IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


වෙනුෂා දැරියගේ දිවිනසා ගැනීමෙන් රත්වූ කුරුණෑගල

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ එකොළහ වසරේ ඉගෙනුම ලැබූ වෙනුෂා ඉමන්දි බණ්්ඩාර සිසුවිය ගෙල වැළලා ගැනීමෙන් සියදිවි හානිකර ගැනීම මේ දිනවල රටපුරා දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් වී ඇත.

මියයාමට පෙර ඇය පියාට ලිපියක් ලියාතිබූ අතර ඉන් අනාවරණය වූයේ තරුණ පරපුරේ උන්මාදයක් බවට පත්ව තිබෙන ‘‘ෆේස් බුක්’’ වෙබ් අඩවිය වෙනුෂිගේ මරණයට හේතුව වී ඇති බවය.

දුව සඳුදා පාසල් ගිහින් ඇවිත් කීවා තාත්තේ ප‍්‍රින්සිපල් අද මට පාසලේදී විශාල පිරිසක් ඉස්සරහා ලජ්ජා හිතෙන විදිහට බැන්නා කියලා. දුවගේ ෆේස්බුක් ගිණුමේ පාසලේ පින්තූර දාලා තිබුණ නිසා ප‍්‍රින්සිපල් බැන්න බවත් ඒ නිසා හිතට හරිම වේදනයි කියලත් දුව මාත් සමග පැවසුවා. ඒත් මෙහෙම අපරාධයක් දුව කරගනීවි කියලා නිකමටවත් සිතුවේ නැහැ.

මේ වෙනූෂාගේ පියාවන පටබැඳිවසම් බදුගේ අරුණසිරි මහතා (55) වෙනුෂාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පැවසූ දේය.

ෆේස්බුක් සිදුවීම මත කොතලාවල විදුහල්පතිවරයා බැණ වැදීම නිසා මේ ආකාරයට සියදිවි නසාගැනීමට සිතූ බව වෙනුෂා තම අවසන් ලිපියෙහි  සඳහන්කර තිබුණාය.

මේ සිදුවීම හරහා ෆේස් බුක් භාවිතය සම්බන්ධයෙන් සමාජය තුළ යළි කතිකාවතක් නිර්මාණය වූවා සේම පාසල්වල විදුහල්පතිවරුන්ගේ භූමිකාව සම්බන්ධයෙන්ද කතිකාවතක් නිර්මාණය වී ඇත.

මියගොස් ඇත්තේද දියණියන්ම තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දියණියයි. ඇගේ බාල නැගණියද කොතලාවල විදුහලේ අටවැනි වසරේ ඉගෙනුම ලබන්නීය.

උණහපුළුවාට උගේ පැටවා මැණිකක් සේ පෙනෙන්නාසේම මාපියන්ටද දරුවා සම්පතකි. මේ නිසාම තම දියණියගේ මරණය සම්බන්ධයෙන් කොතලාවල විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවට චෝදනාකරමින් උපවාසයකට පිවිසුනේය. ඒ අනුව ඔවුන් කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණය අසලට වී පසුගිය දින දෙකකදී උපවාසයෙහි යෙදී සිටියහ. මේ උපවාසය වෙනුෂාගේ මාපියන් සේම ඇගේ සොයුරියන් දෙදෙනාද තවත් පිරිසක්ද එක්ව සිටියහ.

සමන් ඉන්දරත්න මහතා විදුහල්පතිධූරයකට අවශ්‍ය සුදුසුකම් කිසිවක් සපුරා නැතිබවත් ඔහු වහාම විදුහල්පතිධූරයෙන් ඉවත්කොට වෙනුෂාගේ මරණය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස උපවාසකරුවෝ ඉල්ලා සිටියහ.
 

මියගිය වෙනුෂා සිසුවිය
 
වෙනුෂාගේ මව

මෙම උපවාසය පැවැත්වූ ස්ථානයට කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිමෙවන් පොඩිනිළමේ පැමිණි අවස්ථාවේදී ඉන්ද්‍රරත්න මහතාගේ පත්වීම දේශපාලන පත්වීමක් බැවින් ඔහු ඉවත්කර එම තනතුරට වෙනත් අයෙකු පත්කරන්නැයි උපවාස කරුවෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාගෙන් ඉල්ලා සිටියහ.

