IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මහින්ද පරාජය කරන්න අපි ජනතාවට ඉඩකඩ විවර කර තියෙනවා

29_MAIN_P_14 29_MAIN_P_24   

බොහෝ දෙනාගේ කුතුහලය නිමා කරමින් පොදු අපේක්‍ෂකයා රට හමුවට පැමිණ ඇති මොහොතක ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මතය පැහැදිලි කිරීමට ඉරිදා ලංකාදීපයට මෙසේ අදහස් දක්වන්නේ එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාය.


button හැංගි හැංගි හිටපු පොදු අපේක්ෂකයා කරළියට ඇවිල්ලා. ජනතා විමුක්ති පෙරමුණ දැන් මොකද කරන්නේ?


ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවෙ කරන්නේ මොකක්ද කියලා අපි දැන් රටට කියලා තියෙන්නේ. මේ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ නෑ. අපි පසුගිය කාලය පුරාම අපේ සටන අරගෙන ගියේ මේක නීති විරෝධී මැතිවරණයක් කියලා. ඒත් මහින්ද රාජපක්ෂ ඒ කිසිවක් නොසලකා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඡන්දය තියන්න යනවා. ඒක නිසා අපි තරගයට එන්නේ නෑ. ඒත් මහින්ද රාජපක්ෂ පරාජය කරන්න  ඕනෑ කියන තැන අපි ඉන්නවා. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කළ යුතුයි කියන තැන ඉඳලා අපි මේ සටනේ ඉන්නවා. අපි තරග කරන්නෙ නැති නිසා අපට පුළුවන්කමක් නෑ වෙන කාටවත් ඡන්දෙ දෙන්න කියලා කියන්නත්. අපි හිතන්නේ ඒක ජනතාව තීරණය කළ යුතුයි කියලා. අපේ අතීත අත්දැකීම් මත ජනතා විමුක්ති පෙරමුණ ගැන මිසක් අපට වෙන කවුරුවත් පිළිබඳ වගකීම් දරන්න බෑ. ඒක නිසා ජනතාවට කැමැති තීරණයක් ගන්න දැන් පුළුවන්. අපි ඒකට මග පෙන්වීමක් කරනවා.

 

 


button ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඔබලා තරගෙට එන්නෙ නෑ, හැබැයි ජනතාව මහින්ද ප‍්‍රතික්ෂේප කරලා වෙන  ඕනෑ කෙනෙකුට ඡුන්දෙ දෙන්න කියල නම් මෙතන පොඩි පටලැවිල්ලක් වගේ පේනව නේද බැලූ බැල්මට?


ජනතාව මේ අපි කියන කතාව තේරුම් ගන්න  ඕනෑ. අපි හිතනවා ජනතාවට අපි කියන දේ නොතේරෙන එකක් නෑ කියලා. අපි තරග කරන්නෙ නැතිව අපිට කියන්න බෑ තවත් කෙනෙක් නම් කරලා එයාට ඡුන්දෙ දෙන්න කියලා කියන්න. ඒ එක්කම මේ මොහොතේ මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ දැඩි වුවමනාවකුත් තියෙනවා. අපි මේ කියන එක මැතිවරණ ඉලක්ක කි‍්‍රයාවලියක්ම නොවෙයි. එයින් ඔබ්බට ගිය එකක්. ඉතින් මේ මැතිවරණය පැමිණීමත් සමග දැන් අපි ජනතාවට ඉඩකඩ විවර කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමට.

 


button ඔබලා ඔය නොකියා කියන්නේ මෛත‍්‍රිපාල සිරිසේනව දිනවන්න කියන එක නෙවෙයි ද?


අපි නොකියා කියන කතාවක් නෑ. අපි හැම දේම හරි කෙළින් කියලා තියෙන්නේ. මහින්ද පරාජය කිරීමේ වුවමනාව මත ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන්. ඒ සඳහා මහින්ද ඇර වෙන කෙනෙකුට ඡුන්දය දෙන්න. හැබැයි ඒ තීන්දුවලට අපිට වගකියන්න බෑ. මෙතන හැංගිලි නෑ. හරි පැහැදිලියි අපේ කතාව.

a

 


button මේ වෙලාවෙ ඔබලාගෙ අංක එකේ සටන් පාඨය මහින්ද රාජපක්ෂ පැරදවීම ද?


