IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විදුලි බල ඛනිජ තෙල් පාඩුව

පාඩු ලබන රාජ්‍ය ආයතන අතුරින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රමුඛ ස්ථානය ගනී. රටට අවශ්‍යම හා ඉතා වැදගත් මෙම ආයතන දෙක පසුගිය වසර කිහිපය පුරාම පාඩු ලබා ඇත.


මෙම ආයතන දෙකේ ණය බර බැංකුවලින් පමණක් (2011 වනවිට) රුපියල් එක්දහස් එකසිය හැත්තෑ නව කෝටි හැට එක් ලක්ෂ අනූහතර දහස් තුන්සිය හැත්තෑ නවයකි (11,79,61,94,379).


මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය මහා භාණ්ඩාගාරයෙන් 2006 වර්ෂයේ දී රුපියල් දශ ලක්ෂ 33,723ක් ද 2007 දී රුපියල් දශ ලක්ෂ 52,499ක් ද 2008 දී රුපියල් දශ ලක්ෂ 64,219ක් ද 2009 දී රුපියල් දශ ලක්ෂ 89,530ක් ද 2010 දී රුපියල් දශ ලක්ෂ 1,66,777ක් ද 2011 දී රුපියල් දශ ලක්ෂ 1,89,090ක් ද වර්ෂ 2012 අගෝස්තු වනවිට රුපියල් දශ ලක්ෂ 2,54,941ක් ද ණය වශයෙන් ලබාගෙන ඇත.


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ දක්වා ලබා ඇති පාඩුව ද එන්න එන්නම වැඩිවී ඇත. වර්ෂ 2011 දී පමණක් සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් නවකෝටි හතළිස් පන් ලක්ෂ අටදහස් තුන්සිය අනූහතරකි (9,45,08,394)


සංස්ථාව මේ තරම් විශාල මුදලක් පාඩු ලැබීමට හේතුවූ කරුණු කාරණා බොහෝය. මේ පාඩුව පසුගිය වසරේ දී තවත් ඉහළ යන්නට ඇත. මෙරට භාවිත වන ඉන්ධන මිල 2007 සිට මේ දක්වා තුන් ගුණයකට ආසන්න ප‍්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. වර්ෂ 2007 දී පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 70.00කි. ඞීසල් ලීටරයක් රුපියල් 60.00කි. භූමිතෙල් ලීටරයක් රුපියල් 48.00කි.


ලෝක වෙළෙඳ පොළේ තෙල් මිලට අමතරව මෙරට සිදුවූ දුෂණ, වංචා මේ මිල ඉහළ යාමට බෙහෙවින්ම හේතු විය. බාල පෙට‍්‍රල්වලට අමතරව බාල ඞීසල් ද මෙරටට ආනයනය කරනු ලැබිණි. බාල ඞීසල් නිසා අලාභහානි වූ දුම්රිය එංජින් 15ක්, බරවාහන 25ක් හා පෞද්ගලික වාහන ගණනාවකට අලාභ ගෙවීමට සංස්ථාවට සිදුවිය.


එමෙන්ම බාල ඞීසල් නිසා වාහන හානිවීම වැළැක්වීමට සුපර් ඞීසල් නිකුත් කිරීමට සංස්ථාවට සිදුවිය. එසේ සුපර් ඞීසල් නිකුත් කළේ. ලීටරයකින් රුපියල් 27.00ක් පාඩු ලබමිනි.


මීට අමතරව සංස්ථාවේ දුෂණ අක‍්‍රමිකතා අවිධිමත් පරිපාලනය ඇතුළු කරුණු ගණනාවක් ද තෙල් සංස්ථාවේ පාඩුවට හේතුවී ඇත. 
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයට සල්ෆ හෙවත් ගෙන්දගම් සංයුතිය අඩු ඉන්ධන ලබාදීමේ ගිවිසුම අකී‍්‍රය කිරීම නිසා සංස්ථාවට කෝටි 27ක මුදල් පාඩුවක් විඳීමට සිදුවී ඇත.