මේ අවස්ථාවේදී උපවාසයට සහාය දැක්වීමට එකතුවී සිටි බාහිර පුද්ගලයන් දෙදෙනකු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට දැඩි ලස දෝෂාරෝපණය කිරීම හේතුවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ එම පුද්ගලයන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය. මේ නිසා උපවාසකරුවන් සමග සාකච්ඡුා කිරීම පසෙක තබා සිරිමෙවන් මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

මේ උපවාසය පිළිබඳව අදහස් දක්වමින් පෙරපාසල් පාලිකාවකවන මියගිය වෙනුෂාගේ මව වූ ශිරානි ආරියලතා මහත්මිය එල්ල කළේ මෙවැනි චෝදනාවකි.
මගේ දරුවා මියයාමට පෙර ලියා තිබූ ලිපියෙන් දුවගේ මරණයට වගකිවයුත්තා විදුහල්පතිවරයා බව පැහැදිලිවම ඔප්පු වෙලා තිබුණා. නමුත් ඔහුට විරුද්ධව මේ වනතුරුත් නීතිය ක‍්‍රියාත්මක වෙලා නැහැ. අප ඉල්ලන්නේ දුවගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වලා මියගිය දුවට සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලයි.

ඒ වගේම මේ විදුහල්පතිවරයා වෙනුවට දරුවන් දිහා සානුකම්පිතව බලන්න පුළුවන් යහපත් විදුහල්පතිවරයෙක් පත්කරන්න කියලත්් අපි බලධාරින්ගෙන් ඉල්ලනවා. මගේ දරුවා මානසික රෝගියෙක් කියා ප‍්‍රචාරය කරලා මියගිය එයාගේ ආත්මය පවා මේ අය විනාශ කරලා දාලා ඉවරයි. ජීවත්වෙලා ඉඳිද්දී පාසලේදී අපහාස වින්දා මදිවාට මියගියාට පසුවත් අපහාසයට ලක්කරලා තිබෙනවා. අපේ දරුවාට සාධාරණයක් ඉටු වෙනකල් අප මේ සටන ගෙනියනවා.

මේ උපවාසයේදී කොතලාවල විදුහල්පතිවරයාට එරෙහිව නගා තිබූ චෝදනා වලට විරෝධය පළකරමින් එම විදුහලේ ආදි සිසුන් විශාල පිරිසක් මාපියන්ද සමග එක්ව උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම්වූ අවස්ථාවේදී කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් වංශනාථ මහතාගේ මැදිහත්වීමෙන් එම උද්ඝෝෂණය අත්හිටුවනු ලැබීය. පොලිසියේ ඉල්ලීමට ගරු කරමින් තමන් ඉවත්ව යනවා සේම විදුහලට එරෙහිව උපවාසයක යෙදී සිටින පිරිසද එම ස්ථානයෙන් ඉවත් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීම විය. එසේ නුවුවහොත් දෙපිරිස අතර ගැටුමක් ඇතිවේයැයි සිතූ පොලිසිය උපවාසකරවැන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටියද අධිකරණය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබුණි. මේ නිසා සිදුවූයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වංශනාථ මහතා සමග වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරි පිරිසක් ගොස් උපවාසකරුවන් සමග සාකච්ඡුා කොට එඟතාවයකට පැමිණීමෙන් අනතුරුව උපවාසය අතහැරීමට ඔවුන් එකඟවීමය.

එම එකඟතාවයට අනුව වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් අනුව මේ සිද්දිය පිළිබඳව පරීක්ෂණයක් කිරීම සඳහා වයඹ පළාත් සභාවේ උසස් නිලධාරින් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ජී.එන්. තිලකරත්න මහතා පැවසුවේ

මේ මරණය සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව වලින් කරුණු විමසා අපක්ෂපාති පරීක්ෂණයක් කරන බවද එහි තීන්දුවලට අනුව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවත්ය.

