IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රට ණයයි ආර්ථිකය ලොකු අවුලක

අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත් වූයේ පසුගිය 7 වැනිදාය. එම සංචාරයේදී ඒ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද්, හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං, කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි යන මහත්වරුන් මුණගැසී සාකච්ඡා පැවැත්වීය. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකටද එක්විය. එහිදී ඉන්දියාවෙන් ගත් ණය සඳහා සහන කාලයක් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා ඉකුත් ආණ්ඩුව එකඟතාව පළ කළ ව්‍යාපෘති තම ආණ්ඩුව ඉදිරියට ගෙන නොයන බව ද කීවේය.  

‘ද හින්දු’ පුවත්පතේ මාධ්‍යවේදිනී ‘සුහාසිනි හයිදර්’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ ප්‍රශ්න සහ අග්‍රාමාත්‍යවරයා ඊට දුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය:- ඔබ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දීර්ඝ සාකච්ඡා පැවැත්වූවා. එහෙත් කිසිදු ගිවිසුමක් සම්බන්ධයෙන් නිවේදනය කළේ නැහැ. විශේෂයෙන්ම යටිතල පහසුකම් සඳහා ඉන්දියාව ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ගැන සඳහන් කළේ නැහැ. මේ සාකච්ඡා ගැන අපට කියන්න.

පිළිතුර:- අපි ගිවිසුම් කිහිපයක් ගැන සාකච්ඡා කළා. ඉන්දියාව ලැදියාව දක්වන ඇතැම් ව්‍යාපෘතිවලට අපි එකඟතාව පළ කළා. එය දෙපාර්ශවයටම සාර්ථක සහ ඵලදායී හමුවක් යැයි මා කියනවා. නිවාස ව්‍යාපෘතිය අපි ප්‍රමුඛතාව දෙන අංශයක්. ඒ සඳහා අපි තවත් අරමුදල් ඉල්ලා සිටියා. සම්පූර්ණ රටම ආවරණ වෙන නව වැඩසටහනක් අපට තිබෙනවා. ඉන් සෑම ගමක්ම ආවරණය වෙනවා. ඒ සඳහා සහයෝගය ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා. නිවාස ව්‍යාපෘතියට අමතරව අපි තවත් ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

ප්‍රශ්නය:- 2017 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලයේ බලශක්ති සහ තෙල් ව්‍යාපෘතිය ඇතුළුව යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ආර්ථික සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කළා. ත්‍රිකුණාමලය සම්බන්ධයෙන් ඉන්දියාව උනන්දුව දැක්වූවා. ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා කළාද?

පිළිතුර:- ත්‍රිකුණාමල ව්‍යාපෘති ගැන අපි සාකච්ඡා කළේ නැහැ. ඒත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ වගේම ස්වාභාවික වායු (එල්.එන්.ජී. ටර්මිනල්) පර්යන්තය සම්බන්ධයෙන් ද සාකච්ඡා කළා. ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධව නැගෙනහිර පර්යන්තයේ මුදල් ආයෝජනය කරනවා. පසුගිය ආණ්ඩුව 2017දී අත්සන් කළ කිසිදු ගිවිසුමක් ඉදිරියට කරගෙන ගියේ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කළ සියලු ව්‍යාපෘති ප්‍රතික්ෂේප කළා. ඒ ව්‍යාපෘතිවලට අපි වගකියන්නේ නැහැ. මත්තල ව්‍යාපෘතිය ද අයින් කළා. විදේශීය පාලනයට අපේ ජාතික සම්පත් නතු කරන්නේ නැහැ. අපේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක ඉන්නවා.

ප්‍රශ්නය:- ආරක්ෂක සහයෝගීතාව වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලැබෙනවා. විශේෂයෙන්ම පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසුවයි. ආරක්ෂාව සම්බන්ධයෙන් මොනවද තීරණය කළේ?