කොහෙත්ම නෑ. මහින්ද පැරදීම විතරක් නම් අපේ අංක එකේ සටන අපට වැඬේ හරි ලේසියි. මහින්ද රාජපක්ෂ පරද්දනවා වගේම මහින්ද රාජපක්ෂ විසින් හදපු ඒකාධිපති පාලනය පරද්දන්නත්  ඕනෑ. ඒ වගේ වංචාව දූෂණය ඉහවහා ගිය මේ පාදඩ දේශපාලන සංස්කෘතියත් වෙනස් කරන්න  ඕනෑ. මේක පුළුල් කි‍්‍රයාන්විතයක්. ඒකට මේ අද ගොනුවෙන කඳවුරු ප‍්‍රමාණවත් නෑ. ඒකට ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ බලවේගයන් ගොඩ නගන එක අපි මේ වෙලාවෙ කරනවා. ඒක තමයි අපි කියන්නේ අපට කරන්න තියෙන්නේ ජනාධිපතිවරණයෙන් ඔබ්බට ගිය දැවැන්ත කි‍්‍රයාවලියක් කියලා.

 


button ජනතා විමුක්ති පෙරමුණ අරගෙන ගිය සරත් එන්. සිල්වගේ නීති තර්කය පැත්තකට දාලා ආණ්ඩුව ඡුන්දෙකට යනවා. පොදු අපේක්‍ෂකයා වටේ ඉන්න අයටත් දැන් ඒක අමතකයි. හිටපු අගවිනිසුරුතුමාගෙ නීති තර්කයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ තනි වුණා වගේ නේද?


අපි තනි වෙලා කියලම හිතෙන්නෙ නෑ. නමුත් අපේ ඔය පොදු විපක්ෂය කියන එක හැසිරිලා තියෙන්නේ දුර දිග බලලා නෙවෙයි කියලා පේනවා. ඒ මොහොතේ තියෙන සාධක මතයි ඔවුන් තීරණ ගන්නේ. හිටපු අගවිනිසුරුතුමා සහ නීති විශාරදයෙක් වන සුරී රත්නපාල වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිතුමා ඇතුළු තවත් බොහෝ දෙනෙක් කියන මේ නීති තර්කය අවලංගු වෙලා නෑ. නමුත් ඒ නීති තර්කය මත නීතිය ඉදිරියට යන්න බැරි කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ. පසුගිය කාලය තුළ ඔහු මේ කි‍්‍රයාවලියට ආවෙ සරලව නෙවෙයි. අපි මේක තේරුම් ගත යුතුයි. දැන් ඔය මහින්දගෙ ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක් තියෙනවා කියලා පම්පෝරි ගහනවනේ. ඒක අරගත්තු විදිය හැමෝම දන්නවා. ඒක සුජාත තුනෙන් දෙකක් නෙවෙයි. එහෙම එකකින් තමයි ව්‍යවස්ථාව වෙනස් කරලා අද මහින්ද මේ තැනට පාර කපා ගත්තේ. නීතිය වෙනස් කර ගත්තට ඒක හරියට කරගන්න ඔහුට බැරි වුණා. මේක අධිකරණයේ අභියෝගයට ලක් වෙන්න පුළුවන් කියලා හිතලා ඔහු අධිකරණයත් අත්පත් කර ගත්තා. මේක පියවරෙන් පියවර ආපු දෙයක්.


තුන් වෙනි වතාවක් මහින්ද බෑ කියලා අපි සටන අරගෙන යනකොට මහින්ද රාජපක්ෂ මුලින් කිව්වෙ අපට උසාවි යන්න කියලා. එහෙම කියපු එයා අපට කලින් අධිකරණයට ගිහින් මතය විමසුවා. ඒ මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවන් දහ දෙනාම මේ මතයට අත්සන් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ හැමෝම මේකට එකඟ වුණාම අපි කාගෙ ළඟටද යන්නේ? ඒ අනුව අපිට අධිකරණයට යන්න තිබුණු අවස්ථාව නැති කරලා තියෙන්නේ. අධිකරණ කි‍්‍රයාවලියෙන් පස්සේ අපි අධිකරණයට ගියොත් මිනිස්සු හිතයි අපට පිස්සු කියලා. ඒක නිසා අපි ඒ ප‍්‍රශ්නය දැන් බේර ගන්නේ අධිකරණය එක්ක නෙවෙයි ජනතාවත් එක්ක.

b

 


button ජනාධිපතිවරණයක් පිළිබඳ කතාව කරළියට ආපු මුල් අවස්ථාවෙ ඔබලා පොදු අපේක්ෂකයෙක් පිළිබඳ සංවාදයක හිටියා නේද?