කෙසේ වුවද මේ සිදුවීම හරහා දැඩි ආන්දෝලනාත්මක වාතාවරණයක් මේ වන විට කුරුණෑගල ප‍්‍රදේශය හරහා ගොඩනැගී තිබේ. වෙනුෂාගේ මරණයෙන් පසුව කොතලාවල විදුහල්පතිවරයාට එක් පිරිසකුත්, වෙනුෂා ගේ පවුලේ සාමාජිකයන් සමග තවත් පිරිසකුත් දෙපිළකට බෙදී එකිනෙකාට එරෙහිව පෙනී සිටින්නට පටන්ගෙන තිබේ.

වෙනුෂා මියයාමට පෙර ලියා තිබූ ලිපිය ඡුායාපිටපත් කොට එය කුරුණෑගල ප‍්‍රදේශය පුරා බෙදා හැරීමෙන්ද, මාධ්‍ය ආයතනවලට යැවීමෙන්ද විදුහල්පති ඉන්ද්‍රරත්න මහතාට එරෙහිව ප‍්‍රචාරයක් ගෙන යාමට පිරිසක් උත්සාහ දරුවද එයින් සිදුව තිබෙන්නේ මියගිය සිසුවියගේ ජීවිතය තව තවත් ඝාතනය වීම බව පැහැදිලිවම කිවයුතුය. එපමණක් නොව ඇයට ආදරයෙන්, කරුණාවනේ සැලකූ ගුරුවරුන් පිරිසකටද මේ ක‍්‍රියාවෙන් බරපතල හානියක් ගෙන දී තිබේ. මෙම ලිපිය බෙදා හැරීමේ අරමුණින් තවත් පැත්තකින් සිදුවූයේ විදුහල්පතිවරයාට වඩා සමස්ත විදුහලම අපකීර්තියට ලක්වීමය.

විදුහල්පතිවරයකුට හැසිරිය යුතු සීමාවක් තිබෙන බැවින් ඔහු එය තේරුම් නොගෙන කටයුතු කළානම් ඔහු තම වගකීම් පැහැර හැරිය අයකුවන බවද පැවසීය.
විදුහල්පතිවරයා පාසලේදී එවැනි ආකාරයට සැරපරුෂ ලෙස හැසිරුණානම් එය අනුමත නොකරන බවද විදුහල්පතිවරයකු කටයුතු කළ යුත්තේ විදුහල්පතිවරයකුට පැවරී ඇති සීමාවේ සිට බවත්, ඔහු හමුදාවක මෙන් ආඥාදායකයකු නොවිය යුතු බවත් මරණ පරීක්ෂණයේදී කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක දේශබන්දු ධර්මකීර්ති අමරසිංහ මහතාද ප‍්‍රකාශ කළේය.

මරණ පරීක්ෂකවරයා මෙහිදී තවත් වැදගත් අදහසක්ද ප‍්‍රකාශ කළේය.

නවීන තාක්ෂණය හරහා පැමිණෙන මේ ෆේස්බුක්, ජංගම දුරකථන වැනිදේ මුළු ලෝකයටම වගේම අපේ රටටත් මහා විනාශයක් ගෙන දී ඇතිබව මේ සිද්දියෙන් නැවත වරක් තහවුරු වුණා. මේ සිසුවියගේ මාපියන් තමන්ගේ දරුවා ගැන විමසිල්ලෙන් කටයුතු කළානම් මේ මරණය සිද්ධවෙන්නේ  නැහැ.

විදුහල්පතිවරයාට චෝදනා කරනවා වගේම තමන්ගේ අතිනුත් වරදක් වූ බව මාපියන්ද පිළිගත යුතුයි. එම නිසා සිවිල් නීතියක් ගෙනැවිත් හෝ පාසල් දරුවන්ට මේ විනාශකාරි දේවල් තහනම් කිරීමේ කාලය පැමිණ තිබෙනවා. ඒ වගේම මේ අවාසනාවන්ත සිදුවීම තමන්ගේ දරුවන් පිළිබඳව හොඳ අවධානයකින් සිටින ලෙස මාපියන්ට ලබාදුන් වැදගත් පණිවුඩයක් විදිහට සැලකන්නත් පුළුවන් යනුවෙන්ද අමරසිංහ මහතා පැවසීය.

