IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යූ ටියුබිවල සියයට 90ක්ම වල්පල්

ගුවන් විදුලියේ ළමා රංග පීඨයෙන් පිය කලා ගමන ආරම්භ කරන  සමන් අතාවුදහෙට්ටි ගුවන් විදුලි හඬ කැවීම්, නිවේදනය හරහා පසුකාලීනව ලේඛකයකු ලෙසත් ගීත රචකයකු ලෙසත් කලා ලොව නමක් දිනා ගැනීමට සමත් විය.

ඔහු සභාවක් ආමන්ත්‍රණය කරන සෑම අවස්ථාවකම එම ස්ථානය එකම රස සාගරයක් බවට පත් කිරීමට ඔහුගේ භාෂා කෞෂල්‍යයට  තිබුණේ අපුර්වතම හැකියාවකි. පසු කාලීනව දේශපාලනය සමඟත් සමීප වන ඔහු ඒ කිසිවක් සිය කලා ජීවිතයට බාධාවක් කර නොගන්නේ එය රැකියාවක් ලෙස පමණක් සළකා කටයුතු කළ නිසාය. දශක ගණනක් පුරා කලා ලොව භුමිකා රැසකටම පණ  පෙවු ඔහු අලුතෙන්ම ස්පර්ශ කරන්නට උත්සාහ දරන මාධ්‍ය වන්නේ  යු. ටියුබ් ආගමනයයි. ඔහු දැනටමත්
‘සමන් 4 යු’ නමින් ඩිජිටල් අවකාශයේ සැරිසරන්නේ නවමු වැඩසටහන් රැසක් සමඟ පෙළහර පාමිනි. කලා ලොවේ නව පෙරළිකාර කටයුත්ත හා විවිධ කලා මතවා ද සමඟ සමන් රසවින්දන හා මෙසේ සම්මුඛ වෙයි.


● ඔබ දශක ගණනාවක පටන් විවිධ භූමිකා ඔස්සේ අප හා සම්මුඛ වුණා. එතැනින් ඔබ්බට යමින්  ‘සමන් 4 යු.’ නමින් ඩිජිටල් අවකාශයේ අපට ඔබ මුණ ගැහෙනවා. මේ නව කලාංගය ඔබ හඳුනා ගන්නේ කොහොම ද?
අප සෑම විටම තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. මීට අවුරුදු 50කට 60ට කලින් සමාජය හා ලෝකය පැවතුණු විදියට නෙවෙයි අද තිබෙන්නේ. අපි කලාවට  ප්‍රවේශ වෙන කොට තිබුණේ පුවත්පත් කීපයක් හා එක ගුවන් විදුලියක් පමණයි. 1990 වෙනකන්ම තිබුණේ එක ගුවන් විදුලියයි. අද අපේ රටේ ගත්තොත් ගුවන් විදුලි නාළිකා ගණනාවක්ම තිබෙනවා. ලෝකයේ තත්ත්වය ගත්තත් ඒ වගේමයි.

1980 ගණන්වල් දී තමයි අපට රූපවාහිනිය වුණත් ලැබෙන්නේ. අලුත් තාක්ෂණයක් පැමිණුනාම අපි ඒ තාක්ෂණය එක්ක බැඳිලා හරඹ කරලා ඒ තාක්ෂණය හරියට ඉගෙන ගෙන සන්නිවේදන කටයුතු ආරම්භ කළාට කිසි වරදක් වෙන්නේ  නැහැ. ඒ නිසා තමයි ඩිජිටල් අවකාශය ජනප්‍රිය වෙනකොට මටත් එය භාවිතයට ගැනීම සුදුසුයි කියලා කල්පනා කරන්නේ. මේ සඳහා මට ගොඩක් දිරිමත් කළ අයෙක් තමයි මහාචාර්ය ධම්මික ගංගානත් දිසානායක. ඔහු තමයි මට මුලින්ම ඒ අදහස දුන්නේ. එහෙත් මම චැනලය පටන් ගන්න අවස්ථාවේ ඔහු ජීවතුන් අතර හිටියේ නැහැ. චැනලය සැලසුම් කරන අවස්ථාවේ ඔහු අසනීප තත්ත්වයේ හිටියත් අවශ්‍ය උපදෙස් ලැබුණා.

