IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මේ තියෙන්නේ ජනවාරි අට ජනවරමට සම්පූර්ණයෙන් පටහැනි ආණ්ඩුවක්

  16_MA_P18  

 

 

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙවර මුහුණට මුහුණ හමුවේ 

3
● ජනතා විමුක්ති පෙරමුණත් සයිඞ් සපෝට් කරපු යහ පාලනයට අවුරුද්දකුත් ගෙවුණා. වෙනස සනීපද? 
ඇත්තටම අපේ සහයෝගයක් ලැබුණේ නෑ. මේ ආණ්ඩුව පිහිටුවන්න. අපි පැවති පාලනය බිඳ වට්ටන්න. ඒක බිඳ වැට්ටිය යුතු පාලනයක්. ඒ සඳහා ජනතාව දක්වපු උනන්දුවට  අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. අපි ඒ මැතිවරණයේදී පෙන්වා  දුන්නා රාජපක්ෂ පාලනය පෙරළා දැමීමෙන් පමණක් ජයග්‍රහණය ලැබෙන්නේ නෑ කියලා. අපි රාජපක්ෂ ස්ටෝර්ස් එකේ බඩු අප්සෙට් කියලා දැන ගත්තා වගේම මෛත්‍රීපාල ස්ටෝර්ස් එකේ බඩු ගැන ෂුවර් එකක් තිබුණෙ නෑ. අපි මහ මැතිවරණයේදී කිව්වා ඉදිරියේදී ගොඩනැගෙන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයත් මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  කණ්ඩායමත් ඒකාබද්ධ වෙලා තමයි හැදෙන්නේ කියලා. ඒක නිසා අපි  කිව්වේ ඉදිරියේදී ආණ්ඩුව හදන විදිය නෙවෙයි, විපක්ෂය ශක්තිමත් කරන විදිය ගැන හිතන්න කියලා. නමුත් ඒ ඉල්ලීමට ජනතාව ඒ විදියටම ඇහුම්කන්  දුන්නේ නෑ. ඒ මැතිවරණ දෙකේම අපි එකම ස්ථාවරයක හිටියා. අපිට දැක්මක් තිබුණා ගොඩනැගෙන ආණ්ඩුව පිළිබඳව, ඒක ජනතා හිතකර එකක් නොවෙයි කියලා. ඒ අය මේ මෑත වන විටත් ඔප්පු කරමින් ඉන්නවා. මේ තත්ත්වය අපි එදත් දැක්කා. 

 


● ඔබ දැන් කියනවා මෛත්‍රීපාල සිරිසේනගේ යහ පාලනයට සහය දුන්නේ නෑ කියලා. ඒ වෙලාව මහින්ද රාජපක්ෂ ගෙදර යවනවා කියන්නෙ මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති පුටුවට ගේනවා කියන එකනේ. වෙන කවුරුවත් ජනාධිපති සටනේ හිටියේ නෑනේ. කොහොමද ඔබලාගේ සහයෝගය ලැබුණෙ නෑ කියන්නේ. 
ඔබ කියන එක හරි. රාජපක්ෂ පාලනය බිඳ වට්ටමු කියලා කියන එක ඇතුළෙ ඒ මොහොතේ වාසිය ලැබුණෙ මෛත්‍රීපාල සිරිසේනට තමයි. අපි එතනින් නැවතුණේ නැතුව ජනතාවට කිව්වා නිර්මාණය වෙන්න නියමිත ආණ්ඩුව කොයි වගේ වෙයිද කියලා. රාජපක්ෂ ගෙදර යවනකොට ඒ වටා සිටි කල්ලියටත් එක්කමයි ඒ විරෝධය ආවෙ. ඒත් අද මහින්ද රාජපක්ෂ ඇරෙන්න  අනිත් ඔක්කොම එක්ක ආණ්ඩුව හදලා. ඒ කියන්නේ මේ තියෙන්නේ ජනවාරි 8 වෙනදා ලැබුණු ජනවරමට සම්පූර්ණ පටහැනි ආණ්ඩුවක්. මෛත්‍රීපාල ඇතුළු පිරිස ජනවාරි 8 වෙනිදා ජනවරමට පයින් ගහලා තියෙන්නේ. අපි මේ ටික වෙයි  කියලා එදත් කිව්වා. 