පිළිතුර:- වැඩි වැඩියෙන් බුද්ධි තොරතුරු හුවමාරු කරගත යුතු යැයි අපි තීරණය කළා. ඒ වගේම ඉන්දියාවෙන් ලැබෙන තාක්ෂණික සහාය වගේම පුහුණුව වැඩි කළ යුතු බවත් සාකච්ඡා කෙරුණා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් සිදුවෙනවා. කොමිසමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන කරනවා. ඒ සඳහා ඉන්දියාව උදවු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ත්‍රෛපාර්ශවීය ත්‍රස්ත මර්දන සහ ආරක්ෂක සහයෝගීතා ව්‍යාපෘතියක් තිබුණා. 2015ට කලින් තිබුණු මේ වැඩසටහන නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉතාම ඉක්මනින් මුණගැසෙනවා. බොහෝදුරට මාලදිවයිනේදී එම සාකච්ඡා පැවැත්වේවි. එය ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් අපි එහිදී සාකච්ඡා කරනවා.

ප්‍රශ්නය:- පාකිස්තානය සමඟ ආරක්ෂක හා බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ඔබේ ආරක්ෂක ලේකම්වරයා අදහස් දක්වා තිබුණා. පාකිස්තානය ත්‍රස්තවාදයට සහාය දක්වනවා යැයි ඉන්දියාව චෝදනා කරනවා. මේ නිසා ‘සාර්ක්’ ක්‍රියාවලිය ද නැවතී තිබෙනවා. එහෙම බලද්දි මේක සමබර කරගන්න එක අමාරු නැද්ද?

පිළිතුර:- ඔව්, අපි මිත්‍ර රටවල්. කලාපයේ සෑම රටක් සමඟම අපි ඉතා හොඳ මිත්‍රශීලී සබඳතා පවත්වනවා. අපි චීනය සමඟත් ඉතා හොඳ සබඳතා පවත්වනවා. එහෙත් ඉන්දියාව සමඟ සබඳතාව වඩාත් ශක්තිමත්. එය තමයි අපට ඉතාම වැදගත්. ‘සාර්ක්’ ක්‍රියාවලිය ගැන මම අගමැති මෝදි සමඟ සාකච්ඡා කළේ නැහැ. මම දන්න විදියට ඉන්දියාව ඒ ගැන වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම මීළඟ හමුව පාකිස්තානයේදී තියෙන පසුබිමක. සාර්ක් සංවිධානය නිර්මාණය කිරීමෙන් පසුව අපි සැලකිය යුතු දුරක් ඇවිත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි. දැන් ‘බිම්ස්ටෙක්’ සමුළුව ද තියෙනවා.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි කරුණු දැක්වූවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ද ඒ ගැන අදහස් පළ කළා. දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඉන්දියාව ඔබේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන දේ ගැනත් කීවා. ඔබ එයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?

පිළිතුර:- ඒ කරුණු අප තේරුම් අරගෙන තිබෙනවා. 2009 වසරේදී යුද්ධය අවසන්වීමෙන් පසුව උතුරේ ජනතාවට ඔවුන්ගේම මහ ඇමැතිවරයෙක් තෝරාගන්න අප අවස්ථාව දුන්නා. අපි පරදින බව දැන දැනත් එම මැතිවරණ පැවැත්වූවා. එහෙත් ඊට පස්සේ මුකුත් වුණේ නැහැ. අපි අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය. ඉදිරිය ගැන සාකච්ඡා කරන්න අපි කණ්ඩායමක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා. එම කණ්ඩායම යාපනයට යනවා.

ප්‍රශ්නය:- 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බල බෙදීම සම්බන්ධ ඉදිරි ගමන කොහොමද?

