IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


වයසට යාම නවත්වන ඖෂධයක්

ඩේලිමේල් ඇසුරිනි

(පරිවර්තනය - හර්ෂණ තුෂාර සිල්වා)

 

වයස්ගත වීම වැළැක්වීම සඳහා නව පෙරළිකාර සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. නව ඖෂධය මඟින් හානි වූ ඩී.එන්.ඒ අණු ආශ්චර්යමත් ලෙස නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා අභ්‍යවකාශගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව ඇතැයි පැවැසේ. 

 

ඩී.එන්.ඒ ප්‍රකෘතිමත් කිරීම සහ සෛල වයස්ගත වීම තුළ තිබෙන සංඥා ක්‍රියාවලියක් අනාවරණය කරගැනීමෙන් අනතුරුව මෙම නව ඖෂධය සංවර්ධනය කිරීමට පර්යේෂක කණ්ඩායමක් සමත්වී තිබේ. පර්යේෂණාගාර මීයන් යොදාගනිමින් මෙම නව ඖෂධය අත්හදා බලා ඇති අතර එහිදි නව ඖෂධය වයස් ගතවීම නිසා හෝ විකිරණවලට නිරාවරණය වීම නිසා හෝ හානිවන ඩී.එන්.ඒ අණුව සෘජුවම ප්‍රකෘතිමත් (නැවත පිළිසකර) කරන බව අනාවරණය වී ඇත. 

 

‘සතියක ප්‍රතිකාරවලින් පසු තරුණ මීයන්ගේත් වයස්ගත මීයන්ගේත් සෛල හඳුනාගත නොහැකි’ යැයි ප්‍රධාන කර්තෘ මහාචාර්ය ඩේවිඩ් සින්ක්ලෙයාර් ප්‍රකාශ කර ඇත. මාස හයකට මෙම නව ඖෂධය මිනිසුන්ට ලබා දී පර්යේෂණ සිදුකිරීමට නියමිතය. ‘වයස්ගත වීම වළක්වන ආරක්ෂාකාරී ඖෂධයක් සොයාගත් ආසන්නම අවස්ථාව මෙයයි. ඉදිරි පර්යේෂණ සහ අත්හදා බැලීම් සාර්ථකව වුවහොත් තවත් වසර තුනත් හතරත් අතර කාලයකදී මෙම නව ඖෂධය වෙළෙඳපොළට ලබාදිය හැකියි’ යැයි මහාචාර්ය සින්ක්ලෙයාර් පැවැසීය.

 

මෙම නව සොයාගැනීම නාසා ආයතනයේ අවධානයට ද යොමු ව ඇත. අඟහරු මත කෙරෙන සිවු අවුරුදු මෙහෙයුමදී අභ්‍යාවකාශගාමීන්ගේ සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණදීම සඳහා නාසා ආයතනය මෙම නව ඖෂධය සලකා බැලීමට නියමිතය. අභ්‍යාවකාශ විකිරණ (කොස්මික් විකිරණ) හේතුවෙන් ඉතා කෙටි මෙහෙයුම්වලදී පවා අභ්‍යාවකාශගාමීන්ගේ වයස්ගතවීමේ වේගය ඉක්මන් වන අතර එම විකිරණවලට නිරාවරණය වීම නිසා මාංශපේශී දුර්වල වීම, මතකය අහිමි වීම සහ අනෙකුත් රෝගාබාධවලට ඔවුහු ගොදුරුවෙති. අඟහරු ග්‍රහයාට ගිය අවස්ථාවකදී එය වෙනස්වීමට ඉඩ ඇත. අභ්‍යවාකාශගාමීන්ගේ සෛලවලින් සියයට පහක් විනාශ වන අතර ඔවුන්ට පිළිකා ඇතිවීමේ අවදානම සියයට සියයකි. 

 

ඉකුත් දෙසැම්බර් මාසයේදී නාසා ආයතනය සංවිධානය කළ ‘නාසා අයිටෙක්’ තරගයේ ජයග්‍රහකයන් වූයේ ද මහාචාර්ය සින්ක්ලෙයාර් සහ ඔහුගේ මිතුරා වන ආචාර්ය ලින්ඩ්සේ වූ ‘ජීව විද්‍යාත්මක ගැටලුවකට අපි පිළියම් සොයාගත්තා. ඒ නිසා 300ක් අතරින් අපට ජයග්‍රහණය හිමිවුණා’ යැයි ආචාර්ය වූ පැවැසීය.

 

අභ්‍යාවකාශ විකිරණ (කොස්මික් විකිරණ) ගගනගාමීන් මුහුණ දෙන ගැටලුවක් පමණක් නොවේ. ගුවන් ගමන්වලදී විකිරණවලට නිරාවරණය වන අතර  ලන්ඩන් - සිංගප්පූරුව - මෙල්බන් යන ගුවන් ගමනකදී අපි සියලු දෙනා පපුවට ගමන් කරන එක්ස් කිරණ විකිරණයකට මුහුණ දුන්නා හා සමානය.

