IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමංවූ කාන්තාව

21_SLTK_P_7  

 

‘‘ලිහිණි අක්කේ...ඒ.........ඒ.........ඒ.........ඒ....’’ රත්නපුර ශ‍්‍රී පලාබද්දල මාර්ගය ඔස්සේ සිරිපා වන්දනාවේ යන බොහෝ බැතිමතුන් ඒ මාර්ගයේ දී හමුවන ‘ලිහිණි හෙළේ’’ දී එසේ හයියෙන් කෑ ගසා කියන්නේ අනික් පස ඇති මහා කලූගලක් සහිත කන්ද දෙස බලාගෙනය. ඒ හ`ඩ කන්දේ ගලේ හැපී ‘‘ ඕ..... ඕ..... ඕ..... ඕ..... ඕ....’’ යැයි ඒ හ`ඩ යළි දෝංකාර දෙයි.


ඒ දෝංකාරය ඇසීමට ලොකු කුඩා කවුරුත් තමන්ට හැකි හයියෙන් ‘‘ලිහිණි අක්කාට’’ කතා කර සිරිපා කරුණා කරන්නට අමතක නොකරයි. පසුගිය දොළොස්වනදා ද, සිරිපා කරුණාකරන නඩයක් මධ්‍යාහ්නයේ ‘‘ලිහිණි හෙළ’’ ළ`ගින් සිරිපා කරුණා කරද්දී ‘‘ලිහිණි අක්කේ .....ඒ.........ඒ.........ඒ.........ඒ....’’ යැයි කෑගැසුවේ කවුරුත් කරන සිරිතට අනුවය. ඒ හ`ඩ එහා කන්දේ හැපී ඇසුණු ‘‘ ඕ..... ඕ..... ඕ..... ඕ..... ඕ....’’ යන දෝංකාරය අවසානයේ ‘‘ඇයි ...යි....යි...යි....යි’’ යන හ`ඩක් ඇසෙන්නට විය.


ලිහිණි හෙළ දෙසින් දෝංකාරයෙන් ඇසුණ ‘‘ඇයි’’ යන හ`ඩ ‘‘ලිහිණි අක්කේ’’ යැයි කතාකළාට දුන් පිළිතුරක්දැයි ඇසුණු අයට සැකයක් මතුවිය. තමන් මේ සිටින්නේ සමන් දෙවි අඩවියේ බව දැනගත් ඒ හ`ඩ ඇසුණ අයගේ හිත් තුළ පුංචි චකිතයක් ද ඇති නොවුණා නොවේ. ‘අපේ නඬේ කවුරුවත් කටවත් වරද්දාගත්තාද?’ කාටවත් නොකීවත් සමහරු එසේ ද සිතූහ.


නැවතත් කිහිප අවස්ථාවක්ම ‘‘ලිහිණි අක්කේ’’ යැයි කීවිට දෝංකාරය අවසානයේ එහා කන්දෙන් ඇසුනේ ‘‘ඇයි ...යි....යි...යි....යි’’ යන පිළිතුරයි. ඊළ`ගට මෙහා කන්දේ අය ‘‘ඔයා කවුද? කොහේද?....අ........අ........අ....’’ යැයි ඇසුවේ සිරිපා අඩවියේ මහ කැළෙන් ඇසුණ ඒ කාන්තා හ`ඩ ගැන සැක සිතීමෙනි. ‘‘මම බත්තරමුල්ලේ...ඒ.......ඒ.......ඒ.... කැලේ අතරමංවෙලා ...ආ......ආ......ආ...’’ දෝංකාරය ඔස්සේ පිළිතුරු ලැබිණි.


ඒ සමගම ‘‘ලිහිණිහෙළ’’ දෙස බලද්දී පාරෙන් අනික් පැත්තේ මහා බෑවුමක් සහිත කන්දේ රතු පැහැති ඇ`දුමක් ඇ`දගත් කාන්තාවකගේ රුවක් පුංචියට දිස් විය. ලිහිණිහෙළට ඉහළින් පිහිටි ‘‘ගැටේකඬේ’’ අයටද මේ දෙබස් දෝංකාර දුන්නේය. ගැටේ කඬේ ළ`ගට ලිහිණිහෙළ කන්ද තරමක් හො`දින් පෙනෙයි.  මේ අතරවාරයේ පලාබද්දල සිරිපා මාර්ගයේ පලාබද්දල සිට කිලෝමීටර් දෙකක් පමණ දුරකින් කන්දේ පිහිටි පවනැල්ල ප‍්‍රදේශයේ පොලිස් මුරපොළේ නිලධාරීන්ට දහවල් එකයි තිහට පමණ පණිවිඩයක් ලැබුණි.