පිළිතුර:- ඒක ගැන සාකච්ඡා කරන්න ඕනෑ. අපිට ඉදිරියට යන්න ඕනෑ. එහෙත් අපට දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශවල වගකීම ගන්න පුළුවන් කෙනෙක් සාකච්ඡා සඳහා වුවමනායි. ඒ නිසා හොඳම දේ මැතිවරණ පවත්වා ඔවුන්ගේ නියෝජිතයන්ට අපත් සමඟ සාකච්ඡා කරන්නැයි කීම. ඒත් මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව පිළිනොගන්න එක එක දේවල් ඉල්ලනවා.

ප්‍රශ්නය:- බලය බෙදීමට වඩා සංවර්ධනයට ප්‍රමුඛතාව දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඔබේ ස්ථාවරයත් ඔහුගේ ස්ථාවරයත් අතරේ වෙනසක් තිබෙනවද?

පිළිතුර:- නැහැ, නැහැ. ජනතාවට සංවර්ධනය අවශ්‍යයි. ඔවුන් සංවර්ධනය නොමැතිව අවුරුදු 30ක් දුක් වින්දා. ඒ නිසා මුලින්ම කළ යුත්තේ එම ප්‍රදේශය සංවර්ධනය කිරීමයි.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ බසින් ගායනා නොකිරීම සම්බන්ධයෙන් මතභේදයක් ඇතිවුණා. එයින් වැරැදි පණිවුඩයක් ගියා නම් ඔබ දෙමළ ජනතාවට සහතිකයක් දෙන්නේ කොහොමද?

පිළිතුර:- ඔබ ලෝකය දිහා බැලුවොත්, මූලික වශයෙන් ජාතික ගීය කියන්නේ එක් භාෂාවකින්. ඉන්දියාවේ භාෂා රැසක් තිබෙනවා. එහෙත් ඔබේ ජාතික උත්සවවලදී ජාතික ගීය කියන්නේ එක භාෂාවකින්. අපේ ආකෘතියත් ඒකම තමයි. මම යාපනයේ ඉස්කෝලයකට ගියාම එහේ දරුවෝ දෙමළ බසින් ජාතික ගීය කියනවා. ඔවුන්ට ඔවුන්ගේ භාෂාවෙන් ජාතික ගීය කියන්න අවශ්‍ය නම් අපේ විරුද්ධත්වයක් නැහැ. ඇතැම් දේශපාලනඥයන් මෙය ප්‍රශ්නයක් කරගෙන. රටේ මහජනතාව මේ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ.

ප්‍රශ්නය:- මේ වසරේ ඔබේ ප්‍රධාන අභියෝගය දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් ගෙවීමට ඇති ණයයි. මේ වසරේදී සම්පූර්ණයෙන් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 60 ක් ඒ සඳහා ඔබ සැලැසුම් සකස් කර ඇත්තේ කෙසේද?

පිළිතුර:- ඔව්, ඒක කනස්සල්ලට කරුණක්. අපි මේ ගැන ඉන්දීය රජය සමඟත් සාකච්ඡා කළා. ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන තෙක් සම්පූර්ණ ණය ගෙවීම සඳහා වසර තුනක සහන කාලයක් දෙන්නැයි අපි ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළා. ඉන්දීය රජය ඒ ගැන පියවරක් ගත්තොත් චීනය ඇතුළු අනෙක් රටවල් ද ඒ දේ කරාවි. කලින් ආණ්ඩුව විශාල වශයෙන් ණය ගත්තා. ඔවුන් ආර්ථිකය වැට්ටුවා. දැන් ආර්ථිකය ලොකු අවුලක් වෙලා. සියල්ල තීරණය වෙන්නේ ඉන්දියාව ගන්න පියවර මතයි.

ප්‍රශ්නය:- මේ අවුරුද්දෙදි විතරක් පොලිය විතරක් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් ගෙවන්න ඕනෑ. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල. ඔබට එය කරන්න පුළුවන් ද?

පිළිතුර:- අපි එය කරන්න ඕනෑ. අපි කොහොමහරි ඒක කරනවා. මොන දේ වුණත් ණය පැහැර හරින්න අපිට වුවමනාවක් නැහැ.