 

1

sghss

 


● රාජපක්ෂලාගෙ වැරැදිවලට බර දාලා විරුද්ධව කෑ ගහපු ජේ.වී.පී. එක මේ ආණ්ඩුව කරන වැරැදි ගැන කතා කරද්දී සැර බාලවෙලා වගේ. 
පාලනයකට එරෙහිවීමේ රිද්මය රඳා පවතින්නේ එරෙහිවීම මත පමණක් නෙවෙයි. ඒ පාලනයත් එක්කමයි. රාජපක්ෂලාගෙ පාලනයට අපි ක්‍රමානුකූලව විවේචනයක් ගොඩනගමින් ආවා. රාජපක්ෂලාගේ  පාලනය නරක් වෙන්න වෙන්න අපේ විවේචනයත් වැඩි වුණා. පවතින තත්ත්වයේ තරමට තමයි විවේචනයේ පහර දරුණු වෙන්න ඕන. දැන් පවතින තත්ත්වයට අනුව අපේ විවේචනයේ තරම ප්‍රමාණවත් කියලා අපි හිතනවා. අපි ආණ්ඩුවට හෝ මොනයම් දෙයක් සම්බන්ධව හෝ විවේචනයක් ඉදිරිපත් කරන්න ඕන එය සමාජය පිළිගන්නා ප්‍රමාණයට. 

 


● ඒ කියන්නේ තාම සැරට විවේචනය කරන්න තරම් මේ ආණ්ඩුව අප්සට් නෑ.
 රාජපක්ෂ පාලනය සමග සන්සන්දනය කරද්දී තාම ප්‍රමාණවත් නෑ, ඒ වගේ විවේචනයක් ගේන්න. ඒ ප්‍රමාණයට අදාළව අපේ විවේචනය මේ ආණ්ඩුවට තියෙනවා. අපෙන් කිසිම සමාවක් හෝ ගැලවීමක් නෑ මේ ආණ්ඩුව කරන කිසිම වරදකට. රාජපක්ෂ ආණ්ඩුව එකින් එක වැරැදි කරලා කරලා ලොකු ගිණුමක් නිර්මාණය කර ගත්තා වගේ මේ ආණ්ඩුවත් තමන්ගේ ගිණුමට වැරැදි එකතු කර ගනිමින් ඉන්නවා. ඒ කළු පැල්ලම් එකතු වෙන්න එකතු වෙන්න අපේ විවේචනය දරුණු වේවි. එහෙම නැතුව ඔළුවෙ හදාගන්න හිතළුවලට විවේචන ගොඩනැගීම සාධාරණ නෑ. මේ ආණ්ඩුවටත් ඉන්න ප්‍රබලම විවේචනය ජනතා විමුක්ති පෙරමුණ කියන එක ගැන කවුරුවත් සැක සංකාවක් තියා ගන්න ඕන නෑ. 

 


● පසුගිය දවස්වල අනුර කුමාරලා බැලුවොත් ඇත්තන් හිටියේ ජනාධිපති කාර්යාලයේ, අගමැති කාර්යාලයේ. එළියට ඇවිත් විවේචනය කරනවට වඩා එයාලගෙ මන්දිරවලට ගිය වෙලාවට ඔය චෝදනා එයාලගෙ මූණට කියන්න පුළුවන්නේ. 
අපි ඒ විදියටම මහින්ද රාජපක්ෂ මුණ ගැසුණා. අපි දේශපාලන පක්ෂයක් විදියට තවත් දේශපාලන පක්ෂත් එක්ක හෝ ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් එක්ක හෝ සාකච්ඡා නොකළ යුතුයි කියන ස්ථාවරයක නෑ. හැබැයි ඒ කිසිම සාකච්ඡාවක පුද්ගලිකව මට හෝ පක්ෂයේ වෙන කාට හෝ කිසිවක් ඉල්ලලා නෑ. වෙනත් පක්ෂ නායකයෙක් හෝ පුද්ගලයෙක් හෝ ජනාධිපති හරි අගමැති හරි මුණ ගැහිලා ගනුදෙනු කරන විදියට නොවෙයි අපි වැඩ කරන්නේ. අපිට කවුරු හරි විවේචනය කරන්න අවශ්‍ය තැන අපි දන්නවා. අපිට කවුරු හරි මූණට මුණ ගැහිලා විවේචනය කරන්න අවශ්‍ය වුණොත් අපි ඒක කරනවා. එහෙම නැතිනම් එළියේ ඒක කරන්න ඕන නම් එළියේ කරනවා. අපි සාකච්ඡා කිරීමයි, විවේචනය කිරීමයි පටලගෙන වැඩ කරන්නේ නෑ. අපි වර්තමාන ජනාධිපති හෝ අගමැති මුණගැසුණු හැම වෙලාවෙම මුණ ගැහුණේ ජනවාරි 8 ජනවරම ආරක්ෂා කරගන්න බලපෑම් කරන්න. රාජපක්ෂ පාලනය එක්කත් අවුරුදු කීපයක් අපි කිට්ටු සාකච්ඡාවල හිටියා. ඒත් අපි ඒ අයව විවේචනය කළේ අවශ්‍ය වෙලාවට එළියට ඇවිත්. අපිට සඟවන්න ගනුදෙනු ඔය කා එක්කවත් නෑ.

