IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලෝකයේ දියුණු රටවල් අධ්‍යාපනයට දොර අරිද්දී අපේ රටේ කෙනෙත්තිලි

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හෝ විද්‍යාර්ථීහු වරින් වර වර්ජනයෙහි යෙදෙති. අධ්‍යයන වාරය තුළ පැන නැගෙන එවැනි අවස්ථා අඛණ්ඩ ඉගෙනුමට බාධාවක් බව නොකිවමනාය. නිදහස් අධ්‍යාපනයට ඇති අයිතිය කප්පාදු නොකරන සේ ශිෂ්‍යයෝ බල කරති. වෘත්තීයවේදීහු අහිමි වරප්‍රසාද ඉල්ලා සටන් කරන බව කියති.

අනධ්‍යයන කාර්ය මණ්ඩලයට දීමනා ප්‍රශ්න තිබේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විෂමතා තිබේ. අධ්‍යාපන අවස්ථා සම්පාදනය ආණ්ඩුවේ කාර්යයක් පමණක් නොවන පසුබිම තුළ අරගල සංසිඳුවීම අරභයා එක පාර්ශවයකට පමණක් වගකීම පැවැරිය නොහැකිය. දිගින් දිගටම පවතින විරෝධතා හා වර්ජනවලින් රටට අහිමි වන වටිනාකම් ගැන බරපතළ සමාලෝචනයකට යා යුතුව තිබේ.

පසුගිය දා බි්‍රතාන්‍ය රජය එරටට එන විදේශික ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ සහනයක් ප්‍රකාශයට පත් කළේය. ඉගෙන ගැනීමෙන් පසු තවත් දෙවසරක කාලයක් තාවකාලික වීසා පදනමකින් සිටිය හැකි අතර ආදායමක් උපයා ගත හැකි බව නිවේදනය කර තිබේ. 2012 වසරේ දී අත්හිටුවන ලද එම වරම නැවත ලබාදීම පිටුපස වේගයෙන් වෙනස් වන ලෝක ප්‍රවණතා ගැන දැක්මක් තිබේ. කැනඩාව, නවසීලන්තය හෝ ඕස්ටේ්‍රලියාව පවා එම රටවල්වල අධ්‍යාපන අවස්ථා සඳහා වෙනත් රටවලින් ශිෂ්‍යයන් කැඳවීමේ දී සෑහෙන පහසුකම් සපයති. චීනය හා ජපානය යන රටවල් පවා මුලින් සඳහන් කරන ලද රටවල් හා සමානව අතිරේක පහසුකම් දෙන අතර ශිෂ්‍යත්ව විශාල සංඛ්‍යාවක් ද ප්‍රදානය කරති. එයින් අදහස් කරන්නේ දැනුම සොයාගෙන ඇදෙන තරුණ ප්‍රජාව ආකර්ශනය කිරීමේ වැඩපිළිවෙළකි. තුන්වන ලෝකයේ දක්ෂ දරුවන් ඉගෙන ගැනීමට ඇති අවස්ථා සොයමින් ලෝකය පුරා සැරි සරන අතර එම දරුවන් ගේ දැනුම හා අලුත් ශ්‍රමය රටකට කැඳවා ගැනීම එහි අරමුණු වෙයි. එය එම රටවල දියුණුවට ප්‍රයෝජනවත්ය. දහතුන් අවුරුද්දක් නොමිලේ උගන්වන ශ්‍රී ලංකාව එයින් පසු දරුවන්ට ලෝකයේ ඕනෑම රටකට ගොස් ඉගෙන ගැනීමට දොරටු විවෘත කරයි. රටින් බැහැර යන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙරට මහජන මුදලින් ඉගෙනගෙන ජීවිතයේ හොඳම කාලයේ දී වෙනත් රටක නිෂ්පාදනය නංවන්නට කැපවෙති. රටට සුදුසු ප්‍රතිපත්තියක් ද යන්න අවධානය යොමු කළ යුතුය.