ප්‍රශ්නය:- හම්බන්තොට වරායේ පාලනය නැවත ශ්‍රී ලංකාවට වුවමනා යැයි ඔබ කීවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චීනයේ සංචාරය කරනවා. එහිදී ඔහු ඒ ගැන චීනයෙන් විමසනවද?

පිළිතුර:- අපි ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. එහෙත් එය අමාරු දෙයක්. කලින් ආණ්ඩුව වරායේ පාලනය දී අවසන්. මං හිතනවා කොන්දේසි මත චීනය අපේ ඉල්ලීමට එකඟ වේවි කියලා. අපි දිගින් දිගටම ඒ ගැන සාකච්ඡා කරනවා.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී පිටස්තර පාර්ශවවලට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඉඩ නොදෙන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කළා. ඔහු අදහස් කළේ මොකක්ද? ඔහු ඇමෙරිකාවට යමක් ඇඟෙව්වාද? නැතිනම් ඉන්දියාවට? එහෙමත් නැතිනම් වෙනත් රටකට?

පිළිතුර:- මම දන්නේ නැහැ, ඔබ ඔහුගෙන් තමයි අහන්න ඕනෑ (සිනාසෙයි). අපි ඒ ප්‍රකාශයට වැඩි සැලකිල්ලකට ගත්තේ නැහැ. මොකද තවමත් කවුරුවත් අපේ දේවල්වලට මැදිහත් වෙලා නැහැ. 2015 මැතිවරණයේදී ඇරෙන්න. එතකොට හැම රටක්ම මැතිවරණයට සම්බන්ධ (මැදිහත්) වුණා. ඒත් දැන් අපි හැම රටක් එක්කම හොඳ සබඳතා පවත්වමින් වැඩ කරන්න කැමැතියි.

ප්‍රශ්නය:- ඔබ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ගැන සාකච්ඡා කළා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින්, ඔබ ජයග්‍රහණය කරනවා යැයි හිතුවොත්, ජනාධිපතිවරයාගෙන් අග්‍රාමාත්‍යවරයාටත් පාර්ලිමේන්තුවටත් බලය දුන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවද?

පිළිතුර:- මුලින්ම අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගැලවෙන්න ඕනෑ. ඊට පස්සේ තමයි ඉදිරිය ගැන හිතන්න ඕනෑ. ජී.එල්. පීරිස් මහතා දැනටමත් ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්න ඕනෑ කියලා අපි මත විමසනවා. දැන් ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි බලතල නැහැ. ඒ නිසා බලය බෙදීම ගැන අපි හිතන්න ඕනෑ. රටේ බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා. රටේ සංවර්ධනය සහ පාලනය සම්බන්ධයෙන් යම් පාලනයක් ඔහු සතුව තිබිය යුතු යැයි ජනතාවට අවශ්‍ය බව ඉන් පෙනී යනවා. අපි එයට ගෞරව කළ යුතුයි.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා ඔබේ සහෝදරයා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා උද්ගත වී තිබෙන අර්බුදය නිසා ඔබත් ඔහුත් අතර ප්‍රශ්න ඇති වේවිද?

පිළිතුර:- නැහැ, නැහැ, නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තිබෙන ව්‍යුහයත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය වුණු අවුලත් එක්ක මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් මමත් ගෝඨාත් වගේ සහෝදරයන් දෙන්නෙක්ට විතරයි (සිනාසෙයි). වෙන කිසි ජනාධිපති කෙනෙක්ට අගමැති කෙනෙක්ට මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

ප්‍රශ්නය:- බලයේ නැති කාලයේත් ඔබ මෙහි ආවා. අවුරුදු පහකට පස්සේ අග්‍රාමාත්‍යවරයා ලෙස නැවත මෙහි පැමිණීම ගැන මොකද හිතෙන්නේ?

