IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලක්දිවට වැඩම කළ සුදොතුම් පියාණෝ

ලොව කෝටි 120 ක් පමණ වන කි‍්‍රතුනු බැතිමතුන් නියෝජනය කරන ශුද්ධෝත්තම පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ ශ්‍රී ලංකාවට සැපත් වීම සුවිශේෂී සිදුවීමක් වූහ. රෝමයේ ෆියුමිචිනෝ ගුවන් තොටුපොළේ සිට ‘අලිතාලියා’ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙරටට සැපත් වුණු සුදොතුම් පියාණන් පිළිගැනීමට ඉතා චාම්, ගාම්භීර උත්සවයක් සංවිධානය කර තිබුණි. 


SLD_20150118_B010‘මානව හිමිකම්වලට ගරු කරමින්, ආගමික සංහිඳියාවක් ඇති සාමකාමී ශ්‍රී ලංකාවක් දැකීම තම අභිලාෂය යැයි කටුනායක ගුවන් තොටට සැපත්වුණු පාප්තුමෝ පැවැසූහ. ‘මා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ කතෝලික ප‍්‍රජාව වෙනුවෙන් පමණක් නොව, මුළු මහත් ශ්‍රී ලාංකීකයන් වෙනුවෙන්’ යැයි පාප්තුමෝ අවධාරණය කළහ. 


පාප්තුමන් පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණි ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවැසුවේ, ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ගේ මෙම ශ්‍රී ලංකා සංචාරය සැමට ආශිර්වාදයක් කියාය. පාප්තුමා ජනහරසර මැද කොළඹ පැමිණියේ විවෘත රියකිනි. හැකි සෑම අවස්ථාවකදීම එතුමෝ රියෙන් බැස ජනතාව අතරට ගොස් ඔවුන්ට අශිර්වාද කළහ. 13 වැනිදා රාති‍්‍රයේ පාප්තුමෝ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ දී අන්තර් ආගමික නායක හමුවකට ද සහභාගී වූහ. 


14 වැනිදා උදෑසන කොළඹ ගාලූ මුවදොර පිටියේ පැවැති දිව්‍ය පූජා යාගය සහ භාග්‍යවන්ත ජෝසප් වාස් එසේත් නැතිනම් ජුසේ වාස් පියතුමන් ශුද්ධවරයට එසැවීම සිදුවිය. මෙම සියලූ කටයුතු සිදුවූයේ කතෝලික සභාව සහ ලක් රජයේ එකමුතුවෙනි. 17 වැනි ශතවර්ෂයේ දී ලන්දේසීන් විසින් කිතු දැක්ම මෙරටින් තුරන් කිරීමට උත්සහ දරද්දී, එය සුරකිමින් පුනරුත්ථාපනය කළේ ජෝසප් වාස් එසේත් නැතිනම් ජුසේ වාස් පියතුමන්ය. එතුමන් ශුද්ධවරයට එසැවීම සිදුවූයේ එහෙයිනි. ගාලූමුවදොර දේව මෙහෙයට පැමිණි පිරිස ලක්ෂ පහකට වැඩිය. කිතුනුවන් පමණක් නොව, ආගමික භේදයකින් තොර සෑම දෙනෙක්ම ඊට එක් ව සිටියහ.


17_SLT_P_100‘පාප්’ යන වදන සිංහලට පෙරැුළෙන්නේ, ‘පෝප්’ යන්නෙනි. ‘පෝප්’ යන වදන ගී‍්‍රක වචනයක් වන ‘පාපා’ යන්නෙන් බිඳී ආ වදනකි. ‘පාපා’ යනු ‘පියාණන්’ යන්න ය. වර්තමානයේ පාප් ධුරයට කෙනකු පත්වන්නේ කාදිනල්වරුන්ගේ ඡුන්දයෙනි. මෙම කාදිනල්වරුන් පත් කරනු ලබන්නේ පාප්තුමා විසිනි. කාදිනල් ධුර සඳහා රදගුරු මෙන්ම ජූජකවරුන් ද තෝරා ගැනීම සිදු කරන්නේ පාප්තුමන් විසිනි. පාප්තුමාගේ රාජධානිය රෝමයේ වතිකානයයි. ලොව කුඩාම රාජ්‍යය ලෙස සැලකෙන්නේ වතිකානයයි. වතිකාන රාජ්‍යයේ නායකයා පාප්තුමාය. හෙක්ටයාර් 44 ක් පුරා විහිදී ඇති වතිකානය පිහිටුවනු ලැබුවේ 1929 වසරේදීය. එහි ජනගහනය 798 ක් යැයි පැවැසෙයි.


