IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රටේ ආර්ථිකය ගසාගෙන යෑම

විවිධාකාරයෙන් මතුවූ දේශපාලන කතිකාවත් නිසා රටේ ආර්ථික කාරණා යටපත් වුණි. එහෙත් රටේ වැදගත්ම අංශය වන ආර්ථිකය නොයෙක් තර්ජනවලට මුහුණ දෙමින් පවතින ආකාරය පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාවට ජීවත්වීමට අපහසු ආර්ථික වටපිටාවක් නිර්මාණය වී තිබේ. ආර්ථිකයේ වර්ධනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ නොයෙක් කරුණු ඉදිරිපත් කළද මේ වනවිට ඒවා එකින් එක බිඳ වැටෙමින් පවතින ආකාරයක්ද දැකගත හැකිය.

ආර්ථිකයේ වර්ධන වේගය අඩාල වන බව මා ප්‍රකාශ කළේ මීට වසර දෙකකට පෙරදීය. ඒ කාලය වනවිට එකී ලක්ෂණ පැහැදිලිව පෙන්නුම් කළේය. ආයෝජන අඩුවුණි. උද්ධමනය වැඩිවීමේ ලකුණු තිබුණි. පොලී අනුපාත වැඩිකර ගත්තේය. ආයෝජකයන්ට දොස් පවරා ඔවුන් අධෛර්යමත් කළේය. දේශීය ආයෝජකයන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඔවුන් අපහසුතාවට පත් කළේය. විදේශීය ආයෝජකයන්ද අධෛර්යමත් වන ආකාරයේ වැඩපිළිවෙළක් දියත් කෙරුණි.

මහා පරිමාණ ව්‍යාපෘති නතර කළේය. පැහැදිලිවම ආර්ථිකය අඩාල වන බව මේ ලක්ෂණවලින් පෙන්නුම් කළේය. අද වනවිට එය සිදුව තිබේ. මේ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත දෙස බලන විට මෙය පුදුමයට කාරණයක් ද නොවේ. තවත් ටික කලකින් තවත් අමාරුවේ වැටෙන බවද පැහැදිලිය.

වත්මන් පාලකයන්ට ආර්ථිකය දියුණු කිරීමට නොහැකි බව පෙන්නුම් කර තිබේ. ඒ සමඟම සෑම අංශයකින්ම කළ හැකි සෑම වැරැද්දක්ම කරන ආකාරයක්ද හඳුනා ගන්නට පුළුවන. හොරකම, වංචාව, දූෂණය ආදියේද සීමාවක් නැත. මෙලෙසම ඉදිරියට ගියහොත් ආර්ථිකයට එල්ල වන්නේ බරපතළ පහරකි. යළි ගොඩනැගීමට නොහැකි තත්ත්වයට පත්වීමටද පුළුවන.

මෙවන් තැනකට ආර්ථිකය තල්ලු වීමට බලපා ඇත්තේ කුමන කරුණුද? ආර්ථිකයට දරාගත නොහැකි ආකාරයට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමුවේය. ආයෝජකයන් එලවා ගත්තේය. කෘත්‍රිම ලෙස පොලී අනුපාත ඉහළ නංවා ගත්තේ හොරකම් කිරීමටය. බැඳුම්කර මගඩිය එයට එක් උදාහරණයකි. රුපියලේ අගය වේගයෙන් අවප්‍රමාණය වනවිට රටේ තිබූ සංචිත විනාශ කර ගත්තේය.

එසේ කරද්දීත් වසරකදී රුපියලේ අගය දැවැන්ත ලෙස සියයට දහයකින් පමණ අවප්‍රමාණය වුණි. මේ සමඟම මුදල් ඇමැතිත්, අගමැතිත් ලෝකයට කීවේ කුමක්ද? මුදල් අමාත්‍යාංශයේත්, මහ බැංකුවේත් හොරු සිටින බවය. මෙවන් ප්‍රකාශ කරන විට ලෝකයේ සිටින ආයෝජකයන් පැමිණෙන්නේ නැත. මෙරට බැඳුම්කරවල ඇමෙරිකන් ඩොලර් බිලියන 3.4ක් ආයෝජනය කර තිබුණි. එය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.7ට අඩුවුණි. එසේ අඩුවූයේ විදෙස් ආයෝජකයන් මුදල් ආපසු රැගෙන යාම නිසාය. ආයෝජන නතර කෙරෙන පියවර රාශියකට ආණ්ඩුව යොමුවුණි. මේ සියලු කාරණාවල ප්‍රතිඵල අද වනවිට තදින් දැනෙමින් තිබේ.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් රටේ ණය තිබුණේ සියයට 70ටය. මේ වනවිට එය සියයට 90 දක්වා වැඩි වෙමින් තිබේ. සීමාවකින් තොරව පිටරටවලින් ණය ලබාගෙන තිබේ. එම මුදල්වලින් කරපු දෙයක් දක්නට නැත. මේ ආණ්ඩුව පමණක් බිලියන 3000ක ණය ලබාගෙන තිබේ. ඒ අනුව 2015දී බිලියන 7400 ක්වූ ණය මේ වනවිට බිලියන 10,400 ක් වී තිබේ. රටේ ණය ගෙවූ බව ආණ්ඩු කරන ප්‍රසිද්ධ ප්‍රකාශයකි. එසේ ගෙව්වා නම් රටේ ණය අඩුවිය යුතුය. එහෙත් එවැනි අඩුවීමක් නම් පෙනෙන්නට නැත.

ලබන අප්‍රේල් මාසයේ සිට දැවැන්ත ලෙස බදු වැඩි කිරීමට නියමිතය. එවිට ආයෝජන තවත් අඩුවනු ඇත. සාමාන්‍ය ජනතාව පිට පැටවෙන බර කිහිප ගුණයකින් ඉහළ යාමට එය හේතුවන බවද ඉතාම පැහැදිලිය. මේ ආකාරයට රටත් ආර්ථිකයත් ගෙන යන්නේ කොතැනට දැයි සිතාගත නොහැක.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් පිරිහීම ආර්ථිකය තුළ මෑතක සිදුවූ සුවිශේෂම සිද්ධියයි. ඉතිහාසගත ලෙස මේ පිරිහීම සිදුව තිබේ. රටට ගලා එන මුදල් ප්‍රමාණය සහ රටින් පිටවන මුදල් ප්‍රමාණය මෙයට බලපාන ප්‍රධාන හේතු දෙකය. රටට ගලා එන්නේ ණය පමණක්ම නම් හෝ වැඩි කොටස ණය පමණක්ම නම් රුපියලේ පැවැත්ම කෘත්‍රිම වනු ඇත. රුපියල ශක්තිමත්ව තබා ගැනීමට තිබූ සාධක සියල්ල විනාශකර දමා තිබේ.

විදෙස් ලැබීම්ද මේ වනවිට අඩුවී ගොසිනි. විදෙස් ලැබීම් අඩුවීමේ ලකුණු අපේ කාලයේද තිබුණි. එහෙත් එසේ අඩු නොවීමට අපි කටයුතු කළෙමු. අද මේ අය කරන්නේ විවිධ හේතු ජනතාවට කීමය. ජනතාවට එම හේතුවලින් වැඩක් නැත. ජනතාවට අවශ්‍ය පවතින ප්‍රශ්නවලට විසඳුම්ය. රුපියලේ අගය රැකගැනීමටද කිසිදු ස්ථාවර ප්‍රතිපත්තියක් නැත. ප්‍රකාශ වන්නේද එකිනෙකට පරස්පර අදහස්ය. මේ පසුබිම යටතේ කිසිවකුටත් පැහැදිලි පදනමක් නැත. සෑම දෙයකටම දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවෙමින් තිබේ. මෙවන් තත්ත්වයක් යටතේ රටේ පාලන තන්ත්‍රය නාය යාමකට ලක්ව තිබේ. රුපියලේ අගය කඩා වැටීම එහි එක් ලක්ෂණයකි. මේ තත්ත්වයෙන්  ගැලවීමේ මඟක් වත්මන් පාලන රටාව තුළ දකින්නට ලැබෙන්නේ නැත.