තරුණ ප්‍රජාව රට හැර යෑමට දක්වන උනන්දුව ඉහළ ගොස් තිබේ. ඉගෙන ගැනීමට යන පිරිස අධ්‍යාපන කටයුතුවලට පසු වෘත්තීය අවස්ථා සොයා ගනිති. මෙරට විශ්වවිද්‍යාලවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා ඒවායේ පවතින දුර්වල ක්‍රියාකාරීත්වය මෙවැනි පසුබිමක් හැදෙන එක හේතුවක් බව අමතක කළ යුතු නැත. උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන් අතරින් එක් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන නමුත් එයින් විසි දෙදහසකට වඩා පද්ධතියේ පහසුකම් නැත. විශ්වවිද්‍යාලයට තේරී පත්වන සිසුන් අතරින් පවා කොටසක් එය අතහැර යන ප්‍රවණතාවක් තිබේ. වාර්තා දක්වන පරිදි වසරකට දෙදහසක පමණ පිරිසක් රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළු වන අවස්ථාව අත්හැර දමති. නවක වධය එයට එක හේතුවක් සේ දැක්වෙයි. අනෙක වෙනත් අවස්ථා ලැබීමයි.

රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූ පසු අධ්‍යයනයට පවතින ක්‍රමය සුදුසු එකක් නොවේ. මුලින් සඳහන් කරන ලද පරිදි අධ්‍යයන වර්ෂයක් තුළ අවස්ථා ගණනාවක දී ඉගෙනුමට බාධා එල්ල වෙයි. ශිෂ්‍ය විරෝධතා හෝ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ වර්ජන නිසා නාස්ති වන කාලය සැලකිය යුතු තරම්ය. අනෙක ප්‍රමිතිය හා දේශනවල පවතින තත්ත්වය උසස් නැති බවට මතයක් තිබේ.

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැටුප් ප්‍රශ්නයක් මත නොබෝදා අරඹන ලද අරගලය නොවිසඳී අදට දින දහසයක් ගත වී ඇත. එය අභ්‍යන්තර ශිෂ්‍යයන්ගේ පමණක් නොව බාහිර ශිෂ්‍යයන්ගේ ද අධ්‍යයන සැසි අඩාල කළේය. මෙරට විශ්වවිද්‍යාල සවස හා සති අන්තයේ පවත්වන නොයෙක් අධ්‍යයන පාඨමාලා සඳහා ඉල්ලුම් පත් කැඳවයි. ඒවා නොමිලේ පවත්වන ඒවා නොවේ. සාමාන්‍ය බඳවා ගැනීමේ පටිපාටියට වෙනස්ය. ඇතැම් ශාස්ත්‍රීය පාඨමාලා වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක සිට ලක්ෂ දහයක දක්වා ගාස්තු අය කරයි. අඩුම ගාස්තුවක් අය කරන ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාවකට පවා රුපියල් විසි දහසකට වඩා අය කෙරේ. මෙම පාඨමාලා විශ්වවිද්‍යාලයේ දේශන ශාලා ඇතුළු පහසුකම් භාවිතා කර පවත්වන අතර පාඨමාලා සම්බන්ධීකාරක අංශ ඒවා ප්‍රතිපාදන කොමිසමෙන් අනුමත කරගෙන ඇති බව නිසැකය. සතියේ නොමිලේ ඉගැන්වීම ලබන ශිෂ්‍ය පරම්පරාවට වඩා වැඩි පිරිසක් සවස සහ සති අන්තයේ පවත්වන පාඨමාලාවලට මුදල් ගෙවා ඇතුළත්ව සිටිති. එම පාඨමාලාවලින් අය කරන ගාස්තුවලින් එකතු වන මුදලක් තිබේ. ඒවා සම්බන්ධීකාරකවරයාගේ සිට බාහිර පාඨමාලා පවත්වන අවස්ථාවේ සේවය කරන අධ්‍යයන හා අනධ්‍යයන සෑම පුද්ගලයකුටම අතිරේක ආදායමකි. එය නරක අදහසක් නොවේ. බුද්ධිමතුන්, බුද්ධිය බිහි කරන ආයතන එසේ ක්‍රියා කළ යුතුය. එහෙත් එවැනි පාඨමාලාවලට පවා මුදල් අය කරගෙන වර්ජන හෙයින් නොපැවැත්වීම බරපතළ වරදකි. එයින් වන අවාසියට වගකියන්නේ කවුද?

අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ගැටලු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව පමණක් නොව බාහිර පාඨමාලාවලට මුදල් ගෙවා අවස්ථාව ලබාගෙන ඇති පිරිසට පවා ප්‍රශ්නයකි. වගකිව යුතු අංශ මේවා ගැන අවධානය නොදක්වන්නේ ඇයි? අනධ්‍යයන වර්ජනය අවසන් වන විට අධ්‍යයන කාර්ය මණ්ඩලය සිට වැටුප් හා දීමනා සම්බන්ධ නොවිසඳුන ප්‍රශ්න අරමුණු කරගෙන වර්ජනය කරන බව ප්‍රකාශයට පත් කර ඇත. විශ්වවිද්‍යාල පද්ධතිය මෙවැනි කනගාටුදායක තත්ත්වයක පවතින විට දැනුම නිෂ්පාදනය කරන්නේ කෙසේද? බුද්ධිමතුන් මෙම විපරිතය ගැන කරන විග්‍රහය කුමක් ද?

බි්‍රතාන්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පසුගියදා වර්ජනයක් ක්‍රියාත්මක විය. එම කාලය තුළ එරට පුවත් පතක් මෙම වර්ජනය ගැන පර්යේෂණයක් කරන ලද අතර තෝරා ගත් සාම්පලයට අනුව එක කොටසක් වර්ජනය සුදුසු බව කියා සිටියේය. තවත් කොටසක් එය නුසුදුසු බව කියා ඇත. දෙපැත්තටම එක හා සමාන ප්‍රතිශතයක් තිබුණ අතර දෙපිරිසම තමන්ගේ කාලය හා ධනය නිරපරාදේ නාස්තිවීම ගැන කනස්සල්ල පළ කර තිබුණි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල සිදුවන විරෝධතා හෝ වර්ජන සාමාන්‍ය ඒවා නොවේ. මේවායේ සේවය කරන පිරිස බුද්ධිමතුන්ය. ඉගෙන ගන්නේ අවබෝධයක් ඇති පිරිසකි. දින ගණන් නාස්ති කරන විට ඇති වන ප්‍රතිඵලය ගැන තක්සේරුවක් තිබිය යුතුය. මධ්‍යස්ථ පිරිස් මත විමසුමක් කර මෙහි ඇත්ත යුක්ත අනාවරණය කළ යුතුය. එය වර්ජනයෙහි නිරත පිරිසට පමණක් නොව පාලකයන්ට ද තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට පසුබිමක් නිර්මාණය කරයි. අභාග්‍යයකට තීරණ ගැනීම හැර ඒවායෙන් සිදුවන අනිටු විපාක ගැන තක්සේරු කරන්නට අප සූදානම් නැත.

සාරා කන්දෙගොඩ



අදහස් (7)