ශුද්ධෝත්තම පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ලෙස පාප් ධුරයට පත් වී සිටින්නේ, ආජන්ටිනාවේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ ය. ආජෙන්ටිනාව ලතින් ඇමෙරිකාවට අයත් විශාලතම රාජ්‍යයයි. සෙසු ලතින් ඇමෙරිකා රටවල මෙන්ම ආජන්ටිනාවේ බහුතරය කතෝලිකය. එපමණක් නොව, ඔවුන්ගෙන් බහුතරය දිළින්දන් බව ද පැවැසෙයි. 


1936 දෙසැම්බර් 17 වැනිදා උපත ලැබූ බර්ගොග්ලියෝ, සැබෑ කිතුනුවෙක් විය. එතුමා රසායන තාක්ෂණ ශිල්පියෙකි. රසායන විද්‍යා උපාධිධරයකු මෙන්ම සාහිත්‍යය සහ මනෝවිද්‍යාව පිළිබඳ හසළ දැනුමක් ඇත්තෙකි. තරුණ වියේදී එතුමා රාතී‍්‍ර සමාජ ශාලාවල කලහකාරීව හැසිරෙන පිරිස් බෙල්ලෙන් අල්ලා එළියට ඇද දමන බවුන්සරයෙක් විය. ඉන්පසු කෙමෙන් කෙමෙන් ආගමට නැඹුරු වූ එතුමා පූජකවරයකු බවට පත් වූයේ 1969 වසරේදී ය. එතුමා 1998 වසරේ දී බූවනෝස් අයර්ස් හි අගරදගුරු ලෙසත්, 2001 වසරේ පෙබරවාරි 21 වැනිදා කාදිනල් පදවියටත් පත් කරනු ලැබුවේ දෙවැනි ජුවාන් පාවුල් පාප්තුමන් විසිනි. එතුමන් ලොව කෝටි 120 ක් පමණ වන කි‍්‍රතුනු බැතිමතුන් නියෝජනය කරමින්, පළමු වැනි ෆ‍්‍රැන්සිස් ලෙසින් පාප් ධුරයට තේරී පත්වූයේ 2013 වසරේ මාර්තු 13 වැනිදා ය. පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ලෙස තමා හඳුවන්නැයි එතුමන් තීරණය කළේ, 13 වැනි සියවසේ ඉතාලියේ ෆ‍්‍රැන්සිස්කන් නිකායේ පුරෝගාමී අසීසයේ ශාන්ත ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ට ගරු කරමිනි. අසීසයේ ශාන්ත ෆ‍්‍රැන්සිස් පාප් තුමන් ද දුප්පතුන් වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙකි. 


2013 වසරේ දී පාප් ධුරයට පත් වීමෙන් පසුවත්, ඊට පෙරත් දුප්පතුන් වෙනුවෙන් කැපැවී කටයුතු කරන පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ චාම් දිවි පෙවෙතක් ගත කරන්නකු ලෙස ප‍්‍රකටය. දකුණු ඇමෙරිකාවෙන්, එසේත් නැතිනම් ලතින් ඇමෙරිකානු රටකින් බිහිවූ පළමු පාප්වහන්සේ වන්නේ ද මෙතුමාය. ඒ අනුව යුරෝපයෙන් පිට රටකින් පාප්වරයකු බිහිවීම ඓතිහාසික සිදුවීමකි.