හෙජිං ගිවිසුම තවත් ඛේදවාචකයකි. මෙම ගිවිසුම කඩකිරීම නිසා අදාළ බැංකු කීපයක් ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා ඇත. මෙම නඩුවලින් වන්දි ගෙවීමට නියම වුවහොත් එම ණය කෙසේ ගෙවන්නේ ද යන්න බරපතල ප‍්‍රශ්නයක් වනු ඇත.

 

මීට අමතරව විදුලිබල මණ්ඩලය, මිහින් ලංකා, ගමනාගමන මණ්ඩලය, ශ්‍රීලංකන් එයාර් ලයින්ස්, පොලිස් දෙපාර්තමේන්තුව, ති‍්‍රවිධ හමුදාව, මාර්ග සංවර්ධන අධිකාරිය යනාදී රාජ්‍ය ආයතනවලින් සංස්ථාවට ලැබිය යුතු රුපියල් මිලියන 80,000කට අධික මුදල නිසි ලෙස ලැබෙන්නේ නම් ණය බර සුළු වශයෙන් හෝ අවම කර ගැනීමට ඛනිජ තෙල් සංස්ථාවට අවස්ථාව සැලසේ. 

සංස්ථාව ලැබූ පාඩු අවම කර ගැනීමට හෝ නැවත නැවත වැරැදි සිදුවීම වැළැක්වීමට හෝ නිසි පියවරක් ගත් බවක් නම් පෙනෙන්නට නැත.


වගකිව යුත්තන් උද්ගතවූ ප‍්‍රශ්නත් සමග තනතුරුවලින් මාරු වූවා පමණි. එක් නිලධාරියෙක් සඳහා පමණක් කි‍්‍රයාමාර්ග ගෙන ඇත. තෝරු - මෝරු පැන ගොස් හාල්මැස්සෙක් පමණක් අල්ලා ගෙන ඇත.


හෙජිං ගිවිසුමට මූලික වූවන් තවමත් ඉහළ තනතුරුවල ය. ඔවුන්ට කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැත. අඩු වශයෙන් පාඩුව අවම කර ගැනීමට වගකිව යුත්තන්ගෙන් වන්දි ලබා ගැනීමක් කර නැත.


සංස්ථාවට සිදුවූ පාඩුව හා හානියට වඩා, තනතුරුවල සිටින හිතවතුන්, පාක්ෂිකයින් රැකගැනීම රජයට වැදගත් ය. ඒනිසා සියලූ පාඩු හමුවේ අලස ප‍්‍රතිපත්තියක් පෙන්නුම් කරයි.


මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට මූලික හේතුවක් වූයේ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා අධික මුදලක් වියදම් කිරීමට සිදුවීමයි.


වර්ෂ 2011 පැවැති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලිබල උත්පාදනය සඳහා තාප විදුලිබලාගාර වැඩියෙන් යොදා ගැනීමට මණ්ඩලයට සිදුවිය. එබැවින් විදුලි ඒකකයක් සඳහා සාමාන්‍ය නිෂ්පාදන වියදම රුපියල් 13.51 සිට රුපියල් 15.59 දක්වා ඉහළ ගොස් තිබිණි.


විදුලි බිලට ලබාදෙන සහනාධාරය ද මණ්ඩලයේ පාඩුවට හේතුවක් වී ඇත. වර්ෂ 2011 දී විදුලි බිලට ලබාදෙන ලද සහනාධාරවල මුළු වටිනාකම මෙසේය.