tyi


● ආණ්ඩුවල වැඩවල ප්‍රමාණයටයි ජේ.වී.පී. එකේ විවේචනය කියලා තව කියනවනේ. එතකොට සුදු වෑන් විවේචනය කරපු ජේ.වී.පී. එකට ඩිෆෙන්ඩර් විවේචනයට තරම් දෙයක් නොවෙයිද?
මේ පාලනයන් හැම එකක් එක්කම අපට ප්‍රතිපත්තිමය විවේචනයක් තියෙනවා. එක් එක් සිදුවීම් අරබයා ගොඩනැගෙන විවේචන තීරණය වෙන්නේ ඒ සිදුවීම්වල තියෙන බරපතළකම උඩ. සුදු වෑන් සංස්කෘතියත් ඩිෆෙන්ඩර් සිදුවීමත් සන්සන්දනය කරන්න යන්න එපා. සුදු වෑන් සංස්කෘතිය මුළුමනින්ම රාජ්‍යයක් බියවැද්දීම අරමුණු කරගෙන රාජ්‍යයේ ඉහළම පුටුවෙ ආශිර්වාදය සහිතව විරුද්ධ මතධාරීන් මර්දනය කරන්න ගොඩනැගුණු ව්‍යාපෘතියක්. මාධ්‍යවේදියෙක් විදියට ඔබ ඒ දවස්වල සුදු වෑන් එකට බයෙන් නොවෙයිද හිටියේ. නමුත් ඩිෆෙන්ඩර් සිදුවීම් එක් මන්ත්‍රවරියකගේ හිතුවක්කාරි, මෝඩ ක්‍රියාවක්. අපට විවේචනය තියෙන්නේ මන්ත්‍රීවරියගේ ඒ හිතුවක්කාරි තක්කඩි ක්‍රියාව ආරක්ෂා කිරීම සඳහා රජය කටයුතු කිරීම. ඒ සිදුවීම වගේම ඒ සිදුවීමට අදාළ පුද්ගලයන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කිරීම කියන දෙකම වැරැදියි. හැබැයි සුදු වෑන් සහ ඩිෆෙන්ඩර් කියන දෙකේ දේශපාලන හරය නිවැරැදිව අවබෝධ කරගත් අය ඒ නිසා ඒ දෙකට අපි දක්වන ප්‍රතිනිර්මාණයන්ගේ වෙනසක් තියෙනවා සටන් පාඨ අහිමි වූ අයට. තමන්ගේ පාලනයේදී සිදුකෙරුණු අපරාධ වසන් කර ගැනීමට උත්සාහ කරන අය මේ දෙකම එක සමානව දකින්න කියලා තියනවා. ඒත් අපි දකින්නේ සුදු වෑන් කියන්නේ දේශපාලන ව්‍යාපෘතියක්. ඩිෆෙන්ඩර් කියන්නේ සිදුවීමක්. මේ ඩිෆෙන්ඩර් සිදුවීමට ඉක්මන් පියවර නොගැනීම ගැනයි අපට විවේචනයක් තියෙන්නේ.