ලෝකයේ දියුණු රටවල් අධ්‍යාපනයට දොර අරිද්දී අපේ රටේ කෙනෙත්තිලි

Bimal Thursday, 26 September 2019 07:46 PM

වෙනත් රටවල අධ්‍යාපනය නොමිලේ සපයන්නේ නැත. එමෙන්ම රාජ්‍ය අංශය ඇතුළු සියලු දෙනා බදු ගෙවති. රටේ තරුණයන් උසස් අධ්‍යාපනය කරන ගමන් කම්කරු රැකියා කර ශ්‍රම බලකායේ ඇතුලත් වෙති. දියව් දියව් යනුවෙන් උපන්දා සිට අනුන්ගෙන් යැපෙන්නම බලන් සිටින අපේ රටේ අයිතිවාසිකම් ගැන පමණක් බෙරිහන් දෙති. රටට විය යුතු යුතුකම් දන්නේ නැත. ඕස්ට්‍රේලියාවේ සිසුන්ට පහසුකම් ලැබෙන්නේ ඒ රටේ සිසුන් ඇතුළුව සියලු දෙනා බදු ගෙවමින්, සිසුන් රටේ මහජනයාට විහිළුවක් නොවී ජීවත් වෙන නිසාය.

:       58       50

lalithm Friday, 27 September 2019 03:10 AM

අපේ විශ්වවිද්‍යාල පද්ධතිය හරිම පසුගාමී නොදියුණු තත්වයේ තියෙන්නේ. පාඨමාලා පරණයි. නිෂ්පාදන ව්‍යාපෘතිවලට දායක වෙන්නේ නැහැ. රාජ්‍ය සේවය බලාගෙන ඉගෙන ගන්න බාලයින් බිහිකරන තැනක් බවට පත්වෙලා. අනික කාර්යමණ්ඩල හරියට රජවරු වගේ හිතන්නේ. මේවා දියුණු කරන්න නම් පර්යේෂණ කරන්න පුළුවන් මට්ටමේ අධ්‍යයන සහ අනද්‍යයන කාර්ය මණ්ඩල පත්කරගන්න ඕනේ. දැන් ඉන්න අනධ්‍යයන කාර්ය මණ්ඩල හොඳ කම්කරු ලිපිකරු වැඩට විතරයි. එසේ නොමැතිනම් අනධ්‍යයන කාර්යයන් කොන්ත්‍රාත් පදනමින් කර පර්යේෂණ සඳහා උගත් කාර්යමණ්ඩල ලබාගෙන ඔවුන්ට ගෙවීම් ඔවුන් සිදුකරන පර්යේෂණ සහ ව්‍යාපෘති මගින් උපාය ගන්න සලස්වන්න. එතකොට ආචාර්ය මහාචාර්යවරුත් ඔවුන්ගේ යටතේ ශිෂ්‍යයනුත් ප්‍රතිලාභ ලබාවි. රටටත් සේවයක් වේවි. හොරු නිකම්ම පරල වේවි.

:       116       157

sanaSaturday, 28 September 2019 06:12 PM

ඔයා ඔය කතා කරන්නේ කිසි දෙයක් නොදැන. විශ්වවිද්‍යාල වල අනධ්‍යන කිව්වම කම්කරුවා, රියදුරා,ලිපිකරුවා වගේම ශිල්පීය කුසලතා සහිත මේසන්වරු, වඩු බාස් වරුත් අයිතියි.පර්යේෂණ කරන එක එයාලට අදාළ නෑ. අනික ඔයා දන්නවද ලංකාවේ පළමු උපාධියෙන් පමණක් දේශකවරයෙක් වෙන ආධුනික කථිකාචාර්යවරයෙක්ට පවා තමන්ගේ මූලික වැ‍ටුප වගේ 100% කොටසක් අධ්‍යන දීමනා විදිහටත්, තව 35% කොටසක් පර්යේෂණ දීමනා හැටියටත් ගෙවනවා. අනික ඔයා ඔය කියන පර්යේෂණ කොච්චර වුනත් ඕවායින් ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න හැකි ඉතා සුළු ප්‍රමාණයක් විතරයි. ඔය පර්යේෂණ කරා කියලා ලංකාවේ විශ්වවිද්‍යාල උඩු යටිකුරු වෙන්නේ නෑ. මොකද කොච්චර පර්යේෂණ කරත් අන්තිමට විදේශ දැනුම තමයි උගන්වෙන්නේ.