මම කොහොමත් අලුත් තාක්ෂණය වැළඳ ගන්න කැමති කෙනෙක් ඕනෑම අලුත් දෙයක් ඉගෙන ගැනීම මම මගේ ආගම කරගෙන ඉන්න කෙනෙක්. ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ නිසා තමයි මම ඩිජිටල් අවකාශය ඒක  හරහා කරන්න ඕන කියන නිගමනයට එළැඹෙන්නේ. අවුරුදු දෙක හමාරකට කලින් මම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්තා. එතනින් පස්සේ මං මගේ සම්පූර්ණ කාලය යෙදුවේ මේ වෙනුවෙන්.


● යු. ටියුබ් හරහා විවිධාකාරයේ වැඩසටහන් අද ක්‍රියාත්මක වෙනවා. ඔබ මෙහිදී එක් අන්තයකට සීමා නොවී වැඩසටහන් විවිධාංගිකරණ කිරීමට උත්සාහ දරා තිබෙන බවක් පේනවා.
මම මගේ යු. ටියුබ් නාළිකාව පටන් ගන්න කලින් ලෝකයේ හා ලංකාවේ යු. ටියුබ් නාළිකා පිළිබඳ කිසියම් සමීක්ෂණයක් කළා. එහි දී ලංකාවේ යු. ටියුබ් නාළිකා පිළිබඳ කෙරුණු සමීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵල පිළිබඳ මට සෑහීමකට පත්වීමට නොහැකි වුණා. ලෝකයේ ගත්තොත් ඉතාම වැදගත් කරුණු සාකච්ඡා කරන යු. ටියුබ් නාළිකා තිබෙන බව මට හැඟී ගියා. ඒවා අතිශයින්ම ජනප්‍රිය බව මම තේරුම් ගත්තා. ලංකාව ගත්තොත් ලංකාවේ යු. ටියුබ් නාලිකා 90% කටත් වඩා ජනප්‍රිය වෙලා තිබෙන්නේ දේශපාලන, වල්පල්, ඕපා දුප, මඩ ගැසීම්, අවලා ද, ලිංගිකත්වය පේමන්ඩ් එකේ දමා විකිණීම වැනි දේවල් වලින්. ඒ අතර තුර නාළිකා සීමිත ප්‍රමාණයක් හරවත්  ගමනක යෙදී සිටිනවා. සංගීත, සුපශාස්ත්‍ර, ප්‍රවෘත්ති ආදී සමහර නාලිකාවල ඒ හරවත්භාවය මම දකිනවා. සමහර හරවත් දේ කතා කරන නාලිකා ජනප්‍රිය නෑ. අපට දැනුමක් උකහා ගත හැකි නාළිකා තිබෙන්ණේ ඉතාම සීමිතව බව මම තේරුම් ගත්තා.  
අපි කණ්ඩායමක් විදියට තේරුම් ගත් කාරණය තමයි ඕපාදුප මඩ ගැසීම් වලින් තොරව නාළිකාවක් පවත්වා ගෙන යනවා කියන එය අභියෝගාත්මකයි කියන එක.

අපි කල්පනා කළා අපේ ශක්ති ප්‍රමාණයෙන් අපිට පුළුවන් තාක්කල් මේ නාළිකාව පවත්වාගෙන යනවා කියලා. සමන් 4 යු. නාළිකාව ජනප්‍රියත්වය අරමුණු කර ගනිමින් පවත්වාගෙන යන නාළිකාවක් නොවේ. අපි ගුණවත්භාවය, රසවත් භාවය, හරවත්භාවය, බලවත්භාවය පදනම් කරගෙන තමයි නාළිකාව පවත්වාගෙන යන්නේ.