පිළිතුර:- බලයේ සිටියදීත් බලයේ නැති කාලයේදීත් මට ආරාධනා කිරීම ගැන මෙන්ම මා පිළිගැනීම ගැන මම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට කෘතඥතාව පළ කරනවා. ඒ නිසා මට වෙනසක් තේරුණේ නැහැ. ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානම් වුණ විගස ඔහු පිළිගන්න අපි සූදානම්.

සිංහල පරිවර්තනය
හර්ෂණ තුෂාර සිල්වා



අදහස් (42)

රට ණයයි ආර්ථිකය ලොකු අවුලක

Gamaya Thursday, 13 February 2020 05:50 AM

ගත්තේ අපිද ..? දැන් පවුල ගැන බැලුවා ඇති.. පොඩ්ඩක් නිවී හැනහිල්ලේ මැරෙන්න රටටත් වැඩක් කළා නම් නේද හොඳ?

:       2       1123

BamunuarachchiThursday, 13 February 2020 07:25 PM

ආණ්ඩුව ගන්න පෙරනම් කිව්වේ ඕනෑම ප්‍රශ්නයකට විසදුම් දෙනවා කියලා. දැන් බලනකොට රජය හිරවෙලා වගේ. කෝ අර අති විශේෂ ආර්ථික උපදේශක තුමා.

:       0       666

GuneSaturday, 15 February 2020 01:13 AM

බමුණුලා දෙන්නෙක් ඉන්නවද අම්මප? එහෙම නැත්නම් බමුණු මහින්ද විරෝධී වෙලා ගෝටාවාදී වෙලාද?

:       12       316

kamal Thursday, 13 February 2020 09:14 AM

පිට රටවල්වල තියෙන රටට අයිති කළු සල්ලි ගෙනාවා නම් ශ්‍රී ලංකාව සුර පුරයක්....

:       1       426

jagath Thursday, 13 February 2020 09:18 AM

අපිද ණය ගත්තේ...? අපිද කොමිස් ගත්තේ...? අපිද රටේ සල්ලි පිටරටවල බැංකුවල දාගෙන ඉන්නේ..?

:       39       926

ravi Thursday, 13 February 2020 09:43 AM

පසුගිය ආණ්ඩුවෙන් කිව්වේ රාජපක්ෂලා රට කාලා, භාණ්ඩාගාර හිස්කරලා පැරදිලා ගියා කියලා. දැන් රාජපක්ෂලා බලයට ඇවිත් කියන්නෙත් ඒ ටිකම තමයි ..! මේක මේ පරණ දේශපාලකයන්ට පමණක් සීමාවුන සින්දුවක්. මේ සින්දුව කියා කියා තමයි මෙයාලා අපිව නලවමින්, කාලය කා දමමින්. අපිව රවටමින් මෙයාලගේ මලු පුරවාගන්නේ.

:       0       230

Rohana Thursday, 13 February 2020 09:45 AM

රටේ ණය බර වැඩිවන්නේ ණය කළමනාකරණයක් නැතිව අසීමිතව ණය ලබාගන්න නිසයි. ලබාගත් ණය ඵලදායී ව්‍යාපෘතිවලට පමණක් යෙදෙව්වා නම් ඒවායින් ලැබෙන අදායමින් ණය ගෙවන්න පුළුවන්. ලබාගත් ණය වලින් කොටසක් සාක්කු වලට යනවා. ඉතින් ඉබේම ණයබර ඉහල යනවා. මේ නිසා ණය ගෙවන්න වෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින්.

:       0       89

ලැවොයිසියර් Thursday, 13 February 2020 10:44 AM

ඕවා සාකච්ඡා කරන්න මිරිස්කුඩු කල්ලියත් එක්ක 64 දෙනෙකුගේ පරිවාරයක් අවශ‍්‍ය මොකටද?