එහෙත් උද්ධමනය ආදී කාරණා පාලනය වී තිබේ යැයි යම් කෙනකු කියන්නට පුළුවන. උද්ධමනය මේ වනවිට සියයට පහක පමණ අගයක පැවතියත් පසුගිය මාස දෙක තුනේදී සියයට අට දක්වා වැඩිවූ බවද අමතක නොකළ යුතුය. 2014 වන තෙක් උද්ධමනය පැවැතියේ සියයට 1, 2, 3 ආදී අගයකය. සියයට තුනට තිබූ උද්ධමනය සියයට අටට වැඩි වී තිබේ. තනි ඉලක්කමක උද්ධමනයක් ඇති බව කිව්වද තිබූ තත්ත්වය සමඟ සසඳන විට විශාල වෙනසක් දැකගන්නට පුළුවන. ජනතාවට ජීවන බර දැඩිව දැනෙන්නේ ඒ නිසාය. ජීවත්වීමට අපහසු යැයි කියන්නේ මේ කාරණය නිසාය. උද්ධමනය යම් ආකාරයකට පාලනය වී තිබෙන ස්වභාවයක් ඉලක්කම්වලින් පෙන්නුම් කළද සිදුව තිබෙන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයකි.

වසර 2014 අග වනවිට තිබූ සියලු පොලී අනුපාත තිබුණේ තනි ඉලක්කමකය. සියලු පොලී අනුපාත සෑහෙන අඩු මට්ටමකට පැමිණ තිබුණි. ණය පොලී අනුපාත පැවතියේ සියයට 10, 11, 12 ආදී ප්‍රතිශතවලය. අද ඒ ප්‍රතිශතවලට ණය ලබාගත නොහැක. මෙය බරපතළ කාරණයක් වී තිබේ. නව ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ වෙනත් කටයුත්තකට ණය ගැනීම අද ප්‍රශ්නයකි. එය ආර්ථික දියුණුවට බාධකයකි. ආර්ථික වශයෙන් අමාරු යුගයකට පිවිස එහි හිරවී සිටින බව මේවායෙන් පෙන්නුම් කරනු ඇත.

ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වන ආයෝජන බරපතළ කඩා වැටීමකට ලක්ව තිබේ. 2015 මුල දී මහ බැංකුවේ ඉදිරි දැක්ම දෙස බලන විට 2018 වනවිට ආයෝජන ඉලක්කය වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 4000කි. 2014 දී මේ අගය පැවතියේ ඩොලර් මිලියන 1700ක් පමණය. මෙය වසරින් වසර වැඩිකර ගනිමින් ඩොලර් මිලියන 4000ක් කරගැනීමට ඇස්තමේන්තු කර තිබුණි. එහෙත් සිදුවූයේ කුමක්ද? වසර 2015දී ඇමෙරිකන් ඩොලර් මිලියන 1700ක් වූ ආයෝජන ඩොලර් මිලියන හය සියයකට පමණ කඩා වැටුණි.

ඉන්පසු මෙය වසරින් වසර අඩුවුණි. මේ වසරේදී ඩොලර් මිලියන 1600 ක විදෙස් ආයෝජන ලැබෙන බව රජයේ තක්සේරුව වී තිබේ. එහෙත් දැනට තිබෙන තොරතුරු අනුව අලුත් ආයෝජන වශයෙන් ඇත්තේ මෙයින් ඩොලර් මිලියන 17කි. අනෙක් ඒවා පැරැණි ව්‍යාපෘතිවලට ගලා එන මුදල්ය.