●  ඔබ ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පියෙක් හා හඬ කැවීම් ශිල්පියෙක්. නිවේදකයෙක්, මෑත කාලීනව ගත්තොත් සමහරු ජනමාධ්‍ය කලාවේ යම් කිසි පරිහානියක් පිළිබඳ කතා කරනවා.  ඔබ තරුණ පරම්පරාවේ පරිහානිය දකින කෙනෙක්ද? නැතිනම් වෙනත් අදහසක් ද තිබෙන්නේ.
සාම්ප්‍රදායික මධ්‍යයේ එක පොදු දුර්වලතාවයක් මා දකිනවා. මේ මාධ්‍ය තුළ කටයුතු කරන සමහර අයට දැනුම නැහැ. ඒ අයට දැනුම නැති බව ඒ අය දන්නේවත් නැහැ. දැනුම ලබා ගන්න ස්ථානත් නැහැ. ඒ පරිපාලන අංශවල ඉහළ ඉන්න අයත් දැනුම පිළිබඳ අවබෝධයක් නැති අය. තමන් ඉන්නේ හරි තැන කියලා හිතාගෙන තමයි ඒ අය කටයුතු කරන්නේ. වෙන රටවල් එක්ක සංසන්දනය කරන කොට අපේ මාධ්‍ය ඉහළ මට්ටමක නැහැ. පහළ මට්ටමක තමයි තිබෙන්නේ. ඒ අතරතුර අතරින් පතර දැනුම තිබෙන අයත් සිටිනවා. සමස්තය අරන් බැලුවොත් දැනුම පිළිබඳ තිබෙන නොදැනුම නිසාමයි මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ. මාධ්‍ය කියන එක ගැන විතරක් නෙමෙයි මේකෙන් කළ හැකි දේ පිළිබඳවත් අවබෝධයක් නැහැ. මාධ්‍ය හැසිරවීම ගැන අවබෝධයක් නැහැ. ඔවුන් සිතාගෙන සිටිනවා ඔවුන් හරි කියලා.


●  ලංකාවේ ජනප්‍රිය  සංගීතයේ යම් සලකුණක් තැබූ සුනිල් පෙරේරා ගායන ශිල්පියා මරණයට පත්වුණා ඔහුගේ මරණයෙන් පසු සම්භාව්‍ය විචාරකයන් පවා ඔහුගේ ගීත අගය කරමින් කතා කරනවා අප දුටුවා. සුනිල් පෙරේරාගේ ගායන භාවිතාව ඔබ දකින්නේ කොහොම ද?
ඒ ගායකයා ජනප්‍රියද? නැද්ද? කියන එක නෙමෙයි ප්‍රශ්නය. ඔහු ගායකයෙක්ද? නැද්ද? කියන එකයි. අපස් ස්වර ගයන් නැතිව නිසි ස්වරස්ථානවල ඔහු ගයනව නම් එය තමයි ගායකයකුගේ මූලික ලක්ෂණය. අපස් ස්වරය කියන්නේ මොකක් ද, ස්වර ස්ථානවල පිහිටුවලා ගායනා කරන්නේ කොහොම ද කියලා බොහෝ අය දන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට සිංදු කියන්න පුලුවන් කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. සුනිල් පෙරේරා කියන්නේ ඉතාම දක්ෂ ගායකයෙක්. සුනිල් ගැන වගේම කතාබහක් මීට පෙරත් ඇති වුණා ජෝතිපාල මරණයට පත්වුණු වෙලාවේ. ඇද වැටුණු සංස්කෘතික බලකොටුව නමින් සරත් අමුණුගම මහතා විචිත්‍ර පත්‍රයට ලිපියකුත් සම්පාදනය කළා.


●  ඔබ ඔය අදහස් කරන්නේ විදග්ධ සහ පීචං ලෙස බෙදන ඒ බෙදුම් රේඛාව වැරදියි කියන එක නේද?
ඒ බෙදුම් රේඛාවට මම විරුද්ධයි. අපේ රටේ යම් යම් කලා මාධ්‍ය පරිහානියට ලක්වෙන්න හේතුව ඒකයි. මම ගායකයෙක් පීචං කියලා ගණන් ගන්නේ ඔහුට ගායනය බැරි නම් නිසි ස්වර ස්ථාන වල නොපිහිටා ගයනවා නම්. නිසි ස්වර ස්ථානවල පිහිටා ඔහු ගයනව නම් ඔහු විදග්ධයි. ඒ නිසා ඒවා අනුව ඉරක් ගහන එක වැරදියි.


