IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රජයේ වාහනවලින් බිරිඳ සාප්පු යැවූ පරිපාලන නිලධාරියාගේ කර්ම විපාකය

17-pg10d--taksala-pgs    

 

අපේ බොහෝ අය සිතන්නේ රජයේ රැකියාවක් ලැබීම වඩාත් පහසු එකය කියාය. නමුත් රාජ්‍ය පරිපාලන  සේවයද රාජ්‍ය සේවය ද දැලි පිහියෙන් කිරිකන්නා වාගේ එකකි. එම සේවයේ අපායට යාමට ඇත්තේද කෙටි මගකි. දිව්‍ය ලෝකයට යාමට ඇත්තේ ද කෙටි මගකි. මේ පාරවල් දෙක තීරණය වන්නේ පොදු මහජන මුදලින් වැටුප් ලබමින් ඒ හා සරිලන සේවයක් තමා කරනු ලබන්නේද? නැද්ද? යන නිගමනය මතයි. 

 

නීතියේ සිවිල් නීතිය සහ අපරාධ නීතිය යනුවෙන් අංශ දෙකක් වෙයි. සිවිල් නීතිය අනුව දඬුවම් කරනු ලබන්නේ පුද්ගලික වැරදි සඳහාය. අපරාධ නීතිය යටතේ දඬුවම් පමුණුවනු ලබන්නේ පොදු වැරදි සඳහාය. මේ අනුව පෙනෙන්නේ සමාජයක පුද්ගලික සහ පොදු යනුවෙන් අංශ දෙකක් පවතින බවයි. කිසියම් සමාජයක තම  තමා දුක්මහන්සියෙන් හරි හම්බ කරගත් දෙය හෝ ලේ උරුමයෙන් තමන්ට ලැබුණු වස්තුව හෝ දේපළ පුද්ගලික දේපළ ලෙස හඳුන්වනු ලබයි. පුද්ගලික අයිතිය නැති දේපළ පොදු දේපළ හෙවත් රාජ්‍ය දේපළ ලෙස හඳුන්වනු ලබයි. පොදු දේපළ හැඳින්වීම සඳහා දහමෙහි භාවිත වන වචනය වන්නේ සාංඝික දේපළ යන්නයි. 

SLTK_10.qxd
නීතියෙහි ද පුද්ගලික වැරදිවලට වඩා පොදු දෙයට එරෙහිවීම හෙවත් පොදු වැරදි බරපතළ ලෙස සලකයි. දහමෙහි පුද්ගලික වරදකට වඩා පොදු වරදක් සඳහා  ලැබෙන අකුසල විපාකය ද වැඩි බව දක්වයි. කර්ම විපාකයෙහිද ඒ දෙකෙහි වෙනස පැහැදිලිව දක්නට ලැබේ. ඇතැම් මැති ඇමැතිවරු රාජ්‍ය දේපළ පුද්ගලික පරිහරණයට ගැනීමට උනන්දු වෙති. එහි විපාකය බරපතළය. ඇතැම් රාජ්‍ය නිලධාරීහු පොදු දේපළ තම පුද්ගලික පරිහරණයට ගනිති. එහි විපාකය බරපතළය. ඇතැම් සේවකයෝ පොදු දේපළ පුද්ගලික පරිහරණයට ගනිති. එහි විපාකය ද බරපතළය.


රාජ්‍ය පරිපාලන කේෂ්ත්‍රයේ එක්තරා නිලධාරියෙක් සිටියේය. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලබා සිය දක්ෂතා නිසාම රජයේ ඉහළ තනතුරකට ගියේය. පෙර රාජ්‍ය පරිපාලන සේවයෙහි ඔහු ලැබූ තනතුර සඳහා ප්‍රමාණවත්  වැටුපක් ලැබුව ද ඒ එයට සරිලන සේවය ඔහු රජයට ලබා දුන්නේ නැත. බොහෝ අවස්ථාවල වංක ලෙස කටයුතු කළේය. තනතුරට අයිති බොහෝ පහසුකම් හේ තමාගේ පුද්ගලික දේපළ ලෙස සිතීය. වැටුප ලබාගනු  ලැබුවේ සේවය හරිහැටි නොකරන ගමන් බව හෘද සාක්කිය දැන ගත්තත් ඉහළ නිලධාරීන්ගෙන් එය වසන් කිරීමට ඔහු උගත් දැනුම සහ අවබෝධය යොදා ගත්තේය. ඒ අනුව ඇතැම් ලියවිලි නීත්‍යානුකූලවම සකස් කරනු ලැබීය. එනිසාම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ඒ ඔහුගේ ලියකියවිලි හැදීමේ  දක්ෂතාව නිසාය. 