මේ පිළිබඳව විදුහල්පති සමන් ඉන්ද්‍රරතන මහතාගෙන්ද විමසූ විට ඔහු ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

මේ සිදුවීම හරහා මේ වනවිට මගේ චරිතය සම්පූර්ණයෙන්ම ඝාතනය කරලා අවසානයි. මරණ දැන්වීම්, අත්පත‍්‍රිකා වලින් පමණක් නොවෙයි, අන්තර් ජාලයෙන් පවා පිරිසක් මට විරුද්ධව අසත්‍ය ප‍්‍රචාර ගෙන යමින් සිටිනවා. ඒ විතරක් නොවෙයි මට දුරකථයෙන් මරණ තර්ජන පවා එල්ලකරමින් සිටිනවා.

වෙනුෂා සිසුවියගේ මරණයට මා වගකිවයුතු බවට කරන චෝදනාව මා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා. මා ඇයට අවවාද කළේ පාසලට අගෞරවයක් වන විදිහට කටයුතු නොකරන ලෙසටයි. මා ඇයට පමණක් නොවෙයි විනය විරෝධීව හැසිරෙන තවත් සිසු සිසුවියන් පිරිසකටත් ඔය කියන දිනයේදී අවවාද කළා. මා විශාල පිරිසක් ඉදිරියේ ඇයට අවවාද කළා කියන සිදුවීම වුණේ මීට වසරකට පමණ පෙරයි. එහිදී මේ සිසුවියට පමණක් නොවෙයි තවත් වැරැුදි කළ සිසුසිසුවියන් ගණනාවකටම මා අවවාද කළා. හැබැයි පාසල් රැුස්වීමේදී ඔවුන් කැදෙව්වාට මා ඔවුන්ට අවවාද කළේ කාර්යාලයේදීයි. මේ කරුණ වැරදියට වටහාගන තමයි සමහරු මට නිකරුනේ චෝදනා කරන්නේ. ඒ ලිිපිය අවධානයෙන් කියවා බැලූවොත් මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා.

කොතලාවල විදුහලේ මාපියකු වන නාගොල්ලාගම පදිංචි සුනීතා අධිකාරී මහත්මිය මෙසේ ප‍්‍රකාශ කළාය.

”මගේ දියණියත් අධ්‍යාපනය ලබන්නේ මියගිය වෙනුෂා දුවගේ පන්තියට යාබද පන්තියෙයි. ඇයත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. අපේ දියණියත් හා සමානවම වෙනුෂා දියණියට අත්වූ ඉරණම ගැන මාපියන් වශයෙන් අපට දැඩි කනගාටුවක් තිබෙනවා. නමුත් මේ සිදුවීම මූලික කරගෙන විදුහල්පතිවරයාට පමණක් චෝදනා එල්ල කරනවාට අප මාපියන් විදිහට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

 

 

විදුහල්පතිවරයාට එරෙහිව පැවැත්වූ උපවාසය

විදුහල්පතිවරයා විදිහට ඔහු තමන්ගේ වගකීම ඉටුකර තිබෙනවා. මාපියන් විදිහට දරුවන්ගේ වගකීමෙන් වැඩි කොටසක් පැවරෙන්නේ අපටයි. දරුවන් ගැන හොඳ අවධානයෙන් හිඳිමින් ඔවුන්ට අවශ්‍ය ආදරය අප ලබාදෙනවා නම් දරුවෝ මානසිකව පිරිහෙන්නේ නැහැ. එම නිසා විදුහල්පතිවරයා වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඔහු නිර්දෝෂී බවයි අපේ පිළිගැනීම” යැයිද අධිකාරි මහත්මිය ප‍්‍රකාශ කළාය.

විදුහල්පතිවරයකුට හැසිරිය යුතු සීමාවක් තිබෙන බැවින් ඔහු එය තේරුම් නොගෙන කටයුතු කළානම් ඔහු තම වගකීම් පැහැර හැරිය අයකුවන බවද පැවසීය.
විදුහල්පතිවරයා පාසලේදී එවැනි ආකාරයට සැරපරුෂ ලෙස හැසිරුණානම් එය අනුමත නොකරන බවද විදුහල්පතිවරයකු කටයුතු කළ යුත්තේ විදුහල්පතිවරයකුට පැවරී ඇති සීමාවේ සිට බවත්, ඔහු හමුදාවක මෙන් ආඥාදායකයකු නොවිය යුතු බවත් මරණ පරීක්ෂණයේදී කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක දේශබන්දු ධර්මකීර්ති අමරසිංහ මහතාද ප‍්‍රකාශ කළේය.