266 වැනි පාප්තුමන් ලෙස ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පාප් ධුරයට පත් වූයේ ඊට පෙර සිටි 16 වැනි බෙනඩික් පාප්තුමන් සෞඛ්‍ය ගැටලූ හේතුවෙන් විශ‍්‍රාම යෑම නිසාය. සාමාන්‍යයෙන් පාප් ධුරයට කෙනකු තෝරා ගැනෙන්නේ එම ධුරයේ සිටින පාප්තුමන් ස්වර්ගස්ථ වීමෙන් දින 15 ක් තුළදීය. එහෙත් 16 වැනි බෙනඩික් පාප්තුමෝ එම සම්ප‍්‍රදාය කඩ කළහ. එතුමෝ ධුරයෙන් ඉල්ලා අස්වූහ. එසේ ඉල්ලා අස්වූ දෙවැනි පාප්තුමන් වන්නෝ ද එතුමෝ ය. මීට පෙර පාප්තුමකු ධුරයෙන් ඉල්ලා අස්වූයේ 1415 වසරේදීය. එසේ ඉල්ලා අස්වූයේ 12 වැනි ග්‍රෙගරි පාප්තුමාය.


ශුද්ධෝත්තම පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමා තම ආහාර තමන් විසින්ම සකසා ගනී. පාප් ධුරයට පත් වීමෙන් පසු එතුමෝ එතුමන්ට ලැබුණු නිල රථය ප‍්‍රතික්ෂේප කළහ. සුඛෝපභෝගී කාමර 300 ද එපා කියා කුඩා කාමරයක් තෝරා ගත්හ. වතිකානයේ කම්කරුවන්ගේ අවන්හලට ගොස් ඔවුන් සමඟ එකට වාඩි වී දිවා ආහාරය භුක්තිවිඳි එකම පාප්තුමා වන්නේ ද මෙතුමාය. 


ගෙවී ගිය 2014 වසරේ දී ෆ‍්‍රැන්සිස් පාප්තුමන් කාගේත් කතාබහට ලක්විය. එම වසරේ පුද්ගලයා ලෙස ‘ටයිම්’ සඟරාව නම් කළෝ ද ෆ‍්‍රැන්සිස් පාප්තුමෝය. පිළිවෙලකට සහ පිරිසිදුවට ඇඳුම් අඳින පුද්ගලයා ලෙස නම් කෙරුණෝ ද එතුමෝය. 


17_SLT_P_10ඉකුත් වසරේ පාප්තුමෝ පළමු ආසියා සංචාරයට එක් වූහ. එතුමන් මෙවර අප රටට සැපත් වූයේ දෙවැනි ආසියානු සංචාරය යටතේය. ඊට අමතරව, ඉකුත් වසරේ එතුමෝ ඇල්බේනියාවේත් තුර්කියේත් නිල සංචාරවල යෙදුණාහ. සුන්නි මුස්ලිම් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්ත සංවිධානය කිතුනුවන් ඝාතනය කිරීමට එරෙහිව ඔවුන්ට දෙහි කැපීමට ද පාප්තුමෝ අමතක නොකළාහ. මේ නිසා පාප්තුමන්ට ද ත‍්‍රස්තයන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි ද පැවැසෙයි.


78 හැවිරිදි ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පවසා ඇත්තේ, තමන්ට තව ජීවත් වීමට ඇත්තේ වසර දෙකක් හෝ තුනක් පමණක් බවත් තමන් ස්නායු ආබාධයකට ලක් වුණු අයකු බවත්ය. පාප්තුමන් මේ බව අනාවරණ කළේ දකුණු කොරියාවේ සංචාරය අවසන් කර යළි වතිකානය බලා සිය ගුවන් යානයෙන් පියාසර කරමින් සිටින අතරතුරේ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. 


ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ පා පන්දු රසිකයෙකි. එපමණක් නොව, සැබෑ ආජන්ටිනා ජාතිකයෙකු ලෙසත් ලතින් ඇමෙරිකානුවකු ලෙසත් ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ ටැංගෝ නැටුමට පි‍්‍රය කරන්නෙකි. තරුණ වියේ දී දක්ෂ ටැංගෝ නර්තන ශිල්පියකු ලෙස ද ප‍්‍රසිද්ධය. තරුණ වියේ දී ටැංගෝ නැටුම්වලදී තම සහායිකාව වූ තැනැත්තියක කලක් තම පෙම්වතිය වූ බව ද පාප්තුමෝ වරක් පවසා තිබුණහ. එතුමෝ විරූපී පුද්ගලයන් කිහිප දෙනකුගේ මුහුණු සිප ගනිමින් ඔවුන්ට ආශිර්වාද කළහ. එය ජේසුතුමන් ලාදුරු රෝගීන්ට ආශ්ර්වාද කළා වැනිය. එතුමෝ මතට ඇබ්බැහි වී පුනරුත්ථාපනය ලබන තරුණ තරුණියන්ගේ පාද සෝදා සිප ගත්හ. එය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. 


ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ ඉකුත් 15 වැනිදා පිලිපීනයේ මැනිලා අගනුවරට සැපත් වූහ. පාප්තුමන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ සටහනක් කි‍්‍රයාත්මක කිරීමට පිලිපීන රජය කටයුතු කර තිබුණි. ඒ සඳහා හමුදාවේත් පොලිසියේත් 50,000 ක් යොදවා ඇතැයි ද පැවැසිණි. 
පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ පිලිපීනයේ දින පහක් රැුඳී සිටිනු ඇත. විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක වන්නේ පිලිපීනයේ දැඩි මුස්ලිම් අන්තවාදීන්ගෙන් එතුමන්ට තර්ජන එල්ල වීමේ අවදානමක් ඇති නිසාය. එපමණක් නොව, මුස්ලිම් අන්තවාදීන්ගෙන් පාප්තුමාගේ ජීවිතයට අනතුරක් වීමේ ඉඩක් පවතින බවට ද බියක් හට ගෙන ඇත. 


මීට පෙර පාප්තුමකු පළමුවෙන්ම පිලිපීනයේ මැනිලා අගනුවරට සැපත් වූයේ 1970 වසරේදීය. එම අවස්ථාවේ මැනිලා නුවරට සැපත් වූවෝ හයවැනි පෝල් පාප්තුමෝ ය. එම අවස්ථාවේදී පිහි ප‍්‍රහාරයකට ලක් වීමෙන් හයවැනි පාප්තුමෝ තුවාල ලැබුවෝ ය. එම ප‍්‍රහාරය බාධාවක් කර නොගෙන පාප්තුමෝ සිය සංචාරය අවසන් කළහ. දෙවැනි වරට පාප්තුමකු මැනිලා අගනුවරට පැමිණියේ 1995 වසරේදීය. ඒ, දෙවැනි ජෝන් පෝල් පාප්තුමන් ය. එතුමන්ගේ සංචාරය අවසන් වූ පසු පාප්තුමන් ඝාතනය කිරීමට සැලැස්මක් තිබුණු බවත් එය ව්‍යර්ථ කිරීමට තමන්ට හැකි වුණු බවත් පිලිපීන ආරක්ෂක අංශ අනාවරණය කළේය.


අන්තර් ජාලය ඇසුරිනි
ඡායාරූප  රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

lusitha-jayamanna



අදහස් (0)

ලක්දිවට වැඩම කළ සුදොතුම් පියාණෝ

චන්දන Monday, 26 January 2015 09:29 AM

ඔබේ ආදරණීය බවට දේවාශිර්වාදය ලැබේවා (බ)

:       0       0

අන්තෝනියස් Thursday, 22 January 2015 06:55 AM

ඔබට ජේසු පිහිටයි පාප් තුමනි (නදී)

:       0       0

නිල්හාර Saturday, 24 January 2015 01:12 PM

පාප් වහන්සේ ලංකාවට පැමිණීම අපට මහත් ආශිර්වාදයක්. එතුමාට දිර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා (නි)

:       0       0

අන්තෝනියස් Thursday, 22 January 2015 06:55 AM

ඔබට ජේසු පිහිටයි පාප් තුමනි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 250 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 215 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 59 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 301 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 261 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site