IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මන්නාරම් වැලිපර බලන්න නාවික හමුදාවෙන් සංචාරයක්

ශ්‍රී ලංකාද්වීපයේ වසර 30කට ආසන්න කාලයක් පැවති යුදමය වාතාවරණය අවසන් වීමත් සමග නෙත නොගැටුන ස්ථානයන්හි සුන්දරත්වය විඳ ගැනීමට හා දැක බලා ගැනීමට අප කවුරුත් දැන් දැන් යුහුසුළුව කටයුතු කරමින් සිටිති. දැනට ලෝකයේ සුන්දරම සංචාරක පුරවරවලින් එකක් බවට පත්වූ ශ්‍රී ලංකාවේ අප මෙතෙක් නොදුටු ස්ථාන එමට ඇත. මෙතෙක් ශ්‍රී ලාංකිකයකුට ළඟා වීමටවත් නොහැකි වූ මෙතෙක් මිනිසාගේ ස්පර්ශයට, භාවිතයට යොමු නොවූ ස්ථානයකට ඔබව රැගෙන යාමට දැන් නාවික හමුදාව අවස්ථාව අවකාශය හා පහසුකම් ලබාදී ඇත. එවන් වූ සුන්දරත්වයක් ඇති ශ්‍රී ලංකා ද්වීපයට භූගෝලීය වශයෙන් ඉතා වැදගත් වූ ස්ථානයක් දැක බලා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට අවසථාව සලසා දී ඇත. ඉන්දියාවේ තමිල්නාඩුවට ගිණිකොණ දිගින් පිහිටි මුහුදේ ඇති පාම්බන් නම් වූ දූපත්වල සිට ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපත කරා විහිදී  ඇති වැලිපර වැටිය ස්වභාව ධර්මයේ ආශ්චර්යාත්මක  නිර්මාණයක් ලෙස සැලකිය හැක. වරෙක ආදම්ගේ පාලම වශයෙන් හැඳින් වූ මෙම වැලිපර වැටිය ඓතිහාසික පුරාවෘත්තවල රාමාගේ පාලම නොහොත් රාම සේතු ලෙස ද හඳුන්වා ඇත. මුහුදේ නිමවුනු පාලම යන අර්ථය ලබාදීමට සේතු සමුද්‍රම් යන නාමයෙන් පටබැඳි ඇති මෙම වැලිපරය මගින් උතුරු හා දකුණු වශයෙන් මුහුදු කලාප දෙකකට වෙන් වී ඇත. මෙම වැලිපර වැටිය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති ගොඩබිම් සම්බන්ධතාව සඳහා කදිම නිදසුනක් වශයෙන් පෙන්විය හැක. සැතපුම් 18ක් (කි.මී 30) පමණ දීර්ඝව මන්නාරම් ද්‍රෝණිය සහ පෝක් සමුද්‍ර තීරය වෙන් කරමින් දිව යන මෙම වැලිපර වැටියේ සමහර ස්ථාන වියලිව පවතී. අවට මුහුදු තීරය නිරීක්‍ෂණයේ දී සමහර ස්ථාන අඩි 03ක් පමණ ගැඹුරින් ද තවත් සමහරක් ස්ථාන අඩි 30ක් පමණ ගැඹුරින් ද යුක්ත වන බවට පෙනීයයි. මෙම වැලිපර වැටිය සම්බන්ධයෙන් මුලින්ම සඳහන් වනුයේ සංස්කෘතික වීර කාව්‍යයක් වන වාල්මිකී ගේ රාමායනයේය. ශත වර්ෂ 850කට ඉහත දී පමණ ලියවී ඇති බටහිර ග‍්‍රන්ථයක් වන සෘග් වේදය නම් වූ පොතේ  මෙම වැලිපර සම්බන්ධයෙන් සටහන්ව ඇත්තේ 09 වැනි ශත වර්ෂයේ අපූරුතම නිර්මානයක් ලෙසිනි. ශ්‍රී ලංකාවාසීන් හට මෙවන් වූ විශේෂත්වයක් හා වැදගත්කමක් ඇති මෙම වැලිපර නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් 2011 අපේ‍්‍රල් මස 10 වැනි දින සිට විශේෂ සංචාරක වැඩ පිළිවෙලක් සකස් කර ඇති අතර, හුදෙක් ශ්‍රී ලංකා වාසීන්ට මෙම ස්ථාන දැක බලා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් මෙම සංචාරක වැඩ පිළිවෙල ක‍්‍රියාත්මක කළ බව අනාවරණය විය. මන්නාරම නගරයේ සිට කිලෝ මීටර් 30ක් පමණ දුරින් පිහිටා ඇති තලෙයිමන්නාරම ප‍්‍රදේශයෙන් මෙම සංචාරය ආරම්භවන අතර, ශ්‍රී ලංකාවට බලපැවැත්වෙන නිරිත දිග මෝසම් හා ඊසාන දිග මෝසම කාලවල දී වෙන් වෙන් වශයෙන් ස්ථානයන් දෙකක දී මෙම සංචාරය වසර පුරාවටම ක‍්‍රියාත්මකවේ. ඒ අනුව ඊසානදිග මෝසම් කාලවලදී තලෙයිමන්නාරම පරණ ජැටිය ප‍්‍රදේශයෙන් හා නිරතදිග මෝසම් කාලවල දී තලෙයිමන්නාරම ප‍්‍රදීපාගාරය අසලින් ද මෙම සංචාරය ආරම්භ වනු ඇත. මෙම සංචාරය නාවික හමුදාවේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුවන බැවින් සංචාරය සඳහා සහභාගි වන්නන්ගේ ජිවිත ආරක්ෂාව සඳහා විශේෂ ජීවිත ආරක්‍ෂක යාත‍්‍රා දෙකක් හා මනාව පුහුණුව ලද ජිවිතාරක්‍ෂක නාවිකයන් කිහිප දෙනකු අනුයුක්ත කර ඇත. එසේම මෙම සංචාරක යාත‍්‍රා හැසිරවීම සඳහා ඉතා උසස් පුහුණුවකින් යුක්ත නාවිකයන් යොදවා ඇති අතරම නවීන තාක්‍ෂණයෙන් යුත් මෙවලම් උපයෝගී කර ගනිමින් මෙම යාත‍්‍රා හැසිරවීම හා යාත‍්‍රා සඳහා මගපෙන්වීම කරන බැවින් ගමන් කරන්නන්ගේ ජිවිතාරක්‍ෂාව තවදුරටත් තහවුරු කර ඇත. මීට අමතරව එක් යාත‍්‍රාවක උපරිම වශයෙන් සංචාරකයන් 06 දෙනෙකු පමණක් රැගෙන යන අතර, ඒ සෑම සංචාරකයකුටම ජීවිතාරක්‍ෂක කබායක් ලබාදීම නාවික හමුදාව විසින් කරනු ලබයි. සංචාරයේ දී සෑම පුද්ගලයෙකුහටම ප‍්‍රමාණවත් හා ප‍්‍රණීත කෙටි ආහාර වේලක් හා බෝතල් කරන ලද පානීය ජලය ලබාදීම නාවික හමුදාව කරන අතර, එක් ගමන් වාරයක් සඳහා (යාමට සහ ඒමට) ආසන්න වශයෙන් පැය දෙකයි විනාඩි 15 පමණ කාලයක් ගත වෙයි. ආසන්න වශයෙන් කිලෝමීටර් 24ක (නාවික සැතපුම් 12) දුරක් මෙම වැලිපර නැරඹීමේ සඳහා මුහුදු ගමනේ යෙදීමට අවකාශ සැලසෙනු ඇත. සංචාරය අතරතුර මෙම වැලිපර අතරින් දෙවැනි වැලිපරයට බැසීමට සංචාරකයකු හට අවස්ථව සලසා දී ඇති අතර, එහි සිට එම වැලිපරයේ හා අවට වැලිපරවල අසිරිය නැරඹීමට අවකාශ ලබාදී තිබේ. සංචාරයේ දී ඔබට ඉහතින් දැක්වූ පහසුකම් වලට අමතරව නිතැතින්ම නොමිලේ කැස්බෑවන්, ඩොල්ෆින් මතස්‍යයන්, තල්මසුන් හා මුහුදු ලිහිණින් වැනි ඉතා දුර්ලභ ගණයේ මුහුදු ජීවීන් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත. මෙම සියලූ පහසුකම් සහිත එක් ගමන් වාරයක් සඳහා දේශීය සංචාරකයකුගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රු. 