ඉන් කියවුණේ කාන්තාවක් ලිහිණිහෙළ කන්දේ අතරමංව ඇති බවයි. සමනල අඩවියේ කෙනෙකු අතරමං වීම ඉතා අවදානම්ය. ඉන් පළමුවැන්න පවතින අධික ශීත දේශගුණයයි. අනික තද වර්ෂාවයි. මහ කැළේ සතා සිවුපාවන්ගෙන්ද අඩුවක් නැත. බොහෝ වෙලාවට දිරාගිය පර`ඩැල් අතර මෙන්ම ගස්වල කොළ අතර පලා පොළොංගු බහුලය. කුණකටුවා, කරවලා ආදී සර්පයන් ද එහි සිටී.

 

55

 


එමෙන්ම දිවියා ද වළහා ද සමනල අඩවියේ පසුවන දරුණු සිවුපාවුන්ය. කලකට ඉහතදී සමනල අඩවියේ භාවනානුයෝගී හිමිනමකට වළස් තඩියෙක් කඩාපැන නාසය කඩාගෙන ගොස් තිබුණි. ‘‘වළහ පැන්න හාමුදුරුවෝ’’ යැයි බොහෝ දෙනෙකු උන් වහන්සේ හැ`දින්වූහ. අනික් කරුණ නම් මේ කියන ‘‘ලිහිණි හෙළ’’ කන්ද අඩි සිය ගණනක බැවුමක් සහිත ගල්තලා ද සමගින් වූ ගමන දුෂ්කර වූ ප‍්‍රදේශයක් වීමයි. සිිරිපා පාරට පහළින් පුංචියට ගලනා කළු ග`ගට එගොඩින් ඇති ඒ කන්ද තරණය ලෙහෙසි නැත. කළුවර වැටෙන්නට ඇත්තේ තව පැය හතරකි.


එවැනි වාතාවරණයක් හමුවේ පවනැල්ල පොලිස් මුරපොළට ලැබුණු පණිවිඩයට කඩිනම් පියවරක් ගත යුතුය. ප‍්‍රමාද වන සැම තත්පරයම ජීවිතයක් අවදානමට ලක්කිරීමක් විය හැකිය. ‘‘ලිහිණි හෙළ කන්දේ’’ අතරමං වූ කාන්තාව ජීවග‍්‍රහයෙන් බේරා නොගත්තොත් එහි වරද පැටවෙන්නේ පොලිසිය වෙතය. පවනැල්ල පොලිස් මුරපොළේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක ජයතිස්ස මහතා සහ කොස්තාපල් (42659) පෙරමුණගේ පේ‍්‍රමසිරි යන මහත්වරු වහා තීරණයක් ගත්හ. ඒ අනුව කොස්තාපල් (42659) පෙරමුණගේ මහතා වහාම සිරිපා පාර දිගේ ගැටේ කඬේට ගියේය. එතනට ගියවිට ඔහුට පාරෙන් එහා පැත්තේ කන්දේ අතරමංව ඇතැයි කියූ කාන්තාව කුඩාවට දිස්විය. ඒ ඇය ඇ`දසිටි රතු පැහැති ඇ`දුම නිසාය.


කන්ද පෙනුමෙන් ළ`ග වුවත් එහි යාම ලෙහෙසි නැත. ගැටේ කඬේ ළ`ගට ‘‘ලිහිණි හෙළ’’ හො`දින් දිස්වන අතර හයියෙන් කෑගසා කීවොත් එහා කන්දේ ඉන්න කෙනෙකුට එය ඇසෙයි. කොස්තාපල් (42659) පෙරමුණගේ මහතා කඬේ අයට උපදෙස් දුන්නේ තමන් එහා කන්දට යන අතර ‘‘හූ’’ හ`ඩක් ඇසුනොත් ඊට පිළිතුරු ‘‘හූවක්’’ දෙන ලෙසය. ගැටේ කඬේ පහුකර කොඩිය කඬේ වෙත ගිය කොස්තාපල් පෙරමුණගේ මහතා සමග පලාබද්දල සිට හැටන් පාර දක්වා වූ කොටසේ සනීපාරක්‍ෂක සේවකයන්ගේ වැඩ අධීක්‍ෂක ලෙස රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පත්කර ඇති තිලක් නිශාන්ත (22), සනීපාරක්‍ෂක සේවක ශිව කුමාර් සමග ලිහිණි හෙළ සමුපකාරයේ ජනිත් ප‍්‍රභාත් රණසිංහ (18) යන තිදෙනාත් එකතුව පාරක් තොටක් නැති, වගවළසුන් වැනි සතා සිවුපාවුන් ද ගිරිදුර්ග ද අඩුනැති සමනල අඩවියේ අතරමං වූ කාන්තාව බේරාගැනීමේ මෙහෙයුම සැලසුම් කළහ. කොඩිය කඬේ මුදලාලි ගමනට අවශ්‍ය බිස්කට්, චොකලට්, ග්ලූකෝස්, බීමවර්ග දුන්නේය. එපමණක් නොව රොටි කිහිපයක් ද ඔතා දුන්නේය. එතන සිටි හිමිනමක් විදුලි පන්දමක් දුන්නේය. දේව කරුණාවයි කියමින් පිරිස සිරිපා මලූව දෙසට කිලෝමීටරයක් පමණ ඉහළට ආවේ ඉදිරිපසින් පෙනුන ‘ලිහිණි හෙළ’ කන්දට යා හැකි පහසු ක‍්‍රමය එය නිසාය.