අපි කිසිම කණ්ඩායමක් එක්ක පොදු අපේක්ෂකයෙක් පිළිබඳ සාකච්ඡුාවක් කරලා නෑ. සෝභිත හාමුදුරුවො එක්කත් අපි කතා කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය සුරක්ෂිත කරගැනීම ගැන. පොදු අපේක්ෂක සංකල්පය අපි තමයි ගෙනාවෙ. ඒ ගේන කොටම අපි කිව්වා එයා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් විය යුතුයි කියලා. පක්ෂවල අය පොදු අපේක්ෂකයෝ කරලා අපේ අරමුණු ජයග‍්‍රහණය කරගන්න බෑ. 2010 සරත් ෆොන්සේකා ගේන කොට ඔහු පක්ෂයක හිටියෙ නෑ. ඊට පස්සෙ විවිධ පක්ෂ පොදු අපේක්ෂක සංකල්පය තම තමන්ගේ දේශපාලන පක්ෂවල න්‍යාය පත‍්‍ර උඩ අරගෙන යනවා. අපි පහුගිය දවස්වල ආවෙ ජනාධිපති තරගෙට අපේක්ෂකයෙක් හොයලා දාන දේශපාලන ගමනක නෙවෙයි.

 


button ඔබ ඔහොම කිව්වට සමහරු කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැත්තේ දිනන්න බැරි බව දන්න නිසා කියලා.


අපේ පක්ෂය ගැන විවිධ අය විවිධ කතා කියනවා. ඒක අපට ප‍්‍රශ්නයක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය මේ රටේ මිනිස්සු දන්නවා. මැතිවරණවලින් ප‍්‍රකාශයට පත් වෙන්නෙ නැති ශක්තියක් අපට තියෙනවා. නමුත් මේ ජනවාරියේ තියෙන ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ තනි අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරලා ජයග‍්‍රහණය කරන්න බෑ කියන යථාර්ථය අපි දන්නවා. ඒ ගැන ප‍්‍රශ්නයක් නෑ. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දවලට බය නෑ. අපි  ඕනෑ තරම් ඡන්ද කරලා තියෙනවා. අපි කියන්නේ තියනව නම් නීත්‍යනුකූල ඡුන්දයක් තියන්න කියලා. එහෙම ඡුන්දෙකට අපි සූදානම්. අපිට නීති විරෝධී වැඩවලට සම්බන්ධ වෙන්න බැරි නිසා තමයි අපි මේකට ඉදිරිපත් වෙන්නෙ නැත්තේ. අපිට දිනන්න බෑ කියන සරල තත්ත්වයේ වාචාල දේශපාලනය කරන මහත්තුරුන්ගෙ කතා අපිට වැදගත් නෑ.

 


button පසුගිය කාලය පුරාම වෙනසක්  ඕන කියන සරල අදහස් පළ වුණා. මේක තීරණාත්මක තැනකට ආවට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ වැඬේ මග ඇරලා කැලේ පැන්නාදෝ කියලා කාට හරි හිතන්න පුළුවන්.