මරණ පරීක්ෂකවරයා මෙහිදී තවත් වැදගත් අදහසක්ද ප‍්‍රකාශ කළේය.

නවීන තාක්ෂණය හරහා පැමිණෙන මේ ෆේස්බුක්, ජංගම දුරකථන වැනිදේ මුළු ලෝකයටම වගේම අපේ රටටත් මහා විනාශයක් ගෙන දී ඇතිබව මේ සිද්දියෙන් නැවත වරක් තහවුරු වුණා. මේ සිසුවියගේ මාපියන් තමන්ගේ දරුවා ගැන විමසිල්ලෙන් කටයුතු කළානම් මේ මරණය සිද්ධවෙන්නේ  නැහැ.

විදුහල්පතිවරයාට චෝදනා කරනවා වගේම තමන්ගේ අතිනුත් වරදක් වූ බව මාපියන්ද පිළිගත යුතුයි. එම නිසා සිවිල් නීතියක් ගෙනැවිත් හෝ පාසල් දරුවන්ට මේ විනාශකාරි දේවල් තහනම් කිරීමේ කාලය පැමිණ තිබෙනවා. ඒ වගේම මේ අවාසනාවන්ත සිදුවීම තමන්ගේ දරුවන් පිළිබඳව හොඳ අවධානයකින් සිටින ලෙස මාපියන්ට ලබාදුන් වැදගත් පණිවුඩයක් විදිහට සැලකන්නත් පුළුවන් යනුවෙන්ද අමරසිංහ මහතා පැවසීය.

මේ පිළිබඳව විදුහල්පති සමන් ඉන්ද්‍රරතන මහතාගෙන්ද විමසූ විට ඔහු ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.


 

මේ සිදුවීම හරහා මේ වනවිට මගේ චරිතය සම්පූර්ණයෙන්ම ඝාතනය කරලා අවසානයි. මරණ දැන්වීම්, අත්පත‍්‍රිකා වලින් පමණක් නොවෙයි, අන්තර් ජාලයෙන් පවා පිරිසක් මට විරුද්ධව අසත්‍ය ප‍්‍රචාර ගෙන යමින් සිටිනවා. ඒ විතරක් නොවෙයි මට දුරකථයෙන් මරණ තර්ජන පවා එල්ලකරමින් සිටිනවා.
වෙනුෂා සිසුවියගේ මරණයට මා වගකිවයුතු බවට කරන චෝදනාව මා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරනවා. මා ඇයට අවවාද කළේ පාසලට අගෞරවයක් වන විදිහට කටයුතු නොකරන ලෙසටයි. මා ඇයට පමණක් නොවෙයි විනය විරෝධීව හැසිරෙන තවත් සිසු සිසුවියන් පිරිසකටත් ඔය කියන දිනයේදී අවවාද කළා. මා විශාල පිරිසක් ඉදිරියේ ඇයට අවවාද කළා කියන සිදුවීම වුණේ මීට වසරකට පමණ පෙරයි. එහිදී මේ සිසුවියට පමණක් නොවෙයි තවත් වැරැදි කළ සිසුසිසුවියන් ගණනාවකටම මා අවවාද කළා. හැබැයි පාසල් රැස්වීමේදී ඔවුන් කැදෙව්වාට මා ඔවුන්ට අවවාද කළේ කාර්යාලයේදීයි. මේ කරුණ වැරදියට වටහාගන තමයි සමහරු මට නිකරුනේ චෝදනා කරන්නේ. ඒ ලිිපිය අවධානයෙන් කියවා බැලූවොත් මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා.

කොතලාවල විදුහලේ මාපියකු වන නාගොල්ලාගම පදිංචි සුනීතා අධිකාරී මහත්මිය මෙසේ ප‍්‍රකාශ කළාය.