කොඩිය කඬේ පසුකර කිලෝමීටර් දෙකක් පමණ එනවිට දියබෙත්ම හමුවෙයි. ඒ කළුගෙ`ග් ඉහත්තාවයි. කළු ගෙ`ගන් එගොඩවන්නට සුදුසුම තැන එතනයි. එතැනදී කළු ගෙ`ග් පළල අඩි දෙකකට වඩා නැත. සිරිපා පාරේ පිහිටි ගජමන් නෝනාගේ වලව්වට පහළින් දියබෙත්මට ආ මේ සිව්දෙනා කැළයට ඇතුළුවන්නට පෙර කොළ අත්තක් කඩා කුඩා ගසක එල්ලා දෙවියන්ගේ පිහිට ප‍්‍රාර්ථනා කළහ. ඒ වනවිට වෙලාව පස්වරු තුනට ආසන්නය.


එතැන් සිට හරිහමන් පාරක් නැති, හිතේ සැකේට ‘‘ලිහිණි හෙළ’’ ඉසව්ව සොයා මේ සිව්දෙනා පිටත් වන්නට වූහ. කළු ග`ග දිගේ ගියොත් අතරමංව සිටි කාන්තාව පෙනුන තැනට ගොඩවන්නට මහා බෑවුමක් තරණය කළ යුතුය. ඒ නිසා ක`දු මුදුන පැත්තෙන් හරහට යන්නට පිරිස තීරණය කළහ. ඒ අනුව කිලෝමීටර් දෙකක් දෙකහමාරක් කන්ද ඉහළට ගියහ. ඒ යන්නේ හරිහමන් පාරක නොවේ. කුඩා ඇළවල්වලින් එගොඩ වෙමින් මේ පිරිස තමන් යන ඉසව්ව දැනගැනීමට ‘‘හූවක්’ තැබු විට කොඩිය කඩෙන් පිළිතුරු‘‘හූවක්’’ ලැබෙයි. ඒ අනුව තමන් යායුතු දිසාව අනුමාන කරගෙන ඉදිරියට ගියහ.


කොඩිය කඩෙන් ඇහෙන ‘‘හූව’’ තමන් SLD_20150322_B007පසුකර ඉදිරියට යනවිට පාර සොයාගන්නට මග පෙන්වූයේ ‘‘ගැටේ කඩෙන්’’ දෙන පිළිතුරු ‘‘හූවයි’’. මේ ආකාරයට කිසිම තැනක විඩා නිවන්නවත් නොනැවතී ඉදිරියට ගියවිට පිරිසට තේරුණේ අතරමංවූ කාන්තාව සිටි ඉසව්ව පසුකරගෙන ගොස් ඇති බවයි. කෙසේ වෙතත් ‘‘ගැටේ කඩෙන්’’ ලැබුණු ‘‘හූව’’ අනුමාන කරගෙන පහළට බැසි යුතු යැයි කොස්තාපල් පෙරමුණගේ ඇතුලූ පිරිස තීරණය කළහ. මේ වනවිට ඔවුන් කිලෝමීටර් පහක් හයක් සමනල අඩවියේ ඇතුළට ඇවිදින්ය.


