අලූත්ගම ගාලූ පාරේ කලූවාමෝදර හන්දියෙන් හැරී කාලවිල මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගිය විටදී හමුවන සුන්දර පරිසරයකින් යුතු කුඩා කඳු ගැටයක සුප‍්‍රසිද්ධ කන්දේ විහාරස්ථානය පිහිටා ඇත. බෙන්තොට ගලපාත විහාරය මූලස්ථානය කරගෙන කන්ද උඩරට රාජාධි රාජසිංහ සමයේ ආරම්භ වී ඇති මෙම විහාරස්ථානයේ මුල් නායක හිමියන් වූයේ වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජවහන්සේගේ ශිෂ්‍ය නමක් වූ දේද්දුව ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය උඩුගම චන්ද්‍රසාර හිමියෝය. විහාරස්ථ වර්තමාන දාගැබ ඉදිකිරීමට ප‍්‍රථම කුඩා දාගැබ ඉදිකර ඇත්තේ බුද්ධ වර්ෂ 2327 දී බව ලේඛනගතවී තිබීම විහාරය ආරම්භය ගැන තවත් සාක්ෂියකි. දිනපතා පැවැත්වෙන ගිලන්පස බුද්ධ පූජා, දේව පූජා මෙන්ම වාර්ෂික කිරිපිඬු හා මුරුතැන් පූජා විහාරස්ථ ආගමික වැඩසටහන් අතර මුල් තැනක් ගනී. උඩුගම චන්ද්‍රසාර හිමියන්ගේ අනුශාසනා පරිදි උන් වහන්සේගේ ශිෂ්‍ය කරපාගල දේවමිත්ත හිමියන් මෙහි මුල්ම විහාරාධිපති ධුරය දරමින් විහාරස්ථානයේ මූලික පසුබිම ගොඩනඟා ඇත. පසුව බෙන්තර සෝනුත්තර, මහගොඩ ධම්මදස්සි, මාලේවන සුමන, මාලේවන සීලවංශ, පින්නගොඩ අත්ථදස්සි, පොතුවිල සරණතිස්ස, හීනටියන්ගල ජනරාම, යන විහාරාධිපතීන් වහන්සේලා විහාරයේ සංවර්ධන කටයුතුවල නියමුවරු වූහ. බුද්ධ වර්ෂ 2479 දී ඉදි කෙරුණු වර්තමාන දාගැබ ඉදිරිපිට භූමිස්පර්ශ මුද්‍රාවෙන් නිර්මාණය කළ දර්ශනීය බුද්ධ ප‍්‍රතිමාවක් සහිත කුඩා මැදුරක් හා දැකුම්කළු මලසුන් ගෙයකි. අට පැතලි වේදිකාවක් මත නිර්මාණය කර ඇති දාගැබ විහාරස්ථානයේ සුන්දරත්වය වඩාත් වර්ධනය කරයි. මහනුවර යුගයේ චිත‍්‍ර සම්ප‍්‍රදායට නෑකම් කියන පැරණි බිතුසිතුවම්වලින් යුත් ඉපැරැුණි ධාතු මන්දිරයේ රිදියෙන් කළ කරඬුවක සර්වඥ ධාතු තැන්පත් කර තිබීම විහාරස්ථානයේ ඇති පූජනීයත්වයට හේතුවකි. විහාරස්ථ අති පැරැණි සුවිසල් බෝධිය මෙම පුදබිමේ පෞරාණික බව කියා පාන ප‍්‍රබල සංකේතයකි. ඒ වට බෝධිඝරයක් ඉදි කර ඇත. එමෙන්ම මෑතකදී ඉදි කරනු ලැබූ 107 රියන් සමාධි බුදු පිළිමය විහාරස්ථානයට ගෙනෙනුයේ අසිරිමත් දසුනකි. බුදු පිළිමය යටින් ප‍්‍රතිමා, සිතුවම් සහිත විහාර ගෙයක්ද නිර්මාණය කර තිබේ. බුදු මැදුර ඉදිරිපිට ඇති සුවිසල් තෙමහල් තොරණ දුර්ලභ ඝනයේ නිර්මාණයකි. ආරක්කු හා සිමෙන්ති බදාමයෙන් කළ දොරවල්වලින් යුත් මෙහි කඟවේනා හා සිංහයා ලාංඡුන දක්නට ලැබේ. තොරණ මුදුනේ සර්වඥ ධාතු තැන්පත් කළ කුඩා