IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රේගු දැලට භසුවී දෙහිවලට ආ විදෙස් පක්ෂීන්ගේ ජීවිත අනතුරේ

කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කර දෙහිවල සත්වෝද්‍යානයට බාර දුන් වටිනා විදේශීය පක්ෂීන් වර්ග රාශියකගේ ජීවිත හා පැවැත්ම අනාරක්ෂිත වී ඇතැයි සත්ත්ව උද්‍යාන ආරංචිමාර්ග පවසයි. හොරණ ගෝණපල ප‍්‍රදේශයේ ඇති දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට අයත් ගොවිපොළේ කූඩු කිහිපයක රඳවා සිටින මෙම විදේශීය පක්ෂි කිහිපයක් මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇත. ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වටිනා හංස පැටවුන් හා මැන්ඩරිල්ලා වර්ගයේ වර්ණවත් තාරාවුන් රාශියකි. මේ වන විට ද රෝගී තත්ත්වයෙන් පසුවන පක්ෂි වර්ග කිහිපයකි. ඔවුන්ගේ ජීවිත ද අවාදානම් බව එහි ආරංචිමාර්ග පවසයි. මියගිය හංසයන්ගේ හා තාරාවුන්ගේ රෝග සම්බන්ධයෙන් වෛද්‍යවරු පවසන්නේ පණු රෝගයක් මරණයට හේතු වූ බවයි. නමුත් එම පණු රෝගය සෑදුණු ආකාරය හා මරණයට හේතු නොසොයා සත්ත්ව මළකුණු ටික අධිශීතකරණයක තැන්පත්කරගෙන ඇතැයි සේවකයෝ පවසති. සේවකයන් වැඩිදුරටත් හෙළිකරන්නේ මෙම සතුන්ගේ මරණයට හේතුව තායිලන්තයෙන් ව්‍යාපාරිකයකු ලබාදුන් විටමින් වර්ගයකින් පසු මෙම තත්ත්වය ඇතිවූ බවයි. එම ආහාර වර්ග මෙම සතුන්ට ලබා දීම සඳහා සත්ත්වෝද්‍යාන වෛද්‍යවරුන්ට ලබාදුන් කුරුළු ව්‍යාපාරිකයා කවුද යන්න සත්වෝද්‍යානය තුළ ප‍්‍රසිද්ධ රහසකි. ඔහු වෙන කවුරුවත් නොවන අතර, නීති විරෝධී ලෙස මෙරටට පක්ෂීන් ගෙන ආ ව්‍යාපාරික මහත්මයෙකි. කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු විශාල දඩයකට යටත්වීමෙන් පසු අදාල පක්ෂි වර්ග ද රාජසන්තක කෙරිණි. එම රාජසන්තක පක්ෂීන්ගේ පෙර අයිතිකරු වන මෙම ව්‍යාපාරිකයා මේ වන විට කැලණිය ප‍්‍රදේශයේ කුරුලූ ව්‍යාපාරයේ නිරත වේ. මෙම පක්ෂීන් ජාතික සත්වෝද්‍යානයට රේගුවෙන් බාරදුන් පසු නිරෝධායන කටයුතු කරන්නේ හොරණ ගෝණපල පිහිටි සත්වෝද්‍යානයට අයිති ගොවිපොළේය. මෙම පක්ෂීන්ගෙන් මෙරටට බෝවන රෝග සෑදීමේ අවදානම නැති කිරීමත් සත්වෝද්‍යානයේ ප‍්‍රදර්ශනයට පෙර කුරුලූ උණ වැනි රෝගවලින් තොර ද යන්න මෙම සතුන්ව පරීක්ෂාවට භාජනය කිරීම මෙහිදී සිදුවේ. මේ සඳහා දෙහිවල සත්වෝද්‍යානයේ වෛද්‍යවරුන් දෙදෙනකු සහ මහනුවර පේරාදෙණියේ පිහිටි සත්ත්ව හා සෞඛ්‍ය ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරු දෙදෙනක් ද යොදවා