දෝතලූ සහ බටගස් බහුලව තිබූ ඒ ඉසව්ව ඉතා හො`දින් පරීක්‍ෂාකරද්දී බටගස් තැලී පොඩිවී කොටයක්ද පෙරළී තිබෙන ආකාරයක් පිරිසට දිස්විය. ‘‘එකත් එකටම මේ මනුස්සයා මෙතනින් පහළට බහින්න ඇත්තේ. අපි පහළට බැස්සොත් ඒ කාන්තාව හමුවෙයි.’’ මෙහෙයුමට නායකත්වය දෙන කොස්තාපල්  පෙරමුණගේ පිරිසට උපදෙස් දුන්නේය. පෙරමුණගේ මහතාගේ ජංගම දුරකතනය පිරික්සද්දී එහි සංඥා තිබුණි. වහාම ගැටේ කඬේට පණිවිඩයක් දුන්නේ අතරමං වූ කාන්තාවට කෑගහන්න යැයි කියන්නටය. පණිවිඩය ක‍්‍රියාත්මක විය. පෙරමුණගේ මහතා ඇතුලූ පිරිස පහළට බහිද්දී එහා පැත්තේ ගැටේ කඬේ පැත්තෙන් මහ හ`ඩින් කාන්තාවට කෑගහන්න යැයි උපදෙස් දෙන හ`ඩ දෝංකාර දෙමින් ඇසුණි.


දැන් පිරිස බහින්නේ ඉතා තද බෑවුමකටය. වැරදීමකින් පය ලිස්සා ගියහොත් අඩි සියගණනක් පල්ලමේය. ‘මේ කාන්තාව මේ වගේ පල්ලමක් කොහොම බැස්සාද?’ කාටත් ප‍්‍රශ්නයක් විය. ටිකදුරක් පල්ලමට බහින විට මැරුණු සතෙකුගේ මළකුණක ග`දක් වහනය වන්නට විය. වටපිට බලද්දී හො`දට වැඩුණු පූසෙකුට වඩා තරමක් ලොකු දිවි පැටවෙකුගේ මළකුණකි.  එකත් එකටම මේ ඉසව්ව දිවියන් ගැවසෙන ප‍්‍රදේශයක් විය හැකි බව කාටත් ඉන් වැටහිනි. ‘‘අක්කේ....අක්කේ...’’ කියමින් පිරිස ගස්වල ආධාරයෙන් පහළට බැස්සේය.


තවත් පහළට බහිනවිට ‘‘අක්කේ....අක්කේ...’’ යන්නට ‘‘ ඕ..... ඕ..........’’ යැයි පිළිතුරක් තවත් පහළින් ඇසුනි. කාටත් දැනුනේ මහත් වූ සතුටකි. තවත් පහළට බසිද්දී පහළ ගල්තලාවක් මතට වී එගොඩ කන්දේ ගැටේ කඬේ දෙස බලාගෙන රතු පැහැති උඩ ඇඳුමක් ඇ`දගත් කාන්තාවක් වාඩිවී සිටිනු දැකගත හැකිවිය. ඇය ඉදිරියෙන් අඩි සිය ගණනක් වූ මහා පල්ලමක් විය. අතරමංව සිටි තමන්ව බේරාගන්නට ආ මේ පිරිමි හතරදෙනා දුටු කාන්තාව සිනහවකින් පිළිතුරු දුන්නාය. තොරතුරු විමසන්නට පෙර කොස්තාපල් පෙරමුණේ තමන් කවුදැයි ඇයට හඳුන්වා දුන්නේය. ඇය වාඩිවී සිටි තැන ඉතා අවදානම් නිසා සිව්දෙනාම එකතුවී අඩි දොළහක් පහළොවක් උඩ තරමක් ආරක්‍ෂිත තැනකට ඇය ගත්හ.


ඒ වනවිට වෙලාව පස්වරු පහ පමණ වී තිබුණි. එගොඩ ගොඬේ ගැටේ කඬේට මහ හයියෙන් තමන් කාන්තාව සිටි තැනට පැමිණි බව කියන්නට පිරිස අමතක නොකළහ. අතරමං වූ කාන්තාවට මුලින්ම ග්ලූකෝස් ටිකක් කන්නට දුන්නේය. වතුර ටිකකුත් දුන්නේය. ඉන්පසු චොකලට් පෙත්තක්ද, පසුව බිස්කට් ද කන්නට දුන්නේය. පන්ජාබ් ඇඳුමකින් සැරසී සිටි ඇගේ ඇඳුම් සියල්ල තෙතබරිතය.  අඩි පහයි අ`ගල් පහක් පමණ උසැති ඇගේ කොණ්ඩය කොටට කපා ඇත. ‘‘මගේ නම බුලත්සිංහලගේ රංජනී කුරේ. අවුරුදු හතළිස් අටයි. බත්තරමුල්ල, දකුණු තලංගම, පන්නිපිටිය පාරේ 6ඒ ලිපිනයේ පදිංචිව ඉන්නේ. මට මල්ලි කෙනෙක් ඉන්නවා. නංගිලා දෙන්නෙක් ඉන්නවා. මම විවාහ වෙලා ඉන්නේ. ටික කාලයකට පෙර පුරුෂයා මාව අත්හැර ගියා. මට පුතෙක් හිටියා. ඒ ළමයා අවුරුදු කිහිපයකට උඩදි මැරුණා. දැන් මම බත්තරමුල්ලේ කඩයක් දාගෙන ඇ`දුම් මහනවා.’’