ඔහු යටතේ සේවය කරන සේවක සේවිකාවන් රාජ්‍ය සේවකයන් වුවද ඔහු බොහෝ විට කල්පනා කළේ ඒ තමාගේ අතවැසියන් කියාය. එසේ ආයතනයේ සේවකයන් ඒ ඒ තැන්වලට මාරු කර හැරියේය. ඔහු අතින් අසාධාරණයට පත් පුද්ගලයෙක් සිය දුක්ගැනවිල්ල කීමට දවසක් ඔහු වෙත පැමිණියේය.
‘සර් මම කිසි වරදක් නැතුව ඈත පළාතකට මාරුකර තිබෙන්නේ. මේ නිසා මා සේවය කර සිටි තැනත් අවුල්. මට වැඩ බාර ගන්න තියෙන තැනත් පුරප්පාඩු නෑ. මගේ නෝනට බබා හම්බ වෙන්නත් ළඟයි. මේ ගැන අනුකම්පාවෙන් බලන්න සර්’ යයි හේ කීවේය. ඒ වෙලාවේ ඔහු ගත් කටටම කීවේ ‘තමුසෙට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීලා යන්න පුළුවන්’ කියාය. සේවකයන්ට එලෙස තර්ජනය කිරීම තමන්ගේ වීරකමක් ලෙස හේ කල්පනා කරමින් සතුටු විය. අහිංසක මිනිසාගේ බැගෑපත් පසුබෑම අනුව ඔහු මහත් සතුටක් ලැබීය. 


යම් යම් ව්‍යාපෘති සඳහා යයි කියා නීත්‍යානුකූලව මුදල් වෙන්කර ගෙන ඒ පොදු මුදල් තම පුද්ගලික පරිහරණයට ගත්තේය. විශාල නිවසක් ඉදිකර ගත් හේ පාරම්පරික ධනවතුන්ගේ නිවසක් මෙන් පෞරාණික බඩුමූට්ටුවලින් නිවස පිරවීය. රාජ්‍ය වාහන නිවසේ ද බිරිඳගේ ද පරිහරණයට ගත්තේය. බිරිඳ ෂොපින් ගියේ රජයේ වාහනවලය. දරුවන් කොළඹ ඉහළ පාසල්වලට ගියේ රජයේ වාහනවලය. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත්තද සාමාන්‍ය මිනිසා ගැන පමණක් නොව තමාගේ සේවයවත් හරිහැටි ඉටු නොකර රාජ්‍ය දේපළ හොරා කෑවේය. ඉහළම නිලධාරීන්  සමග සුහද මිත්‍රශීලී ලීලාවෙන්  කටයුතු කිරීම නිසා ඉහළ සමාජය තුළ ද හිතවන්තයකු විය.


වයස ගෙවී සේවයෙන් විශ්‍රාම යාමත් සමග ඔහුට කර්මය පලදෙන්නට පටන් ගත්තේය. දණහිසේ අසනීපයක් හැදුණි. කොතරම් බෙහෙත් කළ ද එහි සුවය බෙහෙත් කරන විට පමණි. රෑ එළිවෙනතුරු මුළු කයම රිදුම් දෙන්නට විය. මහ රෑ වේදනාවෙන් කෑමොර දුන්නද අසලට එන්නට කෙනෙක් සිටියේ නැත. බිරිඳ ද රහස් අසනීපයකින් මියගොස් සිටියාය. දරුවන්  දෙදෙනා ද විදේශ රටවල පදිංචියට ගොස්ය. පියාගේ තද හිතුවක්කාර ගති නිසාම දරුවන්ද ක්‍රමයෙන් පියාගෙන් ඈත් වෙමින් තිබිණ. උවටැන් කරන්නට සිටි පුද්ගලයාද තම සේවය හරිහැටි කළේ නැත. එනිසාම හේ බොහෝ දුක් වින්ඳේය. තමා බලවත් කාලවල අහිංසක මිනිසුන්ට කළ අසාධාරණකම්, කියූ දරුණු වචන මැවි මැවී පෙනෙන්නටද ඇසෙන්නට ද විය. රෑට නින්ද යන්නේ නැත. ඉඳහිට හෝ නින්දක් ගියවිට කෑ ගසාගෙන අවදිවෙයි. යකුන් සහ භූතයන් අවි ආයුධ තබාගෙන තමා වටේ සිටින බව කියයි. ඇඳෙන් නැගිට දුවන්නට යයි. ඒත් දෑත් දෙපා පණ නැති නිසා බිම වැටී වේදනා විඳියි. රාජ්‍ය සේවය වැරදි ලෙස කළ ඔහුට නීතිය හරස් වූයේ නැත. කර්ම විපාකය හරස් විය. මෙලොවදී විපාක ලැබිණ. බොහෝ දුක් විඳ හේ මරණයට පත්විය. ලෙඩ දුක් හැදීම කොයි කාටත් පොදු දෙයකි. එසේ වුවද මේ සිද්ධිදාමය අධ්‍යයනය කරනවිට ඔහු කළ නරක ක්‍රියා හා පෙරළා පැමිණි වධ වේදනා අතර ප්‍රබල සමානකම් තිබේ. 