 


● ඩිෆෙන්ඩර් සිදුවීම සුදු වෑන් සංස්කෘතියක ආරම්භය වෙන්න බැරිද?
වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි මේකට විරුද්ධව කතා කරන්නේ.

 


● අලුත් ව්‍යවස්ථාව හදන වැඬේ ගැනත් ජේ.වී.පී. එක ඒ හැටි කතා නරනවද කියලා හිතෙනවා...
මේ සඳහා අපේ මතය අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි කියලා. හැබැයි ඒක සිදුවෙන්න අවශ්‍ය විදිහක් තියෙනවා. ව්‍යවස්ථාව කියන්නේ යම් සමාජ ක්‍රමයක නීතිමය ආරක්ෂකයා. ඒ නිසා පවතින සමාජ ක්‍රමයත් එක්ක අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාව ගැටගැහිලා තියෙනවා. ඒක නිසා අපට පේන්නේ මේ හදන්න යන ව්‍යවස්ථාවත් මේ පවතින ධනපති ක්‍රමය ආරක්ෂා කරමින් හදන ව්‍යවස්ථාවක්. අපි ඒක නිසා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් විතරක් නොවෙයි අලුත් සමාජ ක්‍රමයකුත් ඕන කියන්න කියලා.

 


● ඒ කියන්නේ හදන්න හදන ව්‍යවස්ථාවට ජේ.වී.පී. එක කෙළින්ම විරුද්ධයි.....
මේ ගොඩනැගෙන ව්‍යවස්ථාව ධනපති පාලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හදන ව්‍යවස්ථාවක්. අපි ප්‍රතිපත්තිමය අදහසක ඉන්නවා. හුදු ව්‍යවස්ථා වෙනසකට වඩා සමාජ ක්‍රමයේම වෙනසක් අවශ්‍යයි කියලා. දැන් තියෙන්නේ ධනපති පාලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හදන ව්‍යවස්ථාවක්. දැන් තියෙන්නේ ධනපති ආණ්ඩුවක්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම හැදෙන්නේ ධනපති ව්‍යවස්ථාවක්. ව්‍යවස්ථාව සකස් කිරීම ගැන අපි අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ක්‍රමවේදය පිළිබඳවත් එකඟ නෑ. පාර්ලිමේන්තුවේ බලය එළියෙ ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වූ යෝජනාවක් තමයි මේ ගෙනල්ල තියෙන්නේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට යටත්ව ව්‍යවස්ථාව සකස් කරන ක්‍රමවේදයක් තමයි අපි අදහස් කරන්නේ. මේක අපට සුදුසු ව්‍යවස්ථාවක් නොවේය කියන තැන ඉඳලා ඒකේ වුණත් අපට ගැළපෙන ප්‍රතිසංස්කරණයක් ඉටු කරගන්න අපි උත්සාහ කරනවා. ඒත් අපේ බලාපොරොත්තුව ධනපති ව්‍යවස්ථාවක් වෙනුවට සමාජවාදී ව්‍යවස්ථාවක් සකස් කරගැනීම. ඒ සඳහා අවශ්‍ය සමාජ වටපිටාවනුත් සැකසිය යුතුයි. අපි ඒ සඳහා උත්සාහයක ඉන්නවා.

 


● හැබැයි ඒක ඔබලා දන්න හැබෑ නොවන හීනයක් නේද? කවද්ද සමාජවාදී ක්‍රමයන් සහ ව්‍යවස්ථාවක් හදා ගන්නේ?
ලෝකයේ සමාජ පරිවර්තන සිද්ධ වෙන්නේ එකයි එකයි දෙකයි, දෙකයි දෙකයි හතරයි කියන අනුක්‍රමික ක්‍රමයට නොවෙයි. ලෝකයේ සමාජ පරිවර්තන සිදුවෙලා තියෙන්නේ පිමි වශයෙන්. දේශපාලනය ගමන් කරන්නේ නෑ අනුපිළිවෙළට. අපි ඒ නිසා සමාජ පරිවර්තනයත් පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක ඉන්නවා. අපි මනෝරාජිත මිනිස්සු නොවෙයි. යථාර්ථවාදී මිනිස්සු. එවැනි සමාජ පරිවර්තනයක් කළ හැකියි කියන තැන ඉඳලා අපි වැඩ කරන්නේ. ඒත් ඒක වෙන්නේ කවද්ද කියල ඔබ දින විමසුවට දිනය කවද්ද කියලා මේ මොහොතේ කියන්න බෑ. මේක යථාර්ථයක් කරගන්න හැමෝම උණන්දු වුණොත් ඒ දිනය වැඩි ඈතක නෑ.