:       0       325

Chathur Thursday, 13 February 2020 01:34 PM

රට සුද්දාගෙන් බේරාගෙන රට පාලනය කරපු ලොකු නායකයින් ජනාධිපති ජේ.ආර්. ගෙන් පස්සේ නැතිවුණා. ඊටපසු රට කෙරුවේ ළදරුවෝ මේ ගොල්ලන්ගේ මොලේ තියෙන්නේ රට සංවර්ධනය කරන හැටි නෙමේ. පවුල් ගොඩදාගන්න හැටි. ඒක මහින්දගේ පාලනයේදී ඔප්පු කරලා පෙන්නුවා. ආයතනයක අයිතිකරු කලමනාකරණය බාරදෙන්නේ සේවකයාගේ උගත්කමට, බුද්ධිමත් නුවණට ආයතන දියුණු වෙන්නේ ඒකයි. රටේ නායකයාට උපාධියකුත් නැහැ. අැමැතිලාට විභාග සහතිකයකුත් නැහැ. රට වැටෙන එක අහන්න දෙයක්ද? මෝඩ අහංකාර කමයි, මල පෙරේත කමයි ඉහ වහලා මේ රට ගොඩගන්න පුළුවන්... රනිල්ට එයාගේ කොන්ද පණ මදි... අනුර කුමාර ගොඩක් හොඳ බුද්ධිමත්... කෙනෙක් පක්ෂ නායකයින්ගේ වැරදි නිසා ඔහුට රට බාරගන්න අමාරුයි. දැන් ඉන්න කට්ටියට හොඳ හෝටලයක් බාරදෙන්න.

:       3       634

ranjan Thursday, 13 February 2020 03:11 PM

අවුරුදු 71ක් තිස්සේ මාරුවෙන් මාරුවට රට කලේ...

:       0       24

රොකී . Thursday, 13 February 2020 03:28 PM

මොංගල් පරපුර රට ලෝකෙට ණය කරලා කරලා, හොරා කාලා පවුලේ ඔක්කෝටම රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි කෝටිගණන් පිල්ලි ගහන්න දීලා.. දැන් කියනවා රට ණයවෙලාලු. ඡන්දෙට ඉස්සෙල්ලා මේවා දැනගෙන හිටියේ නැතිද..? මේ කට්ටියට සල්ලි පෙන්නන්න බැහැ. සුනාමියෙන් අවතැන්වුණු අහිංසක මිනිස්සුන්ට ලෝකයේ හැම තැනින්ම ලැබුණු ආධාර ටිකට කෙලපු හොරු රැල. ලබන මාසේ ඡන්දෙට එන්නේ වස්ත්‍රයක් ඇඳගෙනද...?

:       0       297

Chathuri Thursday, 13 February 2020 06:13 PM

එකක් මතක තියා ගන්න අසරණ මිනිසුන්ගේ මුදල් වලින් සුර සැප වින්දත් , ලෝදිය හැලියේ තැම්බෙන දවසකුත් එනවා.

:       0       13

mhinda Friday, 14 February 2020 01:08 AM

මේවා අහල පන පලයන් පෙරේදා

:       0       25

sofi - jaelaSaturday, 15 February 2020 10:28 PM

වරෙල්ලාකො චන්දෙ ඉල්ලගෙන...බල්ලෝ ලිහලා ඉන්නේ.. මේ අයව කන්න.

:       0       154

ධනුෂ්ක Wednesday, 19 February 2020 12:30 PM

බල්ලෝ හැපුවොත් දඩේ 20000 යි

:       37       2

Kumar Friday, 14 February 2020 03:37 AM

ලංකාවේ ආර්ථිකය ගැන ඇමෙරිකාවේ ඉඳල ඇවිත් ජනාධිපති කම ලැබුන කෙනා නොදන්නවා කියලා සිතන්න පුළුවනි. මුළු ජිව්ත කාලයම දේශපලනයේ සිටි අගමැතිතුමා නොදැන සිටියේ කොහොමද.