අපේ බොහෝ අය සිතන්නේ රජයේ රැකියාවක් ලැබීම වඩාත් පහසු බවය. නමුත් පරිපාලන  සේවයද රාජ්‍ය සේවය දැලි පිහියෙන් කිරිකන්නා වාගේ එකකි. එම සේවයේ අපායට යාමට ඇත්තේ කෙටි මගකි. දිව්‍ය ලෝකයට යාමට ඇත්තේ ද කෙටි මගකි. මේ පාරවල් දෙක තීරණය වන්නේ පොදු මහජන මුදලින් වැටුප් ලබමින් ඒ හා සරිලන සේවයක් තමා කරනු ලබන්නේද? නැද්ද? යන නිගමනය මතයි. වැඩ නොකර සිටීමට බොහෝ අවස්ථාවන්ද මිනිසුන්ගේ කාලය නිරපරාදේ රස්තියාදු කිරීමට අවස්ථාවක් ද මහජන දෙය පුද්ගලික දෙය ලෙස පරිහරණය කිරීමට සහ පරිභෝග කිරීමට අවස්ථා ද රාජ්‍ය සේවය හා රාජ්‍ය පරිපාලන සේවය තුළ ඕනෑ තරම්  තිබේ.


මා ලද අත්දැකීම් අනුව මෙහි දැක්වූ කථාව සේම රාජ්‍ය සේවයේ සිට විශ්‍රාම ගිය අයගේ මරණය බොහෝ විට ශෝචනීය තත්ත්වයක පවතී. ඥාතීන් අතර පිරිහීමට පත්වීම සමාජයේ පිරිහීමට පත්වීම, මානසික විකෘතිතා ඇතිවීම, අස්ථාන බියකින් පෙළීම, තමා කළ සේවය ගැන ඇති අතෘප්තින්ද දැකිය හැක. මේ රාජ්‍ය පරිපාලන සේවයේ සිට විශ්‍රාම ගිය පිරිසක් තෝරාගෙන කරනු ලැබූ  පර්යේෂණයක ප්‍රතිඵලයි. 


රාජ්‍ය සේවය සහ රාජ්‍ය පරිපාලන සේවය ඉතාමත් අනර්ඝ සේවයකි. එක්තරා විදියක උතුම් සේවයකි. වැටුප්ද ලබමින් පිනුත් ලබාගත හැකි උදාර සේවයකි.  නමුත් එබදු තත්ත්වයේ රැකියාව කරනු ලබන්නේ මිනිසුන් විසිනි. මිනිසා මෙහෙයවනු ලබන්නේ සිය මනස විසින්ය. යහපත පිණිස යොදවන ලද මනස යහපත් අදහස් ද අයහපත  පිණිස යොදවන ලද මනස අයහපත්  අදහස් ද මිනිස් සිතට රැගෙන එයි. ඒ අනුව යම්යම් ක්‍රියා සිදුකරනු ලබයි. රජ්‍ය සේවයේ හා රාජ්‍ය පාරිපාලන  සේවයේ නිරත හැම කෙනකුම මේ ලිපියේ  දැක්වූ ආකාරයේ අය ලෙස ගිනිය නොහැකිය. සේවයේ උදාරත්වය අඳුනාගෙන  තමන්ගේ ජීවිතයේ සියල්ල ලැබී ඇත්තේ මේ රැකියාව නිසාය යන සිතුවිල්ලෙන් රැකියාවේ නිරත වන්නෝද සිටිති. 