‘‘පහුගිය දෙවෙනිදා මම හැටන් පාරෙන් තනියම සිරිපා ව`දින්න ආවා. තුන්වෙනිදා සිරිපා වැන්දා. රත්නපුර පාරෙන් බැස්සා. මට හිතුනා සිරිපාදේ අනික් පැත්ත බලන්න. ඉඳිකටු පානෙදි මම හිතලම කැළේට ඇතුල් වුණා. ආපහු එන්න පාර හොයාගන්න බැරිවුණා. මගේ අතේ තිබුණ බෑග් එක බර වැඩි හින්දා විසිකළා. මම දවස් ගාණක් කැළේ ඇවිද්දේ පාර හොයාගන්න. කන්දෙන් එහා පැත්තේ කවුරුහරි මට කතා කරනවා වගේ ඇහුනා. මම උත්තර දුන්නා. මට ඒ අය ඔහොමම ඉන්න කිව්වා.’’ ඇය දින දෙකක් හැර ඉතිරි සෑම දිනකම මහ වැස්සට අසුවී තෙමුණ බවද කීවාය. ඇගේ ජාතික හැඳුනුම්පතත්, බැංකුපොතත්, රුපියල් දෙදහසක මුදලකුත් ජංගම දුරකතනයකුත් ෂොපිං බෑගයක ඔතා ඉනේ ර`දවාගෙන තිබුණි. ඒ ටිකත් ඉටි රෙද්දකුත් ඇ`දිවතත් හැරෙන්නට කුඩා පිහියක් හා ගිනිපෙට්ටියක් ඇය සතු වත්කම විය.


බොහොම වෙහෙසක් ගෙන ඇය වත්තන් කරගෙන පහයි විස්සට පමණ පිරිස ආපසු එන්නට පිටත්විය. මුලින්ම පාර එළිපෙහෙළි කරමින් ගමන් කළේ ශිවකුමාර්ය. ඔහු පාර එළිකරගෙන ඉදිරියෙන් ගමන් කරයි. තිලක් නිශාන්ත සහ ජනිත් අතරමං වූ මේ කාන්තාවට සමහර තැනකදී අත්වැල් අල්ලයි. කොස්තාපල් පෙරමුණේ කණ්ඩායමේ පිටුපසින් ගමන් කරමින් සියලූ දෙනාගේ ආරක්‍ෂාව වගබලාගනී.


පිරිස මුලින්ම කිලෝමීටරයක් විතර කන්ද ඉහළට ආවේය. දින දහයක් මහ කැළේ අතරමංව හරිහැටි ආහාරයක්, නින්දක් නැති තැනැත්තියක ද වත්තන් කරගෙන එන ගමන දුෂ්කරය. ඒ වනවිට හවස හය පසුවී තිබුණි. අ`දුරද ගලා එමින් තිබුණි. ටිකවෙලාවකින් අහස ගුගුරවමින් අකුණු පාත්වන්නට විය. මහ වැස්සක්ද ඇදහැලෙන්නට විය. කිසිවෙකුගේ අතේ කුඩ හෝ වැසි ආවරණ නැත. තිබුණත් මහ කැළේ කුඩ ඉහලාගෙන යා නොහැක. වැස්සේම පිරිස එන්නට පිටත්වූහ. රාත‍්‍රි හත පමණ වනවිට දසතින් පැමිණි අ`දුර මහ වනාන්තරයම වෙලාගෙන අවසන්ය. පිහිටට ඇත්තේ ගමන එද්දී හිමිනමක් දුන් විදුලි පන්දම පමණි. කොස්තාපල් පෙරමුණගේ මහතාගේ අතේ වූ ජංගම දුරකතනය ද වරෙක මග පෙන්වන්නට උදවු වූයේය.