 


● මං අහන්නේ ඔය සමාජ පරිවර්තන පිම්ම පනින්න පුළුවන් වටපිටාවක් පේන තෙක් මානයක හෝ තියෙනවද?
මං ආපහු කියන්නේ සමාජ පරිවර්තන සිද්ධ වෙන්නේ එකයි එකයි, දෙකයි දෙකයි දෙකයි හතරයි කියන අනුක්‍රමයට නොවෙයි. අපි ඒකට උත්සාහ කරමු. මේ සමාජ ක්‍රමය හරහා පීඩනයට පත් ජනතාව තාම අපිට නව සමාජ පරිවර්තනයන් උදෙසා පෙළගස්වා ගැනීමට අපි තාම අපොහසත් වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. එතන අපේ අඩුවක් තියෙනවා.

 


● අනුර කුමාර දැන් ඇවන්ගාඞ් පලහිලව්ව ගැන කතා කරලා ඉවරද?
කිසිසේත්ම නෑ. දූෂිතයන් සහ දූෂණ පිළිබඳ හෙළිදරව් කිරීම අපි කිසිසේත්ම නවත්තන්නේ නෑ. අපි මේ දූෂණ ගනුදෙනුව ගැන අපේ උපරිම අවධානය යොමු කරලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ නොහිටින්න මේ ඇවන්ගාඞ් හොර ගනුදෙනුව තවදුරටත් සිකුයුරිට් සර්විස් එකක් විදියට කෙරෙනවා. අපි තමයි මේක වංචා දුෂණවලට හවුල් සමාගමක් කියලා දිගින් දිගටම කිව්වේ. ඒ නිසාම තමයි මේ ගැන රටේ මේ තරම් කතාබහක් ඇතිවුණේ. අපි කියන්නේ ඇවන්ගාඞ් ව්‍යාපාරයකට එහා ගිය දේශපාලනයක් කරනවා කියලා. ඒක තමයි ගොඩක් අය ඇවන්ගාඞ් එකෙන් සල්ලිවලට ගත්තේ. ඒ නිසා මේ ඇවන්ගාඞ් දේශපාලනය පරාජයට පත් කිරීමට අපි ඉදිරියටත් කටයුතු කරනවා.

 


● ජේ.වී.පී. එක ගොවියන්ට අමුඩ ගස්සලා කරපු අමුඩ කැම්පේන් එකක් වැඩ කළේ නෑ වගේ. ඒකට මිනිස්සු හිනාත් වුණා...
ඒක අපි පාවිච්චි කරපු එක උපක්‍රමයක් පමණයි. එවැනි වෘත්තීය සටන් සමාජගත කරන්න එවැනි උපක්‍රම අවශ්‍යයි. අනිත් සියල්ල අමතක කරලා අමුඩෙ ගැන විතරක් ඔබ අහන්නෙම ඒකෙ විශේෂත්වයක් තිබුණු නිසානේ. ඒකෙන් පේනවා ඒ උපක්‍රමය සාර්ථකයි කියලා. හිනාවෙන අය ඕන දේකට හිනාවෙනවා. ඒත් අපි වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළා. ඉදිරියටත් සටන් කරනවා. අපි අපේ සටන් හරහා ජයග්‍රහණත් අත් කරගෙන තියෙනවා. අපි ගොවි ජනතාව එක්ක ඉදිරියටත් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා ඒ අයගේ අයිතීන් වෙනුවෙන්. ඒක අමුඩ ලේන්සුවකට ලඝු කරන්න බෑ.