m



අදහස් (0)

රජයේ වාහනවලින් බිරිඳ සාප්පු යැවූ පරිපාලන නිලධාරියාගේ කර්ම විපාකය

බණ්ඩාර Friday, 22 January 2016 08:14 AM

ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා මේ වගේ ලිපි පල කිරීම ගැන , තමන් ලබන වැටුපට සාධාරණ සේවයක් කළ යුතුමය. (ම)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 24 January 2016 05:17 PM

මෙය රාජ්‍ය සේවයේ ඉහළ පුටුවල සිට මෙසේ අන්තනෝමතික ලෙස ක්‍රියාකරනු ලබන අයට පමණක් නොව මහජනයාගේ ආශිර්වාදයෙන් මෙන්ම කරපිටෙන් මහජන සේවයට කැපවෙන බවට අඟවා එන ඊනියා දේශපාලකයන්ටද හොඳින් අදාළ වේ. මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරමින් ඔවුන් කරනු ලබන පව්කාර ක්‍රියාවන්ට මෙලොවදීම විපාක දෙනු ඇත (නි)

:       0       0

සුනිල් Wednesday, 03 February 2016 04:24 AM

ලිපිය කාලෝචිතයි නොමැරෙනවායැයි කියා ජිවත්ව සිටියදි අහින්සක පෙදු ජනයා පිඩාවට පත්නර සේවයේ බලතල බබලවන නළධාරින්ට හැදෙන්න හොදම හොද අවවාදයකි ස්වාමින් වහන්සේට පිං.! (ර)

:       0       0

ලිහිණි Sunday, 07 February 2016 06:13 AM

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් අධ්‍යාපනය ලබා දක්ෂතා නිසාම මෙවැනි උසස් සේවයකට ඇතුලත් වුවත්, සමාන ඉඩ ප්‍රස්තා ලබාදෙමින් රට පුරා පරිපාලන සේවයට නිලධාරීන් පත්කර ගැනීම නිසා මෙය ඔවුන්ට (සමහරු) ලැබුණු වරප්‍රසාදයක් ලෙස සිතනවා ඇත. (බ)

:       0       0

මලී Thursday, 21 January 2016 04:06 AM

මෙම ලිපිය රාජ්‍ය සේවයේ අය අනිවාර්යයෙන්ම කියවන්න (නි)

:       0       0

මලී Thursday, 21 January 2016 04:09 AM

මෙහි කියා තිබෙන කරුණු ගොඩක් දුරට සත්‍යයි. ඇතැම් රජයේ සේවකයන්ගේ ක්‍රියාකලාපය මෙහි සඳහන් කර ඇති ආකාරයටම වේ. ඔවුන් සිතා සිටින්නේ රජයේ සේවයේ මුදල් තමන්ට අවශ්‍ය විදියට යොදා ගත හැකි බවයි. (නි)

:       0       0

බුද්ධික Wednesday, 20 January 2016 03:16 AM

මෙම ලිපිය සියළු රජයේ සේවකයින් විසින් කියවිය යුතුයි (නි)

:       0       0

පෙරේරා Monday, 08 February 2016 11:18 PM

මේවා කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

නිපුණ Friday, 22 January 2016 09:37 PM

මෙය රජයේ විතරක් නොවේ, පෞද්ගලික අංශයේ උසස් නිලධාරීන්ද මේ ආකාරයෙන්ම කටයුතු කරනවා. සේවකයන්ගෙන් හූරාකාගෙන වැඩ අරගෙන තමන්ගේ සාක්කුව පුරවා ගන්නවා. මේක රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම වැදගත් ලිපියක්. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලිපි කියවලා මිනිස්සු තේරුම් නොගන්න එක. ඔබ වහන්සේට පින්. (නි)

:       0       0

ලීලානන්ද Thursday, 28 January 2016 08:29 AM

ඉතා හොඳ ලිපියක් සියලුම රජයේ පමණක් නොව පෞද්ගලික අංශයේ නිලධාරින්ටත් ආදර්ශමත් ලිපියක්.(බ)

:       0       0

වසීම් Monday, 15 February 2016 06:38 PM

වටිනා ලිපියක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 264 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 217 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 62 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 302 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 211 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 263 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site