මහ කැළේ මහ ? ඉසව්වක් නොදැන යන මේ පිරිසට පාර හොයාගන්නට උදව් වුයේ ගැටේ කඩෙන් සහ කොඩිය කඩෙන් ඇසුන ‘හූ’ හ`ඩවල්ය. ‘‘සමහර තැන්වලදී අපිට අ`දුරේ පාර හොයාගන්න බැරුව ඇළවල් දිගේ උඩහටත් පහළටත් යන්න සිදුවුණා. නමුත් එහා කන්දේ ‘‘හූ’’ හ`ඩ ඔස්සේ අපි පලාබද්දල- සිරිපා මලූව පාර හොයාගත්තා. ඒ අනුව ? එකොළහ වෙනකොට දියබෙත්මට එන්න අපිට පුළුවන් වුණා. වැස්සට තෙමුණ අපේ ඇ`දුම් ඇෙ`ග් රස්නෙට වේලිලා.’’ කොස්තාපල් පෙරමුණගේ මහතා තමන් මුහුණ දුන් ත‍්‍රාසජනක සිද්ධිය විස්තර කරමින් පැවසුවේය.


ඒ වනවිට මේ මෙහෙයුම ගැන ශ‍්‍රී පලාබද්දල විහාරස්ථානයේ විහාරාධිපති කලල්ඇල්ලේ සුනන්ද හිමියන්ට ද දැනගන්නට ලැබී තිබුණි. ගමේ තරුණයන් පිරිසක් උන්වහන්සේගේ උපදෙස් මත පලාබද්දල සිරිපා පාරේ දියබෙත්මට  පැමිණ සිටියහ.  දියබෙත්මේ සිට පලාබද්දලින් එතනට ඇවිත් සිටි පිරිස සමග පහළට බහින්නට පිරිස පිටත් වූහ. ටික දුරක් එනවිට හමුවන කොඩිය කඬේදී කෝපි සංග‍්‍රහයක් ද භුක්ති වි`ද අඩහෝරාවක් පමණ විවේක ගෙන පහළට බැස්සහ.


ගැටේ කඬේ ළගට පැමිණි විට එය අයිති ව්‍යාපාරික කාන්තාව අතරමංව සිටි කාන්තාවගේ තෙතබරිත ඇ`දුම් දැක ඇයට සායක් හා හැට්ටයක් දුන්නාය.  තවත් ටික දුරක් පහළට එනවිට ලිහිණි හෙළ ළ`ගට ශ‍්‍රී පලාබද්දල වසමේ ග‍්‍රාම නිලධාරිනිය ඒ.එම්.පී. සෝමසිරි මහත්මිය තවත් පිරිසක් සමග පැමිණ සිටියේ මේ මෙහෙයුමට ගිය පිරිසට රාති‍්‍ර ආහාරය පිසගෙනය. බොහෝ පිරිස් එක්ව පැරණි සංනිවේදන ක‍්‍රමයනුත් නූතන තාක්‍ෂණයත් උපයෝගී කරගෙන පැය දොළහක මහා මෙහෙයුමකින් පසු ජීවිතයක් බේරාගැනීමට මේ පිරිසට හැකිව තිබුණි.


‘‘මං දවස් හතරකින් මොකුත්ම කෑවේ නෑ. වතුර විතරයි බිව්වේ. මේ මහත්තුරු දුන්න ග්ලූකෝස් තමයි දවස් හතරකට පස්සේ ගත්ත මුල්ම ආහාරය’’ දින දහයකට පසු මහ කැළේ සිට බේරාගත් රංජනී කුරේ මහත්මිය පැවසුවාය. ඇය බත් සහ පරිප්පු වෑංජන ස්වල්පයක් ආහාරයට ගත්තාය. ඉන්පසු පවනැල්ල පොලිස් මුරපොළෙන් එවා තිබූ ගිලන් මැස්සට තබා ලිහිණිහෙළේ විදුලිබල මණ්ඩල වැඩ ඒකකයේ ප‍්‍රියන්ත මහතා දුන් ඇ`ද ඇතිරිල්ලෙන් රංජනී ගැටගසා පලාබද්දල තරුණ පිරිස ඇය ඔසවාගෙන මහ ?ම පලාබද්දලට පැමිණියහ.