ගාහස්ථ - රුපියල් මිලියන 17,568
හෝටල් 90
කර්මාන්ත 5,913
වීදි ලාම්පු 2,205
ආගමික ස්ථාන 161


නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම් සඳහා චීන රජයෙන් ලබාගත් ණය මුදල රුපියල් මිලියන 55,300කි.
විදුලිය සඳහා දැරීමට සිදුවී ඇති අතිවිශාල මුදල නිසා මණ්ඩලයට ලාභයක් ඉපයීමට නොහැකිවී ඇත. වර්ෂ 2012 අගෝස්තු වනවිට මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 43,722කි. 

 

දයාසීලී ලියනගේ

 



අදහස් (0)

විදුලි බල ඛනිජ තෙල් පාඩුව

අසේල Thursday, 28 February 2013 02:28 PM

ඔය දෙකෙන්න්ම දුක් විදින්නේ අපි (දී)

:       0       0

නීලා Monday, 25 February 2013 12:17 PM

අන්තිමට සේවක අතිරික්තයේ බරත් අපේ පිට උඩම තමයි. (නි)

:       0       0

සූකිරි Monday, 25 February 2013 12:15 PM

ඇමතිලා වෙනස් වුන නිසා යාපනයේ විදුලි බලා ගාරයේ නාමපුවරුව වෙනස් කරන්න ලක්ෂ 10 යක් ගියාලු. අළුත් තෙල් ඇමති පිලිගන්ඩ ලක්ෂ සීයක් ගියාලු. ඉතින් පාඩු වෙන්නේ නැද්ද.(නදී)

:       0       0

සුජී Thursday, 28 February 2013 09:36 PM

කොච්චරක් වැඩි කලොත් ද ඕන ලාබ ලැබෙන්නේ.(නදී)

:       0       0

නලින්ද Tuesday, 26 February 2013 05:01 PM

ඉතා හොදයි ලංකා විදුලි බල මණ්ඩලය... (නි)

:       0       0

සංජීව Thursday, 28 February 2013 11:42 AM

මමත් ඡන්දේ දුන්නා. ඒක නිසා දැන් අපි අපිටම ගහගන්න ඕනෑ. (නි)

:       0       0

ඡායා Wednesday, 06 March 2013 12:39 PM

තෙල් සංස්ථාවයි, විදුලිබල මණ්ඩලයයි , දෙකම පාඩුවට පවත්වාගෙන යද්දී වසර අවසනේ සේවකයින්ට ප්‍රසාද දීමන ගෙවන්නේ මොන පදනම මතද? වැඩේ ඇද වගේම කැතයි.පාඩුවට හේතු සොයා පිළියම් නොයොදන්නේ ඇයි .දේශපාලන වාසි තකාද?(නදී)

:       0       0

දිලිප් Tuesday, 26 February 2013 12:31 PM

ඇත්තද අනේ මැදපෙරදිග ඉදලා මෙහාට ගේන්න රුපියල් 89යි. කොළඹ ඉදලා ෂෙඩ් එකකට එන්න රුපියල් 73 යි.(නදී)

:       0       0

මාලා Thursday, 28 February 2013 05:28 PM

ඡන්ද වලට වැඩකරන අයට තව රස්සා දෙන්නකෝ තව ලාබ වේවි.(නදී)

:       0       0

අරවින්ද Thursday, 28 February 2013 01:01 PM

පැරණි ශීතකරණය ඉවත් කර නව ශීතකරණය මගින් මාසික විදුලි බිල රුපියල් 3600 සිට 900 දක්වා අඩු කරගතිමි. අපේ නාස්තිය, අධි භාවිතය අඩුකරමු. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 28 February 2013 07:16 AM

විපක්ෂයේ ඡන්ද වලින් ආණ්ඩුවට එක්වූවන් මීට වගකිව යුතු බව මගේ හැගීමයි. (නි)

:       0       0

පාලිත Tuesday, 26 February 2013 10:24 PM

ඇත්තද මැති ඇමතිවරුන්ට නොමිළයේ ඉන්ධන සපයනවා කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 116 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 94 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 188 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 381 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 383 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 121 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site