 

න්‍යායාත්මකව නව වයස්ගත වීම වළක්වාලන ඖෂධය නිතර ගුවන් ගමනවල යෙදීමෙන් ඩී.එන්.ඒ අණුවලට බලපෑම් එල්ල වූ මඟීන්ට ද ප්‍රතිකාර කිරීමට භාවිත කළ හැකිය. ළමා වියේදී පිළිකාවලින් බේරෙන පිරිස මෙම නව ඖෂධයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි තවත් කොට්ඨාසයකි. 

 

ළමා වියේදී පිළිකාවලින් බේරෙන පිරිස්වලින් සියයට 96කට ආසන්න පිරිසකට වයස අවුරුදු 45 පමණ වන විට නිදන්ගත රෝගවලින් පීඩා විඳින බව ආචාර්ය වූ පැවැසීය. ඔවුන්ගෙන් බොහෝ දෙනා හදවත් රෝග, දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගී තත්ත්වය, ඇල්ෂයිමර් රෝගී තත්ත්වය, මුල් තත්ත්වයට වඩා වෙනස් පිළිකා රෝග තත්ත්වලට ගොදුරු වෙති. ‘ඔවුන්ගේ වයස්ගත වීමේ වේගය ද ඉක්මන් වනවා. එය ඉතා බරපතළ තත්ත්වයක්’ යැයි ආචාර්ය වූ පැවැසීය. ‘අපට ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් එය විශිෂ්ටයි. මේ අණුවලින් අපට යමක් කරන්න පුළුවන්. අපට එය විශ්වාසයි. මීයන් යොදාගනිමින් නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේදී කරන ලද පර්යේෂණ සාර්ථකයි. නව ඖෂධය ඔස්සේ කලින් කී රෝගවලටත් ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා’ ආචාර්ය වූ සඳහන් කළේය. 

ස්වභාවිකවම අපගේ සෛලවල සූර්ය නිසාත් විවිධ හේතු නිසාත් හානිවන ඩී.එන්.ඒ අණු නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කරගත හැකි වුවත් වයස් ගත වීමත් සමඟ එම හැකියාව නැති වී යනවා. සිරුරේ තිබෙන සෑම සෛලයකම ස්වභාවිකම තිබෙන සෛල සංඥා සපයන NAD+ අණුව  ඩී.එන්.ඒ අණු ප්‍රකෘති තත්ත්යට පත් කරන ප්‍රෝටීන අන්තර් ක්‍රියාවලියේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව සොයාගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබේ. මීයන්ට NAD+ අණුව , වර්ධකයක් (එන්.එම්.එන්, තමන්ගේ සෛල වර්ධනයක්) යොදා ගනිමින් ප්‍රතිකාර කර ඇති අතර එහිදි වයස්ගත වීම නිසා හෝ විකිරණවලට නිරාවරණය වීම නිසා හෝ හානි වූ ඩී.එන්.ඒ අණු ප්‍රකෘතිමත් කිරීමේ හැකියාව ඇති බව සොයාගෙන ඇත. 

මේ වසරේදීම බ්‍රිගහම් සහ බොස්ටන් හි පිහිටි කාන්තා රෝහලේදී මිනිසුන් යොදාගෙන මෙම නව සොයාගැනීම අත්හදා බැලීමට නියමිතය.  

 



අදහස් (19)

වයසට යාම නවත්වන ඖෂධයක්

නිලාන් Sunday, 26 March 2017 04:15 PM

සියලු දේ අනිත්‍ය නොවන්නෙහිද?

:       4       117

Nihal Sunday, 26 March 2017 05:15 PM

ඉක්මනටම මේක වෙළඳපොළට එයිද

:       0       4

lalith Sunday, 26 March 2017 11:16 PM

මලා. මදැයි මුන් ටික මලාමවත් රටට සෙතක් වෙයි කියල හිතුව?

:       3       32

ravin Monday, 27 March 2017 12:23 AM

මේ නව සොයාගැනීම ලෝකයේ සෑම රටකටම බලපාන ප්‍රශ්නයකට පිළිතුරක්. අඩු ළමා හා තරුණ පරපුරත්, වැඩි මහලු පරපුරකුත්, යන ප්‍රශ්නය. චිනයනම් මේ පිළිබඳව එක විසදුමක් ලෙස එක පවුලකට එක දරුවා ලෙස තිබු ප්‍රතිපත්තිය වෙනස් කරලා. අනික් රටවල්?

:       0       0

sudesh Monday, 27 March 2017 03:58 AM

සියලු සත්වයෝ ජරාවට පත්වෙති, සියලු සත්වයෝ ලෙඩ දුකට පත්වෙති සියලු සත්වයෝ මරණයට පත්වෙති.