ඒ වනවිටත් රත්නපුර පොලිසියෙන් පැමිණ තිබූ ජීප් රියකින් 13දා අලූයම් කාලයේ රංජනී කුරේ මහත්මිය රත්නපුර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.  රත්නපුර මහ රෝහලේ 16 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලැබූ ඇය  යම් මානසික ආතතියකින් පෙලෙන නිසා 18 වාට්ටුවට වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා දින කිහිපයකට පසු ඇතුළත් කර තිබුණි. ඇය බේරාගෙන දින පහක් ගෙවුණ තැනවත් ඇගේ ඥාතීන් කිසිවෙකුත් ඇය බැලීමට නොපැමිණි බව රෝහලෙන් වාර්තාවිය.


‘‘මම කොහොම අතරමං වුණාද කියලා දන්නේ නෑ. මගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා නම් මම ආයෙත් කැළෙන් එළියට එන්නේ නෑ. මම තනිවමයි ජීවත්වුණේ. ඇඳුම් මහන තැනක් මම කරගෙනගියා. මම සනීප වුණාම ඒ වැඩ ටික ආයෙත් පටන් ගන්නවා. මට රහස් පොලිසියට විතරක් කියන්න කතාවක් තියනවා. ඒ ටික ඇහුවොත් කවුරුත් පුදුමවෙයි.’’ ඇය කීවාය. රත්නපුර මහරෝහලේ නේවාසිකව වාට්ටු අංක 16 හි ප‍්‍රතිකාර ලබද්දී ඇය අපට කීවේ මෙවැනි කතාවකි.


‘‘මා ශ්‍රී පාදස්ථානයට යන්නට පිවිසි 02 දින සවස් වරුවේදී ශ්‍රීපාද මාර්ගයේ එක්තාරා ස්ථානයකට පැමිණි බව මට මතකයි. මා පැමිණියේ තනියමයි. මා එසේ පැමිණ නතර වූ ස්ථානයදී මා නියමිත යා යුතු තැනට නොපැමිණ ඇති බව මට දැනුණා. පැමිණ සිටි ස්ථානයේ අඳුරු ස්වභාවයක් දැනුණා. කුඩා ගල් ගුහාවල් කීපයක්ම එතැන තිබුණා. ඉන්පසුව සිදු වූ දේ ගැන නිශ්චිත මතකයක් මට නැහැ. මා මෙම රොහලට ගෙන ආ නිලධාරින් එන විට මා ප‍්‍රපාතයට බසින්නට සූදානම්ව සිටි බව මට පසුව දැනගන්නට ලැබුණා. මට කුඩා කල සිටම හැසිරීමේ වෙනසක් සිදුවන බව මගේ මාපියන් මට පවසා තිබුණානම් මෙවැනි දෙයක් සිදු නොවන්නට ඉඩ තිබුණා.


කොහොම වුණත් බත්තරමුල්ල ප‍්‍රදේශයේ සේනාසන විහාරස්ථානයක හිමිනමක් මගේ මේ හැසිරීම් වෙනස්වීම ස්වභාවය සම්බන්ධව දන්නවා. එම හාමුදුරුවෝ තමයි මා මේ පිළිබඳ දැනුවත් කළේ. මගේ හැසිරීමේ වෙනසින් බොහෝ දෙනා ප‍්‍රයෝජන ගෙන ඇති බව මට වැටහෙනවා යයි පැවසූ ඇය දීර්ඝ අතීත විස්තරයකට මුලපිරුවාය. යම්කිසි හේතුවක් නිසා මගේ පෙර ආත්මයන් පිළිබඳ මතකයක් මට සිහිපත් වන අවස්ථාවන් තිබෙනවා. නමුත් එම අවස්ථාවේ මා කුමක් කරන්නේද කියා මා දන්නේ නෑ. එවැනි අවස්ථාවල කායික වශයෙන් මට විශාල ශක්තියක් ඇතිවනවා. එයින් ප‍්‍රයෝජන ගෙන සමහරුන් මා නපුරු සතුන් සමඟ සටන්වලට පවා යොදවාගෙන මුදල් හම්බකිරීම පවා කර තිබෙනවා. ඒ පිරිස කවුරුන්ද කියා මට කියන්න බෑ. ඒ පිරිස අතර සමහර ඇමැති පුතුන් පවා සිටිනවා.