මැතිවරණ ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා නම් අපි වැඬේ මග ඇරියා වෙනවා. අපි තරග නොකළාට අපි මැතිවරණ ව්‍යාපාරයේ ඉන්නවා. මේ ආණ්ඩුව වෙනස් කරන්න අපි දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් කරනවා. නමුත් අපේ රටේ තියෙන තට්ටු මාරු ක‍්‍රමයේ ගොදුරක් වෙන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නෑ. සරල නොවූ ගැඹුරු සමාජ දේශපාලන වෙනසක් සඳහා වූ බලවේගයක් ගොඩ නැගීම අපි කරගෙන යනවා. ඒක නිසා දැන් මේ ගොඩ නැගිලා තියෙන කිසිම දේශපාලන කඳවුරක හිරකාරයෝ වෙන්න අපි සූදානම් නෑ.

gvv

 


button මේ වෙලාවෙ විපක්ෂයේ එකතු වීම සමග ඔබලා අත්වැල් බැඳගනියි කියලා ජනතා අපේක්ෂාවක් තිබුණා වෙන්න බැරි ද?


මම හිතන්නේ ජනතාව හොඳින් තේරුම් ගනීවි අපි කියන කතාවේ හරය මොකක්ද කියලා. අපේ මේ තීරණය නිසා අපට සමාජ පිළිගැනීම අඩු වෙයි කියලත් අපි විශ්වාස කරන්නේ නෑ. අපි කළ යුත්තේ මොකක්ද කියලා එක එක පක්ෂවල දෘෂ්ටි කෝණයෙන් බලන කොට එක එක විදියට පේන්න පුළුවන්. ඒත් අපි කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඒ මොහොතේ කළ යුතුම දේ. අපිට කාගෙ කාගෙවත් පටු වුවමනාවලට අනුව හැසිරෙන්න බෑ. ප‍්‍රගතිශීලි සමාජ පෙරළියකට මිසක් වෙන දේකට අප තල්ලූ කරන්න බෑ.

 


button ඔබේ අවංක අදහස මොකක්ද පොදු අපේක්ෂකයා වෙච්ච මෛති‍්‍රපාල සිරිසේන ගැන?


ඇත්තම කිව්වොත් අපට මේ ධනේෂ්වර ක‍්‍රමය නියෝජනය කරන දේශපාලනඥයන්ට වගකීම් සහතික නිකුත් කරන්න බෑ. ඒ අය තමන්ගෙ භාවිතාවෙන් රටට පෙන්නිය යුතුයි තමන් කවුද කියලා. ඒක නිසා මෛත‍්‍රිපාල කොහොම කෙනෙක්ද කියලා සමාජයට අනාවරණය කරන එකේ වගකීම තියෙන්නේ අපට නෙවෙයි ඔහුටමයි. අපිට බෑ කාටවත් චරිත සහතික නිකුත් කරන්න.

 


button හැබැයි ඔබලා චන්ද්‍රිකා කුමාරතුංගට, සරත් ෆොන්සේකාට, මහින්ද රාජපක්ෂට චරිත සහතික නිකුත් කරලා ජනතාවගේ ඡුන්ද ඔවුන්ට එකතු කරලා දුන්නා ඉතිහාසයේ දී


ඔව්. එහෙම අතීත ආදර්ශ නිසාම තමයි අපි පරිස්සම් වෙන්නෙ. මහින්ද රාජපක්ෂ එක්ක එකඟතා ගිවිසුමට අපේ පක්ෂයේ ලේකම් හැටියට මමමයි අත්සන් කළේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මේ කවුරුවත් කළේ නෑ. ඒ අතීත අත්දැකීම් උඩ ජනතා විමුක්ති පෙරමුණට පිටින් ඉන්න අය ගැන දැන් අපි ඉතාම හොඳ සෝදිසියෙන් තමයි කටයුතු කරන්නේ.

 


button දැන් ඔබලා සයිඞ් ගහලා ඉන්නේ දෙතුන් පාරක් එක එක නායකයින්ට හුළං ගහලා මට්ටු වෙච්ච නිසා ද?


අපි එහෙම මට්ටු වෙලා නෑ. එහෙම මට්ටු කරන්නත් බෑ. අලූතෙන් තීන්දු ගැනීමේ දී අතීත අත්දැකීම් ප‍්‍රයෝජනයට ගැනීම තමයි ප‍්‍රගතිශීලිත්වය. එකම තීන්දුව නැවත නැවත ගන්න බෑ දේශපාලනයේ දී. ඒක අසාර්ථකයි. අලූත් තත්ත්වයන්ට අවශ්‍ය වෙන්නෙ අලූත් උපක‍්‍රම. සමහරුන්ට මේක මදි වගේ දැනේවි සමහර විට. ඒත් ඒකට අපට කරන්න දෙයක් නෑ.