:       3       28

RAJ Monday, 27 March 2017 07:03 AM

සොයා ගැනීම හොඳයි. නමුත් උපන් යමෙක් හෝ දෙයක් ස්ථිරවම ජාති,ජරා,මරණ,වලට පත් වෙනවාමයි. මෙය තවත් මුලාවක්ම පමණයි. "රෑපං ජීරතී මඡ්ඡානෝ"

:       1       4

අසෝක කරුණාරත්න Monday, 27 March 2017 07:18 AM

ටිකක් හොඳයි. හැබැයි වෛද්‍යවරුන් ට තමා ප්‍රශ්නෙ. මොකද ලෙඩුන් අඩුවිය හැකියි.

:       5       25

මහේෂ Monday, 27 March 2017 07:34 AM

ඕක හරියන වැඩක් නෙව....

:       3       0

Perumal Monday, 27 March 2017 10:51 AM

ෆොටෝ එකේ විදියට ලංකාවෙ දොස්තරල කට්ටියක් වගේ. GOMA එකේ සාමාජිකයො වෙන්න ඇති.

:       2       1

RAJ Monday, 27 March 2017 10:52 AM

සොයා ගැනීම හොඳයි. නමුත් උපන් යමෙක් හෝ දෙයක් ස්ථිරවම ජාති,ජරා,මරණ,වලට පත් වෙනවාමයි. මෙය තවත් මුලාවක්ම පමණයි. "රෑපං ජීරතී මඡ්ඡානෝ"

:       0       2

sopi Monday, 27 March 2017 12:30 PM

අවුරුදු 80 දී කෙල්ලෙක් වගේ මැරෙන්න පුලුවන්නම් මම නම් කැමතියි .

:       0       8

chinthana Monday, 27 March 2017 01:31 PM

මට මතක මම පොඩිකාලේ රූපවාහිනියේ සෙනසුරාදා 6.00 මායා බන්දන 2 ඒ ටෙලිනටකයේ "කැති" අක්ක යනවා තවත් සමාන්තර ලෝකයකට එකේ මිනිස්සු වයස අවුරුදු 250 එකට හේතුව අතීතයේ වසංගතය නිසා කට්ටිය මැරෙන්න ගන්නවා . එන්නතක් ගහල වසංගතය නවත්තනවා .ඒ ගොල්ලන්ගේ ආයු කාලය වැඩි වෙනවා .වැඩේ මරු( මායා බන්දන 2 මකර රදදහන )

:       3       57

mj kekuladala Tuesday, 28 March 2017 01:02 AM

අපිට විදගන්න වෙන්නේ ලබන ආත්මේ තමයි

:       0       1

Arunya Tuesday, 28 March 2017 06:57 AM

මේ ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නැ.. මරණය පවා

:       0       2

lalithsjm Tuesday, 28 March 2017 10:29 AM

මරු සයිටම් සොයා ගැනීමක්ද දන්නේ නැහැ.

:       1       0

Ishara madhushanka gamage Thursday, 30 March 2017 02:18 AM

නව සොයා ගැනීමක්.සතුටුයි.නමුත් මේ මගින් සිදුවන්නේ රිජුවම ස්භාවිකව සිදුවන්නා වූ ලෝක ජනගහනයේ පාලනය තව දුරටත් අකර්මන්‍ය වීම නොවේද....මිනිසා අනෙකුත් ලෝක ගවේශනය සදහා මේ ප්‍රතිකාරය කිව නොහැකිතරම් ජයග්‍රහනයක් වියහැකී.නමුත් වාසය කරන්නා වූ අප ලෝකය තුල ජනගහනය වැඩි වීම අද වන විට ප්‍රධානතම ගැටලුවක් බවට පත් වී තිබේ...අනෙක් කරුනනම් මෙමගින් සිදුවන්නේ වයසට යාම ප්‍රමාද කිරීමක් බව මිසක් අමරණීයත්වයට පත් කිරීම නොවන බවනම් ඉන්දුරාම පැවසියහැකී....

:       0       3

thilak Thursday, 30 March 2017 03:16 AM

සියලු දේ අනිත්‍ය වුන මේ ලෝකයේ ඔය කිසිම දෙයක් සැමදා නිත්‍ය නැත .

:       0       2

kalpa Friday, 31 March 2017 12:46 AM

වයසට යාම නවත්වන්නේ කොහොමද කාලය ගතවුනම වයස් ගතවෙනවනේ මෙයින් වෙනවා ඇත්තේ වයස්ගත පෙනුම නැතිවීම වෙන්නැති

:       0       2

bamunu Wednesday, 12 April 2017 05:50 AM

වයසට යන එක නවත් වන්න නම් ලෝකේ කැරකෙන එක නවත්වන්න ඕනේ. මම හිතන්නේ මේ ඖෂධය මහලු වෙන එක නවත්වන එකක්. මහලු වීම් නැවත්වුවත් වයසට යනවා. එත් අපි වගේ ඉන්න පුළුවන් වයස ඇහුවොත් අවුරුදු 75 යි එත් කොල්ලො වගේ වැඩකිඩ. හැබැයි අපි ඔය ඖෂධය බීවේ නැත.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 184 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ
2024 අප්‍රේල් මස 18 80 0

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 67 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 115 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 247 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 1202 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1391 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site