මෙහි ප‍්‍රයෝජනවත් පැත්තක්ද තිබෙනවා. දේශපාලනඥයන් පවා මගේ උපකාර ලබා තිබෙනවා. නමුත් කිසියම් බලවේගයක් විසින් මා මෙහෙයවන බව මට වැටහෙන්නේ මෙවැනි දේ සිදු වූ පසුවයි. බොහෝ විට මා නින්දෙන් ඇවිදිනවා යයි මගේ පවුලේ අය මට පවසා තිබෙනවා යනුවෙන් තම අතීතය සම්බන්ධව රංජනී පැවසුවාය. මට මගේ හැසිරීම වෙනස්වන බව දැනගන්නට ලැබෙන්නේ එවැනි අවස්ථාවකින් පසුව මට යම් තුවාල සිදු වී මා සිටින ස්ථාන වෙනස පිළිබඳව දැනගත් විටදීය. ඒ අවස්ථාවලදී මට ඇතිවන වෙනසින් ප‍්‍රයෝජන ගන්නා පිරිසක් සිටින බව මට වැටහෙනවා. නමුත් ඒ වනවිට බොහෝ දේ සිදු වී අවසන් යයි පැවසූ ඇය දිග සුසුමක් හෙළා සිනාසුනාය.


‘‘මම මහ කැළේ ඉ`දලා බේරාගෙන පාරට එක්ක ආපු පොලිසියේ මහත්තයයි අනික් තුන්දෙනයි ගැන මම ආඩම්බරයි. මහ දවාලේ ගෑනියෙකුට තියා පුංචි ළමයෙකුටවත් ප‍්‍රසිද්ධ පාරක තොටක යන්න බැරි තරම්  පිරිමින්ගෙන් කරදර සිද්ධවෙන යුගයක ඒ අය මට සැලකුවේ අම්ම කෙනෙකුට වගෙයි. ඒ අයට මම ස්තුතිවන්ත වෙන්න  ඕනෑ. මාව ගිලන් ඇෙ`ද් තියාගෙන එක්ක ආපු මට හැම අතින්ම උදව්කරපු ඒ හැම අයටම මම ණයගැතියි. මම ආයෙත් සිරිපා ව`දින්න යනවා.’’ ඇය රෝහලේදී පැවසුවාය.


මහ කැළේට ගිය කොස්තාපල් පෙරමුණගේත්, තිලක් නිශාන්තත්, ශිවකුමාරුත් විවාහකයෝ වූහ. ඒ හැම කෙනෙකුටම දරුවන් දෙදෙනා බැගින් සිටී. ජනිත් නව යෞවනයෙකි. මේ අය ජීවිත පරදුවට තබා ගිය ගමනට සමන් දෙවි`දුන්ගේ ආශිර්වාදය ලැබූ බව ඔවුහු කෘතවේදීව සිහිපත් කරති.

 

m



අදහස් (0)

ලිහිණි හෙළෙන් පහළට බැස සිරිපා හිමේ අතරමංවූ කාන්තාව

දුමින්ද Thursday, 26 March 2015 09:00 AM

වන පෙතක වීර කතාවක් -මතු වුණ මිනිස්කමක් (දිල්)

:       0       1

ෂැගියා Monday, 20 April 2015 11:56 PM

සිරිපා කරුණාවේ යනකොට තනියම යන්න හොඳ නෑ... තව කවුරු හරි එක්ක යන්න ඕනී.. සමන් දෙවි පිහිටින් මේ කාන්තාව බේරුනේ. (අ)

:       0       0

සොපී Friday, 27 March 2015 01:58 AM

ඇය අසාමාන්‍ය ගති පැවතුම් පෙන්වන්නේ නම්, කාන්තාවක් නිසා විශේෂ ආරක්ෂාවක් අවශ්‍යයි නේද ?කිසිවකුට ඇය දඩමීමා කරගැනීමට ඉඩ නොදිය යුතුයි (නදී)

:       0       0

මැගී Thursday, 26 March 2015 12:13 PM

බොහොම සංවේදී පුවතක් ...(ස)

:       0       0

අජිත් Wednesday, 13 May 2015 12:56 PM

වීර කාන්තාවටත්, ඇය බේරාගත් සියලු දෙනාටත් සුමන සමන් දෙවිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 247 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 224 0

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2171 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


අලුත් අවුරුද්ද සංස්කෘතිය අනාගතය
2024 අප්‍රේල් මස 11 206 0

සංස්කෘතික උත්සව යනු, ඕනෑම සංස්කෘතියක ඉතාම වැදගත් අංගයක් වේ. ඒ අනුව, අලු‍ත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනයාගේ සංස්කෘතික ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවකි.


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 151 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


දේශපාලනය අතීතයෙන් වර්තමානයට
2024 අප්‍රේල් මස 10 775 1

පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම නව එක්සත් ජාතික පාක්ෂිකයන් ද මේ දිනවල දැඩි දෙගිඩියාවකට මුහුණ දී සිටින බව පෙනේ. ඒ, තමන් ප්‍රිය කරන එක්සත් ජාතික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1426 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site