”මගේ දියණියත් අධ්‍යාපනය ලබන්නේ මියගිය වෙනුෂා දුවගේ පන්තියට යාබද පන්තියෙයි. ඇයත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. අපේ දියණියත් හා සමානවම වෙනුෂා දියණියට අත්වූ ඉරණම ගැන මාපියන් වශයෙන් අපට දැඩි කනගාටුවක් තිබෙනවා. නමුත් මේ සිදුවීම මූලික කරගෙන විදුහල්පතිවරයාට පමණක් චෝදනා එල්ල කරනවාට අප මාපියන් විදිහට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

විදුහල්පතිවරයා විදිහට ඔහු තමන්ගේ වගකීම ඉටුකර තිබෙනවා. මාපියන් විදිහට දරුවන්ගේ වගකීමෙන් වැඩි කොටසක් පැවරෙන්නේ අපටයි. දරුවන් ගැන හොඳ අවධානයෙන් හිඳිමින් ඔවුන්ට අවශ්‍ය ආදරය අප ලබාදෙනවා නම් දරුවෝ මානසිකව පිරිහෙන්නේ නැහැ. එම නිසා විදුහල්පතිවරයා වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඔහු නිර්දෝෂී බවයි අපේ පිළිගැනීම” යැයිද අධිකාරි මහත්මිය ප‍්‍රකාශ කළාය.

 

 


 



අදහස් (0)

වෙනුෂා දැරියගේ දිවිනසා ගැනීමෙන් රත්වූ කුරුණෑගල

සමන් Thursday, 20 February 2014 01:04 PM

දෙයියනේ අපේ ගුරුවරු අපිට අවවාද දීපු දඩුවම් කරපු හැටියට අපි මැරිලා ඉපදිලා අයෙත් මැරෙන්න ඕනේ . රටකට ගිය කලක් . ළමා මනස කොතරම් වියවුල් වෙළද ? (අ)

:       0       0

අශේන් Thursday, 20 February 2014 01:14 PM

වෙනස් වෙන ලෝකය සමග අපිත් යා යුතුයි. මුළු ලෝකයම ෆේස්බූක් භාවිතා කරද්දී ලංකාවේ විතරක් නැවත වන්නේ කොහොමද ? (අ)

:       0       0

සකු Tuesday, 25 February 2014 01:16 PM

මව්පියන් දරුවන් ගැන අවධානයකින් සිටියා නම් මේ වගේ දේවල් සිදු වන්නේ නැහැ (දිල්)

:       0       0

සාරංග Friday, 21 February 2014 03:35 PM

සමන් ඒ කාලේ අපේ මිස්ල සර්ලා සංවර වැඩි දැන් ඉන්නේ නිකන් පිස්සු නටන සර්ලා පොඩි දේකට උනත් ළමුන්ගේ ජන්මය වුනත් පාච්චල් කරලා අසංවර බල්ලෝ තමයි සර්ලා හැටියට ඉන්නේ මොනා කරන්නද ලංකාවේ කිසිම මිනිස්සු සංවර කරන ක්‍රමයක් නැහැනේ (අ)

:       0       0

සරත් බණ්ඩාර Friday, 21 February 2014 04:08 PM

මොලේ තියන ගුරුවරු නම් පසෙල් ළමයින්ගේ අත්මගරුත්වය ගෙන දෙපාරක් සිතා බලන්න (අ)

:       0       0

සමන් Thursday, 20 February 2014 03:02 PM

මේ සිසුවියගේ මාපියන් තමන්ගේ දරුවා ගැන විමසිල්ලෙන් කටයුතු කළානම් මේ මරණය සිද්ධවෙන්නේ නැහැ.විදුහල්පතිවරයාට චෝදනා කරනවා වගේම තමන්ගේ අතිනුත් වරදක් වූ බව මාපියන්ද පිළිගත යුතුයි.(දී)

:       0       0

තිලින Monday, 24 February 2014 06:45 PM

විදුහල්පතිගේ වැරදිනේ ෆොටෝ එකක් දැම්මා කියල ඔච්චාර නොන්ඩි කරන්න ඕනෙද? මේ විදුහල්පති හින්ද අපිටත් දැන් පේස් බුක් තහනම්.(නදී)

:       0       0

රජු Tuesday, 25 February 2014 02:12 PM

ඉස්සර වේවැල් කෝටු බයිලා දැන් හරියන්නේ නෑ. තලන පෙලන මානසිකත්වයෙන් බැහැර වෙලා අලුත් ලෝකේ දරුවන් හදමු.(දී)