මේ ආකාරයට රටක ආර්ථිකයක් දුවන්නේ කෙසේද? ආර්ථික වර්ධනයක් ඇතිවන්නේ කෙසේද? රටේ ඉදිරි දැක්ම සුබදායීවන්නේ කෙසේදැයි ප්‍රශ්නයකි. මෙතරම් බරපතළ ආර්ථික ප්‍රශ්නයක් රටේ තිබෙන විට ආණ්ඩුවේ වගකීමවන්නේ ඒවාට විසඳුම් ලබාදීමය. ජනතාව රජයට වගකීමක් ලබාදී තිබේ. එහෙත් එම වගකීම පසෙක තබා ආණ්ඩුව කරන්නේ කිසිඳු ඵලක් නැති කතා ජනතාවට කීමය. විවිධ පාර්ශ්වවලට චෝදනා අවලාද නැඟීමය. මෙයින් රටේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

ආයෝජන නැති නම් කළ යුත්තේ ආයෝජන සොයා ගැනීමය. සිංගප්පූරුවට ගොස් සමුළු පැවැත්වීමෙන් ආයෝජන ලැබෙන්නේ නැත. මහ බැංකුවේ මහා කොල්ලය ලෝකයම දන්නා කරුණකි. එහි ප්‍රධානියකු සිටින්නේද සිංගප්පූරුවේය. ඒ රටට ගොස් ආයෝජකයන්ට ආරාධනා කළවිට ඔවුන් මේ රටට පැමිණේවි දැයි ප්‍රශ්නයකි. සිංගප්පූරුවේ පැවැති ආයෝජක සමුළුවෙන් පසු මෙරට කොටස් වෙළෙඳපොළ එක් ඒකකයකින්වත් වැඩිවූයේ නැත. මේවායේ සාර්ථකත්වය කොතරම්ද යන්න එයින්ම පැහැදිලි වනු ඇත.

ආයෝජන දිරි ගැන්වීමට විවිධාකාර වැඩසටහන්, සහන අපි එදා ක්‍රියාත්මක කළෙමු. ඒවායේ ප්‍රතිඵල නොඅඩුව රටට ලැබුණි. අදත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු පෙනේ. එහෙත් ආයෝජකයන් එන්නේ නැත. කුණු කොල්ලයට රාජ්‍ය සම්පත් විකුණනවා යැයි කීවද ඒවා ගන්නටද කිසිවකු නැත. චීන සමාගමක් හම්බන්තොට වරාය ගත් බව සැබෑවකි. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තවමත් ආයෝජකයකු සොයා ගැනීමට නොහැකි වී තිබේ. ඒ මේ රට පිළිබඳ ආයෝජකයන්ට විශ්වාසයක් නැතිවීම නිසාය. මගඩි, වංචා, දූෂණ සංඛ්‍යා දත්ත සමඟම හෙළිවෙමින් තිබේ. මේවා දකින කිසිවකු ආයෝජනයට එන්නේ නැත. ඇස්බැන්දුම් දැමීමෙන් වන්නේ තිබෙන තුට්ටු දෙකත් නැතිවීම පමණි.

ලංකාවේ පවත්නා ආර්ථික වාතාවරණය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හරහාද අවබෝධ කරගත හැකිය. ජාත්‍යන්තරව කෙරෙන ශ්‍රේණිගත කිරීම් රාශියකි. නීතියේ ආධිපත්‍යය, ව්‍යාපාර කිරීමේ පහසුතාව, තරගකාරීත්වය, මානව සම්පත් සංවර්ධනය, දූෂණය යනාදී අංශවලින් රටවල් ජාත්‍යන්තරව ශ්‍රේණිගත කරනු ඇත. මේවාට බලපෑම් කිරීමට කිසිවකුට නොහැක. සමස්තයක් වශයෙන් ගෙන බලන විට මේ සෑම ශ්‍රේණිගත කිරීමකින්ම පසුගිය වසර තුනේදී ලංකාව දැවැන්ත ලෙස පසුබැස තිබේ.