 


● ජේ.වී.පී. එක චන්ද්‍රිකා කුමාරතුංග එක්ක සෙට්වෙලා ඉඳලා පස්සේ තරහවෙලා බැණ බැණ ගියා. මහින්ද රාජපක්ෂ එක්ක සෙට්වෙලා ඉඳලා පස්සේ තරහවෙලා බැණ බැණ ගියා. මෛත්‍රීපාල සිරිසේන එක්කත් යාළුවෙලා තමයි වැඬේ පටන් ගත්තේ. දැන් බනින්න පටන් අරගෙන. ජේ.වී.පී. එකට මෙතනින් එහාට ගමනක් නැද්ද?
ඒක ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මග වාක්‍යවලට සංක්ෂිප්ත කළාම පේන්නේ ඔය වගේ දෙයක් තමයි. හැබැයි ඒ හැම අවස්ථාවකම අපි ඒ තීන්දු ගත්තු හේතු ගැඹුරින් විමසලා බලන්න. ජනතා විමුක්ති පෙරමුණ ඒ ඒ අවස්ථාවල ගත්තු දේශපාලන තීන්දු, තීරණ නොගත්තා නම් අද තියෙන රට නොවෙයි තියෙන්නේ. අපි රටට අත්පත් කරලා දීපු ජයග්‍රහණ ගැන ඇයි කතා නොකරන්නේ. කාට අමතක වුණත් ඒවා ගැන අපට ආඩම්බරයක් තියෙනවා. කෙටි වාක්‍යවලට අපේ ක්‍රියාදාමය ලඝු කරන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලනවා. වාක්‍යවලින් ඔබ්බට ගිය ගැඹුරු දේශපාලන විග්‍රහයකින් අපේ ගමන දිහා බලන්න මම ආරාධනා කරනවා.

 


● ඔබ රට ගැන හිතලා මිසක් වෙනත් කාගෙවත් න්‍යාය පත්‍රවලට වැඩ කරන්නේ නැතිනම් ඔබට “රතු අලි පැටවු” කියලා ලේබල් වදින්නේ මොකද?
අපිට ඔය කතා කියපු සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී. දිසානායක, අනුර යාපාලා අද කොහේද ඉන්නේ. මේ කට්ටිය රනිල්ගෙ ආණ්ඩුවෙ ඉන්නේ. එතකොට කවුද අලින්ගෙ න්‍යාය පත්‍රවලට යටවෙලා ඉන්නේ. ඔය අපට විරුද්ධව නන්දොඩවපු ගොඩක් මහත්තුරු අලින්ගෙ ළඟ වැටිලා ඉන්නේ. අපේ ක්‍රියාකාරිත්වය ඉවසන්න බැරි අය අපි කාගෙ හරි ළඟට තියලා ගැට ගහන්න හදනවා. ඒත් කාටවත් බෑ අපේ අනන්‍යතාව විනාශ කරන්න.

 


● ජනතා විමුක්ති පෙරමුණට කවුරු හරි මුදල් ආධාර කරද්දී ඒ අයගෙ පැටිකිරිය හොයල බලනවද?
ඔව්, අපට පොඩි පොඩි ආධාර දෙන අය වගේම විශේෂ ආධාර දෙන අය ඉන්නවා. එවැනි විශේෂ ආධාර දෙන්න කවුරු හරි උත්සාහ කරන හැම අවස්ථාවකම ඒ පිළිබඳ අපේ මධ්‍යම කාරක සභාව තුළ සාකච්ඡා කරනවා. ඒ පුද්ගලයන් ගැන හොඳට හොයලා බලනවා.

 


● විජේදාස රාජපක්ෂ ඇමැතිතුමාගෙ සල්ලි ගන්න පුළුවන්ද ජේ.වී.පී.එකට?
ඔය ගැන මම ඇති තරම් කතා කරලා තියෙනවා. විජේදාස රාජපක්ෂගෙ සත පහක් අපි අරගෙන නෑ. මම ඔහුට අභියෝග කළා මේ ගැන කතා කරන්න ඕන තැනකට එන්න කියලා. ඒත් ඔහු ආවෙ නෑ. කාටවත් බෑ සොච්චම් මුදලකට ජේ.වී.පී. එක යටත් කර ගන්න.