●  ඔබ කාලයක පටන් දේශ දේශාන්තරවල සංචාරය කරමින් පොත පත රචනා කළා. කොරෝනා නිසා තාවකාලිකව ඒ කටයුත්තටත් විරාමය තබන්න සිදුවී තිබෙනවා. ඒ අතීත මතක සිහිපත් කරද්දී කවරාකාරයේ හැඟීමක් ද තිබෙන්නේ.
දැන් ඇත්තටම කොරෝනා හැදුණ වගේම තමයි ඉන්නට සිදුවී තිබෙන්නේ. සංචාරකයකුට ඇවිදින්න නැති වුණාට ඒක දුෂ්කර කාලයක්. ඇවිදින්න හැකි වූ විගස නැවතත් ඒ ගමන පටන් ගන්න බලාගෙන සිටිනවා.


●  අතීතයේ යම් යම් ස්ථාන පිළිබඳව පණ පිහිටුවා සංචාරක ලේඛකයා පාඨකයාට කරුණු ගෙන ආවා. අද රූප මාධ්‍යයෙන් දකින ආකාරයට එය පරිවර්තනය වී තිබෙනවා. මේ මාධ්‍ය දෙකේ වෙනස ඔබ දකින්නේ කොහොම ද?
ඒක පොත පත රචනා කරන කෙනෙකුට ලොකු අභියෝගයක්. නව මාධ්‍ය එක්ක සංචාරක ලේඛකයකුට ලොකු අභියෝගයක්. වීඩියෝ තාක්ෂණයෙන් කියන්න බැරි දේ ලේඛකයා සොයාගෙන යා යුතුයි. අනිත් ක්ෂේත්‍රවල ලේඛකයන්ටත් වඩා සංචාරක ක්ෂේත්‍රවල ලේඛකයන්ට මුහුණදීමට සිදුවන අභියෝග වැඩියි.

 
●  ඔබ කලක් රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. අපි ඒ කාලේ දුටුවේ නැහැ ඔබ අනවශ්‍ය ආකාරයට චිත්‍රපට තහනම් කරනවා හෝ වාරණය කරනවා. වාරණය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
අපි කටයුතු කළ අවුරුදු පහක කාලයේ කිසිම කලා කෘතියක් වාරණය කරලා නැහැ. ඒ කාලේ කිසිම සංස්කෘතියකට ආගමකට හානි කර දේවල් පෙන්නුවා කියලත් කිසිම චෝදනාවක් එල්ල වෙලත් නැහැ. එතන දී අපි අනුගමනය කළ ප්‍රතිපත්ති 100% ක් නිවැරැදි කියලා ඔප්පු වෙනවා. කලා කෘති වාරණය අර්ථ ශුන්‍ය ක්‍රියාවක්. දැන් හැම කෘතියක්ම බිහි වෙන්නේ  ඩිජිටල් මාධ්‍යයෙන්. ඩිජිටල් මාධ්‍යයට වාරණ පණවන්න බැහැ. එතනින් ඔබ්බට ගිය ඉහළ ක්‍රමවේදයක් පාවිච්චි කළ යුතුයි. කලා කෘති ප්‍රදර්ශනය කිරීමේ දී. මං ඉදපු කාලේ රැගුම් පාලක පනත සම්පූර්ණයෙන් සංශෝධනය කරන්න කෙටුම්පත් සකස් කළා. එය දැන් අවසාන අදියරට පැමිණ තිබෙන්නේ. රැඟුම් පාලක මණ්ඩලයක් වෙනුවට වර්ගීකරණ මණ්ඩලයක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය පනත සකස් කරලා තිබෙන්නේ.  


●  මලක් වුණේ ඇයි නුඹ මට, කවුරුත් එන්නැති කවුරුත් දන්නැති, ඉරි තැලුණු වලා, කවුරුන්ද ඔබ මගේ වැනි ඔබ රචනා කළ ගීත කීපය ගත්තත් ඒවා කිසියම් අනන්‍යතාවයක් සහිත රහ ගීත බවට අනාගතයට ඉතිරි වී තිබෙනවා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ?
මට ඒ ගැන මුකුත් කියන්න බැහැ. රසික ප්‍රජාව ඒක බාර ගත් විදිය, කල් ඉකුත් නොවන කලා කෘතියක් කරන්න පුලුවන් නම් ඒක තමයි වැදගත්කම. කාලයත් සමඟ ඒ කලාකෘතියේ රසය දියාරු වෙනවානම් වැඩක් නැහැ. කාලයක් පවතින කලා කෘතියකට දායකවීම තමයි මගේ සතුට.