600 වැනි ඉතා අවම මුදලක් අයකරන අතර, මෙවැනි අඩු මුදලකට මෙවැනි වූ සංචාරයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වාසීන්ට අවස්ථාවක් නොලැබෙන බව නම් සහතිකය. යුරෝපා රටක හෝ ආසියාවේ වෙනත් රටක දී මෙවන් සංචාරයක් යාම සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 50-100ක් වැනි මුදලක් වැය කිරීමට ඔබට සිදුවන අතරම ලංකාවාසී සියලූ දෙනාටම මෙවැනි වැදගත්කමක් ඇති ස්ථානයක් නැරඹීයට ඇති හැකියාව අමවවේ. ශ්‍රී ලංකා වාසීන් වන අප සැමට භූගෝලීය වශයෙන් හ අපගේ දේශයේ ශිෂ්ඨාචාරය මෙම පාලමත් සමග ගොඩනැගී ඇති බවට සාධක ලැබි ඇති බැවින් මෙවන් වූ වැදගත් ස්ථානයක් නැරඹීම හා එහි සුන්දරත්වය විඳදරා ගැනීම සඳහා ලැබී ඇති ස්වර්ණමය අවස්ථාවකි. මෙම  මුහුදු සංචාරය යාමට බලාපොරොත්තුවෙන් සිටී නම් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දුරකථන අංක 0113818247 ඔස්සේ ලබාගැනීමට හැකියාව ඇත. මේ පිළිබඳව විස්තර ලබාදුන් තලේමන්නාරම නාවික හමුදා කඳවුරේ ලූතිනන් කමාන්ඩර් නිමල් රණසිංහ මහතාට අපගේ ස්තුතිය තමිල්නාඩුවේ ගිණිකොණ දිගින් පිහිටි මුහුදේ ඇති පාම්බන් නම් වූ දූපත්වල සිට ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපත කරා විහිදී  ඇති වැලිපර වැටිය ආදම්ගේ පාලම නැරඹීමට යන සංචාරකයන්



අදහස් (0)

මන්නාරම් වැලිපර බලන්න නාවික හමුදාවෙන් සංචාරයක්

Gehan Chandika Wickz Wednesday, 25 January 2012 12:33 PM

නියමයිනේ. යන්න ඕන බලන්න.

:       0       2

අමීර් Thursday, 26 January 2012 09:27 AM

ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්

:       0       0

මහේෂ් ඉන්දික Thursday, 26 January 2012 11:32 AM

අපට ලංකාවේ ලස්සන තැන් දැක බලා ගැනිමට මේක හොද අවස්ථාවක්. අවුරුදු 30 කාලයක් අපට දැනගන්න බැරිවුණ ලංකාවේ දර්ශණීය තැන් මෙමගින් දැක ගැනීමට හොදම අවස්ථාවක් මෙය.....

:       0       2

යාපා Tuesday, 24 January 2012 02:12 PM

මොන තරම් ලස්සන රටක්ද අපිට තියෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 6 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 7 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 155 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 300 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 358 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 94 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site