:       0       64

ravi Friday, 14 February 2020 09:24 AM

අවුරුදු පහෙන්., පහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි, බලය මාරු කරගනිමින්.. අපිටත්, අපේ රටටත් කෙලිනවා කිව්වා නම් වැරදි නැහැ නේද..?

:       0       92

tharaka Friday, 14 February 2020 11:54 AM

මේ බලහල්ලකෝ... මෙයා කියන්නේ හරියට අපි ණය අරන් කොමිස් මුදල් අපේ පිටරට බැංකුවේ දාගත්තා වගේ...!!!

:       0       92

karuFriday, 14 February 2020 12:52 PM

සුනාමියා හොරා....!!!

:       0       72

athula Friday, 14 February 2020 04:13 PM

රටේ ණය බරෙන් සියට 90 ක් ඔයාගේ කාලේ ගත්ත ඒවා ඒවගෙනුත් රුපියල් කෝටී 42 කයි වැඩ කරලා තියෙන්නෙ.

:       0       11

sudesh Sunday, 16 February 2020 10:42 AM

මෙයා මොනවා කියනවාද කියලා තේරෙන්නේ නැහැ.කාලා කාලා දැන් කියනවා සල්ලි නැහැ කියලා...

:       0       25

Jayantha Monday, 17 February 2020 02:56 AM

රට ණයනම් පිටරට සවාරි වලට තව කට්ටිය අරන් ගිහින් එක රැයකට ඩොලර් 10000ක් ගෙවන්න එතකොට ණයබරින් රට නිදහස් වෙයි.

:       0       12

jayantha Monday, 17 February 2020 03:27 AM

මම වැදගත් විදියට කතා කරන්න දන්නවා නමුත් එහෙම විය යුත්තේ වැදගත් මිනිසුන්ට පමණි. අපේ රටේ දේශපාලකයන් එසේ වැදගත්කමක් ඇති අය නොවෙයි.

:       0       22

kamal Monday, 17 February 2020 09:52 AM

ප්ලේන් පුරෝගෙන සවාරි යද්දී මුදල් නාස්තිවෙන්න බදු මුදල් ඉතින් අමාරුවේ තමයි

:       0       46

isini Monday, 17 February 2020 08:17 PM

රටම ණය කලේ කවුද සර්...

:       1       15

kithsiri Monday, 17 February 2020 08:19 PM

මේ... සුද්දෝ ඉන්නකොට ගත්තු ණය වෙන්න ඇති...

:       0       17

lalithm Tuesday, 18 February 2020 08:36 AM

එහෙමෙයි. ඉතින් මක්කයි කොරන්නේ. බැරිනම් ඉතින්... පුළුවන් ඇත්තෙකුට දීල යමු යන්න.

:       0       7

Perera Wednesday, 19 February 2020 04:10 AM

දේශපාලන වශයෙන් රට අරාජිකයි. ආර්ථික වශයෙන් රට චීනයේ යටත් විජතයක්. මේ තත්වෙට වගකිවයුත්තේ නුසුදුස්සන් බලයට පත්කරගත් රටේ ජනතාවයි.

:       0       11

Duppathaa Wednesday, 19 February 2020 04:22 AM

ශ්‍රී ලංකාව කොපමණ ආර්ථික අහේනියකද කිව්වොත් ඉන්දියාවෙනුත් හිඟා කෑමට ශ්‍රී ලංකාවට සිදු වෙලා අද. මොන තරම් ලැජ්ජාවක්ද ?

:       0       25

JayanthaThursday, 20 February 2020 06:03 PM

චිනුන්ගෙන් හිඟා කාපු අපට ඉන්දියාවෙන් හිඟා කන එකද ප්‍රශ්නේ?

:       0       6

PereraFriday, 21 February 2020 04:17 AM

ඉන්දියාවේ හදන හැම දේටම බාලයි කියා කියා හිනා වෙවී ඒ අයගේ සල්ලි හිඟා කන එක ආඩම්බරයක්ද?