 


● ඊයේ පෙරෙයිදා මහාචාර්ය සරත් විජේසූරිය පවත්වපු දේශනයකදී ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ දීර්ඝ විවේචනයක් කළා. ඔබට ආණ්ඩු බලයක් ලබාගැනීමක් ගැන හිතා ගන්නවත් බෑ වගේ අදහසක ඔහු ඉන්න බව පේනවා. අනුර දිසානායකලා ආණ්ඩු බලයක් ගත්තු දවසක විජේසූරිය මහාචාර්යතුමා සූදානම්ලු ඔබේ කා.කා.ස. (කාර්යාල කාර්ය සහායක) වැඬේ කරන්න. රටේ උගත්තු ජනතා විමුක්ති පෙරමුණ ගැන දක්වන තක්සේරුව මේක නම් ඔබලගෙ පුරාජේරු හේදිලා යනවා නේද?
මං හිතන්නේ ඒ වගේ මහාචාර්යවරු මගේ කා.කා.ස. වෙන්න ඕන නෑ. අපි ගොඩනගන සමාජයකදී ඒ මහාචාර්යවරුන්ට නිසි තැන හම්බ වේවි. ඔහුට අපේ ව්‍යාපාරය පිළිබඳ නිසි අවබෝධයක් නැති බව ඔහුගේ කතාවෙන් පේනවා. මම මේ කතාව සම්පූර්ණයෙන් ඇහුවේ නෑ. ඔහු අපි ගැන සාධාරණ විවේචනයක් කරනවා නම් ඒ ගැන අපි අවධානය යොමු කරනවා. ඔය වගේ කතාවලට කලබල වෙන්න ඕන නෑ.

m



අදහස් (0)

මේ තියෙන්නේ ජනවාරි අට ජනවරමට සම්පූර්ණයෙන් පටහැනි ආණ්ඩුවක්

දීපාල් නිරෝෂ් Tuesday, 19 January 2016 01:51 PM

අද ඔබතුමාලා විපක්ෂ සංවිධායක, ද්‍රවිඩ සන්ධානය විපක්ෂ නායක, ඔයිට වඩා හොඳ නැද්ද මහා මැතිවරණයෙන් පස්සේ එජාපය හා මෛත්‍රී ජනපතිතුමා එක්ක ඔය දෙගොල්ලොම එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවල ඔය කියන දේවල් ක්‍රියාවට නැග්ගුවානම්. එහෙම නම් ජනපතිතුමාට සන්ධානයේ කවුරුවත් ලං කරගන්න ඕන වෙන්නේ නැහැ, පැරදුනු අය ජාතික ලැයිස්තුවලින් එන්නෙත් නැහැ. අද රටට ප්‍රබල විපක්ෂයකුත් තියනවා. (බ)

:       0       0

රාජා Thursday, 21 January 2016 09:15 AM

කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුණා (බ)

:       0       0

රොෂාන් Wednesday, 20 January 2016 04:22 AM

කුමාර - ආණ්ඩු එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් ඒ ය කියන දේ අහනවනම්. වෙන පක්ෂයක් තියා තමන්ගේ පක්ෂේ කීදෙනෙක් කියන දේවල් අහනවද?? දීපාල් - ප්‍රබල විපක්ෂයක් කියන්නේ විමල්ලා වගේ හැම එකටම විරුද්ධ වෙන එක නෙමෙයි. තර්කානුකුලව විරුද්ද වෙන එක..සෙබස්තියන් - ඔබට පුළුවන් ගානකට මොවුන්ව ගන්න.. අරගෙන රටට හොඳ දෙයක් කරලා පෙන්නන්න..(බ)

:       0       0

සෙබස්තියන් Tuesday, 19 January 2016 03:58 PM

නළුවෙක් වගේම හොඳට රඟපාන්නත් පුළුවන් කම තියෙනවා .. තව ටිකක් උනන්දු වෙන්න ... සම්මානනීය නළුවෙක් වෙන්න බැරි කමක් නැහැ ... සොච්චම් මුදලකට බැරි වුනාට මිලියන් ගණන් වලින් ජේවීපී එක සල්ලි වලට ගන්න පුළුවන් කියල අපි දන්නවා. (බ)

:       0       0

කුමාර Tuesday, 19 January 2016 11:26 AM

ඔබතුමාලට ආණ්ඩුත් එක්ක එකතුවෙලා රටට වැඩකරන්න ඕන තරම් අවස්ථාවල් තිබුනා, ඒ හැම එකක්ම මගහැරියා, නැතිනම් කරගන්න බැරි උනා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 131 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 262 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 190 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 240 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 241 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 821 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site