(*** සංවාද සටහන - අමිල චින්තක ගමගේ)



අදහස් (7)

යූ ටියුබිවල සියයට 90ක්ම වල්පල්

jaya Friday, 10 September 2021 03:39 PM

90%ක්ම වල්පල් තමයි ඒත් 10% ගොඩක් වැදගත් දේවල් තියෙනවා. විශ්ව විද්‍යාලයකින්වත් ඒ වගේ දැනුමක් සල්ලි වියදම් නොකර ලබාගන්න බෑ. අවාසනාවට සිංහල මාධ්‍යයේ නම් 99.9%ක්ම වල්පල්...

:       1       19

Royfedricks Friday, 10 September 2021 04:39 PM

කිසිවෙකුට නොදෙවෙනි ලෙස වල් පල් කතා කිරීමේ මනා දස්කමක් සමන් සතුවේ

:       11       11

විපරමා Friday, 10 September 2021 05:13 PM

වැඩිපුරම වැඩකට නැති දේවල්, ඒ වුණාට වැදගත් දේවල් තෝරා බේරාගැනීමයි කළයුත්තේ... අවාසනාවකට එහෙම දේවල් සිද්ද වෙන්නේ නැහැ..

:       0       9

Nuwan Friday, 10 September 2021 09:33 PM

මේ නාකි ආතට ඉංග්‍රීසි බැරුව ඇති .අන්තර්ජාලයෙන් තමන්ට අවශ්‍ය දැනුම සොයාගන්න බැරි කම එකේ වැරද්දක් නෙමේ

:       19       2

සිරි Friday, 10 September 2021 10:38 PM

යූ ටියුබ් එක පාවිච්චි කරනව කියන්නෙ මැණික් ගරනවා වගේ වැඩක්. වටිනා දේවල් අල්පයි. තියෙන්නෙ සැඟවිලා. ඒව හොයාගන්නත් දක්ෂතාවයක් ඕනෙ. ට්‍රෙන්ඩින් කෑලි වලට අවදානය යොමු කලොත් ලැබෙන්නෙ තිරිවානා ගල් තමයි.

:       0       18

මාම Saturday, 11 September 2021 07:26 AM

හුඟක් පත්තරවලත් තියෙන්නෙ වල්පල්, පෙම් සම්බන්ධතා, හුටපට එ්වායින් වන මිනීමැරුම් උලුප්පලා පෙන්වනවා. පාලකයින් වෙනුවෙන් සත්‍ය වසන් කරන දේවල් එමටයි.

:       0       7

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 12 September 2021 09:58 AM

සමන් අතාවුදහෙට්ටි කියන්නේ, ඉතා හොඳ හඬ පෞරුෂයකින් හෙබි අගනා කලාකරුවෙක්. ඔහු ගැන දන්නා අය දන්නවා. මං එතුමාගේ යූටියුබ් චැනල් එකට ගොස් බැලුවා. නොදත් බොහෝ දේ දැන ගත්තා. ඉදිරියටත් එහි අඩංගු වටිනා දේ නරඹනවා. මගේ විශ්ව විද්‍යාල මිතුරු මිතුරියන්ටත්, මාධ්‍ය මිතුරු මිතුරියන්ටත්, ලින්ක් එක යැව්වා. දැනුම බෙදන හා උසස් රසවින්දනයක් ලැබෙන ඒ චැනල් එකට බුද්ධිමතුන්ගේ අවධානය යොමුවී තිබෙන බව ඒ සඳහා ලැබී ඇති කමෙන්ට් වලින් පැහැදිලියි. මේ රටේ සුභාවිත ගී දෙකක් ගැන යූටියුබ් එකේ ඇති පලවී ඇති බොරු බේගල් ගැනද, සමන් අතාවුදහෙට්ටි මහතා, හොඳහැටි කරුණු කාරණා සාක්ෂි සහිතව ම පෙන්වාදී තිබෙනවා. ලිපිය ඉදිරිපත් කළ අමිල චින්තක ගමගේ මහතාටද ස්තූතියි.

:       1       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 69 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 68 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 172 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 343 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 371 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 112 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site