ඉහත සඳහන් කළ අංශවලින් දෙකක් හැරුණු විට දකුණු ආසියාවේදී අනෙක් ඒවායෙන් ලංකාව තිබුණේ පළමු තැනය. ඉතිරි අංශ දෙකේ දෙවැනි තැනට පත්ව තිබුණි. එහෙත් දැන් මේ බොහෝ දර්ශකවලින් දෙවැනි තෙවැනි හෝ හතරවැනි තැනට පත්ව තිබේ. ලෝක මට්ටමේදී සෑහෙන පසුබැස්මකට ලක්ව තිබේ.

ණය ශ්‍රේණිගත කිරීම මෙහිදී විශේෂිත කරුණකි. ජාත්‍යන්තරව කෙරෙන ණය ශ්‍රේණිගත කිරීම් තුනෙන්ම ලංකාව ඍණ මට්ටමට වැටී තිබේ. ඒ වගේම ලංකාවේ ශ්‍රේණිය එක් ඒකකයකින් හෝ අඩුවී තිබේ. අද ලංකාවේ තිබෙන ශ්‍රේණිය ශ්‍රී ලංකාව ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කරනවිට එරට පැවැති ශ්‍රේණියට වඩා ශ්‍රේණි හතරක් පහළින් ලංකාව සිටින බවද පෙන්නා දිය යුතුය. අද අප සිටින්නේ එවැනි තත්ත්වයකය.

මේ පිරිහීම තව තවත් වර්ධනය වනු ඇත. රට ආර්ථික වශයෙන් මුහුණදී සිටින්නේ ඛේදවාචකයකටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතනද එම අදහස ඉදිරිපත් කර තිබේ. එහෙත් ඒවා අවධානයට ගෙන කටයුතු කරන්නට කෙනෙක් නැත.

කළු සල්ලි සුදු කිරීම සම්බන්ධයෙන් ලංකාව අසාදු ලේඛන ගතකර තිබේ. ඒ අනුව ලංකාව සමඟ සිටින අනෙක් සගයන් වන්නේ ඉරාකය, උතුරු කොරියාව ආදී රටවල්ය. මේ ආකාරයට රටක් සංවර්ධනය කරන්නේ කෙසේ දැයි බරපතළ ප්‍රශ්නයකි.

අති දැවැන්ත කළමනාකරණ ප්‍රශ්නයක් රටේ තිබේ. ඉහත කරුණු සියල්ලෙන් පෙන්නුම් කරන්නේ එයයි. අද මේ ආණ්ඩුවේ නැත්තේ කවුද? රාජපක්ෂවරුන් සහ නිලධාරීන් කීපදෙනෙකු පමණි. සියලුදෙනා ආණ්ඩුවේ සිටින්නේ නම් මේ තත්ත්වය ඇතිකර තිබෙන්නේ ඒ අයම බව පැහැදිලිය. එදා රට ඉදිරියට ගෙනයාමට රට සංවර්ධනය කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්නත් මෙයින් අනාවරණය වනු ඇත.

සමාජජාල නවත්වා ජනතාවගේ කට වසා ප්‍රශ්න විසඳිය නොහැකි බව ආණ්ඩුව වටහාගත යුතුය. ඒවායෙන් රටට වූයේ දැවැන්ත පාඩුවක් බව අමතක නොකළ යුතුය.

විශාල ගංවතුරක් පැමිණි විට විශාල විනාශයක් වන බව අපි දනිමු. එහෙත් එම ගංවතුර නවතින්නේ කොතැනකින් දැයි කීමට නොහැක. අද මෙරට ආර්ථිකයට සිදුව ඇත්තේද එවැනි දෙයකි. එහි ප්‍රතිඵල තවත් කෙටි කලකින් අත්විඳීමට සිදුවනු ඇත.

සටහන
චමින්ද මුණසිංහ



අදහස් (7)

රටේ ආර්ථිකය ගසාගෙන යෑම

Chanak Los angeles Wednesday, 28 March 2018 06:34 AM

ගසාගෙන යන්නේ නැහැ බලයට පත්වෙන අය ගසාගෙන කනවා.... පාන් කියාගන්න බැරිව සිට බලයට ආව කී දෙනෙක් අද අසාධාරණ ලෙස පොහොසත් වෙලා තිබෙනවද.?