:       0       7

DuppathaaFriday, 21 February 2020 04:48 AM

රට මේ යන විදිහට මාල දිවයිනෙනුත් හෙට අනිද්දා හිඟා කන්න යයි වගේ. ජයන්ත මහත්තයට ඒකවත් ගානක් වෙන එකක් නැහැ ආඩම්බර ඉතිහාසයකින් පැවතීගෙන එන සිංහලයෙක් විදිහට නේද?

:       0       4

vidya Wednesday, 19 February 2020 06:13 AM

නෑදෑයෝ, සහෝදර සහෝදරියෝ, යාලුවෝ සුද්දේ දුන්නනේ. කාටද මේවා කියන්නේ ? පාත්තර ටිකක් අරගෙන අභයාරමෙන් පටන් ගත්තනම් ටිකක් එකතු කර ගන්න තිබුනා.

:       0       25

jagath Thursday, 20 February 2020 05:40 PM

පිට රටවල් වල තැන්පත් කරලා තියෙන කළු සල්ලි ගෙනාවා නම් රට ගොඩ.

:       0       3

nimal Friday, 21 February 2020 05:20 AM

ඉතින් ආයෙමත් අපේ අයම මෙයාලවම තමයි යවන්නෙත්.

:       0       3

kusal Friday, 21 February 2020 12:55 PM

සහන..මල්ල ගඟේ ගියා .. ගඟට උඩින් කොක්කු ගියා ..

:       0       0

thisara Friday, 21 February 2020 06:25 PM

නරකද යාලුවෝ, නෑ පරපුර පරවාගෙන තව යුරෝප, ඇමරිකා , ඩුබායි, සවාරි යහමෙන් ගියානම් ඔය ණය අඩු කරගන්න බැරියැ.

:       0       2

නන්නාදුනන හාදයා Saturday, 22 February 2020 11:42 AM

ඌරෝ කවුද හොරා කෑවේ...?

:       0       2

thilak Sunday, 23 February 2020 03:24 PM

මට තේරෙන්නේ නැත්තේ රට මෙතරම් ආගාධයට ගිහින් තිබුණත්, රටේ මැති ඇමතිවරු බදු රහිත සුපිරි වාහනවල පාවෙමින් සුර සැප විඳින්නේ කොහොමදැයි යන්නයි...

:       0       6

PereraMonday, 24 February 2020 12:15 AM

ඕවා ඔයා වගේ තව බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැති නිසා තමයි මංකොල්ලකාරයෝ , පල් හොරු, වංචාකාරයෝ, තක්කඩි, ලංකාවේ නැවත නැවතත් බලයට පත්වේවි සුර සැප ලබද්දී ඒ කොහොමද වෙන්නේ කියා කියා ප්‍රශ්න කර කර ජීවත් වෙන්නේ.

:       0       15

ranjan Tuesday, 25 February 2020 08:02 AM

ඔබලා වෙනුවෙන් වහල්ලු ඕනෑ තරම් ඉන්නවා. ඒ සේරම ඔබලා රැකීමට දිවිහිමියෙන් කැපවී ඇත. ඒ නිසා බිය නොවන්න රට කුමටද ඔබලාට ?

:       0       2

ranjith Tuesday, 25 February 2020 03:08 PM

දූෂණය, වංචාව පිටුදකින්න කිසිම වුවමනාවක් නෑ.. දෙගොල්ලන්ම රට මේ තත්වයට පත්වීම ගැන වගකියන්න වෙනවා.. දැන්වත් පරණ කතන්දර අත ඇරලා අවුරුදු 5 කින් රට ගොඩගන්න වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න... ඒවා කරන්නේ නැතුව තුනෙන් දෙකක් ඉල්ලුවට මිනිස්සු මේ වාරයේ නම් හිතලා තමයි ඡන්දෙ දෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 151 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 291 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 353 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 90 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 530 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 291 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site