ඇති අතර ඔවුන් යටතේ මේ වන විට අදාළ පක්ෂීන් පිළිබඳව පරීක්ෂණ සිදුකෙරේ. නමුත් සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන් එම කුරුලූ විශේෂ කිහිපයක නිරෝධායන කටයුතු සඳහා මෙම කුරුලූ ව්‍යාපාරිකයාගේ සහාය ලබාගෙන ඇත. එම ව්‍යාපාරික මහත්මයා පුද්ගලිකව ගොණපල ගොවිපොළට ගොස් එම පක්ෂීන්ට ප‍්‍රතිකාර සඳහා උපදෙස් ලබා දී ඇති බවත් සත්ත්වෝද්‍යාන වෛද්‍යවරුන් එම උපදෙස් මත සතුන්ට ප‍්‍රතිකාර ලබාදී ඇති බව ද හෙළිවී ඇත. මෙරටට නීති විරෝධීව පක්ෂීන් ආනයනය කිරීමේ වරදට හසුවී දඩයකට ද ලක්වූ ව්‍යාපාරිකයකුගෙන් පක්ෂීන්ගේ රෝග පිළිබඳ උපදෙස් ගැනීම මොනතරම් සදාචාරාත්මක ද? ඒ සඳහා දෙහිවල සත්්වෝද්‍යානයේ වෛද්‍යවරු ක‍්‍රියාකිරීම පිළිබඳ බලවත් සැකයක් ඇති වන බවත් එවැනි ආකාරයෙන් ක‍්‍රියාකිරීම නම් සත්වෝද්‍යානයට වෛද්‍යවරුන්ගේ සේවාව ලබාගන්නේ කුමක් සඳහාද යන්න බලවත් ගැටලූවක් බව සත්වෝද්‍යාන සේවකයෝ විමසති. ඒ වගේම රජයට වංචා කිරීම සම්බන්ධයෙන් විශාල දඩයකට යටත් වෙමින් ඔහු සතු වටිනා පක්ෂීන් ද රාජසන්තක කර තිබියදී ඔහුට අහිමි වූ පක්ෂීන් වෙනුවෙන් වෛද්‍ය හා වෙනත් උපදෙස් ලබාදෙන්නේ සද්භාවයෙන් ද යන්න ගැටලූවක් බවත් එම පක්ෂීන් සිටින ගෝණපල ගොවිපොළට වෛද්‍යවරුන් විසින් මොහුව ගෙන්වීම නීති විරෝධී බව අමුතුවෙන් පෙන්වීමට අවශ්‍ය නොමැති වුවත්, පසුගිය සති කිහිපය තුළ එම ව්‍යාපාරිකයා ගොණපල ගොවිපොළට අදාළ වෛද්‍යවරු සමග ආ ගිය බව සත්වෝද්‍යාන සේවකයන් අතර ප‍්‍රසිද්ධ රහසකි. ඒ සඳහා අවසර ලැබුණේ කෙසේ ද යන්න පරීක්ෂණයක් සිදු කළ යුතු බව සේවකයන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලති. මේ වන විට ගෝණපල ගොවිපොළේ සිටින විදේශීය පක්ෂීන් ප‍්‍රමාණය ලැයිස්තුගත කර ඇත. රුපියල් කෝටියකට අධික කුරුල්ලන් රැුක ගැනීම සඳහා යොදවා ඇත්තේ රාත‍්‍රියට එක් ආරක්ෂක නිලධාරියකු පමණි. ඒ වගේම මැකෝ වර්ග, දුර්ලභ පිංචස් වර්ග අධික වටිනාකමින් යුත් කොකටු වර්ග ද රාශියක් වේ. ඔවුන්ගේ ආරක්ෂාව ප‍්‍රමාණවත් නොවන බව සේවකයන්ගේ හැඟීමයි. ඒ සඳහා නිසි ආරක්ෂාව දැඩි කරන ලෙස ද සේවකයෝ ඉල්ලති. රේගුව විසින් සත්වෝද්‍යානයට බාර දුන් පක්ෂීන් ගණන 110කි. ඒ රාජසන්තක කළ ප‍්‍රමාණයයි. මෙම සියලූ පක්ෂීන්ගේ වටිනාකම රුපියල් ලක්‍ෂ ගණනකි. ඒ අතර සිටි රෙඞ් ස්කාර්ලට් මැකෝ යුවළක් රුපියල් ලක්‍ෂ 3කට අධික බව කුරුලූ ව්‍යාපාරයේ යෙදෙන ව්‍යාපාරිකයෝ පවසති. මෙවැනි වටිනාකමකින් යුත් සතුන් රාශියක් අද ගෝණපල කුරුලූ ගොවිපොළේ සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා විධිමත්ව ක‍්‍රියා කළ යුතු බව සත්වෝද්‍යාන සේවකයන්ගේ මතයයි. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ භාෂ්වර සේනාංක මහතාගෙන් විමසීමේදී ඒ මහතා අප පුවත්පතට පැවසුවේ, මේ වනවිට ගෝණපල ප‍්‍රදේශයේ පිහිටා ඇති දෙහිවල සත්වෝද්‍යානයට අයිති ගොවිපොළේ ඉතාම ආරක්ෂාකාරීව රඳවා සිටින විදේශීය කුරුලූ වර්ග සෞඛ්‍ය ආරක්ෂාකාරීව පසුවන බවත්, එම සතුන් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවයි. රේගුවෙන් අත්අඩංගුවට ගෙන සත්වෝද්‍යානයට බාරදුන් මෙම සතුන් පිළිබඳව ඔවුන්ගේ සෞඛ්‍යමය යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් කිසිම වාර්තාවක් නොලැබුණු බවත්, ඒ අනුව රේගුව දැනුම්වත්කර පසුව රේගුවෙන් ලබා දුන් දුරකතන අංකයක් අනුව කතා කර එක්තරා මහත්මයකුගෙන් සතුන්ගේ සෞඛ්‍යමය යාන්ත‍්‍රණය පිළිබඳ යම් යම් උපදෙස් ලබාගත් බව ද පැවසීය. පසුව එක්තරා දිනෙක මෙම විදේශීය කුරුලූ වර්ගයක් හදිසියේම අසනීප වීම නිසා මාගේ අනු දැනුම මත අදාළ වෛද්‍යවරුන් සත්ව භාර නිලධාරීන් ඇතුළු සියලූම දෙනා එකතු වී ප‍්‍රතිකාර සඳහා පියවර ගත් බවයි. විශේෂයෙන් රටකින් රටකට රැුගෙන යා නොහැකි තත්ත්වයේ සිටි හංස පැටවුන් සම්බන්ධයෙන් පෙර සඳහන් පුද්ගලයාගෙන් උපදෙස් ගැනීමට එදින සිදුවූයේ සතුන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීමේ සද්භාවයෙන් මිස වෙනත් කිසිම කාරණාවක් නිසා නොවන බව ද භාෂ්වර මහතා පැවසීය. මේ වන විට ගොවිපොළට ආරක්ෂාව යොදා ඇති බවත්, ඉදිරි දිනෙක රන්නා ලංකා ආරක්ෂක සේවාවේ සහාය ද රැගෙන ආරක්ෂාව පුළුල් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මැන්ඩරීන් වර්ගයේ තාරාවුන් මෙම සත්වයින් රාශියක් ද මරණයට පත්වී ඇත.  



අදහස් (0)

රේගු දැලට භසුවී දෙහිවලට ආ විදෙස් පක්ෂීන්ගේ ජීවිත අනතුරේ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 49 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 54 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 152 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 394 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 484 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 88 0

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 271 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site