:       0       20

Raveendra Wednesday, 28 March 2018 05:31 PM

අනේ මේ අපිනේ ගසාගෙන යන්න වැඩ සැලැස්සුවේ..

:       0       13

BamunuarachchiThursday, 29 March 2018 06:21 PM

මේගොල්ලන්ට බලය දුන්නා කියල මහ ලොකුවට කතා කරන 62 තමයි වගකියන්න ඕනේ.

:       0       4

anil R Thursday, 29 March 2018 05:21 PM

රවින්ද්‍ර දේශපාලන වෛරයෙන් තොරව ඔහු කියා ඇති කාරණා ගැඹුරෙන් හිතා බලන්න. අපේ රටේ විතරද මන්දා මිනිස්සු ඕනෑම කාරණයකට එකඟ වන්නේ හෝ විරුද්ධ වන්නේ, ඒ පණිවිඩය කියන පුද්ගලයා තමන්ගේ පක්ෂයේද නැද්ද යන්න අනුවයි.... ඉතින් අපේ රටට කොහෙද අනාගතයක්?

:       1       20

RaveendraFriday, 30 March 2018 03:36 AM

anil R මයා වෙත, ඔබගේ අදහසට ගරු කරන්නෙමු. එමෙන්ම අප කිසිවිට වෛරයෙන් කතා කරන "දේශපාලුවන් " අගය කරන්නෙත් නැත. එලෙසම අපගේ මවුබිම වෙනුවෙන් යහපත් දෙයක් කලේ කවුද ඔහු රතුද නිල්ද, කොලද යන්න අප කිසිවිට සලකන්නෙත් නැත, නමුත් ඔවුන්ව අප කිසිදු පැකලිමකින් තොරව "අගයන්නෙමු." අප "සියල්ලෝටම වැරදුනු" එක දෙයක් ඇත, ( වැඩි පිරිසක් මෙම අදහස පිලිනොගනු ඇත ) එනම් පුරවැසියන් වැඩි දෙනෙකු පක්ෂ පාට වල වන්දිබට්ටයෝ වී ඇති බවය.

:       0       21

[email protected] Friday, 30 March 2018 11:41 PM

Raveendra , රනිල් මහත්තය රට බාරගන්නකොට මම හුඟක් සතුටු වුණා ආර්ථිකය පැත්තෙන් ඔහුට ඇති දක්ෂතා ගැන හිතල. තවමත් මම හිතන්නේ ඔහුට ඉඩ දිය යුතුයි ඔහු පටන් ගත් වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට. නමුත් මේ ගණන් මිමි ඇහෙනකොට දුකයි..... කෙසේ නුමුත් රනිල් මහතාගේ අදහස් ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොවිය යුතයි කියල මම තවමත් හිතනවා.

:       27       48

saranelis Saturday, 31 March 2018 01:56 PM

ආපස්සට හිතද්දී නිදහසින් පස්සේ පේන්න තියෙන්නේ ඩී.එස්. ගේ කාලේ ගොවි ජනපදයි, මහවැලියයි, යුද්දෙයි විතරයි. රට යන ගැහැණු ටිකයි, මෘදුකාංග, සංචාරක ව්‍යාපාර ඇරුනම තවම ඉන්නේ වලේ... ලැජ්ජයි, හරි සැලැස්මක් කාටවත් තියෙනවා කියලා හිතන්නවත් බැහැ. දැන් ආණ්ඩු තෝරන්නේ යන්තම් රට වත් නොකැඩි ඉන්න කියලයි. කොහේ හරි වැටිලා ඉන්නවත් කියලා. එයිට වැඩිය යමක් නැහැ. හරියට වැස්ස නොලැබුනොත් රටෙන් භාගයක් බඩගින්නේ. ඉගෙන ගත්ත අය රට යනවා මෙහෙ ඉඳල මොනවා කරන්නද! මොන කර්මාන්ත ව්‍යාපාරද?

:       0       45

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 141 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 277 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 350 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 85 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 527 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 290 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site