:       0       0

අමිල සිංග Thursday, 20 February 2014 03:41 PM

අද සමාජය ඉතා වේගයෙන් වෙනස් වෙනවා. ළමයින් ඉතා ඉක්මනින් එයට හැඩ ගැසෙනවා. වයසක ගුරුවරුන්ට එම වෙනස් වෙන වේගයට හැඩ ගැසෙන්න අමාරුයි. විෂය නිර්දේශ වෙනස් වෙනවා වගේම ගුරුවරුන් මෙවැනි සමාජීය වෙනස් කම් වලට පුහුණු කරන ක්‍රමවේදයක් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ තිබිය යුතුය. (දී)

:       0       0

ප්‍රියන්ත Monday, 24 February 2014 08:53 PM

මීට වඩා දඩුවම් ගුරුවරු අපිට දීල තියෙනවා ඒ අපේ වැරදි හදාගන්ඩ මට තාම මතක තියෙනවා මගේ වැරැද්දකට මට වෙවල්පහර දීපු හැටි නමුත් එතුමා මටනම් තාමත් දෙවියෙක් මේක දරුඕ හදන දෙමාපියන්ගේ වැරැද්ද (අ)

:       0       0

දේශප්‍රිය Monday, 24 February 2014 03:29 AM

ඔය කියන කරුණු කාරනා ඔය විදියට උනා නම් පාසලේ විදුහල්පති සිමාව ඉක්මවා කටයුතු කර තිබෙනවා. ඒ නිසා එවැනි වැරදී නොවෙන්න දඩුවම් ලැබිය යුතුයි. මොකද අපේ හෙට දවස වෙනුවෙන් ඉන්න ළමයිට අසාදාරනයක් වෙන්න බැහැ.(නදී)

:       0       0

චම්පි Wednesday, 19 February 2014 09:36 PM

ෆෙස් බුක් පොඩි ළමයිට අනවශ්‍යයි (අ)

:       0       0

ජනතා Thursday, 27 February 2014 10:05 AM

දරුවන් පාසලේ ගත කරන්නේ පැය 6 ක කාලයක් පැය 18 ක කාලයක් ගත කරන්නේ නිවසේ නිවසේ තිබෙන වට පිටාව තුල ෆෝෂණය ලබන දරුවා ඔහුගේ අද්දියාපනය සහ හැදියාව පෙන්නුම් කරනවා එය එසේ නම් අද වර්තමානයේ ගුරුවරයෙකුට දරුවෙකුට දඩුවමක් උපදේසයක් දෙන්නවත් විදිහක් නැහැ මොකද සමහරක් දෙමුපියෝ ඇදිවත ගලවාගෙන පාසල ඉදිරිපිට නටන්න බලාගෙන ඉන්නවා.(නදී)

:       0       0

දින්කා Thursday, 20 February 2014 06:20 PM

දෙමාපියන් දරුවන් ගැන නියම වයස් වලදී ලගින් සිටිය යුතු යි (දී)

:       0       0

වසන්ත Wednesday, 19 February 2014 10:24 PM

තාක්ෂණයට බිය නැති සහ එය නිසිපරිදි හැසිරවීමට දක්ෂ කමක් ඇති ගුරුවරුන් අපහට සිටිය යුතුය සුදුසුකම් නැති අයගෙන් වන වැරදි මෙලෙස අන් අය මත පැටවීම සුදුසුද ? අතීතයේ වන වැරදි සමග බැලීමේදී ඒ වායේ තාක්ෂණ සබදකම් නොමැත (අ)

:       0       0

ළහිරු මධුෂාන් Thursday, 27 February 2014 10:29 AM

ගුරුවරයෙක් දඩුවම් කරන්නෙ වැරදි හදාගන්න. ගුරුවරයෙක් දඩුවම් කරාම දිවි නසා ගන්නවනම් ගුරුවරු ඉන්නෙ අැයි? ඒදා අපෙ අම්මලා තාත්තලා ගුටිකාල තියෙන හැටියට අද අපිත් නෑ අම්මලත් නෑ තාත්තලත් නෑ.(නදී)

