා නරඹන්නට දැක ගන්නට අහසට ගොස් තිබේ. ගුවනට නොගොස් මේ චිත‍්‍ර කිසිවකුට කිසි දවසක දැකගත නොහැකිය.


ඒ නිසා මේ චිත‍්‍ර සමග අහස ජයගත් සංස්කෘතියක් තිබිය යුතුමය.


ආචාර්ය මාරි රිච් මේ චිත‍්‍ර තාරකා සමග සබඳතාවක් ඇති බවට තර්ක කළාය. ඇගේ තර්කය විද්වතුන් නොපිළිගත්තද ඇය තම ජීවිත කාලයම මේ පරීක්‍ෂණ කටයුතු සඳහා කැප කළ අතර ඇගේ දේහයද මේ චිත‍්‍ර සහිත කාන්තාරයේ මිහිදන් කරන ලදී.

නස්කා කාන්තාරයේ ගල්තලාවක කොටා ඇති රූපයක්. මෙය එවක අජටාකාශගාමියකුට සමකළ හැකිය


නිරාකරණය නොවූ මේ ගුප්ත රේඛා චිත‍්‍ර පිළිබඳ අද දක්වාම විවිධ මත පළ වෙමින් පවතින අතර,  සංවර්ධන කටයුතුත් සමග මේ රේඛා චිත‍්‍ර දවසෙන් දවස විනාශ වෙමින්, නොපෙනී යමින් පවතී. කාන්තාරය හරහා යන යෝධ ට‍්‍රක් රථ වලින් මේ චිත‍්‍ර විනාශවෙයි. සොබා දහමට අනුව කාලය ගලායත්ම මේ රේඛා චිත‍්‍ර කෙමෙන් ස්වභාවික විනාශයට පත්වෙමින් තිබේ.


නස්කා කාන්තාරයේ ඇඳි මේ චිත‍්‍ර නැරඹීම සඳහා එහි වාසය කළ මිනිස්සු බැළුන මගින් අහසට ගිය බව තවත් මතයකි.
වර්ග සැතපුම් 200 ක් පුරා ඇඳි චිත‍්‍ර හා ආශ‍්‍රිත සංස්කෘතිය තවමත් අභිරහසක් පමණි.

 

ආචාර්ය නිමල් සේදර

 

නස්කා කාන්තාරයේ වැටී ඇති විවිධ රේඛා මේවා අහසේ සිට බැලූවිට පූර්ණ රූපය දැකිය හැකිය

 

යම් සත්වයකුගේ රුවක්

 

කාන්තාරයේ ඇති රූ සටහන්

 

විවිධ රූ සටහන්

 

 



අදහස් (0)

වර්ග සැතපුම් දෙසීයක් පුරා චිත‍්‍ර

තිලින Thursday, 14 February 2013 04:40 PM

මෙතන පිට සක්වල සම්බන්ධයක් තියෙනවා (දී)

:       0       0

අචිනි Sunday, 10 February 2013 03:26 PM

වටිනා ලිපියක්. දුර්ලභ ඡායාරූප ටිකක්. ස්තූතියි ලංකාදීප. (නි)

:       0       0

චමී Monday, 18 February 2013 10:52 AM

අපි නොදන්න ලොවේ සැඟවුන දේවල් මේ විදියට ඉදිරිපත් කිරීම ගැන ඔයාලට ගොඩක් ස්තුතියි . (ස)

:       0       0

දිනේෂ් සෞදි Monday, 11 February 2013 04:32 PM

ගොඩක් හොද දෙයක්. මෙවැනි තව දේවල් පල කරන්න.(නදී)

:       0       0

සමන් Sunday, 17 February 2013 08:00 PM

වටිනා ලිපියක් (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 28 February 2013 03:53 AM

ඇත්තටම බොහොම වටිනා ලිපියක්. ආසාවෙන් කියෙවුවා. රටේ දැන් දැන් වෙන අපරාධ කුමන්ත්‍රණ ආදිය නිතර පල කරන එක නවතා මෙවන් අධ්‍යාපනික දේ නිතර පළ කළා නම් මැනවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 164 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 123 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 204 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 210 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 699 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 956 1

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site