:       148       166

lalithmMonday, 30 September 2019 05:08 AM

හුඟක් රිදිලා වගේ. ඔබ කියන එක හරි. පර්යේෂණයක් කරන්න පුළුවන් වෙන්නේ ඔබ ඔය කියන අයත් එක්ක නොවේ. ඔවුන් ඔක්කොම ඉන්නේ සල්ලි ඉල්ලලා උද්ඝෝෂණ කරන එදාවේල හොයන න්‍යායේ. විදේශ දැනුම ගන්න වෙලා තියෙන්නේ.. දැනට උගන්වන පාඨමාලා යල් පැන්න ඒවා නිසා. වර්ජන, තර්ජන මැද නියමිත කාලය උගන්වන්නේ නැතිව සිසුන් එළියට එවනවා. කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා මොනවා හරි නිර්මාණාත්මක පර්යේෂණ කරන්න පෙළඹෙනවා නම් නිෂ්පාදකයෝ දෙස්විදෙස් දෙකෙන්ම අතදෙනවා. තුට්ටු දෙකේ කම්කරු චින්තනයේ ඉන්න ඔබ වැනි අය සුදුසු අතීතයේ තිබී වලලා දැමුණු වාමාංශික ව්‍යාපාරවලට මිස නවීන විශ්වවිද්‍යාලවලට නොවේ.

:       244       164

sam Friday, 27 September 2019 11:53 PM

ලොව කීර්තිමත් විශ්ව විද්‍යාල කීපයක් ලංකාවට ඇවිත් බැරිමතැන මලයාසියාවට ගියා. බොහෝ රටවල ද්විතීක අධ්‍යාපනය නොමිලේ දෙන්නේ නැහැ. අනෙක මේ (ෆ්‍රී) කියන්නේ නොමිලේ. නිදහස් කියන්නේ (ඉන්ඩිපෙන්ඩන්ට්) ශිෂ්‍ය ව්‍යාපාර හදන්නේ සැපයුම අඩුකරගෙන ගොඩ බෙදා ගන්න.

:       28       74

අප්පුහාමි Wednesday, 02 October 2019 01:12 AM

මෙය මට හිතෙන හැටි වෙන්න පුළුවන්. ලංකාවේ සමහරක් දේශපාලන පක්ෂ ශිෂ්‍ය සංගම් මෙහෙය වනවා. සිසුන් ඉගෙනගතහොත් ඔවුන්ට පැවැත්මක් නැතිවෙනවා. දෙවැන්න දැනට රටේ පුද්ගලික විශ්ව විද්‍යාලත් ටිකක් තියෙනවා. දරුවන් ඒවාට යොමුකිරීමට රජයේ විශ්ව විද්‍යාලවල සමහරුත් කැමතියි. ඇයිද කියනවානම් සමහර ඇදුරන් ඒවායේ සේවයකරන නිසා. තෙවනුව රජයේ වැටුප් කමිටු කටයුතු කරන්නේ කිසිම සැලසුමකින් තොරව කියන්න වෙනවා. හේතුව මෙම කමිටුවල කටයුතු කරන්නේත් රජයේ තනතුරු දරණ හෝ දැරූ පිරිස්වල අය. ඔවුන් දන්නේ ඔවුන්ට අදාල තනතුරු ගැන පමණයි අනෙක් සේවාවන් ගැන දන්නේ නැහැ. අවසාන වශයෙන් කියන්න වෙන්නේ උසස් අධ්‍යාපනයක් නොලත්වුන් රජවුනාම අධ්‍යාපනයට කෙනෙහිලි වෙනවා කියලයි

:       0       54

Chanaka Wednesday, 02 October 2019 08:17 AM

සහතික ඇත්ත. මේ නිසා තරුණ ජීවිත අසහනයට සහ තදබල පසුතැවීම් වලට ලක්වේ. මේ පිටුපස සිටින්නේ අකාර්යක්ෂ පාලක පන්තියයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 93 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 80 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 176 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 362 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 378 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 116 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site