:       0       0

ගම්‍යා Monday, 24 February 2014 07:45 AM

කුරුණෑගල "රත්කලා". මේවගේ ප්‍රතිපල තව ඉස්සරහට හොඳ වාර්තා සපයයි. (අ)

:       0       0

කපිල Monday, 24 February 2014 07:49 AM

ස්ට්‍රයික් කරපු ළමුන්ට වෙඩි තියපු ප්‍රින්සිපල් කෙනෙක් හිටපු ස්කෝලයක් මේක. ඒත් අද එහෙම තත්වයක් නැහැ. මමත් ඔය පාසලේම කලින් ප්‍රින්සිපල් ගෙන් හොඳට බැනුම් අහපු ආදී ශිෂ්‍ය යෙක්. අපිත් එල්ලිලා මරුනනම්....? (අ)

:       0       0

පතිරාජ Sunday, 23 February 2014 07:12 AM

උගත්කම කියන්නේ පොතේ දැනුම විතරක් නොවෙයි . බාහිර පරිසරය මනෝවිද්‍යාව ලෝකයේ භාවිතා වන අනෙකුත් අධ්‍යාපන ක්‍රමවේදයන් අප පාවිච්ච් කල යුතුය. (දී)

:       0       0

චාමර Sunday, 23 February 2014 09:29 AM

තව යමු ෆේස් බුක් (දී)

:       0       0

විද්‍යා Saturday, 22 February 2014 04:29 AM

ෆේස් බුක් වෙබ් අඩවිය විමසිල්ලෙන් පාවිච්චි කළහොත් එය හොඳ දෙයක්. (දිල්)

:       0       0

වසන්ත Sunday, 23 February 2014 11:40 AM

අම්මලාගේ වැරදි (දී)

:       0       0

සොනා - මලයාසියාව Sunday, 23 February 2014 12:03 PM

ළමා මනෝ විද්‍යාව විෂයක් හැටියට සියලුම ගුරුවරුන්ට ගුරු විද්‍යාල වලදී උගන්වනවා.ලෝකයේ තාක්ෂනය ඉක්මනින් වෙනස් වෙනවා.මේ තාක්ෂණ දියුණුව නොදන්නා අය ඒකට දොස් කියනවා.දෙමව්පියන් ගේ මෙහි වැරද්දක් පේන්නෙ නැහැ .ඔවුන් අද සමාජයට ගැලපෙන මාවත නිවැරදිව දුටු අය බවයි පෙනෙන්නේ.මේ දුවත් ඉදිරියේ දී දක්ෂයෙකු බවට පත්වෙන්න තිබුන.මේ දරුවට දුක හිතුන,මානසිකව වැටුනා.විදෙස් රටවල් වල නවීන අධ්‍යාපන ක්‍රම අනුගමනය කිරීමට පියවර ගැනීම වැදගත්.ඒ අතින් පෞද්ගලික පාසල් ඉදිරියෙන් ඉන්නවා.මහලු අයට නව දියුණු තරුණ පරම්පරාව තේරුම් ගැනීමට නොහැකිවීම යථාර්තයයි.(දී)

:       0       0

උදේනී Monday, 24 February 2014 11:29 AM

නවීන තාක්ෂණය නිවැරදිව භාවිත කරන්න අපි සැළකිලිමත් විය යුතුයි (දිල්)

:       0       0

කුමාරි Monday, 24 February 2014 12:05 PM

නවීන තාක්ෂනය අපේ රටේ සංස්කෘතියට ගැලපෙන් නැහැ. එය දැන ගන ළමයි අවශ්‍ය,(අ)

:       0       0

සේරම් Thursday, 20 February 2014 08:37 AM

මේ වගේ දේවල් ඉතා භයානකයි (දිල්)

:       0       0

දුමින්ද Monday, 24 February 2014 12:42 PM

හැමෝම අතම ගරුත්වය ගැන කතා කරනවා.එත් වෙනූෂ ෆේස් බූක් වෙබ් අඩවියට දම තිබුණු පින්තූර නිවැරදිද? (අ)

:       0       0

දුමින්ද Monday, 24 February 2014 12:48 PM

ඒ වගේම මෙම සිදුවීම සියලු .මුහුණු පොත භාවිත කරන්නන්ට හොද පාඩමක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 128 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 352 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 194 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 579 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 683 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2720 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 194 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site