දාගැබකි. ඕලන්ද ගෘහ නිර්මාණ කලාවට මෙය නෑකම් කියයි. බුදු මැදුර ප‍්‍රතිමා සහ බිතුසිතුවම්වලින් යුක්තය. බුදු මැදුරේ වම්පස ඇති විෂ්ණු දේවාලයේ රන්මිණි මුවා ඔටුන්නක් සහිත ආභරණවලින් සැරසූ ජීවමාන ස්වරූපයක් ගන්නා විෂ්ණු දේව හිඳි පිළිමයකි. කන්දේ විහාරය ප‍්‍රසිද්ධියට පත්වීමට බලපෑවේ මහානුභාව සම්පන්න බල ඇතැයි සැලකෙන මෙම විෂ්ණු දේවාලයයි. ඒ හැරුණු විට අනෙකුත් දේවාලවලට භාරහාර ඔප්පු කිරීම සඳහා දිනපතාම දහස් ගණන් බැතිමත්හු මෙහි එති. වර්තමාන විහාරාධිපති කළුතර බෙන්තර දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ විහාරස්ථ වර්තමාන දියුණුව සැළසී ඇත. වර්තමාන විහාරාංගයන් වන තෙමහල් සංඝාවාස විශ‍්‍රාම ශාලාව, විහාරයට ප‍්‍රවිෂ්ඨ වන මාර්ගය, නව දේවාල පන්තිය, බෝධියේ රන්වැට, දාන ශාලාව සහිත සිව් මහල් සංඝාවාසය ආදියටත් විහාරාධිපතීන් වහන්සේ විහාර සංවර්ධනයට කැපවී ඇති බවට සාක්ෂි වේ. ප‍්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්ව ඇති උන් වහන්සේ සිව් දිගින් පැමිණෙන බැතිමතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකරමින් විහාර දියුණුවට දිවා රෑ නොබලා වෙහෙස වෙති. උන් වහන්සේ මග පෙන්වීම යටතේ ඉදිකෙරුණු ධාතු මන්දිරය ශ්‍රී සරණතිස්ස පුස්තකාලය හා කෞතුකාගාරයක් සහිත නව සය මහල් ගොඩනැගිල්ල ද විහාරස්ථානය තව තවත් අංග සම්පූර්ණ කිරීමකි. අපවත්වී වදාළ පරිවේනාධිපති යටදොළවත්තේ ආරියවංශ හිමියෝ ද මෙම විහාරස්ථානයේ දියුණුවට සිදුකළ වෙහෙස අපමණය. කන්දේ විහාරස්ථ ක්‍ෂේත‍්‍රරාම මහ පිරිවෙණෙහි අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට පරිගණක අධ්‍යාපනය ලබාදීමට පරිගණක සම්පත් මධ්‍යස්ථානයක් ද, ජපන් භාෂා මධ්‍යස්ථානයක් ද විහාරය පිළිබඳ වෙබ් අඩවියක් ද ඇත. දායක කාරකාදීන්ගේ සහාය ඇතිව විහාරාධිපති බටුවන්හේනේ නාහිමියන්ද ක්‍ෂේත‍්‍රාරාම පරිවේණාධිපති කොක්කාවිට විපුලසාර හිමියන්ද විහාරස්ථ දියුණුව උදෙසා ගෙන යන කාර්ය භාරය සුළු පටු නොවේ. විහාරස්ථානයට ලබන්නා වූ පුද පඬුරුවලින් අවට ප‍්‍රදේශයන්හි පාසල් සහ විහාරස්ථාන සඳහා මහල් ගොඩනැගිලි ඉදිකර දීමටද විහාරාධිපති හිමිපාණෝ කටයුතු කරති. මේ වන විට එවැනි පරිත්‍යාග රැුසක් සිදු කරදී තිබේ. සතියේ දින හතේම උදේ සිට රාත‍්‍රිය දක්වා මෙම පුද බිම සැදැහැවතුන් බැතිමතුන්ගෙන් පිරී පවතී. විහාරයේ පරිසරය රැුකෙන පරිදි තැඹිලි කෝම්බ හා නොදිරන දෑ විහාර භූමියේ නොදැමීමත් මෙහි එන සැදැහැවතුන්ගේ යුතුකමකි.
මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු
අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ
ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර
දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්
නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රාජසිංහ රජු දවස ඉදිකළ අලූත්ගම කන්දේ විහාරය
වෙනුර Friday, 14 September 2012 12:18 PM
බුදු ගුණ පෙරටුව අන් සියලු දේ සමගින් ජිවමානව වැඩ සිටින පින් බිමක්. (නි)
තුෂාර Monday, 24 September 2012 08:14 PM
සූන්දර විහාරයක්. (නි)
ලියොන් ගුනවර්දන Sunday, 16 November 2014 04:05 AM
ඓසිහතික වැදගත්කමක් ඇති මෙම මහානුභාව සම්පන්න පුදබිමට දිනපතා වැදුම් පිදුම් කිරීමට පැමිණෙන සැදැහැවතුන්ගෙන් ලැබෙන පුද පඩුරු වලින් ප්‍රදේශයේ පසල් සඳහා මහල් ගොඩනැගිලි සදා දීමටත් අවට විහාරස්ථාන වැඩි දියුණු කිරීමටත් දැනටමත් කටයුතු කර ඇති මෙම විහාරධිපති හිමිපාණන්ගේ ප්‍රකාශය ආදර්ශයට ගෙන බැතිමතුන්ගෙන් මෙයට වඩා දසදහස් ගුණයෙන් පුද පඩුරු ලැබෙන කතරගම වැනි පුදමින් භාර අදිපති උතුමන් කටයුතු කළහොත් මෙවැනි සංවර්ධන කාර්යන් රජයට බරක් නොවනු ඇත. (හේ)
මල්ලිකා Wednesday, 06 March 2013 10:32 AM
සුන්දර පින්බිමකි. (නි)
පද්මිණි Friday, 28 September 2012 12:38 AM
කන්දේ විහාරය මහානුභාවසම්පන්න ස්ථානයකි. (නි)
නිරූ Monday, 03 September 2012 10:51 AM
සිත නිවන බුද්ධ ප්‍රත්‍රිමාවක්...(ස)
චතුප Monday, 15 April 2013 12:05 PM
මෙතනට යන්න මගේ ගෙදර ඉදන් විනාඩි 30යි. ඉතින් මම මෙතනට නිතරම යනවා. කියන්න කණගාටුයි මෙතන දැන් දෙවියන්ට වෙන් වෙච්ච තැනක් වෙලා. බුදුන් වදින්න මෙතනට එන්නේ 40 % විතර. අනිත් හැමෝම එන්නේ පුජා වට්ටියක් අරන් කොහෙවත් නැති දෙවියෝ බැහැ දකින්න. (නි)
ඩිලාන් Thursday, 27 February 2014 08:25 AM
ගොඩක් හොඳයි.(නදී)
ශ්‍රිමති Tuesday, 18 September 2012 01:50 PM
බුදුන්ගේ ගේ දේශීයයි....(නු)
නිත්‍යා Saturday, 05 January 2013 01:05 PM
වන්දනාකරුවන්ගෙන් හැමවිටම පිරි පින්බිමකි (ස)
ප්‍රියන්ත Monday, 24 September 2012 11:30 PM
අපේ බුදු සසුන අප සැමදා රැකගනිමු. (නි)
ජයසේන Tuesday, 04 September 2012 07:32 PM
හොද පින්බිමක්. හැමදාම වන්දනාකරුවන් පිරිලා. (නි)
ඉෂාන් Friday, 03 May 2013 04:01 PM
තෙරුවන් බලය හා දේවබලය එක්තැන්වූ මහානුබාව සම්පන්න පුදබිමක්.(නදී)
ශ්‍රියානන්ද Wednesday, 19 September 2012 09:39 PM
හොද පින්බිමක්. (නි)
සම්පත් Friday, 07 September 2012 01:57 PM
බෞද්ධයන් වශයෙන් අපිටනම් හරිම ආඩම්බරයි. සාදු සාදු සාදු !......(ස)
තුෂාර Wednesday, 10 October 2012 07:56 AM
මහ විහාර වලට වැඩිය බුදු සසුන වෙනුවෙන් කැපවූ තැනක් මේ. (නි)
ලාල් Thursday, 06 September 2012 07:09 AM
මෙම තොරතුරු වලට ස්තූතියි (නි)
ලාල් පෙරේරා Wednesday, 19 September 2012 11:29 AM
සාදු !!!! සාදු !!!! (ස)
සුගන්ධී Wednesday, 07 November 2012 02:32 AM
බුදුරුව දකිනකොට පුදුම සුවයක් ඇතිවෙනවා. බුදුසරණයි ... (නි)
දමිත් Saturday, 15 September 2012 12:50 PM
අපේ දේ අපි මැරිලා හරි රක ගම්මු (දී)
Lawanya Thursday, 31 August 2023 11:52 PM
මේකේ තියෙන විස්තර ඔක්කොම කන්දේ විහාරය පිළිබද විතරද?
Lawanya Thursday, 31 August 2023 11:55 PM
හොඳයි...