 


button ඔබලාත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම කියන සිහිනය දෙතුන් වතාවක් දැක්කා. දැන් මෛත‍්‍රිපාල දින 100 ඉලක්කයක් දීලා තියෙන්නේ. මේ හීනෙ එළිවෙයි ද?


 ඕක යථාර්ථයක් වෙන්්නෙ දිනන නායකයා මත නෙවෙයි. ඒක වෙන්න නම් ඊට පිටින් දැවැන්ත බලවේගයක් ගොඩ නැගෙන්න  ඕනැ. දේශපාලන සන්ධානයක කොටස්කාරයෙක් වුණාම එහි හිරකාරයෙක් වෙනවා මිසක් ජනතාවට ජයග‍්‍රහණ අත්පත් කරලා දෙන්න අපහසුයි. මෛත‍්‍රිපාල වටා ඉන්න බලවේගවල හැසිරීම මෙතන දී වැදගත් සාධකයක්. දෙසැරයක් කරගන්න උත්සාහ කරපු වැඬේ තුන් වෙනි පාරත් කරගන්න බැරි වෙයි කියන අසුබ තැනක අපි නෑ.

 


button ඔබලා සමගත් සන්ධානගත වුණු චන්ද්‍රිකා කුමාරතුංග මේ මොහොතේ තීරණාත්මක සාධකයක්. චන්ද්‍රිකා සාධකය ගැන හිතන්නෙ කොහොම ද?


ජනතා විමුක්ති පෙරමුණ මේ නිසි කඳවුරක් පිළිබඳ වගකීමක් දරන්නෙ නෑ කියන්නෙම ඔය සාධකත් එක්කම තමයි. මෛත‍්‍රිපාල ප‍්‍රමුඛ පිලට චන්ද්‍රිකා සාධකය බලපාන්නේ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස්වලට ඇයට බලපෑමක් කළ හැකි නිසා. මොකද ඇය ඔවුන්ගේ කලින් නායිකාව නිසා. ඒ සාධකය මේ වෙලාවේ කිසියම් ප‍්‍රමාණයකින් පාවිච්චි වේවි. ඒ කොහොම වුණත් එම කඳවුරේ අයගෙ බලපෑම් පිළිබඳ තක්සේරු කරන්න අපි ඉක්මන් වෙන්න  ඕනැ නෑ.

 


button ඡන්දෙට දිනේ කිව්වා විතරයි ගහ මරා ගැනිල්ල පටන් අරගෙන. ඉස්සරහට මොනවා වෙයි ද?


මේ එළඹෙන මැතිවරණය ඉතිහාසයේ කළු අකුරින් ලියවෙන ඡන්දයක් වේවි. මොකද මහින්ද රාජපක්ෂ මේ ඡුන්දය තියන්නෙ බරපතළ පුද්ගලික බල ලෝභයකට අනුව. ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරලා. ව්‍යවස්ථාව උල්ලංඝනය කරල ඡන්ද තියන්නේ ඒකාධිපති පාලනයකදි විතරයි. මේක කරන්නෙ රටේ මැතිවරණ නීතිය සහ සම්ප‍්‍රදාය මුළුමනින්ම උල්ලංඝනය කරලා. මේ මැතිවරණ ව්‍යාපාරයේ දී මහින්ද දිනවන්න යොදවන්නේ අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කරපු මුදල්. මම වගකීමෙන් කියනවා පෝස්ටර් ගහන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන්. ඔය තරම් මුදල් නාස්ති කරන්නෙ මොකටද ජනතාවට සහන දුන්නා නම්? මහින්ද රාජපක්ෂ මේ ඡුන්දය කරන්නේ බලය අත් අරින්න මානසිකත්වයක ඉඳගෙන නෙවෙයි. ඒක නිසාම අති විශාල ප‍්‍රචණ්ඩත්වයක් මුදා හැරීම සිදු වේවි. ඒක රටට සුළුවෙන් බලපාවි කියලා හිතන්න බෑ. අපිට එක සහතිකයක් දෙන්න පුළුවන්. ඒ තමයි කිසිම නායකයෙකුට ප‍්‍රචණ්ඩත්වය මුදා හැරලා බලහත්කාරයෙන් කිසිම නායකයෙකුට දිගින් දිගටම බලයේ ඉන්න බෑ. ලෝකයේ වෙනත් රටවලින් උදාහරණ දෙන්න පුළුවන්. පාලකයෝ බලහත්කාරයෙන් බලය රඳවා ගන්න හදන්නේ තමන්ගේ බලයේ අන්තිම කාලෙ තමයි. අපේ රටටත් ඒ තත්ත්වය පොදුයි. ඒ අනාවැකිය නම් රජ ගෙදර දෛවඥයාට වැඩිය හොඳට අපට කියන්න පුළුවන්.


m



අදහස් (0)

මහින්ද පරාජය කරන්න අපි ජනතාවට ඉඩකඩ විවර කර තියෙනවා

තාරක Tuesday, 02 December 2014 03:26 AM

ඇයි ඇසළ, ඔහුගේ රැවුල ගැන වද වෙන්නෙ. ඇත්ත කියද්දි අහගෙන ඉන්න බෑ නේද? (ර)

:       0       0

උක්කුන් Tuesday, 02 December 2014 03:45 AM

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ව මැරුව කට්ටියද බලේට ගේන්න හදන්නේ? (නදී)

:       0       0

සමීර සාලින්ද Monday, 01 December 2014 12:06 PM

මොලේ තින මිනිස්සුන්ට හොද සංවාදයක් (දිල්)

:       0       0

උෂාන් Wednesday, 03 December 2014 04:56 AM

ඔයාල දැන් නිකම් ගෙදර ගියොත් අඹු නසි. මග සිටියොත් තෝ නසි වගේ නේද? හැමදාම ඔය වගේ තමයි මෙලෝ රහක් නෑ(නදී)

:       0       0

රසිකා Wednesday, 03 December 2014 04:59 AM

මේ අයට ටිකක් වෙන්න පිස්සු. හැමදාම කෙරුවේ ගොන් වැඩ (නදී)

:       0       0

සුපුන් එස්.එස්.යු Tuesday, 02 December 2014 04:48 AM

ජ.වි.පේ කවදාවත් රටට අවැඩක් වෙන තීරණයක් ගත්තේ නැහැ. ජ.වි.පේ ගමන බලන් ඉන්න බැරි බල්ලෝ බිරුවට එ් ගමන අාපසු හරවන්න නම් බැහැ. එ ගමන හරවන්න අපි ඉඩ තියන්නෙත් නැහැ (නදී)

:       0       0

ඇසළ Monday, 01 December 2014 04:15 PM

ඔය වහුටු රැවුල කපාගෙන ඇවිත් ඕක කියනවද මේවා අහලම අප්පිරිය වෙලා දැන්. (අ)

:       0       0

රන්ජිත් Monday, 01 December 2014 07:26 PM

ඇසල අදහස ඉදිරිපත් කරන කෙනාගේ පෙනුම නෙමේ වැදගත් අදහසයි. නුගත් බව ප්‍රදර්ශනය කරන්න එපා (දිල්)

:       0       0

කදිර Wednesday, 03 December 2014 06:51 AM

අපි ඔයාලට දෙන ආධාර මේ වගේ දේවල් වලට දෙන්න එපා (නි)

:       0       0

නිමල් Wednesday, 03 December 2014 12:22 AM

අැසළ,මිනිසුන්ගේ බාහිර ස්වර‍ෑප වලට ඒ් අයට දොස්කියන්න එපා. ඒ ස්වභාව ධර්මෙයන් ලැබුණු දේ. බලන්න ටිල්වින් කියූ කිසිමදේක වරදක් තිබෙනවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 48 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


සාධාරණ බදු ක්‍රමයක අවශ්‍යතාවය
2024 අප්‍රේල් මස 23 52 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු සෙවීමේ දී ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ලංකාවේ බදු ක්‍රමයේ ඇති දුර්වලතා සහ අපේක්ෂිත බදු ඉලක්ක කරා ගමන් කිරීමට ර


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 149 0

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ
2024 අප්‍රේල් මස 22 393 0

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 480 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 88 0

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 270 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site